ඉන්ද්‍රනාම » වර්ගීකරණය නොකළ

බ්ලොග්? සල්ලි හොයන ලේසි විදියක්ද?
සිංහල බ්ලොග්කරනයට එකතු වෙන්න කලින් මම අවුරුද්දක් විතර ඉංග්‍රීසි බ්ලොග් එකක් ලිව්වා. ඒක ගැන කවුරුවත් නොදැන හිටි නිසා කියවන්න කට්ටිය ආපු නැති බව ඇත්ත. (ඕක ප්‍රමෝට් කරගන්න මම වෙනවෙන කලෙත් නෑ) ඒ කාලෙත් මම ලිව්වෙ දැන් වගේම මම අහපු දැකපු විඳපු දේවල්. මොකද මම blog කියන වචනෙ දැනගත්ත වෙලාවෙ ඒ ගැන විස්තර හොයල බලනකොට මට ලැබුනෙ ඒ වගේ අර්ථ දැක්වීමක්. ඒක සල්ලි හොයන මාර්ගයක් වගේ මට පෙනුනෙ නෑ.

Google Ads දැකල තිබ්බත් ඒවා ලේසියෙන් අපේ අඩවි වලට දාගන්න පුලුවන් බව මම දැනගෙන හිටියෙ නෑ. Adsense අපිටත් දාගන්න පුලුවන් බව දැනගත්තාට පස්සෙ මම ඇඩ්ස් කීපයක් මගේ බ්ලොග් එකට දාගත්තත් ඒ ගැන වැඩිය පස්සෙන් එලවන්න ඕනෙකමක් තිබ්බෙ නෑ, සල්ලි වලට ආසාව තිබ්බත්. (අවුරුදු 2ක් විතර පරණ මගේ adsense එකවුන්ට් එකේ තවමත් තියෙන්නෙ ඩොලර් 23යි) පහන් ගෙ මග පෙන්වීමෙන් සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයට එකතු උනාට පස්සෙ මම දැක්කා වටිනා ලිපි සිංහලෙන් ලියන අය කීදෙනෙක් ඉන්නවද කියන එක.

මම දකින විදියට අද තත්ත්වය වෙනස්. අද ශ්‍රී ලාංකික තරුණ පරපුරේ වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නෙ බ්ලොග් කියන්නෙ ඩොලර් ඉල්ලම කියල. හේතු තියෙනවා එහෙම වෙන්න. මොකද අද අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම කියන එක ෆැෂන් එකක් වෙලා. ඒ වගේම මේක හරිම ලේසියි ! මහන්සි වෙන්න ඕනෙත් නෑ ! මේකේ ප්‍රධාන නියමය මොකක්ද? Google Ads ටිකක් පුලුවන්තරම් මිනිස්සු ටිකකට පෙන්නන්න සැලැස්වීම මගින් ඔවුන් ඒවා ක්ලික් කිරීමට පෙලඹවීම. ඉතින් කොහොමද මේ ඇඩ්ස් පෙන්නන්නෙ? සයිට් දාන්න හැමෝටම බෑ. තමන්ගෙම හොස්ටිං ස්පේස් එක ගන්න බෑ, නැත්තම් අවශ්‍ය තාක්ෂණික දැනුම නෑ. අනිත් අතට ඕක මේන්ටේන් කරන්න වෙලාව නෑ. ෆෝරම් වල ඇඩ් දාන්න බෑ. එහෙනම් ලේසිම විදිය මොකක්ද? බ්ලොග් එකක් හදාගන්න එක. කොහෙන්හරි ලිපියක් හොයල කොපිකරල දානවා තමුන්ගෙ බ්ලොග් එකේ. දාගන්නවා ඇඩ්ස් ටිකක්. පැත්තකට වෙලා බලං ඉන්නවා මිනිස්සු ඇවිත් ඒවා ක්ලික් කරලා තමන්ට සල්ලි උපයලා දෙනකන්. මෙන්න මේ ක්‍රියා පිලිවෙල මුදල් අය කර උගන්නන ගුරාල පවා අද බිහිවෙලා. හා හා පුරා කියල බ්ලොග් එකක් කියන්නෙ මොකක්ද කියන දේ මේ ගුරාලගෙ දර්ශනයෙන් ඉගෙනගන්න මල්ලිල ඉතින් දිගටම හිතේ සටහන් කරගන්නෙ බ්ලොග් එකක් කියන්නෙ කොහෙන් හරි content එකක් කොපි කරල පෝස්ට් කරල ඇඩ් ටිකක් දාගෙන නිකං ඉඳං සල්ලි හම්බකරන්න පුලුවන් පාරාදීසයක් කියල තමයි. අද හොඳ බ්ලොග් එකක් ලියන මල්ලි කෙනෙක් ඉන්නවා මීට හොඳ උදාහරණයක්. ඔහු වරක් කියල තිබුන මේ සිංහල බ්ලොග් දකිනතෙක් ඔහු බ්ලොග් කියල හිතාගෙන හිටියෙ මොනවද කියල. ඔහුත් එකල මේ වගේ ඩොලර් වලට විතරක් බ්ලොග් අටවපු කෙනෙක් උනත් අද හොඳ බ්ලොග් එකක් ලියනවා

මෙහෙම කතාවක් හදිස්සියෙ කියන්න ගත්තෙ මොකද කියල මම කියන්නම්. මට අද දවල් අහම්බෙන් හම්බුනා සිංහල බ්ලොග් එකක්. ඒක සින්ඩිකේටරයෙ වත් කොත්තුවෙ වත් දැකල පුරුදු නැති නිසා මම ගියා බලන්න. (මම මෙතන ලින්ක් එක දාන්න කැමති නෑ, මොකද කැමති දෙයක් ලියන එක එයාගෙ අයිති නිසා මම ඒකට insult කරනවා නෙමෙයි, චැට් කරන මගේ හිතවතුන්ට ඕනෙනම් ලින්ක් එක දෙන්නම් එතැනදී) ඒක “බ්ලොග්කරනය” පටන් ගන්නෙ කොහොමද කියල ලියපු guide එකක්. මුලින්ම තිබුනා Blogger වෙතින් බ්ලොග් එකක් පටන් ගන්න හැටි, බොහෝම හොඳට විස්තර කරලා තිබුනා. කණගාටුවට කරුණ කියන්නේ ඊලඟට තිබුනේ තිබිය යුතු දේ නෙමෙයි. මගේ නම් අදහස ඊලඟට තිබිය යුත්තේ හොඳ පෝස්ට් එකක් ලියන්නේ කොහොමද කියන එකයි. අනේ ඒත් මේ guide එකේ ඊලඟට තිබුනේ බ්ලොගයට ads දාගන්නේ කොහොමද හා විසිටර්ලා වැඩිවැඩියෙන් අද්දවා ගන්නේ කොහොමද කියන එක ගැනයි. (සම්පූර්ණයෙන් වැරදි කියනවා නෙමෙයි මේ. බ්ලොග් අඩවිය customize කරන හැටි ගැන එහෙම හොඳ පැහැදිලි කිරීම් එහි තිබුනා, ඒ වගේම ඔහු තමන්ගෙ දිනපොත වගේ බ්ලොග් එකකුත් ලියනවා, නමුත් මේ බ්ලොග් එකේ sole objective එකයි මේ විවේචනය කරන්නේ)

ඒ කතුවරයා බ්ලොග් ගැන කියපු genuine අදහසක් මෙන්න මෙහෙමයි.

සමහරු ( මම වගෙ අය ) හුඟක් වෙලාවට බ්ලොග්ස් ලියන්නෙ ජොලියට. මම නිකම් ඉන්න වෙලාවට කරන්නෙ සින්දුවක් දාගෙන බ්ලොග් එකක් ලියන එක. මම දන්න සමහරු ඉන්නවා බ්ලොග්ස් තිහක් විතර කරන අය. ඒ ගොල්ලො ඒ ගොල්ලන්ගෙ මහන්සියට හරියන්න සල්ලිත් හොයනවා.

හුඟක් අය කරන්නෙ බ්ලොග් වල ඇඩ්සෙන්ස් වෙලඳ දැන්වීම් පල කරලා සල්ලි හොයන එක. මේ වැඩෙන් ලන්කාවෙ හුඟක් අය මාසෙකට රුපියල් 20,000 – 30 000 හොයනවා.

කොහොමද වැඩෙ ?

ඇත්තටම ඔබත් මේ වගේද? මම දන්න බොහෝ බ්ලොග්කරුවන් පෝස්ට් එකක් ලියන්නේ හොඳට සැලසුම් කරලා කරුණු එකතු කරලා. මොකද ඔවුන් ඒවා ලියන්නේ තව කෙනෙකුට දැනුම දෙන අදහසින්. ආගිය තොරතුරු පමණක්ම ලියන බ්ලොග්කරුවන් මම දැකලා නෑ. ඔවුන් ඉඳලා හිටලා පෞද්ගලික දෙයක් ලිව්වත් ඒකෙනුත් අපට ගතහැකි යම් දෙයක් තියෙනවා. මේ කතුවරයා “ලියනවා” කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බෑ. මම දන්න විදියට බ්ලොග් එකක් කියන්නේ තමන් ලියන හොඳ නිර්මාණශීලී ලිපි එකතුවක්, කැමති ක්ෂෙත්‍රයක් ගැන, පෞද්ගලික අත්දැකීම්ක් උනත්. ඇත්තටම බ්ලොග් එකක් මගින් සිදුවිය යුත්තේත් ඒකයි කියලයි මගේ අදහස.

ලංකාවේ බ්ලොග් එකක සැබෑ අරුත දන්නේ සංසදයේ, කොත්තුවේ, අච්චාරුවේ බ්ලොග් ලියන, හා ඒවා කියවන අය පමණද? ඉතිරි සියල්ලන් සිතා සිටින්නේ බ්ලොග් යනු නිකං සිට ඩොලර් ගැරිය හැකි ඉල්ලමක් කියාද? අපි කතා කරමු මේ ගැන…

අනාගතයෙන් කතාවක්
එක්සත් ජනපදය විසින් එරට වැසියන් වන ගෝඨාභය රාජපක්ෂ හා සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට විරුද්ධව ඔවුන් විසින් ලංකාවේදී සිදු කලැයි කියන මානව සංහාර ගැන නඩු විභාගයක් පවත්වයි. (දෙමල සංවිධාන වල පැමිණිලි මත)

එම මහත්වරු දෙදෙනා වැරදිකරුවන් බව තීරණය කරන එක්සත් ජනපද අධිකරණය, ඔවුන්ට වසර තිහ බැගින් සිර දඬුවම් නියම කරන අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන් දෙදෙනා අමෙරිකාවට බාරදෙන ලෙස ලංකා රජයට දන්වා සිටී. එසේ බාර නොදුනහොත් අමෙරිකා හමුදා එවා ඔවුන් බලෙන් ගන්නට සිදුවනු ඇති බවටද තර්ජනය කරයි.

විශේෂ ජෙට් ගුවන් යානයකින් ලංකාවට පැමිණෙන චීන විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් හා නියෝජිත පිරිසක් ලංකා රජයේ අනුදැනුමද සහිතව ගෝඨාභය හා ෆොන්සේකා මහත්වරුන් එරටට රැගෙන යති.

ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන චීන රජය ලංකාවේ අභ්‍යන්තර අර්බුද වලට මැදිහත් වීමට ඇමෙරිකාවට ඇති අයිතිය අභියෝගයට ලක් කරන අතර අදාල විත්තිකරුවන් දෙදෙනා දැන් පසුවන්නේ තම රටේ බවත්, හැකිනම් චීනයට පැමිණ ඔවුන් ලබාගන්නා ලෙසත් අභියෝග කර සිටී.

රුසියාව, පාකිස්ථානය, ඉරානය ආදී රටවල් වලින් චීනයේ ප්‍රකාශයට සහය ලැබේ.

ලංකාව හා ඇමෙරිකාව අතර ප්‍රශ්නයකට අත පෙවීමට අනිත් රටවලට ඇති අයිතිය කුමක්දැයි ඉන්දියාව ප්‍රශ්න කරයි. එමෙන්ම චීනය හා පාකිස්ථානය කෙරෙහි තම විරෝධය පල කරයි.

එකවර චීනයත් පාකිස්ථානයත් න්‍යෂ්ඨික අවි වලින් ඉන්දියාවට පහර දෙති.

ඉන්දියාවේ සහයටත් ලංකාවට පහර දීමටත් අමෙරිකානු හා නේටෝ හමුදා ආසියාව දෙසට එති.

අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා 10ට පහර දී බිම හෙලීම මගින් රුසියාව ද මෙම සටනට සම්බන්ධ වේ.

තුන්වැනි ලෝක යුද්ධය ඇරඹේ…..

[මේ කිසිවක් සැබෑවට සිදුවන දේවල් නොව ඊයේ බස් එකේදී මට ටිකක් නින්ද ගිය විට සිහිනෙන් පෙනුනු විකාර රැසක් බව කරුණාවෙන් සලකන්න]

අලුත් බාසාවක් සොයාගත්තෙමි
ඔන්න ඉන්දරේ අලුත් බාසාවක් හොයාගත්තා. ඔව්… අලුත්ම අලුත්… මීට කලින් කවුරුවත් පාවිච්චි කරපු නැති එකක්. Twitter එකේ ඉන්න මගේ යාලුවො නම් දැනටමත් දන්නවා මේ ආරංචිය.

ඇත්තටම මේක මට හම්බුනේ අහම්බෙන්. ඒකත් රසවත් කතාවක්. මම ටිකකට කලින් පරණ පොත් වගයක් ඇවිස්සුවා. ඔන්න එතකොට ඒ දෙකතුනක් මගේ කීබෝඩ් එක උඩට වැටුනා. එතකොට තමා මට මේ බාසාව හම්බුනේ, මම ඒ වෙලාවේ ඕපන් කරගෙන හිටපු Visual Basic එඩිටර් එකේ තිබිලා.

මෙන්න මම ඒ බාසාවෙන් ලියපු Tweets දෙකක් !

burtoilus chenjqu neti su embsendo ! :)

o’et quntellio dimger :D

මේ බාසාව තවම හොයාගෙන ඉවර නෑ. උදාහරණයක් විදියට ඔය කලින් ලියල තියෙන වාක්‍ය වල තේරුම එහෙම තවම හොයාගෙන නෑ. ඉක්මනට ඒවත් හොයාගෙන මේ බාසාවෙන් බ්ලොග් එකක් ලියන්නයි මගේ කල්පනාව ! ඒත් ඉතින් ඒක සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට එකතු කරන්න බැරි නිසා (සිංහල නෙමේනෙ) ඔයාලට කියවන්න ලැබෙන්නෙ නෑ.

මේ බාසාවට නම් කීපයක් යෝජනා වෙලා තියෙනව. ඔයාලගෙ අදහස් එහෙමත් තියේ නම් මෙතන කමෙන්ට් කරන්න !

(මට පිස්සු කියල හිතුවද? හෙහ් හෙහ්… නෑ නෑ ! තවම නෑ. ඒත්… එක්කො නෑ.. වෙන්නත් පුලුවන්.. මේ දවස්වල විභාගෙ නෙ.. පිස්සු හැදුනත් පුදුමයක් නෑ !)

Ubuntu දී පහසුවෙන් ISO ඉමේජ mount කර ගනිමු
CD එකක හරි DVD එකක හරි ඉමේජ් එකක් පාවිච්චි කරන්න නම් එක්කො ඒක ඩිස්ක් එකකට write කර ගන්න ඕනෙ, එහෙමත් නැත්තම් virtual drive එකකට දාගන්න ඕනෙ. සාමාන්‍යයෙන් වැඩිපුරම භාවිතා වෙන්නෙ මේ virtual drive එකකට දාගැනීමේ ක්‍රමය තමා, OS එකක ඉමේජ් එකක් නොවේ නම්.

Ubuntu වලදී වෙනම virtual drive එකක් අවශ්‍ය නෑ, ඉමේජ් මවුන්ට් කිරීමේ පහසුකම ලිනක්ස් වල පෙරනිමියෙන් ම එනවා. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ Ubuntu වල ඉමේජයක් මවුන්ට් කිරීමේ මූලික ක්‍රමය terminal එකේ command ලිවීමක්, kernel loop module භාවිතයෙන්. ඒත් මම මවුසයෙන් වැඩ කරගන්න ගොඩක් කැමති නිසා ටයිප් කරන්නෙ නැතුව ඉමේජ මවුන්ට් කරන ක්‍රමයක් හොයනකොටයි මේක ලැබුනෙ. මෙහි විශේෂ වාසිය තමයි තවත් application එකක් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය නෑ. පොඩි script දෙකක් දාන්න විතරයි තියෙන්නෙ. හැබැයි මේක වැඩ කරන්නෙ Nautilus ෆයිල් මැනේජරය සඳහා පමණයි. එය Ubuntu හි default ෆයිල් බ්‍රවුසරය.

මුලින්ම මේ script දෙක ඩවුන්ලෝඩ් කරගන්න, mount.sh [610 bytes] හා unmount.sh [253 bytes],සහ ඒවා ඔබේ Home Folder එකට දමාගන්න. (ඉදිරි පියවර වලදී ඒවා එහි හි ඇතැයි මම උපකල්පනය කරනවා)

දැන් කල යුත්තේ ඒවා executable තත්ත්වයට පත්කරගැනීම. ඒ සඳහා මෙම කේත දෙක terminal එකක් ඕපන් කර ලබාදෙන්න. මෙහි username යන්න User Name එකෙන් replace කරගන්න මතක ඇතුව.

sudo chmod +x /home/username/mount.sh

sudo chmod +x /home/username/unmount.sh

දැන් කල යුත්තේ ඒවා අදාල සිස්ටම් ෆෝල්ඩරය තුලට කොපි කර ගැනීමයි.

sudo mv /home/username/mount.sh ~/.gnome2/nautilus-scripts/

sudo mv /home/username/unmount.sh ~/.gnome2/nautilus-scripts/

දැන් වැඩේ අහවරයි. දැන් Nautilus ඕපන් කරගෙන අවශ්‍ය ISO ඉමේජය ඇති තැනට යන්න. ඉමේජය රයිට් ක්ලික් කල විට ලැබෙන මෙනුවේ Scripts සබ්මෙනුව තුල අවශ්‍ය දේ තියෙනවා.

ඉමේජය මවුන්ට් කර ගැනීමට නම් mount.sh තෝරන්න

දැනට ඉමේජය මවුන්ට් වී ඇත්නම්, එය අන්මවුන්ට් කරන්න ඕනෙනම් unmount.sh තෝරන්න.

වජිර මල්ලී . . ඔබට සුබ රාත්‍රියක් . . !
මැයි 26 වෙනි දින ගාල්ල නරාවල කොහොඹනාදෙනිය ප්‍රදේශයේදී කොලඹ-මාතර අධිවේගී මාර්ගයේ පාලමක් කඩා වැටීමෙන් ඊට යටවී අවසන් ගමන් ගිය රිච්මන්ඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍ය (2008 උසස්පෙල) හා රිච්මන්ඩ් විද්‍යාලයීය තාරකා හා අභ්‍යවකාශ විද්‍යා සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික වජිර ද සිල්වා සොහොයුරා වෙනුවෙනි.

ඔබත් මමත් රෑ නිදි වරා අහසේ තරු දෙස දුරේක්ෂය අටවා සිටි අයුරු දැනුදු සිහිවේ.

ඒ තරු හැමදාමත් පවතිනු ඇත.

ඒත් ඒ තරු බලන්නට නුඹ අද නැත.

වැරදිකරුවන් එකෙක් නොව ගොඩකි.

ඒත් තම වැරදි මග හරින මේ රටේ ඔබ වෙනුවෙන් සාධාරණය ඉටු වේ දැයි සැක සහිතය.

සොයුර, ආයිත් ඉපදියන්,

ඒත් අපි අතර නොවේ,

මීට වඩා හොද දේශයක…

වජිර මල්ලී… ඔබට සුබ රාත්‍රියක් . . . !

බඳින තරම් ලේසි නෑ දික්කසාද කරන එක !
පහුගිය කාලෙ මගේ desktop කොම්පුටරේ හාඩ් ඩිස්ක් එකේ ලෙඩ දෙන්න ගත්ත නිසා ඒක ලඟදිම අවසන් ගමන් යයි කියල බයට තාත්තා තව හාඩ් ඩිස්ක් එකක් ගෙනාවා. ඉතිං මම අලුත් හාඩ් එකට වින්ඩෝස් දාලා පරණ එක ෆුල් ෆෝමැට් කරලා ආපහු පාටිෂන් හැදුවා. මම හිතන්නෙ එතකොට ඒකෙ අවුල හරිගියා ද කොහෙද. ඉතින් මම ඒකට ඉන්ස්ටෝල් කලා Mint Linux ටෙස්ට් කරල බලන්නත් එක්ක. සරලයි, පහසුයි, කරදරයක් නැතුව ඉන්ස්ටෝල් උනා.

ගෙදර කොම්පුටරේට ලිනක්ස් දැම්මා කියල වැඩක් තියේයැ. මම සතියට දවස් එකහමාරක් විතර තමා ගෙදර ඉන්නේ. ඒ ටිකෙත් ලැප්ටොප් එක බදාගෙන ඉන්නවා මිසක් අරක අල්ලන්නෙත් නෑ. ඉතිං මට හිතුනා අපරාදෙ අර හාඩ් ඩිස්ක් එක වේලි වේලි තියෙන නිසා (ගිගාබයිට් 160ක්ම) ඒක මගේ ලැප් එකටම සවිකරන්න ගැජට් එකක් මිලදීගෙන පාවිච්චි කරන්න.

ඔන්න දැං තමා අවුල. MBR එක තියෙන්නෙ වින්ඩෝස් තියෙන ප්‍රධාන හාඩ් ඩිස්ක් එකේ. ඒත් GRUB එක තියෙන්නෙ මින්ට් තියෙන දෙවන හාඩ් ඩිස්ක් එකේ. නිකංම ඒ හාඩ් ඩිස්ක් එක ගැලෙව්වොත්

GRUB Loading . . . . . . . . . .

Error 17

කියල ඇවිත් නතර වෙනවා.

හොයල බලපු හැම තැනම තිබුණ විකල්පය තමා නැවත Windows cd එක දාලා Recovery Console ගිහින් fixmbr, fixboot විධාන දීලා Windows Lootloader එක නැවත පිහිටුවන එක. ඉතිං මමත් දැම්මා Windows cd එක. රිකවරි එකට ගියාම එතන මොන කමාන්ඩ් එකක් වත් දෙන්න ඉඩ දෙන්නෙ නෑ, වින්ඩෝස් වලට යන්න එන්ටර් ඔබන්න කියල කියනවා. එබුවාම වින්‍ඩෝස් වලට යනවා.

දැං ඔන්න හීන් දාඩිය දැම්මා. ubuntu forums වල දැක්කා Ubuntu LiveCD එක දාලා ms-sys පැකේජය දාලා ඒකෙන් වින්ඩෝස් බූට්ලෝඩරය දාන ක්‍රමයක්. ඒක උත්සාහ කලා, ඒ පාර ms-sys පැකේජය ඉන්ස්ටෝල් වෙන්නෙ නෑ. එහෙම පැකේජයක් නැතිලු. (සමහරු ප්‍රතිචාර දත්වලා තිබුනා ඒ පැකේජය සඳහා Interpid වලදී සහය දක්වන්නේ නැති බවක්)

කොහොමහරි තවටිකක් හොයනකොට වෙත් ක්‍රමයක් හම්බුනා. ඒක උත්සාහ කරල බැලුවාම යන්තං ගොඩගියා.

මෙන්න මේකයි ක්‍රමය

1. Ubuntu LiveCD එකෙන් බූට් කරලා ඉන්පසුව ඒකෙ Terminal එකට ගියා

2. sudo apt-get install mbr

ගහලා mbr කියන පැකේජය දාගත්තා

3. sudo install-mbr -i n -p D -t 0 /dev/sda

ගහලා වින්ඩෝස් බූට්ලෝඩරය දාගත්තා.

හොද වෙලාවට Mint කියන්නේ Ubuntu ගේ නිවුන් සහෝදරයෙක් උනේ. මොකද මගේ Mint cd එක යාලුවෙක් ලඟ. ubuntu එකක් විතරයි ලඟ තිබුනේ.

ඔන්න ඔහොමයි දික්කසාද කරන්න ගියාම තියෙන කරදරේ ! :D

Widescreen මොනිටරයෙන් උපරිම ප්‍රයෝජන ගමුද?
ඔබ සතුව ඇත්තේ පුලුල්තිර (Widescreen) මොනිටරයක් නම්, අන්තර්ජාලයේ සැරිසැරීමේදී එයින් උපරිම ඵල නෙලාගන්න පුලුවන් විදියක් ගැනයි මේ කියන්නේ.

උදාහරණයකට මගේ ලැප්ටොප් එකේ තිරය ගන්නම්. එය 1280×800 ප්‍රමාණයේ පුලුල්තිරයක්. ඒත් මම සැරිසරන කිසිදු වෙබ් අඩවියක content එක එතරම් පුලුල්ව විහිදී නැහැ. ඒ නිසා බ්‍රවුසරය ඒ ඉඩ solid color එකකින් හෝ අදාල සයිට් එක දී ඇති ඉමේජයකින් වසා දමනවා. මේ වගේම මම ටැබ් වැඩි සංඛ්‍යාවක් විවෘත කර ගත්තාම ටැබ් බාර් එක තදබද වී ඒවා හඳුනාගැනීමත් අපහසුයි.

ඉතින් මේ කරුණු 2ම සැලකිල්ලට ගත්තාම මට නම් පෙනුනේ ටැබ් බාර් එක තිරයේ පැත්තකට ගත්තා නම් පිලිවෙලකට බ්‍රවුස් කිරීමට ඉඩකඩ ලැබෙන බව. බ්‍රවුසරයේ පැත්තක ඉතිරි වී ඇති ඉඩකඩ ඒ සඳහා යොදාගන්න පුලුවන්. Firefox භාවිතා කරන්නන්ට මේ සඳහා හොඳ ඇඩෝනයක් තිබෙනවා VertTabBar නමින්.

මේ තියෙන්නේ එම ඇඩෝනය භාවිතා කරන විට මගේ Firefox දිස්වන අයුරු.

ඇතිතරම් ටැබ් ඕපන් කරගන්න පුලුවන් පටලැවෙන්නේ නැතිව (fox හිරවෙනකං! ).
ටිකක් පුරුදු වෙන්න අමාරු වෙයි මේකට. ඒත මට නම් පුරුදු උනාට පස්සෙ හරිම පහසුයි මේ වැඩේ. කැමති අයට මෙතනින් ඇඩෝනය ලබාගන්න පුලුවන්.

Get VertTabBar addon

සංගීතයේ විශිෂ්ඨ යෙදුමක් – අහලම බලන්න
මේක ගොඩක් දෙනෙක් අහල ඇති. මේ “Dil Se” (1998) හින්දි චිත්‍රපටයේ එන ජනප්‍රිය Chaiyya Chaiyya ගීතය. ගායනා කරන්නේ ෂුක්වින්දර් සිං සමග සප්නා අවස්ති. මේ කියන්නේ ගායනය ගැන නෙමේ. සංගීතයේ විශිෂ්ඨ යෙදීමක් ගැන. සංගීතය වෙන කවුරුවත් නෙමෙයි, ඔස්කාර් සම්මානලාභී ඒ. ආර්. රහ්මාන් ගෙන්.

http://media.imeem.com/m/R55JUrJ53L/aus=false/

බලන්න මේ කොටසේ දුම්රියේ හඬ ඉතා අලංකාර ලෙස ඩ්‍රම්ස් මගින් අනුකරණය කර ඇති ආකාරය. මෙය කිරීමට සංගීත නිර්මාපකයා මෙන්න වාදන ශිල්පියා ද කෙතරම් දක්ෂයන් විය යුතුද? මට නම් මෙය ඇසෙනවිට සැබෑ දුම්රියක් මා ඉදිරිපිටින් ගමන් කරන්නාක් මෙන් දැනෙ‍නවා. ඊටම ගැලපෙන ආකාරයට මෙම කොටසේදී මනිරත්නම් කර තිබෙන රූප රචනයද අමතක කරන්න බැහැ. විවෘත වහලක් ඇති දුම්රිය මැදිරියක අමර්කාන්ත් (ෂාරුක් ඛාන්) නටන දර්ශනය දුර රූපයකින් කැමරාගත කර තිබෙනවා.

මෙය ඇසෙන විට මට මතක් වෙන්නේ කලකට පෙර ඇසූ සමිතා මුදුන්කොටුවගේ “කොළඹ දුවන්නියේ” නැමති ගීතයක්. එහි දුම්රියේ හඬ අනුකරණයට උත්සාහ දරා තිබුනේ electronic toms වලට තැලීමෙන්. එය ගැන කතා කරල වැඩක් නෑ. (හොයාගෙන අහල බලන්න).

අරුම පුදුම ගුවන්තොටුපොලක් !
මේක මම දැක්කෙ මට ආපු ෆෝවර්ඩ් ඊමේල් එකකින්. මේක හරි strange දෙයක් නිසා මට හිතුනා මේ ගැන ටිකක් හොයලා බලලා බ්ලොග් එකටත් ලියන්න.

ජිබ්රෝල්ටා කියන්නේ ස්පාඤ්ඤ අර්ධද්වීපයේ පහලින්ම ඇති කුඩා බිම් කඩක්. ඒ අසල ඇති ජිබ්රෝල්ටා සමුද්‍රසන්ධියට නම වැටී ඇත්තේද මේ රට නිසා. මෙය අභ්‍යන්තර පරිපාලනයක් ඇති බ්‍රිතාන්‍ය භූමියක් (self-governing British overseas territory), හරියට ඕස්ට්‍රේලියාව වගේ.

අරුමපුදුම දේ තමයි ජිබ්රෝල්ටාවේ ගුවන්තොටුපලේ ධාවන තීරුව (runaway) හරහා මහාමාර්ගයක් වැටී තිබීම ! අපේ රටේ දුම්රිය මාර්ග හරහා වැටී ඇති පාරවල් වල වාහන ගමනාගමනය දුම්රියක් එන විට ගේට්ටු දමා නතර කරන්නාක් මෙන් මෙහි ගුවන්යානයක් පැමිනෙන/යන විට මහාමාර්ගයේ වාහන ගමනාගමනය ගේට්ටු මගින් නවත්වනවා.

මෙසේ වීමට හේතුව මොකක්ද කියලා මේ චන්ද්‍රිකා ඡායාරූපයෙන් පේනවා. මේ රට බොහොම පටු එකක්. හරස් අතට ගුවන් පථයක් ඉදිකරාට පස්සේ පාරක් හදන්න ඉඩ කොහෙද? මේ ගුවන් පථයෙත් කොටසක් හදා තියෙන්නෙ මුහුද ගොඩකිරීමෙන් බවයි පේන්නෙ.

මෙන්න බලන්න ඡායාරූප ටික:

මට මේක දැක්කාම තවත් දෙයක් මතක් උනා. ඒ තමයි “හිත ඇත්නම් පත කුඩාද?” කියන ආප්තෝපදේශය.

ආයුබෝවන් . . !
සිංහලෙන් බ්ලොග් එකක් (බ්ලොග් එකට කියන සිංහල වචනෙ නම් දන්නෙ නෑ) ලියන්න පටන් ගන්න හිතුනා. දිගටම මේක ලියන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්නම් මම කවුද කියලා. මම, ප්‍රවීන් ඉන්ද්‍රනාම. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ශිෂයයෙක්. ඉගෙන ගන්නේ පරිගණක විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණිතය. ඒ අතරේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ, තොරතුරු තාක්‍ෂ‍ණවේදී බාහිර උපාධියත් හදාරනවා. තොරතුරු තාක්‍ෂ‍ණය පැත්තෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. විශේෂයෙන් හදාරන්නෙ ක්‍රමලේඛනය තමයි. C++, ජාවා භාවිතා කරනවා.
අද පටන් මගේ සිතුවිලි ඔබට අන්තර්ජාලය ඔස්සේ සිංහලෙන් කියවන්න පුලුවන්. අදහස් උදහස් ඇතොත් මෙහි සටහන් කරන්න. ඒක ලොකු හයියක්.

Test Code