අපේ සිරිලංකාව වගේ රටකට තව කාලාන්තරයක් යනතෙක් කාලීන වැදගත්කමක් තියේවි කියලා හිතෙන ගීතයක් තමා මේ. බලන්න අහල තියෙනවාද කියලා.

සංගීත් විජේසූරිය කියන (ගායනා කරන නොවේ) “නිවාඩුවටත් මං දැං…” සංගීතමය විලාපය (ගීතයක් ද නොවේ) අහලා ඇති නේ. ඒකෙ කතාව කිව්වොත්, ඔන්න ගමක කොල්ලෙකුයි කෙල්ලෙකුයි ප්‍රේමයෙන් බැඳිලා ඉන්නවා. හැබැයි කොල්ලා දුප්පත්. ඉතිං ආදරයට බාධා එනවා. මේ නිසා කොල්ලා නගරයට යනවා රස්සාවක් කරලා සල්ලි හම්බකරගෙන ඇවිත් කෙල්ලව සහේට ගන්න. නමුත් කොල්ලා ආපහු එනකොට අර කෙල්ල වෙන කෙනෙකුට විවාහ වෙලා ඉවරයි.
මේ අර්ථයම තියෙන ලස්සන ගී පදවැලක් තියෙනවා. ඒක ලියලා තියෙන්නේ ප්‍රවීණ ගීත රචකයෙක් වන වසන්ත කුමාර කොබවක මහත්තයා. මේක ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ මහත්තයා. මේක දැං නම් ගුවන් විදුලියේ ප්‍රචාරය වෙන්නෙත් නැති තරම්.
අපි බලමු මේ ගීතයේ පදවැල
වනේ වන ඵල මියුරු වූ දා නැතේ ලඟ සියොතුන්
මලේ මල් රොන් පුසුඹ වූ දා කොහේදෝ බඹරුන්වෙලී නැතිබැරි දුකින් කාලය
හැලී දෝතින් නැවුම් ප්‍රේමය
අහී දුප්පත්කමින් ජයගනු රිසින් පියමං වූ යුගේ
හිතත් හිරිමල්, ඇයත් මනකල්, කල් බලා සිටියානැගී අලු යට ගිණි ඉරක් මෙන්
දිනූ දා කිත් යසස් අබිමන්
එදා ගොළුවුනු පෙමක් කුලුඳුල් දනව් ගම් හැරදා ගිහින්
බිඟුත් තනියෙන්, මලත් නටුවෙන් තටු විදා ඉගිලී
ගියා ඉගිලී. . .
සංගීත් කියන එක කවුරු ලිව්වද කියලා නම් මම දන්න නෑ. ඔබ හොඳ රසවින්දනයක් තියෙන කෙනෙක් නම් මේ දෙකේ වෙනස වටහාගන්න පුලුවන් වෙයි. පද රචනයේ විතරක් නෙමෙයි, ගායනයේ, සංගීතයේ පවා ඒ වෙනස තියෙනවා.
අපි කතා කරමු මේ ගීතය ගැන. ඔබේ හරවත් විචාර මම බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම මේ ගීතය අහලා නැත්තම් මෙතනින් අහලා බලන්න.


සැලකිය යුතුයි
