ඉන්ද්‍රනාම » Seconds from Disaster
Tsunami | පස් වසරකට එපිට මගේ මතකය
සුනාමි ව්‍යසනය සිදුවෙලා අවුරුදු 5ක් ගෙවෙන අද වගේ දවසක සුනාමිය ගැන මගේ මතකයත් අවදි කරන්න ඕනෙ කියලා හිතුනා. සුනාමියෙන් අනතුරට පත්වෙච්ච නගරයක ජීවත්වීමත්, ඒ ඔක්කොටම වඩා අනතුර අතපොවන මානයේ සිට දිවි ගැලවීමත් නිසා මගේ අත්දැකීම් නොලිය කොහොමද. ඒ නිසා තමයි ඊයෙ දවසෙ ඉඳන් මේ දීර්ඝ ලිපිය ලිව්වෙ.
සුනාමිය ගැන කියන්න කලින් සුනාමියට කලින් දවස ගැන කියන්නම්. ඒ 2004 නත්තල් දවස, සෙනසුරාදාවක්. ඒ කාලෙ මම උසස්පෙල කරනවා. සෙනසුරාදා සවස 5.30 – 7.30 මට රසායන විද්‍යා පංතියක් තියෙනවා ගාලු නගරයේ. ආපහු ඉරිදා උදෑසනත් 8 – 10 දක්වා ඒ පංතියම තියෙනවා. ඔන්න ඉතින් සෙනසුරාදා රෑ පංතිය ඉවරවෙලා අපේ ගැන්සිය ඇලෝසියස් පල්ලිය පැත්තෙත් රවුමක් ගහලා (නත්තල් දවස නිසා ලයිට් එහෙම දාලා බලන්න ලස්සනයි) බස් ස්ටෑන්ඩ් එකට එනකොට අපි කාටවත් යන්න බස් නෑ! මට ඕනෙනම් විනාඩි 15ක් පයින් ගිහින් ගෙදර යන්න පුලුවන් උනත් අනිත් කට්ටියත් එක්ක ඔන්න ඔහේ ඉන්නවා කියලා හිතලා අපි බස්ස්ටෑන්ඩ් එකේ තාප්ප කෑලි උඩ වාඩිවෙලා කයිය ගහ ගහ හිටියා. එච්චර වෙලාවක් බස්ස්ටෑන්ඩ් එකේ වල බැස්ස මුල්ම වතාවත් ඒකද කොහේදෝ. කොහොමහරි හෙට වෙනකොට මේක පොලවට සමතලා වේවි කියලා අපි කාටවත් හිතුනෙ නෑ.
<object id="share" align="left" hspace="10px">
පහුවෙනිද උදේ සුපුරුදු විදියට මම 7.45ට විතර පංතියට ගියා. පංතිය තියෙන්නෙ ගාලු නගරයෙම කලුවැල්ල කියන හරියේ. ඔය පංතිය 8ට පටන්ගන්නවා කිව්වට මොකද අපේ මිස් එන්නේ 9ට. අපිට එතකං කරන්න ටියුට් එකක් දීලයි තියෙන්නෙ. කෙල්ලො මහන්සි වෙලා ඕක කරත් අපි නං කරන ටියුට් එකක් නෑ, ඔය පැය අපි පංතියෙ පිටිපස්සට වෙලා කයිය ගහන එක තමයි කරන්නෙ. මිස් ආපුගමන් අපි කරන්නෙ මෙච්චර වෙලා ටියුට් එක කරන්න මහන්සිවෙච්ච බවක් අඟවලා උදේට කන්න කියලා ඉන්ටර්වල් එකක් ඉල්ලගන්න එක. :D එදා මිස් එනකොට 9.10 විතර ඇති. අපි ඉතිං සුපුරුදු විදියට ඉන්ටර්වල් එකක් ඉල්ලගෙන උදේට කන්න යන්න කියලා එලියට බැස්සා.
ඔය කලුවැල්ල කියන හරියේ මුහුද අයිනේ තියෙන්නේ අනවසර ඉදිකිරීම් නිවාස ටිකක්, මම හිතන විදියට. පාරට වඩා මීටර් 50ක් විතර දුරින් තමා මුහුද තියෙන්නේ, නමුත් පාරේ ඉඳන් මුහුද පේන්නේ නෑ. ඔන්න ඔය ගෙවල් අතරේ මුහුද අයිනේ තියෙනවා දෙමල ජාතිකයෙකුට අයිති සයිවර් කඩයක්. ඕකේ කෑම රස නිසා අපි ඕකෙන් උදේට පරාට කනවා. ඔන්න එදාත් අපි සුපුරුදු විදියට ඔය කඩේට ගියා. එදා පෝය දවසක් නෙව. කඩේ වහලා! කඩේ අයිතිකාරයගෙ ගෙදරත් වහලා දාලා තිබුනේ. අපි ඉතින් ආපහු පාරට ආවා වෙන තැනකින් කනවා කියලා හිතලා. අපි ඔය ගිය කඩේ ලඟ ඉඳන් පෙනෙන මානයේ මුහුද තිබුනත් අපිට ඔය දිහා බලන්න එච්චර උවමනාවක් තිබ්බෙ නෑ. ඔය වෙලාවෙ මුහුද තියෙන්න ඇත්තේ අර වාර්තා වුන විදියට පස්සට ගිහින්. ඒත් අපිට විතරක් නෙමෙයි, ඒ හරියෙ හිටපු කාටවත් මීටර් වෙච්ච බවක් නම් පෙනුනේ නෑ. හැබැයි ඒ හරියේ ගෙවල්වල මිනිස්සු නැගිටින්නේ නං පරක්කු වෙලා. ඒ අය ඕක දකින්නත් නැතුව ඇති.
[සිතියම විශාල කර බැලීමට ඒ මත ක්ලික් කරන්න]
අපි ඉතින් ආපහු පාරට ඇවිත් පාර අයිනේ තිබුනු ජංගම කෑම කරත්තයකින් මොන මොනවහරි අරගෙන කෑවා. ඔය හරියේ පාර අයිනේ දිගටම තියෙන්නේ ස්වර්ණාභරණ කඩ. ඔය කඩ අතරින් තියෙන කුඩා අඩිපාරවල් වලින් තමා මුහුද පැත්තේ මම අර කියපු කඩේ ඇතුලු ඒ ගෙවල් වලට යන්න තියෙන්නේ.
ඔන්න ඉතින් අපි කකා ඉන්නකොට එකපාරටම කලබලයක් වගේ සද්දයක් ඇහුනා. ඔය ප්‍රදේශයේ සංස්කෘතියේ වලි බහුල නිසා අපි හිතුවේ හොඳ මරාගැනිල්ලක් වෙන්න ඇති කියලා. මෙන්න ටිකකින් අර අතුරු පාරවල් වලින් මිනිස්සු පාරට දුවගෙන එන්න ගත්තා. කාන්තාවො එහෙම මෙලෝ සිහියක් නැතුව නයිටි පිටින්ම දුවගෙන එන්න ගත්තා විලාප තියමින්. ඒ පිටිපස්සෙන් සාමාන්‍ය තරමක වතුරපාරක් ඇවිත් පාරේ පැතිරෙන්න ගත්තා.
දැකලා තියෙනවා නේද ජලසම්පාදන එකෙන් දුරට වතුර ගෙනියන්න පාවිච්චි කරන අඩි දෙකක් පළල වතුර බට? විශ්වාස කරන්න, මම හිතුවේ මේ හරියෙන් යන එහෙම වතුර බටයක් පිපිරිලා වතුර ගලනවා වෙන්නැති කියලා. ගෙවල් ඇතුලට වතුර ආපු නිසා වෙන්නැති මේ මිනිස්සු කෑගහගෙන පාරට දුවගෙන එන්නේ කියලයි මට එකපාරටම හිතුනේ. අපි කවදාවත් අහලා නෑ නේ මුහුද ගොඩගලනවා කියලා කතාවක්!
අපි හිටපු හරියේ උස ගොඩනැගිල්ලකට තිබුනේ අපේ පංතිය තිබුනු ගොඩනැගිල්ල තමා. ඒක තට්ටු 4ක බිල්ඩිමක්. ඉතිං මිනිස්සු දුවගෙන එන්න ගත්තා මේ පැත්තට. දුවගෙන එන මිනිස්සු කෑගහගෙන ආවේ “මුහුද ගොඩගලනවා” කියලා. අපිට මේ වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරිඋනත්, එනපොට හොඳ නෑ වගේ පෙනුනු නිසා අපිත් බිල්ඩිම පැත්තට දුවගෙන ආවා. අපි පංතියට එනකොට මිස් ගෑනුලමයි ටිකට ගණං වගයක් කියලා දෙනවා. අපි කලබලෙන් වගේ දුවගෙන ආපු නිසා මිස් එලියට ඇවිත් බැලුවා. “මිස්! මුහුද ගොඩගලනවලු!” මම කිව්වේ පංතියේ අයටත් ඇහෙන්න ටිකක් සද්දෙන්. එකපාරටම කෙල්ලො ටික හිනාවෙන්න ගත්තා! :D මම උදේපාන්දර හොඳ ජෝක් එකක් දානවා කියලා හිතන්න ඇති! :D මිස් කෝකටත් කියලා එබිලා බැලුවා පාර දිහා, එතැනට පාර පේනවා. පාරේ මේ වෙනකොට ඇලක වගේ වතුර පිරිලා තිබුනේ. මිස් පාර දිහාට යන්න උත්සාහ කලත් අපි ඊට ඉඩදුන්නේ නෑ. අපි මිස්වත් ගෑණුලමයිටිකවත් උඩ තට්ටුවට යවලා ආයෙ පාර දිහාට ආවේ කාටවත් උදව්වක් දෙන්න පුලුවන් නම් කරන්න කියලා හිතාගෙන.
මේ වෙද්දි මිනිස්සු සෑහෙන්න අපේ බිල්ඩිම දිහාට දුවගෙන එනවා. හැමෝම වගේ හොඳටම තෙමිලා. මොකද මේ වෙනකොට පාරේ ඉනක් තරමට වතුර. සමහරු පොඩ්ඩක් තුවාල වෙලා. අපි පුලු පුලුවන් විදියට ඒ අයව බිල්ඩිමේ උඩ තට්ටුවට යැවුවා. ටික වෙලාවකින් මට එලෝපොල් පෙනුනේ ඉරිදා උදේ කියන්නේ අපේ තාත්තා බඩු ගන්න ටවුන් එකට එන වෙලාව බව මතක් වෙච්ච නිසා. ඔය කාලෙ අපේ අතේ මොබයිල් නෑ. එකම එකයි තිබුනේ, දැන් music.lk සයිට් එක කරන අපේ මිත්‍රයා හිරාන් අතේ. මම උගෙන් ෆෝන් එක ඉල්ලගෙන ගෙදරට කතා කරලා බැලුවාම යාන්තං ඇති තාත්තා ගෙදර :)
විනාඩි 15න් විතර ටිකකින් වතුර අඩුවෙලා ගියාම අපි සෙට් එක ටවුම දිහාට පයින් යන්න පිටත් උනා. අපි හිටපුහරියේ කඩවල්වල තිබුනු දේවල් දොරවල් කැඩිලා ඒවෙනකොට තිබුනේ පාරේ.  කවුන්ටර් වල තිබුනු මුදල්, ස්වර්ණාභරණ පවා. සුද්ධෝදන පොරවල් ඒ වෙනකොටත් සීන් එකට එන්ටර් වෙලා හිටියේ. අපි ටවුන් එක පැත්තට යනකොට ඈත පෙනුනා බස් පෙරලිලා තියෙන හැටි. ටවුන්හෝල් එක ලඟට යනකොට අපි මුල්ම මිනිය දැක්කා. (ඒ වෙනකනුත් අපිට හිතිල තිබුනෙ නෑ මේක මාරාන්තික ව්‍යසනයක් වෙන්න ඇති කියල.) ටවුන්හෝල් එකේ මිටි තාප්පෙ උඩ කවුරුහරි තියලා තිබුනා වයසක ආච්චි කෙනෙකුගේ මල සිරුරක්. මේක දැක්කාම අපිට ටිකක් බය හිතුන නිසා අපි ටවුන් එකට යන අදහස අතෑරලා ආපහු පන්තිය තිබුනු තැනට ආවා.
මේ වෙනකොට පන්තිය හරියේ වතුර බැහැලා තිබුනු නිසා අපි පන්තියේ ලමයි ටික ගලවා ගැනීමේ rescue mission එක ආරම්භ කලා. ටවුමට නොගිහින් වෙනත් පාරකින් පංතියේ ලමයි ටිකත් අරගෙන මිස්ගේ ගෙදරට අපි ගියා. පස්සෙයි දැනගත්තෙ අපි ඒ ගිහින් ටික වෙලාවකින් ආපහු වතුර ඇවිත් තියෙනවා කියලා.
අපේ නලින් මේ කාලෙ digital camera එකක් අරගෙන තිබුනෙ (digital camera කියන්නෙත් ඒ කාලෙ අපි වගේ පොඩි මිනිස්සුන්ට දුලබ දේවල්) හිතගිය ගෑණුලමයගෙ හොරෙන් පොටෝ ගන්න :P ඉතිං මෑන් ඕක හැමදාම පංති ගේනවා. කරුමෙට මේ දවසෙ මේ යකා මේක ගෙනත් නෑ. නැත්තං අපේ මතක සටහන් කැමරා ඇසින්ම සටහන් කරගන්න තිබුනා.
ගෙදර ඇවිත් බලනකොටයි දැනගත්තෙ අපේ ආච්චි තවමත් ගෙදර ඇවිත් නැති වග. අම්බලන්ගොඩ ඉන්න අපේ පුංචිඅම්මලැයි ගෙදර කලින් දවසෙ ගිය ආච්චි එදා උදේ තමයි ආයෙ ගෙදර එන්න අම්බලන්ගොඩින් පිටත්වෙලා තිබුනෙ. සවස් වෙනකනුත් බලලා තාත්තා රෝහලටත් ගියා බලන්න. ඊලඟ දවස් කීපයෙම හැම තැනම හොයලා,(මලසිරුරු ගෙනගියා කියල ආරංචිඋන) බටපොල රෝහලට පවා ගිහින් බැලුවත් ආච්චි ගැන ආරංචියක් හොයාගන්න බැරිඋනා. ඒ හෙවිල්ල ලේසි වැඩක් උනේ නෑ, ගාලු පාර අවහිර වෙලා නිසා වාහන යන්න බැරි තත්වයක් තිබුනේ. ෆුට් සයිකල් වලින් තමා අම්බලන්ගොඩටම ගියේ. අදටත් අපි දන්නෙ නෑ අපේ ආච්චිට මොනව උනාද කියලා. නාඳුනන පිරිසක් එක්ක අවසන් ගමන් යන්න එයාට සිද්ධ වෙන්න ඇති.
අදටත් අපේ ගැන්සිය කතා වෙන්නෙ එදා පෝය දවසක් නොවී අර අපි වෙනදා කන දෙමල කඩේ ඇරල තිබ්බනං අපිට මොකද වෙන්නෙ කියලා. ඒ කඩේ රේඩියෝව දාලා තියෙන සද්දෙට අපිට ඔය කලබල අනිවාර්යයෙන්ම ඇහෙන්නෙ නෑ. වතුරෙ ගිලෙනකංම  අපි පරාට ගිල ගිල ඉඳීවි. සුනාමියෙන් පස්සෙ දවසක් අපි ඒ කඩේ පැත්තෙ ගියා. එදා මිනිස්සු ගමනක් ගිහින්ලු තිබුනේ. ගෙදර බඩුමුට්ටු ඔක්කොම විනාස වෙලා තිබුනා කිව්වා. අපි හිටපු පංතියේ ඉඳන් මුහුදට ඒ හැටි දුරක් තිබ්බෙ නැතත්, ඒ හරියේ මුහුද අයිනේ ඉදිකිරීම් ගොඩක් තිබුනු නිසා රැල්ල ඒවායින් ප්‍රතිරෝධයකට ලක්උනා. ඒ නිසා අපිට රැල්ලෙන් බලපෑමක් උනේ නෑ, පාර අයිනේ තිබ්බ ගොඩනැගිලි කඩාවැටුනෙත් නෑ. නමුත් ඒ හරියේ මුහුද අයිනේ ගෙවල් වල සැලකිය යුතු මිනිස්සු සංඛ්‍යාවක් මිය ගිය වගත් අපිට පස්සේ දැනගන්න ලැබුනා.
සුනාමියෙන් පස්සේ සති දෙකක් විතර යනකං ජීවත් වීම ලේසි දෙයක් උනේ නෑ. කඩවල්වල බඩු නෑ, ෂෙඩ් වල තෙල් නෑ. ඇයි ඉතිං සැපයුම් නෑ නෙ. හොඳ වෙලාවට අපේ තාත්තා කලින් දවසෙ ටවුන් ගිහින් ඊලඟ සතියට සෑහෙන්න බඩු ටිකක් ගෙනත් තිබුනු නිසා ටිකක් විතර ෂේප් උනා. මේ බඩු හිඟය වෙන බව කල්තියාම දැක්ක අපේ බාප්පා ඒ පැත්තෙ කඩවල් වලින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටිකක් ගෙනැත් දීපු නිසා අපේ ආහාර ප්‍රශ්න විසඳුනා. අපිටත් මෙච්චර අමාරු උනානං සුනාමියට අහුවෙලා බඩුමුට්ටු දේපල විනාස වෙච්ච අයට ජීවිත ගැටගහගන්න කොච්චර අමාරුවෙන්න ඇත්ද?
සුනාමියෙන් පස්සේ දවස් කීපයක්ම මම ටවුන් එක බලන්න ආවා. නමුත් බය කොච්චරද කියනවානං රැල්ලක් දැං එයි දැං එයි කියලා බයෙන් තමයි ගියේ. ඒ වෙනකොට ටවුන් එකට කිට්ටු වෙන්න බැරි තරම් ගඳයි, කුණු පල්වෙලා. සුන්බුන් අස්කරලා ටවුන් එක ටිකක්හරි ගොඩගන්න සති දෙකක් විතර ගියා මට මතක විදියට.
ඔන්න දැං කියන්න හදන්නේ තාක්ෂණික පසුබිම ගැන. කොහොමද ගාලු නගරයට සුනාමියෙන් හානි උනේ කියලා.
මුලින්ම මේ සිතියම බලන්න.
මේ ගාලු කොටුව ගොඩබිමට සම්බන්ධ වෙලා තියෙන විදිය. බලන්න ඒකෙ දෙපැත්තෙන් බොකු දෙකක් හැදිලා තියෙන විදිය. මේ පිහිටීම නිසා කොටුව දෙසට මුහුදෙන් එන රැල්ලෙන් එන වතුර කොටුව දෙපැත්තෙන් ගිහින් අර බොකු දෙකෙන් ටවුමට ඇතුලු වෙනවා. මේවා ක්‍රිකට් පිට්ටනියත් යටකරගෙන ගිහින් බස් ස්ටෑන්ඩ් එක තියෙන හරියට එනවා.
දැං මේ සිතියම බලන්න.
[සිතියම විශාල කර බැලීමට ඒ මත ක්ලික් කරන්න]
මේ ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක ආශ්‍රිත ප්‍රදේශය. මම නිල් පාට ඊතල වලින් දක්වා තියෙන විදියට, ටවුන් එකේ ඔය හරිය ගොඩබිම දෙසට බෑවුම. ඒ කියන්නේ පාර තියෙන්නේ උසින්. ඉතින් කොටුව පැත්තෙන් එන වතුර පාර මුලු බස් ස්ටෑන්ඩ් එක ප්‍රදේශයම හෝදගෙන බෑවුම තියෙන ගොඩබිම දෙසට යනවා. ඒ කියන්නේ ඇල හා ගොඩබිම දෙසට තියෙන පාරවල් 3 ඔස්සේ වතුර ගොඩබිමට ගලායනවා. ඔය සිතියමේ ලකුණු කරල ඇති අන්තර්ජාතිකව ප්‍රසිද්ධ උන අජන්ත සමරවික්‍රමගේ වීඩියෝ එකේ හිටපු ගෑණුලමයි ටික හිටපු තැන. ඒ අය වේගයෙන් ඕලන්ද ඇල දෙසට ගසාගෙන ගියෙත් ඒ නිසයි. [ඒ වීඩියෝ එක Youtube හි නරඹන්න]
බස් ස්ටෑන්ඩ් එකේ මැද තියෙන තට්ටු දෙකේ කොටස හැර ඉතිරි සියල්ලම විනාශ උනා. ඒ දවස්වල කට්ටිය පොර ටෝක් නං දුන්නා බස් ස්ටෑන්ඩ් එක අලුතෙන් තට්ටු දෙකට හදනවා, අරක, මේක, කියලා. හැබැයි වෙච්ච දෙයක් නං නෑ.  ජනතා විමුක්ති පෙරමුනේ අය එකතු වෙලා ශ්‍රමදානයක් දාලා සති දෙකෙන්ද කොහෙද තාවකාලිකව බස් ස්ටෑන්ඩ් එක හැදුවා. ඒ තාවකාලික එක තමා මෑතක් වෙනතුරුම තිබුනේ :P ජේවීපී එක නොහිටියනං අපිට බස් එනකං ඉන්න වෙන්නේ අවුවේ !
හිතුවට වඩා පෝස්ට් එකත් දික් උනා. ගාල්ලේ අයටත් වඩා දරුණු විදියට ව්‍යසනයට මුහුණ දුන්නු පැරෑළිය හා හම්බන්තොට වගේ ප්‍රදේශවල ජනතාව ගැනත් මතක් නොකර බැහැ. ලංකාවෙන් විතරක් 50,000ක් විතර මියගිය මේ ව්‍යසනයේ දුක්බර අතීතය ඇවිස්සුවා මේ ඇති කියලයි හිතෙන්නේ. සුනාමියෙන් දිවි අහිමිකරගත් මගේ ආච්චී ඇතුලු සියලු දෙනාට තමතමන් ඇදහූ ආගම් වලට අනුව විමුක්තිය කරා යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
තරමක් හද සසල කරන මේ ඡායාරූප දෙසත් ටිකක් බලන්න. මේවා පලකරන්න හේතුව මේ සිදුවීම ඇසින් නොදුටු බොහෝදෙනාට මෙහි දරුණුකම ගැන එතරම් feeling එකක් නොමැති වීමයි. මම විශ්වවිද්‍යාලයේ මිතුරන්ට මේ සිද්ධිය විස්තර කරනකොටත් වැඩි දෙනෙකුට මේක එච්චර “ලොකු සීන්” එකක් ලෙස දැනුනේ නෑ. ඇතැම් සංවේදී අයට මේවා බලන්න ටිකක් අමාරුවෙන්න පුලුවන් නිසා මම ඡායාරූප මෙහි පල නොකොට ලින්ක් කරනවා.
ඡායාරූපය 1
මේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ මල සිරුරු ගොඩගසා තිබුනු ආකාරය. හඳුනා නොගත් මලසිරුරු සිය ගණනක් මේ ආකාරයට සතියක් පමණ රෝහලේ මේ ආකාරයට විවෘත පරිසරයේ තබාගෙන (freezer පහසුකම් කොයින්ද මෙච්චර සිරුරු ගොඩක් දාන්න?) අවසානයේ ඒවා සමූහ සුසානයක මිහිදන් කෙරුනා.
ඡායාරූපය 2
සිරුරු හඳුනාගැනීමේ පහසුව සඳහා අංක කර තිබුනා. මේ එක් සිරුරක ඉහලට එසැවී තිබුනු අතක අංකයක් එල්ලා තිබුනු ආකාරයයි.
සුනාමි ගැන තාක්ෂණික පසුබිම දැනගන්න හොඳම වාර්තා වැඩසටහනක් තමයි මම කලිනුත් සඳහන් කල Seconds From Disaster වැඩසටහනේ Asian Tsunami කියන episode එක. කැමතිනම් ඒක මෙන්න මෙතැනින් බාගෙන (ටොරන්ට් එක) බලන්න, ඉතාම හොඳ වැඩසටහනක්.
Seconds from Disaster | ව්‍යසනයක් අභිමුව
අඩුමගනනේ අවුරුදු දෙකකට වරක්වත් ලෝකයේ මිනිසුන් සිය ගණනකගේ ජීවිත අහිමි වෙන ව්‍යසනයක්, ඉංග්‍රීසියෙන් කිව්වොත් disaster එකක්, කොතැනක හෝ සිදුවෙනවා. එක්කෝ එය බෝම්බ පිපිරීමක් වෙන්නට පුලුවන්, නැත්නම් ගුවන් යානයක් කඩාවැටීමක් වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් ස්වභාවික විපතක් වෙන්නත් පුලුවන්. කොයි විදියෙන් සිදු වුනත් නොසිතූ දෙයක් නිසා, සුලු අතපසුවීමක් නිසා, කාටවත් වැරැද්දක් නොකල අහිංසක මිනිසුන් සිය ගණනකට මේ සිදුවීම් වලදී ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවෙනවා.
Disasters don’t just happen, they are caused by a sequence of critical events…
කිසිදු විනාශයක් සිදුවන්නේ එක්වරම අහම්බෙන් නෙමෙයි, එය තීරණාත්මක සිදුවීම් සමූහයක ප්‍රතිඵලයක් ලෙසටයි සිදුවෙන්නේ. මෙන්න මේ අදහස පාදක කරගත් රූපවාහිනී වැඩසටහන් මාලාවක් ගැනයි මේ කියන්න හදන්නේ. එය නමින් Seconds from Disaster. මෙය National Geographic (NatGeo) රූපවාහිනී චැනලයේ විකාශය වූ වැඩසටහන් මාලාවක්.
මේ වැඩසටහනට මේ නම යෙදී ඇත්තේ මෙම වැඩසටහනේදී ඔවුන් යම් ව්‍යසනයක් සිදුවීමට පෙර ගතවන අවසාන විනාඩි කීපයේදී සිදුවූ දේ ගැඹුරින් විශ්ලේෂනය කරන නිසයි. මෙම වැඩසටහනේ අරමුන එවන් ව්‍යසනයක් සිදුවීමට හේතුභූත වී කරුණු සොයාබලන අතරම නැවත මෙවන් සංසිද්ධියක් සිදු නොවීමට ඒවා පාඩමක් කරගක යුත්තේ කෙසේදැයි පෙන්වාදෙනවා. මේ සඳහා නවීන පරිගණක තාක්ෂණය මගින් ඔවුන් එදා සිදුවූ සිදුවීම ප්‍රතිනිර්මාණය කරන අතර, විශේෂ වීඩියෝ ප්‍රයෝග මගින් එම සිදුවීම් වල චලන රූප නැවත සකසන්නේ හරියටම එදා එය වීඩියෝගත කල ආකාරයටයි. ඇතැම් සිදුවීම්වල සැබෑ වීඩියෝ එක (actual footage) තිබේ නම් ඒවාද වැඩසටහනට එක්කර තිබෙනු දැකිය හැකියි.
මෙම වැඩසටහන 2004 ජුලි සිට 2007 මාර්තු දක්වා කතා මාලා (season) 3කින්, කථාංග (episodes) 45කින් විකාශය වී තිබෙනවා. මෙම කථාංග 45 දී ලෝකයේ සිදුවූ දරුණුතම ව්‍යසන 45ක් පිලිබඳව වාර්තා කර තිබෙනවා. මමත් මේ සියල්ලම නරඹලා නෑ. නරඹපු ඒවා අතරින් මා සිත්ගත් ඒවා මෙන්න මේවා තමයි,
2004 සුනාමි ව්‍යසනය
පැරීසියේ කොන්කෝර්ඩ් ගුවන්යානා අනතුර
යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරයේ පිපිරුම
කොලොම්බියා ෂටල අනතුර
මෙක්සිකෝවේ ග්වාඩලහාරා හි වායු නල පිපිරුම
මම මේවා නැරඹුවේ කොහොමද කියන ප්‍රශ්නේ මතු උනාද දන්නෑ ! මම නං හැබෑයටම National Geographic Channel එකේ මේවා නරඹලා නෑ. මම බැලුවේ ඩවුන්ලෝඩ් කරගෙන. ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් තැන් කීපෙකුත් මම දෙන්නං. හැබැයි කණගාටුයි, හැම episode එකක්ම හොයාගන්න නෑ.
සියලුම episode වල නම් ටික හා විස්තර ලබාගන්න මේ විකිපීඩියා ලිපිය බැලුවනං හරි. ඒ වගේම මේ වැඩසටහනේ නිල වෙබ් අඩවියත් බලන්න.
බාගත කරගැනීම්:
episode 14ක rapidshare links මෙතන තියෙනවා. [katzforums.com]
torrents ටිකක් හොයාගන්න පුලුවන් මෙතනින්. [torrentz.com]
තවත් බලන්න ආස නම් episode වල නම් වලින් google search එකක් දුන්නොත් ඔය forum අස්සෙ තියෙන links හොයාගන්න බැරිවෙන එකක් නෑ. (මට තවම හොයාගන්න බැරිවෙච්ච episode එකක් තමා Russia’s Nuclear Sub Nightmare කියන episode එක. කාටහරි හමුවුනොත් මටත් ලින්ක් එවන්න)
ඉල්ලීමක්: මෙහි ඉදිරියේදී එක් වන කමෙන්ට් ඔබට ඊමේල් වන අයුරින් ඔබ Comments Subscribe වූනවා නම් කරුණාකර ඔබේ Spam folder එක මදක් බලන්න. මගේ බ්ලොග් අඩවියෙන් එන Comments notification ඊමේල් spam වෙත යන බව වාර්තාවී ඇත. එබන්දක් ඔබේ spam folder වෙත ගොස් තිබුනොත් කරුණාකර එය Not SPAM ලෙස mark කර මට සහාය වන්න.