ඊයේ දිවයින සිසාරා පැතිර ගිය ජංගම දුරකථන “වෛරස“ භීතිකාව නැවත වතාවක් මේ ශ්‍රී දිවයිනේ අරක්ගෙන සිටින්නේ ටොප් ක්ලාස් මැට්ටන් විශේෂයක් බව ඔප්පු කර පෙන්වීය. මේ පිලිබඳව දැනට ඇති තරම් බ්ලොග් ලිපි ලියැවී තිබුණද මේ සම්බන්ධයෙන් මගේ දැක්මද ලියා තැබීම වටිතැ‘යි සිතුනෙන් මෙසේ ලියමි.
සාමාන්‍ය පරිද්දෙන් ගෙවී ගිය ඊයේ උදෑසන 10ට පමණ මගේ විශ්වවිද්‍යාල මිතුරියක් මා හට දුරකථන ඇමතුමක් දී පවසා සිටියේ ජංගම දුරකථන වලට නන්නාඳුනන අංක කීපයකින් පැමිණෙන දුරකථන ඇමතුම් විශේෂයක් ඇති බවත්, ඉන් අධි සංඛ්‍යාත නාදයක් නිකුත්වන බවත්, එයින් මොලයට හානි වී කීපදෙනෙකු මියගොස් ඇති වග ආරංචි වී ඇති බවත් ය. මෙය DD News නම් චැනලයක පල වූ පුවතක් බව ආරංචි යැයි පැවසූ ඇය DD News යනු කුමක්දැයි මගෙන් විමසා සිටියාය. එවැන්නක් මා අසා නැති බව මම කීවෙමි. කෙසේ වෙතත් ඇයට අවශ්‍ය වූයේ මේ ආරංචිය සත්‍යයක්දැයි දැනගැනීමටත්, යම්හෙයකින් සත්‍යයක් නම් අපේ මිතුරන් සියලු දෙනා වෙත ආරංචිය ලබාදිය හැකි මාර්ගයක් සෙවීමත්ය.
Continue reading »
මෙන්න බලන්න අනුට Facebook එකේ දි ආපු message එකක්.

මේකෙන් කියන්නේ මේ message එක තවත් යාලුවෝ 15 දෙනෙකුට යැව්වෙ (forward කලේ) නැත්තම් account එක active නැති එකක් කියල සලකලා ඉවත් කරනවා කියලා. අනවශ්‍ය හා inactive acounts ඉවත් කරන්නලු මේක කරන්නේ. මේක Facebook නිර්මාතෘ මාක් සකර්බර්ග් ලියපු එකක් විදියටයි තියෙන්නෙ.
මේච්චර කල් මේ වගේ මෝඩ ආතල් ගියේ ඊමේල් හරහා විතරයි. දැං Facebook එකෙත් තියෙනවා වගේ.
ඔබටත් මෙවැනි message එකක් Facebook එකේදි ලැබුනොත් ඔලුව අතගාලා බලලා අං තියෙනවනං විතරක් තව යාලුවෝ 15කට යැවීමට කාරුණික වන්න.

සැලකිය යුතුයි
