අවුරුදු නිවාඩුව ලැබුනේ බදාදා උනත් බැච් එකේ සොහොයුරියකගේ පියාගේ අවමංගල්‍යය යෙදී තිබීම නිසා බදදා නවාතැනට ආවේ ගොඩක් රෑ බෝ වෙලා. ඉතින් ගම් පලාත බලා එන්න පිටත් උනේ අද (බ්‍රහස්පතින්දා) උදේ. සෙනග ගැන දන්න නිසා පිටකොටුවටම ආවා. අපේ පහන් ලමයත් මුණගැහුණා බස් ස්ටෑන්ඩ් එකේදි. මිනිහා AC බස් එකක ගියා, මම සුපුරුදු ප්‍රයිවට් බස් එකක ආවා.
පිටකොටුවෙ බස් නවත්තලා තියෙනකොට නානාප්‍රකාර වෙලෙන්දො ඒවාට නැගලා වෙලඳාම් කරන බව දන්නවනේ. මම මේ කියන්න යන්නේ එවැනි වෙලෙන්දෙක්ගෙන් මම දැනගත් ඇඟ කිළිපොලායන කරුණක්. මේ වෙලෙන්දා විකුණුවේ අර කොළඹ රටේ ගමන් විස්තර සහ අනිත් හැම විස්තරයක්ම තියෙන පොත් පිංචක්. ඔන්න ඉතිං ඒක ගැන හැඳින්වීමෙදි මිනිහා එක හුස්මට කියාගෙ ගියා මෙහෙම,
“මේකෙ තියෙනවා මහත්තයා කොළඹ ඕනෙම තැනකට යන ගමන් මාර්ගය. රජයේ බැංකු-පෞද්ගලික බැංකු, රජයේ රෝහල්-පෞද්ගලික රෝහල්, රජයේ පාසල්-පෞද්ගලික පාසල්, රජයේ අමාත්‍යාංශ-පෞද්ගලික අමාත්‍යාංශ . . .!!??$#@$%%%$#???…..”
මේක ඇහුවාම මං සෑහෙන්න බය උනා. මොකද පහුගිය දවස්වල පෞද්ගලික විශ්වවිද්‍යාල දාන්න අනුමත වෙච්ච අස්සේ ආණ්ඩුවත් පෞද්ගලීකරණය වෙලාද කියලා !
The Onion News Network ගැන අහලා තියෙනවද? මමත් මේ ගැන මුලින්ම දැනගත්තේ The Onion Movie
චිත්‍රපටයෙන්. (අන්න බලනවනං නියම චිත්‍රපටිය ! හොයාගෙන බලන්න. ඒක බලලා මට මැරෙනකං හිනා ! )
The Onion කියන්නේ Fake News සේවාවක්. දැං කට්ටිය බලනවා ඇති බොරු නිවුස් මොකටද කියලා.. මේක විනෝදාත්මක සේවාවක් කිව්වොත් නිවැරදියි. ඔවුන් කරන්නේ සත්‍ය ලෝකයේ කාලීනව සිදුවන නිවුස් වලට විකට කතාවක් ගොතලා විකට නිවුස් හැදීමයි. මේවා ඔවුන්ගේ වෙබ් අඩවියෙන් හා මුද්‍රිත පුවත්පතෙන් පාඨකයන් වෙතට එනවා.
මේ විහිලුව කොච්චර තාත්වික විදියට කරනවද කිව්වොත් ඔවුන්ගෙ වෙබ් අඩවිය හරියට CNN වැනි නිවුස් අඩවියක් තරම් professional විදියට හදලා තියෙනවා. ඒකෙ තියෙන නිවුස් වීඩියෝ පවා ඒ තරම් තාත්විකයි.
වැඩිය කතා කරල වැඩක් නෑ. ගිහිල්ලම බලන්න. පණ යනකං හිනාවෙන්න පුලුවනි.
බින්කු මල්ලී ගේ කමෙන්ට් එක දැක්කාමයි මේක කියන්න මතක් උනේ. මේ The Onion සමාගම අපක්ෂපාතී එකක්. ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයකට “පමණක්” පහර දෙන්නේ නෑ. ඔක්කොටම දෙනවා බඩ යන්න !

සැලකිය යුතුයි
