දැන් පන්සලේදීත් ගිණි පෑගිය හැකිය

On 2009 දෙසැම්බර් 31, in ඇසි-දිසි, සමාජයීය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

ඔන්න ඉතිං අද උදේ වරුවෙ අපි ගෙදර කට්ටිය පන්සල් ගියා. මේ අවුරුද්දෙ අන්තිම දවස නිසා වගේම පොඩි බෝධිපූජාවක් තියන්නත් එක්ක. ඒ පන්සලේදි දැක්ක අසාමාන්‍ය දෙයක් මම කැමරාවට හසුකර ගත්තා. අසාමාන්‍යයි කියන්නේ මේක පන්සල් වලට ආගන්තුක දෙයක් නිසා.

Continue reading »

Tagged with:  

මෙහෙම පින්කම් වලින් පින් ලැබෙයිද?

On 2009 ඔක්තෝබර් 18, in ඇසි-දිසි, සමාජයීය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

උදේ හතරහමාරට විතර පාරේ ලොකු ගෝසාවක් ඇහිල ඇහැරුනා. බැලින්නං කඨින පෙරහැරක්. අපේ ගෙදර වටේට පන්සල් 4ක් තියෙන නිසා මොන පංසලේද කියන්න නම් දන්නෙ නෑ. මම මේ කියන්න යන්නෙ වෙනත් කතාවක්.

Continue reading »

Tagged with:  

Buddhamas පිටුදකිමු !

On 2009 පෙබරවාරි 28, in ඇසි-දිසි, කාලීන, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

බින්කු මලයාගේ බ්ලොග් එකේ තිබුනු පෝස්ට් එකක් දැකලයි මේක ලියන්න හිතුනේ. මේක කියවන්න කලින් ඒක කියවලා ඉන්නකෝ [>>]


මම මේකට විරුද්ධයි හේතු කීපයක් මත.

1. මෙහි නම Buddhamas ! ඒ මොකක්ද? බෞද්ධයන් විදියට අපි එහෙම දෙයක් අහලා නෑ නේ. Christmas තිබිච්චාවේ. ඒක බෞද්ධ ඌරුවට පෙරලන්න යන්න ඕනෙ නෑ නේද?

2. මේක Silent Night කියන කතෝලික කැරොල් ගීයේ කොපියක්. අපි එහෙම කතෝලික කැරොල් කොපි කරන්න ඕනෙද? අපිට නැද්ද ලස්සන ශාන්ත බොදු බැති ගී?

3. මෙය ගායනය/වාදනය කර ඇත්තේ භික්ෂූන් විසින් බව බින්කු මල්ලී කියනවා. ගායනය, වාදනය බෞද්ධ භික්ෂූන්ට කැප ද?

මට පෙනෙන හැටියට මේක අමෙරිකාවේ වැඩ වසන ඒ භික්ෂුව අමෙරිකානු ජනතාවට කිට්ටු වීමට කල උපක්‍රමයක්. එහෙම කියලා මේක සාධාරණීකරණය කරන්න බෑ. මේ වගේ දේවල් වලින් වෙන්නේ බුද්ධාගම හෑල්ලුවට ලක් වීම කියලයි මට හිතෙන්නේ.

Tagged with: