ඊයේ දිවයින සිසාරා පැතිර ගිය ජංගම දුරකථන “වෛරස“ භීතිකාව නැවත වතාවක් මේ ශ්‍රී දිවයිනේ අරක්ගෙන සිටින්නේ ටොප් ක්ලාස් මැට්ටන් විශේෂයක් බව ඔප්පු කර පෙන්වීය. මේ පිලිබඳව දැනට ඇති තරම් බ්ලොග් ලිපි ලියැවී තිබුණද මේ සම්බන්ධයෙන් මගේ දැක්මද ලියා තැබීම වටිතැ‘යි සිතුනෙන් මෙසේ ලියමි.
සාමාන්‍ය පරිද්දෙන් ගෙවී ගිය ඊයේ උදෑසන 10ට පමණ මගේ විශ්වවිද්‍යාල මිතුරියක් මා හට දුරකථන ඇමතුමක් දී පවසා සිටියේ ජංගම දුරකථන වලට නන්නාඳුනන අංක කීපයකින් පැමිණෙන දුරකථන ඇමතුම් විශේෂයක් ඇති බවත්, ඉන් අධි සංඛ්‍යාත නාදයක් නිකුත්වන බවත්, එයින් මොලයට හානි වී කීපදෙනෙකු මියගොස් ඇති වග ආරංචි වී ඇති බවත් ය. මෙය DD News නම් චැනලයක පල වූ පුවතක් බව ආරංචි යැයි පැවසූ ඇය DD News යනු කුමක්දැයි මගෙන් විමසා සිටියාය. එවැන්නක් මා අසා නැති බව මම කීවෙමි. කෙසේ වෙතත් ඇයට අවශ්‍ය වූයේ මේ ආරංචිය සත්‍යයක්දැයි දැනගැනීමටත්, යම්හෙයකින් සත්‍යයක් නම් අපේ මිතුරන් සියලු දෙනා වෙත ආරංචිය ලබාදිය හැකි මාර්ගයක් සෙවීමත්ය. continue reading…
ගිය සිකුරාදා පිටකොටුවේ ෆෝන් කඩවල රවුමක් ගැහුවා, බස් රියේදී තම දුරකථනය දන් දීපු අපේ මිතුරියකට අලුත් දුරකථනයක් ගන්න බලන්න. ඒ tour එකේදී දැකපු දේවල් ටිකක් තමයි මේ. 







සැලකිය යුතුයි
