මගේ twitter මිතුරන් පසුගිය ටිකේ දකින්න ඇති මම Youtube HD ගැන දොඩවනවා. ඇත්තටම මොනවද මේ HD කියන්නෙ? HD – High Definion, සරලව කිව්වොත් DVD quality එකේ වීඩියෝ (මේ ඩීවීඩී කොලිටි කියන්නේ එක dvd එකේ චිත්‍රපටි 4ක් දැම්මාම තියෙන කොලිටි එක නෙමෙයි. සම්මත DVD-9 එකක තනි චිත්‍රපටයක් දැම්මාම තියෙන කොලිටි එක). ප්‍රමාණාත්මකව කිව්වොත් 1280×720 pixels (720p) හෝ 1920×1080 pixels (1080i/1080p). Youtube කලින් ජනප්‍රිය වී සිටියේ වීඩියෝ කාටත් බැලිය හැකි පරිදි තරමක් අඩු කොලිටි එකකින් (.flv ෆයිල් ලෙස) බෙදාහදා ගන්නා අඩවියක් ලෙස. ඒත් තාක්ෂණයේ දියුණුවත් සමගම පුලුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා ඇතිවීමත්, Blu-Ray වැනි තාක්ෂණ පැමිණි පසු වැඩි ඩිමාන්ඩ් එක ඇත්තේ high definition වීඩියෝ වලටත් නිසා Youtube එක කලකට පෙර තම අඩවියට මෙම high quality high definition වීඩියෝ ද අප්ලෝඩ් කිරීමට අවස්ථාව ලබා දුන්නා.

you_hd

Continue reading »

Tagged with: