Skip to content

ඉන්ද්‍රනාම ගේ සයිබර් සිතුවිලි – Pravin Indranama's Blog

ප්‍රවීන් ඉන්ද්‍රනාමගේ සිංහල බ්ලොග් සටහන

Archive

Tag: Seconds from Disaster

සුනාමි ව්‍යසනය සිදුවෙලා අවුරුදු 5ක් ගෙවෙන අද වගේ දවසක සුනාමිය ගැන මගේ මතකයත් අවදි කරන්න ඕනෙ කියලා හිතුනා. සුනාමියෙන් අනතුරට පත්වෙච්ච නගරයක ජීවත්වීමත්, ඒ ඔක්කොටම වඩා අනතුර අතපොවන මානයේ සිට දිවි ගැලවීමත් නිසා මගේ අත්දැකීම් නොලිය කොහොමද. ඒ නිසා තමයි ඊයෙ දවසෙ ඉඳන් මේ දීර්ඝ ලිපිය ලිව්වෙ.

සුනාමිය ගැන කියන්න කලින් සුනාමියට කලින් දවස ගැන කියන්නම්. ඒ 2004 නත්තල් දවස, සෙනසුරාදාවක්. ඒ කාලෙ මම උසස්පෙල කරනවා. සෙනසුරාදා සවස 5.30 – 7.30 මට රසායන විද්‍යා පංතියක් තියෙනවා ගාලු නගරයේ. ආපහු ඉරිදා උදෑසනත් 8 – 10 දක්වා ඒ පංතියම තියෙනවා. ඔන්න ඉතින් සෙනසුරාදා රෑ පංතිය ඉවරවෙලා අපේ ගැන්සිය ඇලෝසියස් පල්ලිය පැත්තෙත් රවුමක් ගහලා (නත්තල් දවස නිසා ලයිට් එහෙම දාලා බලන්න ලස්සනයි) බස් ස්ටෑන්ඩ් එකට එනකොට අපි කාටවත් යන්න බස් නෑ! මට ඕනෙනම් විනාඩි 15ක් පයින් ගිහින් ගෙදර යන්න පුලුවන් උනත් අනිත් කට්ටියත් එක්ක ඔන්න ඔහේ ඉන්නවා කියලා හිතලා අපි බස්ස්ටෑන්ඩ් එකේ තාප්ප කෑලි උඩ වාඩිවෙලා කයිය ගහ ගහ හිටියා. එච්චර වෙලාවක් බස්ස්ටෑන්ඩ් එකේ වල බැස්ස මුල්ම වතාවත් ඒකද කොහේදෝ. කොහොමහරි හෙට වෙනකොට මේක පොලවට සමතලා වේවි කියලා අපි කාටවත් හිතුනෙ නෑ. continue reading…

අඩුමගනනේ අවුරුදු දෙකකට වරක්වත් ලෝකයේ මිනිසුන් සිය ගණනකගේ ජීවිත අහිමි වෙන ව්‍යසනයක්, ඉංග්‍රීසියෙන් කිව්වොත් disaster එකක්, කොතැනක හෝ සිදුවෙනවා. එක්කෝ එය බෝම්බ පිපිරීමක් වෙන්නට පුලුවන්, නැත්නම් ගුවන් යානයක් කඩාවැටීමක් වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් ස්වභාවික විපතක් වෙන්නත් පුලුවන්. කොයි විදියෙන් සිදු වුනත් නොසිතූ දෙයක් නිසා, සුලු අතපසුවීමක් නිසා, කාටවත් වැරැද්දක් නොකල අහිංසක මිනිසුන් සිය ගණනකට මේ සිදුවීම් වලදී ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවෙනවා. continue reading…