මේක කියවන්න කලින් 1,2 හා 3 වෙනි කොටස කියවලා ඉන්න, මෙතනින්.
තෙවැනි අදියර
ඔන්න දැං අපි පිටින් ගන්න තියෙන ආරක්ෂාව අරන් ඉවරයි. දැන් තියෙන්නේ අපි ප්‍රවේශම් වෙන එක. ඒ කියන්නේ pen එක open කරන්න ඩබල් ක්ලික් නොකර ඉන්න එක. එහෙම ඩබල් ක්ලික් කරොත් ආපහු අර autorun.inf file එක වැඩ කරලා වර්ම් එක active වෙනවා.
මේ නිසා අපිට pen එක open කරන්න තියෙන ලේසිම විදිය තමයි folder එකක Address Bar එකෙන් pen එක select කරලා ඇතුලට යන එක. Pen එක right click කරලා Open/Explore කරන එක අනතුරුදායකයි.
මේ ක්‍රම 3 අනුගමනය කරොත් වෛරස් තියෙන pen එකක් උනත් අපේ කොම්පියුටරේට ගහන්න පුලුවන් ඒ වෛරස් අපේ කොම්පියුටරේට එන්නෙ නැතුව. ඊලඟට අපිට කරන්න තියෙන්නේ pen එකේ තියෙන වෛරස් file අඳුරගෙන මකලා දාන එක. එහෙම මකන්න අවශ්‍ය නැත්තම් ඒකෙන් අපිට කොපි කරගන්න තියෙන දෙයක් කොපි කරගෙන හරි ඒකට මොනවහරි දාලා හරි ආපහු pen එක ගලවලා දාන්න. (වෛරස් කොපි කර නොගන්න ප්‍රවේශම් වෙන්න, දැන් අපේ folder icon එක වෙනස් නිසා අපිට වෛරස් අඳුරගන්න පුලුවන් වෙයි)
මෙන්න මෙහෙමයි වෛරස් තියෙන pen එකක් උනත් ආරක්ෂාකාරී විදියට අපේ කොම්පියුටරේට ගහන්නෙ.
ප්‍රදර්ශනයේදී මෙම විෂය සම්බන්ධයෙන් මට සහය වූ චතුරිකා, දිලුම්, මුදිත, වරුණි, නෙතාංගි, උදේෂිනී, සුභාෂිණී, තිසරි, නයෝමි හා ඔස්මාන් යන සොයුරු සොයුරියන්ට මගේ විශේෂ ස්තූතිය.
මේක කියවන්න කලින් 1 හා 2 වෙනි කොටස කියවලා ඉන්න, මෙතනින්.
දෙවැනි අදියර
Pen වල වර්ම් එකත් එක්කම autorun.inf කියලා file එකක් දැකලා ඇති. මේකෙන් කෙරෙන්නෙ Pen එක කොම්පියුටරේට සම්බන්ධ කරපු ගමන් autorun වෙනකොට වෛරස් එකත් වැඩ කරවන එක, අපේ අනුදැනුමකින් තොරව. මේ අබග්ගෙන් බේරෙන්න පුලුවන් Pen එක ගැහුවාම autorun වෙන එක නැවැත්තුවොත්. ඒ වැඩේ කරන්න ක්‍රම 2ක් තියෙනවා.
අපිට පුලුවන් Shift key එක ඔබාගෙන Pen එක ගහන්න. එතකොට autorun වෙන්නෙ නෑ. හැමතිස්සෙම මේක කරන්න කරදර නම් සහමුලින්ම පරිගණකයේ autorun dissable කරන්න පුලුවන්. මෙන්න මෙහෙම, (මේ තියෙන්නේ XP වල කරන් විදිය. Vista වල දැනගන්න නම් මගේ මේ ලිපිය බලන්න)
- Start->Run ගිහිල්ලා gpedit.msc කියලා ටයිප් කරන්න. එතකොට එනවා Group Policy Editor එක.
- එතන තියෙන Turn Off Autoplay කියන option එක ඩබල් ක්ලික් කරන්න.
- ඒකෙ ‘Enabled’ select කරලා පහල තියෙන Turn Off Autoplay on: කියන ලිස්ට් එකේ ‘All Drives’ select කරන්න. දැන් OK කරන්න.
ඔන්න දැන් ඒ වැඩෙත් හරි. (autorun වලින් බේරෙන්න Autorun Eater වගේ tool එකක් පාවිච්චි කරන්නත් පුලුවන්. ඒ ගැන දැනගන්න පහන් ගේ මේ ලිපිය කියවන්න)
මේක කියවන්න කලින් 1 වෙනි කොටස කියවලා ඉන්න, මෙතනින්.
පලමු අදියර
දැන් පැතිරෙන වර්ම්ස් වැඩිහරියක icon එක වෙන්නෙ XP වල default Folder Icon එක, ඒ කිව්වෙ මේක. මේ විදියට තියෙන වර්ම් එකක් අපේ folder අතරෙම තිබුනාම අපිට වෙන් කරලා අඳුරගන්න බැරිවෙන නිසා අපේ අතින් ඩබල් ක්ලික් වෙන්න පුලුවන්.
මේකෙන් බේරෙන්න අපිට පුලුවන් අපේ කොම්පියුටරේ folder icon එක විදියට වෙන එකක් යොදාගන්න. උදාහරණයක් විදියට මම පාවිච්චි කරන්නෙ මේක.අවාසනාවකට වගේ XP වල මේ වැඩේ කරන එක ලේසි නෑ. වෙනත් tool එකක් යොදාගන්න වෙනවා. මම පැහැදිලි කරන්නම් Tune-Up Utilities වලින් මේක කරගන්න හැටි.
- ඔබට කැමති folder icon එකක් (.ico file එකක්) මුලින්ම හොයාගන්න. අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්.
- Tune-Up Utilities 2009 වල දවස් 15ක Trial එකක් ලබාගන්න මෙතනින්. ඒක අපේ වැඩේට හොඳටම ඇති.
- Tune-Up වැඩසටහන open කරලා වම් පැත්තෙ pane එකෙන් Customize Windows තෝරන්න. ඊට පස්සේ TuneUp Styler තෝරන්න.
ඒකෙ System Elements කියන තැන තියෙන ටැබ් වලින් Explorer ටැබ් එක තෝරන්න. පහල ඇති Folder (Closed) කියලා එකක්. ඒක select කරලා දකුණු පැත්තෙන් Replace Icon තෝරන්න.
- දැන් ඔබ ලඟ තියෙන අලුත් icon එක යොදන්න. මේ ආකාරයටම Folder (Open) එකේ icon එකත් මාරු කරන්න.
දැන් ඔබේ පරිගණකයේ සියලුම folders අලුත් icon එකෙන් දිස්වේවි.
මෙම සටහනට පාදක වන්නේ ‘විදුජය’ ප්‍රදර්ශනයේදී මා ඇතුලු පිරිස විසින් පරිගණක වෛරස පිලිබඳ ප්‍රදර්ශන කුටියේදී ඉදිරිපත් කල කරුණු හා එහිදී නරඹන්නන් අප වෙත ඉදිරිපත්කළ ප්‍රශ්න වේ.
Computer Virus. . . පරිගණක භාවිත කරන්නන්ට ඒ තරම් තවත් හිසරදයක් නෑ. කොච්චර කරත් වෛරස් වලින් බේරෙන්න බෑ කියලයි වැඩිදෙනෙක් කියන්නෙ. ඒ නිසා වැඩි දෙනෙක් ඔන්න ඔහේ වෛරස් තිබුනාවෙ කියලා වෛරස් පිටින්ම කොම්පියුටරේ තියාගෙන ඉන්නවා. (ඒ වැඩේ හරිද? ඒකෙන් වෙන්නේ තමනුත් වෛරස් බෙදාහරින්නෙක් වෙන එක. වෛරස් හදන එක වගේම වෛරස් බෙදාහරින එකත් නීතිවිරෝධීයි.) වැඩිදෙනෙක් නොදන්නවා උනාට සරල උපක්‍රම කීපයක් භාවිතයෙන් මේ වෛරස් වලින් බේරෙන්න පුලුවන්. එතකොට නිතරම අලුතෙන් Windows දාන්න ඕනෙත් නෑ.
ලංකාවෙ අපට නම් computer virus පැතිරෙන ප්‍රධාන මාර්ගය වෙන්නෙ USB Flash/Pen Drives තමයි. ඒ නිසා අපි බලමු කොහොමද පෙන් වලින් එන වර්ම්ස් වලින් බේරෙන්නේ කියලා. මතක තියාගන්න වෛරසයක් පරිගණකයට ආවාම ඒක එලවන්න හරිම කරදරයි. ඊට ලේසියි එන එක වලක්වාගත්තාම. Prevention is better than Cure. හරිම සරලයි. මූලික විධිවිධාන + අදියර 3 යි.
මූලික විධිවිධාන
හැම දේම fresh එකේ පටන් ගත්තොත් තමයි හොඳ. ඒ නිසා දැනටමත් ඔබේ කොම්පියුටරේට වෛරස් ඇතුලුවෙලා නම්, අලුතෙන්ම Windows install කරලම වැඩ පටන් ගනිමු.
ඊලඟට ඔබේ පරිගණකයේ Hidden + System files දර්ශනය වෙන ආකාරයට සකස් කර ගන්න ඕනෙ. ඒ මොකද කිව්වොත් ගොඩක් වර්ම්ස් එන්නේ System file විදියට. ඒවා දර්ශනය වෙනවානම් අපිට ඒවා හොයලා මකලා දාන්න පුලුවන්. මේ වැඩේ කරන්න යන්න Folder Options වලට. ඊලඟට මේ රූපයේ දැක්වෙන විදියට “Show hidden files and folders” option එක select කරලා “Hide protected operating system files” tick එක ඉවත් කරන්න.
(මේ වැඩ 2 කරලා OK කරලා Folder Options වලින් ඉවත් උනාට පස්සෙ ආපහු Folder Options ගිහින් බලන්න ඔබ වෙනස් කල settings ඒ ආකාරයටම තියෙනවාද කියලා. එහෙම නැතිව ඒවා reset වෙලා නම් ඒකෙ අදහස වෛරසයක් ක්‍රියාත්මක වෙන බවයි. Windows අලුතෙන් දාලම වැඩ පටංගමු කිව්වෙ ඒකයි.)

සැලකිය යුතුයි
