Skip to content

Archive

Tag: Songs

මේ සිංදු ටික මට අහම්බෙන් ආයෙ ලැබුනෙ ගෙදර මැෂිමෙ හාඩ් ඩිස්ක් එක අවුස්සනකොට. ඒ නිසයි ලියන්න හිතුනේ.

continue reading…

British_Ceylon_flag

බ්‍රිතාන්‍ය-සිලෝනයේ ධජය

අපේ සිරිලංකාව වගේ රටකට තව කාලාන්තරයක් යනතෙක් කාලීන වැදගත්කමක් තියේවි කියලා හිතෙන ගීතයක් තමා මේ. බලන්න අහල තියෙනවාද කියලා.

continue reading…

imeem™ ගැන දන්නවා නේද? ඒක Social Media Service එකක්. අපිට පුලුවන් එහි අපි ලඟ තියෙන ගීත, වීඩියෝ, ඡායාරූප බෙදාහදාගන්න සහ මිතුරන්ගේ ෆයිල්ස් බලන්න, කමෙන්ට් කරන්න. තමන් ලඟ තියෙන ගීත බෙදාහදාගන්න දෙන සයිට් එකක කොච්චර ගීත ඇත්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. පොඩි පරහකට තියෙන්නේ කොපිරයිට් ප්‍රශ්ණ නිසා මේ අඩවියෙන් ගීත බාගත කරන්න දෙන්නෙ නෑ. එම අඩවියේදීම streaming ක්‍රමයට අහන්න විතරයි ඉඩ දෙන්නේ. හදිස්සියකට අපි සිංදුවක් හොයනකොට ඒක imeem අඩවියෙම විතරක් නං තියෙන්නේ? පිස්සු හැදෙනවා නේද ඒක බාගන්න බැරිඋනාම :D ඔන්න මේ කියන්න හදන්නේ ඒවා බාගන්න හැටි, වෙනත් ටූල් නැතුව, Firefox භාවිතයෙන් පමණක්.

continue reading…

ist2_5942224-musical-abstraction

අද මේ කියන්න හදන්නේ මගේ හිත ගිය හින්දි සිංදු කීපයක් ගැනයි. මම හින්දි චිත්‍රපට එච්චර බැලුවෙ නැතත් හින්දි ගීත නම් සෑහෙන්න අහනවා, ඒ වගේම ඒ සංගීතය ගැන හොයනවා. පැරණි හින්දි ගීත ඇත්තටම අද කාලේ එන බොහොමයක් ඒවට වඩා ලස්සනයි. ඒත් ඒ කාලේ තිබුණ දුර්වල පටිගතකිරීම් තාක්ෂණය හා සංගීතය යෙදීමේ දුර්වලකම් නිසා ඒවා අද රසවිඳිනකොට ටිකක් කම්මැලි ගතියක් දැනෙනවා. අද වගේ හොඳ පටිගත කිරීම් ක්‍රම ඒ කාලේ තිබුණනම් ඒ ගීත කොච්චර හොඳට අදත් රසවිඳින්න තිබුණද කියලා හිතෙනවා.

ඒත් මේ පෝස්ට් එකේ කියන්න යන්නේ ඒ පැරණි ගීත ගැන නෙමෙයි. නූතන චිත්‍රපට කීපයක මට හමුවුන ගීත කීපයක්, ඔක්කොම වගේ වසර 2000න් මෙපිට ඒවා. මේවා ගොඩක් දෙනා අහලත් ඇති. වේග රිද්ම ඒවා නම් නෙමෙයි. සංගීතයේ හා/හෝ ගායනයේ අලංකාරයක් තියෙනවා කියලා මට හිතුන ඒවායින් ටිකක් තමා මේ දාලා තියෙන්නේ. තව ඉස්සරහට තව ඒවා දාන්නම්.

කැමති නම් අහලා බලලා/ඩවුන්ලෝඩ් කරගෙන ඒ ගැන ඔබේ අදහසත් මෙතන ලියලා යන්න.

Meelon Ka
චිත්‍රපටය: Love Story 2050 (2008)
ගයන්නේ: Kay Kay, Alka Yagnik
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්

Alvida
චිත්‍රපටය: Life in a Metro (2007)
ගයන්නේ: Kay Kay
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්

Baatein Kuch Ankahee Si (Unplugged)
චිත්‍රපටය: Life in a Metro (2007)
ගයන්නේ: Suhail Kaul
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්

Tujh Mein Rab Diktha Hai
චිත්‍රපටය: Rab Ne Bana Di Jobi (2008)
ගයන්නේ: Roopkumar Rathod
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්

Tum Se Hi
චිත්‍රපටය: Jab We Met (2007)
ගයන්නේ: Mohit Chauhan
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්

Khuda Jaane
චිත්‍රපටය: Bachna Ae Haseeno (2008)
ගයන්නේ: Kay Kay, Shilpa Rao
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්

Lukka Chuppi
චිත්‍රපටය: Rang De Basanti (2006)
ගයන්නේ: Lata Mangeshkar, AR Rahman
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්

Chupke Se
චිත්‍රපටය: Saathiya (2002)
ගයන්නේ: Sadhana Sargam, Murtuza, Qadir
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්

Mere Dholna
චිත්‍රපටය: Bhool Bhulaiyaa (2007)
ගයන්නේ: Shreya Ghoshal, MG Srikumar
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්

Tu Hi Meri Shab Hai
චිත්‍රපටය: Gangster (2006)
ගයන්නේ: Kay Kay
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්

Maa
චිත්‍රපටය: Taare Zameen Par (2007)
ගයන්නේ: Shankar Mahadevan
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්

මට මෙතනින් ගොඩක් හිතට වැදුන සිංදුවක් තමා Rang De Basanti චිත්‍රපටයේ Lukka Chuppi ගීතය. චිත්‍රපටය තුල ගීතය සම්පූර්ණයෙන්ම නැතත් ඒ රූප පෙල මහා වේදනාවක් ඇතිකරවනවා. පුතෙක්ගේ වියෝව අම්මා කෙනෙක් දරාගන්නා හැටි පෙන්නව ඒ රූපරාමු අතර ගලා ‍යන මේ ගීතයෙන් කියවෙන්නේ දිව්‍යලෝකයේ සිටින පුතාත් මෙලොව සිටින අම්මාත් අතර දෙබසක්. චිත්‍රපටය බලලා නැත්තම් හොයාගෙන බලන්න. හැමෝම බැලිය යුතුම කතාවක්.


සැ.යු: මේ ගීත වැඩිහරියක් ලබාගෙන ඇත්තේ esnips අඩවියෙනි. මෙම ගීත මවිසින් අප්ලෝඩ් කරන ලද ඒවා නොවන අතර එනිසාම ඔබ මෙම ගීත ඩවුන්ලෝඩ් කලාට මට කිසිදු මූල්‍යමය වාසියක් හිමි නොවේ. එමෙන්ම මේ කිසිදු ලින්ක් එකක් referral link එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.

අතීතයෙන් ගඟ ගලා බසී. . . .
සිඳී බිඳී ගල්පර අතරේ. . .
සිනා සිසී සුදු පෙණ පොකුරේ. . .
ගලා බසී. . . ගඟ ගලා බසී. . .

පිපී බි‍ඳෙන දිය බුබුලේ. . .
වලා රොදක දුර ආකාසේ. . .
සොබා සොඳුරු සිරි මෙලොවේ,
ඔබේ ඇසිනි මා දුටුවේ. . .


තුංමංහන්දිය (1970) චිත්‍රපටයෙන්

අහන්න:

මේ දවස්වල සිද්ධ වෙන දේවල් දැකලා මේ ගීතය සටහන් කරන්න හිතුනා. මේක ගයන්නේ සුනිල් එදිරිසිංහ. (කවුරුහරි දන්නවද මේක ලිව්වේ කවුද කියලා?)

ගුරුළු වෙස් දරා ඉදිබු ගමනේ යන්නා
ලොවට බණ දෙසා හොරෙන් සිල් බිඳලන්නා
මලෙක රොන් වනා එතැන රොනට වඩින්නා
කියන් කවුරු මෙවන් මිනිස් වෙසින් සිටින්නා

රෑ පානේ සොරදෙටුවෝ මේ දහවල වෙසතුරු සේ දන් දුන්නා නම්
මද්දහනේ මල් කොවුලෝ රෑ පානේ කපුටන් සේ හඬ තැලුවා නම්
කුමට නුදුටු ලෙසින් සිටිනු යාලුවේ
අපට අපේ කියා ඉන්න තියෙන ලෝකයේ

ලද ඉසුරින් මොනරුන් සේ විලිබිය සිඳ මහ සබ මැද රඟ දුන්නා නම්
බිවු මව් කිරි අමතකවී නැඟි ඉනිමඟ පා පහරින් බිම දැමුවා නම්
කුමට නිහඬ මුවින් සිටිනු යාලුවේ
අපට අපේ කියා ඉන්න තියෙන ලෝකයේ

නිතර දෙවේලේ අහන්න නොලැබෙන ගීතයක් මේ ලඟදි අහම්බෙන් ආපහු අහන්න ලැබුනා.
“අහසෙ ඉන්නවලු, ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු, නොදැක වඳිනවලු
ගින්නෙ නටනවලු, බෙර පදට නටනවලු,
නටල වඳිනවලු, පව් ! පිහිට පතනවලු
. . . . .
පෙරලි පෙරලි වඳින තාලෙ දුක හිතෙනව මට
බණ දහමක් වත් නෑ මම දෙසුවේ කිසි දින
හේනක් කුඹුරක් වත් නෑ වගා කළේ මම
අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට
. . . . .
මෝල්ගහේ දලු එනතුරු, කලු කපුටා සුදු වන තුරු
යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවෙනතුරු
පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොලක් හැදුවෙත් නෑ
අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං ! ”

මේ ගීතය ලයනල් රංවලයන්ගෙ සංගීත නිර්මානයක්. එතුමා කවුද කියල සිංහල පාඨකයන්ට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මේ ගීතය කී දෙනෙක් අහල තියෙනවද කියල විශ්වාස නෑ. මම මේක මුලින්ම ඇහුවෙ “ගම අවුලඤ්ඤං” ප්‍රසංගයේදි. ඉන් පස්සෙ කාලයක් මම මේක පටිගත කරලත් තියාගෙන හිටියා.
මේ ගීතයේ මම විශේෂ ලක්‍‍‍ෂණ 2ක් දකිනවා. මුල්ම එක තමයි අවර ගණයේ බයිලා ගායකයෙක් විදියට ප්‍රසිද්ධ සමන් සිල්වා මෙහි ගායනයට යොදා ගැනීම. ඔහු ගේ හඬ මේකට කොයි තරම් අලංකාරයක් එක් කරනවද කියල අහල තියෙන අය දන්නවා ඇති.
දෙවැනි කාරණේ තමයි මේකෙ තේරුම. මේක දෙවියන් යදින එක කොයිතරම් නිරර්ථක ක්‍රියාවක්ද කියලා විස්තර කරනවා. වැදගත් වෙන්නේ ඒ සඳහා ඉදිරිපත් කරන කාරණා සහ තමාට ‍අහවල් කෙංගෙඩියකට මේ මිනිසුන් වඳිනවාදැයි දෙවියන්ම පුදුම වීමයි.
වන්දනාමාන කළ යුත්තේ යහපත් දෙයක් කළ අයට, ශ්‍රේෂ්ඨ අයට බව මෙයින් ගම්‍ය වෙනවා. ඇත්තෙන්ම දෙවියන් අපට කර ඇති යහපත් දේ කුමක්ද ? පැරණි චීන කියමනක් තියෙනවා ශ්‍රේෂ්ඨ මිනිහෙක් වෙන්න නම් ගහක් වවන්න, පොතක් ලියන්න, පුතෙක් හදන්න කියලා. මේ ගීතයට අර කරුණු එන්න ඇත්තේ ඒ කියමනෙන් වෙන්න ඇති.
21 වැනි සියවසට ඇවිල්ලත් තවමත් මිනිසුන්ගේ මිථ්‍යායාවල් දුරුවෙලා නෑ. බුද්ධිමත් මිනිස්සු විදියට අපි මිථ්‍යාවල් විශ්වාස කරන්න කලින් ඒ ගැන ටිකක් කල්පනා කරල බැලුවොත් තමයි වටින්නේ.