ඉන්ද්‍රනාම » කාලීන
දේව බැලුම අපිටද, හොරුන්ටද?
කොළඹ-ගාල්ල මහාමාර්ගයේ හෙවත් A2 පාරේ යන වාහන නවත්තලා පඬුරු දාන තැන් සාමාන්‍යයෙන් දෙකක් තියෙනවා. එකක් කළුතර බෝධිය. අනික සීනිගම දෙවොල් දේවාලය.
රාත්‍රී 10, 11 පහුවෙලා සීනිගම දේවාලය ඉදිරිපිට වාහනය නවත්තලා බැහැලා පඬුරු දාන්න යන අයව පිහි පෙන්නලා බය කරලා මංකොල්ල කන පිරිසක් එතැන ඉන්න බව පහුගිය දවසක මට ආරංචි උනා. පොඩ්ඩක් සොයලා බැලුවාම කතාව ඇත්ත බවත් දැනගන්න ලැබුනා.
ඉතිං මට ඇතිවෙච්ච ප්‍රශ්නය තමයි, තමන්ට පඬුරක් දාලා තමන්ගෙන් පිහිට පතන්න එන බැතිමතුන්ට තමන්ගේ ඇස් ඉදිරිපිටදීම කරදරයක් වෙන්න ඉඩදෙනවනං, ඔවුන් රැකගන්න බැරිනම්, මොකක්ද ඒ දෙවියන්ගෙන් ඇති පලේ කියන එක, එහෙම දෙවියෙකුට පඬුරු දාලා පිහිට පතලා වැඩක් තියේද කියන එක. දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබෙන්නේ අර මංකොල්ලකාරයන්ටද දන්නෙත් නැහැ, මොකද උන් දෙවියන්ගේ බල සීමාව වන ඒ අසල්වාසී ගම්වැසියන් වෙන්න පුලුවන් නිසා. එහෙමනං ඉතිං සොරුන්ට උදවුකරන දෙවියෙක්ගෙන් වැඩක්ම නෑ නොවැ!
කෙටියෙන් කියන්න තියෙන්නේ කරුණු දෙකයි. එක, දෙවියන්ගේ තරම දැන්වත් තේරුම් ගන්න. දෙක, රෑ බෝවෙලා ගාලු පාරේ යනවනං සීනිගම දේවාලේ ඉදිරිපිට නවත්තලා පඬුරු දාන්න හිතන්න එපා. ඒක නිකරුනේ කරදරයකට අතවැනීමක් වෙන්න පුලුවන්.
පැත්තක් බර තේමා ගීතය
ICC ක්‍රිකට් ලෝක කුසලානය පසුගිය 2 වෙනිදා ඉන්දියාවේ මුම්බායි හිදී අවසන් විය. ඒ ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාවට ජය අත්කර දෙමිනි.
ICC ලෝක කුසලානය ක්‍රිකට් ලෝකයේ දැවැන්තම තරගාවලියයි. වෙනත් තරගාවලි මෙමන්ම මෙයටද සංකේතයක්, තේමා ගීතයක්, සුරතල් සතෙක් අයත් වේ. මෙවර ලෝක කුසලාන තරගාවලිය සත්කාරක රටවල් 3ක් විසින් ආවරණය කිරීම නිසා තේමාගීතය ඒ රටවල් 3 ප්‍රධාන භාෂා 3න් ගැයීමට තීරණය විය.
ඒ අනුව මූලික ගීතය හින්දියෙන් නිර්මාණය විය. මනෝජ් යාදව් විසින් රචිත ගීතයට සංගීතය මුසු කොට ගායනා කරනු ලබන්නේ ශංකර්-එසාන්-ලෝයි යන සම්මානලාභී හින්දි සිනමා සංගීතයේ දැවැන්තයන් ත්‍රිත්වය විසිනි. De Guma Ke යනුවෙන් නම් ලද ඒ ගීතය නෑසූවෙක් මෙහි සිටිනු ඇතැයි නොසිතමි. මෙම තනුවටම නිර්මාණය වූ සිංහල ගීතය රනිඳු ලංකාගේ විසින් ගැයුනු අතර, බෙංගාලි ගීතය රාඝබ් චැටර්ජී විසින් ගයන ලදී.
තරගාවලියක් සඳහා තේමාගීතයක් තෝරාගන්නේ තරගාවලියට අමතර “කික්” එකක් ලබාදීම පිණිසය. තේමාගීත වල බොහෝ විට අර්ථයේ ඇත්තේ ක්‍රීඩාව ගැන, සහයෝගිතාව, එකමුතුව වැනි තේමා ය. එහෙත් තේමා ගීතයෙන් තරගාවලියට සහභාගී වන රටක් ගැන විශේෂයෙන් සඳහන් කෙරෙන විට, ඒ රටට ජයඝෝෂා කිරීම් අඩංගු වල විට එය තවදුරයත් තේමා ගීතයක් ලෙස ගැනීම කල නොහැක්කකි. එවිට එය “එක පැත්තකට ඇද්දා”ක් වැනිය.
De Ghuma Ke හින්දි ගීතයේ වදන් වල තේරුම මේ අඩවියෙන් ඔබට දැකගත හැකිය. (මේ පිටුවත් බලන්න) මට හැඟී ගිය පරිද්දෙන් එය පොදුවේ ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කරන අගනා සිංදුවකි. ඉන්දියානුවන් නිර්මාණය කල ඒ ගීතයේ කිසිදු තැනක ඉන්දියාවට හුරේ දමා නැත.
ඊට සාපේක්ෂව එම ගීතයේ සිංහල අනුවාදය මෙම අඩවියෙන් බලන්න. සිංහයන් (ලාංකිකයන්ගේ පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේද සංකේතය) ගැන කීප විටක්ම කියවෙන, අවසානයේ “ශ්‍රී ලංකා දිනේ ලෝකේ” කියාද කියන එය බැලූබැල්මටම තනිකර ශ්‍රීලංකාවට “අදින” ගීතයකි. මෙහි පද නිර්මාණය කාගේද යන්න සොයාගත නොහැකි විය.
පුද්ගලිකව මා සිතන අන්දමට මේ සිංහල ගීතය ලෝක කුසලාන තරගාවලියේ නිල තේමාගීතයක් නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේමා ගීතයකි. මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් සිය අදහස් පල කර තිබෙනු දකින්නට නොවීය.
මේ ගැන ඔබ සිතන්නේ කුමක්ද?
[ සිංදුව අවශ්‍ය අය මෙතැනින් බාගන්න: හින්දි | සිංහල | බෙංගාලි | අනුවාදනය පමණක් ]
නෝ පොලී – පට්ට ජොලී
පොඩි භාණ්ඩයක් මිලට ගන්න ඕනෙවෙලා ඊට එකපාර යොදවන්න සල්ලි නැතුව ඉන්නකොට මට ගිය ඉරිදා අර සන්ඩේ ටයිම්ස් එකත් එක්ක එන ඇඩ් පත්තරේ තිබිලා දකින්න ලැබුනා අබාන්ස් ඇඩ් එකක්. ඒකේ හැටියට විවිධ බඩුබාහිරාදිය රැසක් පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් පහසුගෙවීමේ ක්‍රමයට ගන්න නම් (HSBC වගේ) ක්‍රෙඩිට් කාඩ් එකක් ඕනෙ වුනත් මේකෙ තිබුනු විදියට මම වගේ පොඩි මිනිස්සු ලඟ තියෙන සම්පත් වීසා ඩෙබිට් කාඩ් හිමියන්ටත් මේ පහසුකම ගන්න පුලුවන්. ඉතිං මමත් මේ ගැන වැඩි විස්තර හොයලා බලන්න ගියා කොල්ලුපිටියෙ අබාන්ස් එකට.
මෙන්න එහිදී අබාන්ස් සේවා නිලධාරියෙක් සමග ඇතිවූ දෙබස,
මම: මට මේ ඊසි පේමන්ට් ස්කීම් එක ගැන දැනගන්න පුලුවන්ද?
ඔහු: සර්ට තියෙන්නෙ මොන ජාතියෙ කාඩ් එකක්ද?
මම: සම්පත් ඩෙබිට් කාඩ් එකක්.
ඔහු: ආ.. එහෙනම් මෙහෙමයි සර්. සර්ගෙ එකවුන්ට් එකේ මේ බැලන්ස් එක තියේනම් (ඔහු අදාල භාණ්ඩයේ මිල සටහන පෙන්වයි. එය ලක්ෂයකට ආසන්න මුදලකි) සර්ට මාස 24න් ගෙවීමේ ක්‍රමයකට ගන්න පුලුවන්.
මම: ඒ කිව්වෙ… මේක ගන්න වෙලාවෙ විතරද මේ බැලන්ස් එක තියෙන්න ඕනෙ? නැත්තං දිගටම තියාගන්න ඕනෙද?
ඔහු: දිගටම තියෙන්න ඕනෙ සර්, අපි කොහොමත් ඔය ගාණ හෝල්ඩ් කරගන්නවා. එතකොට කොහොමත් සර්ට ඒක වියදම් කරන්න බෑ. ඒ අතරෙ සර්ට පුලුවන් මාස 24න් ගාණ ගෙවලා ඉවර කරන්න.
මම: ඇහ්? මගේ කාඩ් එකේ මේ ගාණ තියේනං මට එකපාර ගෙවලා මේක ගන්න පුලුවනි නේ? මොකටද ඊසි පේමන්ට් එකක්? තේරුමක් නෑ නේ ඒ වැඩේ?
ඔහු: ඒක නම් මම දන්නෙ නෑ සර්, මෙහෙම තමයි අපේ ප්ලෑන් එක තියෙන්නෙ.
මම: ඇත්තද? හොඳයි… ස්තූතියි.
මරු ඊසි පේමන්ට් ස්කීම් එක නේද? :)
බ්ලොග්කරණය – ඔබේ Communication Skills පෙන්වීමේ මාධ්‍යයක් ලෙස,
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර වීමෙන් පසුව පසුගිය කාලයේ මමත් රැකියා සෙවීමේ නිරත වී සිටියා. ලංකාවේ IT ක්ෂෙත්‍රෙය් සෑහෙන්න රැකියා ප්‍රමාණයක් නම් තියෙනවා, නමුත් ඉන් වැඩි හරියක් තියෙන්නේ පලපුරුද්ද ඇති අයට කියලයි මට හිතුනේ. නමුත් නවකයන්ට රැකියා නැතුව නෙමෙයි. නවක අවස්ථා (trainee) තරමක් අඩු නිසා එහිදී ඔබට අවස්ථාවක් ලබාගැනීම සඳහා ඔබේ හැකියාවන්, කලින් සිදුකර ඇති ව්‍යාපෘති ආදිය විශාල භූමිකාවක් දරනවා. ඔබේ උපාධිය/ඩිප්ලෝමාව ලබාගත්තේ කොහෙන්ද යන සාධකයට වඩා ඔබ දන්නේ මොනවාද, ඔබට කරන්න පුලුවන් මොනවාද කියන එකටයි වැඩි වැදගත්කමක් ලැබෙන්නේ.
කොහොම උනත් මගේ මාතෘකාවට පාදක උනේ ඔය කියපු කාරණා නෙමෙයි. ගොඩක් රැකියා අවස්ථා ගැන දැන්වීම් වල මම දැකපු දෙයක් තමයි අයදුම්කරුවන්ට හොඳ සන්නිවේදන හැකියාවන් (Communication Skills) තිබීම අවශ්‍යතාවයක් ලෙස ඉල්ලා තිබෙනවා. කොහොමද මේ Communication Skills ඔබට ඇති බව පෙන්නන්නේ?
සම්මුඛ පරීක්ෂණයේදී ඔබේ ඉදිරිපත්කිරීම මෙය මැන බැලෙන ප්‍රධාන සාධකයක්. මීට අමතරව මෙය විදහා දැක්වීමට ඔබ දැනටමත් සිදු කරන බ්ලොග්කරණය තරම් වෙනත් හොඳ දෙයක් තියෙනවද!
බ්ලොග් අඩවියක් හරහා එය ලියන්නා කරන්නේ වැදගත් සන්නිවේදනයක්. ලිපිය තුලින් ඔහුගෙන් යම් පණිවුඩයක් පාඨක සමූහය අතරට යන අතර පාඨකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර හා ඒ සඳහා නැවත රචකයාගෙන් ලැබෙන පිලිතුරු මගින් ඔවුන් අතර මනා සන්නිවේදනයක් ගොඩනැගෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඔබේ ලිවීම් විලාසය, ලිපියේ වැදගත්කම, ලැබී ඇති පාඨක ප්‍රතිචාර, ඒ සඳහා ඔබ ප්‍රතික්‍රියා කල ආකාරය ආදියෙන් ඔබේ සන්නිවේදන හැකියාව ගැන අදසක් ඔබේ සේව්‍යයාට ලබාදිය හැකියි. මා පෞද්ගලිකව සිතන ආකාරයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය ඔබේ CV එකේ සඳහන් විය යුතුයි.
රැකියා සෙවීමේ නියුක්ත වී ඉන්න අයට පණිවුඩයක් දීමටයි මේ ලිපිය ලිව්වේ. ඔබ බ්ලොග් අඩවියක් ලියනවානම් එහි වැදගත් හරවත් යමක්, සුදුසු භාෂා හැසිරවීමකින් යුක්තව ලිවීමෙන් එය ඔබේ සන්නිවේදන හැකියාවන් ප්‍රදර්ශණය කරන්නක් බවට පත්කරගත හැකියි. (මෙහි සුදුසු භාෂා හැසිරවීමක් යන්නෙන් අදහස් කලේ ‘ලියන බාසාවෙන්‘ ලිවීම නෙමෙයි. ‘කතා කරන බාසාවෙන්‘ වුනත් වැදගත් ආකාරයට ලිවිය හැකියි). අන්තර්ගතය තීරණය කිරීම ඔබේ වගකීමක්. කවර හෝ මාතෘකාවක් යටතේ වුනත් ඔබ ඔබේ පණිවුඩය කෙතරම් හො﻿ඳින් පාඨක සමාජය වෙත ලබාදෙනවාද යන්න තමයි වැදගත් වන්නේ.
Oracle මේ සැරසෙන්නේ කුමකටද?
ගෙවීගිය සතියේ පරිගණක ක්ෂෙත්‍රෙයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ පුවතක් වේ නම් ඒ Oracle සමාගම විසින් Google සමාගමට එරෙහිව නඩුමගට බසින්නට සැරසෙන්නේය යන පුවත ගැන විය හැකිය. මෙම නීතිමය අර්බුදයට පාදක වී ඇත්තේ ගූග්ල් තම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය වන Android නිපදවීමෙහිදී ඔරකල් සමාගමට අයත් Java ක්‍රමලේඛණ භාෂාවේ ඇතැම් කොටස් බුද්ධිමය දේපල අයිතිය දැන දැනම උල්ලංඝණය කරමින් භාවිත කර ඇති බවට ඔරකල් චෝදනා කිරීමයි.
“In developing Android, Google knowingly, directly and repeatedly  infringed Oracle’s Java-related intellectual property. This lawsuit  seeks appropriate remedies for their infringement,”
- Oracle ප්‍රකාශක කැරන් ටිල්මන්
1995 දී ජේම්ස් ගොස්ලිං විසින් ජාවා නිපදවනු ලැබුවේ Sun Microsystem සමාගම සඳහාය. නමුත් Java සම්පූරිණයෙන් Sun හි දේපොලක් වූයේ නැත. ජාවා යනු විවෘත සම්මතයකි (open standard). එහි බොහෝ කේත විවෘත (open source) වේ. විවිධ සමාගම් එම සම්මතය අනුව විවිධ වෙනස්කම් සහිත ජාවා පද්ධති නිපදවා ඇත. Sun සමාගම නිපදවූ ජාවා පද්ධතිය (Sun Java, Sun JDK) මින් වැඩිම ප්‍රසිද්ධියක් උසුලන අතර එහි ඇතැම් කොටස් විවෘත කේත නොවන අතර Sun සමාගම සතු වේ. නමුත් Sun හි ජාවා පද්ධතිය භාවිතා කිරීම සඳහා මුදලක් ගෙවිය යුතු නැති අතර Sun හි බලපත්‍ර ගිවිසුමට එකඟවීම ප්‍රමාණවත්ය. (සම්පූර්ණයෙන් විවෘත කේත ජාවා පද්ධතියක් OpenJDK නමින් බොහෝ ලිනක්ස් පද්ධති සමග මුදාහැරේ)
2009 අගෝස්තු 20 වෙනි දින සිට Oracle සමාගම විසින් Sun සමාගම මිලයට ගත් බැවින් ජාවා හි Sun සතුව තිබූ අයිතීන් දැන් ඔරකල් සතු වේ. ගූග්ල් සමාගම මෙම සන්/ඔරකල් ජාවා සම්මතයන් කීපයක් භාවිත කර ඇත්තේ සිය ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය වන ඇන්ඩ්‍රොයිඩ් නිර්මාණය කිරීමෙහිදීය. ඔරකල් චෝදනා කරන අන්තමට මෙහි පේටන්ට් ගිවිසුම් උල්ලංඝණය කිරීමක් හා බුද්ධිමය දේපොල මංකොල්ලයක් සිදුව තිබේ.
මෙම සිදුවීමේ විවිධ පැති කීපයක් ගැන ක්ෂෙත්‍රෙය් කතාබහට ලක්වේ,
ජාවා භාවිතා කිරීම වෙනුවෙන් මුදල් ඉල්ලීමට ඔරකල්ට කිසිදු අයිතියක් නැති බවත් ජාවා විවෘත සම්මතයක් බවත් වැඩි දෙනෙකුගේ මතය වී ඇති බව පෙනේ.
මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ ඔරකල් කියන ආකාරයට ජාවා හි කේත කොටස් පාවිච්චි කරමින් ගූග්ල් නිර්මාණය කරන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සම්පුර්ණයෙන්ම නොමිලේ (හා විවෘත කේත) ලෙස මුදාහරින්නක් වීමත්, ගූග්ල් ඉන් ලාභයක් නොලබන බවත් ය. එබඳු මුලු ලෝකයටම ප්‍රයෝජනවත් ව්‍යාපෘතියකට අකුල් හෙලීමෙන් ඔරකල් සිය අශිෂ්ඨත්වය ප්‍රදර්ශණය කරතැයි බොහෝ දෙනා අදහස් දක්වා ඇත.
නඩුමගට බැසීමේදී ඔරකල් ඉදිරිපත් කර ඇති කොන්දේසි තරමක් ඕනෑවට-වැඩි ස්වරූපයක් දක්වයි. මුදල්මය වන්දියකට අමතරව එසේ ජාවා කේත කොටස් භාවිතා කර සිදුකරන ලද නිර්මාණ විනාශ කල යුතු බවද ඔවුන් පවසා ඇත. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඇන්ඩ්‍රොයිඩ් ව්‍යාපෘතිය අඩාල කිරීමටදැයි සැක මතුවේ.
ඇන්ඩ්‍රොයිඩ් ව්‍යාපෘතිය අද ඊයේ පටන් ගත් එකක් නොවේ. එය අනවසරයෙන් තම බුද්ධිමය දේපල භාවිත කලේ නම් ඊට විරුද්ධව නැගී සිටීමට ඔරකල් මෙතරම් ප්‍රමාද වූයේ, ඇන්ඩ්‍රොයිඩ් මෙතරම් දියුණු වන තුරුම බලා සිටියේ, මන්ද යන්න පිලිබඳව බොහෝ දෙනා සැක පලකරති. එයද ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියට එරෙහි මාෆියාවක්ද?
ගූග්ල් යනු “සෙල්ලං සමාගමක්“ නොවේ. මෙබඳු බුද්ධිමය දේපල උල්ලංඝණය කිරීමක් ඔවුන් සිදුකරනු ඇතැයි සිතීම උගහටය. සාමාන්‍යයෙන් එබඳු සමාගමක් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී එහි නීතිමය පසුබිම හොඳින් අධ්‍යයනය කරනු ලබයි.
කෙසේ වෙතත් මේ සිදුවීම හරහා ඔරකල් සමාගම නටන්න යන පදය හොඳ නැතැයි අනුමාන කල හැකිය. සන් සමාගම මිලදී ගැනීමෙන් ඔරකල් ලද විශාලම ලාභය MySQL ඩේටාබේස් පද්ධතිය තමන් සතුකර ගැනීම යැයි කියනු ලැබේ. MySQL යනු ක්ෂෙත්‍රෙය්දී ඔරකල් හි ඩේටාබේස් පද්ධතියට සිටින ප්‍රබලම ප්‍රතිවාදියාය. ප්‍රතිවාදියා තමන්සතු කර ගැනීම කෙතරම් වැඩදායකද! අනාගතයේදී ඔරකල් විසින් MySQL හි බලතල අඩුකොට එමගින් ඒ වෙනුවට ඔරකල් පද්ධතිය භාවිත කිරීමට මිනිසුන් පොලඹවනු ඇතැයි සැක කල හැකිය. එවැන්නක් නොවිය හැක්කේ නොවේ.
අනෙක් අතට මෙම නඩුවෙන් ඔරකල්ට ජය හිමිවුවහොත් එය ජාවා පාදක කරගත් මෘදුකාංග නිර්මාණයට බලවත් පහරක් වනු ඇත. දැනට ජාවා මෘදුකාංග නිර්මාණය සඳහා Sun JDK භාවිත කරනුයේ ගෙවීමකින් තොරවය. එසේ මුදල් ගෙවන ලෙස සන් සමාගම ඉල්ලා සිටියේද නැත. මෙයින් පසු ජාවා සඳහා ගෙවීමක් කරන්නට සිදුවුවහොත් ජාවා භාවිතයෙන් මෘදුකාංග නිපදවීම ද මයික්‍රොෙසාෆ්ට් හි .NET මගින් නිපදවන්නාක් මෙන් වියදම් අධික විය හැකිය. ඇතැම්විට ඔරකල් මේ සැරසෙනුයේ සිය ජාවා පද්ධතිය මුදලට විකිණිම ආරම්භ කිරීමේ ක්‍රියාවලියකට විය හැකිය.
ගූග්ල් යනු අන්තර්ජාලයේත්, පරිගණක ක්ෂෙත්‍රෙය්ත් දියුණුව උදෙසා අලුත් දේ කල, නොමිලයේ සේවාවන් රැසක් ලබාදෙන සමාගමක් වීමත්, ඔරකල් යනු තඹ සතයක දෙයක් නිකං නොදෙන, සම්පූර්ණයෙන්ම පාහේ ලාභය ඉපැයීම කේන්ද්‍ර කරගත් සමාගමක් වීමත් මත ක්ෂෙත්‍රෙය් වැඩි දෙනෙකුගේ සහාය ගූග්ල් වෙත හිමිවී ඇති බව දැකිය හැකිය. නමුත් අවසන් තීන්දුව දෙනු ඇත්තේ අධීකරණයයි. මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් ගූග්ල් විසින් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැති බවද සඳහන් කල යුතුය.
ලාංකිකයන් මෙතරම් මැට්ටන් වූයේ කෙසේද?
ඊයේ දිවයින සිසාරා පැතිර ගිය ජංගම දුරකථන “වෛරස“ භීතිකාව නැවත වතාවක් මේ ශ්‍රී දිවයිනේ අරක්ගෙන සිටින්නේ ටොප් ක්ලාස් මැට්ටන් විශේෂයක් බව ඔප්පු කර පෙන්වීය. මේ පිලිබඳව දැනට ඇති තරම් බ්ලොග් ලිපි ලියැවී තිබුණද මේ සම්බන්ධයෙන් මගේ දැක්මද ලියා තැබීම වටිතැ‘යි සිතුනෙන් මෙසේ ලියමි.
සාමාන්‍ය පරිද්දෙන් ගෙවී ගිය ඊයේ උදෑසන 10ට පමණ මගේ විශ්වවිද්‍යාල මිතුරියක් මා හට දුරකථන ඇමතුමක් දී පවසා සිටියේ ජංගම දුරකථන වලට නන්නාඳුනන අංක කීපයකින් පැමිණෙන දුරකථන ඇමතුම් විශේෂයක් ඇති බවත්, ඉන් අධි සංඛ්‍යාත නාදයක් නිකුත්වන බවත්, එයින් මොලයට හානි වී කීපදෙනෙකු මියගොස් ඇති වග ආරංචි වී ඇති බවත් ය. මෙය DD News නම් චැනලයක පල වූ පුවතක් බව ආරංචි යැයි පැවසූ ඇය DD News යනු කුමක්දැයි මගෙන් විමසා සිටියාය. එවැන්නක් මා අසා නැති බව මම කීවෙමි. කෙසේ වෙතත් ඇයට අවශ්‍ය වූයේ මේ ආරංචිය සත්‍යයක්දැයි දැනගැනීමටත්, යම්හෙයකින් සත්‍යයක් නම් අපේ මිතුරන් සියලු දෙනා වෙත ආරංචිය ලබාදිය හැකි මාර්ගයක් සෙවීමත්ය.
මා නැවත දුරකථනයෙන් බැහැරව පරිගණකය වෙත පැමිණ වාඩි වන විට මා සම්බන්ධ වී සිටින Facebook group එකකින් මේ සම්බන්ධ පණිවුඩයක් පැමිණ තිබුනි. එය මෙස් විය,
Hi All,
Its very important news for all of you. Do not pick up calls from the Under given numbers.
9888308001,
9316048121,
9876266211,
9888854137,
9876715587 ,
These numbers will come in red color, if the call comes up from these numbers. Its with very high wave length, and frequency. If a call is received on mobile from these numbers, it creates a very high frequency and it causes brain ham range.
It’s not a joke rather, its TRUE. 27 persons died just on receiving calls from these numbers. Watch Aaj Tak (NEWS), DD News and IBN 7.
Forward this message to all u’r friends and colleagues, and relative
<object id="share" align="left" hspace="10px">
</object>
මෙහි DD News යනු ඉන්දියානු දූරදර්ශන් රූපවාහිනිය බවත්, IBN යනු තවත් එවැනිම ඉන්දියානු චැනලයක් බවත් මට සොයාගත හැකි විය. එහෙත් එම අඩවි දෙකෙහිම ඔය කියන වර්ගයේ Breaking News එකක් දක්නට නොලැබිණි. මගේ ඊලඟ පියවර වූයේ මා සාමාන්‍යයෙන් කරන පරිදිම ගූග්ල් සර්ච් එන්ජිමේ පිහිට පැතීමයි. මා කලේ නිකමට මෙන් මෙහි සඳහන් මුල් අංකය වන 9888308001 යන්න සෙවුමක් කර බැලීමයි. සමස්ත සිද්ධිය පිලිබඳවම පූර්ණ අවබෝධයක් ලබාගැනීමට එය ප්‍රමාණවත් විය.
පිලිගත් වෙබ් අඩවියක් වන About.com හි මෙම අංකය ඇතුලත් ලිපියක් මගේ අවධානයට යොමු විය.[1] එහි මාවෙත ලැබුනු ලිපිය කිසිදු වෙනසකින් තොරව සම්පූර්ණයෙන්ම පාහේ අඩංගු විය. එහි සඳහන් වූ ආකාරයට මෙය 2007 අප්‍රේල් 13 වෙනි දින මුලින්ම පාකිස්ථානයේ ප්‍රචාරය වූ අසත්‍ය ප්‍රචාරයකි, එනම් hoax[2] එකකි!
අපේ වැසියන් ඊයේ බිය වී ඇත්තේ වසර ගණනක් පැරණි මෝඩ ජෝක් එකකටය! මෙය ලංකාවේ පැතිරීමේ මූලය කුමක්දැය නොදන්නා නමුත් මා සැක කරන්නේ එය fm චැනලයක ආනුභාවයෙන් සිදුවූවක් විය හැකි බවය. අන් චැනල පරදා පැයෙන් පැය කීමට උණුසුම් පුවත් එක්කාසු කරන අතරතුර chain email එකක් සේ පැතිරී ඇති ඔය කියන පණිවුඩය චැනලයේ කිසිවෙකුට ලැබෙන්නට ඇත. එය දුටු තැනැත්තා සොයාබැලීමකින් තොරව වහා එය ප්‍රචාරය කරන්නට ඇත.
මගේ මිතුරියට නැවත කෝල් කර බියවීමට කරුණක් නැති බවත්, මෙය බොරු ප්‍රචාරයක් බවත් දැනුම් දුන් මා ඊලඟට කලේ ඒ බව facebook status message එක ලෙසද පලකිරීමයි. පණිවුඩය එවා තිබූ facebook group එක වෙතද මෙවන් බොරු සඳහා ප්‍රචාරය දීම නවත්වන්නැ‘යි කියා උත්තර ලිවීමෙන් පසුව මා කලේ පෙර කී පණිවුඩය හොඳින් කියවා බැලීමයි. එහි රසවත් තැන් රැසක් දක්නට ලැබේ.
පණිවුඩයක් පැමිණෙන දුරකථන අංක නිවැරදිව දන්නවා නම් ඒවා බ්ලොක් කිරීම දුරකථන සමාගම් වලටම කල නොහැක්කේ මන්ද?
“These numbers will come in red color“ – මින් අදහස් වන්නේ ඇමතුම පැමිණෙන විට අංකය රතු පැහැයෙන් තිරයේ දිස් වන බවද? කිසිදු දුරකථනයක පැමිණෙන ඇමතුමක CLI විස්තරය ඇමතුමට ඕනෑ හැටියට පාට පාට කිරීමට පහසුකම් නැත. එපමණක් නොව ඒක වර්ණ (monochrome) තිර සහිත දුරකථන වලදී මෙම ඇමතුම් කෙසේ පෙනේවිද?
“Its with very high wave length, and frequency“ – ලියා ඇති සැටියෙන් හැඟෙන්නේ අදාල ශබ්දය අධි තරංග ආයාම හා අධි සංඛ්‍යාතයෙන් යුතු බවකි. විද්‍යාව ඉගෙන ගෙන ඇති අය මෙය කිසිසේත් සිදු විය නොහැක්කක් වග දන්නවා ඇත. තරංගයක තරංග ආයාමයත්, සංඛ්‍යාතයත් අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධයකි. එනම් එකක් වැඩිවේ නම් ඊට සාපේක්ෂව අනික අඩුවේ. v = fλ යන තරංග සමීකරණයෙන් මෙම සම්බන්ධතාව දැක්වේ.
GSM ජාලයක් හරහා යැවිය හැකි උපරිම තරංග සංඛ්‍යාතය පිලිබඳව මා නොදනී. නමුත් ජංගම දුරකථනයේ ඇති දුර්වල ස්පීකරයෙන් මිනිසාට හානිකර මට්ටමේ අධි සංඛ්‍යාතයක් නිපදවිය හැකියැයි මා නොසිතමි. දුරකථනයේ ස්පීකරය ශ්‍රව්‍ය පරාසයේ ඇතැම් සංඛ්‍යාත වලට පවා සංවේදී නැත. ඇතැම් ශබ්ද ඉන් නෑසෙන්නේ එහෙයිනි. දුරකථනයේ ස්පීකරයෙන් අමිහිරි ශබ්දයක් නිකුත් වේ නම් අවිඥාණිකවම අප කරන්නේ වහා දුරකථනය කණෙන් ඈත් කිරීමය. අදාල හඬ අපට ඇසෙන කාලය තත්පරයකටත් අඩු විය හැකිය. එසේනම් තත්පරයකටත් අඩු කාලයකදී මිනිසෙක් මරාදැමිය හැකි වීමට එය සුපිරි ශක්තියකින් යුත් තරංගයක් විය යුතුය. නමුත් පරහකට ඇත්තේ ජංගම දුරකථනය යනු වොට් 2ක පමණ කුඩා ශක්තියක් පමණක් නිපදවිය හැකි දුර්වල යන්ත්‍රයක් වීමයි.
අහවල් චැනලයේ මේ පිලිබඳව ප්‍රචාරය වූවායැයි කියා තිබෙනවා මිස ඒ සඳහා පිලිගත හැකි සාක්ෂියක්, අඩු තරමේ වෙබ් පිටුවක ලින්ක් එකක්, හෝ පල කර නැත. මේ ආකාරයෙන් පැමිණෙන්නේ සත්‍ය තොරතුරු නොව chain letters බව ඊමේල් සමග ගණුදෙනු කරන්නන් හොඳින් දනිති.
කෙසේ වුවද මේ කිසිවක් නොසලකා දිවයිනේ වැසියෝ හොඳහැටි කලබල වූහ. නූගත් ගැමියන් ඉන් කලබල වීම සාධාරණය. නමුත් අධ්‍යාපන තත්වයක් ඇති උගත් මිනිසුන් පවා දුරදිග නොබලා මේ බොරු ආරංචිය මුදල් වියදම් කරගෙන අන් අයට sms මාර්ගයෙන් පතුරා හරිනු දැකිය හැකි වීම කණගාටුවට කරුණකි. අන්තර්ජාලයේ ගැවසෙන්නන් හට මෙය අන් අයට ඊමේල් කිරීමට, facebook message යැවීමට පෙර නිකමට ගූග්ල් සෙවුමක් කර බැලුවේ නම් සත්‍යය සොයාගන්නට ඉඩ තිබිණි.
සාමාන්‍යයෙන් මේ රටේ සිදුවන පරිද්දෙන්ම පසු පසු වන විට මේ කටකතාව පැතිරී තිබුනේ තවත් විකෘතිවීම් රැසකට බඳුන් වී ය. ඉන් ඇතැම් කතාවකට අනුව පැමිණෙන්නේ sms එකකි, ඉන් දුරකථනය පුපුරා විනාශ වේ. ඇතැමුන්ට අනුව පැමිණෙන sms එකෙන් රෝග කාරක වෛරසයක් බෝ වේ. විද්‍යුත් මාධ්‍යයක් හරහා ජෛව වෛරසයක් පැතිරිය හැකි යැයි සිතන මිනිසුනුත් මෙහි සිටීද! අදාල ඇමතුම් පැමිණි විට දුරකථනයෙන් විෂ වායුවක් පිටවන කතාවක් ද පැතිරී ඇතැයි ආරංචි වුවද එහි සත්‍යාසත්‍යතාවය නොදනිමි. මගේ තවත් මිතුරියකට ඇය හඳුනන හෙදියක් විසින් පවසා ඇත්තේ ඇය සේවය කරන රෝහලට අසනීප වූ මිනිසුන් ද ගෙන ආ බවය! බියෙන් මුසපත් වූ ඇය මිතුරන්ට sms එකක් ගසා වහා දුරකථනය විසන්ධි කල අතර ඊයේ දවස පුරාම ඇය සම්බන්ධකර ගැනීමට නොහැකි විය! හෙදියක් එබඳු කතාවක් පැතිරවීම වඩාත් දරුණු තත්වයක් බව නොකිවමනාය.
කලක් තිස්සේ මා නිරීක්ෂණය කල ආකාරයට ලාංකිකයන් පුරුදු වී ඇත්තේ ආරංචියක් ලැබුනු විට එය පිලිබඳව දෙවරක් සිතා බැලීමට නොව එය ඉස්මුදුනෙන් පිලිගෙන හොඳහැටි කලබල වීමටත්, අන් අයද කලබල වන අයුරින් එය පතුරවාහැරීමටත් ය. මෙය ලාංකිකයන් ගේ ජාන වල වැරැද්දක්ද, සංස්කෘතියේ වැරැද්දක්ද, හැදියාවේ වැරැද්දක්ද, නැතහොත් ලැබූ අධ්‍යාපනයේ වැරැද්දක්දැ‘යි සිතා බැලීම ඔබට බාර කරුණකි.
About.com : ‘Death Calls’ / ‘Killer Phone Number’ Warnings
Wikipedia : Hoax
අපි අන්ධ භක්තියෙන් පුදන්නේ දෙවියන් විතරද?
මේ බ්ලොග් අඩවිය පටන් ගෙන දෙවැනියට ලියපු ලිපියේ අන්තර්ගතයම තවත් විදියකට ඉදිරිපත් කරන්න මට හිතුනා. මේ පෝස්ට් එක ගීතයක් ගැනයි. මේ ගීතයේ මුඛ්‍ය අර්ථය වෙනුවට මේ දිනවලට ගැලපෙන වෙනත් අර්ථයක් වුනත් ආදේශ කරන්න පුලුවන් නේද කියලා හිතුනා මට.
මෙන්න ගීතය,
අහසෙ ඉන්නවලු, ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු, නොදැක වඳිනවලු
ගින්නෙ නටනවලු, බෙර පදට නටනවලු,
නටල වඳිනවලු, පව් ! පිහිට පතනවලු
ඩෙන්න ඩෙනා ඩෙනෝ. . නා ඩෙන ඩෙන ඩෙනෝ. . .
පෙරලි පෙරලි වඳින තාලෙ දුක හිතෙනව මට
බණ දහමක් වත් නෑ මම දෙසුවේ කිසි දින
හේනක් කුඹුරක් වත් නෑ වගා කළේ මම
අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට
මෝල්ගහේ දලු එනතුරු, කලු කපුටා සුදු වන තුරු
යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවෙනතුරු
පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොලක් හැදුවෙත් නෑ
අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං !
ලයනල් රංවල, සමන් සිල්වා සහ පිරිස – අහසෙ ඉන්නවලු
ගීතය ගැන කිව්වොත් මේක නැසීගිය ජනසංගීතවේදී ලයනල් රංවලයන්ගේ නිර්මාණයක්. එතුමාගෙ මුල්ම ඇල්බමය ‘අහසෙ ඉන්නවලු’ යනුවෙන් නම් කර තියෙන්නෙත් මේ ගීතය නිසයි. මේ ගීතයේ මම දැකපු වැදගත්ම දේ තමයි ‘තුට්ටු දෙකේ’ බයිලා ගායකයෙකු ලෙස වැඩි දෙනෙක් හිතන සමන් සිල්වා ගායනයට යොදාගැනීම. මගේ අදහස නම් ඔහුගේ හඬ මේ ගීතයට සාධාරණය ඉටු කර තියෙනවා.
අර්ථය ගැන කථා කලොත් ඉතින් නිරර්ථකව දෙවියන් වැඳීම අද සමාජයේ කොයි තරම් බහුලව තියෙනවාද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.පන්සලක පවා ලොකු තැනක් ලැබිලා තියෙන්නේ දේවාලෙට. ඒ විතරක් නෙමෙයි, බෞද්ධයන්ගෙ පූජනීය ස්ථානයක් වන ශ්‍රී පාදස්ථානය ප්‍රදේශයේ වැඩිපුර කියවෙන්නේ බුදු හාමුදුරුවන්ගේ නම ද? නෑ.. සමන් දෙවියන්ගේ නම! මේ ගීතයෙදි දෙවියන් විසින්ම තමන්ට අන්ධව වැඳුම් පිදුම් කරන මිනිසුන්ව හාස්‍යයට ලක් කිරීම තවත් කරුණක්. ‘ගම අවුලඤ්ඤං’ ප්‍රසංගය බලපු අයට මතක ඇති මේ ගීතට කොයි තරම් අපූරු රංගනයක් ඔවුන් ඉදිරිපත් කලාද කියලා.
අනිත් අතට ගත්තොත් අපි දේශපාලකයන් වෙනුවෙනුත් කරන්නේ මේ ආකාරයේම අන්ධ වැඳුම් පිදුම් කිරීමක් නේද? ඔවුන් අපිට කරපු සේවයක් ගැන අපි හරියටම දන්නෙත් නැති උනත්, මැතිවරණ කාලෙට ටීවී එකේ කියන, දැන්වීම් වල පෙන්නන දේවල් වලට රැවටිලා අපි ඡන්දෙ දෙනවා. මේ ඡන්දෙදි අපේ දෙපාමුල පෙරලිලා මනාප ඉල්ලන්න තරම් සූදානම් බවක් පෙන්නන අපේක්ෂකයා ආයෙ දකින්න ලැබෙන්නේ ඊලඟ මැතිවරණෙදි. අවසානෙදි ඔවුන් අපිට කරපු හොඳකුත් නෑ, අපිත් රටත් හිටපු තැනමයි. දියුණු වුනේ ඔවුන් විතරයි. ඒත් අපි ආයෙ ආයෙත් ඡන්දෙ දෙනවා. ඔවුන්ගෙන් පිහිට පතනවා, ලැබෙන පිහිටක් නැති උනත්. මේකත් දෙවියන් කෙරෙහි තියෙන අන්ධ භක්තියට සමානකමක් දක්වන්නෙ නැද්ද?
නමුත්, මේ ගීතයේ එන දෙවියන්ට වගේ, මිනිසුන් තමන්ට අයත් නැති ගෞරවයක් දෙන බව දේශපාලකයින් තේරුම් නොගැනීම තමයි තියෙන එකම වෙනස. මොකද වැඩි දෙනෙක් හිතන්නේ ඔවුන්ට වන්දනාමාන කිරීම හුදී ජනයාගෙ වගකීම කියලා.
දන්න තරමින් මේ ගීතය ලිව්වෙත්, රංවලයන්ගේ ගීත වැඩි කොටසක් ලියපු, සිසිර දිසානායක කියන ගීත රචකයායි.
තැන-නොතැන
අන්තර්ජාල community කීපයක්ම කාලයක් තිස්සේ නිරීක්ෂණය කරලා මට තේරුම් ගිය දෙයක් තමයි ඇතැම් ලාංකිකයන්ට යම් දෙයක් කරන්න සුදුසු තැන මොකක්ද, නුසුදුසු තැන මොකක්ද කියලා තේරෙන්නෙ නෑ. මට අද ලියන්න හිතුනා ඒ ගැන.
අප බොහෝදෙනෙක් දැන් Google Group පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට මේ ලිපිය දැන් කියවන අය අඩුමගනනේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය, Techකතා හෝ සිංහල යුනිකෝඩ් සමූහය කියන ප්‍රධානපෙලේ ලාංකික ගූග්ල් සමූහ තුනෙන් එකකවත් සාමාජිකයෙක් වෙන්නට ඇති. Google Group එකක් ඇතිකෙරෙන්නේ යම්කිසි මාතෘකාවකට අදාල දේවල් කතා කෙරන්නයි. මේ මාතෘකා මොනවාද යන්න සමූහයේ සටහන් කර තියෙනවා. නමුත් සමහර අය ඉන්නවා ඒ පිලිබඳව කිසිදු තැකීමක් නැතිව තමන්ට හිතෙන හිතෙන දේවල් සමූහයට පෝස්ට් කරනවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් සමූහ වල හැසිරෙන්න ඕනේ විදිය ගැන සඳහන් වෙච්ච Code of Ethics එකක් තියෙනවා. මෙහෙම දෙයක් පවත්වාගෙන යන්නේ සමූහ තුල විවිධ වයස්කාණ්ඩ වල සහ විවිධ තරාතිරම් වල අය සිටීම නිසා ඒ සැමදෙනාටම ගෞරවයක් වන පරිදි, හැසිරීම පාලනය කරන්නයි. නමුත් අමු අමුවේ මේ Code of Ethics එක ගණං නොගෙන කුණුහරුප කියන අය පවා ගූග්ල් ගෲප් වල අපි දකිනවා.
<object id="share" align="left" hspace="10px">
</object>
සිංහල යුනිකෝඩ් සමූහය මුලින් ආරම්භ වී තියෙන්නේ සිංහල යුනිකේතයේ ගැටලු සාකච්ඡා කිරීම මගින් එහි ප්‍රවර්ධනයට රුකුලක් ලබාදීමටයි. නමුත් එහි සාමාජිකයන් දන්නවා කොයිතරම් මාතෘකාවට අදාල නොවන දේවල් ඒ සමූහයට පෝස්ට් වෙනවාද කියලා. විශේෂයෙන් මේ ඡන්ද කාලේ දේශපාලන මඩ. මේවා සමූහයේ මාතෘකාවට අදාල නැති බව අනිත් සාමාජිකයන් පෙන්වා දුන් විට අර අය ගෙනෙන තර්ක තමයි ‘යුනිකෝඩ් වලට කලින් රට ගැන හිතන්න ඕනේ’ වගේ පුහු තර්ක. සිංහල යුනිකෝඩ් සමූහයට මෙවන් අදාල නැති දේ පෝස්ට් කරන වැඩි දෙනෙක් ලාබාල අය නොවන බවත්, වැඩිමහල් අය බවත් දකින්න ලැබීම විශේෂයි.
ඒ වගේම සිංහල යුනිකෝඩ් වලට කිසිසේත්ම අදාල නැති වෙනත් තාක්ෂණික ප්‍රශ්නත් ඒ සමූහය යොමු වෙනවා දකින්න පුලුවන්. සමහර අය එකම ලිපිය සමූහ කීපයකට එකවර එවනවා. අදාල සමූහ කීපයකට එකවර එවීම ගැටලුවක් නොවුනත්, අදාල නොවන ඒවාටත් එවීම මෙහිදී ගැටලුවක් වෙනවා. මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා තාක්ෂණික ගැටලුවක් Techකතා වෙත ඉදිරිපත් කරද්දීම ඒක සිංහල යුනිකෝඩ් සමූහයටත් එවන!
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය හැදී තිබුනේ සිංහල බ්ලොග්කරණය ගැන ගැටලු සාකච්ඡා කිරීමට. නමුත් ඉස්සර මේකට විශාල ප්‍රමාණයක් බ්ලොග්කරණයට අදාල නැති වෙනත් තාක්ෂණික ප්‍රශ්න ඉදිරිපත් උනා. පසුකාලීනව Techකතා සමූහය සෑදීමත් සමගම තාක්ෂණික ගැටලු සාකච්ඡා කරන්න තැනක් ලැබීම නිසා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වෙත එවැනි ප්‍රශ්න ඉදිරිපත් වීම ඉතාමත් අඩුවුනා. අදවන විටත් දිනකට සමූහයට අදාල නොවන මේල් අඩුමගණනේ 5ක් වත් ලැබෙනවා. සමහර ලිපි අර හැමෝටම ෆෝවර්ඩ් කරන ඒවා, ඒ අතරේ සමූහයටත් ෆෝවර්ඩ් කරලා.  සමහර ඒවා නම් දැන දැනත් එවන අදාල නැති ඒවා.
Techකතා ගූග්ල් සමූහයේ  මම දැක්ක ලඟදි දැක්ක දෙයක් තමයි ඇතැම් අය වෙලඳ දැන්වීම දාන්න පටන් අරගෙන. තමන් ලඟ තියෙන පාව්ච්චි කල මොඩමය ආදිය විකිණීමට ඇත කියලා සමූහයට මේල් එවනවා. විශාල පිරිසක් සම්බන්ධ වී සිටින සමූහයක් නිසා ඔවුන්ට එය වාසි සහගත වනවාට සැකයක් නැහැ. නමුත් මෙවැනි දේවල් එවැනි සමූහයකට එවීම කොතරම් සුදුසුදැයි ඔවුන් කල්පනා නොකිරීම කණගාටුවට කරුණක්. නීතිවිරෝධි විදියට Software භාවිතා කිරීමට, ඒ කියන්නේ crack කිරීම ආදිය සඳහා ප්‍රතිපත්තියක් ලෙස Techකතා හි සහයක් නොදෙන බව පැහැදිලිව සඳහන් කර තිබියදීත් crack කිරීම ගැන එහි කතා කරන ලෙස කෑගැසීම අයත්වන්නෙත් මේ වර්ගයටම තමයි.
Techකතා සජීවීව විකාශය වන අතරතුර තියෙන Live Chat එකත් මෙවැනිම තැනක්. ඒ චැට් එක හදලා තියෙන්නේ සජීවී වැඩසටහනේ සාකච්ඡා කෙරෙන දේවල් වලට ඒ වෙලාවේම පාඨක ප්‍රතිචාර ලබාගැනීම සඳහායි. නමුත් සමහරු එහි එන්නේ වෙලඳ දැන්වීම දැමීමට සහ වෙනත් වෙබ් අඩවි වල ලින්ක් පෝස්ට් කිරීමට. ඔය අතරේ කුණුහරුප කියන අයත් දවසකට දෙන්නෙක් තුන්දෙනෙක් නැතුව නෙමෙයි.
මේ උදාහරණ අන්තර්ජාලයෙන් පමණයි. ලාංකිකයන් තැන නොතැන බලා වැඩ කරන ආකාරයට හොඳ උදාහරණ බාහිර සමාජයෙනුත් දැකගත හැකියි. ඇතැම් අය අන්තර්ජාලය තුල අන්වර්ථ නාම වලින් හැසිරෙන නිසා, තමන්ව අඳුනාගැනීම ගැන බියක්වත්, ලැජ්ජාවක්වත් නැති නිසා තමන් කරන දේ වැරදි බව දැන දැනත් හිතේ හැටියට පිස්සු නටනවා. චැට් රූම් වලදි බොහෝ විට සිදුවෙන්නේ මෙයයි. සමහර අයට අන්තර්ජාලයේ තියෙන අසීමිත නිදහස නිසා එයත් බාහිර සමාජය වගේම ආචාරධර්ම තියෙන තැනක් විදියට පේන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන තැකීමක් නෑ.
ඔබ ඔබේ පාරේ සිටින අසල්වැසියන්ගේ තාප්ප වල කුණුහරුප ලියනවානම්, නිතර දෙවේලේ ඔවුන්ට කරදරයක් වන ලෙස හැසිරෙනවානම් ඔබ කරන්නේ වරදක් බව ඔබටම වැටහෙනු ඇතැයි අමුතුවෙන් කිවයුතු නැහැ. මොකද ඒ සමාජයේ පිලිගත් ආචාරධර්ම පද්ධතියක් තියෙනවා වගේම එය කඩ කරන අයට දඬුවම් දෙන ක්‍රමවේදයකුත් තියෙනවා. අන්තර්ජාලයත් මේ සැබෑලෝකය ලෙසම සම කර කල්පනා කරන්න පුලුවන් නම්, ඒ තුලත් යම් ‘අලිඛිත’ ආචාරධර්ම පද්ධතියක් ඇති බවත් මතක තියාගත්තොත් වඩාත් හොඳ වෙයි. ඒ තුල දඬුවම් දෙන්න කෙනෙක් නැති වීමේ වාසිය අරගෙන යකා නැටීම එච්චර හොඳෙ දෙයක් නෙමෙයි.
Google Buzz අන්තිමේ ඇණයක් වෙයිද?
Google Buzz ගැන වැඩි දෙනෙක් දන්නෙ නැතුව ඇති සමහර විට. මේකට හේතුව Wave වගේ කාලයක් තිස්සේ සද්ද දාලා නෙමෙයි මේක දුන්නේ. කිසිම නිල පූර්ව ප්‍රකාශයක් තිබ්බෙත් නෑ මම දන්න විදියට. ආරංචි විතරයි. හදිස්සියෙම Buzz දුන්නා. මේක ක්‍රම ක්‍රමයෙන් එකවුන්ට් වලට ඇක්ටටිවේට් කරන නිසා ඔබේ එකවුන්ට් එකට තවමත් ලැබී ඇත්නම් කලබල වෙන්න අවශ්‍ය නෑ. ලඟදිම ලැබේවි.
මොකක්ද මේ Google Buzz කියන්නේ කියලා දැනගන්න නම් සුපුන් @budhajeewa ලියු මේ ලිපිය කියවන එක හොඳයි. මගේ ලිපියේ අරමුණ Buzz අපට කරදරයක් වෙයිද කියන එක ගැන පෙර විපරමක් කරන එක විතරයි.
email inbox එක පිරීම
කිසියම් Buzz එකකට අපත් සම්බන්ධ නම් එහි සියලු ඉදිරි ක්‍රියාකාරකම් අපිට ඊමේල් මගින් ලැබෙනවා. මෙය අනව්‍ය දෙයක් වෙන්නේ Buzz කියන්නෙත් බාහිර දෙයක් නොව අපේ Gmail inbox එක තුලම ඇති දෙයක් නිසයි. එතැන unread buzz count එක පෙන්වද්දී නැවතත් ඊමේල් මගින් අප දැනුවත් කිරීම අමතර කරදරයක්. මෙය Buzz පිටුවට ගිය විට පමණක් දිස්වනසේ සැකසීම සුදුසුයි කියලා හිතෙනවා. නැතහොත් ඊමේල් නොවන වෙනත් notification system එකක් සැකසිය හැකියි.
වෙනත් සේවා සමග සම්බන්ධතාවය
මේ වන විට Buzz වෙනත් Social Network සේවා කීපයක් සමග සම්බන්ධතා පැවැත්වීමේ ඉඩකඩ ලබාදෙනවා. මෙය කරදරයක් විය හැක්කේ මෙලෙසයි. උදාහරණයක් ලෙස බ්ලොග් අඩවි (blogger/wordpress) Buzz සමග සම්බන්ධ කල හැකි අතර එවිය තමන් පල කරන පෝස්ට් Buzz එකක් ලෙස Google Buzz හි ද පලවනවා. මෙය තම මිතුරන් සියලුදෙනාගේම Buzz පිටුවේ පෙන්වීම ඔවුන්ට අමතර කරදරයක් විය හැකියි.
බ්ලොග් පමණක් නොව අපට අවශ්‍ය නම් අපේ Google Reader එකේ අප share කරන සියල්ල Buzz හි පෝස්ට් වීමට සැකසිය හැකියි. Flickr, Picasa හි පලකරන ඡායාරූප Buzz වෙත පෝස්ට් වීමට සැකසිය හැකියි. මෙසේ අපේ මිතුරන් සියලු දෙනා කරන දේවල් අපේ Buzz පිටුවට පැමිනීම තරමක කරදරයක් වනු නියතයි.
Twitter හිදී ද අපට අවශය දෙයක් අන් අය වෙත tweet කිරීමේ හැකියාව තිබුනත් එය කරදරයක් වීම යම්තාක් දුරකට අඩුවීමට හේතුව එහි අකුරු 140 සීමාවයි. ඒ නිසා අපට පල කල හැක්කේ ලින්ක් එකක් පමණයි. කැමති අයට එය නොබලා සිටිය හැකියි.
දැනට පෙනී යන ආකාරයට තවත් මද කලක් යන විට අපේ Buzz පිටුව මිතුරන්ගේ වැදගත් buzz වලට වඩා එක් එක් අය share කරන අපට වැදගත් නැති කුණුකන්දල් රැසකින් පිරෙන තැනක් වීමට ඉඩකඩ තියෙනවා. මෙය හරියටම අපේ facebook homepage එක හා wall එක මිතුරන් විසින් විවිධ application වලින් දමන පෝස්ට් වලින් ඇතිවන කරදරය වගේ වනු ඇති. මෙසේ අනවශ්‍ය දේ පිරීයාමෙන් සිදුවන්නේ අවශ්‍ය දේ මගහැරීමයි.
මේ සිදුකලේ Buzz පිලිබඳ පොඩි විවේචනයක් පමණයි. මෙහි හොඳ පැති තිබිය හැකිවාක් මෙන්ම සාමාන්‍යයෙන් සිදුවන පරිදි කොපමණ ‘ඇණයක් වුනත්’ අප මෙයට හැඩගැසීම (උදා: Facebook) හෝ මෙය අමතක වී යාම (උදා: Wave) සිදුවිය හැකියි. එතෙක් ඉවසා බලමු.
රජයේ නිල අන්තර්ජාල සැපයුමට මොකක් වෙලාද?
මොබිටෙල් අන්තර්ජාල පහසුකම් අප්සෙට් ගිහින් කියලා මේ දවස්වල නිතර අහන්නට ලැබෙන චෝදනාවක්. මේකට හේතුව වෙන්න ඇත්තේ රු 75ක මුදලට Weekly Delight නමින් Prepaid පැකේජයක් හඳුන්වා දීමත්, ස්ථාවර සම්බන්ධතාවල මිල විශාල වශයෙන් අඩු කිරීමත් නිසා ජාලයට දරන්නට බැරි තරම් පිරිසක් ඊට එකතු වීම නිසා bandwidth එක බෙදී යාම වෙන්නැති කියලයි හිතෙන්නේ.
මේ තත්වය ඉවසන්න බැරුව අපේ මලින්ත ළමයා ඊයේ මොබිටෙල් බැද්දට විසික්කරලා ඩයලොග් අන්තර්ජාල සම්බන්ධතාවයක් ගත්ත බව ආරංචි වෙන්න ඇතිනේ :D මිනිහා ඊයේ නුවර මොබිටෙල් එක ඉස්සරහ පැය 4ක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් කරාලුනේ :D
මොබිටෙල් හා ටෙලිකොම් කියන්නේ සහෝදර-සමාගම් නේ :P මේ දෙකම රජයේ නිල සන්නිවේදන සැපයුම්කරුවන් කියලයි හඳුන්වන්නේ. ඒ වගේම මේ දෙගොල්ලොම පාවිච්චි කරන්නේ එකම අන්තර්ජාල සබඳතාවයක් බෙදාහදාගෙන. මේ නිසා වේගය අඩු වෙනවනම් මොබිටෙල්ට විතරක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයිනේ. මටත් ටික දවසක ඉඳන් browsing වලදී තරමක් අඩු වේගයක් වගේ දැනුනු නිසා මම අද නිකමට වගේ Speed Tests කීපයක් කරලා බැලුවා. තත්වේ හිතුවාට වඩා දරුණු වෙලානේ !
මගේ සම්බන්ධතාවය 512kbps එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක ඉස්සර Speed Test කලාම 0.48-0.51Mbps විතර වේගයක් දකින්න පුලුවන් උනා. ඒත් දැන් නම් අඩුවෙලා වගේ. මෙන්න මම ලෝකයේ හතරදික්බාගයේ විවිධ තැන් වල පිහිටි server සමග කරපු Speed Test වල ප්‍රතිඵල.
London, United Kingdom
New York, USA
Mumbai, India
Male, Moldives
Tokyo, Japan
දැක්ක නේද? :D ලඟ තියෙන මාලදිවයින එක්ක විතරයි ටිකක් හරි වේගවත් සබඳතාවයක් තියෙන්නේ. සමස්තයක් ලෙස ඔක්කොම එක්ක Ping Latency එක වැඩි වෙලා බව නං පේනවා. Streaming Video අල වෙන්න එහෙම මේක හේතුවක්. මේ දවස්වල ADSL වලින් Youtube video එකක් බලන්න නහින්න ඕනෙ.
මෙන්න කොළඹ තියෙන තමන්ගෙම SLT සර්වරය සමග ගනුදෙනුව,
අන්තර්ජාල සේවා වැඩි වැඩියෙන් සැපයීම නම් හොඳයි වගේම විය යුත්තක්. ඒත් වැඩිවන ධාරිතාවට සරිලන විදියට සේවාව කළමණාකරණය කරන්නෙ නැතුව, අප්ග්‍රේඩ් කරන්නෙ නැත්තං නම් දෙන සේවාවෙනුත් වැඩක් නෑ. මෙහෙම ගිහින් තව ටික දවසකින් ADSL හා Mobitel සම්බන්ධතා Dial Up ගාණට ස්ලෝ වෙයිද දන්නෑ ! :D
මොනවද අනිත් ADSL පාරිභෝගිකයන්ගෙ අත්දැකීම්? කමෙන්ට් එකක් කාරිය දාන්න ඔබේ Speed Test result වලට ලින්ක් එහෙම එක්ක.