නවකවධයට විශ්වවිද්‍යාල ආචාර්යවරුද සම්බන්ධ යැයි එස්.බී. දිසානායක ඇමැතිවරයා කියූ බව ප්‍රධානපෙලේ පුවත්පත් රැසක අද පල වී තිබුනි. සත්‍ය වශයෙන් නම් නවකවධයට පමණක් නොව විශ්වවිද්‍යාල වල සිදුවන ප්‍රචණ්ඩක්‍රියා වලටද ඇතැම් ආචාර්යවරු වගකිවයුත්තෝ වෙති. ඇතැම්හු ඒවාට අනුබල දෙති, ඇතැම්හු ඒවා වැලැක්වීමට හැකියාව තිබියදීත් නොදැක්කා සේ යති. ඇමැතිවරයාගේ ප්‍රකාශය දුටු විට මට මතකයට නැගුනේ මගේ විශ්වවිද්‍යාල දිවියේ පුංචි සිදුවීම් දෙකකි. වතාවන් කීපයකදී මේවා බ්ලොග් අඩවියේ ලිවිය යුතුයැයි සිතුවත් ඊට නිමිත්තක් ලැබුනේ නැත. දැන් එස්.බී. ඇමැතිවරයාගේ ප්‍රකාශය හොඳ නිමිත්තක්ව ඇත.
සිදුවීම 1
අප විශ්වවිද්‍යාලයට පැමිණ සති දෙකකින් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගම් නිලවරණය පැවැත්විනි. පාර්ශ්ව දෙකකි. අපි “බොග්ගු“ හෙවත් නවකවධ විරෝධීන් වූයෙමු. අනෙකුන් “රැල්ලෝ“ හෙවත් බහුතරයක් නේවාසිකාගාරවාසී, බහුතරයක් ජවිපෙට කඩේ යන්නෝ වූහ. එමෙන්ම ඔවුහු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ බලය හිමි ඇත්තෝ වූහ. නිලවරණය පැවැත්වූයේ සිකුරාදා දිනෙකය. සවස 5ට පමණ ඡන්ද ගණන් කිරීම ආරම්භ වූ අතර ප්‍රතිථල පිටවනතුරු අප බලාසිටියෙමු. ප්‍රධාන ගේට්ටුව දෙසට යාමකින් තොරව අපේ පීඨයට ඇතුලු විය හැකි කුඩා ගේට්ටුවක් එකල තිබුනි. එය “කුරුබිලිය“ වශයෙන් හඳුන්වන ලදී. (පසුව පැමිණි ආන්දෝලනාත්මක උපකුලපතිවරයකු විසින් එම ගේට්ටුව යුද සමයේ ආරක්ෂාවට තර්ජනයක් බැව් පවසා වසා දමන ලදී. ඇත්ත නොවැ, සිස්සයෝ විස්ස විජ්ජාලේ ඇතුලට ඔය කුරුබිලියෙන් බෝම්බ ගේන්න පුලුවන් නොවැ!) වෙලාව සවස 6 පමණ වූ අතර අඳුර ද වැටෙමින් පැවතිණි. ප්‍රතිඵල අසා දැනගෙන යාමට අපේ පිරිසෙන් 50ක් පමණ රැඳී සිටි අතර ඉතුරු උන්ව අපි ගෙදර යැවීමු. මක් නිසාදයත් ඒ වන විටද යම් වාතාවරණයකට ඉඩකඩ සැලසෙමින් තිබූ බැවිණි. ඉතිරි අපි කුරුබිලිය අසල ගැවසෙමින් සිටියේ ප්‍රහාරයක් එල්ල වුවහොත් වහා පලායාමට හැකිවන නිසාවෙනි.
ඇඳිරිවැටෙත්ම ශාස්ත්‍ර/කළමණාකරණ පීඨ දෙසින් මහා සේනාවක් ප්‍රාදූර්භූත විය. ඇතැම්හු අතේ හයයි හතරේ සයිස් පොලු කෑලි හොඳින්ම පෙනෙන්නට තිබුණි. ඒ එකකින් ඔලුවට එකක් වැදුනේ නම් එතැනම අවසන් හුස්ම හෙලන්නට අපහසු නොවනු ඇත. කෙසේ වෙතත් ගැටුමක් හට නොගත් අතර නිලවරණ ප්‍රතිඵලයෙන් සුපුරුදු ලෙස අප ජයග්‍රහණය කර තිබුනි. ජයඝෝෂාවකින් සතුට සැමරූ අපි වහ වහා විසිර ගියෙමු.
හොඳ කතාවක් දැනගන්නට ලැබුනේ පසුවය. මීට සම්බන්ධ මහාචාර්යවරයා දැනට ව්‍යවහාරික විද්‍යාපීඨයේ ඉහලම නිලය දරන්නා වේ. හේ එකල සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ අතර, විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු සම්බන්ධ තනතුරක් දැරීය. මෙම තනතුර නිසා හේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සමග සමීප ඇසුරක් පැවැත්විය. (නැතුව උන්ව තහරකරගත්තේ නම් ඔහුගේ අර තනතුර නැතිවයාහැකිව තිබුනි) එදා ගැටුම සඳහා පිරිස් පොලු රැගෙන පැමිණ සිටි අවස්ථාවේ ඔහු එදෙසට පැමින ඇත. පොලු රැගත් සිසුන් ලඟට කිට්ටු කල ඔහු පවසා ඇත්තේ “යකෝ ඕවා ගෙනාවට කමක් නෑ, පේන්න තියං ඉන්නෙ නැතුව හංගන් ඉඳපන්“ යනුවෙන් මිත්‍රශීලී ස්වරයෙනි. මේ බව අපට කීවේ එය සියැසින් දුටු තාවකාලික ප්‍රදර්ශකවරයෙකි (demonstrator).
සිදුවීම 2
කෙසේ වෙතත් රැල්ලෝ පරාජය වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කරන බව පෙනුනේ ඊලඟ සඳුදාය. උදෑසන සිටම පරිසරය ව්‍යාකූල බවක් ඉසිලීය. විවේක කාලයේ තරමක ගැටුමක් හටගත්තේය. පීඨාධිපතිවරයා සහ තවත් ආචාර්යවරු කිහිප දෙනෙකු මැදිහත් වී එය විසඳීමට උත්සාහ දරනු පෙනිනි. මේ වන විට විශ්වවිද්‍යාල සංස්කෘතියට ආගන්තුකයෝ වූ අපිට එහි “වලි“ ගැන කිසිදු අවබෝධයක් තිබුනේ නැත. මා සිතුවේ පාසලේදී සිදුවන්නාක් මෙන් පීඨාධිපති වරයා පැමිණ සත්තමක් දැමූ විට සිසුන් විසිරයනු ඇතැයි කියාය. එහෙයින් අපට දිවා විවේකයෙන් පසුව තිබූ භෞතික විද්‍යා දේශනයට සහභාගීවීම සඳහා අපි දේශනශාලාවට ඇතුලුවීමු.
දේශණය ආරම්භ වී විනාඩි 10ක් ඉක්මෙන්නටත් මත්තෙන් එලියේ ගැටුම ආරම්භ විය. යෂ්ඨිධාරීන්, පාෂාණධාරීන් සැරිසරනුද, පාෂාණ පියාඹනුද පෙනුනි. මගේ දුරකථනයට ආ පණිවුඩ කිහිපයකින්ම කියවුනේ අපේ කට්ටිය විශ්වවිද්‍යාල භූමියෙන් බැහැරව එලියට ගොස් ඇති බවත්, ඇතුලේ සිටීම භයානක බැවින් හැකිනම් වහාම දේශනයෙන් පැණ හෝ එලියට එන ලෙසත්ය. මෙය පැයේ දේශණ දෙකක එකතුවකි. මුල් දේශනය පැවැත්වූ තැනැත්තා ආචාර්ය A යයි අපි කියමු. ඔහු සුපුරුදු පරිදි කිසිවක් සිදු නොවූ පරිද්දෙන් දේශණය කරගෙන ගියේය. ඒ පැය අවසානයේ දෙවැනි දේශනය සඳහා ආචාර්ය B පැමිණියේය. හේ කරුණාවන්ත මිනිසෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූවෙකි. “දරුවනේ, පේනවනේ එලියේ ගැටලුවක් තියෙන බව. ඒ නිසේ මේ වන විට ඔබලාගේ පීඨය තාවකාලිකව වසාදමලයි තියෙන්නෙ. ඒ නිසා අපි දැන් එලියට යමු. මම ඔය කට්ටියත් එක්ක එලියට යන්න එනවා. මගේ පස්සෙන්ම එනවා මිසක් වෙන පාරවල්වල යන්නවත්, වටපිට බලන්නවත්, වෙන කවුරුත් කතා කලාට යන්නවත් එපා“ හේ පැවසීය. ඉන්පසු ඔහු දේශනශාලාවේ සාමාන්‍යෙයන් භාවිතා නොකෙරෙන දොරක් හැර අපිව පිටතට ගෙන ප්‍රධාන ගේට්ටුව වෙත යාමට මූලිකත්වය ගත්තේය. ආචාර්ය A අපේ පෝලිමේ පිටුපසින් එක්වූයේය.
අප දේශන ශාලාවෙන් එලියට බසිනවාත් සමගම ජ්‍යෙෂ්ඨ රැල්ලෝ (උත්තමයෝ) කිහිපදෙනෙකුම පෝලිම වටකරගත්හ. “කොහෙද යන්නේ?“ මගේ අතින් දැඩිව අල්ලාගත් එකෙක් ඇසීය. බිරන්තට්ටු වී සිටි මම “එලියට යනවා අයියේ“යි ගොතගසමින් කීවෙමි. “වරෙන් යන්න අපිත් එක්ක..“ හේ මගේ අතින් අදිමින් කීවේය. ආචාර්ය B මෙම සිද්ධිය දුටු අතර හේ වහා අප දෙස හැරී “මොකක්ද ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නෙ?“ යැයි අර ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගෙන් දැඩිව විමසා සිටියේය. “නෑ සර්…“ කියා ෂේප් වූ ඔවුන් නැවත හැරී යන ගමන් මා ඇතුලු පිරිසට පා පහරවල් එල්ල කලහ. ඉදිරිපස බලාගෙන සිටි මා පාපහර එල්ලවූයේ කොහෙන්දැයි නොදුටු නිසා ඒ පිලිබඳව විමසීමට පිටුපස බලන විට දුටුයේ ජ්‍යෙෂ්ඨ උත්තමයින් දිව යන අයුරුත් අර ආචාර්ය A සුපුරුදු පරිදි මුකුත් නොදන්නා විලසින් පෝලිම පිටුපසින් එන බවය. පහර දුන් අය කවුරුදැයි ඔහු හොඳින් දුටු බවට සැක නැත. එහෙත් ඔහු එය වැලැක්වීමට කිසිදු පියවරක් ගත්තේ නැත.
මා නිරීක්ෂණය කල පරිදි ආචාර්යවරුන්ගෙන් ඉතා සුලු කොටසක් පමණකි නවකවධය හා ඒ හා සම්බන්ධ ප්‍රචණ්ඩක්‍රියා වැලැක්වීමට උත්සාහ දරන්නේ. තවත් සුලු කොටසක් ඊට සහය දක්වති. වැඩි කොටසක් කරන්නේ ඕවා නොදැක්කා සේ සිටීමය.
මීට සති කීපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසු ගැටුමක් ඇති විය. මේ ගැටුමට ආසන්න සිදුවීම වූයේ පෙර දින දිවා ආහාර පැයේදී ශ්‍රවණාගාරයේ පැවැත්වූ පලමු වසර සිසු රැස්වීමකදී දෙපාර්ශ්වයක් අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවකි. එමෙන්ම පසුදින ගැටුම හටගත්තේ විද්‍යාපීඨ ආපන ශාලාව තුලය.
නැවත මෙවන් සිසු ගැටුම් ඇති නොවීමට විද්‍යාපීඨ පරිපාලනය අපූරු විසඳුමක් දී තිබේ. එනම් දිවා ආහාර විවේකයේ දී හා දේශන නොමැති අවස්ථාවලදී ශ්‍රවණාගාරය වසා තැබීමය. ගැටුම් ඇති වන්නේ ශ්‍රවණාගාරයේ සිසු රැස්වීම් තිබූ විටය. එහෙයින් එය වසා දැමූ විට සිසු රැස්වීම් නොපැවැත්වෙන බැවින් නැවත ගැටුම් ඇති නොවනු ඇත. හරිම අපූරු විසඳුමකි !
Continue reading »
මේ ඡායාරූපයෙ ඇති විශේෂයක් නැති වුනත් මේක පිටුපස අතීත කතාවක් තියෙනවා. ඒ ගැන කියන්නයි මේ ලෑස්ති වෙන්නේ.
Continue reading »
පසුගිය පෙබරවාරි මාසයේ අපේ විශ්වවිද්‍යාලයේ පැවැත්වුන “විදුජය” ප්‍රදර්ශනය ගොඩක් අයට මතක ඇති කියලා හිතෙනවා. එහි ව්‍යවහාරික විද්‍යා පීඨයේ ප්‍රදර්ශන භූමිය වෙත ආපු අයට සුවිසල් පිරමිඩය අසල තිබුනු මේ අයිෆල් කුලුණ මතක ඇති.
Continue reading »

අපි විශ්වවිද්‍යාලයට ආපු අවුරුද්දේ orientation වත්, english course වත් තිබුනෙ නෑ මුලින්. සඳුදා දවසක අපි ඇවිත් රෙජිස්ටර් උනා, අඟහරුවාදා ඉඳන් academic පටං ගත්තා. අඩුගානෙ ලෙක්චර් හෝල් තියෙන්නෙ කොහෙද කියලවත් දන්නෙ නැතුව එලෝ පොල් පෙනිල හිටිය අපිට උදව් උනේ ජ්‍යෙෂ්ඨ සිසුන්. ඒ නවක වදය දීලාවත්, “අඩෝ ෆ්‍රෙෂා.. මෙහෙ වරෙං පො***” කියලා කතා කරලාවත්, ඔවුන්ට “ජ්‍යෙෂ්ඨ උත්තමයන්” කියලා ආමන්ත්‍රණය කරවගෙනවත් නෙමෙයි. සුහදව “නංගී මල්ලී” කියලා කතා කරලා.
Continue reading »

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් අපි අපේ කාලය කොච්චර නාස්ති කරනවද කියල මගේ කාලසටහන බැලුවාම දැකගන්න පුලුවන්. මගේ විශ්වවිද්‍යාලය පටං ගන්නේ උදේ 8. දවල් 12-1 කාලය දිවා විවේකය සහ දේශන අවසන් වෙන්නෙ සවස 5ට. ඒ කියන්නෙ එක වසකට අපේ දේශන කාලය පැය 8ක්.
මෙන්න බලන්න මට දේශන තියෙන කාලය,
සඳුදා – පැය 7
අඟහරුවාදා – පැය 2
බදාදා – පැය 2
බ්‍රහස්පතින්දා- පැය 6
සිකුරාදා – පැය 1
ඒ කියන්නේ සතියක දේශන පැය 40න් මට තියෙන්නෙ පැය 18යි. බාගයකටත් අඩුයි. මට දැනෙන්නේ මම කැම්පස් ගිහින් මම නිකංම ඉන්නවා වගේ.
එක අතකට මෙහෙම නිදහස් වෙලාව දෙන්නේ පුස්තකාලයෙන් විමර්ශන කටයුතු කරන්න, ස්වයං අධ්‍යයනය කරන්න වෙන්නත් පුලුවන්. ඒත් ඉතින් ඒක න්‍යායාත්මක විතරයිනේ. ප්‍රායෝගිකව කීදෙනාද එහෙම කරන්නේ. ලෙක්චර්ස් නැති වෙලාවට ඉතිං අතන මෙතන කයිය ගහන එකනේ වැඩිහරියක් කරන්නේ. නැත්තම් ලැබ් එක ෆ්‍රී නම් ඉන්ටර්නෙට් යනවා.
වෙනත් රටවල සිසුන්ට ඉගෙන ගන්න ගමන් කුඩා රැකියාවක් කරන්න පුලුවන් වෙන්නත් අපේ රටේ එහෙම බැරිවෙන්නත් හේතුව මේක කියලයි මට හිතෙනනේ. ඇයි ඉතිං දේශන පැය ගාණ අඩු උනත් ඒවා මුලු සතිය පුරාම පැතිරිලානේ තියෙන්නේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වර්ණ ජයන්තිය අපි එහි සිප් සතර හදාරන කාලය තුලදී එලඹීම අපේ වාසනාවක් කියලයි විශ්වවිද්‍යාලයට එනකොට අපිට සිතුනේ. මට එය තවත් වැදගත් වන්නේ එම ඓතිහාසික අවස්ථාවේ මගේ නම රැඳෙන යමක් මට කිරීමට අවස්ථාව ලැබීම නිසයි.
ඒ තමයි ස්වර්ණ ජයන්ති අධ්‍යාපන ප්‍රදර්ශනයේ නිල දැන්වීම් පෝස්ටරය නිර්මාණය කිරීමේ අවස්ථාව මට හිමිවීම.
මගේ අතින් නිමවූ පෝස්ටරය කොළඹ නගරය පුරාම අලවා තිබීම මට ගෙන එන්නේ නිමකල නොහැකි සතුටක්.

ඔන්න අද ජීවිතේ මුල්ම වතාවට අපේ කොම්පියුටර් ලැබ් එකේ නිදිමරන්නයි හදන්නේ. (ලැබ් එකේ තියා නිකං දවසක 6න් පස්සේ කැම්පස් එකේ ඉන්න එක අපිට අවදානම්) ප්‍රදර්ශනේ වැඩ වලට තමයි ඉතින්.
ප්‍රදර්ශනේ වැඩ ටික කරන ගමන්ම ඩවුන්ලෝඩ් ටිකකුත් කරගන්නවා. මේ වෙලාවේ මුලු කැම්පස් එකේම Internet usage එක බිංදුව නිසා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 1.5 MBps (මෙගා බිට්ස් නෙමෙයි, මෙගා බයිට්ස්) එනවා. මැක්සා තමයි.

සැලකිය යුතුයි
