ඉන්ද්‍රනාම » Hindi
වින්ඩෝස්/ලිනක්ස් සැමට Youtube HD වීඩියෝ
මගේ twitter මිතුරන් පසුගිය ටිකේ දකින්න ඇති මම Youtube HD ගැන දොඩවනවා. ඇත්තටම මොනවද මේ HD කියන්නෙ? HD – High Definion, සරලව කිව්වොත් DVD quality එකේ වීඩියෝ (මේ ඩීවීඩී කොලිටි කියන්නේ එක dvd එකේ චිත්‍රපටි 4ක් දැම්මාම තියෙන කොලිටි එක නෙමෙයි. සම්මත DVD-9 එකක තනි චිත්‍රපටයක් දැම්මාම තියෙන කොලිටි එක). ප්‍රමාණාත්මකව කිව්වොත් 1280×720 pixels (720p) හෝ 1920×1080 pixels (1080i/1080p). Youtube කලින් ජනප්‍රිය වී සිටියේ වීඩියෝ කාටත් බැලිය හැකි පරිදි තරමක් අඩු කොලිටි එකකින් (.flv ෆයිල් ලෙස) බෙදාහදා ගන්නා අඩවියක් ලෙස. ඒත් තාක්ෂණයේ දියුණුවත් සමගම පුලුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා ඇතිවීමත්, Blu-Ray වැනි තාක්ෂණ පැමිණි පසු වැඩි ඩිමාන්ඩ් එක ඇත්තේ high definition වීඩියෝ වලටත් නිසා Youtube එක කලකට පෙර තම අඩවියට මෙම high quality high definition වීඩියෝ ද අප්ලෝඩ් කිරීමට අවස්ථාව ලබා දුන්නා.
මම හින්දි ගීත ප්‍රිය කරන්නෙක්. ඒ වගේම බලන්නටත් ලස්සන වීඩියෝ එකක් තියෙන ගීතයක් නම් (ආචාර්ය ෂාරුක් ඛාන් සිටින එකක් නං විශේෂයි) අනිවාර්යයෙන්ම වීඩියෝ එකත් හොයාගන්නවා. නමුත් කණගාටුවට කරුණක් තමා මියුසික් වීඩියෝ හැම තැනම තියෙන ඒවා කොලිටි අන්තිමයි. බොහෝ විට vcd quality. දැං කෙනෙකුට හිතෙන්න පුලුවන් එහෙනං ඉතිං DVD එක හොයාගෙන රිප් කරගන්න බැරියැ කියල. ඔව්.. ඒක ඇත්ත. ඒත් ඉතිං ඒකට DVD එක හොයාගන්නත් එපායැ.
කියන්න ලැජ්ජ වෙන්න ඕනෙ නෑ, Youtube HD ගැන මම දැනගත්තෙ මේ ලඟදි. පොඩ්ඩක් HD වීඩියෝ සර්ච් කරල බලනකොට හින්දි අලුත් වීඩියෝ එහෙමත් සෑහෙන්න තියෙනවා. ඒවා Youtube එකෙන්ම බලන වැඩේ නං හරිගියේ නෑ. මේ 512kbps එක්ක මොන HD video streaming ද? ඉතිං මම කල්පනා කලා මේවා බාන විදියක්. මේ වෙනකොට මම මුලු දවස පුරාම පාහේ පාවිච්චි කරමින් සිටියේ Ubuntu.
මෙහෙමයි IDM මගින් බානවා නම් කරන්න ඕනේ. මුලින්ම Youtube එකට ගිහින් වීඩියෝ එක search කරන්න. එවිට ප්‍රතිපල ලයිස්තුවක් ඒවි. මේකේ Filter යටතේ ඇත්තේ All. ඒ මෙනුවෙන් HD යන්න තෝරන්න. එවිට ලයිස්තුවේ HD video පමණක් පෙන්නාවි. දැන් අදාල වීඩියෝ එක මත ක්ලික් කර ප්ලේ වෙන්නට සැලැස්වූ විට IDM භූතයා මතුවේවි. බූතයා කිව්වට මේක වීඩියෝ එක අසලින් එන කුබා බට්න් එකක්. අන්න ඒක ක්ලික් කිරීමෙන් වීඩියෝ එක බෑවෙන්න පටන් ගනීවි. මතක ඇතුව වීඩියෝ එක බෑවෙන විට අර වීඩියෝ එක ප්ලේ වෙන ටැබ් එක ක්ලෝස් කරන්න.
දැං ඉතිං වින්ඩෝස් වලට විතරක් මේක කරන්න පුලුවන් වෙලා වැඩක් තියේයැ. open source ලෝකෙටත් විසඳුමක් තියෙන්න එපායැ. (නැත්තං කොහොමද බුධාජීව, ශාකුන්තල මේ වැඩේ කරන්නේ) මම මේ වීඩියෝ බාන එක තවත් හින්දි රසිකයෙක් වන සුදාරක මලයට කිව්වාම උන්නැහේ මට දුන්නා javascript සීන් එකක් මේ වැඩේ කරගන්න පුලුවන්. මම ආයෙත් Ubuntu වලට ඇවිත් උත්සාහ කරල බැලුවට හරිගියේ නං නෑ. ඒ පාර ඒ පෝස්ට් එකේ තවත් කෙනෙක් දාලා තිබුනු කමෙන්ට් එකකින් මම වටිනා කියන Firefox ඇඩෝනයක් හොයාගත්තා.
මේ ඇඩෝනය ඉන්ස්ටෝල් කලාම වීඩියෝ එකේ පැත්තකින් ඩවුන්ලෝඩ් ලින්ක් ටික පෙන්නන්න ගන්නවා බබාලා වගේ. අපිට තියෙන්නෙ කැමති එක ක්ලික් කරන්න විතරයි. HD ඕනෙ නම් HD මත ක්ලික් කරන්න (හැබැයි කලින් HD වීඩියෝ පිටුවට ගිහින් ඉන්න ඕනේ).
ඇඩෝනය බාගන්න මෙතැනින්. (Firefox 3.5 සඳහාද උචිතයි)
වැදගත්:-
1. හැම වීඩියෝවක්ම HD නෑ. වීඩියෝ එකක් HD වෙන්න නම් අප්ලෝඩ් කරපු කෙනා HD එකක් අප්ලෝඩ් කරලා තියෙන්න ඕනේ. හැබැයි HD වීඩියෝ එකකින් low quality එක ගන්න නම් පුලුවන් Youtube එකෙන්. HD වීඩියෝ එකක HD, HQ, High-MP4, Low-FLV කියන ජාති 4ම වගේ තියෙනවා. තවත් ඒවා HD නෑ, HQ සිට පහලට තියෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම වීඩියෝ එකක High-MP4 හා Low-FLV තියෙනවා.
2. මේ IDM වල වගේම වීඩියෝ ඩවුන්ලෝඩ් කරන බට්න් එකක් අලුත් Real Player එකත් එක්ක එන බව ආරංචි උනා. ඒකෙන් මේ වැඩේ කරගන්න පුලුවන් නම් IDM හොර කොපිය පාවිච්චි කරනවට වඩා නම්බුයි. මතක ඇතුව HD වීඩියෝ එකක් ප්ලේ වෙන අතරෙදියි ඒ බට්න් එක ඔබන්න ඕනේ.
3. IDM ඉන්ස්ටෝල් කරන්න ඇඩ්මින් බලතල නැති තැනකදි Youtube වීඩියෝ බාගන්නත් අපි මේ ක්‍රම භාවිතා කරමු නේද? කරන්න තියෙන්නේ Portable Firefox එකක් (http://www.portableapps.com) බාගෙන ගෙරදි ඒකට මේ ඇඩොන් එක දාලා පෙන් එකේ යන යන තැන ගෙනියන්න.
4. ඇඩෝනය දාගත් විට IDM අවශ්‍ය නැත. ඕනෑම ඩවුන්ලෝඩ් මැනේජරයකින් බාගත හැක.
Youtube එකෙන් ගත්ත HD වීඩියෝ එකක quality ගැන අදහසක් ගන්න ඕනෙ නං මේ දීපිකා පදුකෝන් දිහා බලන්න :) (ඔරිජිනල් සයිස් එකේ පින්තූරයක්. 1280×544 pixels, 500 kB)
හිතට වැදුනු හින්දි ගීත කීපයක්
අද මේ කියන්න හදන්නේ මගේ හිත ගිය හින්දි සිංදු කීපයක් ගැනයි. මම හින්දි චිත්‍රපට එච්චර බැලුවෙ නැතත් හින්දි ගීත නම් සෑහෙන්න අහනවා, ඒ වගේම ඒ සංගීතය ගැන හොයනවා. පැරණි හින්දි ගීත ඇත්තටම අද කාලේ එන බොහොමයක් ඒවට වඩා ලස්සනයි. ඒත් ඒ කාලේ තිබුණ දුර්වල පටිගතකිරීම් තාක්ෂණය හා සංගීතය යෙදීමේ දුර්වලකම් නිසා ඒවා අද රසවිඳිනකොට ටිකක් කම්මැලි ගතියක් දැනෙනවා. අද වගේ හොඳ පටිගත කිරීම් ක්‍රම ඒ කාලේ තිබුණනම් ඒ ගීත කොච්චර හොඳට අදත් රසවිඳින්න තිබුණද කියලා හිතෙනවා.
ඒත් මේ පෝස්ට් එකේ කියන්න යන්නේ ඒ පැරණි ගීත ගැන නෙමෙයි. නූතන චිත්‍රපට කීපයක මට හමුවුන ගීත කීපයක්, ඔක්කොම වගේ වසර 2000න් මෙපිට ඒවා. මේවා ගොඩක් දෙනා අහලත් ඇති. වේග රිද්ම ඒවා නම් නෙමෙයි. සංගීතයේ හා/හෝ ගායනයේ අලංකාරයක් තියෙනවා කියලා මට හිතුන ඒවායින් ටිකක් තමා මේ දාලා තියෙන්නේ. තව ඉස්සරහට තව ඒවා දාන්නම්.
කැමති නම් අහලා බලලා/ඩවුන්ලෝඩ් කරගෙන ඒ ගැන ඔබේ අදහසත් මෙතන ලියලා යන්න.
Meelon Ka
චිත්‍රපටය: Love Story 2050 (2008)
ගයන්නේ: Kay Kay, Alka Yagnik
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Alvida
චිත්‍රපටය: Life in a Metro (2007)
ගයන්නේ: Kay Kay
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Baatein Kuch Ankahee Si (Unplugged)
චිත්‍රපටය: Life in a Metro (2007)
ගයන්නේ: Suhail Kaul
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Tujh Mein Rab Diktha Hai
චිත්‍රපටය: Rab Ne Bana Di Jobi (2008)
ගයන්නේ: Roopkumar Rathod
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Tum Se Hi
චිත්‍රපටය: Jab We Met (2007)
ගයන්නේ: Mohit Chauhan
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Khuda Jaane
චිත්‍රපටය: Bachna Ae Haseeno (2008)
ගයන්නේ: Kay Kay, Shilpa Rao
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Lukka Chuppi
චිත්‍රපටය: Rang De Basanti (2006)
ගයන්නේ: Lata Mangeshkar, AR Rahman
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Chupke Se
චිත්‍රපටය: Saathiya (2002)
ගයන්නේ: Sadhana Sargam, Murtuza, Qadir
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Mere Dholna
චිත්‍රපටය: Bhool Bhulaiyaa (2007)
ගයන්නේ: Shreya Ghoshal, MG Srikumar
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Tu Hi Meri Shab Hai
චිත්‍රපටය: Gangster (2006)
ගයන්නේ: Kay Kay
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
Maa
චිත්‍රපටය: Taare Zameen Par (2007)
ගයන්නේ: Shankar Mahadevan
අහන්න | බාගන්න | ඉංග්‍රීසි පරිවර්තනය සමග වදන්
මට මෙතනින් ගොඩක් හිතට වැදුන සිංදුවක් තමා Rang De Basanti චිත්‍රපටයේ Lukka Chuppi ගීතය. චිත්‍රපටය තුල ගීතය සම්පූර්ණයෙන්ම නැතත් ඒ රූප පෙල මහා වේදනාවක් ඇතිකරවනවා. පුතෙක්ගේ වියෝව අම්මා කෙනෙක් දරාගන්නා හැටි පෙන්නව ඒ රූපරාමු අතර ගලා ‍යන මේ ගීතයෙන් කියවෙන්නේ දිව්‍යලෝකයේ සිටින පුතාත් මෙලොව සිටින අම්මාත් අතර දෙබසක්. චිත්‍රපටය බලලා නැත්තම් හොයාගෙන බලන්න. හැමෝම බැලිය යුතුම කතාවක්.
සැ.යු: මේ ගීත වැඩිහරියක් ලබාගෙන ඇත්තේ esnips අඩවියෙනි. මෙම ගීත මවිසින් අප්ලෝඩ් කරන ලද ඒවා නොවන අතර එනිසාම ඔබ මෙම ගීත ඩවුන්ලෝඩ් කලාට මට කිසිදු මූල්‍යමය වාසියක් හිමි නොවේ. එමෙන්ම මේ කිසිදු ලින්ක් එකක් referral link එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.