peer-to-peer network එකට, එහෙමත් නැත්නම් torrent වලට දැන් එච්චර හොඳ කලදසාවක් නෙමෙයි උදාවෙලා තියෙන්නෙ. ලෝක ප්‍රසිද්ධ ටොරන්ට් සයිට් කීපයක්ම දැන් කොට-උඩ. හැමෝම දන්නවා ඇතිනේ The Pirate Bay කියන ප්‍රසිද්ධ ටොරන්ට් සයිට් එක ලඟදීම වැහෙන්න නියමිත බව. ඒ copyright infrngement සඳහා ඔවුන්ට නඩු වැටුනු නිසා. ප්‍රධානපෙලේ private torrent site එකක් වන Demonoid දැන් මාස කීපයක සිට අක්‍රීයයි. (නමුත් tracker එක වැඩ කියලයි ආරංචි). ඉක්මනින් යථාතත්වයට පත්කරනවා කියලා තාවකාලික පිටුවේ සඳහන් උනත් දැන් සෑහෙන්න කාලයක් ගත වුන නිසා ඒ ගැන සැකයි. අනෙක් ප්‍රසිද්ධ ටොරන්ට් සයිට් එක වන Mininova හි දැන් ඇත්තේ නීත්‍යානුකූල ටොරන්ට් පමණයි. pirate software ආදී සියල්ල ඉවත්කරලා.
Continue reading »

ඉංගිරිසි සිංදුවක් හොයාගන්න ඕනෙ උනොත් මම අනිවාර්යයෙන්ම පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම් එක තමයි LimeWire. මේ කියන්න යන්නේ ඒක පාවිච්චි කරනකොට මට හැමදාමත් දකින්න ලැබෙන දෙයක් ගැන.
මේ රූපය දිහා බලන්න. මම search කරනවා westlife ගායක කණ්ඩායමේ Soledad කියන ගීතය. මම search කරන්න keyword විදියට දුන්නේ “soledad westlife” යනුවෙන් capital කිරීමක් හෝ නැතුව. මේ රූපයේ තියෙන්නෙ මුල් විනාඩියෙදි විතර ආපු ප්‍රතිඵල.
බලන්න ප්‍රතිඵල 6ක් තියෙනවා, mp3 හෝ wma වර්ග වලින්. හොඳින් බැලුවොත් පෙනේවි bitrate හා length පෙන්වා ඇත්තේ ඉන් එකක පමණක් බව. සිංදු ෆයිල් එකක bitrate, length අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ නේද? ඒ වගේම බලන්න එකක් ඇර අනික් ෆයිල් 4කම නම ඇත්තේ මම search keyword එක දීපු විදියටමයි. හරිම පුදුමයි නේද?
මතක තියාගන්න මේ විදියට bitrate, length නැතුව එන්නේ වෛයිරස් බව. මුල් කාලෙ මමත් දන්නෙ නැතුව දැක්ක ගමන් ඕව download කරා. (ඒත් දැන් නම් මාව තම්බන්න බෑ !) මේ වෛරස නියම ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ තමයි අපේ search keyword වලින්ම පෙන්වීම. එතකොට අපි රැවටිලා download කරනවනේ. ඒ නිසා කවදාවත් මේකෙ search කරනකොට “Westlife – Soledad” වගේ formal විදියට දෙන්න එපා. ඔක්කොම simple වලින් ගහන්න. එතකොට අඳුනාගන්න පහසු වේවි අනවශ්‍ය දේවල්.

torrent මගින් ඩවුන්ලෝඩ් කිරීම block කරල තියෙන තැනකදී (උදාහරණයක් විදියට ලංකාවේ විශ්වවිද්‍යාල බොහොමයක්) අවුලක් නැතිව ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න ක්‍රමයක් තමයි මේක. (ඔබ දැනටමත් මේ සඳහා imageshack භාවිතා කරනවානම් මේ අඩවිය imageshack වලට වඩා ලේසියි. refresh කරමින් කට්ට කන්න ඕනෙ නෑ)
යන්න TorrentRelay අඩවියට.
එහි මදක් පහලින් ඔබට පුලුවන් තෝරාගන්න “බ්‍රවුසරය මගින් ඩවුන්ලෝඩ් කිරීම”. මෙම අඩවිය බ්‍රවුසර පමණක් නොව ඇතැම් නොකියා ජංගම දුරකථන වර්ග හා pocket pc වර්ග සඳහාද ක්‍රියා කරනවා.
ඉන් පසු “add torrent” මගින් ටොරන්ට් එකක් add කිරීමෙන් ඔබට එය ඩවුන්ලෝඩ් කල හැකියි.
මෙම අඩවිය සිදු කරන්නේ ටොරන්ට් එක ඔවුන්ගේ සර්වර් පරිගණකය වෙත ඩවුන්ලෝඩ් කර ඉන් පසු එය සාමාන්‍ය http ඔස්සේ ඔබ වෙත ලබා දීමයි. එම නිසා ඔබේ ජාලයේ ටොරන්ට් තහනම් කර තිබුනද (ටොරන්ට් දත්ත හුවමාරු වන්නේ වෙනම ප්‍රොටෝකෝලයක් තුල, එම ප්‍රොටෝකෝලය පමනක් block කල හැකියි) එය ඔබට ප්‍රශ්නයක් වන්නේ නැහැ.
මෙම අඩවියේ මම දැනට සොයාගත් පොඩි අවුලක් තියෙනවා. ඒ තමයි free userලා සඳහා .exe දිගුව ඇති ෆයිල් ඩවුන්ලෝඩ් නොකිරීම. එමනිසා ප්‍රෝග්‍රෑම් එකක් ඩවුන්ලෝඩ් කරනවානම් ඒක සිප් කරපු එකක් තෝරගන්න.
මේ හැර Making Video හෝ Footage යනුවෙන් සඳහන් කර ඇත්තේ චිත්‍රපටය නොවේ. ඒ චිත්‍රපටය හැදූ ආකාරය ගැන වාර්තා වැඩසටහනක්.
ඔබ අන්තර්ජාලයෙන් චිත්‍රපට බාගත කරනවාද (torrent වලින්) ? එහෙනම් චිත්‍රපටය බාගත කරන්න කලින් ඒකෙ quality එක කොහොමද කියලා බලාගන්න ඒකෙ description එකේ තියෙන මේ කෙටි යෙදුම් තේරුම් ගන්න.
ඒ වගේම චිත්‍රපටය නිකුත් වූ විගසම DVDrip බලාපොරොත්තු වෙන්න එපා. ඔරිජිනල් dvd එක නිකුත් කරන්නේ එය සිනමාහල් වලින් ඉවත්වු පසුවයි.

සැලකිය යුතුයි
