පහුගිය කාලෙ මගේ desktop කොම්පුටරේ හාඩ් ඩිස්ක් එකේ ලෙඩ දෙන්න ගත්ත නිසා ඒක ලඟදිම අවසන් ගමන් යයි කියල බයට තාත්තා තව හාඩ් ඩිස්ක් එකක් ගෙනාවා. ඉතිං මම අලුත් හාඩ් එකට වින්ඩෝස් දාලා පරණ එක ෆුල් ෆෝමැට් කරලා ආපහු පාටිෂන් හැදුවා. මම හිතන්නෙ එතකොට ඒකෙ අවුල හරිගියා ද කොහෙද. ඉතින් මම ඒකට ඉන්ස්ටෝල් කලා Mint Linux ටෙස්ට් කරල බලන්නත් එක්ක. සරලයි, පහසුයි, කරදරයක් නැතුව ඉන්ස්ටෝල් උනා.
ගෙදර කොම්පුටරේට ලිනක්ස් දැම්මා කියල වැඩක් තියේයැ. මම සතියට දවස් එකහමාරක් විතර තමා ගෙදර ඉන්නේ. ඒ ටිකෙත් ලැප්ටොප් එක බදාගෙන ඉන්නවා මිසක් අරක අල්ලන්නෙත් නෑ. ඉතිං මට හිතුනා අපරාදෙ අර හාඩ් ඩිස්ක් එක වේලි වේලි තියෙන නිසා (ගිගාබයිට් 160ක්ම) ඒක මගේ ලැප් එකටම සවිකරන්න ගැජට් එකක් මිලදීගෙන පාවිච්චි කරන්න.
ඔන්න දැං තමා අවුල. MBR එක තියෙන්නෙ වින්ඩෝස් තියෙන ප්‍රධාන හාඩ් ඩිස්ක් එකේ. ඒත් GRUB එක තියෙන්නෙ මින්ට් තියෙන දෙවන හාඩ් ඩිස්ක් එකේ. නිකංම ඒ හාඩ් ඩිස්ක් එක ගැලෙව්වොත්
GRUB Loading . . . . . . . . . .
Error 17
කියල ඇවිත් නතර වෙනවා.
හොයල බලපු හැම තැනම තිබුණ විකල්පය තමා නැවත Windows cd එක දාලා Recovery Console ගිහින් fixmbr, fixboot විධාන දීලා Windows Lootloader එක නැවත පිහිටුවන එක. ඉතිං මමත් දැම්මා Windows cd එක. රිකවරි එකට ගියාම එතන මොන කමාන්ඩ් එකක් වත් දෙන්න ඉඩ දෙන්නෙ නෑ, වින්ඩෝස් වලට යන්න එන්ටර් ඔබන්න කියල කියනවා. එබුවාම වින්‍ඩෝස් වලට යනවා.
දැං ඔන්න හීන් දාඩිය දැම්මා. ubuntu forums වල දැක්කා Ubuntu LiveCD එක දාලා ms-sys පැකේජය දාලා ඒකෙන් වින්ඩෝස් බූට්ලෝඩරය දාන ක්‍රමයක්. ඒක උත්සාහ කලා, ඒ පාර ms-sys පැකේජය ඉන්ස්ටෝල් වෙන්නෙ නෑ. එහෙම පැකේජයක් නැතිලු. (සමහරු ප්‍රතිචාර දත්වලා තිබුනා ඒ පැකේජය සඳහා Interpid වලදී සහය දක්වන්නේ නැති බවක්)
කොහොමහරි තවටිකක් හොයනකොට වෙත් ක්‍රමයක් හම්බුනා. ඒක උත්සාහ කරල බැලුවාම යන්තං ගොඩගියා.
මෙන්න මේකයි ක්‍රමය
1. Ubuntu LiveCD එකෙන් බූට් කරලා ඉන්පසුව ඒකෙ Terminal එකට ගියා
2.sudo apt-get install mbr
ගහලා mbr කියන පැකේජය දාගත්තා
3.sudo install-mbr -i n -p D -t 0 /dev/sda
ගහලා වින්ඩෝස් බූට්ලෝඩරය දාගත්තා.
හොද වෙලාවට Mint කියන්නේ Ubuntu ගේ නිවුන් සහෝදරයෙක් උනේ. මොකද මගේ Mint cd එක යාලුවෙක් ලඟ. ubuntu එකක් විතරයි ලඟ තිබුනේ.
ඔන්න ඔහොමයි දික්කසාද කරන්න ගියාම තියෙන කරදරේ ! :D
1 වෙනි කතාව
මේ සිංහල බ්ලොග් ලියන, කමෙන්ට් දමන, කියවන අපි සියලු දෙනා සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නෝ වෙමු. මුලදී අන්තර්ජාලය තුල පමණක් භාවිත වූ සිංහල යුනිකෝඩ් ඉන් බැහැර කාර්යාල පාරිසරිකය වෙත ද පැමිණ ඇත්තේ රාජ්‍ය අංශයේ ලේඛන සඳහා යුනිකෝඩ් භාවිතා කිරීම අනිවාර්ය කරමින් නිකුත් වී ඇති චක්‍රලේඛයක් නිසාවෙනි. එහෙත් සිංහල යුනිකේත භාවිතා නොවන, එමෙන්ම තවත් කාලාන්තරයක් යන තුරු භාවිතයට නොඑනු ඇතැයි ද සිතිය හැකි ක්ෂෙත්‍රයක් ද වේ. එනම් සාමාන්‍ය ලිපිලේඛන, ටයිප්සෙටිං හා ග්‍රැපික් ඩිසයින් ක්ෂෙත්‍රයයි. මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේද ලංකාව තුල සිංහල භාවිතා කරන පරිගණක වලින් 75% කටත් වඩා භාවිත වන්නේ සිංහල යුනිකේත නොව පසුකී ක්ෂෙත්‍ර තුල බවය.
2 වෙනි කතාව
සාමාන්‍ය ලිපිලේඛන, ටයිප්සෙටිං හා ග්‍රැපික් ඩිසයින් ක්ෂෙත්‍ර තුල සිංහල යුනිකෝඩ් භාවිතා නොවන හේතුව සොයා බැලීම වටී. ප්‍රධාන හේතුව යුනිකෝඩ් සිංහල ෆොන්ට් ඇත්තේ අතලොස්සක් වන අතර ඒවා සාමාන්‍ය ලේඛනයකට මිස ‘කලාත්මක නිර්මාණයකට’ නුසුදුසු වීම ය. (අකුරු හැඩ අලංකාර නොවීමය) අප්‍රධාන හේතුව මෙම ක්ෂෙත්‍ර තුල වැඩි වශයෙන් භාවිතා වන Photoshop, Illustrator, Flash වැනි මෘදුකාංග සිංහල යුනිකෝඩ් සඳහා සහයක් නොදැක්වීමය.
3 වැනි කතාව
මවිසින් දැන් අත වත් නොතබනු ලබන මගේ නිවසේ ඩෙස්ක්ටොප් පරිගණකය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ධාවනය වන්නකි. දැන් එය භාවිත කරන මගේ තාත්තා ලේඛකයෙකි. කාලයක් අතින් ලිවීමෙන් පසුව හටගත් දකුණතේ ආබාධයක් නිසා ඔහු දැන් සම්පූර්ණයෙන්ම පරිගණකයෙන් ලියයි. මේ ලේඛන කටයුතු වලට ඔහුට සිංහල යුනිකෝඩ් භාවිත කිරීමට නොහැකිය. මක්නිසාදයත් ඔහු පුවත්පත් වලට ලියන ලිපි එම පුවත්පත් ආයතනයේ පරිගණක වලදී සංස්කරණය කරනුයේද මුද්‍රණය කරනුයේද යුනිකේත නොව සාමාන්‍ය සිංහල ෆොන්ට (උදා fm-abhaya, DL-Nelum,) වලිනි. (යුනිකෝඩ් හා යුනිකෝඩ් නොවන ෆොන්ට් වර්ග 2හි වෙනස විස්තර කිරීම අවශ්‍ය නැතැයි සිතමි) එමෙන්ම ඔහුගේ ග්‍රන්ථ අත්පිටපත් ද එසේමය.
4 වැනි කතාව
මගේ මාසික වියදමෙන් කොටසක් මා සොයාගනුයේ මුදලට ග්‍රැපික් නිර්මාණ කිරීමෙනි. (ප්‍රධාන වශයෙන් ටියුෂන් ක්ලාස් වල ෆයිල් කවර) ඒ අතර මම බ්ලොග්කරණයේද යෙදෙමි. මේ නිසා මට සිංහල යුනිකේත මෙන්ම යුනිකේත නොවන ෆොන්ට ද අත්‍යාවශ්‍ය ය. එක් අන්තයක පමණක් සිරවී සිටිය නොහැකිය.
5 වැනි කතාව
යුනිකෝඩ් නොවන සිංහල ෆොන්ට භාවිතයෙන් ටයිප් කර ඇති අය මෙම ගැටලුවට මුහුණ දී ඇතුවා නොඅනුමානය.
මීට හේතුව සිංහල බසේදී අක්ෂරය ත් ඉස්පිල්ලත් එක්වීමෙන් සෑදෙනුයේ නවතම අක්ෂරයක් වීමය. එනම් අක්ෂරය හා ඉස්පිල්ල යෙදූ විට එය නව අක්ෂරය බවට පෙරලිය යුතුය. නැතහොත් එය මේ පෙනෙන ආකාරයෙන් දෝෂ සහගතව දිස්විය හැකිය.
මා දැක ඇති කාර්යාලීය ලිපි වල මේ දෝෂය ගණන් නොගෙන ඇති නමුත් ෆොන්ට භාවිතයෙන් නිර්මාණයක් කරන විට මෙවැනි දෝෂ තිබිය නොහැකිය. වින්ඩෝස් පරිසරයේදී මෙය මගහැරවීම සඳහා භාවිත කල හැකිවූ ජනප්‍රිය ම tool එක නොඅනුමානයෙන්ම “Travultesoft Keyman + හෙළබස” ය. (මෙ ටූලයේ කාර්යය වනුයේ පෙ
ලාබයි… ලාබයි… ලාබයි…
මේ උත්සව සමයේ
ඔබට අවශ්‍ය සියලුම ලිනක්ස් ඩිස්ට්‍රෝ එකම වහලක් යටින් !
ඔබත් අදම පිවිසෙන්න
මම කලින් පාවිච්චි කර කර හිටියේ Mandriva Linux PowerPack 2009. ඒකෙ interface එක නම් නියමයි. පාවිච්චි කරන්න ආස හිතෙනවා. ඒත් පොඩි කොස්සකට තියෙන්නේ User Support අන්තිමයි. කොහේවත් තැනක් නෑ සපෝට් එකක් ගන්න. මට ඒකට සිංහල දාගන්න ඕනෙ වෙලා මාර කට්ටක් කෑවෙ. ටෙක්කතා එකට කිව්වත් කාලිංග අයියලාටත් වැඩේ මිටර් වෙලා නෑ වගේ (එහෙම හරි සපෝට් එකක් දීපු එක ගැන ටෙක්කතා කණ්ඩායමට මගේ ස්තූතිය.)
අන්තිමට අද උදේ කොම්පියුටරේ දානකොට grub එකේ ලෙඩක් එනවා. Mandriva තියා Windows වත් යන්න බෑ. මං ගත්තා Mandriva dvd එක, grub එක uninstall කරා ඒකෙ තියෙන tool එකෙන්. ඊලඟට ගත්තා Ubuntu 8.10 cd එක, දැම්මා Ubuntu.
Ubuntu වල සිංහල දාන හැටි මං දන්නෙත් නෑ. හොඳ වෙලාවට චමිල සහෝදරයා online හිටියා. (මිනිහත් Fedora අතෑරලා Ubuntu ආපු පොර නේ) ඉතිං චමිලට වාතෙ වෙලා අහගත්තා සිංහල දාන හැටි. දැං හරි. (බොහෝම ස්තූතියි චමිල.) මේ ලියන්නේ Ubuntu වල ඉඳන්.
හැබැයි එක දෙයක් කියන්න ඕනෙ. මට පේන හැටියට Mandriva වල සිංහල අකුරු render වෙනවා හොඳයි මීට වඩා. ලස්සනට පෙනෙනවා. මට ඒකෙ අවුල උනේ විජේසේකර කිබෝඩ් එක ගන්න බැරි උන එක. (එන්නෙ phonetic එක.) ඒකත් ගන්න පුලුවන් ඇති, මං එච්චර ලිනක්ස් දන්නෙ නෑ එච්චර ගේම් දෙන්න තරම්.


සැලකිය යුතුයි
