Blogger ද? WordPress ද?

On 2009 ඔක්තෝබර් 4, in අන්තර්ජාලය, තාක්ෂණික, බ්ලොග්කරණය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

ටෙක්කතා වලත්, SBU ගූග්ල් සමූහයෙත් නිතර ඇසෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න හිතුනා. ඒ තමා බ්ලොග් එකක් පටං ගන්න වඩාත් සුදුසු blogger ද, නැත්තං wordpress(.com) ද? කියන එක. ඇත්තටම බ්ලොග් එකක් පටංගන්න හදන කෙනෙක්ට මේක මුලින්ම ඇතිවන ලොකු ගැටලුවක්.

Continue reading »

Tagged with:  

මට හමුවූ හොඳ WordPress ප්ලගින

On 2009 ජූනි 3, in තාක්ෂණික, බ්ලොග්කරණය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

wordpress-logoදැන් self-hosted WordPress පාවිච්චි කරන්න අරන් මාසයක් විතර වෙනව. මේ ටික කාලෙ මට හම්බුවෙච්ච හොඳ ප්ලගින් කීපයක් ගැනයි මේ කියන්න යන්නෙ. මේක වැදගත්වෙයි කියලා හිතනවා අලුතෙන් WordPress එන්න ඉන්න අයට, සහ මේ ප්ලගින් ගැන නොදන්නා දැනට පාවිච්චි කරන අයට.

Admin in English

WordPress සිංහලට පරිවර්තනය කරපු මලින්තට දොස් කියනවා හෙම නෙමෙයි මේ, හරිද? දන්නවනේ සිංහලට localise කලාම කියවලා තේරුම් ගන්න ටිකක් අමාරුයි කියලා, ඒ කියන්නේ ගොඩක් තාක්ෂණික වචන වලට තියෙන සිංහල වචන හරි අවුල්, අපිට ඉංග්‍රීසි වචනෙ හුරු නිසා ඒක ලේසියි කියල හිතෙනවා. ඉතින් සිංහල-Wordpress දාගත්තාම ඇඩ්මින් පැනලයේ තියෙන දේවල් තේරුම් ගන්න බැරිනම් මේ ප්ලගිනය හොඳයි. මේකෙන් සිංහල වර්ෂනයේ ඇඩ්මින් පැනලය විතරක් ඉංග්‍රීසියෙන් පෙන්නනවා.

http://wordpress.org/extend/plugins/admin-in-english/

Clean Archives Reloaded

මේ ප්ලගිනයෙන් පුලුවන් දැනට ලියා ඇති අපේ පෝස්ට් ලයිස්තුවක් හදාගන්න. මේකෙ වැඩ කිඩ ටික බලාගන්න පුලුවන් මගේ “පටුන” පිටුවට ගියාම.

http://www.viper007bond.com/wordpress-plugins/clean-archives-reloaded/

WordPress Backup

මෙම ප්ලගිනයෙන් පුලුවන් අපේ WordPress Installation එකේ uploads, themes (දැනට පාවිච්චි කරන එක) හා plugins ඩිරෙක්ටරි zip ෆයිල් එකක් විදියට බැකප් එකක් ගන්න. මේක හරිම වැදගත් හදිස්සියේ server එකේ අවුලකින් අපේ ෆයිල් ඔක්කොම මැකිලා ගියොත් අපහු ගොඩ ගන්න.

http://www.blogtrafficexchange.com/wordpress-backup

WordPress Database Backup

මේ ප්ලගිනය ප්‍රයෝජනවත් වෙනනේ අපේ database එක බැකප් කරගන්න. database එකේ තමයි අපේ පෝස්ට් හා කමෙන්ට් තියෙන්නේ.

http://www.ilfilosofo.com/blog/wp-db-backup

WordPress Thread Comment

අපේ කමෙන්ට් වලට reply කරන්න පහසුකම් සලසන්න ඕනෙනම්, මෙන්න ප්ලගින් එක. එතකොට රිප්ලයි එක්ක කමෙන්ට් ත්‍රෙඩ් ආකාරයෙන් හැදෙනවා. (මේ ප්ලගිනය හැම තීම් එකක් එක්කම වැඩ කරයිද කියල නම් සැකයි. උත්සාහ කරල බලන්න)

http://blog.2i2j.com/plugins/wordpress-thread-comment

All In One SEO Pack

මෙමගින් අපේ බ්ලොග් එක Search Engine වලට හොඳින් ග්‍රහණය කර ගැනීමට (Search Engine Optimisation)  අවශ්‍ය සැකසුම් ලේසියෙන්ම හදලා දෙනවා. අපි අතින් හදන්න මහන්සි වෙන්න ඕනෙ නෑ.

http://semperfiwebdesign.com/portfolio/wordpress/wordpress-plugins/all-in-one-seo-pack/

Google XML Sitemaps

SEO සඳහා අවශ්‍ය ප්‍රධාන දෙයක් තමයි අපේ බ්ලොග් එකේ sitemap එක, මෙය ස්වයංක්‍රීයව හදාගන්න පුලුවන් ප්ලගිනයක් තමා මේ.

http://www.arnebrachhold.de/projects/wordpress-plugins/google-xml-sitemaps-generator/

තව තව හොඳ ඒවා ලැබුනොත් ඉදිරියෙදි පල කරන්නම්. කොහොම උනත් ප්ලගින් මහ ගොඩක් පටවගන්න එක නම් එච්චර නුවණට හුරු නෑ මං හිතන්නේ. අත්‍යාවශ්‍ය දේවල් ටික දාගත්තොත් තමයි හොඳ.

Tagged with:  

අලුත් ගෙදර, ඇබැද්දිය හා Blog2Blog

On 2009 මැයි 9, in මට වෙච්ච දේවල්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

දැං ඉතිං වෙබ් හොස්ටිං එකකුත් තියෙන නිසා මට හිතුනා අලුත් නිවහනකට යන්න. ඒ කියන්නේ තමන්ගේම වෙබ් ස්පේස් එකක් තියෙන හැමෝම කරන්නා වගේ WordPress ඉන්ස්ටෝල් කර ගන්න. ඉතින් ඊයෙ පැය 3ක් විතර මහන්සි වෙලා හිතට අල්ලන තීම් එකකුත් හොයාගෙන වර්ඩ්ප්‍රෙස් දාගත්තා. වර්ඩ්ප්‍රෙස් හිතට අල්ලලා ගියා. බ්ලොගර් වලට වඩා පහසුවෙන් customize කරගන්න පුලුවන් වීම හා හොඳ pluggins තිබීම නිසා.

ඇබැද්දිය ආවෙ ඊට පස්සෙ. දන්නවනෙ වෙනත් බ්ලොග් එකක පෝස්ට් මේකට import කරන්න පුලුවන් බව. ඉතින් මමත් මගේ පරණ පෝස්ට් මේකට import කරන්න ට්‍රයි කලා. මළා ! import වෙන්නෙ නෑ ! එක පෝස්ට් එකක් විතරක් import වෙනවා වගේ පෙනිලා නවතිනවා. අන්තිමට ඒකත් නෑ. තුන්වෙනි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකකට අරගෙන ඒකෙන් මේකට ගන්න බැලුවා ඒ පාර. එතකොට කියනවා “ගූග්ල් එකට බැරිලු wordpress.com එකට එහෙම ඕනෙ ඕනෙ විදියට සෙල්ලං දාන්න දෙන්න. wordpress.com එක ෂුවර් නැතිලු.” පුලුවන් හැම සෙල්ලම ම දැම්මා. මොනව කලත් වැඩේ හරිගියේ නෑ.

අන්තිමේ මට දෙයියො පෙන්නුවා වගේ tool එකක් ලැබුනා. ඒ Blog2Blog (ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්, නොමිලේ). මෙයින් එක බ්ලොග් blogger, wordpress, livejournal වැනි සේවා අතර import/export කරන්න පුලුවන්. ඉතින් ඒක භාවිතයෙන් පෝස්ට් ටික ගත්තා. ඒත් Comments ඇවිත් නෑ. මොනව කරන්නද, මුකුත්ම නැතුවට වඩා මෙහෙමවත් හොඳයිනේ කියලා හිත හදා ගත්තා.

මගේ ලිපි වලට කමෙන්ට් දාපු මිතුරු මිතුරියෝ තරහ වෙන්න එපා, ඔබේ සියලු කමෙන්ට් එක්ක පැරණි ලිපි indranama.blogspot.com ලිපිනයේ සුරැකිව තියෙනවා. තාක්ෂණික දෝෂයක් නිසා ඒවා වර්ඩ්ප්‍රෙස් වෙත ගෙන එන්න නොහැකි උනා.

මගේ පැරණි බ්ලොග් එක follow කරපු මිතුරු මිතුරියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ බ්ලොගය නැවත් follow කරන ලෙස. මොකද මේ ගෙවල් මාරුවෙදි ඒ දත්ත නැතුව යනවා. feeds හෝ ඊමේල් මගින් subscribe කරපු මිතුරු මිතුරියන්ට කිසි ප්‍රශ්ණයක් නෑ, අලුත් බ්ලොග් එකේ ෆීඩ් ලිපිනයත් ඒකමයි. ඒ නිසා වෙනසක් කරන්න අවශ්‍ය නෑ.

අවසාන වශයෙන් මගේ බ්ලොග් එක කියවපු සැමට මේ ගෙවල් මාරුවෙන් යම්කිසි කරදරයක් උනා නම් ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඉදිරියටත් ඔබ සැම මේ බ්ලොගය සමග රැඳී සිටිනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

ප.ලි. : VJ විසින් මට හඳුන්වාදුන් ටූල් එකක් භාවිතයෙන් මට කමෙන්ට් සමගම පෝස්ට් ටික ඉම්පෝර්ට් කරගන්න පුලුවන් වුනා. ඒ පිලිබඳව VJ ට ස්තූතිවන්ත වෙන අතරම මේ ප්‍රශ්ණයට මුහුණදෙන වෙනත් අයෙක් සිටීනම් ඒ ටූලය භාවිත කරන්න පුලුවන් මේ අඩවියෙදි http://blogger2wordpress.appspot.com/

Tagged with: