ඉන්ද්‍රනාම » iPhone

Airtel + iPhone – කවුද රැවටුනේ ?
Airtel සේවාව ලංකාවේ ක්‍රියාත්මක වීමට මාස කීපයකට පෙර සිටම නිතර දෙවේලේ මගේ ඊමේල් බොක්ස් එකට එන මේල් එකක් මට මහත් කරදරයක් විය. මේ මේල් එක විවිධ අවස්ථාවන්හි මා වෙත (ෆෝවර්ඩ් කර) එවනු ලැබුවේ මගේ විවිධ මිතුරු මිතුරියන් විසිනි.

එම පණිවුඩයේ සඳහන් වුයේ Airtel ශ්‍රී ලංකාවේ සේවාව ඇරඹීම නිමිත්තෙන් Appli iPhone 3ක් ද, ජීවිත කාලය පුරාම නොමිලේ ඇමතුම් ගත හැකි සම්බන්ධතා 2ක් ද ලබා දීමට තරඟයක් පැවැත්වීමට අදහස් කරන බවත්, ඒ  තරඟය සඳහා ඇතුලත් වීමට මෙම ඊමේල් පණිවුඩය හැකිතාක් පිරිසකට ෆෝවර්ඩ් කරන ලෙසත් ය. එම ලිපින සමගම ඔවුන් ලබා දී තිබු ඊමේල් ලිපිනයකට ද එය ෆෝවර්ඩ් කිරිමේ අවශ්‍යතාවය දක්වා තිබුණි.

හොඳ උත්තේජනයකි. කිසිදු මහන්සියක් නැත. ඇඩ්‍රස් බුක් එකේ සියලු දෙනාටම ෆෝවර්ඩ් කිරීම පමණි. ඒ වගේද නිකං හරි සිලෙක්ට් උනොත් ලැබෙන තෑගි ? මෙසේ සිතූ දස දහස් ගණන් ශ්‍රී ලාංකිකයෝ හිටු කියා මේ ඊමේල් පණිවුඩය ෆෝවර්ඩ් කිරීමට පටන් ගත්හ. ප්‍රතිපත්තියක් ලෙස මේල් ෆෝවර්ඩ් නොකරන නිසාත්, නැවත ඔවුන්ට මේල් එක එවිය යුතු ඊමේල් ලිපිනය official එකක් නොවූ නිසා (එය @gmail.com එකකි) සැකයක් ඇතිවු නිසාත් මම මෙය කිසිවෙකුට ෆෝවර්ඩ් නොකලත්, මට මිතුරන්ගෙන් ලැබී තිබූ මෙම පණිවුඩ සංඛ්‍යාව 83 කි !

අපේ මිනිසුන්ට BCC: ‍‍ෆීල්ඩ් එකට ඇඩ්‍රස් දමා මේල් ෆෝවර්ඩ් කරන සිරිතක් නැත. ඔවුහු ගෙඩි පිටින් TO: ෆීල්ඩ් එකට සියලු ඇඩ්‍රස දමා මේල් එක ෆෝවර්ඩ් කරති. මෙහිදී ඕනෑම ලබන්නෙකුට අනෙක් සියලුම ලබන්නන්ගේ ඊමේල් ලිපින බලාගත හැකිය. BCC දැමීමේදී එකෙකුට එකෙක් අදෘෂ්‍යමාන ය. එහෙයින් ම එය ආරක්ෂාකාරි ය.

ඉහත ඊමේල් පණිවුඩයේ එහි කොපියක් නැවතත් ඔවුන්ගේ ලිපිනයකට ද එවිමේ අවශ්‍යතාව දක්වා තිබුනේ මෙම තරඟයට ඇතුලත් කර ගැනිමේ කෙහෙම්මලකට නොව ඊමේල් එක අප යැවූ සියලු දෙනාගේ ඊමේල් ලිපින ලබාගැනීමට බව වැඩිදෙනෙකුට සිහිවුයේ නැත. මේ ආකාරයට ඔවුන් ඊමේල් ලිපින කියක් එකතු කරගත්තාදැයි දන්නේ ඔවුන් හැරුණවිට දෙවියන් පමණි. එම පණිවුඩයේ සඳහන් වූයේ පෙබරවාරි 9 වෙනි දින දිනුම් ඇදීම සිදුකරන බව වුවත් මේ වන තෙක් කිසිවෙකුට එම තෑගි ලැබී තිබේද?

මේ ඊමේල් පණිවුඩය ගැන Airtel ආයතනය කිසිදු සම්බන්ධයක් නැති වීමට බොහෝ ඉඩකඩ තිබේ. එහෙත් ඒ බව සඳහන් කර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට Airtel ට වගකිමක් තිබිණි.

මෙවැනි පුද්ගලයන් ඊමේල් ලිපින එකතු කර ඒවා තොග ගණනට ඊමේල් ඇඩ්වර්ටයිසිං මුදලාලිලාට විකුණන බට ඔබ දන්නවාද? ඔබ මේල් ෆෝවර්ඩ් නොකලත්, මිතුරෙක් ඔබට මෙය එවීමෙන් පවා එබේ ලිපිනය ඔවුන් අතට යයි. මේවායේ ප්‍රතිඵලය නම් අනවශ්‍ය ඊමේල් (දැන්වීම්..) හෙවත් SPAM තොග ගණනින් ඔබේ අවසරයක් නොමැතිව ඔබේ ඊමේල් බොක්ස් එක වෙත පැමිණීමයි.

මේ ගැන ශාකුන්තල ගේ ලිපියත් මෙතනින් කියවන්න.