Facebook chat කරන්න facebook සයිට් එකටම යන්න ඕනෙ නෑ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. Pidgin, Digsby, Trillian වගේ chat client වලින් පුලුවන් facebook chat එකට සම්බන්ධ වෙන්න. නමුත් මේ කියන්න යන්නේ Firefox බ්‍රවුසරය භාවිත කරලා facebook සයිට් එකට නොගිහින් facebook chat කරන විදිය ගැන. මේ ක්‍රමයට ඔබට වෙන සයිට් එකක් බ්‍රවුස් කරන ගමන් වුනත් chat කරන්න පුලුවනි.
මේක ඇත්තටම Firefox වල option එකක් අපේ ක්‍රමයට පාවිච්චි කිරීමක් විතරයි. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා.
Continue reading »
සිංහල !
සිංහල !!
සිංහල !!!
දැන් අන්තර්ජාලයේ අපේ වැඩ වැඩිහරියක් කෙරෙන්නේ සිංහලෙන් කිව්වොත් බොරුවක් නෙමෙයි. අන්තර්ජාලයට සම්බන්ධ වෙච්ච ගමන් පුරුද්දට වගේ මුගින්ම යන්නේ සිංහල බ්ලොග් කියවනයට. මම නම් පෞද්ගලිකව රටේ ලෝකේ වෙන දේවල් දැනගන්නෙත් සිංහල බ්ලොග් කියවලා. එන ඊමේල් වලින් 80%ක් විතර සිංහල. Facebook status update කරන්නෙ සිංහලෙන්. Tweet කරන්නෙ සිංහලෙන්.
Continue reading »
imeem™ ගැන දන්නවා නේද? ඒක Social Media Service එකක්. අපිට පුලුවන් එහි අපි ලඟ තියෙන ගීත, වීඩියෝ, ඡායාරූප බෙදාහදාගන්න සහ මිතුරන්ගේ ෆයිල්ස් බලන්න, කමෙන්ට් කරන්න. තමන් ලඟ තියෙන ගීත බෙදාහදාගන්න දෙන සයිට් එකක කොච්චර ගීත ඇත්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. පොඩි පරහකට තියෙන්නේ කොපිරයිට් ප්‍රශ්ණ නිසා මේ අඩවියෙන් ගීත බාගත කරන්න දෙන්නෙ නෑ. එම අඩවියේදීම streaming ක්‍රමයට අහන්න විතරයි ඉඩ දෙන්නේ. හදිස්සියකට අපි සිංදුවක් හොයනකොට ඒක imeem අඩවියෙම විතරක් නං තියෙන්නේ? පිස්සු හැදෙනවා නේද ඒක බාගන්න බැරිඋනාම :D ඔන්න මේ කියන්න හදන්නේ ඒවා බාගන්න හැටි, වෙනත් ටූල් නැතුව, Firefox භාවිතයෙන් පමණක්.
මගේ twitter මිතුරන් පසුගිය ටිකේ දකින්න ඇති මම Youtube HD ගැන දොඩවනවා. ඇත්තටම මොනවද මේ HD කියන්නෙ? HD – High Definion, සරලව කිව්වොත් DVD quality එකේ වීඩියෝ (මේ ඩීවීඩී කොලිටි කියන්නේ එක dvd එකේ චිත්‍රපටි 4ක් දැම්මාම තියෙන කොලිටි එක නෙමෙයි. සම්මත DVD-9 එකක තනි චිත්‍රපටයක් දැම්මාම තියෙන කොලිටි එක). ප්‍රමාණාත්මකව කිව්වොත් 1280×720 pixels (720p) හෝ 1920×1080 pixels (1080i/1080p). Youtube කලින් ජනප්‍රිය වී සිටියේ වීඩියෝ කාටත් බැලිය හැකි පරිදි තරමක් අඩු කොලිටි එකකින් (.flv ෆයිල් ලෙස) බෙදාහදා ගන්නා අඩවියක් ලෙස. ඒත් තාක්ෂණයේ දියුණුවත් සමගම පුලුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා ඇතිවීමත්, Blu-Ray වැනි තාක්ෂණ පැමිණි පසු වැඩි ඩිමාන්ඩ් එක ඇත්තේ high definition වීඩියෝ වලටත් නිසා Youtube එක කලකට පෙර තම අඩවියට මෙම high quality high definition වීඩියෝ ද අප්ලෝඩ් කිරීමට අවස්ථාව ලබා දුන්නා.
ඔබ සතුව ඇත්තේ පුලුල්තිර (Widescreen) මොනිටරයක් නම්, අන්තර්ජාලයේ සැරිසැරීමේදී එයින් උපරිම ඵල නෙලාගන්න පුලුවන් විදියක් ගැනයි මේ කියන්නේ.
උදාහරණයකට මගේ ලැප්ටොප් එකේ තිරය ගන්නම්. එය 1280×800 ප්‍රමාණයේ පුලුල්තිරයක්. ඒත් මම සැරිසරන කිසිදු වෙබ් අඩවියක content එක එතරම් පුලුල්ව විහිදී නැහැ. ඒ නිසා බ්‍රවුසරය ඒ ඉඩ solid color එකකින් හෝ අදාල සයිට් එක දී ඇති ඉමේජයකින් වසා දමනවා. මේ වගේම මම ටැබ් වැඩි සංඛ්‍යාවක් විවෘත කර ගත්තාම ටැබ් බාර් එක තදබද වී ඒවා හඳුනාගැනීමත් අපහසුයි.
ඉතින් මේ කරුණු 2ම සැලකිල්ලට ගත්තාම මට නම් පෙනුනේ ටැබ් බාර් එක තිරයේ පැත්තකට ගත්තා නම් පිලිවෙලකට බ්‍රවුස් කිරීමට ඉඩකඩ ලැබෙන බව. බ්‍රවුසරයේ පැත්තක ඉතිරි වී ඇති ඉඩකඩ ඒ සඳහා යොදාගන්න පුලුවන්. Firefox භාවිතා කරන්නන්ට මේ සඳහා හොඳ ඇඩෝනයක් තිබෙනවා VertTabBar නමින්.
මේ තියෙන්නේ එම ඇඩෝනය භාවිතා කරන විට මගේ Firefox දිස්වන අයුරු.

ඇතිතරම් ටැබ් ඕපන් කරගන්න පුලුවන් පටලැවෙන්නේ නැතිව (fox හිරවෙනකං! ).
ටිකක් පුරුදු වෙන්න අමාරු වෙයි මේකට. ඒත මට නම් පුරුදු උනාට පස්සෙ හරිම පහසුයි මේ වැඩේ. කැමති අයට මෙතනින් ඇඩෝනය ලබාගන්න පුලුවන්.


සැලකිය යුතුයි
