peer-to-peer network එකට, එහෙමත් නැත්නම් torrent වලට දැන් එච්චර හොඳ කලදසාවක් නෙමෙයි උදාවෙලා තියෙන්නෙ. ලෝක ප්‍රසිද්ධ ටොරන්ට් සයිට් කීපයක්ම දැන් කොට-උඩ. හැමෝම දන්නවා ඇතිනේ The Pirate Bay කියන ප්‍රසිද්ධ ටොරන්ට් සයිට් එක ලඟදීම වැහෙන්න නියමිත බව. ඒ copyright infrngement සඳහා ඔවුන්ට නඩු වැටුනු නිසා. ප්‍රධානපෙලේ private torrent site එකක් වන Demonoid දැන් මාස කීපයක සිට අක්‍රීයයි. (නමුත් tracker එක වැඩ කියලයි ආරංචි). ඉක්මනින් යථාතත්වයට පත්කරනවා කියලා තාවකාලික පිටුවේ සඳහන් උනත් දැන් සෑහෙන්න කාලයක් ගත වුන නිසා ඒ ගැන සැකයි. අනෙක් ප්‍රසිද්ධ ටොරන්ට් සයිට් එක වන Mininova හි දැන් ඇත්තේ නීත්‍යානුකූල ටොරන්ට් පමණයි. pirate software ආදී සියල්ල ඉවත්කරලා.
Continue reading »

සැලකිය යුතුයි
