සති අන්තෙට ගෙදර ආවාම ඇති පදං unlimited ADSL එක පාවිච්චි කරන මට සතියෙ දවස්වල ජාලෙ නැතුව කාන්සිය නිසා මගේ ඩයලොග් ෆෝන් එකට ඩේටා පැකේජ් එකක් දාගෙන පාවිච්චි කරපු හැටි කලින් කිව්වනේ. ටිකක් කල් යනකොට ඒක මදි වගේ දැනෙන්න ගත්තා. මෙගාබයිට් 350 පරිස්සං කරන්න ඕනෙ නිසා බ්ලොග් වත් කියෙව්වෙ නෑ ඊමේල් බලනවා ඇරෙන්න. කොහොම වෙතත් විනාඩි 5ක් ජාලෙට සම්බන්ධ කරගෙන ඉන්නකොට ෆෝන් එක ගිණියම් වෙනවා. අනික දැං මට මේ පොඩි ප්‍රොජෙක්ට් එකකුත් තියෙන එකේ ටිකක් වැඩියෙන් ජාලය අවශ්‍යයි. ගෙදර ආවාම සම්පූර්ණ කාලයම ADSL එක අත්පත්කරගෙන ඉන්න නිසා අන්තර්ජාලට සම්බන්ධ වෙන්න බැරි අපේ තාත්තටත් මාව ඒකෙන් ගලවන්න ලොකු ඕනෙකමක් තිබ්බා. මේ නිසා මම කල්පනා කලා mobile broadband සම්බන්ධතාවයකුත් ලබාගන්න.
Continue reading »
මමත් මේ දවස්වල ලාබෙට ගන්න පුලුවන් Internet package එකක් හොය හොය ඉන්නේ. මගේ ADSL එක තියෙන්නේ ගාල්ලෙ නේ. BIT 4th Semester එක පටං ගත්තාම මට ගෙදර එන්න වෙන්නෙ නෑ සති අන්තේ. ඉතිං ඒ නිසයි wireless package එකක් හොයනනේ.
මම අද ගියා ගාල්ලේ Airtel Store එකට. පැකේජ් ගැන විස්තර අහගන්න. අර අන්ලිමිටඩ් එක නම් හිතට අල්ලලා ගියා. මොකද ඒකට ඩිපොසිට් අරක මේක තියන්න ඕනෙත් නෑනේ. රුපියල් 500ක් දුන්නාම කනෙක්ෂන් එක දෙනවා.
ඊළඟට මං ඇහුවේ මොඩෙම් වල ගනන්. එතන තියෙන මොඩෙම් එක රුපියල් 10640/= ක් කිව්වා. Huawei E220 නම් නෙමෙයි ඒක. දැක්ක හැටියට නම් Bandrich C120 වගේ. මං ඇහුවා ඒක ලොක් කරලද තියෙන්නේ කියලා. (හදිස්සියෙවත් සිග්නල් නැත්තං මොබිටෙල් එකක් වත් දාගන්න එපායැ) ඒක ගැන නම් එතන ඉන්න අය දන්නේ නැතිලු.
මං ගෙදර ඇවිත් කතා කරා Customer Care එකට. අපරාදෙ කියන්න බෑ, මාර ඉක්මනට කෝල් එකට ආන්සර් කරා. තවම ඉතින් එච්චර කස්ටමර්ලා ගොඩක් නෑ නේ care කරන්න ! මොඩෙම් එකට අවුරුද්දක් warrenty තියෙනවලු. ලොක් කරලද නැද්ද කියල කතා කරපු එක්කෙනා දන්නෙ නෑ. එයා මගේ නම්බර් එක ඉල්ලගත්තා විනාඩි 15න් ඒ ගැන දන්න කෙනෙක් මට කතා කරයි කියලා. දැං පැයක් ගියා, තවමත් නෑ.
[එකතු කිරීමක්: මම ආපහු කෝල් කරාම එක්කෙනෙක් කිව්වා එයාටෙල් ඇරෙන්න වෙන සිම් දාන්න බෑ කියලා. හැබැයි ෂුවර් නැති විදියට කිව්වේ.]
පෙනෙන හැටියට මොඩෙම් එක ලාබම මෙයාල ලඟ තමයි. මොබිටෙල් එකේ E220 මොඩෙම් එකක් රුපියල් 15000ක් කියලා සයිට් එකේ තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ මේක ලොක් කරපු එකක්ද කියන එක. මොකද මෙ මොඩ්ල් එක අන්ලොක් කරන හැටි මම දන්නෙ නෑ නේ. E220 නම් කරන හැටි ගයන්ත කියලා තියෙන්නේ.

සැලකිය යුතුයි
