මැයි 26 වෙනි දින ගාල්ල නරාවල කොහොඹනාදෙනිය ප්‍රදේශයේදී කොලඹ-මාතර අධිවේගී මාර්ගයේ පාලමක් කඩා වැටීමෙන් ඊට යටවී අවසන් ගමන් ගිය රිච්මන්ඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍ය (2008 උසස්පෙල) හා රිච්මන්ඩ් විද්‍යාලයීය තාරකා හා අභ්‍යවකාශ විද්‍යා සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික වජිර ද සිල්වා සොහොයුරා වෙනුවෙනි.
ඔබත් මමත් රෑ නිදි වරා අහසේ තරු දෙස දුරේක්ෂය අටවා සිටි අයුරු දැනුදු සිහිවේ.
ඒ තරු හැමදාමත් පවතිනු ඇත.
ඒත් ඒ තරු බලන්නට නුඹ අද නැත.
වැරදිකරුවන් එකෙක් නොව ගොඩකි.
ඒත් තම වැරදි මග හරින මේ රටේ ඔබ වෙනුවෙන් සාධාරණය ඉටු වේ දැයි සැක සහිතය.
සොයුර, ආයිත් ඉපදියන්,
ඒත් අපි අතර නොවේ,
මීට වඩා හොද දේශයක…
වජිර මල්ලී… ඔබට සුබ රාත්‍රියක් . . . !









සැලකිය යුතුයි
