බ්ලොග් එකට අලුත් ටෙම්ප්ලේට් එකක් දැම්මා. පරණ එක දැන් දැකලම එපාවෙලා. බ්ලොග් පටන් ගත්ත මුල්ම කාලෙ මට තිබුණා පිස්සුවක් Old Style ටෙම්ප්ලේට් පාවිච්චි කරන්න. ඒ නිසයි ඒක පාවිච්චි කලේ. දැං නං ඕනෙ වෙලා තියෙන්නෙ ලියන දේ පැහැදිලිව බලන අයට කියවන්න පුලුවන් එකක්.
මගේ බ්ලොග් එක කියවන අය නම් සමහර විට මේ ටෙම්ප්ලේට් එකට කැමති නොවෙන්න පුලුවන්. ටික කාලයක් ඉවසන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම ලඟදිම මගේම domain එකකින් (self hosted) බ්ලොග් එකක් පටන් ගන්නවා. සමහර විට එකක් නෙමෙයි දෙකක් ම. හැකි ඉක්මනින් මටම අයිති වත්තකදී හමුවෙමු. (ඒත් මේ පරණ පෝස්ට් දාලා යන්නත් දුකයි)
අලුත් ටෙම්ප්ලේට් එක දානකොට මගේ අතින් පොඩි වැරැද්දකුත් සිද්ධ වුනා. ඒ තමයි මාෆියා මර්ධන බ්ලොග් පොලිස් බලකායෙන් අවසර ගන්න බැරිවීම. දඩ ගහන්නත් ඉඩ තියෙනවා.
ඔබේ Blogger හි බ්ලොග් එකට වෙනත් අඩවියකින් සොයා ගත් template එකක් දාන්න ගියාම සමහර වෙලාවට වැඩේ අප්සෙට් යනවා දැකල ඇති. මෙන්න මේ වගේ Error Message දැකල ඇති නේද?
මේක හදාගෙන ටෙම්ප්ලේට් එක දාගන්න පුලුවන් ටෙම්ප්ලේට් එකේ xml file එකේ පොඩි වෙනස්කමක් කරලා.
1. මුලින්ම xml file එක text editor එකකින් (Notepad, Notepad++, gedit, kwrite) ඇරගන්න.
2. ඒකෙ සර්ච් කරන්න ‘widget id’ කියල කොටසක් තියෙනවද කියල. (මතක තබා ගන්න, එකක් නෙමෙයි කීපයක්ම හමුවෙනවා)
3. අපි හිතමු මෙහෙම කොටසක් හමුඋනා කියල
අපි කල යුත්තේ මේ widget එකේ නමේ අංකය, මෙහි නම් Blog1 හි 1, වෙනස් කිරීමයි. ඔබට පුලුවන් එතනට තවත් 1ක් එකතු කරන්න. එතකොට මෙහෙම වේවි.
4. මේ ආකාරයෙන් HTML1, Label1,….. වැනි widget කිහිපයක් හමුවේවි. ඒවාත් HTML11, Label11,…..ලෙස වෙනස් කරන්න.
5. දැන් ඔබට පුලුවන් මේ අලුත් xml file එක blogger වෙත upload කරන්න. ඔබේ template එක කදිමට ඔබේ බ්ලොගයට එකතු වේවි.

සැලකිය යුතුයි
