මොබිටෙල් අන්තර්ජාල පහසුකම් අප්සෙට් ගිහින් කියලා මේ දවස්වල නිතර අහන්නට ලැබෙන චෝදනාවක්. මේකට හේතුව වෙන්න ඇත්තේ රු 75ක මුදලට Weekly Delight නමින් Prepaid පැකේජයක් හඳුන්වා දීමත්, ස්ථාවර සම්බන්ධතාවල මිල විශාල වශයෙන් අඩු කිරීමත් නිසා ජාලයට දරන්නට බැරි තරම් පිරිසක් ඊට එකතු වීම නිසා bandwidth එක බෙදී යාම වෙන්නැති කියලයි හිතෙන්නේ.

මේ තත්වය ඉවසන්න බැරුව අපේ මලින්ත ළමයා ඊයේ මොබිටෙල් බැද්දට විසික්කරලා ඩයලොග් අන්තර්ජාල සම්බන්ධතාවයක් ගත්ත බව ආරංචි වෙන්න ඇතිනේ :D මිනිහා ඊයේ නුවර මොබිටෙල් එක ඉස්සරහ පැය 4ක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් කරාලුනේ :D

මොබිටෙල් හා ටෙලිකොම් කියන්නේ සහෝදර-සමාගම් නේ :P මේ දෙකම රජයේ නිල සන්නිවේදන සැපයුම්කරුවන් කියලයි හඳුන්වන්නේ. ඒ වගේම මේ දෙගොල්ලොම පාවිච්චි කරන්නේ එකම අන්තර්ජාල සබඳතාවයක් බෙදාහදාගෙන. මේ නිසා වේගය අඩු වෙනවනම් මොබිටෙල්ට විතරක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයිනේ. මටත් ටික දවසක ඉඳන් browsing වලදී තරමක් අඩු වේගයක් වගේ දැනුනු නිසා මම අද නිකමට වගේ Speed Tests කීපයක් කරලා බැලුවා. තත්වේ හිතුවාට වඩා දරුණු වෙලානේ !

Continue reading »

Tagged with: