imeem™ ගැන දන්නවා නේද? ඒක Social Media Service එකක්. අපිට පුලුවන් එහි අපි ලඟ තියෙන ගීත, වීඩියෝ, ඡායාරූප බෙදාහදාගන්න සහ මිතුරන්ගේ ෆයිල්ස් බලන්න, කමෙන්ට් කරන්න. තමන් ලඟ තියෙන ගීත බෙදාහදාගන්න දෙන සයිට් එකක කොච්චර ගීත ඇත්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. පොඩි පරහකට තියෙන්නේ කොපිරයිට් ප්‍රශ්ණ නිසා මේ අඩවියෙන් ගීත බාගත කරන්න දෙන්නෙ නෑ. එම අඩවියේදීම streaming ක්‍රමයට අහන්න විතරයි ඉඩ දෙන්නේ. හදිස්සියකට අපි සිංදුවක් හොයනකොට ඒක imeem අඩවියෙම විතරක් නං තියෙන්නේ? පිස්සු හැදෙනවා නේද ඒක බාගන්න බැරිඋනාම :D ඔන්න මේ කියන්න හදන්නේ ඒවා බාගන්න හැටි, වෙනත් ටූල් නැතුව, Firefox භාවිතයෙන් පමණක්.

Continue reading »

Tagged with:  

මට ටිකකට කලින් ඕනෙඋනා නන්දා මාලනී මහත්මියගෙ “උඩඟු ලියන් ගොතා බඳින” ගීතය. Google search එකක් දාපුවාම මට ලැබුනා ඒක esnips අඩවියේ තිබෙන බව. esnips කියන්නේ file sharing අඩවියක්. ගීත, වීඩියෝ වගේම වෙනත් ෆයිල් උනත් share කරගන්න පුලුවන්. ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ ගොඩක් mp3 ඩවුන්ලෝඩ් කරන්න ඉඩ නොදීමයි. එහි embed player එකෙන් අහන්න විතරයි පුලුවන්.

මේ වගේ embeded media ඩවුන්ලෝඩ් කරන්න මම පාවිච්චි කරන්නෙ මගේ ආදරණීය Internet Download Manager එක තමයි. ඒක ඉන්ස්ටෝල් කර තිබේ නම් දැකලා ඇති අපි වෙබ් අඩවියක් බ්‍රවුස් කරනකොට එහි media ෆයිල් එකක් තියෙනවනම් මේ ආකාරයේ ඩවුන්ලෝඩ් බට්න් එකක් දිස්වෙනවා.

idm_button

ඉතින් මමත් පුතය වගේ බැස්සා වැඩේට. හුටා.. IDMට බෑ ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මම esnipsහි ම තව ගීත දෙකතුනක් බැලුවා. ඒවත් බෑ. ඒ කියන්නේ esnips දැං IDM ගේ රහස දැනගෙන බ්ලොක් කරනවද කොහෙද. මමත් අතෑරියේ නෑ. ආපහු Google සරණ පැතුවා esnips media ඩවුන්ලෝඩ් කරන විදියක් දැනගන්න. එතකොටයි මේ අගනා සයිට් එක හම්බුනේ.

esnips අඩවියේ අපට අවශ්‍ය media file එකේ ඇඩ්‍රස් එක මෙතනට දුන්නාම ඩවුන්ලෝඩ් ලින්ක් එකක් generate කරලා දෙනවා. ඔබ ඩවුන්ලෝඩ් කරන්නේ mp3 එකක් නම් මෙහි mp3 ටික් එක දාන්නත්,‍ වෙනත් ෆයිල් ජාතියක් නම් Other ටික් එක දාන්නත් අමතක කරන්න එපා.

link_gen

හ්ම්.. කතා ඇති. උත්සාහ කරල බලන්න.

http://www.zuhaib.in/how-to/esnips-download-link-generator

සැ.යු: මෙතන තියෙනවා standalone app එකකුත් මේ වැඩේට. ඒක ඩවුන්ලෝඩ් කරන නොකරන එක ඔබේ වැඩක්. කරනවනම් පරිස්සමින්. අපි දන්නෙ නෑ නෙ ෂුවර් ද නැද්ද කියල.

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන බස් දොඩවන
බොජුන් මේස මත සුවඳ හලන්නට
මා පිපුනේ නැත.. මේ දෙරණේ…

Tagged with: