ඉන්ද්‍රනාම » සමාජයීය

ඇමති එස්බී කියන්නා වගේ නවකවධයට ආචාර්යවරුත් සම්බන්ධද?
නවකවධයට විශ්වවිද්‍යාල ආචාර්යවරුද සම්බන්ධ යැයි එස්.බී. දිසානායක ඇමැතිවරයා කියූ බව ප්‍රධානපෙලේ පුවත්පත් රැසක අද පල වී තිබුනි. සත්‍ය වශයෙන් නම් නවකවධයට පමණක් නොව විශ්වවිද්‍යාල වල සිදුවන ප්‍රචණ්ඩක්‍රියා වලටද ඇතැම් ආචාර්යවරු වගකිවයුත්තෝ වෙති. ඇතැම්හු ඒවාට අනුබල දෙති, ඇතැම්හු ඒවා වැලැක්වීමට හැකියාව තිබියදීත් නොදැක්කා සේ යති. ඇමැතිවරයාගේ ප්‍රකාශය දුටු විට මට මතකයට නැගුනේ මගේ විශ්වවිද්‍යාල දිවියේ පුංචි සිදුවීම් දෙකකි. වතාවන් කීපයකදී මේවා බ්ලොග් අඩවියේ ලිවිය යුතුයැයි සිතුවත් ඊට නිමිත්තක් ලැබුනේ නැත. දැන් එස්.බී. ඇමැතිවරයාගේ ප්‍රකාශය හොඳ නිමිත්තක්ව ඇත.

සිදුවීම 1

අප විශ්වවිද්‍යාලයට පැමිණ සති දෙකකින් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගම් නිලවරණය පැවැත්විනි. පාර්ශ්ව දෙකකි. අපි “බොග්ගු“ හෙවත් නවකවධ විරෝධීන් වූයෙමු. අනෙකුන් “රැල්ලෝ“ හෙවත් බහුතරයක් නේවාසිකාගාරවාසී, බහුතරයක් ජවිපෙට කඩේ යන්නෝ වූහ. එමෙන්ම ඔවුහු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ බලය හිමි ඇත්තෝ වූහ. නිලවරණය පැවැත්වූයේ සිකුරාදා දිනෙකය. සවස 5ට පමණ ඡන්ද ගණන් කිරීම ආරම්භ වූ අතර ප්‍රතිථල පිටවනතුරු අප බලාසිටියෙමු. ප්‍රධාන ගේට්ටුව දෙසට යාමකින් තොරව අපේ පීඨයට ඇතුලු විය හැකි කුඩා ගේට්ටුවක් එකල තිබුනි. එය “කුරුබිලිය“ වශයෙන් හඳුන්වන ලදී. (පසුව පැමිණි ආන්දෝලනාත්මක උපකුලපතිවරයකු විසින් එම ගේට්ටුව යුද සමයේ ආරක්ෂාවට තර්ජනයක් බැව් පවසා වසා දමන ලදී. ඇත්ත නොවැ, සිස්සයෝ විස්ස විජ්ජාලේ ඇතුලට ඔය කුරුබිලියෙන් බෝම්බ ගේන්න පුලුවන් නොවැ!) වෙලාව සවස 6 පමණ වූ අතර අඳුර ද වැටෙමින් පැවතිණි. ප්‍රතිඵල අසා දැනගෙන යාමට අපේ පිරිසෙන් 50ක් පමණ රැඳී සිටි අතර ඉතුරු උන්ව අපි ගෙදර යැවීමු. මක් නිසාදයත් ඒ වන විටද යම් වාතාවරණයකට ඉඩකඩ සැලසෙමින් තිබූ බැවිණි. ඉතිරි අපි කුරුබිලිය අසල ගැවසෙමින් සිටියේ ප්‍රහාරයක් එල්ල වුවහොත් වහා පලායාමට හැකිවන නිසාවෙනි.

ඇඳිරිවැටෙත්ම ශාස්ත්‍ර/කළමණාකරණ පීඨ දෙසින් මහා සේනාවක් ප්‍රාදූර්භූත විය. ඇතැම්හු අතේ හයයි හතරේ සයිස් පොලු කෑලි හොඳින්ම පෙනෙන්නට තිබුණි. ඒ එකකින් ඔලුවට එකක් වැදුනේ නම් එතැනම අවසන් හුස්ම හෙලන්නට අපහසු නොවනු ඇත. කෙසේ වෙතත් ගැටුමක් හට නොගත් අතර නිලවරණ ප්‍රතිඵලයෙන් සුපුරුදු ලෙස අප ජයග්‍රහණය කර තිබුනි. ජයඝෝෂාවකින් සතුට සැමරූ අපි වහ වහා විසිර ගියෙමු.

හොඳ කතාවක් දැනගන්නට ලැබුනේ පසුවය. මීට සම්බන්ධ මහාචාර්යවරයා දැනට ව්‍යවහාරික විද්‍යාපීඨයේ ඉහලම නිලය දරන්නා වේ. හේ එකල සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ අතර, විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු සම්බන්ධ තනතුරක් දැරීය. මෙම තනතුර නිසා හේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සමග සමීප ඇසුරක් පැවැත්විය. (නැතුව උන්ව තහරකරගත්තේ නම් ඔහුගේ අර තනතුර නැතිවයාහැකිව තිබුනි) එදා ගැටුම සඳහා පිරිස් පොලු රැගෙන පැමිණ සිටි අවස්ථාවේ ඔහු එදෙසට පැමින ඇත. පොලු රැගත් සිසුන් ලඟට කිට්ටු කල ඔහු පවසා ඇත්තේ “යකෝ ඕවා ගෙනාවට කමක් නෑ, පේන්න තියං ඉන්නෙ නැතුව හංගන් ඉඳපන්“ යනුවෙන් මිත්‍රශීලී ස්වරයෙනි. මේ බව අපට කීවේ එය සියැසින් දුටු තාවකාලික ප්‍රදර්ශකවරයෙකි (demonstrator).

සිදුවීම 2

කෙසේ වෙතත් රැල්ලෝ පරාජය වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කරන බව පෙනුනේ ඊලඟ සඳුදාය. උදෑසන සිටම පරිසරය ව්‍යාකූල බවක් ඉසිලීය. විවේක කාලයේ තරමක ගැටුමක් හටගත්තේය. පීඨාධිපතිවරයා සහ තවත් ආචාර්යවරු කිහිප දෙනෙකු මැදිහත් වී එය විසඳීමට උත්සාහ දරනු පෙනිනි. මේ වන විට විශ්වවිද්‍යාල සංස්කෘතියට ආගන්තුකයෝ වූ අපිට එහි “වලි“ ගැන කිසිදු අවබෝධයක් තිබුනේ නැත. මා සිතුවේ පාසලේදී සිදුවන්නාක් මෙන් පීඨාධිපති වරයා පැමිණ සත්තමක් දැමූ විට සිසුන් විසිරයනු ඇතැයි කියාය. එහෙයින් අපට දිවා විවේකයෙන් පසුව තිබූ භෞතික විද්‍යා දේශනයට සහභාගීවීම සඳහා අපි දේශනශාලාවට ඇතුලුවීමු.

දේශණය ආරම්භ වී විනාඩි 10ක් ඉක්මෙන්නටත් මත්තෙන් එලියේ ගැටුම ආරම්භ විය. යෂ්ඨිධාරීන්, පාෂාණධාරීන් සැරිසරනුද, පාෂාණ පියාඹනුද පෙනුනි.  මගේ දුරකථනයට ආ පණිවුඩ කිහිපයකින්ම කියවුනේ අපේ කට්ටිය විශ්වවිද්‍යාල භූමියෙන් බැහැරව එලියට ගොස් ඇති බවත්, ඇතුලේ සිටීම භයානක බැවින් හැකිනම් වහාම දේශනයෙන් පැණ හෝ එලියට එන ලෙසත්ය. මෙය පැයේ දේශණ දෙකක එකතුවකි. මුල් දේශනය පැවැත්වූ තැනැත්තා ආචාර්ය A යයි අපි කියමු. ඔහු සුපුරුදු පරිදි කිසිවක් සිදු නොවූ පරිද්දෙන් දේශණය කරගෙන ගියේය. ඒ පැය අවසානයේ දෙවැනි දේශනය සඳහා ආචාර්ය B පැමිණියේය. හේ කරුණාවන්ත මිනිසෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූවෙකි. “දරුවනේ, පේනවනේ එලියේ ගැටලුවක් තියෙන බව. ඒ නිසේ මේ වන විට ඔබලාගේ පීඨය තාවකාලිකව වසාදමලයි තියෙන්නෙ. ඒ නිසා අපි දැන් එලියට යමු. මම ඔය කට්ටියත් එක්ක එලියට යන්න එනවා. මගේ පස්සෙන්ම එනවා මිසක් වෙන පාරවල්වල යන්නවත්, වටපිට බලන්නවත්, වෙන කවුරුත් කතා කලාට යන්නවත් එපා“ හේ පැවසීය. ඉන්පසු ඔහු දේශනශාලාවේ සාමාන්‍යෙයන් භාවිතා නොකෙරෙන දොරක් හැර අපිව පිටතට ගෙන ප්‍රධාන ගේට්ටුව වෙත යාමට මූලිකත්වය ගත්තේය. ආචාර්ය A අපේ පෝලිමේ පිටුපසින් එක්වූයේය.

අප දේශන ශාලාවෙන් එලියට බසිනවාත් සමගම ජ්‍යෙෂ්ඨ රැල්ලෝ (උත්තමයෝ) කිහිපදෙනෙකුම පෝලිම වටකරගත්හ. “කොහෙද යන්නේ?“ මගේ අතින් දැඩිව අල්ලාගත් එකෙක් ඇසීය. බිරන්තට්ටු වී සිටි මම “එලියට යනවා අයියේ“යි ගොතගසමින් කීවෙමි. “වරෙන් යන්න අපිත් එක්ක..“ හේ මගේ අතින් අදිමින් කීවේය. ආචාර්ය B මෙම සිද්ධිය දුටු අතර හේ වහා අප දෙස හැරී “මොකක්ද ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නෙ?“ යැයි අර ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගෙන් දැඩිව විමසා සිටියේය. “නෑ සර්…“ කියා ෂේප් වූ ඔවුන් නැවත හැරී යන ගමන් මා ඇතුලු පිරිසට පා පහරවල් එල්ල කලහ. ඉදිරිපස බලාගෙන සිටි මා පාපහර එල්ලවූයේ කොහෙන්දැයි නොදුටු නිසා ඒ පිලිබඳව විමසීමට පිටුපස බලන විට දුටුයේ ජ්‍යෙෂ්ඨ උත්තමයින් දිව යන අයුරුත් අර ආචාර්ය A සුපුරුදු පරිදි මුකුත් නොදන්නා විලසින් පෝලිම පිටුපසින් එන බවය. පහර දුන් අය කවුරුදැයි ඔහු හොඳින් දුටු බවට සැක නැත. එහෙත් ඔහු එය වැලැක්වීමට කිසිදු පියවරක් ගත්තේ නැත.

මා නිරීක්ෂණය කල පරිදි ආචාර්යවරුන්ගෙන් ඉතා සුලු කොටසක් පමණකි නවකවධය හා ඒ හා සම්බන්ධ ප්‍රචණ්ඩක්‍රියා වැලැක්වීමට උත්සාහ දරන්නේ. තවත් සුලු කොටසක් ඊට සහය දක්වති. වැඩි කොටසක් කරන්නේ ඕවා නොදැක්කා සේ සිටීමය.

දෙන දෙයක් හිතේ සතුටින් දෙන්න
වෙලාව: උදෑසන 8ට පමණ

ස්ථානය:බොරැල්ල මංසන්ධියේ ශ්‍රී රම්‍යා හෝටලය

සිද්ධිය:

මා කඩයට ඇතුලුවන විට පිණ්ඩපාතේ වඩින ස්වාමීන්වහන්සේ නමක් පිණ්ඩපාතය බලාපොරොත්තුවෙන් කඩය ඉදිරිපස සිටි අතර, මා ඇතුලුවෙත්ම කඩේ ලියන මහත්තයා බත් පාර්සලයක් රැගෙන හිමියන් අභිමුවට ගියේය. දානය පිලිගත් උන්වහන්සේ ඊට කළගුණසැලකීමක් මෙන් තමන් වහන්සේ ලඟ තිබූ පිරිත් නූල් පන්දුවකින් පිරිත් නූලක් රැගෙන ලියන මහත්මයාගේ අතේ බඳිනු පෙනුනි. මේ අතර කඩේ කැෂියර් එකේ සිටි කඩ හිමියා වෙනත් සේවකයකුට මෙසේ කීය

“කෝ මේ ලියන මහත්තය එන්නෙ නැද්ද මංද, ගිහින් බලපං අර ලොරිය පොඩ්ඩක්“

කඩ හිමියා විසින් කඩයට පැමිණි යම්කිසි භාණ්ඩ බෙදාහරින ලොරියක් නවත්වාගැනීමට ලියන මහත්තයාට කලින් පවරා තිබූ බව මට පසක් විය. ගෝලයා නැවත පැමිණියේ ලොරිය ගොස් ඇතැයි පවසමිනි. එවිටම ලියන මහත්තයාද කඩය ඇතුලට පැමිණියේය.

“මොකක්ද ලියන මහත්තයා මෙච්චර වෙලා කලේ, අර ලොරියත් ගියා“

“හාමුදුරුවො එන්න දුන්නෙ නෑ නේ, පිරිත් නූලක් බඳින්න ගත්තනේ“

“මොන රෙද්දක් අස්සෙ රිංගන්න එනවද මංද මේ හාමුදුරුවොත් උදේ පාන්දර, බලනව ඉතින් අර ලොරිය යන්න ගියානෙ, ඕවයින් වෙන පාඩු හාමුදුරුවො අල්ලල දෙනවයැ“

එහිමියන් පිටුපස ගොස් මේ සිද්ධිය කියා නැවත එබඳු තැන් වලට පිණ්ඩපාතය නොවඩින ලෙස කීමට මට සිත් විය. නමුත් මා මගේ ආහාර පාර්සලය රැගෙන කඩයෙන් පිටතට එන විට උන්වහන්සේ පෙනෙන්නට සිටියේ නැත.

හිතේ සතුටෙන් නොදෙන, මෙවන් දානමාන පින්කම්වල අර්ථය කුමක්ද?

දේව බැලුම අපිටද, හොරුන්ටද?
කොළඹ-ගාල්ල මහාමාර්ගයේ හෙවත් A2 පාරේ යන වාහන නවත්තලා පඬුරු දාන තැන් සාමාන්‍යයෙන් දෙකක් තියෙනවා. එකක් කළුතර බෝධිය. අනික සීනිගම දෙවොල් දේවාලය.

රාත්‍රී 10, 11 පහුවෙලා සීනිගම දේවාලය ඉදිරිපිට වාහනය නවත්තලා බැහැලා පඬුරු දාන්න යන අයව පිහි පෙන්නලා බය කරලා මංකොල්ල කන පිරිසක් එතැන ඉන්න බව පහුගිය දවසක මට ආරංචි උනා. පොඩ්ඩක් සොයලා බැලුවාම කතාව ඇත්ත බවත් දැනගන්න ලැබුනා.

ඉතිං මට ඇතිවෙච්ච ප්‍රශ්නය තමයි, තමන්ට පඬුරක් දාලා තමන්ගෙන් පිහිට පතන්න එන බැතිමතුන්ට තමන්ගේ ඇස් ඉදිරිපිටදීම කරදරයක් වෙන්න ඉඩදෙනවනං, ඔවුන් රැකගන්න බැරිනම්, මොකක්ද ඒ දෙවියන්ගෙන් ඇති පලේ කියන එක, එහෙම දෙවියෙකුට පඬුරු දාලා පිහිට පතලා වැඩක් තියේද කියන එක. දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබෙන්නේ අර මංකොල්ලකාරයන්ටද දන්නෙත් නැහැ, මොකද උන් දෙවියන්ගේ බල සීමාව වන ඒ අසල්වාසී ගම්වැසියන් වෙන්න පුලුවන් නිසා. එහෙමනං ඉතිං සොරුන්ට උදවුකරන දෙවියෙක්ගෙන් වැඩක්ම නෑ නොවැ!

කෙටියෙන් කියන්න තියෙන්නේ කරුණු දෙකයි. එක, දෙවියන්ගේ තරම දැන්වත් තේරුම් ගන්න. දෙක, රෑ බෝවෙලා ගාලු පාරේ යනවනං සීනිගම දේවාලේ ඉදිරිපිට නවත්තලා පඬුරු දාන්න හිතන්න එපා. ඒක නිකරුනේ කරදරයකට අතවැනීමක් වෙන්න පුලුවන්.

facebook: තමුන්ගේ ආරක්ෂාව තමුන්ම සලසාගමු
ෆේස්බුක් හි ඡායාරූප මගින් පුද්ගලිකත්වයට හානිවිය හැකි ආකාරයන් ගැනත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක පියවරක් ලෙස Friend List සාදාගැනීම ගැන පසුගිය ලිපියකින් මා කතා කලා. මේ ලිපිය කියවීමට පෙර එම ලිපිය කියවීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතනවා.

ෆේස්බුක් හි ඡායාරූප ගැන කතා කලොත්, අලුත් ෆේස්බුක් සංස්කරනයේදී (පෙරනිමියෙන් එන සැකසුම් අනුව) ඡායාරූප ටැග් වී ඇති අයගේ මිතුරන්ටත් දිස් වන බව ඔබ දන්නවා ඇති. Friend List වලට බෙදා ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමෙන් මෙම ගැටලුව මගහැරෙන බවත් අපි සාකච්ඡා කලා. පසුගිය ලිපියේදී කතා කලේ මෙසේ ඡායාරූප අප්ලෝඩ් කරන අයගේ පැත්තෙන්. එනම් තමන්ගේ ඡායාරූප වලින් එහි සිටින අයට සිදුවිය හැකි හානි අවම කරගන්නේ කොහොමද කියලා. අද කතා කරන්න යන්නේ ඡායාරූප වල ටැග් වී සිටින්නන්ගේ පැත්තෙන්, කොහොමද ඔවුන් සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්නේ කියන එක ගැන. සරලව කිව්වොත් අගතියට පත්වූ පාර්ශ්වය වෙනුවෙන් තමයි අද කතා කරන්නේ :D

මෙහෙම උදාහරණයක් ගනිමු. ඔබ මිතුරන් සමූහයක් සමග විනෝද චාරිකාවක් ගියා. විනෝද චාරිකාවක් ගියා කියන්නේ ඊට පසු දිනයේ සිට ෆේස්බුක් වෙත ඡායාරූප වැසි වසිනවා කියන එකයි. ඔබේ මිතුරා පින්තූර ෆේස්බුක් වෙත එකතු කොට තියෙන්නේ Friends Only වරණය සහිතව. නමුත් ඔබ දන්නවා ඉන් ඔබ ටැග් වී ඇති පින්තූර ඔබේ මිතුරන්ටද පෙනෙන (හා කමෙන්ට් කිරීමේ හැකියාව පවතින) බව.

නමුත් ඔබේ මිතුරු ලයිස්තුවේ සිටින ඇතැම් අයට ඔබේ පින්තූර පෙන්වීමට ඔබට ඇවැසි නැති වෙන්න පුලුවන් (පුද්ගලික හේතු මත). ඔවුන්ව ෆේස්බුක් මිතුරු ලයිස්තුවෙන් ඉවත් කිරීමටත් බැහැ, නමුත් අතේ දුරින් තබාගත යුතු තත්වයක් පවතින අවස්ථා බොහෝ දෙනෙකුට තිබෙනවා. මෙවැනි අවස්ථාවක අර පින්තූර ඔවුන්ට පෙනීම වලක්වන්නේ කොහොමද කියන ප්‍රශ්නය එනවා. පින්තූර අප්ලෝඩ් කල ඔබේ මිතුරාට කිව්වොත් “කරුණාකරලා ඔයා friend list හදලා අදාල අයට පේන්න විතරක් පින්තූර දාන්න“ කියලා ඔය වැඩේ කවදාවත් කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන් ටැග් වී ඇති පින්තූර අවශ්‍ය අයට විතරක් පෙන්වන්න විදියක් නැද්ද?

ඇත්තෙන්ම පුලුවන්. විශ්වාසවන්ත අයට පමණක් තමා ටැග් වී ඇති ඡායාරූප පෙන්වීමේ හැකියාව පවතිනවා. මේ ක්‍රියාව වඩාත් පහසු කරගැනීමටත් ඒ පුද්ගලයන් List වලට දමා තිබීම වැදගත්. ලිස්ට් සාදාගැනීම හා ඊට මිතුරන් එක් කරන්නේ කෙසේද යන්න ගැන කලින් ලිපියේදී මා කතා කලා.

මෙසේ අවශ්‍ය අයට පමණක් ඡායාරූප දැක්වීම සඳහා අවශ්‍ය සැකසුම් සිදුකිරීමට ඔබ යා යුත්තේ Privacy Settings වෙත. මෙය ඔබේ ෆේස්බුක් වින්ඩෝවේ දකුණුපස ඉහල කෙළවරේ Account යටතේ (හෝ ඔබ Timeline සක්‍රීය කරගෙන ඇත්නම් දකුණු පස ඉහල කෙළවරේ Home අසලින් ඇති ඊ හිස ක්ලික් කිරීම මගින්) ලබාගත හැකියි.

මෙම පිටුවේ පහල කොටසේ How Tags Work යනුවෙන් ඇති හෙඩිම ඉදිරිපස ඇති Edit Settings ක්ලික් කරන්න.

එහිදී මතුවන සංවාද කොටුවේ ඇති Maximum Profile Visibility of posts you’re tagged in once they’re on your profile මගින් ඔබේ Timeline (Wall) එකේ ඇති ඔබ ටැග් වූ අයිතම (ඡායාරූප, ස්ටේටස් අප්ඩේට්) පෙන්විය යුත්තේ කාටදැයි යන්න සඳහන් වෙනවා. දැනට ඒ ඉදිරිපිට ඇති ලයිස්තුවේ ඇත්තේ Friends හෝ Friends of Friends වන්නට පුලුවන්.

මෙම ලයිස්තුව මත ක්ලික් කර Custom තේරීමෙන් ඔබට සුපුරුදු සංවාද කොටුවක් නැවතත් මතුවෙනවා. මින් ඔබට අවශ්‍ය Friend List කීපයකට පමණක් අදාල දේ පෙන්වන ලෙස සකස් කරන්නේ කෙසේදැයි කලින් ලිපිය කියවූ ඔබ දැනටමත් දන්නවා. (ඉන් Specific People or Lists.. තෝරා අවශ්‍ය List යෙදීමෙන්)

මේ ආකාරයෙන් සකස් කල පසු ඔබ ටැග් වූ ඡායාරූප දිස්වනුයේ ඔබ ලබාදුන් List වල සිටින අයට පමණයි. මෙහිදී මතක තබාගත යුතුයි ඔබේ Profile Pictures, Mobile Uploads වැනි ඇල්බම ඕනෑම අයෙකුට දිස්වන බව.

Profile Pictures ඇල්බමය අන් අයට පෙන්වීම අවශ්‍ය නැත්නම් එහි Privacy සැකසුම Only Me ලෙස යෙදීම කල හැකියි. එවිට ඔබේ මිතුරන්ට දිස්වන්නේ ඔබේ දැන් profile picture එක පමණයි, ඒ ඇල්බමයේ ඇති අනිත් පින්තූර පෙනෙන්නේ නැහැ. අවශ්‍ය නම් Only Me වෙනුවට කැමති මිතුරු ලයිස්තුවක් වුවත් ලබාදිය හැකියි.

Facebook හි මිතුරන් දැන්වත් ලැයිස්තුගත කරමුද?
මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය වැදගත් වෙන්නේ Facebook හි තමන්ගේ හා තම මිතුරු මිතුරියන්ගේ පුද්ගලිකත්වය (privacy) ගැන සැලකිලිමත් වෙන අයට පමණයි. අනිත් අයට මෙහි ගන්න යමක් නැති වේවි.

ගත වූ මාසය ඇතුලත Facebook තරමක් අලුත් වීම් වලට බඳුන් වූ බව එය භාවිතා කරන හැමදෙනාම දන්න කරුණක්. මේ අතර එහි profile පවා අලුත්වීමකට බඳුන් වන්නේ Timeline නැමති අලුත් විශේෂාංගය මගින්. තවමත් සියලු දෙනාට මුදාහැර නැති මෙම අලුත් විශේෂාංගය අවශ්‍ය නම් කුඩා hack එකක් මගින් ඔබටත් ලබාගත හැකියි.

යමෙකුට ප්‍රශ්න කරන්න පුලුවන්, “facebook එක මෙච්චර චාටර් තැනක් නම්, ඇයි ඒක පාවිච්චි කරන්නෙ ඒක විවේචනය කර කර?“ කියලා. සත්‍යය තමයි අපි කැමති උනත් තැතත් සමාජ ජාලයන් විසින් අපේ අනාගත අන්තර්ජාලය ආක්‍රමණය කර අවසන්. දිනෙන් දින අන්තර්ජාලය අපේ ජීවිත ආක්‍රමණය කරන අතරම මුලු අන්තර්ජාලයම එකට එක සම්බන්ධ වෙමින් පවතිනවා. facebook එක කැමති උනත් නැතත් එහි භාවිත කරන්නන් බහුතරයක ජීවිත වලට බද්ධ වෙලා. මෙන්න මේ තත්වය මත අපිට සිදුවෙනවා එය පාවිච්චි කරන ගමන්, ඉන් සිදුවෙන්න පුලුවන් අවැඩ ගැන දැනුවත් වෙලා ඉන් වැලකෙන්න. මේක හරියට පිහියක් වගේ. භාවිත නොකර ඉන්නත් බැහැ. ඉන් පාන් කපන්න වගේම මිනීමරන්නත් පුලුවන්. එය තීරණය වෙන්නේ භාවිත කරන කෙනා අතේ.

අනිත් අතට facebook වැනි සමාජ ජාල භාවිත කිරීමේ අවශ්‍යතානයනුත් නැතුවා නොවෙයි. මා නිතර හමුනොවෙන මිතුරන් රැසක් සමග සම්බන්ධතා පවත්වාගැනීමටත්, විවිධ මිතුරු හමු සංවිධානය කිරීමටත් සන්නිවේදන මාධ්‍යය වශයෙන් භාවිතා කරන්නේ facebook සමාජ ජාලයයි. මීට අමතරව ඇතැම් කරුණු පිලිබඳව අන් අයගේ මත විමසීමටත්, විනෝදාංශයක් ලෙසත් මට facebook වැදගත්. ඉන් මා ලබන ලොකුම ප්‍රයෝජනය නම් මා ගන්නා ඡායාරූප වලට නරඹන්නන් හා විචාරකයන් ලැබීමයි.

facebook හි පුද්ගලිකත්වය සම්බන්ධයෙන් වැදගත්ම කරුණ විදියට මම දකින්නේ ඡායාරූප. ඒ නිසා මෙම ලිපිය වැඩිමනත් සාකච්ඡා කරනුයේ ඒ ගැනයි. ඩිජිටල් ඡායාරූප කියන්නේ වරක් “ලීක්“ උනොත් ඇතුන් නෙමෙයි Transformers චිත්‍රපටියේ ඉන්න Optimus Prime ලවා වත් නැවත අද්දන්න බැරි දෙයක්. ශ්‍රී ලංකාවේදී මෙය සැලකිය යුතු කරුණක් වන්නේ රූමත් ගැහැණුළමයින්ගේ ඡායාරූප මොකක්හෝ සයිට් එකක දුටු පමණින් පරිගණකයේ සේව් කරගැනීමටත්, ඒවා ගෙඩි පිටින් elakiri.com වැනි ෆෝරම් වල පෝස්ට් කිරීමටත් පෙළඹෙන තරුණ පරම්පරාවක් මෙරට සිටීම නිසයි. වැරදීමකින් කකුල දණහිසට උඩින් පෙනෙන ලෙස ගන්නා ලද ඡායාරූපයක් ෆෝරම් එකක පල කිරීමෙන් එම කාන්තාව “බඩුවක“ තත්වයට ඇද දැමීමට මෙම පවතින පද්ධතිය සමත්. එමෙන්ම ඒවාට “මෙයාගෙ අරක බලන්න එන්න“ වැනි ටයිටල් යොදා වෙනත් අඩවි සඳහා බැනර ලෙස භාවිතා කිරීමත් සුලබව දැකිය හැකියි.

මෙවැනි තත්වයක් මත facebook වෙත ඡායාරූප ඇතුලත් කරන්නම අවශ්‍ය නම් එසේ ඇතුලත් කරන ඒවා අවශ්‍ය අයට පමණක් පෙනෙන්නට තිබීම වැදගත් කරුණක් බවට පත්වෙනවා.

ඇතැමුන් සිතනවා (විශේෂයෙන් පිරිමින්) තමන්ගේ ඡායාරූප වලින් හානිකර යමක් කරන්නට කාටවත් වැඩක් නැති නිසා තමන්ගේ ඡායාරූප ඇල්බම සියලු දෙනාටම පෙනෙන්නට දැමුවාට ගැටලුවක් නැතැයි කියා. නමුත් මින් ඔබේ ඇල්බම වල සිටින අනෙකුත් අයට, විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට අවැඩක් සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බැව් අමතක කල යුතු නැහැ.

සාමාන්‍යයෙන් facebook වෙත ඡායාරූපයක් ඇඩ් කරන විට, එම ස්ථානයේදීම එය ප්‍රදර්ශනය කල යුත්තේ කාටදැයි තීරණය කල හැකියි.

මෙහි Public වරනය තේරීම මගින් ඔබේ මිතුරන් නොවන facebook සාමාජිකයන්ට පවා මෙම ඡායාරූපය (හෝ ඇල්බමය) නැරඹීමටත්, කමෙන්ට් කිරීමටත් පිලිවන්. මෙය අවශ්‍යවන අවස්ථාත් තිබෙනවා. උදාහරණයක් ලෙස මා ඇතුලු බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් තම ඡායාරූප සඳහා නරඹන්නන්/විචාරකයන් සපයා ගැනීමට facebook මාධ්‍යයක් ලෙස භාවිත කරන අතර එය වැඩි පිරිසක් වෙත ගෙනයාමට ඒවා Public ලෙස පලකරනවා.

දෙවැනි වරණය වන්නේ Friends. බැලූ පමණින් “ඔබේ මිතුරන්ට පමණක්“ ප්‍රදර්ශනය වීමකි මින් පෙන්නුම් කෙරුනත් සැබැවින්ම එය එසේ නොවෙයි. ඔබේ ඇල්බමයේ ඡායාරූප වල tag වී සිටින ඔබේ මිතුරන්ගේ මිතුරන්ටත් (friends of friends) එම අදාල tag වූ ඡායාරූප පමණක් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා. පෙර මින් ප්‍රදර්ශනය කිරීමක් පමණක් සිදු කලත් අලුත් facebook සංස්කරණ සමග ඔවුන්ට මෙම ඡායාරූප සඳහා කමෙන්ට් කිරීමටද හැකියාව ලැබෙනවා.

මෙය වඩාත් අර්බුදකාරී මෙන්ම පුද්ගලිකත්වය කෙරෙහි එල්ලවන විශාලම බලපෑමක් ලෙසයි මා දකින්නේ. මා ඇල්බමයක් සාදා එය “මගේ මිතුරන්ට“ පමණක් පෙන්වන්න යැයි facebook වෙත කියා සිටින්නේ එය ඇත්තෙන්ම “මගේ මිතුරන්ට පමණක්“ පෙන්විය යුතු නිසයි. tag වී සිටිය අයගේ මිතුරන්ට පෙන්වීමට මට අවශ්‍ය නැති වෙන්නට පුලුවන්. මෙහිදී තත්වය නරක අතට හැරෙන්නේ tag වී සිටිය එක් අයෙකුගේ මිතුරන් අනෙකෙකු නොදන්නා අය වීමත්, මෙම මිතුරන් අතරේ පෙර කී අන්දමේ අසහනකාරයන් සිටිය හැකි වීමත් නිසා. (බොහෝ දෙනාගේ facebook හි මිතුරන්ගෙන් වැඩි හරියක් සැබෑ ජීවිතේදී කිසිසේත්ම නොදන්නා අය බව අමතක කල යුතු නැහැ)

තෙවැනි වරනය වන Custom හිදී ඔබට පෙර ගැටලුවට විසඳුමක් සොයාගත හැකියි. මෙම Custom වරණය තේරීමේදී ඔබට මෙම ඡායාරූපය පෙන්වීමට ඇවැසි පුද්ගලයන් වඩාත් විස්තරාත්මකව ලබාදිය හැකියි. මෙහි මුලින්ම ඇත්තේ Friends සහ Friends of Friends. නමුත් මෙම Friends හිදී ද කලින් සඳහන් කලාක් මෙන් tag වී ඇති මිතුරන්ගේ මිතුරන්ටද ඒවා බැලිය හැකියි.

එහි ඇති තෙවැනි වරණය වල Specific People or Lists… යන්න මා සඳහන් කල විසඳුම ලෙසින් දැක්විය හැකියි. මෙම වරණය තේරීමේදී පහතින් මතුවන තීරුවේ දී අපට මෙම ඡායාරූපය පෙන්වීමට අවශ්‍ය පුද්ගලයන් හෝ මිතුරු ලැයිස්තු (Friend List) සඳහන් කල හැකියි. මෙහිදී කිසිසේත්ම tag වී ඇති අයගේ මිතුරන්ට මෙම ඡායාරූපය දිස්වන්නේ නැහැ. (නමුත් ඔබ ඡායාරූපය ප්‍රදර්ශනය කරන මිතුරු ලයිස්තු වලින් පරිබාහිර පුද්ගලයෙක් එහි tag වී සිටිනවානම්, ඒ පුද්ගලයාට පමණක් ඒ ඡායාරූපය දිස්වනු ඇති).

කෙසේ වෙතත් මේ ආකාරයෙන් අවශ්‍ය අයට පමණක් ප්‍රදර්ශනය කිරීම පහසු කරගැනීමට නම් ඔබ ඔබේ මිතුරන් List වලට වෙන් කරගෙන තිබිය යුතුයි. මා දකින අන්දමට මෙය සෑම facebook පරිශීලකයකු විසින්ම අනිවාර්යයෙන් සිදුකලයුත්තක්. පුද්ගලිකව මා විසින් මාගේ විශ්වවිද්‍යාල බැච් සගයින්, පාසලේ පංති සගයින්, කාර්යාලීය සගයින්, ගම් පලාතේ අය, අන්තර්ජාලයෙන් අඳුනාගත් අය, ආදී වශයෙන් විවිධ මිතුරු ලැයිස්තු සාදාගෙන ඇති අතර, ඊට අමතරව මා හට පුද්ගලිකව විශ්වාස කිරීමට හැකි ‘සැබෑ මිතුරන්‘ එම විශ්වාසයේ තරම අනුව Circle 0 සිට Circle 2 දක්වා ලැයිස්තු 3කටද වෙන් කරගෙන සිටිනවා. (අලුතෙන් හඳුන්වා දී ඇති Close Friends මගින් ඔබට සමීපතම මිතුරන් වෙනම ලැයිස්තුවකට එකතු කරගත හැකියි) මේ නිසා මට යමක් Publish කිරීමේදී ඉතා ඉක්මනින් මෙය පෙන්විය යුත්තේ කාටදැයි සඳහන් කල හැකියි.

මෙසේ මිතුරන් ලයිස්තුගත කිරීම https://www.facebook.com/bookmarks/lists මගින් සිදුකරගත හැකියි. කණගාටුවකට මෙන් අලුත් සංස්කරණයේදී මෙසේ මිතුරන් ලයිස්තුගත කිරීම තරමක් අමාරු බැව් කිව යුතුයි. පෙර දී නම් ඉතා පහසුවෙන් මිතුරන් ලයිස්තු වලට ඇතුලත් කිරීමට හැකියාව තිබුනා. ඔබ තරමක් කරදර විය යුත්තේ දැනට සිටින මිතුරන් ලයිස්තුගත කිරීමේ පමණයි. එතැන් පටන් අලුතෙන් එකතු වන මිතුරන් ඒ අවස්ථාවේදීම ලයිස්තුවලට දැමිය හැකියි.

ඔබ තවමත් Timeline ලබාගෙන නැත්නම්, පහසුවෙන්ම මිතුරන් List වලට බෙදීම මෙම ලින්ක් එකෙන් ගොස් සිදුකල හැකියි. http://www.facebook.com/friends/edit/?ref=tn

මෙම ලිපිය පුරාවටම ඡායාරූප පමණක් උදාහරණයකට ගනිමින් සාකච්ඡා කලත්, මෙම සියලු කරුණු status update ආදී අනෙකුත් සියලු පෝස්ට් සඳහා අදාල වෙනවා. ඔබ facebook හි පලකරන සෑම දෙයක්ම පෙන්විය යුත්තේ කා හටදැයි නිර්ණය කිරීමය පුලුවන්. එය වඩාත් ආරක්ෂිතව කිරීම Friend List හැර වෙනත් සුදුසු විකල්පයක් නැහැ.

මෙම ලිපියෙන් දීමට අදහස් කල පණිවුඩය facebook භාවිත කරීමේදී විශේෂයෙන් ඔබේත් අන් අයගේත් පුද්ගලිකත්ව පිලිබඳ සැලකිලිමත් වී, එය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න කියල එකයි. ඔබේ වරදින් ඔබේ මිතුරන්ගේ පුද්ගලිකත්වයට හානි විය හැකියි. මේ පිලිබඳව දෙවරක් කල්පනා කර හැකි ඉක්මනින් ඔබේ දැනට සිටින මිතුරන් ලයිස්තුගත කර, “අවශ්‍ය දේ අවශ්‍ය අයට පමණක් ප්‍රදර්ශනය කරන්න“ කියන දේ සිහි තබා ගන්න කියන එකයි ලබාදෙන අවසන් පණිවුඩය.

කැම්පස් විභාග වල recorrection කොහොමට හිටියිද?
සරසවි විභාග වල ප්‍රතිඵල ද නැවත සමීක්ෂණයට 2012 සිට අවස්ථාවක් ලබාදෙන බව කියැවෙන පුවතක් දැක මෙය ලියන්නට සිතුනි.

මා දන්නා පමණින් සරසවි විභාගයක ප්‍රතිඵල ගැන සැක ඇතිකරගැනීම පවා භයානක  ප්‍රතිඵල ලැබිය හැකි දෙයකි. සාමාන්‍යෙයන් සරසවියේ උත්තර පත්‍ර යනු රහස්‍ය  ලියවිලි වේ. උත්තර පත්‍ර බලන්නා හා සමීක්ෂණය කරන්නා යන දෙදෙනාගේ ඇසට පමණක්  එය ගෝචර වේ.  සාමාන්‍යෙයන් තමා උත්තර ලියූ පිලිතුරු පත්‍රයට ලකුණු ලැබී  ඇත්තේ කෙසේදැයි එය අතට රැගෙන බැලීමට හෝ සිසුවාට වරම් නැත. තම ලකුණු ආවේ  කෙසේදැයි දැනගැනීමට සිසුන්ට ක්‍රමයක් නැත. නෝටිස්බෝඩ් එකේ පලකරන තම  සාමාර්ථය දැක සැනසීම හෝ වැලපීම පමණකි අවසන ඉතුරු වන්නේ.

මෙම රහස්‍ය භාවය නිසාම ඇදුරන් හට තමන්ට “නොදිරවන“ සිසුන්ට දඬුවම් දීමට මෙය  අවියක් කරගත හැක. තමන් සමග “ඔරොප්පු“ වූ සිසුන්ගේ ලකුණු කපා, වාර ගණනාවක්  එක පිට එක විභාග අසමත් කරනවන ඇදුරන් සරසවි වල බහුලය. (මින් අදහස් වන්නේ  හැමෝම එසේ බව නොවේ.) මේ හේතුව නිසාම සරසවි සිසුහු ඇදුරන් අමනාප නොකරගෙන  සිටීමටත්, “නෝට්“ නොවී සිටීමටත් උත්සාහ දරති, නිකං ටිංකිරි ගාගැනීමට  අනවශ්‍ය නිසාය. මෙවැනි තත්වයක් මත, යම් සිසුවෙක් තම ප්‍රශ්න පත්‍රය නැවත  සමීක්ෂණයට යොමු කර ඇතැයි දැනගත් කල පෙර කී ආචාර්යවරු මින් ඉදිරියට එම  සිසුවාට කවරාකාරයෙන් සලකනු ඇත්දැයි යන්න ගැටලුවකි. මා දකිනා ආකාරයට මෙය  දැනුම අතින් තමන් සිසුන්ට වඩා බොහෝ ඉහලින් සිටින නිසා ඒ මත ඇතිකරගත්  මහන්තත්ත මනෝභාවයකි. “අපිට වඩා උන් දන්නවද? අපේ අතින් කොහොමද වරදින්නෙ?“  යනුවෙන් ආචාර්යවරු සිතනවා ඇතැයි මට සිතේ.

ආචාර්යවරුන්ගේ “රිටර්න් දීම“ සම්බන්ධයෙන් හොඳ හොඳ කතා පවතී. මාගේ තෙවසරක  විශ්වවිද්‍යාල දිවියේද එවන් අත්දැකීම් බොහෝ ඇත. වරක් අපට එක් විශයයක්  ඉගැන්වීමට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් සිටියේය. ඔහු දේශනය ඇරඹූ මොහොතේ සිට  අවසානය තෙක් එක හුස්මට, ඉතා වේගයෙන් කතා කරයි. මින් 10%ක් වත් අපට වැටහුනේ  නැත.  වර්ෂාර්ධය අවසානයේ දෙන feedback form එකේ අපේ එකෙක් “සර් ඔච්චර  වේගෙන් කතා කරන්නේ මේ රස්සාවට එන්න කලින් කපුවෙක් වෙලා හිටියදැ?“ යි විමසා  ඇත. මෙය දුටු ආචාර්යවරයාට ඌරු ජුවල් ගොස් ඇති බැව් අපට අධ්‍යයනාංශයේ ඩිමෝ  (demonstrator) අයගෙන් දැනගත හැකිවිය. “මං ඕකුන්ට උගන්නන්නංකො හොඳ පාඩමක්“  යනුවෙන් එතුමා පවසා තිබුනි. කිව්වාත් වාගේම වර්ෂාර්ධය අවසානයේ විභාගයට තරු  විසිවෙන ප්‍රශ්නපත්‍රයක් ලබාදුන් අතර, එය පරීක්ෂා කිරීමේදී අපිට හොඳ හැටි  කපා තිබුනි.

feedback පෝරමය ලබාදෙන්නේ ෆීඩ්බැක් ගැනීමට නොවේදැයි මට එදා සිතුනි.  feedback පෝරමයේ ලිවිය යුත්තේ ආචාර්යවරයාගේ ගුණ පමණක්ද? වැරදි පෙන්වීම  නොනිසිද? නරක feedback එකක් දැක ඊට කෝප වීම කොයිතරම් දුරට සාධාරණද? නරක  feedback වලට “මළ පනිනවා“ නම් සිසුන්ගෙන් feedback ගන්නේ ඇයි?

සරසවියේ මෙවැනි තත්වයක් තිබියදීත්, සිසුන්ට අවශ්‍ය නම් තම උත්තර පත්‍රය  බැලීමට අවකාශ දී, ලකුණු ලැබී ඇත්තේ කෙසේදැයි පැහැදිලි කර දීම සිරිතක් කොට ගත්, සිසුන් සමග අමනාපකම් ප්‍රශ්නපත්‍රය පිටින් යැවීමේ නරක සිරිත් නැති, ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයනාංශයේ එක් ආචාර්යතුමියකට මාගේ  ප්‍රණාමය පිරිනැමේ. එය අන් ආචාර්යවරුන්ටත් හොඳ ආදර්ශයකි.

පැත්තක් බර තේමා ගීතය
ICC ක්‍රිකට් ලෝක කුසලානය පසුගිය 2 වෙනිදා ඉන්දියාවේ මුම්බායි හිදී අවසන් විය. ඒ ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාවට ජය අත්කර දෙමිනි.

ICC ලෝක කුසලානය ක්‍රිකට් ලෝකයේ දැවැන්තම තරගාවලියයි. වෙනත් තරගාවලි මෙමන්ම මෙයටද සංකේතයක්, තේමා ගීතයක්, සුරතල් සතෙක් අයත් වේ. මෙවර ලෝක කුසලාන තරගාවලිය සත්කාරක රටවල් 3ක් විසින් ආවරණය කිරීම නිසා තේමාගීතය ඒ රටවල් 3 ප්‍රධාන භාෂා 3න් ගැයීමට තීරණය විය.

ඒ අනුව මූලික ගීතය හින්දියෙන් නිර්මාණය විය. මනෝජ් යාදව් විසින් රචිත ගීතයට සංගීතය මුසු කොට ගායනා කරනු ලබන්නේ ශංකර්-එසාන්-ලෝයි යන සම්මානලාභී හින්දි සිනමා සංගීතයේ දැවැන්තයන් ත්‍රිත්වය විසිනි. De Guma Ke යනුවෙන් නම් ලද ඒ ගීතය නෑසූවෙක් මෙහි සිටිනු ඇතැයි නොසිතමි. මෙම තනුවටම නිර්මාණය වූ සිංහල ගීතය රනිඳු ලංකාගේ විසින් ගැයුනු අතර, බෙංගාලි ගීතය රාඝබ් චැටර්ජී විසින් ගයන ලදී.

තරගාවලියක් සඳහා තේමාගීතයක් තෝරාගන්නේ තරගාවලියට අමතර “කික්” එකක් ලබාදීම පිණිසය. තේමාගීත වල බොහෝ විට අර්ථයේ ඇත්තේ ක්‍රීඩාව ගැන, සහයෝගිතාව, එකමුතුව වැනි තේමා ය. එහෙත් තේමා ගීතයෙන් තරගාවලියට සහභාගී වන රටක් ගැන විශේෂයෙන් සඳහන් කෙරෙන විට, ඒ රටට ජයඝෝෂා කිරීම් අඩංගු වල විට එය තවදුරයත් තේමා ගීතයක් ලෙස ගැනීම කල නොහැක්කකි. එවිට එය “එක පැත්තකට ඇද්දා”ක් වැනිය.

De Ghuma Ke හින්දි ගීතයේ වදන් වල තේරුම මේ අඩවියෙන් ඔබට දැකගත හැකිය. (මේ පිටුවත් බලන්න) මට හැඟී ගිය පරිද්දෙන් එය පොදුවේ ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කරන අගනා සිංදුවකි. ඉන්දියානුවන් නිර්මාණය කල ඒ ගීතයේ කිසිදු තැනක ඉන්දියාවට හුරේ දමා නැත.

ඊට සාපේක්ෂව එම ගීතයේ සිංහල අනුවාදය මෙම අඩවියෙන් බලන්න. සිංහයන් (ලාංකිකයන්ගේ පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේද සංකේතය) ගැන කීප විටක්ම කියවෙන, අවසානයේ “ශ්‍රී ලංකා දිනේ ලෝකේ” කියාද කියන එය බැලූබැල්මටම තනිකර ශ්‍රීලංකාවට “අදින” ගීතයකි. මෙහි පද නිර්මාණය කාගේද යන්න සොයාගත නොහැකි විය.

පුද්ගලිකව මා සිතන අන්දමට මේ සිංහල ගීතය ලෝක කුසලාන තරගාවලියේ නිල තේමාගීතයක් නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේමා ගීතයකි. මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් සිය අදහස් පල කර තිබෙනු දකින්නට නොවීය.

මේ ගැන ඔබ සිතන්නේ කුමක්ද?

[ සිංදුව අවශ්‍ය අය මෙතැනින් බාගන්න: හින්දි | සිංහල | බෙංගාලි | අනුවාදනය පමණක් ]

නෝ පොලී – පට්ට ජොලී
පොඩි භාණ්ඩයක් මිලට ගන්න ඕනෙවෙලා ඊට එකපාර යොදවන්න සල්ලි නැතුව ඉන්නකොට මට ගිය ඉරිදා අර සන්ඩේ ටයිම්ස් එකත් එක්ක එන ඇඩ් පත්තරේ තිබිලා දකින්න ලැබුනා අබාන්ස් ඇඩ් එකක්. ඒකේ හැටියට විවිධ බඩුබාහිරාදිය රැසක් පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් පහසුගෙවීමේ ක්‍රමයට ගන්න නම් (HSBC වගේ) ක්‍රෙඩිට් කාඩ් එකක් ඕනෙ වුනත් මේකෙ තිබුනු විදියට මම වගේ පොඩි මිනිස්සු ලඟ තියෙන සම්පත් වීසා ඩෙබිට් කාඩ් හිමියන්ටත් මේ පහසුකම ගන්න පුලුවන්. ඉතිං මමත් මේ ගැන වැඩි විස්තර හොයලා බලන්න ගියා කොල්ලුපිටියෙ අබාන්ස් එකට.

මෙන්න එහිදී අබාන්ස් සේවා නිලධාරියෙක් සමග ඇතිවූ දෙබස,

මම: මට මේ ඊසි පේමන්ට් ස්කීම් එක ගැන දැනගන්න පුලුවන්ද?

ඔහු: සර්ට තියෙන්නෙ මොන ජාතියෙ කාඩ් එකක්ද?

මම: සම්පත් ඩෙබිට් කාඩ් එකක්.

ඔහු: ආ.. එහෙනම් මෙහෙමයි සර්. සර්ගෙ එකවුන්ට් එකේ මේ බැලන්ස් එක තියේනම් (ඔහු අදාල භාණ්ඩයේ මිල සටහන පෙන්වයි. එය ලක්ෂයකට ආසන්න මුදලකි) සර්ට මාස 24න් ගෙවීමේ ක්‍රමයකට ගන්න පුලුවන්.

මම: ඒ කිව්වෙ… මේක ගන්න වෙලාවෙ විතරද මේ බැලන්ස් එක තියෙන්න ඕනෙ? නැත්තං දිගටම තියාගන්න ඕනෙද?

ඔහු: දිගටම තියෙන්න ඕනෙ සර්, අපි කොහොමත් ඔය ගාණ හෝල්ඩ් කරගන්නවා. එතකොට කොහොමත් සර්ට ඒක වියදම් කරන්න බෑ. ඒ අතරෙ සර්ට පුලුවන් මාස 24න් ගාණ ගෙවලා ඉවර කරන්න.

මම: ඇහ්? මගේ කාඩ් එකේ මේ ගාණ තියේනං මට එකපාර ගෙවලා මේක ගන්න පුලුවනි නේ? මොකටද ඊසි පේමන්ට් එකක්? තේරුමක් නෑ නේ ඒ වැඩේ?

ඔහු: ඒක නම් මම දන්නෙ නෑ සර්, මෙහෙම තමයි අපේ ප්ලෑන් එක තියෙන්නෙ.

මම: ඇත්තද? හොඳයි… ස්තූතියි.

මරු ඊසි පේමන්ට් ස්කීම් එක නේද? :)

බ්ලොග්කරණය – ඔබේ Communication Skills පෙන්වීමේ මාධ්‍යයක් ලෙස,
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර වීමෙන් පසුව පසුගිය කාලයේ මමත් රැකියා සෙවීමේ නිරත වී සිටියා. ලංකාවේ IT ක්ෂෙත්‍රෙය් සෑහෙන්න රැකියා ප්‍රමාණයක් නම් තියෙනවා, නමුත් ඉන් වැඩි හරියක් තියෙන්නේ පලපුරුද්ද ඇති අයට කියලයි මට හිතුනේ. නමුත් නවකයන්ට රැකියා නැතුව නෙමෙයි. නවක අවස්ථා (trainee) තරමක් අඩු නිසා එහිදී ඔබට අවස්ථාවක් ලබාගැනීම සඳහා ඔබේ හැකියාවන්, කලින් සිදුකර ඇති ව්‍යාපෘති ආදිය විශාල භූමිකාවක් දරනවා. ඔබේ උපාධිය/ඩිප්ලෝමාව ලබාගත්තේ කොහෙන්ද යන සාධකයට වඩා ඔබ දන්නේ මොනවාද, ඔබට කරන්න පුලුවන් මොනවාද කියන එකටයි වැඩි වැදගත්කමක් ලැබෙන්නේ.

කොහොම උනත් මගේ මාතෘකාවට පාදක උනේ ඔය කියපු කාරණා නෙමෙයි. ගොඩක් රැකියා අවස්ථා ගැන දැන්වීම් වල මම දැකපු දෙයක් තමයි අයදුම්කරුවන්ට හොඳ සන්නිවේදන හැකියාවන් (Communication Skills) තිබීම අවශ්‍යතාවයක් ලෙස ඉල්ලා තිබෙනවා. කොහොමද මේ Communication Skills ඔබට ඇති බව පෙන්නන්නේ?

සම්මුඛ පරීක්ෂණයේදී ඔබේ ඉදිරිපත්කිරීම මෙය මැන බැලෙන ප්‍රධාන සාධකයක්. මීට අමතරව මෙය විදහා දැක්වීමට ඔබ දැනටමත් සිදු කරන බ්ලොග්කරණය තරම් වෙනත් හොඳ දෙයක් තියෙනවද!

බ්ලොග් අඩවියක් හරහා එය ලියන්නා කරන්නේ වැදගත් සන්නිවේදනයක්. ලිපිය තුලින් ඔහුගෙන් යම් පණිවුඩයක් පාඨක සමූහය අතරට යන අතර පාඨකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හා ඒ සඳහා නැවත රචකයාගෙන් ලැබෙන පිලිතුරු මගින් ඔවුන් අතර මනා සන්නිවේදනයක් ගොඩනැගෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඔබේ ලිවීම් විලාසය, ලිපියේ වැදගත්කම, ලැබී ඇති පාඨක ප්‍රතිචාර, ඒ සඳහා ඔබ ප්‍රතික්‍රියා කල ආකාරය ආදියෙන් ඔබේ සන්නිවේදන හැකියාව ගැන අදසක් ඔබේ සේව්‍යයාට ලබාදිය හැකියි. මා පෞද්ගලිකව සිතන ආකාරයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය ඔබේ CV එකේ සඳහන් විය යුතුයි.

රැකියා සෙවීමේ නියුක්ත වී ඉන්න අයට පණිවුඩයක් දීමටයි මේ ලිපිය ලිව්වේ. ඔබ බ්ලොග් අඩවියක් ලියනවානම් එහි වැදගත් හරවත් යමක්, සුදුසු භාෂා හැසිරවීමකින් යුක්තව ලිවීමෙන් එය ඔබේ සන්නිවේදන හැකියාවන් ප්‍රදර්ශණය කරන්නක් බවට පත්කරගත හැකියි. (මෙහි සුදුසු භාෂා හැසිරවීමක් යන්නෙන් අදහස් කලේ ‘ලියන බාසාවෙන්‘ ලිවීම නෙමෙයි. ‘කතා කරන බාසාවෙන්‘ වුනත් වැදගත් ආකාරයට ලිවිය හැකියි). අන්තර්ගතය තීරණය කිරීම ඔබේ වගකීමක්. කවර හෝ මාතෘකාවක් යටතේ වුනත් ඔබ ඔබේ පණිවුඩය කෙතරම් හො﻿ඳින් පාඨක සමාජය වෙත ලබාදෙනවාද යන්න තමයි වැදගත් වන්නේ.

ඉංගිරිසිය
ඔක්ස්පර්ඩ් ශබ්දකෝෂයේ පිටු එකින් එක පෙරළමින් එහි වචන පාඩම් කරන්නට උත්සාහ දරණ මේ තරුණිය මා දුටුවේ පසුගිය දිනෙක උදෑසන 138 බස් රථයකදීය.

අපේ රටේ පාසැල් අධ්‍යාපනය තුල ඉංගිරිසියට එතරම් තැනක් නොලැබේ. බොහෝ දෙනා සිතන්නේ එය අමතර දෙයක් බවත්, විද්‍යාව ගණිතය වැනි විෂයන් ඉහලින් සමත් වීම ප්‍රමාණවත් බවත් ය. ලොකු පහේ පාසැල් වල හැරෙන්නට පොඩි පහේ පාසැල් වල ඉංගිරිසි උගන්නන්නට හරිහමන් ගුරු සම්පත් ද නොමැත.

නමුත් පාසැල් අධ්‍යාපනය අහවර කොට උසස් අධ්‍යාපනයට හෝ රැකියා වෙළඳපොල වෙත යොමු වූ විට ඉංගිරිසිය එහි අනිවාර්ය අංගයකි. රාජ්‍ය වේවා පෞද්ගලික වේවා විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතනවල විද්‍යා හෝ කළමණාකරන අංශ වල අධ්‍යාපනය වැඩි වශයෙන් කෙරෙන්නේ ඉංගිරිසියෙනි. පාඨ ග්‍රන්ථ සියල්ලම පාහේ ඇත්තේ ඉංගිරිසියෙනි. රැකියාවකට අයදුම් කිරීමේදී ඉංගිරිසි කතාව හා ලිවීම අනිවාර්ය අංගයක් වෙයි. මෙවන් වාතාවරණයක් තුල පාසැලින් හොඳ ඉංග්‍රීසි පදනමක් නැතිව ආ පිරිස නන්නත්තාර වේ.

පෞද්ගලික පංතියකට ගොස් ඉංගිරිසිය වර්ධනය කරගැනීමට ද මේ වනවිට බොහෝ සෙයින් ප්‍රමාදය. එවන් තත්වයක් තුල මේ තරුණිය හා මෙවන් තවත් දහසක් දෙනා මෙසේ ශබ්දකෝෂය පාඩම් කරමින් හෝ උත්සාහ දරන්නේ ඒ ඉංගිරිසි සිහිනය හැකි ඉක්මනින් සැබෑ කරගන්නට විය හැකිය.