සින්ඩියේ තියෙන ලිපි බලනකොට මම ගොඩක් නිරීක්ෂණය කරපු දෙයක් තමයි සමහරු සිංහල ටයිප් කිරීමේදී ගොඩක් අක්ෂර දෝෂ කරනවා. ව්‍යාකරණ දෝෂ නෙමෙයි, ඒ ගැන කියන්න මම දන්නෙත් නෑ, මම දන්න ව්‍යාකරණයක් නැති නිසා. මේ නිසා මට හිතුනා ඔය නිතර වරද්දන සමහර අකුරු ගහන විදිය පොඩ්ඩක් කිව්වොත් හොඳයි කියලා, විජේසේකර යතුරු පුවරුවෙන් වගේම සිංග්ලිෂ් කන්වර්ටරෙනුත්.
මුලින්ම කියන්නම් මමත් පාවිච්චි කරන විජේසේකර යතුරු පුවරුවෙන් ගහන විදිය. ඊට පස්සෙ කියන්නම් සිංග්ලිෂ් එකෙන් ගහන විදිය. විජේසේකර එකෙන් ගහන විදිය ලියද්දී A – B කියලා ලියල තියෙන්නේ මුලින් කීබෝඩ් එකේ A අකුර ඇති කී එක ගහලා පසුව B අකුර ඇති කී එක ගහන්න කියන එකයි. Shift, Alt යතුරු සමග එබිය යුතු අවස්ථාවල Shift+a ආදී ලෙස ලියා ඇති.
Continue reading »
අද පෝස්ට් එක වින්ඩෝස් පරිශීලකයන්ට විශේෂයි. විශේෂයෙන්ම Windows XP අයට. ගොඩක් දෙනා දැකලා ඇති පරිගණකයට සිංහල යුනිකෝඩ් දැම්මාම සිංහල අකුරු පේන්නේ බොහොම කැතට, ඇදවෙලා, තැලිච්ච තක්කාලි ගෙඩි වගේ කියලා. අද කතා කරන්න යන්නේ කොහොමද මේ දෝෂය මගහරවා ගෙන ලස්සනට සිංහල අකුරු දර්ශනය කරගන්නේ කියලා.
අලුත් තොරතුරු තාක්ෂණ පාරිභාෂික ශබ්දමාලාවක් නිකුත් වෙලා කියලා දැනගත්තේ ඊයේ ගයාන් තාරක කරපු tweet එකකින්. (මෙතෙක් කල් තිබුනේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල එක පමණයි). ඉතින් මමත් ඒක බාගෙන බැලුවා. (ඕනෙ නම් ගන්න) ඒක නම් කරලා තිබුනේ “මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2007 හා වින්ඩෝස් විස්ටා සඳහා පාරිභාෂික ශබ්දමාලාව” කියලා. මෙය ICTA හා Microsoft Sri Lanka යුගල ව්‍යාපෘතියක් වගේම ප්‍රකාශයට පත්කරලා තිබුනේ Microsoft Sri Lanka මගින්.මේ අලුත් ශබ්දමාලාවේ වචනවල සුදුසු/නුසුදුසු බව පිලිබඳව ඒ වෙලාවෙම twitter එක තුල සංවාදයක් ගියා.
මේ සමගම මට මතක් උනේ කලකට පෙර සිංහල බ්ලොග්කරුවන්ගේ ගූග්ල් සමූහය තුල ඇතිවූ කතාබහක්. මෙය අරඹා තිබුනේ ඩනිෂ්ක අයියා විසින්, ඔහුට specification යන වචනයට සිංහල වචනයක් අවශ්‍ය වී තිබුණ නිසා. වැඩි දෙනෙකුගේ ප්‍රතිචාරය වී තිබුනේ “පිරිවිතර”. සාමාන්‍යපෙල කරන කාලයේ (විශේෂයෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යා විෂය තුල) මට මෙය හොඳින් අසා පුරුදු වචනයක් වගේම භාෂා දෙපාර්තමේන්තුවේ ශබ්දමාලා වල ඇත්තේත් එම වචනයයි. එසේ මේ වචනය කලින් අසා තිබුණු අයට එය සාමාන්‍ය දෙයක් උනත් කලින් අසා නොතිබුණ අයට එය විකාරයක් ලෙස පෙනුනා.
දැන් නැවතත් හැරෙමු අලුත් ශබ්දමාලාව වෙතට. එය වෙත නැගෙන චෝදනාවක් (එයටම පමණක් නොවේ කලින් ශබ්දමාලාවටත්) තමයි ඒ සිංහල වචන නොගැලපෙන බව හා විකාරරූපී බව. cache යන වදනට “හැඹිලිය” යොදා තිබීම කලින් සිට ම ජනප්‍රිය උදාහරණයක්.
එකල විද්‍යාවේ තිබූ ඉංග්‍රීසි වචන වලට ලස්සන සිංහල වචන නිපදවා තිබුනා. උදාහරණ ලෙස telescope = දුරදක්නය, television = රූපවාහිනී, blood = රුධිරය වගේ වචන. පරිගණක ක්ෂෙත්‍රය දියුණු වීමත් සමග අලුතින් භාවිතයට පැමිණි ඉංග්‍රීසි වචන ප්‍රමාණය අධික වුනා විතරක් නෙමෙයි ඒ ක්ෂෙත්‍රයේදී භාවිතා වන වචන සංකීර්ණ බවිනුත් වැඩි උනා. පරිගණක ක්ෂෙත්‍රයේ වැඩි වශයෙන් භාවිතා වෙන්නේ abbreviations බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ. ඉතින් මෙබඳු සංකීර්ණ හා ආගන්තුක ඉංග්‍රීසි වචන සමූහයකට සිංහල වචන සෑදීමේදී ප්‍රශ්ණ ඇතිවෙන්න පුලුවන්.
මේවා විකාරරූපී ලෙස පෙනීම සාපේක්ෂ වෙන්න පුලුවන්, අර “පිරිවිතර” වගේ. අපිට මේ වචන විකාරරූපී ලෙස පෙනුනට මේවායින්ම පරිගණක දැනුම අරඹන කෙනෙකුට මෙය සාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන්නට පුලුවන් නේද? සමහර විට වැඩිදෙනෙක් අහල නැතුව ඇති Nitrogen වායුවට ඒ කාලෙ කිව්වෙ “ජීවාන්තක වායුව” කියලා. ඒකෙ නැද්ද පොඩි විකාරරූපී බවක්? නමුත් කවුරුවත් ඒකට විරුද්ධව මුකුත් කිව්වෙ නෑ වගේම දීර්ඝ කාලයක් ඒ වචනය පෙලපොත්වල පාවිච්චි උනා. Appendix එකට “උණ්ඩුක පුච්ඡය” කියන එක කොහොමද? සම්භාව්‍ය පෙනුමක් තියෙනවද? ඒ නිසා මේ අලුත් වචන භාවිතයට ආ විගස විකාරරූපී බවක් පෙනුනත් කලක් භාවිත වන විට එය සාමාන්‍ය දෙයක් වනු ඇති.
අවසාන වශයෙන් මගේ අදහස නම් භාෂාවට සම්මතයක් අවශ්‍යයි. ඒ සම්මතය ඇති කරන්න භාෂාව ගැන දැනුමක් ඇති පිරිසක් අවශ්‍යයි. එවැනි විද්වත් කමිටුවකින් අනුමත කරන වචන සම්මතය ලෙස අපිට පිලිගන්න වෙනවා. සියලුදෙනා මිනිසුන් බැවින් ඒ උගතුන් අතිනුත් වැරදි සිදුවිය හැකියි. ඒ නිසා ඔවුන් යෝජනා කල යම් වචනයක වැරැද්දක් තිබේ නම් ඒ පිලිබඳව නිල වශයෙන් කරුණු දක්වා, අපට සියලුදෙනා කෙරෙහි ඒ වැරැද්ද නිවැරදි කරගන්නට උත්සාහ කල යුතුයි. ඒ වෙනුවට අපි අභිමත වචන පාවිච්චි කරන්නට ගියොත් භාෂාව වල් වදිනු නියතයි. උදාහරණයක් ලෙස දැනට පවතින ව්‍යවස්ථාවේ අපිට පෙනෙන පරිදි වැරදි තිබෙනවා, නමුත් අපිට බෑ නේද ඒවා වැරදියි කියලා අපිට කැමති විදියට වැඩ කරන්න? එක්තරා පිලිගත් කමිටුවකින් කෙටුම්පත් කල එය සම්මතයක් ලෙස අපට පිලිගන්නට සිදුවෙනවා.
නැත්තම් කරන්නට තියෙන හොඳම වැඩේ ඉංග්‍රීසි වදන එහෙමම පාවිච්චි කිරීම. හරියට “බස් එක” වගේ.
මම නිරීක්ෂණය කල ආකාරයට පැරණි ශබ්දමාලාවේත් අලුත් (මයික්‍රොසොෆ්ට්) ශබ්දමාලාවත් අතර වෙනසක් නැති තරම්, එසේම අලුත් ශබ්දමාලාවේ වැඩිමනත් වචන තිබෙන බව පේනවා. (පොඩි පොඩි වැරදි ටිකකුත් තියෙනවා) මයික්‍රොසොෆ්ට් නම ගෑවුනු පමණින් අලුත් ශබ්දමාලාවට ගැරහීමත් වැරදියි. මොකද මෙය බිල් ගේට්ස් ලියපු එකක් නෙමේ, මහාචාර්ය වී.කේ. සමරනායක, මහාචාර්ය ජේ.බී. දිසානායක, වැනි විද්වතුන් ප්‍රමුඛ මණ්ඩලයක් විසින් සම්පාදනය වූවක්.
1 වෙනි කතාව
මේ සිංහල බ්ලොග් ලියන, කමෙන්ට් දමන, කියවන අපි සියලු දෙනා සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නෝ වෙමු. මුලදී අන්තර්ජාලය තුල පමණක් භාවිත වූ සිංහල යුනිකෝඩ් ඉන් බැහැර කාර්යාල පාරිසරිකය වෙත ද පැමිණ ඇත්තේ රාජ්‍ය අංශයේ ලේඛන සඳහා යුනිකෝඩ් භාවිතා කිරීම අනිවාර්ය කරමින් නිකුත් වී ඇති චක්‍රලේඛයක් නිසාවෙනි. එහෙත් සිංහල යුනිකේත භාවිතා නොවන, එමෙන්ම තවත් කාලාන්තරයක් යන තුරු භාවිතයට නොඑනු ඇතැයි ද සිතිය හැකි ක්ෂෙත්‍රයක් ද වේ. එනම් සාමාන්‍ය ලිපිලේඛන, ටයිප්සෙටිං හා ග්‍රැපික් ඩිසයින් ක්ෂෙත්‍රයයි. මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේද ලංකාව තුල සිංහල භාවිතා කරන පරිගණක වලින් 75% කටත් වඩා භාවිත වන්නේ සිංහල යුනිකේත නොව පසුකී ක්ෂෙත්‍ර තුල බවය.
2 වෙනි කතාව
සාමාන්‍ය ලිපිලේඛන, ටයිප්සෙටිං හා ග්‍රැපික් ඩිසයින් ක්ෂෙත්‍ර තුල සිංහල යුනිකෝඩ් භාවිතා නොවන හේතුව සොයා බැලීම වටී. ප්‍රධාන හේතුව යුනිකෝඩ් සිංහල ෆොන්ට් ඇත්තේ අතලොස්සක් වන අතර ඒවා සාමාන්‍ය ලේඛනයකට මිස ‘කලාත්මක නිර්මාණයකට’ නුසුදුසු වීම ය. (අකුරු හැඩ අලංකාර නොවීමය) අප්‍රධාන හේතුව මෙම ක්ෂෙත්‍ර තුල වැඩි වශයෙන් භාවිතා වන Photoshop, Illustrator, Flash වැනි මෘදුකාංග සිංහල යුනිකෝඩ් සඳහා සහයක් නොදැක්වීමය.
3 වැනි කතාව
මවිසින් දැන් අත වත් නොතබනු ලබන මගේ නිවසේ ඩෙස්ක්ටොප් පරිගණකය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ධාවනය වන්නකි. දැන් එය භාවිත කරන මගේ තාත්තා ලේඛකයෙකි. කාලයක් අතින් ලිවීමෙන් පසුව හටගත් දකුණතේ ආබාධයක් නිසා ඔහු දැන් සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් ලියයි. මේ ලේඛන කටයුතු වලට ඔහුට සිංහල යුනිකෝඩ් භාවිත කිරීමට නොහැකිය. මක්නිසාදයත් ඔහු පුවත්පත් වලට ලියන ලිපි එම පුවත්පත් ආයතනයේ පරිගණක වලදී සංස්කරණය කරනුයේද මුද්‍රණය කරනුයේද යුනිකේත නොව සාමාන්‍ය සිංහල ෆොන්ට (උදා fm-abhaya, DL-Nelum,) වලිනි. (යුනිකෝඩ් හා යුනිකෝඩ් නොවන ෆොන්ට් වර්ග 2හි වෙනස විස්තර කිරීම අවශ්‍ය නැතැයි සිතමි) එමෙන්ම ඔහුගේ ග්‍රන්ථ අත්පිටපත් ද එසේමය.
4 වැනි කතාව
මගේ මාසික වියදමෙන් කොටසක් මා සොයාගනුයේ මුදලට ග්‍රැපික් නිර්මාණ කිරීමෙනි. (ප්‍රධාන වශයෙන් ටියුෂන් ක්ලාස් වල ෆයිල් කවර) ඒ අතර මම බ්ලොග්කරණයේද යෙදෙමි. මේ නිසා මට සිංහල යුනිකේත මෙන්ම යුනිකේත නොවන ෆොන්ට ද අත්‍යාවශ්‍ය ය. එක් අන්තයක පමණක් සිරවී සිටිය නොහැකිය.
5 වැනි කතාව
යුනිකෝඩ් නොවන සිංහල ෆොන්ට භාවිතයෙන් ටයිප් කර ඇති අය මෙම ගැටලුවට මුහුණ දී ඇතුවා නොඅනුමානය.
මීට හේතුව සිංහල බසේදී අක්ෂරය ත් ඉස්පිල්ලත් එක්වීමෙන් සෑදෙනුයේ නවතම අක්ෂරයක් වීමය. එනම් අක්ෂරය හා ඉස්පිල්ල යෙදූ විට එය නව අක්ෂරය බවට පෙරලිය යුතුය. නැතහොත් එය මේ පෙනෙන ආකාරයෙන් දෝෂ සහගතව දිස්විය හැකිය.
මා දැක ඇති කාර්යාලීය ලිපි වල මේ දෝෂය ගණන් නොගෙන ඇති නමුත් ෆොන්ට භාවිතයෙන් නිර්මාණයක් කරන විට මෙවැනි දෝෂ තිබිය නොහැකිය. වින්ඩෝස් පරිසරයේදී මෙය මගහැරවීම සඳහා භාවිත කල හැකිවූ ජනප්‍රිය ම tool එක නොඅනුමානයෙන්ම “Travultesoft Keyman + හෙළබස” ය. (මෙ ටූලයේ කාර්යය වනුයේ පෙ

මං ඉගෙනගන්න විශ්වවිද්‍යාලෙට ගෞරවයක් විදියට මම කල්පනා කලා සිංහල විකිපිඩියා අඩවියට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගැන ලිපියක් එකතු කරන්න. ඒ ලිපිය දැන් විකිපිඩියා අඩවියට මුදාහැරලයි තියෙන්නේ.
ඔබ කැමති නම් එය කියවා බලන්න මෙතනින්
විදුදයට පනස් වසරක් සපිරෙන මේ වසරේ මේ ඇයට මගෙන් පිදෙන මල් මිටක්.


සැලකිය යුතුයි
