
File Sharing, එහෙමත් නැත්තං අපේ ගොනු සුරක්ෂිත කරලා තියාගන්න අන්තර්ජාලයේ ඉඩ කඩ ලබාදෙන අඩවි බොහොමයක් තියෙනවා. මින් Rapidshare, Hotfile, Megaupload, 4shared වැනි අඩවි බොහොමයක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒවාට වෙනත් අය අප්ලෝඩ් කරන චිත්‍රපට, ගේම්ස්, මෘදුකාංග, ගීත එහෙම බාගන්න පුලුවන් නිසා තමයි.
මේ අතරින් මම නම් කැමතිම File sharing සයිට් එක තමයි mediafire. හේතුව තමයි මේකෙන් ඩවුන්ලෝඩ් කරන අයට දෙන වදය අවම වීම. දැකලා ඇති Rapidshare වගේ අඩවි වල ෆයිල් එකක් බාන්න විනාඩියක් විතර බලාගෙන ඉන්න ඕනේ. එකම IP එකකින් එකවර දෙදෙනෙකුට බාන්න දෙන්නෙත් නැති නිසා mobile broadband පාවිච්චි කරන අයට ඒවා අකැපයි. mediafire වල ඔය කිසි කරදරයක් නෑ. තත්පර දෙකතුනක් ඇතුලත ලින්ක් එක පෙන්නනවා. Download manager එකක් භාවිත කරන්නත් කිසි තහනමක් නෑ.
Continue reading »

සැලකිය යුතුයි
