
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර වීමෙන් පසුව පසුගිය කාලයේ මමත් රැකියා සෙවීමේ නිරත වී සිටියා. ලංකාවේ IT ක්ෂෙත්‍රෙය් සෑහෙන්න රැකියා ප්‍රමාණයක් නම් තියෙනවා, නමුත් ඉන් වැඩි හරියක් තියෙන්නේ පලපුරුද්ද ඇති අයට කියලයි මට හිතුනේ. නමුත් නවකයන්ට රැකියා නැතුව නෙමෙයි. නවක අවස්ථා (trainee) තරමක් අඩු නිසා එහිදී ඔබට අවස්ථාවක් ලබාගැනීම සඳහා ඔබේ හැකියාවන්, කලින් සිදුකර ඇති ව්‍යාපෘති ආදිය විශාල භූමිකාවක් දරනවා. ඔබේ උපාධිය/ඩිප්ලෝමාව ලබාගත්තේ කොහෙන්ද යන සාධකයට වඩා ඔබ දන්නේ මොනවාද, ඔබට කරන්න පුලුවන් මොනවාද කියන එකටයි වැඩි වැදගත්කමක් ලැබෙන්නේ.
කොහොම උනත් මගේ මාතෘකාවට පාදක උනේ ඔය කියපු කාරණා නෙමෙයි. ගොඩක් රැකියා අවස්ථා ගැන දැන්වීම් වල මම දැකපු දෙයක් තමයි අයදුම්කරුවන්ට හොඳ සන්නිවේදන හැකියාවන් (Communication Skills) තිබීම අවශ්‍යතාවයක් ලෙස ඉල්ලා තිබෙනවා. කොහොමද මේ Communication Skills ඔබට ඇති බව පෙන්නන්නේ?
සම්මුඛ පරීක්ෂණයේදී ඔබේ ඉදිරිපත්කිරීම මෙය මැන බැලෙන ප්‍රධාන සාධකයක්. මීට අමතරව මෙය විදහා දැක්වීමට ඔබ දැනටමත් සිදු කරන බ්ලොග්කරණය තරම් වෙනත් හොඳ දෙයක් තියෙනවද!
බ්ලොග් අඩවියක් හරහා එය ලියන්නා කරන්නේ වැදගත් සන්නිවේදනයක්. ලිපිය තුලින් ඔහුගෙන් යම් පණිවුඩයක් පාඨක සමූහය අතරට යන අතර පාඨකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හා ඒ සඳහා නැවත රචකයාගෙන් ලැබෙන පිලිතුරු මගින් ඔවුන් අතර මනා සන්නිවේදනයක් ගොඩනැගෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඔබේ ලිවීම් විලාසය, ලිපියේ වැදගත්කම, ලැබී ඇති පාඨක ප්‍රතිචාර, ඒ සඳහා ඔබ ප්‍රතික්‍රියා කල ආකාරය ආදියෙන් ඔබේ සන්නිවේදන හැකියාව ගැන අදසක් ඔබේ සේව්‍යයාට ලබාදිය හැකියි. මා පෞද්ගලිකව සිතන ආකාරයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය ඔබේ CV එකේ සඳහන් විය යුතුයි.
රැකියා සෙවීමේ නියුක්ත වී ඉන්න අයට පණිවුඩයක් දීමටයි මේ ලිපිය ලිව්වේ. ඔබ බ්ලොග් අඩවියක් ලියනවානම් එහි වැදගත් හරවත් යමක්, සුදුසු භාෂා හැසිරවීමකින් යුක්තව ලිවීමෙන් එය ඔබේ සන්නිවේදන හැකියාවන් ප්‍රදර්ශණය කරන්නක් බවට පත්කරගත හැකියි. (මෙහි සුදුසු භාෂා හැසිරවීමක් යන්නෙන් අදහස් කලේ ‘ලියන බාසාවෙන්‘ ලිවීම නෙමෙයි. ‘කතා කරන බාසාවෙන්‘ වුනත් වැදගත් ආකාරයට ලිවිය හැකියි). අන්තර්ගතය තීරණය කිරීම ඔබේ වගකීමක්. කවර හෝ මාතෘකාවක් යටතේ වුනත් ඔබ ඔබේ පණිවුඩය කෙතරම් හොඳින් පාඨක සමාජය වෙත ලබාදෙනවාද යන්න තමයි වැදගත් වන්නේ.

ටෙක්කතා වලත්, SBU ගූග්ල් සමූහයෙත් නිතර ඇසෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න හිතුනා. ඒ තමා බ්ලොග් එකක් පටං ගන්න වඩාත් සුදුසු blogger ද, නැත්තං wordpress(.com) ද? කියන එක. ඇත්තටම බ්ලොග් එකක් පටංගන්න හදන කෙනෙක්ට මේක මුලින්ම ඇතිවන ලොකු ගැටලුවක්.
Continue reading »
මම photoblog එකක් පටං ගත්තෙ මාස දෙකකට විතර කලින්. ඒක පටන් ගන්න හිතුනෙ මලින්තගේ පොටෝබ්ලොග් එක දැකල. ඉතින් මම හිතුවා මගේ පැත්තකට දාලා තියෙන .info ඩොමේන් එකෙන් වැඩක් ගන්න, ඒකෙන් පොටෝබ්ලොග් එකක් දාන්න. දැං කැමරාෆෝන් එකකුත් තියෙන නිසා හොඳ ෆොටෝ ටිකක් ගන්න පුලුවන් වෙයි කියලා හිතුනා.
Continue reading »

සිංහල බ්ලොග්කරනයට එකතු වෙන්න කලින් මම අවුරුද්දක් විතර ඉංග්‍රීසි බ්ලොග් එකක් ලිව්වා. ඒක ගැන කවුරුවත් නොදැන හිටි නිසා කියවන්න කට්ටිය ආපු නැති බව ඇත්ත. (ඕක ප්‍රමෝට් කරගන්න මම වෙනවෙන කලෙත් නෑ) ඒ කාලෙත් මම ලිව්වෙ දැන් වගේම මම අහපු දැකපු විඳපු දේවල්. මොකද මම blog කියන වචනෙ දැනගත්ත වෙලාවෙ ඒ ගැන විස්තර හොයල බලනකොට මට ලැබුනෙ ඒ වගේ අර්ථ දැක්වීමක්. ඒක සල්ලි හොයන මාර්ගයක් වගේ මට පෙනුනෙ නෑ.
Google Ads දැකල තිබ්බත් ඒවා ලේසියෙන් අපේ අඩවි වලට දාගන්න පුලුවන් බව මම දැනගෙන හිටියෙ නෑ. Adsense අපිටත් දාගන්න පුලුවන් බව දැනගත්තාට පස්සෙ මම ඇඩ්ස් කීපයක් මගේ බ්ලොග් එකට දාගත්තත් ඒ ගැන වැඩිය පස්සෙන් එලවන්න ඕනෙකමක් තිබ්බෙ නෑ, සල්ලි වලට ආසාව තිබ්බත්. (අවුරුදු 2ක් විතර පරණ මගේ adsense එකවුන්ට් එකේ තවමත් තියෙන්නෙ ඩොලර් 23යි) පහන් ගෙ මග පෙන්වීමෙන් සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයට එකතු උනාට පස්සෙ මම දැක්කා වටිනා ලිපි සිංහලෙන් ලියන අය කීදෙනෙක් ඉන්නවද කියන එක.
මම දකින විදියට අද තත්ත්වය වෙනස්. අද ශ්‍රී ලාංකික තරුණ පරපුරේ වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නෙ බ්ලොග් කියන්නෙ ඩොලර් ඉල්ලම කියල. හේතු තියෙනවා එහෙම වෙන්න. මොකද අද අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කියන එක ෆැෂන් එකක් වෙලා. ඒ වගේම මේක හරිම ලේසියි ! මහන්සි වෙන්න ඕනෙත් නෑ ! මේකේ ප්‍රධාන නියමය මොකක්ද? Google Ads ටිකක් පුලුවන්තරම් මිනිස්සු ටිකකට පෙන්නන්න සැලැස්වීම මගින් ඔවුන් ඒවා ක්ලික් කිරීමට පෙලඹවීම. ඉතින් කොහොමද මේ ඇඩ්ස් පෙන්නන්නෙ? සයිට් දාන්න හැමෝටම බෑ. තමන්ගෙම හොස්ටිං ස්පේස් එක ගන්න බෑ, නැත්තම් අවශ්‍ය තාක්ෂණික දැනුම නෑ. අනිත් අතට ඕක මේන්ටේන් කරන්න වෙලාව නෑ. ෆෝරම් වල ඇඩ් දාන්න බෑ. එහෙනම් ලේසිම විදිය මොකක්ද? බ්ලොග් එකක් හදාගන්න එක. කොහෙන්හරි ලිපියක් හොයල කොපිකරල දානවා තමුන්ගෙ බ්ලොග් එකේ. දාගන්නවා ඇඩ්ස් ටිකක්. පැත්තකට වෙලා බලං ඉන්නවා මිනිස්සු ඇවිත් ඒවා ක්ලික් කරලා තමන්ට සල්ලි උපයලා දෙනකන්. මෙන්න මේ ක්‍රියා පිලිවෙල මුදල් අය කර උගන්නන ගුරාල පවා අද බිහිවෙලා. හා හා පුරා කියල බ්ලොග් එකක් කියන්නෙ මොකක්ද කියන දේ මේ ගුරාලගෙ දර්ශනයෙන් ඉගෙනගන්න මල්ලිල ඉතින් දිගටම හිතේ සටහන් කරගන්නෙ බ්ලොග් එකක් කියන්නෙ කොහෙන් හරි content එකක් කොපි කරල පෝස්ට් කරල ඇඩ් ටිකක් දාගෙන නිකං ඉඳං සල්ලි හම්බකරන්න පුලුවන් පාරාදීසයක් කියල තමයි. අද හොඳ බ්ලොග් එකක් ලියන මල්ලි කෙනෙක් ඉන්නවා මීට හොඳ උදාහරණයක්. ඔහු වරක් කියල තිබුන මේ සිංහල බ්ලොග් දකිනතෙක් ඔහු බ්ලොග් කියල හිතාගෙන හිටියෙ මොනවද කියල. ඔහුත් එකල මේ වගේ ඩොලර් වලට විතරක් බ්ලොග් අටවපු කෙනෙක් උනත් අද හොඳ බ්ලොග් එකක් ලියනවා
මෙහෙම කතාවක් හදිස්සියෙ කියන්න ගත්තෙ මොකද කියල මම කියන්නම්. මට අද දවල් අහම්බෙන් හම්බුනා සිංහල බ්ලොග් එකක්. ඒක සින්ඩිකේටරයෙ වත් කොත්තුවෙ වත් දැකල පුරුදු නැති නිසා මම ගියා බලන්න. (මම මෙතන ලින්ක් එක දාන්න කැමති නෑ, මොකද කැමති දෙයක් ලියන එක එයාගෙ අයිති නිසා මම ඒකට insult කරනවා නෙමෙයි, චැට් කරන මගේ හිතවතුන්ට ඕනෙනම් ලින්ක් එක දෙන්නම් එතැනදී) ඒක “බ්ලොග්කරනය” පටන් ගන්නෙ කොහොමද කියල ලියපු guide එකක්. මුලින්ම තිබුනා Blogger වෙතින් බ්ලොග් එකක් පටන් ගන්න හැටි, බොහෝම හොඳට විස්තර කරලා තිබුනා. කණගාටුවට කරුණ කියන්නේ ඊලඟට තිබුනේ තිබිය යුතු දේ නෙමෙයි. මගේ නම් අදහස ඊලඟට තිබිය යුත්තේ හොඳ පෝස්ට් එකක් ලියන්නේ කොහොමද කියන එකයි. අනේ ඒත් මේ guide එකේ ඊලඟට තිබුනේ බ්ලොගයට ads දාගන්නේ කොහොමද හා විසිටර්ලා වැඩිවැඩියෙන් අද්දවා ගන්නේ කොහොමද කියන එක ගැනයි. (සම්පූර්ණයෙන් වැරදි කියනවා නෙමෙයි මේ. බ්ලොග් අඩවිය customize කරන හැටි ගැන එහෙම හොඳ පැහැදිලි කිරීම් එහි තිබුනා, ඒ වගේම ඔහු තමන්ගෙ දිනපොත වගේ බ්ලොග් එකකුත් ලියනවා, නමුත් මේ බ්ලොග් එකේ sole objective එකයි මේ විවේචනය කරන්නේ)
ඒ කතුවරයා බ්ලොග් ගැන කියපු genuine අදහසක් මෙන්න මෙහෙමයි.
සමහරු ( මම වගෙ අය ) හුඟක් වෙලාවට බ්ලොග්ස් ලියන්නෙ ජොලියට. මම නිකම් ඉන්න වෙලාවට කරන්නෙ සින්දුවක් දාගෙන බ්ලොග් එකක් ලියන එක. මම දන්න සමහරු ඉන්නවා බ්ලොග්ස් තිහක් විතර කරන අය. ඒ ගොල්ලො ඒ ගොල්ලන්ගෙ මහන්සියට හරියන්න සල්ලිත් හොයනවා.
හුඟක් අය කරන්නෙ බ්ලොග් වල ඇඩ්සෙන්ස් වෙලඳ දැන්වීම් පල කරලා සල්ලි හොයන එක. මේ වැඩෙන් ලන්කාවෙ හුඟක් අය මාසෙකට රුපියල් 20,000 – 30 000 හොයනවා.
කොහොමද වැඩෙ ?
ඇත්තටම ඔබත් මේ වගේද? මම දන්න බොහෝ බ්ලොග්කරුවන් පෝස්ට් එකක් ලියන්නේ හොඳට සැලසුම් කරලා කරුණු එකතු කරලා. මොකද ඔවුන් ඒවා ලියන්නේ තව කෙනෙකුට දැනුම දෙන අදහසින්. ආගිය තොරතුරු පමණක්ම ලියන බ්ලොග්කරුවන් මම දැකලා නෑ. ඔවුන් ඉඳලා හිටලා පෞද්ගලික දෙයක් ලිව්වත් ඒකෙනුත් අපට ගතහැකි යම් දෙයක් තියෙනවා. මේ කතුවරයා “ලියනවා” කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බෑ. මම දන්න විදියට බ්ලොග් එකක් කියන්නේ තමන් ලියන හොඳ නිර්මාණශීලී ලිපි එකතුවක්, කැමති ක්ෂෙත්‍රයක් ගැන, පෞද්ගලික අත්දැකීම්ක් උනත්. ඇත්තටම බ්ලොග් එකක් මගින් සිදුවිය යුත්තේත් ඒකයි කියලයි මගේ අදහස.
ලංකාවේ බ්ලොග් එකක සැබෑ අරුත දන්නේ සංසදයේ, කොත්තුවේ, අච්චාරුවේ බ්ලොග් ලියන, හා ඒවා කියවන අය පමණද? ඉතිරි සියල්ලන් සිතා සිටින්නේ බ්ලොග් යනු නිකං සිට ඩොලර් ගැරිය හැකි ඉල්ලමක් කියාද? අපි කතා කරමු මේ ගැන…
දැන් self-hosted WordPress පාවිච්චි කරන්න අරන් මාසයක් විතර වෙනව. මේ ටික කාලෙ මට හම්බුවෙච්ච හොඳ ප්ලගින් කීපයක් ගැනයි මේ කියන්න යන්නෙ. මේක වැදගත්වෙයි කියලා හිතනවා අලුතෙන් WordPress එන්න ඉන්න අයට, සහ මේ ප්ලගින් ගැන නොදන්නා දැනට පාවිච්චි කරන අයට.
Admin in English
WordPress සිංහලට පරිවර්තනය කරපු මලින්තට දොස් කියනවා හෙම නෙමෙයි මේ, හරිද? දන්නවනේ සිංහලට localise කලාම කියවලා තේරුම් ගන්න ටිකක් අමාරුයි කියලා, ඒ කියන්නේ ගොඩක් තාක්ෂණික වචන වලට තියෙන සිංහල වචන හරි අවුල්, අපිට ඉංග්‍රීසි වචනෙ හුරු නිසා ඒක ලේසියි කියල හිතෙනවා. ඉතින් සිංහල-Wordpress දාගත්තාම ඇඩ්මින් පැනලයේ තියෙන දේවල් තේරුම් ගන්න බැරිනම් මේ ප්ලගිනය හොඳයි. මේකෙන් සිංහල වර්ෂනයේ ඇඩ්මින් පැනලය විතරක් ඉංග්‍රීසියෙන් පෙන්නනවා.
Clean Archives Reloaded
මේ ප්ලගිනයෙන් පුලුවන් දැනට ලියා ඇති අපේ පෝස්ට් ලයිස්තුවක් හදාගන්න. මේකෙ වැඩ කිඩ ටික බලාගන්න පුලුවන් මගේ “පටුන” පිටුවට ගියාම.
http://www.viper007bond.com/wordpress-plugins/clean-archives-reloaded/
WordPress Backup
මෙම ප්ලගිනයෙන් පුලුවන් අපේ WordPress Installation එකේ uploads, themes (දැනට පාවිච්චි කරන එක) හා plugins ඩිරෙක්ටරි zip ෆයිල් එකක් විදියට බැකප් එකක් ගන්න. මේක හරිම වැදගත් හදිස්සියේ server එකේ අවුලකින් අපේ ෆයිල් ඔක්කොම මැකිලා ගියොත් අපහු ගොඩ ගන්න.
WordPress Database Backup
මේ ප්ලගිනය ප්‍රයෝජනවත් වෙනනේ අපේ database එක බැකප් කරගන්න. database එකේ තමයි අපේ පෝස්ට් හා කමෙන්ට් තියෙන්නේ.
WordPress Thread Comment
අපේ කමෙන්ට් වලට reply කරන්න පහසුකම් සලසන්න ඕනෙනම්, මෙන්න ප්ලගින් එක. එතකොට රිප්ලයි එක්ක කමෙන්ට් ත්‍රෙඩ් ආකාරයෙන් හැදෙනවා. (මේ ප්ලගිනය හැම තීම් එකක් එක්කම වැඩ කරයිද කියල නම් සැකයි. උත්සාහ කරල බලන්න)
All In One SEO Pack
මෙමගින් අපේ බ්ලොග් එක Search Engine වලට හොඳින් ග්‍රහණය කර ගැනීමට (Search Engine Optimisation) අවශ්‍ය සැකසුම් ලේසියෙන්ම හදලා දෙනවා. අපි අතින් හදන්න මහන්සි වෙන්න ඕනෙ නෑ.
http://semperfiwebdesign.com/portfolio/wordpress/wordpress-plugins/all-in-one-seo-pack/
Google XML Sitemaps
SEO සඳහා අවශ්‍ය ප්‍රධාන දෙයක් තමයි අපේ බ්ලොග් එකේ sitemap එක, මෙය ස්වයංක්‍රීයව හදාගන්න පුලුවන් ප්ලගිනයක් තමා මේ.
http://www.arnebrachhold.de/projects/wordpress-plugins/google-xml-sitemaps-generator/
තව තව හොඳ ඒවා ලැබුනොත් ඉදිරියෙදි පල කරන්නම්. කොහොම උනත් ප්ලගින් මහ ගොඩක් පටවගන්න එක නම් එච්චර නුවණට හුරු නෑ මං හිතන්නේ. අත්‍යාවශ්‍ය දේවල් ටික දාගත්තොත් තමයි හොඳ.

දැං ටිකකට කලින් පහන් සොයුරා හදිස්සියේම මට ලින්ක් එකක් දුන්නා. ක්ලික් කරලා බලනකොට අන්තර්ජාල රේඩියෝ ගැන මම ලියපු පෝස්ට් එක, හැබැයි මගේ නෙමේ, වෙන බ්ලොග් එකක ! කලබල වෙලා දඩිබිඩි ගාලා මේක ගයන්ත මල්ලිට කියල බැලින්නං ගයන්ත මේක දැකල තියෙන්නෙ කාලෙකට කලින්.
මම තව ටිකක් හොඳට බලනකොට මෙන්න බොලේ අපේ සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදේ සින්ඩියේ ගියපු අපේ විවිධ සොයුරන් ලියපු තාක්ෂණික ලිපි බර ගාණක් මේ බ්ලොග් එකේ තියෙනවා, අකුරක් වත් වෙනස් නැතුව.
මේක මොන අදහසකින් කලාද කියල හිතාගන්න අමාරුයි, මොකද ඒකෙ ගූග්ල් ඇඩ්ස් වත් නෑ. ගයන්ත නං කියන්නේ මේක හරියට අපේ පෝස්ට් වල බැකප් එකක් වගේ කියලා හිතාගමු කියලා. මම නම් මේකට කියන්නේ “තාක්ෂණික සින්ඩිය” කියලා. මොකද මේකත් සින්ඩියක් වගේ තමා :)
මේ වගේ වැඩ ගැන ඉතින් කතා කරල වැඩක් නං නෑ. මං හිතන්නෙ අපේ සහෝදරවරු උනත් තමන්ගෙ පෝස්ට් හොරකම් කරා කියල මේ බූරුවා සමග වෛර බඳින්නෙ නැතුව අනුකම්පා කලොත් හොඳයි. තමන්ට ලියාගන්න බැරි නිසානෙ අනුන්ගෙ ඒව කොපි කරන්නෙ.
මෙන්න, ගිහිං බලන්න ඒ පැත්තෙ, ඔබේ පෝස්ට් කීයක් මෙයා අයිතිය පවරගෙනද කියල :)
පුවත්පත් ලිපියකට වඩා බ්ලොග් පෝස්ට් එකක් වඩා සාර්ථක මාධ්‍යයක් ලෙස මා දකින්නේ එහි ඇති ප්‍රතිචාර (comments) විශේෂාංගය නිසාය. එනම් පාඨකයන්ට ලිපිය ගැන තම අදහස් එවෙලේම ප්‍රකාශ කිරීමට ඇති හැකියාවය.
මා දකින කමෙන්ට් කරන පාඨකයන් වර්ග හතරකි.
- ලිපියේ ඇති දේ ගැන සතුටු වී හෝ එමගින් අලුත් දෙයක් ඉගෙන ගත් නිසා ඊට ස්තූති කරන්නන්.
- ලිපියේ අන්තර්ගතයට එකඟ වී ඊට තවත් තම අදහස් එකතු කරන්නන්.
- ලිපියේ අන්තර්ගතයට එකඟ නොවී ඒ ගැන සිය අදහස පල කරන්නන්.
- ලියුම්කරුට පෞද්ගලිකව මඩ ගැසීමට කමෙන්ට් යොදාගන්නන්.
වශයෙනි. මෙම හතර වන වර්ගය දැන් සිංහල බ්ලොග් අවකාශයේ බහුල වීගෙන එයි. මට මෙය කීමට සිත් වූයේ මගේ ක්ෂුද්‍ර බ්ලොග් එකේ දී සිදුවූ සිද්ධියක් නිසා වුවත් මෙ මා කියවා ඇති beyondframe, බුමුතුරුණු (ශාන්), සුදාරකගේ සටහන මෙන්ම මකබාස්ට ද පොදු තත්ත්වයකි.
කමෙන්ට් යනු අදහස් පල කිරීමේ අයිතිය පෙන්වා දීමක් බව ඇත්තය. එහෙත් බ්ලොග් පෝස්ට් එකක කමෙන්ට් එකක් විය යුත්තේ පෝස්ට් එක ගැන අදහස් මිස ලියුම්කරුට ගසන මඩක් නොවේ. කමෙන්ට්ස් moderate කිරීමට පෞද්ගලිකව මම විරුද්ධ වෙමි. එමගින් ලියුම්කරුට කැමති කමෙන්ට් පමණක් අනුමත කල හැකි නිසාය. එහෙත් කමෙන්ට් වල අදාල දේ පමණක්, වැදගත් භාෂාවෙන් ලිවීම කමෙන්ට් කරන්නන් ගේ වගකීමකි. විවිධ බ්ලොග්කරුවන්ට විවිධ අදහස් තිබිය හැකිය. බ්ලොග් එක පෞද්ගලික බූදලයක් වන බැවින් අයිතිකරුට එහි කැමති දෙයක් ලිවීමේ අයිතියද තිබෙන බව අමතක නොකල යුතුය. (මෙම අයිතිය නිසා කෙනෙකුට කැමති නම් අසභ්‍ය බ්ලොග් එකක් වුවද ලිවීමට හැකි අතර එය බ්ලොග් සින්ඩිකේටරයට ඇතුලත් කිරීම නොමනා බව දැනුදු මගේ මතය වේ. සින්ඩිකේටරය එවන් පාදඩ වැඩ සඳහා තැනක් නොවන බැවිනි)
එලඹ ඇත්තේ පාඨක ඔබේ වාරයයි. බ්ලොග් පෝස්ට් වල කමෙන්ට් කියවන විට පෙර කී සිව්වන ආකාරයේ කමෙන්ට්ස් ඔබටම හඳුනා ගත හැකි වනු ඇත. ඒවායේ පෝස්ට් එකට අදාල දෙයක් නොමැති බවත් ඒකායන පරමාර්ථය මඩ ගැසීම බවත් වැටහෙනු ඇත. ඒවා කියවා සිනාසෙන්න. වෙනත් ප්‍රයෝජනයක් ඒවායින් නොමැත.
වැදගත් භාෂාව ගැන මගේ මතයත් අවසාන වශයෙන් දක්වන්නෙමි. ඉංගිරිසියෙන් ලියැවුනු වෙබ් අඩවි අන්තර්ජාලයේ නහුතෙට ඇති අතර අශිෂ්ඨ භාෂාව ඇතැම් ඒවාට සාමාන්‍ය දෙයකි. එහෙත්… සිංහලෙන් අන්තර්ජාලයේ ඇත්තේ අඩවි ස්වල්පයකි. ඒවාද පහත් මට්ටමේ පහත් භාෂාවෙන් ලියවුනොත් රටේ හා භාෂාවේ ප්‍රතිරූපය කුමක්ද? සිංහල අඩවි වල තත්ත්වය රැක ගැනීම සිංහලෙන් ලියන ඔබේ වගකීමකි.


සැලකිය යුතුයි
