තැන-නොතැන

On 2010 අප්‍රේල් 2, in අන්තර්ජාලය, ඇසි-දිසි, කාලීන, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

behaveඅන්තර්ජාල community කීපයක්ම කාලයක් තිස්සේ නිරීක්ෂණය කරලා මට තේරුම් ගිය දෙයක් තමයි ඇතැම් ලාංකිකයන්ට යම් දෙයක් කරන්න සුදුසු තැන මොකක්ද, නුසුදුසු තැන මොකක්ද කියලා තේරෙන්නෙ නෑ. මට අද ලියන්න හිතුනා ඒ ගැන.

Continue reading »

Tagged with:  

Internet Radio අහමු / රෙකෝඩ් කරමු

On 2009 මාර්තු 15, in අන්තර්ජාලය, තාක්ෂණික, හිත ගිය තැන්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

අන්තර්ජාලයේ තියෙන දහසක් අරුම වලින් එකක් තමයි මේ Internet Radio. අපේ ගෙදර තියෙන සාමාන්‍ය රේඩියෝවෙන් චැනල් එකක් අහන්න ඒ චැනල් එක විසුරුවා හරින සංඥා ඒරියලයට අහුවෙන්න ඔනෙ නේ. (ඒකනෙ චර-චර සද්දෙ එනකොට ඒරියලය කරකවමින් හොඳ හඬක් ගන්න දඟලන්නෙ) ඒ නිසා ඉතිං අපිට අපේ රේඩියෝවෙන් අහන්න වෙන්නෙ ලංකාවෙ රේඩියෝ චැනල් විතරයි. ඒත් මේ Internet Radio වලින් අපිට පුලුවන් අන්තර්ජාලය හරහා විසුරුවා හරින දහස් ගණනක් විදේශීය රේඩියෝ චැනල් අහන්න.

මෙහිදී පාවිච්චි වෙන්නෙ Streaming Audio කියන ක්‍රමය. සරලව කිව්වොත් අපි සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනකොට වෙන්නේ ඒක ගබඩා වී ඇති සර්වරයේ සිට සම්පූර්ණයෙන්ම අපේ පරිගණකයට ලබාගෙන ඉන්පසු එය භාවිතා කිරීම. ඒත් මේ streaming ක්‍රමයේදී ෆයිල් එක සම්පූර්ණයෙන් අපේ පරිගණකයට එන්න කලින්ම අපිට ඒක භාවිත කරන්න පුලුවන්. එනම් ෆයිල් එක සිංදුවක් නම් එහි මුල් ටික අපි මෙහේ අහන අතරේම පසු කොටස් ක්‍රම ක්‍රමයෙන් ඩවුන්ලෝඩ් වේවි. හරියට stream -දිය දහරාවක් වගේ.

මමත් මේ Internet Radio අහන්න ටිකක් ඇබ්බැහි වෙලයි ඉන්නේ. හේතු කීපයක් නිසා,

  • මම කැමති genre එකක ගීත විතරක් යන චැනල් තෝරගන්න පුලුවන් නිසා – අපේ රේඩියෝ වගේ හැම ජාතියකම සිංදු යන්නේ නෑ.
  • ඇඩ් නෑ / කතා නෑ – මියුසික් නං මියුසික් විතරයි
  • ක්ලැසික් සංගීත ඛණ්ඩ (Symphony, Orchestral Play, Instrumental) විතරක් තියෙන චැනල් තිබීම
  • අපිට අහන්න නොලැබෙන විවිධ රටවල්වල සංගීත වලට සවන් දෙන්න පුලුවන් වීම

Internet Radio අහන්නනෙ මෙහෙමයි. මුලින්ම අපි යන්න ඕනෙ මේ Radio චැනල් විසුරුවාහරින (මේක විසුරුවාහැරීමක් මත් නෙමෙයි) site එකකට. ShoutCAST (මගේ ප්‍රියතම සයිට් එක), IceCast, Live365, RadioGuide වගේ එකකට. තව ඕනෙතරම් තියෙනවා හෙව්වොත්. ShoutCast වගේ සයිට් වලින් අපිට චැනල් එකට අදාලව පොඩි ෆයිල් එකක් දෙනවා. (හරියට torrent ෆයිල් එක ‍වගේ) අපිට පුලුවන් ඒක WinAmp, jetAudio වගේ ප්ලේයර් එකකින් ඕපන් කරලා චැනල් එක අහන්න. RadioGuide, Last.fm වගේ සයිට් වල ඒ සයිට් එකේ ඉඳන්ම චැනල් එක ඇසීමේ පහසුකම තියෙනවා. මීට අමතරව Windows Media Player එකේ රේඩියෝ චැනල් ලිස්ට් එකක් තියෙනවා, අපිට තෝරගෙන අහන්න පුලුවන්.

මේ රේඩියෝ චැනල් විවිධ කොලිටි වලින් එනවා. මියුසික් නම් අඩුගානෙ 128 හෝ 96 kbps වත් අහන්නෙ නැතුව වැඩක් නෑ. ඒ වගේම ඔබ data bandwidth / usage එකට ගෙවන කෙනෙක් නම් රේඩියෝ අහන්නෙ පරිස්සමින් !

දැන් තමයි හොඳම හරිය. අපිට පුලුවන් මේ රේඩියෝ චැනල් වල තියෙන සිංදු රෙකෝඩ් කරගන්න. ඒකට මම පාවිච්චි කරන පුංචි ප්‍රෝග්‍රෑම් එක තමයි CastRipper. නොමිලේ ලබාගන්න පුලුවන් මෙතනින්. අර චැනල් වලින් දෙන ෆයිල් එක මේක මතට ඩ්‍රැග් කර දැමීමෙන් පුලුවන් චැනල් එකේ යන සිංදු ටික රෙකෝඩ් කර ගන්න. නිකං නෙමෙයි, සිංදු වෙන වෙනම mp3 ෆයිල් විදියට. පැය කිහිපයක් හොඳ චැනල් එකක් රෙකෝඩ් වෙන්න දාලා තිබ්බොත් ඔබට පුලුවන් වේවි හොඳ music library එකක් හදාගන්න.

තව එකක්. Copyright ප්‍රශ්න නිසා සමහර ප්‍රෝග්‍රෑම් රෙකෝඩ් කරන්න දුන්නට ඒවා mp3 ෆයිල් විදියට ගන්න දෙන්නෙ නෑ. නැවත offline ක්‍රමයට ඒ ප්‍රෝග්‍රෑම් එකෙන්ම අහන්න විතරයි දෙන්නේ. “ඒ අතින් CastRipper රත්තරං ! ” බොරු copyright කේස් නෑ.

මම අරාබි සංගීත ශෛලියට කැමති නිසා මම මේ දවස්වල වැඩියෙන්ම අහන්නෙ Raqs Sharqi කියන සාම්ප්‍රදායික අරාබි සංගීතය අඩංගු චැනලය. කැමතිනම් අහලා බලන්න. මෙතන ඇති ඒක.

Tagged with:  

මගේ අන්තර්ජාල භාවිතය

On 2009 මාර්තු 3, in මගේ වැඩ, මට වෙච්ච දේවල්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම


මගේ පරිගණක භාවිතයේ ඉතිහාසය ගැන කලින් කියපු නිසා මට හිතුනා මගේ අන්තර්ජාල ඉතිහාසය ගැනත් ලියන්න.

ඉන්ටර්නෙට් කියන එක මම මුලින්ම දැක්කේ 2000දී, මම 9 වසරෙ ඉන්නකොට. කවුරුහරි යාලුවෙක්ගෙ ගෙදරදී තමයි, ඒත් කවුද කියල මතක නෑ. ඒ කාලෙ ඩයල්-අප් තමයි. පේජ් ලෝඩ් වෙන්න මාර වෙලාවක් යනවා. හැබැයි දැං කාලෙ වගේ ෆ්ලෑෂ් ද, අජැක්ස් ද, සිල්වර්ලයිට් ද යනාදී මෙකී නොකී බර දේවල් නෑ (ෆ්ලෑෂ් තිබුණත් බොහොම දුර්ලභයි) සයිට් වල. සම්පූර්ණයෙන් html තමයි.

මං ඔය කාලෙ ඊමේල් ඇඩ්රස් එකකුත් හදාගත්තා. ඒක i_pravin[at]hotmail.com. ගොඩක් දෙනෙක් ඒ කාලෙ පාවිච්චි කලේ හොට්මේල් තමයි. යාහූ මේල් ටිකක් තිබුනා. මට මතක හැටියට ඕකට එකම එක මේල් එකයි ආවෙ. මං ගෙදර ඉන්ටර්නෙට් තියෙන යාලුවෙකුට ඕක දුන්නාම එයා අර්ජුන වර්ල්ඩ් කප් එක උස්සගෙන ඉන්න පොටෝ එකක් එවල තිබුනා.

ඊට පස්සෙ අපේ ගාල්ලෙ පුස්තකාලෙ ඉන්ටර්නෙට් කැෆේ එකක් පටංගත්තා ඩයල්-අප් කනෙක්ෂන් එකෙන්. කැෆේ කිව්වට එක කොම්පියුටරයයි. ගාණ කීයක් කියලද හිතන්නෙ? විනාඩියට රුපියල් 4.50 ! දැං මේ කරදඬු උස්මහත් වෙච්ච කාලෙ වගේ පොඩිකාලෙ අතේ එච්චර සල්ලි නෑ නේ. වැඩිම උනොත් රුපියල් 45ක් දීලා විනාඩි 10යි ඉන්නේ. ඒත් ඉතින් සයිට් ලෝඩ් වෙන්න යන වෙලාවත් එක්ක එච්චර දෙයක් කරන්න බෑ. ඔය කාලෙ මට සැරට astronomy පිස්සුව තිබුනා. ඉතිං වැඩිහරියක් යන්නෙම NASA සයිට් එකට.

ආපහු මේ ඉන්ටර්නෙට් පිස්සුව සැරට ආවේ ඒලෙවල් කරන කාලේ. ඒ වෙනකොට ඉතිං ADSL ඇවිත් කැෆේ වැහිවැහැලා. ගාණ පැයකට 40යි. මම ගියපු ක්ලාස් එක ලඟ කැෆේ එකක් තිබුණා. හැමදාම ක්ලාස් ඉවරවෙලා කැෆේ ගිහින් පැයක් දෙකක් ඉන්නවා. ඔය කාලෙම මම 512MB flash drive එකක් ගත්තා රුපියල් 4500කට ! ඉන්ටර්නෙට් එකෙන් අනං මනං ෆ්ලෑෂ් එකට පුරවගෙන ඇවිත් යොහාන්ගෙ කොම්පියුටරේට පුරවනවා. මොකද මට කොම්පියුටරයක් නෑ.

2006දි මම කොම්පියුටරයක් ගන්නකොටත් මම ගත්තෙ ඩයල්-අප් මොඩමයක්. රෑ 9 පහු උනාම (එතකොට ගාණ අඩුයිනේ) මාර කට්ටක් කාලා කනෙක්ට් වෙන්නේ. පස්සෙ ගිය අප්‍රේල් වල ටෙලිකොම් එකෙන් offer එකක් දුන්නා ADSL ගන්නවනම් router එක නිකං දුන්නා. ඒ පාර ඉතිං අපි adsl ගත්තා.

දැං නං හිතෙනවා ඒලෙවල් කාලෙ කැෆේ ගානෙ රස්තියාදු වෙච්ච කාලෙ අපරාදෙ කියල. ඒත් ඉතිං මං ඉන්ටර්නෙට් එක, ඒකෙ කල්චර් එක, ඒකෙ ට්‍රෙන්ඩ්ස් ගැන හොඳ අත්දැකීම් ලැබුනා.

Tagged with:  

Airtel HSDPA ගැන

On 2009 පෙබරවාරි 26, in ඇසි-දිසි, by ප්‍රවීන් ඉන්ද්‍රනාම


මමත් මේ දවස්වල ලාබෙට ගන්න පුලුවන් Internet package එකක් හොය හොය ඉන්නේ. මගේ ADSL එක තියෙන්නේ ගාල්ලෙ නේ. BIT 4th Semester එක පටං ගත්තාම මට ගෙදර එන්න වෙන්නෙ නෑ සති අන්තේ. ඉතිං ඒ නිසයි wireless package එකක් හොයනනේ.

මම අද ගියා ගාල්ලේ Airtel Store එකට. පැකේජ් ගැන විස්තර අහගන්න. අර අන්ලිමිටඩ් එක නම් හිතට අල්ලලා ගියා. මොකද ඒකට ඩිපොසිට් අරක මේක තියන්න ඕනෙත් නෑනේ. රුපියල් 500ක් දුන්නාම කනෙක්ෂන් එක දෙනවා.

ඊළඟට මං ඇහුවේ මොඩෙම් වල ගනන්. එතන තියෙන මොඩෙම් එක රුපියල් 10640/= ක් කිව්වා. Huawei E220 නම් නෙමෙයි ඒක. දැක්ක හැටියට නම් Bandrich C120 වගේ. මං ඇහුවා ඒක ලොක් කරලද තියෙන්නේ කියලා. (හදිස්සියෙවත් සිග්නල් නැත්තං මොබිටෙල් එකක් වත් දාගන්න එපායැ) ඒක ගැන නම් එතන ඉන්න අය දන්නේ නැතිලු.

මං ගෙදර ඇවිත් කතා කරා Customer Care එකට. අපරාදෙ කියන්න බෑ, මාර ඉක්මනට කෝල් එකට ආන්සර් කරා. තවම ඉතින් එච්චර කස්ටමර්ලා ගොඩක් නෑ නේ care කරන්න ! මොඩෙම් එකට අවුරුද්දක් warrenty තියෙනවලු. ලොක් කරලද නැද්ද කියල කතා කරපු එක්කෙනා දන්නෙ නෑ. එයා මගේ නම්බර් එක ඉල්ලගත්තා විනාඩි 15න් ඒ ගැන දන්න කෙනෙක් මට කතා කරයි කියලා. දැං පැයක් ගියා, තවමත් නෑ.

[එකතු කිරීමක්: මම ආපහු කෝල් කරාම එක්කෙනෙක් කිව්වා එයාටෙල් ඇරෙන්න වෙන සිම් දාන්න බෑ කියලා. හැබැයි ෂුවර් නැති විදියට කිව්වේ.]

පෙනෙන හැටියට මොඩෙම් එක ලාබම මෙයාල ලඟ තමයි. මොබිටෙල් එකේ E220 මොඩෙම් එකක් රුපියල් 15000ක් කියලා සයිට් එකේ තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ මේක ලොක් කරපු එකක්ද කියන එක. මොකද මෙ මොඩ්ල් එක අන්ලොක් කරන හැටි මම දන්නෙ නෑ නේ. E220 නම් කරන හැටි ගයන්ත කියලා තියෙන්නේ.

Tagged with: