ඉන්ද්‍රනාම » Buddhism

දැන් පන්සලේදීත් ගිණි පෑගිය හැකිය
ඔන්න ඉතිං අද උදේ වරුවෙ අපි ගෙදර කට්ටිය පන්සල් ගියා. මේ අවුරුද්දෙ අන්තිම දවස නිසා වගේම පොඩි බෝධිපූජාවක් තියන්නත් එක්ක. ඒ පන්සලේදි දැක්ක අසාමාන්‍ය දෙයක් මම කැමරාවට හසුකර ගත්තා. අසාමාන්‍යයි කියන්නේ මේක පන්සල් වලට ආගන්තුක දෙයක් නිසා.

මොකක්ද කියලා අඳුරන්න පුලුවන්ද? ආදාහනෝත්සවයක්වත්, බාබක්‍යු පාටියක්වත් නෙමෙයි,  ගිණි පෑගීමක්.

මම කොහොමත් පෞද්ගලිකව පන්සල් වල දේව වන්දනා කෙරෙනවට විරුද්ධ කෙනෙක්. ඒ මේ දේව වන්දනාව බුදු දහමට පිටතින් එකතු උන, අනවශ්‍ය ආගන්තුක දෙයක් නිසා.  ඒත් ඉතින් දේවාලයක් නැති පන්සලක් ලංකාවෙන් හොයන්න අමාරු වගේම හතර පෝයට සිල් ගන්න බෞද්ධයො උනත් පන්සලට ගියොත් දේවාලයට නොගිහින් අරින්නෙ නැති විදියට ඊට ඇබ්බැහි වෙලා.

ගිණි පෑගීම කියන්නේ කොහොමත් හින්දු ආගමෙන් ආපු දෙයක්. මෙතෙක් කල් ගිණි පෑගීම් තිබුනේ කතරගම, මුන්නේස්වරම් වැනි හින්දු දේවාල වල විතරයි. දැන් පන්සල් වලටත් මේ සංස්කෘතිය බෝ වෙලා වගේ.

මට පැනනැගුණ ප්‍රශ්නය තමයි, බෞද්ධයන් කුඩා බයිබල් කල්ලි විසින් තම ආගමට හරවා ගැනීම ගැන ඝෝෂා කරන අය, මම කඨිණ පෙරහැරේ කෙරෙන අනවශ්‍ය විකාර විවේචනය කල විට ඊට විරුද්ධව ඝෝෂා කල අය, ඇයි මේ වගේ ආගන්තුක දේවල් බුද්ධාගම ආක්‍රමණය කරනවට විරුද්ධ නොවෙන්නේ?

මෙහෙම පින්කම් වලින් පින් ලැබෙයිද?
උදේ හතරහමාරට විතර පාරේ ලොකු ගෝසාවක් ඇහිල ඇහැරුනා. බැලින්නං කඨින පෙරහැරක්. අපේ ගෙදර වටේට පන්සල් 4ක් තියෙන නිසා මොන පංසලේද කියන්න නම් දන්නෙ නෑ. මම මේ කියන්න යන්නෙ වෙනත් කතාවක්.

පාරට බැහැල බැලුවෙ නැතත් මම ඇඳේ ඉඳගෙනම හොඳට පෙරහැර අහගෙනයි හිටියෙ. මුලි හරියෙ නම් වෘත්තීය හේවිසිකරුවන්ගේ වාදනය සමග කඨින චීවරය ගෙන ගියා. මොකද මිනිස්සු සාදුකාර දුන්නා ඇහුන නිසා එහෙම වෙන්නැති. ඒ හොඳ හරිය. ඊට පස්සෙ තමයි ප්‍රේතයන්ගේ පෙරහැර ගියේ. ආයෙ දෙකක් නෑ දහම් පාසලේ කොල්ලො ටික වෙන්න ඇති.

ට්‍රිප් ගෙනියන ජාතියේ ඩ්‍රම් කීපයකට තලමින් නලා වගයක් පිඹිමින් කෑකෝ ගසමින් උන් ටික ගමන් කලේ බේබද්දන් රැලක් වගේ. උංගෙ සද්දෙ කොච්චරද කියනවනම් අහලගම් හතක මිනිස්සු ඇහැරෙන්න ඇති. මේ සද්දේ ඇහුනාම මට ඇතිවුනේ මහත් කෝපයක්. අපි උදේ පාන්දර ඇහැරිලා මෙවැනි විගඩම් වලට සවන් දිය යුතුද? අපේ නින්දට බාධා කරලා මෙවැනි තුච්ඡ ආතල් එකක් ගන්න උන් අවසර ලබා ගන්නේ ආගමේ නාමයෙන්ද? රතිඤ්ඤා පත්තු කරමින් ආ පිරිසක් අපේ ගේට්ටුව ඉස්සරහම රතිඤ්ඤාවක් පත්තු කලේ පෙරහැර බලන්න අපේ ගෙදරින් කවුරුවත් එලියට නොබැස්ස නිසා වෙන්න ඇති. මට තේරුණ විදියට උන් රතිඤ්ඤා පත්තු කලේ එහෙම තැන්වල තමා. මොකද ඉඳහිට තමා රතිඤ්ඤා සද්දෙ ඇහුනේ.

ඒහා ගෙදර සිටින මාස හය හතක් වන අතදරුවා ඇහැරී අඬන සද්දේ ඇහුනා ඉන්පස් පැයක් පමණ. ඒ ගෙදර අයට ඒක කොච්චර කරදරයක් වෙන්න ඇතිද? අතදරුවෙක්නින්දෙන් ඇහැරිලා, විශේෂයෙන්ම බයවෙලා, අඬන්න ගත්තාම නලවගන්න කොච්චර අමාරුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ.

මට හැමදෙනාගෙන්ම අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. ඒ තමයි මිනිස්සුන්ට වෛර සිතුවිලි ඇති කරමින්, තරහ ගස්සවමින්, සිදුකරන පෙරහැරකින් පලක් තියේද? කියලයි.

මේ කියන්නේ කඨින පෙරහැර තියන්න එපා කියල නෙමෙයි. මම කියන්නේ පෙරහැර තුල තියෙන වෙනත් විගඩම් නවත්වන්න කියලයි. ශබ්ද පූජා තියන්න අවශ්‍ය නෑ නේ මහපාරේ. අනික කෑකෝ ගහන එක ශබ්ද පූජාවක් නෙමෙයිනේ. කඨින පෙරහැරට එකත් වෙලා කොල්ලො කුරුට්ටො ආතල් ගන්න එක නැවැත්තුවොත් පෙරහැර සංවිධානය කරන අයටත් මීට වඩා පිං ලැබෙයි.

Buddhamas පිටුදකිමු !
බින්කු මලයාගේ බ්ලොග් එකේ තිබුනු පෝස්ට් එකක් දැකලයි මේක ලියන්න හිතුනේ. මේක කියවන්න කලින් ඒක කියවලා ඉන්නකෝ [>>]

මම මේකට විරුද්ධයි හේතු කීපයක් මත.

1. මෙහි නම Buddhamas ! ඒ මොකක්ද? බෞද්ධයන් විදියට අපි එහෙම දෙයක් අහලා නෑ නේ. Christmas තිබිච්චාවේ. ඒක බෞද්ධ ඌරුවට පෙරලන්න යන්න ඕනෙ නෑ නේද?

2. මේක Silent Night කියන කතෝලික කැරොල් ගීයේ කොපියක්. අපි එහෙම කතෝලික කැරොල් කොපි කරන්න ඕනෙද? අපිට නැද්ද ලස්සන ශාන්ත බොදු බැති ගී?

3. මෙය ගායනය/වාදනය කර ඇත්තේ භික්ෂූන් විසින් බව බින්කු මල්ලී කියනවා. ගායනය, වාදනය බෞද්ධ භික්ෂූන්ට කැප ද?

මට පෙනෙන හැටියට මේක අමෙරිකාවේ වැඩ වසන ඒ භික්ෂුව අමෙරිකානු ජනතාවට කිට්ටු වීමට කල උපක්‍රමයක්. එහෙම කියලා මේක සාධාරණීකරණය කරන්න බෑ. මේ වගේ දේවල් වලින් වෙන්නේ බුද්ධාගම හෑල්ලුවට ලක් වීම කියලයි මට හිතෙන්නේ.