මමත් Google Apps පාවිච්චි කරන්න පටන් ගත්ත නිසා මගේ chat contacts ඔක්කොම අලුත් ඊමේල් ලිපිනය වන admin@indranama.com වෙත දාගන්න ට්‍රයි කලා. ඉතින් දන්න දන්න හැමෝටම අලුත් ඇඩ්රස් එකෙන් chat එකට ආරාධනා කලා. වින්ඩෝස් වලදි මම පාවිච්චි කරන්නේ Google Talk. ඒක අවුලක් නැතුව වැඩ.
අවුල පටන් ගත්තේ මම උබුන්ටු වලට ගියාම. Pidgin සපෝට් කරන්නේ නෑ වගේ Google Apps account වලට. දන්න සෙල්ලං ඔක්කොම දැම්මත් connect වෙන්න බැරිඋනා. Pidgin වල කොහොමත් Google Talk ප්‍රොටෝකෝලයට ඩිරෙක්ට් සපෝට් එකක් නෑ නේ. Jabber/XMPP හරහා නේ වැඩේ වෙන්නේ. ඒ නිසා Apps කොහොමත් අල වෙනවා ඇති කියලා හිතුනා.
ඒ පාර බැරිම තැන ඩනිෂ්කගේ ලිපියට අනුව උබුන්ටු වලට Empathy දාගත්තා. දැන් නම් වැඩේ ගොඩ.
හැබැයි මම පස්සෙ හොයාගත්තා කොහොමද Google Apps ලිපිනයක් Pidgin වලට දාගන්නේ කියලා. ඒ නිසා Apps පාවිච්චි කරන කට්ටිය වෙනුවෙන් ඒකත් ලියන්නම්.
අපි හිතමු ඔබේ ලිපිනය yourname@yoursite.com කියලා.
1. මුලින්ම Pidgin හි නව එකවුන්ට් එකක් හදන්න පටන් ගන්න (Accounts > Manage Accounts > +Add)
2. එහි මේ ආකාරයට එන්ටර් කරන්න
- Protocol: XMPP
- Screen name: yourname
- Server: yoursite.com
- Resource: *මොකක්හරි*
- Password: ******** (ඔන්න මෙතනට තරු ගහන්න එපා. තමන්ගෙ පාස්වර්ඩ් එක ගහන්න !)
3. දැන් එහි Advanced ටැබ් එකට යන්න. මුලින්ම Force old (port 5223) SSL බොක්ස් එක ටික් කරන්න.
4. Connect port එක 5223 ලෙස දෙන්න (හරි නොගියොත් 443 දෙන්න)
5. Connect server එක ලෙස talk.google.com දෙන්න.
6. දැන් Save කරන්න.
මේ ආකාරයෙන් Pidgin හි ඔබේ Apps ලිපිනයෙන් චැට් කරන්න පුලුවන්. හැබැයි ලිනක්ස් භාවිතා කරන්නන්ට Empathy පාවිච්චි කරන්න කියලයි මම නම් කියන්නේ. මොකද ඒකෙන් වොයිස්/වීඩියෝ කෝල් ගන්නත් පුලුවන්. Pidgin වගේ ජාති ගොඩාක් සපෝට් කරන්නේ නම් නෑ. ඒත් Gtalk/Yahoo/MSN තියෙනවා. ඒ මදෑ.
වින්ඩෝස් දී එකපාර එකවුන්ට් ගොඩක් පාවිච්චි කරනවානම් Digsby උත්සාහ කරලා බලන්න. Apps සපෝට් කරනවා. නැත්තං ඉතිං Google Talk තමා.









සැලකිය යුතුයි
