වෙබ් ස්පේස් එකක් තියෙන අයට (මිලදී ගත් හෝ free hosting එකක්) වැදගත් වෙයි කියලා හිතෙන php script 2ක් ගැන තමයි මේ ලියන්න හදන්නේ. සරල Transloader එකක් හා සරල Click Counter එකක්, php භාවිතයෙන් නිර්මාණය වුන.
Continue reading »
imeem™ ගැන දන්නවා නේද? ඒක Social Media Service එකක්. අපිට පුලුවන් එහි අපි ලඟ තියෙන ගීත, වීඩියෝ, ඡායාරූප බෙදාහදාගන්න සහ මිතුරන්ගේ ෆයිල්ස් බලන්න, කමෙන්ට් කරන්න. තමන් ලඟ තියෙන ගීත බෙදාහදාගන්න දෙන සයිට් එකක කොච්චර ගීත ඇත්ද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. පොඩි පරහකට තියෙන්නේ කොපිරයිට් ප්‍රශ්ණ නිසා මේ අඩවියෙන් ගීත බාගත කරන්න දෙන්නෙ නෑ. එම අඩවියේදීම streaming ක්‍රමයට අහන්න විතරයි ඉඩ දෙන්නේ. හදිස්සියකට අපි සිංදුවක් හොයනකොට ඒක imeem අඩවියෙම විතරක් නං තියෙන්නේ? පිස්සු හැදෙනවා නේද ඒක බාගන්න බැරිඋනාම :D ඔන්න මේ කියන්න හදන්නේ ඒවා බාගන්න හැටි, වෙනත් ටූල් නැතුව, Firefox භාවිතයෙන් පමණක්.
මගේ twitter මිතුරන් පසුගිය ටිකේ දකින්න ඇති මම Youtube HD ගැන දොඩවනවා. ඇත්තටම මොනවද මේ HD කියන්නෙ? HD – High Definion, සරලව කිව්වොත් DVD quality එකේ වීඩියෝ (මේ ඩීවීඩී කොලිටි කියන්නේ එක dvd එකේ චිත්‍රපටි 4ක් දැම්මාම තියෙන කොලිටි එක නෙමෙයි. සම්මත DVD-9 එකක තනි චිත්‍රපටයක් දැම්මාම තියෙන කොලිටි එක). ප්‍රමාණාත්මකව කිව්වොත් 1280×720 pixels (720p) හෝ 1920×1080 pixels (1080i/1080p). Youtube කලින් ජනප්‍රිය වී සිටියේ වීඩියෝ කාටත් බැලිය හැකි පරිදි තරමක් අඩු කොලිටි එකකින් (.flv ෆයිල් ලෙස) බෙදාහදා ගන්නා අඩවියක් ලෙස. ඒත් තාක්ෂණයේ දියුණුවත් සමගම පුලුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා ඇතිවීමත්, Blu-Ray වැනි තාක්ෂණ පැමිණි පසු වැඩි ඩිමාන්ඩ් එක ඇත්තේ high definition වීඩියෝ වලටත් නිසා Youtube එක කලකට පෙර තම අඩවියට මෙම high quality high definition වීඩියෝ ද අප්ලෝඩ් කිරීමට අවස්ථාව ලබා දුන්නා.
මට ටිකකට කලින් ඕනෙඋනා නන්දා මාලනී මහත්මියගෙ “උඩඟු ලියන් ගොතා බඳින” ගීතය. Google search එකක් දාපුවාම මට ලැබුනා ඒක esnips අඩවියේ තිබෙන බව. esnips කියන්නේ file sharing අඩවියක්. ගීත, වීඩියෝ වගේම වෙනත් ෆයිල් උනත් share කරගන්න පුලුවන්. ඒත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ ගොඩක් mp3 ඩවුන්ලෝඩ් කරන්න ඉඩ නොදීමයි. එහි embed player එකෙන් අහන්න විතරයි පුලුවන්.
මේ වගේ embeded media ඩවුන්ලෝඩ් කරන්න මම පාවිච්චි කරන්නෙ මගේ ආදරණීය Internet Download Manager එක තමයි. ඒක ඉන්ස්ටෝල් කර තිබේ නම් දැකලා ඇති අපි වෙබ් අඩවියක් බ්‍රවුස් කරනකොට එහි media ෆයිල් එකක් තියෙනවනම් මේ ආකාරයේ ඩවුන්ලෝඩ් බට්න් එකක් දිස්වෙනවා.
ඉතින් මමත් පුතය වගේ බැස්සා වැඩේට. හුටා.. IDMට බෑ ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මම esnipsහි ම තව ගීත දෙකතුනක් බැලුවා. ඒවත් බෑ. ඒ කියන්නේ esnips දැං IDM ගේ රහස දැනගෙන බ්ලොක් කරනවද කොහෙද. මමත් අතෑරියේ නෑ. ආපහු Google සරණ පැතුවා esnips media ඩවුන්ලෝඩ් කරන විදියක් දැනගන්න. එතකොටයි මේ අගනා සයිට් එක හම්බුනේ.
esnips අඩවියේ අපට අවශ්‍ය media file එකේ ඇඩ්‍රස් එක මෙතනට දුන්නාම ඩවුන්ලෝඩ් ලින්ක් එකක් generate කරලා දෙනවා. ඔබ ඩවුන්ලෝඩ් කරන්නේ mp3 එකක් නම් මෙහි mp3 ටික් එක දාන්නත්, වෙනත් ෆයිල් ජාතියක් නම් Other ටික් එක දාන්නත් අමතක කරන්න එපා.
හ්ම්.. කතා ඇති. උත්සාහ කරල බලන්න.
http://www.zuhaib.in/how-to/esnips-download-link-generator
සැ.යු: මෙතන තියෙනවා standalone app එකකුත් මේ වැඩේට. ඒක ඩවුන්ලෝඩ් කරන නොකරන එක ඔබේ වැඩක්. කරනවනම් පරිස්සමින්. අපි දන්නෙ නෑ නෙ ෂුවර් ද නැද්ද කියල.
හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන බස් දොඩවන
බොජුන් මේස මත සුවඳ හලන්නට
මා පිපුනේ නැත.. මේ දෙරණේ…
ලාබයි… ලාබයි… ලාබයි…
මේ උත්සව සමයේ
ඔබට අවශ්‍ය සියලුම ලිනක්ස් ඩිස්ට්‍රෝ එකම වහලක් යටින් !
ඔබත් අදම පිවිසෙන්න
Rapidshare සයිට් එකෙන් free user කෙනෙක් විදියට ෆයිල් ඩවුන්ලෝඩ් කරන එක කොච්චර කරදරයක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ. waiting time එකකුයි, download amount limit එකකුයි, speed limit එකකුයි, . . . . . නැති ලිමිට් එකක් නෑ.
දැං ඔන්න රැපිඩ්ෂෙයා එක තව ක්‍රමයක් හොයාගෙන free userලාව අන්දන්න. මෑතක ඉඳං ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියාම error message එකක් එනවා ‘free userලා සඳහා තියෙන downloading slots ඉවරයි, තව විනාඩි 2කින් බලන්න’ කියලා. විනාඩි 2න් ගියත් එන්නෙ ඕකමයි. හරිම අමාරුවෙන් තමයි චාන්ස් එකක් ගන්නේ.
free userලාට එච්චර හොඳ කල දසාවක් නෙමෙයි වගේ එන්නේ.
මේ හැර Making Video හෝ Footage යනුවෙන් සඳහන් කර ඇත්තේ චිත්‍රපටය නොවේ. ඒ චිත්‍රපටය හැදූ ආකාරය ගැන වාර්තා වැඩසටහනක්.
ඔබ අන්තර්ජාලයෙන් චිත්‍රපට බාගත කරනවාද (torrent වලින්) ? එහෙනම් චිත්‍රපටය බාගත කරන්න කලින් ඒකෙ quality එක කොහොමද කියලා බලාගන්න ඒකෙ description එකේ තියෙන මේ කෙටි යෙදුම් තේරුම් ගන්න.
ඒ වගේම චිත්‍රපටය නිකුත් වූ විගසම DVDrip බලාපොරොත්තු වෙන්න එපා. ඔරිජිනල් dvd එක නිකුත් කරන්නේ එය සිනමාහල් වලින් ඉවත්වු පසුවයි.
මගේ පරිගණකයට මැන්ඩ්‍රිවා ස්ථාපනය කළාමයි මට මේ වෙබ් අඩවිය මුනගැහුනේ. ජැමෙන්ඩෝ කියන්නේ අලුත් කලාකරුවන්ගේ සංගීත ඇල්බම නොමිලේ බාගත කර ගැනීමට ඉඩ සලසන තැනක්. වෙනත් අඩවි වගේ සිංදු වලින් කෑලි හෝ කොලිටි අඩු ඒවා නෙමෙයි. සම්පූර්ණ ගීත, උසස් තත්ත්වයෙන් යුත් mp3 හෝ ogg ලෙස.
අලුත් කලාකරුවන්ගේ උසස් නිර්මාණ මෙහි තියෙනවා. බාගත කරගෙන රසවිඳින්න. ඔබටත් හැකිවේවි ඒ අලුත් අයට අත දෙන්න.





සැලකිය යුතුයි
