Facebook Hoax Message !

On 2009 පෙබරවාරි 28, in අන්තර්ජාලය, ඇසි-දිසි, කාලීන, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

මෙන්න බලන්න අනුට Facebook එකේ දි ආපු ‍message එකක්.



මේකෙන් කියන්නේ මේ message එක තවත් යාලුවෝ 15 දෙනෙකුට යැව්වෙ (forward කලේ) නැත්තම් account එක active නැති එකක් කියල සලකලා ඉවත් කරනවා කියලා. අනවශ්‍ය හා inactive acounts ඉවත් කරන්නලු මේක කරන්නේ. මේක Facebook නිර්මාතෘ මාක් සකර්බර්ග් ලියපු එකක් විදියටයි තියෙන්නෙ.

මේච්චර කල් මේ වගේ මෝඩ ආතල් ගියේ ඊමේල් හරහා විතරයි. දැං Facebook එකෙත් තියෙනවා වගේ.

ඔබටත් මෙවැනි message එකක් Facebook එකේදි ලැබුනොත් ඔලුව අතගාලා බලලා අං තියෙනවනං විතරක් තව යාලුවෝ 15කට යැවීමට කාරුණික වන්න.

Tagged with: