සුනාමි ව්‍යසනය සිදුවෙලා අවුරුදු 5ක් ගෙවෙන අද වගේ දවසක සුනාමිය ගැන මගේ මතකයත් අවදි කරන්න ඕනෙ කියලා හිතුනා. සුනාමියෙන් අනතුරට පත්වෙච්ච නගරයක ජීවත්වීමත්, ඒ ඔක්කොටම වඩා අනතුර අතපොවන මානයේ සිට දිවි ගැලවීමත් නිසා මගේ අත්දැකීම් නොලිය කොහොමද. ඒ නිසා තමයි ඊයෙ දවසෙ ඉඳන් මේ දීර්ඝ ලිපිය ලිව්වෙ.
සුනාමිය ගැන කියන්න කලින් සුනාමියට කලින් දවස ගැන කියන්නම්. ඒ 2004 නත්තල් දවස, සෙනසුරාදාවක්. ඒ කාලෙ මම උසස්පෙල කරනවා. සෙනසුරාදා සවස 5.30 – 7.30 මට රසායන විද්‍යා පංතියක් තියෙනවා ගාලු නගරයේ. ආපහු ඉරිදා උදෑසනත් 8 – 10 දක්වා ඒ පංතියම තියෙනවා. ඔන්න ඉතින් සෙනසුරාදා රෑ පංතිය ඉවරවෙලා අපේ ගැන්සිය ඇලෝසියස් පල්ලිය පැත්තෙත් රවුමක් ගහලා (නත්තල් දවස නිසා ලයිට් එහෙම දාලා බලන්න ලස්සනයි) බස් ස්ටෑන්ඩ් එකට එනකොට අපි කාටවත් යන්න බස් නෑ! මට ඕනෙනම් විනාඩි 15ක් පයින් ගිහින් ගෙදර යන්න පුලුවන් උනත් අනිත් කට්ටියත් එක්ක ඔන්න ඔහේ ඉන්නවා කියලා හිතලා අපි බස්ස්ටෑන්ඩ් එකේ තාප්ප කෑලි උඩ වාඩිවෙලා කයිය ගහ ගහ හිටියා. එච්චර වෙලාවක් බස්ස්ටෑන්ඩ් එකේ වල බැස්ස මුල්ම වතාවත් ඒකද කොහේදෝ. කොහොමහරි හෙට වෙනකොට මේක පොලවට සමතලා වේවි කියලා අපි කාටවත් හිතුනෙ නෑ. continue reading…








සැලකිය යුතුයි