ඉන්ද්‍රනාම » විශ්වවිද්‍යාලය

ඇමති එස්බී කියන්නා වගේ නවකවධයට ආචාර්යවරුත් සම්බන්ධද?
නවකවධයට විශ්වවිද්‍යාල ආචාර්යවරුද සම්බන්ධ යැයි එස්.බී. දිසානායක ඇමැතිවරයා කියූ බව ප්‍රධානපෙලේ පුවත්පත් රැසක අද පල වී තිබුනි. සත්‍ය වශයෙන් නම් නවකවධයට පමණක් නොව විශ්වවිද්‍යාල වල සිදුවන ප්‍රචණ්ඩක්‍රියා වලටද ඇතැම් ආචාර්යවරු වගකිවයුත්තෝ වෙති. ඇතැම්හු ඒවාට අනුබල දෙති, ඇතැම්හු ඒවා වැලැක්වීමට හැකියාව තිබියදීත් නොදැක්කා සේ යති. ඇමැතිවරයාගේ ප්‍රකාශය දුටු විට මට මතකයට නැගුනේ මගේ විශ්වවිද්‍යාල දිවියේ පුංචි සිදුවීම් දෙකකි. වතාවන් කීපයකදී මේවා බ්ලොග් අඩවියේ ලිවිය යුතුයැයි සිතුවත් ඊට නිමිත්තක් ලැබුනේ නැත. දැන් එස්.බී. ඇමැතිවරයාගේ ප්‍රකාශය හොඳ නිමිත්තක්ව ඇත.

සිදුවීම 1

අප විශ්වවිද්‍යාලයට පැමිණ සති දෙකකින් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගම් නිලවරණය පැවැත්විනි. පාර්ශ්ව දෙකකි. අපි “බොග්ගු“ හෙවත් නවකවධ විරෝධීන් වූයෙමු. අනෙකුන් “රැල්ලෝ“ හෙවත් බහුතරයක් නේවාසිකාගාරවාසී, බහුතරයක් ජවිපෙට කඩේ යන්නෝ වූහ. එමෙන්ම ඔවුහු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ බලය හිමි ඇත්තෝ වූහ. නිලවරණය පැවැත්වූයේ සිකුරාදා දිනෙකය. සවස 5ට පමණ ඡන්ද ගණන් කිරීම ආරම්භ වූ අතර ප්‍රතිථල පිටවනතුරු අප බලාසිටියෙමු. ප්‍රධාන ගේට්ටුව දෙසට යාමකින් තොරව අපේ පීඨයට ඇතුලු විය හැකි කුඩා ගේට්ටුවක් එකල තිබුනි. එය “කුරුබිලිය“ වශයෙන් හඳුන්වන ලදී. (පසුව පැමිණි ආන්දෝලනාත්මක උපකුලපතිවරයකු විසින් එම ගේට්ටුව යුද සමයේ ආරක්ෂාවට තර්ජනයක් බැව් පවසා වසා දමන ලදී. ඇත්ත නොවැ, සිස්සයෝ විස්ස විජ්ජාලේ ඇතුලට ඔය කුරුබිලියෙන් බෝම්බ ගේන්න පුලුවන් නොවැ!) වෙලාව සවස 6 පමණ වූ අතර අඳුර ද වැටෙමින් පැවතිණි. ප්‍රතිඵල අසා දැනගෙන යාමට අපේ පිරිසෙන් 50ක් පමණ රැඳී සිටි අතර ඉතුරු උන්ව අපි ගෙදර යැවීමු. මක් නිසාදයත් ඒ වන විටද යම් වාතාවරණයකට ඉඩකඩ සැලසෙමින් තිබූ බැවිණි. ඉතිරි අපි කුරුබිලිය අසල ගැවසෙමින් සිටියේ ප්‍රහාරයක් එල්ල වුවහොත් වහා පලායාමට හැකිවන නිසාවෙනි.

ඇඳිරිවැටෙත්ම ශාස්ත්‍ර/කළමණාකරණ පීඨ දෙසින් මහා සේනාවක් ප්‍රාදූර්භූත විය. ඇතැම්හු අතේ හයයි හතරේ සයිස් පොලු කෑලි හොඳින්ම පෙනෙන්නට තිබුණි. ඒ එකකින් ඔලුවට එකක් වැදුනේ නම් එතැනම අවසන් හුස්ම හෙලන්නට අපහසු නොවනු ඇත. කෙසේ වෙතත් ගැටුමක් හට නොගත් අතර නිලවරණ ප්‍රතිඵලයෙන් සුපුරුදු ලෙස අප ජයග්‍රහණය කර තිබුනි. ජයඝෝෂාවකින් සතුට සැමරූ අපි වහ වහා විසිර ගියෙමු.

හොඳ කතාවක් දැනගන්නට ලැබුනේ පසුවය. මීට සම්බන්ධ මහාචාර්යවරයා දැනට ව්‍යවහාරික විද්‍යාපීඨයේ ඉහලම නිලය දරන්නා වේ. හේ එකල සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ අතර, විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු සම්බන්ධ තනතුරක් දැරීය. මෙම තනතුර නිසා හේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සමග සමීප ඇසුරක් පැවැත්විය. (නැතුව උන්ව තහරකරගත්තේ නම් ඔහුගේ අර තනතුර නැතිවයාහැකිව තිබුනි) එදා ගැටුම සඳහා පිරිස් පොලු රැගෙන පැමිණ සිටි අවස්ථාවේ ඔහු එදෙසට පැමින ඇත. පොලු රැගත් සිසුන් ලඟට කිට්ටු කල ඔහු පවසා ඇත්තේ “යකෝ ඕවා ගෙනාවට කමක් නෑ, පේන්න තියං ඉන්නෙ නැතුව හංගන් ඉඳපන්“ යනුවෙන් මිත්‍රශීලී ස්වරයෙනි. මේ බව අපට කීවේ එය සියැසින් දුටු තාවකාලික ප්‍රදර්ශකවරයෙකි (demonstrator).

සිදුවීම 2

කෙසේ වෙතත් රැල්ලෝ පරාජය වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කරන බව පෙනුනේ ඊලඟ සඳුදාය. උදෑසන සිටම පරිසරය ව්‍යාකූල බවක් ඉසිලීය. විවේක කාලයේ තරමක ගැටුමක් හටගත්තේය. පීඨාධිපතිවරයා සහ තවත් ආචාර්යවරු කිහිප දෙනෙකු මැදිහත් වී එය විසඳීමට උත්සාහ දරනු පෙනිනි. මේ වන විට විශ්වවිද්‍යාල සංස්කෘතියට ආගන්තුකයෝ වූ අපිට එහි “වලි“ ගැන කිසිදු අවබෝධයක් තිබුනේ නැත. මා සිතුවේ පාසලේදී සිදුවන්නාක් මෙන් පීඨාධිපති වරයා පැමිණ සත්තමක් දැමූ විට සිසුන් විසිරයනු ඇතැයි කියාය. එහෙයින් අපට දිවා විවේකයෙන් පසුව තිබූ භෞතික විද්‍යා දේශනයට සහභාගීවීම සඳහා අපි දේශනශාලාවට ඇතුලුවීමු.

දේශණය ආරම්භ වී විනාඩි 10ක් ඉක්මෙන්නටත් මත්තෙන් එලියේ ගැටුම ආරම්භ විය. යෂ්ඨිධාරීන්, පාෂාණධාරීන් සැරිසරනුද, පාෂාණ පියාඹනුද පෙනුනි.  මගේ දුරකථනයට ආ පණිවුඩ කිහිපයකින්ම කියවුනේ අපේ කට්ටිය විශ්වවිද්‍යාල භූමියෙන් බැහැරව එලියට ගොස් ඇති බවත්, ඇතුලේ සිටීම භයානක බැවින් හැකිනම් වහාම දේශනයෙන් පැණ හෝ එලියට එන ලෙසත්ය. මෙය පැයේ දේශණ දෙකක එකතුවකි. මුල් දේශනය පැවැත්වූ තැනැත්තා ආචාර්ය A යයි අපි කියමු. ඔහු සුපුරුදු පරිදි කිසිවක් සිදු නොවූ පරිද්දෙන් දේශණය කරගෙන ගියේය. ඒ පැය අවසානයේ දෙවැනි දේශනය සඳහා ආචාර්ය B පැමිණියේය. හේ කරුණාවන්ත මිනිසෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූවෙකි. “දරුවනේ, පේනවනේ එලියේ ගැටලුවක් තියෙන බව. ඒ නිසේ මේ වන විට ඔබලාගේ පීඨය තාවකාලිකව වසාදමලයි තියෙන්නෙ. ඒ නිසා අපි දැන් එලියට යමු. මම ඔය කට්ටියත් එක්ක එලියට යන්න එනවා. මගේ පස්සෙන්ම එනවා මිසක් වෙන පාරවල්වල යන්නවත්, වටපිට බලන්නවත්, වෙන කවුරුත් කතා කලාට යන්නවත් එපා“ හේ පැවසීය. ඉන්පසු ඔහු දේශනශාලාවේ සාමාන්‍යෙයන් භාවිතා නොකෙරෙන දොරක් හැර අපිව පිටතට ගෙන ප්‍රධාන ගේට්ටුව වෙත යාමට මූලිකත්වය ගත්තේය. ආචාර්ය A අපේ පෝලිමේ පිටුපසින් එක්වූයේය.

අප දේශන ශාලාවෙන් එලියට බසිනවාත් සමගම ජ්‍යෙෂ්ඨ රැල්ලෝ (උත්තමයෝ) කිහිපදෙනෙකුම පෝලිම වටකරගත්හ. “කොහෙද යන්නේ?“ මගේ අතින් දැඩිව අල්ලාගත් එකෙක් ඇසීය. බිරන්තට්ටු වී සිටි මම “එලියට යනවා අයියේ“යි ගොතගසමින් කීවෙමි. “වරෙන් යන්න අපිත් එක්ක..“ හේ මගේ අතින් අදිමින් කීවේය. ආචාර්ය B මෙම සිද්ධිය දුටු අතර හේ වහා අප දෙස හැරී “මොකක්ද ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නෙ?“ යැයි අර ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගෙන් දැඩිව විමසා සිටියේය. “නෑ සර්…“ කියා ෂේප් වූ ඔවුන් නැවත හැරී යන ගමන් මා ඇතුලු පිරිසට පා පහරවල් එල්ල කලහ. ඉදිරිපස බලාගෙන සිටි මා පාපහර එල්ලවූයේ කොහෙන්දැයි නොදුටු නිසා ඒ පිලිබඳව විමසීමට පිටුපස බලන විට දුටුයේ ජ්‍යෙෂ්ඨ උත්තමයින් දිව යන අයුරුත් අර ආචාර්ය A සුපුරුදු පරිදි මුකුත් නොදන්නා විලසින් පෝලිම පිටුපසින් එන බවය. පහර දුන් අය කවුරුදැයි ඔහු හොඳින් දුටු බවට සැක නැත. එහෙත් ඔහු එය වැලැක්වීමට කිසිදු පියවරක් ගත්තේ නැත.

මා නිරීක්ෂණය කල පරිදි ආචාර්යවරුන්ගෙන් ඉතා සුලු කොටසක් පමණකි නවකවධය හා ඒ හා සම්බන්ධ ප්‍රචණ්ඩක්‍රියා වැලැක්වීමට උත්සාහ දරන්නේ. තවත් සුලු කොටසක් ඊට සහය දක්වති. වැඩි කොටසක් කරන්නේ ඕවා නොදැක්කා සේ සිටීමය.

ජපුරේ විද්‍යාපීඨයේ පරිපාලනය අතීසාරයට අමුඩ ගසති !
මීට සති කීපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසු ගැටුමක් ඇති විය. මේ ගැටුමට ආසන්න සිදුවීම වූයේ පෙර දින දිවා ආහාර පැයේදී ශ්‍රවණාගාරයේ පැවැත්වූ පලමු වසර සිසු රැස්වීමකදී දෙපාර්ශ්වයක් අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවකි. එමෙන්ම පසුදින ගැටුම හටගත්තේ විද්‍යාපීඨ ආපන ශාලාව තුලය.

නැවත මෙවන් සිසු ගැටුම් ඇති නොවීමට විද්‍යාපීඨ පරිපාලනය අපූරු විසඳුමක් දී තිබේ. එනම් දිවා ආහාර විවේකයේ දී හා දේශන නොමැති අවස්ථාවලදී ශ්‍රවණාගාරය වසා තැබීමය. ගැටුම් ඇති වන්නේ ශ්‍රවණාගාරයේ සිසු රැස්වීම් තිබූ විටය. එහෙයින් එය වසා දැමූ විට සිසු රැස්වීම් නොපැවැත්වෙන බැවින් නැවත ගැටුම් ඇති නොවනු ඇත. හරිම අපූරු විසඳුමකි !

විද්‍යාපීඨයේ ඇත්තේ එක් ආපනශාලාවක් පමණි. බැමි ඇත්තේ ද ඉතා අඩුවෙනි. එහෙයින් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට දිවා ආහාර ගැනීමට ඉඩකඩ ප්‍රශ්න ඇතිවේ. මෙතෙක් කල් වැඩි සිසු පිරිසක් ආහාර ගත්තේ ශ්‍රවණාගාරය තුල ය. එය දල වශයෙන් තුන්සියයකටවත් ආසන්න ය. මෙම ශ්‍රවණාගාරය වසා දැමීමේ තීරණයෙන් පහර වැදුනේ එවන් සිසු පිරිසකගේ දිවා ආහාරයට ය. මේ වන විට දිවා ආහාර වෙලාව ලඟාවත්ම ශ්‍රවණාගාරයත් C2 දේශන ශාලාවත් වසා දැමීම නිසා සිසුන්ට කැන්ටිමෙන්, පාර අයිනේ ජංගම වෙලඳුන්ගෙන් මිලට ගන්නා නීරස බත් පාර්සලය ගිල දැමීමට ඉඩක් සොයා ගැනීමට එහේ මෙහේ රස්තියාදු වීමට සිදුවී ඇත.

විද්‍යාපීඨයට ආපනශාලාවක් අවශ්‍ය නොමැති බවද එහෙයින් ආපනශාලාවද වසා දැමීමට පරිපාලනය තීරණය කර ඇතැයි ආපනශාලාව හිමිකරු අප සමග කීවේ ටික දිනකට කලින්ය. ගැටුම සිදු වූයේ ආපනශාලාවේ බැවින් එය වසා දැමීම අනාගතතයේ ගැටුම් ඇතිවීම වලක්වනු ඇතැයි පරිපාලනය සිතා ඇතුවාට සැක නැත. මෙම ආපන ශාලාව වසා දැමුවහොත් මේ දිනවල විද්‍යාපීඨයට ඊලඟට ලඟින්ම ඇති ආපනශාලාවද වසා දමා ඇති බැවින් තේ එකක් බීමට පවා සෑහෙන්න දුරක් ගෙවා යාමට සිදුවනු ඇත.

විද්‍යාපීඨයට ඇතුලු වීමට කුඩා ගේට්ටුවක් එකල තිබිණි. එය වසරකට පමණ පෙරදී වසා දමනු ලැබුවේද ගැටුම් වැලැක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙසය. (අපිට කීවේ නම් ආරක්ෂක විධිවිධානයක් කියාය, නමුත් තිබෙන කුඩා ගේට්ටු වලින් වසා දැමූයේ අපේ එක පමණි.) ඉන් සිදුවූයේ පොටෝකොපියක් ගැසීමට, බත් එකක් ගැනීමට පාරට යාමට අමතර දුරක් ගෙවා ප්‍රධාන ගේට්ටුවෙන් රවුමක් ගැසීමට සිදුවීමය.

ජපුරේ සිසු ගැටුම් වැලැක්වීමට පරිපාලනය ගන්නා තීන්දු ඔන්න ඔහොමය ! සිසුන් අතර ගැටුම්, අසමගිකම් දුරලීමට නම් කල යුත්තේ සිසුන් මත තව තවත් මානසික පීඩණය වැඩි කිරීමදැයි මම පරිපාලනයෙන් අසා සිටීමට කැමැත්තෙමි.

ඉල්ලීමක්: මෙහි ඉදිරියේදී එක් වන කමෙන්ට් ඔබට ඊමේල් වන අයුරින් ඔබ Comments Subscribe වූනවා නම් කරුණාකර ඔබේ Spam folder එක මදක් බලන්න. මගේ බ්ලොග් අඩවියෙන් එන Comments notification ඊමේල් spam වෙත යන බව වාර්තාවී ඇත. එබන්දක් ඔබේ spam folder වෙත ගොස් තිබුනොත් කරුණාකර එය Not SPAM ලෙස mark කර මට සහාය වන්න.

සරසවි ජවනිකා
මගේ සරසවි දිවිය අන් අය දකින ආකාරය හා සම්බන්ධ ජවනිකා හතරක්.

පලමු ජවනිකාව

කලකින් හමු නොමූ පවුලේ හිතවත් වැඩිහිටියෙක් හමු වේ. ඔහු ප්‍රීතියෙන් ඔදවැඩී ගොස් මා අමතයි.

“හලෝ පුතා… කොහොමද ඉතින්? දැං මොනවද කරන්නෙ?”

“දැං කැම්පස් එකේ ඉගෙනගන්නව අංකල්”

ඔහුගේ මුහුණේ තිබූ සිනාව සැලකියයුතු තරම් අඩු වේ.

“ආ.. එහෙමද…. දැං මොන ඉයර් එකේද?”

“දැං ෆයිනල් ඉයර්….”

ඔහුගේ සිනාව තවත් අඩුවේ.

“දැං කැම්පස් වල හරියට ප්‍රශ්න නේද පුතා?”

“ඔවු අංකල්…”

“ඒක තමයි. මේ දැං කාලෙ කොල්ලන්ට ඉගෙනගන්නවට වඩා වෙන වැඩ තියෙනවනෙ. පේන්නැද්ද ඔය ටීවී එකේ හැමදාම පෙන්නන්නෙ. මුංට උගන්නන්න නාස්ති වෙන්නෙ රටේ මිනිස්සුන්ගෙ සල්ලිනෙ..”

(මගේ මූණට කිව නොහැකි දේ ඔහු අහක බලාගෙන එල්ලයක් නොමැතිව දමා ගසයි)

දෙවැනි ජවනිකාව

පාසල් කාලයේ මිතුරෙක් හමුවේ. උසස්පෙල සමත් වුවද සරසවි වරම් නොලැබූ ඔහු දැන් පෞද්ගලික බැංකුවක සේවයේ නිරත වී හොඳ වැටුපක් ලබයි.

“හලෝ මචං.. දැක්ක කල්.. උඹ කැම්පස් ලු නේ…?”

“ඔවු බං.. මේ ෆයිනල් ඉයර් එක”

“මොනවද බං උඹලා කැම්පස් ගිහින් අර කරන පිස්සු විකාර? අර ටීවී එකේ පත්තර වල යන්නෙ?”

“මේ මේ.. අපිව අල්ලගන්න එපා ඕවට.. අපි නෑ ඔය වැඩ වලට..”

“කොහොම උනත් චාටර්නෙ බං. උඹලට උගන්නන්නෙ රටේ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින්. තොපි ඒව නාස්ති කරනව”

“බලපං, උඹ දැං ඒලෙවල් කරල අවුරුදු 4ක් වෙනව. තවම වියදං කරන්නෙ ගෙදරින්. මම දැං රස්සාවක් කරල මාසෙකට තිස්පහක් හොයනව.”

“හරි ඉතිං…..”

“ඕක තේරුං ගන්න බැරිද බං ඔය කැම්පස් එකේ ඉන්න බූරුවන්ට? තේරුමක් නැතුව නිකං නාස්ති වෙන්නේ?”

තෙවැනි ජවනිකාව

පසුගිය සතියේ විශ්වවිද්‍යාලය වසා දමන ලදින් මම ගෙදර ආවෙමි. සවස තේ බොන අතර තාත්තා මෙසේ කියයි.

“අපරාදෙ නේද පුතේ මේ නාස්ති වෙන කාලය… ඒලෙවල් කරලා ජොබ් එකකට රිංගගත්තනං මෙලහකට හොඳ තැනක ඉන්නත් තිබුනා.”

සිවුවැනි ජවනිකාව

මිතුරෙක් මා හමුවීමට පැමිණියේය. ඔහුද විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි.

“මාර චාටර් බං. දැං කැම්පස් යනව කියල කිව්වාම මිනිස්සු බලන්නෙ මහා අපරාධකාරයෙක් දිහා බලන විදියට”

“හ්ම්..”

“කතාවක් තියෙනවනෙ එකෙක්ව කැම්පස් අරින්න තව ගාණක් උදැල්ල අරං කුඹුරට බහිනව කියල. අපි නාස්ති කරන්නෙ උං දාඩිය මහන්සියෙන් හම්බුකරන සල්ලි නෙ බං. ඉතිං මිනිස්සු බනින එක සාදාරණයි.”

වසර ගණනාවකට කලින් විශ්වවිද්‍යාලයට සමත් වීම යනු වැදගත් දෙයක් විය. එය අද මේ තත්වයට පත් වූයේ මන්ද?

විද්‍යොදයේ අතීතයෙන් පිටුවක්
මේ ඡායාරූපයෙ ඇති විශේෂයක් නැති වුනත් මේක පිටුපස අතීත කතාවක් තියෙනවා. ඒ ගැන කියන්නයි මේ ලෑස්ති වෙන්නේ.

මේ ඡායාරූපයේ තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලයෙන් මම බැහැර ගෙනගිය ඩබ්. ඒ. සිල්වා ශූරීන්ගේ “රිදී හවඩිය” කියන නවකතා පොතේ ඇතුලු පිටුවක්. මේක ඒ කාලයේ ලියැවුන රහස් පරීක්ෂක කතාවක්. කීදෙනෙක් මේක කියවලා තියෙනවද දන්නෙ නෑ. මේ වගේම එතුමාගෙ තවත් රහස් පරීක්ෂක කතාවක් තමයි “ජූලි හත“. පුලුවන් නම් හොයාගෙන කියවන්න.

අපේ විශ්වවිද්‍යාලය කලින් පිරිවෙණක් බව (විද්‍යොදය පිරිවෙණ) හැමෝම වගේ දන්නවා ඇතිනේ. 1958  අංක 15 දරණ විද්‍යොදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත යටතේ විශ්වවිද්‍යාලයක තත්වයට උසස් කරන ලද එය 1959 පෙබරවාරි 18 වෙනි දින සිට “ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලය” යන නමින් හැඳින්වුනා. එහි මුල්ම විශ්වවිද්‍යාලාධිපතිවරයා වුනේ වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේ.

ඔහොම කාලයක් ගියාට පස්සේ 1972 දී පාර්ලිමේන්තුවෙන් සම්මත උනා අංක 1 දරණ ලංකා විශ්වවිද්‍යාල පනත. මේ  මගින් එතෙක් ලංකාවේ තිබූ සියලුම විශ්වවිද්‍යාල එක් විශ්වවිද්‍යාලයක හෙවත් ලංකා විශ්වවිද්‍යාලයේ (University of Ceylon) කොටස් බවට පත්කෙරුනා, 1972 පෙබරවාරි 15 වෙනිදා සිට. ඒ අනුව අපේ විශ්වවිද්‍යාලය “ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යොදය මණ්ඩපය” (University of Ceylon – Vidyodaya Campus) වශයෙන් හැඳින්වෙන්න ගත්තා. අද අපි පොදුවේ විශ්වවිද්‍යාල හඳුන්වන්න පාවිච්චි කරන “කැම්පස්” කියන වචනය භාවිතයට ආවෙ මෙන්න මේකෙන්.

මෙන්න මේ සමයෙදි අපේ පුස්තකාලයට එක්වුනු පොතක සටහන් වූ මුද්‍රාවක් තමයි මේ. අපේ විශ්වවිද්‍යාලයේ පුස්තකාලය ගොඩක් පැරණි එකක් වගේම විශාල පොත්පත් සම්භාරයක් සහිත එකක් බව දැකල තියෙන අය දන්නව ඇති. එහි ඇතැම් කොටස් මම දැකලවත් නැහැ. පිරිවෙන් සමයේ සිට එක්රැස්වූ පොත්පත් මෙන්ම පුස්කොල පොත් එකතුවක්ද මෙහි අන්තර්ගතයි. (නූතන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ මුල්ම සේවා ස්ථානය වුනෙත් විද්‍යොදය පුස්තකාලය බව අහලා ඇති.)

පසුව 1978 දී නැවතත් මේ ලංකා විශ්වවිද්‍යාලය කොටස් 6කට වෙන් කෙරුනා. ඒ අනුව ලංකා විශ්වවිද්‍යාලයේ තිබුණු මණ්ඩප 6 ස්වාධීන විශ්වවිද්‍යාල 6ක් බවට වෙන් කෙරුනා. ඒවා තමයි,

කොලඹ විශ්වවිද්‍යාලය (CMB)

පේරාදෙණිය විශ්වවිද්‍යාලය (PDN)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (SJP)

කැළණිය විශ්වවිද්‍යාලය (KLN)

මොරටුව විශ්වවිද්‍යාලය (MRT)

යාපනය විශ්වවිද්‍යාලය (JFN)

වශයෙන් මේ දක්වා හැඳින්වෙන්නේ.

මගේ විශ්වවිද්‍යාලය ගැන සිංහල විකිපිඩියාවට මම ලියූ ලිපිය මෙතැනින් කියවන්න. නම නොදන්නා සහෘදයෙක් විසින් එහි වැදගත් දින වකවානු ආදිය සටහන් කරලා ලොකු සහයෝගයක් දුන්නා. ඔහුටත් ස්තූතිවන්ත වෙනවා.

අයිෆල් කුලුණ හා පාදඩයෝ
පසුගිය පෙබරවාරි මාසයේ අපේ විශ්වවිද්‍යාලයේ පැවැත්වුන “විදුජය” ප්‍රදර්ශනය ගොඩක් අයට මතක ඇති කියලා හිතෙනවා. එහි ව්‍යවහාරික විද්‍යා පීඨයේ ප්‍රදර්ශන භූමිය වෙත ආපු අයට සුවිසල් පිරමිඩය අසල තිබුනු මේ අයිෆල් කුලුණ මතක ඇති.

ගණිත අධ්‍යයනාංශයේ ප්‍රදර්ශනය වෙනුවෙන් මේ අයිෆල් කුලුණේ ආකෘතිය හැදුවේ අපේ බැච් එකේ සොයුරියන් කණ්ඩායමක් විසින්. සැබෑ අයිෆල් කුලුනේ යකඩ බාල්ක මගින් එහි බල සංතුලනය වී ඇති අයුරු විදහා දැක්වීමට මෙය සාදනු ලැබුවේ සැබෑ කුලුනේ ආකාරයටම බාල්ක ලී කැබලි වලින් සකස් කරමින්. මේ නිර්මාණය සඳහා අමුද්‍රව්‍ය ගෙන ඒමේ සිට ලී නියමිත ගණන් මිමි කෝණ වලට අනුව කපා මැලියම් වර්ගයකින් අලවා මේ දැවැන්ත කුලුණ සෑදීමේ සියලු කටයුතු වලට එක පිරිමි පරාණයක් වත් සහභාගී උනේ නැහැ. තනිකරම සොයුරියන් පිරිසකගේ දවස් ගණනක දාඩිය මහන්සියෙන්  තමා මෙය නිමැවුනේ.

ප්‍රදර්ශනය ඉවර වූ පසුත් මෙය ඒ ආකාරයෙන්ම එතැන තියෙන්නට හැරියේ මේ නිර්මාණය අගය කිරීමක් ලෙසයි.

පසුගිය දිනෙක අපි උදෑසන විශ්වවිද්‍යාලයට එන විට දුටු දර්ශනය මෙන්න.

කවුරුන් හෝ පාහරයන් පිරිසක් මෙය කඩා බිඳ දමලා. මෙහි බාල්ක සඳහා යොදා තිබූ ලී ලැටිස් පටි කුඩුපට්ටම් කර මාර්ගයේත් විසුරුවා දමා තිබුනා.

බොහෝ දිනවල අපි උදෑසන එනවිට අපේ ගොඩනැගිලි වල කොරිඩෝර වල අරක්කු පාටි වල සලකුණු (හිස් බෝතල්, සිගරැට් කොට, ෆ්‍රයිඩ් රයිස් පාර්සල් වල ඉතිරි කොටස්, වමනය දැමූ දේ) දකින්න පුලුවන්. ගොඩක් වෙලාවට බෝතල් බිම ගසා කුඩුකර දමා තියෙනවා. රෑට විශ්වවිද්‍යාලය තුලට එන්නේ නේවාසිකාගාරයේ සිසුන් පමණයි. එහි වැඩි වශයෙන් ඉන්නේ වෙනත් පීඨ වල සිසුන්. මොවුන් තම පීඨ වල ගොඩනැගිලි හොඳින් තබා ගැනීම සඳහා අපේ පීඨය වෙත පැමිණ මේ මළ  ප්‍රේත රංගන සිදුකරන බවයි පේන්නේ. (කොහොමත් අපේ පීඨය සමග තරහකුත් තියෙනවනේ)

රාත්‍රියේ විශ්වවිද්‍යාලය බලාගන්න ඉන්නේ නිල විනයාරක්ෂක නිලධාරීන් හෝ මාර්ෂල්වරුන් නෙමෙයි. ගේට්ටු මුරකරන මුරකරුවන් විතරයි රෑට ඉන්නේ. සිසුන් රෑට මෙහි පැමිණ බෝතල් පාටි දමන බවත් බොහෝවිට තමන්ටත් වීදුරුවක් එහෙම ලැබෙන බවත් එක් මුරකරුවෙකු මේ ලේඛකයා හා කියා තියෙනවා. මේ අල්ලස නිසා ඔවුන් ඒ සිසුන් ගැන හොඳ ආකල්පයකින් කතා කරන්නේ. ඒ නැතත් සිසුන්ගේ කිසියම් විනය විරෝධී ක්‍රියාවකට විරුද්ධ වීමේ නෛතික බලයක් මේ මුරකරුවන්ට නැහැ. මා විශ්වවිද්‍යාලයේ සිටි අවුරුදු දෙක පුරාවටම (ඊටත් පෙර සිටම) මෙවැනි දේ සිදු වුනත් තවමත් ඊට නිසි පිලියම් ගෙන නැහැ.

ඇත්තෙන්ම සිසුන්ට රාත්‍රියේ විශ්වවිද්‍යාල භූමියට එන්නට ඉඩ දෙන්නේ කුමටද? එය අනවශ්‍ය දෙයක් නේද? අධිආරක්ෂිත කලාපයක ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ නම් රාත්‍රී 8න් පසු සිටීම තහනම්. අපේ විශ්වවිද්‍යාල වල පවතින මේ අසීමිත නිදහස නිසා සවස 6 සිට 8 දක්වා රමණය කිරීමට තැනක් ලෙසත්  (8න් පසු ශිෂ්‍යාවන්ට රැඳී සිටීම තහනම්), 8න් පසු තැබෑරුමක් ලෙසත් විශ්වවිද්‍යාල භූමිය පාවිච්චි කිරීමේ අයිතිය සිසුන්ට ලැබී තිබෙනවා. මේ තමන් අධ්‍යාපනය ලබන තැන කෙරෙහි ඇති ගෞරවයද?

ඉතින් අපේ අයිෆල් කුලුනේ ආකෘතිය කඩාබිඳ දැමුවේ කවුරුන්ද යන්න ඉන් පැහැදිලි වුනා. රාත්‍රියේ පීඨය තුලට වෙනත් කිසිවෙකු එන්නේ නෑ නේ. හොඳට ඩෝප් වූ පරයන් පිරිසක් තුච්ඡ ආතල් එකක් ගන්නත් එක්ක මේ නිර්මාණය කඩාබිඳ දමන්න ඇති.

මෙයින් හෙලිවන්නේ රටේ උසස් අධ්‍යාපනයේ එක් පැතිකඩක් පමණයි. අවාසනාවකට මෙන් රටේ වැරදි පවා නිවැරදි කිරීමට උත්සාහ දරණ අන්තරේ, විශ්වවිද්‍යාලය තුලදීම තම සාමාජිකයන්ගෙන් සිදුවන මෙවන් වැරදි හදාගැනීමට උත්සාහ දරන්නේ නැහැ.

නවක නම්නීකරණය කොතරම් දුරට සාර්ථකද?
අපි විශ්වවිද්‍යාලයට ආපු අවුරුද්දේ orientation වත්, english course වත් තිබුනෙ නෑ මුලින්. සඳුදා දවසක අපි ඇවිත් රෙජිස්ටර් උනා, අඟහරුවාදා ඉඳන් academic පටං ගත්තා. අඩුගානෙ ලෙක්චර් හෝල් තියෙන්නෙ කොහෙද කියලවත් දන්නෙ නැතුව එලෝ පොල් පෙනිල හිටිය අපිට උදව් උනේ ජ්‍යෙෂ්ඨ සිසුන්. ඒ නවක වදය දීලාවත්, “අඩෝ ෆ්‍රෙෂා.. මෙහෙ වරෙං පො***” කියලා කතා කරලාවත්, ඔවුන්ට “ජ්‍යෙෂ්ඨ උත්තමයන්” කියලා ආමන්ත්‍රණය කරවගෙනවත් නෙමෙයි. සුහදව “නංගී මල්ලී” කියලා කතා කරලා. විශ්වවිද්‍යාලයට එන්න කලින් අපේ ගම්පලාත් වල රැස්වීම් පැවැත්වුවා නවකවධ විරෝධී කණ්ඩායමෙන්. (ඒ රැස්වීමට මම ගියේ බයෙන් විතරක් නෙමෙයි එතනදි ඔවුන් නවකවධයට විරුද්ධව කියපු දේවල් වලට මම නිකමටවත් ඔලුව වැනුවෙ වත් නෑ. මොකද ෂුවර් නැති නිසා. මෙතනදි මමත් ඔය කියන ඒවට එකඟවෙලා පස්සෙ කැම්පස් එකේදි අල්ලගෙන රැග ඩබල් දුන්නොත්? :P) පස්සෙ තමා තේරුණේ ඒ ඇත්තම නවකවධ විරෝධීන් කියලා. එවකට ශිෂ්‍ය සංගමයේ සභාපති වුන සමීර අයියා කියපු කතාවක් තමයි “මල්ලී… ජ්‍යෙෂ්ඨයන්ට ගරු කරන සම්ප්‍රදායක් හැම කැම්පස් එකේම තියෙනවනේ. අපිට නං ඔය ජ්‍යෙෂ්ඨ උත්තමයො කියල කියන්න ඕනෙ නෑ. සීනියර් බැච් එකේ අයට අයියේ අක්කේ කියල කතා කරන්න, බැරි නං ඒත් කමක් නෑ අපි තරහ නෑ” කියලා. බලෙන් “උත්තමයන්” කියල කියවගන්නවට වඩා මේ කතාව කොච්චර සුන්දරද? හොඳටම ෆිට් උන ජ්‍යෙෂ්ඨයන් කීපදෙනෙකුට පසුකාලීනව “මචං” කියන්න පටන්ගත්තත් අනිත් අයට තාමත් අපි අයියේ අක්කේ කියලා කතා කරනවා, ඇතැමුන් මගේ වයසෙම උනත්.

ඕනෙම තැනක පොඩි පොඩි සම්ප්‍රදායන් තියෙවනෙ. අපේ ෆැකල්ටිය තුල තියෙන එවැනි සම්ප්‍රදායන් ගැන අපිට කියල දුන්නෙත් ඒ ජ්‍යෙෂ්ඨයන් බොහොම කාරුණික විදියට. අපේ ෆැකල්ටියෙ සම්ප්‍රදායන් ඔය සමාජවාදී පීඨ වල තියෙන ඇතැම් සමයං නං නෙමෙයි. මම මේ ලිපියට අදාල වන උදාහරණ දෙකක් කියන්නම්. සිරිතක් විදියට අපි බැම්මක වාඩි වී සිටියදී එතැනින් ආචාර්යවරයෙක් පයින් ගමන් කලොත් අපි නැගී සිට ආචාර කරනවා. (දැං කෙනෙකුට හිතෙන්න පුලුවන් මේක ඉස්කෝලයක් වගේනේ කියලා :D ඒත් ඉතින් ඔය වැඩේ ඇති වැරැද්දකුත් නෑ නේද?) ඒ වගේම පරිගණක විද්‍යාගාරයේ “Lecture On” පුවරුව නංවා තියෙනවනම් කිසිවෙක් දොර ඇර බලන්න යන්නේ නෑ. රැග් සීසන් එකක් නැතත් මුල් සති දෙක තුන තුල කටින් කට පැතිරෙන විදියට තමා ඔය වගේ පොඩි පොඩි දේවල් කියලා දුන්නේ.

ඔන්න ඉතිං විශ්වවිද්‍යාල පරිපාලනය ඊලඟ අවුරුද්දේ ඉඳං පටං ගත්තා අලුත් වැඩක්. නවකයන්ට මුල් සති දෙක තුල academic නැතුව Orientation Program එකක් පටන් ගත්තා.  මේකේ සාධනීය ලක්ෂණ තියෙනවා. physical science batch එකට අයිති අපි biological departments ගැනවත් ඒවයෙ lecturersලා ගැනවත් දන්නෙ නෑ. නමුත් මේ orientation එකේදි ෆැකල්ටියේ සියලුම ඩිපාට්මන්ට් වලට සිසුන් එක්කගෙන ගිහින් ඒ ඒ ඩිපාට්මන්ට් ගැන කියල දුන්නා. ඒක බොහොම වටිනා දෙයක්.

ඒ වගේම මේ orientation එක තුලදි ඒ සිසුන්ට ඉගැන්නුවා ජ්‍යෙෂ්ඨ සිසුන් හා කතා කිරීම පවා මහා පාපයක් විදියට. :D මේකෙන් බලාපොරොත්තු උනේ දැනට ජ්‍යෙෂ්ඨ සිසුන් අතර තියෙන බෙදීම් අලුත් බැච් එකට යන්නට නොදී ඔවුන් එක බැච් එකක් විදියට  අර දෙපැත්තටම නැතුව එකමුතු කිරීමලු. (ඕවා අහලා අපිට පණ යනකං හිනා ! ඔය වැඩේ කරන්න නං වෙනම හොස්ටල් එකකුත් හදන්න ඕනෙ. දැං තියෙන හොස්ටල් වලට යන එවුං ජෙප්පො වෙන එක නවත්තන්න බෑ නේ :D) ඉතිං මේ තත්වෙ උඩ ජූනියර් බැච් අපිත් එක්ක කතා කිරීම සීමා උනා. එයින් වුන ලොකුම පාඩුව තමා අර පෙර කියපු සම්ප්‍රදායන් ගැන ජූනියර් බැච් එක දැනුවත් නොවීම. අපි හිතුවේ විශ්වවිද්‍යාල පරිපාලනය හා ආචාර්ය මණ්ඩලය එකතුවෙලා කරපු oriemtation එකේදි එව්වා කියල දෙන්න ඇති කියලා. නමුත් අනිත් මොනවා කියල දුන්නත් ජූනියර් බැච් වල එවුන්ට කැම්පස් එක තුල හැසිරෙන හැටි නම් කියල දීලා නැති බවයි අපිට පෙනී යන්නේ.

ජී. එස්. මාකලන්ද මෙනවිය අපේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අධ්‍යයනාංශ ප්‍රධානතුමිය. එතුමියට පරිගණක ක්ෂෙත්‍රයේ කොතරම් දීර්ඝ ඉතිහාසයක් තියෙනවද කිව්වොත් ඇය COBOL භාෂාවෙන් Punch Card යන්ත්‍ර වල (එකල එකම යන්ත්‍රය තිබී ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ පමණයි) ප්‍රෝග්‍රෑමිං කරපු කෙනෙක්. අපේ විශ්වවිද්‍යාලයේ පරිගණක යන්ත්‍ර මුලින්ම ස්ථාපිත කරපු අවධියේ මුල්ම පරිගණක මධ්‍යස්ථාව ප්‍රධානී වී ඇත්තේ ඇයයි. උනන්දුවෙන් ඉගෙනගන්න අයට ඇය ඉතාම කරුනාවන්ත වුනත්, ලෙක්චර්ස් එන්නෙ නැති, වැඩ ටික හරියට කරන්නෙ නැති අයට නම් ඇය සමග වැඩ කිරීම එච්චර ලේසි උනේ නෑ. දේශණයට පරක්කු වී පැමිණීම ඇය තරයේ හෙලාදුටු දෙයක්.  ඇගේ මේ ගතිගුණ අපිට කියා දුන්නේ අපේ ජ්‍යෙෂ්ඨයන්. “මල්ලී මැඩම් මෙහෙමයි.. ඒ නිසා මැඩම් එක්ක සෙල්ලං දාන්න  යන්න එපා.. වැඩ ටික කරගෙන ඉන්න..” කියලා. නමුත් අපේ ජූනියර් බැච් එකට ඕවා කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ නේ :P උන් ලෙක්චර්ස් කට් කරලා, පරක්කු වෙලා ලෙක්ඡර්ස් ගිහින්, ටියුට් කොපි කරලා මාට්ටු වෙලා ඇති තරම් මැඩම් සමග යකා නටා තිබුනා. අලුත් බැච් එක පිලිබඳව ඇය බොහෝ කණස්සල්ලෙන් හිටි බවකුයි අහන්න ලැබුනේ.

තවත් දෙයක් සිදුවුනේ ගිය සතියේ පරිගණක විද්‍යාගාරයේදී. ඒ වෙලාවේ ලෙක්චරර්ලා දෙන්නෙක් ලැබ් එකේ හිටියා, Lecture On පුවරුව දාලා තිබුනේ. අලුත් 1st Year බැච් එකේ (මේ කියන්නේ ඊයෙ පෙරේදා ආපු අපිට වඩා බැච් 2ක් පහල කට්ටිය) ලමයෙක් අර පුවරුව දැක දැකත් ලැබ් එකේ දොරට තට්ටු කරමින්, ඇතුලට එන්න උත්සාහ කරමින් සෑහෙන්න සෙල්ලමක් දැම්මා. මීට අර ආචාර්යවරුන් දෙදෙනාට සෑහෙන්න තරහ ගිය බවයි පෙනුනේ. “මේ ෆර්ස්ට් ඉයර් එවුංගෙ නම් කිසිම චාරයක් නෑ” කියල එක් ආචාර්යතුමෙකුගේ කටින් කියවුනේ ඒ තත්වය ඔවුන්ටත් දැනී ඇත් නිසා වෙන්න ඇති.

ලිපිය අනවශ්‍ය විදියට දීර්ඝ උනා. මම මේකෙන් කියන්න උත්සාහ කලා කාරණා කීපයක්.

විශ්වවිද්‍යාල පද්ධතියට නවකයන් අනුගත කරන්නත් සම්ප්‍රදායන් කියාදෙන්නත් නවක වධයක් අවශ්‍ය නෑ. ඒක බොහොම සුහදව කරන්න පුලුවන් දෙයක්.

නවක සිසුන් විශ්වවිද්‍යාල පද්ධතියට අනුගත කිරීම තනිකර පරිපාලනයට විතරක් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා සිසුන්ගේ සහය අවශ්‍යයි.

නමුත් මේ දෙවැනි කාරණයේදී ඇතැම් මානසික ලෙඩුන් මගින් නවක වධය මතුවෙන්න පුලුවන් නිසා ඒ වැඩේ අධීක්ෂණය කිරීමත් සිදුවෙන්න ඕනේ.

visit Facebook fan page here

කතා මැද කතා
ඔන්න විබාගේ ඉවරයි. දැන් මට හිතේ හැටියට බ්ලොග් ලියන්න, ජාලයේ සැරිසරන්න සති 5+ තියෙනවා. සමස්තයක් විදියට මට විබාගෙ කෙල උනා. ඒක ඉතිං අහන්නත් දෙයක් නෙමෙයි, මොකද මම හරියට පාඩම් කලේ නැති නිසා. හේතුව කියන්න මම වත් දන්නෙ නෑ, පුදුම කම්මැලිකමක් තියෙන්නේ පාඩම් කරන්න. මැෂිම දාගෙන නෙට් යන එක ඊට වඩා දාහෙන් සම්පතයි.

අපේ මුල් අවුරුදු දෙක තරමක් විශේෂයි. මොකද සාමාන්‍යයෙන් විෂයයන් 3ක් ඇතුලත් වෙනවා අපේ උපාධි විශය නිර්දේශයට. (මම කරන්නෙ ගණිතය, භෞතික විද්‍යාව සමග පරිගණක විද්‍යාව). මුල් අවුරුදු 2ම ප්‍රතිඵල මත අවුරුදු 2 අවසානයේ  එක් එක් විෂයයයේ විශේෂ උපාධියට තෝරාගන්නවා. විශේෂ උපාධියට තේරුනොත් තව අවුරුදු 2ක් ඒ විශය විතරක්ම ගැඹුරින් හදාරන්න පුලුවන්. නොතේරුනොත් තව අවුරුද්දක් අර සබ්ජෙක්ට් 3ම කරලා එලියට යන්න පුලුවන්. පරිගණක විද්‍යාව කරන 28ක් පමණ ඉන්නවා අපේ බැච් එකේ. එතැනින් 4 දෙනෙකුටයි චාන්ස් එක ලැබෙන්නේ විශේෂ උපාධියට. ඕකට තේරෙන්න අදාල විෂයට විතරක් හොඳම ප්‍රතිඵල තිබ්බට මදි, අනිත් සබ්ජෙක්ට් 2ටත් තියෙන ප්‍රතිඵල සලකා බලනවා. ආපු කාලෙ ඉඳන් මමත් බොහොම උනන්දුවෙන් හිටියේ පරිගණක විශේෂ උපාධියට. ඒත් දැන් නම් ෂුවර් එකක් නෑ, මගේ ගණිතයට ලකුණු ටිකක් අඩුයි, ඒ වගේම පරිගණක විද්‍යාවට සෑහෙන්න තරඟයක් තියෙනවා.

ඔය අතරේ මම කරන අනිත් බාහිර උපාධියේ විබාගෙකුත් තියෙනවා අගෝස්තු මුල. ඒ UCSC එකේ බාහිර උපාධිය B.IT. මුල් සෙමෙස්ටරයෙ මම ඕකට ක්ලාස් ගියා. ඒ කාලෙ තේරුනා ක්ලාස් යන එක බොරු වැඩක් කියලා. හැමදාම උදේ වරුව විකාරෙන් ඉඳලා දවල්ට බම්බලපිටියෙ දෙමල කඩේකින් බඩ පැලෙන්න තෝසෙ කනවා. ඉතින් හවස් වරුව ක්ලාස් එකේ පස්සේ පේලියකට වෙලා පතබෑවිලා බුදියගන්නවා. නැත්තං ගොඩක් දවස්වලට ඉන්ටර්වල් එකෙන් පස්සෙ අපි ලොස්ට්. ඉතින් තේරුමක් නෑ නේ ක්ලාස් වලට සල්ලි දීලා. ඒ නිසා මම දෙවෙනි සෙමෙස්ටරයෙ ඉඳන් තනියම අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ඒ වැඩේ හොඳයි. සයිට් එකෙන් නෝට් ටික අරගෙන recommended books ටිකත් හොයාගෙන ඉතිරි ටික නෙට් එකෙනුත් බලාගන්නවා.

කැම්පස් එකේ මගේ බැච් එකේම ඉන්න, ඒත් B.IT වල පහල බැච් එකේ ඉන්න යාලුවන්ට කුප්පියක් දාන්න කියල ඉල්ලීමක් ආපු නිසා මට මේ පාර ආපහු පරණ ඒවත් බලන්න වෙනවා.

මම කලිනුත් කිව්ව විදියට මට අන්තර්ජාල සම්බන්ධතාවය තියෙන්නෙ ගාල්ලෙ ගෙදර විතරයි. සතියෙ දවස් 5ක් ඉන්න නුගේගොඩ නෑ. ඉතින් මටත් ඕනෙකම තිබුනා ජංගම අන්තර්ජාම සම්බන්ධතාවයක් ගන්න. ඒත් ඉතින් කැම්පස් පැකේජය ගත්තත් මාසෙකට රු 2000ට ආසන්න ගානක් ගෙවන්න එපායැ. එච්චර හරියක් ගෙදරින් ඉල්ලන්නත් බෑ, මම තවම හරිහැටි ගාණක් හම්බකරන්නෙත් නෑ නෙ. ඉතින් මම හොඳම ඔප්ෂන් එක විදියට තෝරගත්තා 3G ෆෝන් එකක් අරගෙන මොබිටෙල් ඩේලි ඩිලයිට් වගේ කනෙක්ෂන් එකක් පාවිච්චි කරන්න සතියේ දවස්වලට. එතකොට මට ඕනෙ වෙලාවට විතරක් කීයක් හරි දීලා නෙට් යන්න බැරියැ. ස්පීඩ් නං අඩුයි තමා. ඒත් සතියේ දිනවල කරන්න තියෙන්නේ බ්‍රවුසිං තමා. ඒකට 384kbps ඇති. මට කැමරාවක්, MP3 ප්ලේයරයක් එහෙම නැති නිසා ඒවාත් පිරිමැහෙනවා මේකෙන්.

ගන්න හොඳ ෆෝන් එකක් කල්පනා කරනකොට නාගයා කිව්වා K770i කියලා මොඩල් එකක් ඇවිල්ලා තියෙනවා, පොඩ්ඩක් බලන්න කියලා. කොහොමත් මගේ බජට් එක තිබ්බේ 18ක් විතර. මුලින්ම හොයලා බැලුවේ SE G502 එකක්, ලාබෙට තියෙන HSPA තියෙන එක නිසා. ඒත් ඒත නෑ දැන් මාකට් එකේ. අන්තිමට K770i එකක් වොරන්ටිත් එක්ක 17250ට ගන්න පුලුවන් උනා.

ගෙදර ආපුගමන් ඉතින් කරන්නේ අලුත් ගැජට් එක ගැන හොයලා බලන එකනේ. එතකොට තමා දැක්කේ මේකට ෆ්ලෑෂ් මෙනු සපෝට් කරනවා කියලා. youtube එකේ වීඩියෝ තියෙනවා ලස්සනේ බෑ. ඉතින් විබාගෙ අස්සෙම ෆ්ලෑෂ් ටූල් ටිකක් හොයාගෙන මෙනු එකක් දාගන්න හැදුවා. වැඩේ අල. මගේ ෆෝන් එකේ EROM CID එක 53. පස්සෙ තමා දැක්කේ තැන් දෙකතුනකම තියෙනවා XS++ එකයි SEtool එකයි දෙකම CID 53 ට සපෝට් කරන්නෙ නෑ, ඒකට හරියන්නෙ JDflasher විතරයි කියලා. ඒ පාර jdflasher එකෙන් උත්සාහ කලත් ෆයිල් සිස්ටම් එකට යන්න බැරි උනා. මොකද මංදා. මේකට ෆ්ලෑෂ් මෙනු එකක් දාගන්න බැරිඋනොත් ඉඳල වැඩක් නෑ ! ආපහු උත්සාහ කරල බලන්න ඕන. ඒ අතරෙම උදව් කරන්න පුලුවං පිංවතෙක් ඉන්නවනම් උදව් දෙන්න.

නිවාඩු කාලේ කරන්න ලොකු VB6 ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මම කලින් ලිපියක කිව්ව විදියට මට ඒක කරන්න වෙන්නේ උබුන්ටු වල ඉඳන් ! ඕං බලමුකො ඒකෙත් හැටි, මයික්‍රොසොෆ්ට් ප්‍රොඩක්ට් එකක වැඩ කරන්න මට අන්තිමේ ලිනක්ස් ඕනෙ උනා !

සංගීත වැඩකටයුතු ටිකකුත් තියෙනවා ඉස්සරහට. මගේ ගිටාර් පාඩම් ටික පිලිවෙලකට කරගෙන යන්නත් ඕනෙ. බේස් ගිටාර් ඉගෙන ගන්න ආසාවකුත් තියෙනවා. කැම්පස් එකේ සංස්කෘතික මධ්‍යස්ථානෙ බේස් ගිටාර් 3ක් තියෙනවා වේලි වේලි. ඒ අතරෙම පාසලේ පෙරදිග සංගීත වාදක කණ්ඩායම පුහුණු කරන්න අවස්ථාවක් ලැබුන මට. කාලයක් මමත් ලීඩ් කරපු තැනක්නේ.

වල්පල් කියෙව්ව මදෑ. හොඳ පෝස්ට් ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට. තව ටිකකින් යන්න ඕනෙ ඉස්කෝලෙ පැත්තෙ. මේ දිනවල ඉස්කෝලෙ පැවැත්වෙනවා කෘෂිකර්ම ප්‍රදර්ශණයක්, “රුහුණු හරිත වසන්තය”, ඒක බලන්න.

කාල නාස්තිය
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වශයෙන් අපි අපේ කාලය කොච්චර නාස්ති කරනවද කියල මගේ කාලසටහන බැලුවාම දැකගන්න පුලුවන්. මගේ  විශ්වවිද්‍යාලය පටං ගන්නේ උදේ 8. දවල් 12-1 කාලය දිවා විවේකය සහ දේශන අවසන් වෙන්නෙ සවස 5ට. ඒ කියන්නෙ එක වසකට අපේ දේශන කාලය පැය 8ක්.

මෙන්න බලන්න මට දේශන තියෙන කාලය,
සඳුදා – පැය 7
අඟහරුවාදා – පැය 2
බදාදා – පැය 2
බ්‍රහස්පතින්දා- පැය 6
සිකුරාදා – පැය 1
ඒ කියන්නේ සතියක දේශන පැය 40න් මට තියෙන්නෙ පැය 18යි. බාගයකටත් අඩුයි. මට දැනෙන්නේ මම කැම්පස් ගිහින් මම නිකංම ඉන්නවා වගේ.

එක අතකට මෙහෙම නිදහස් වෙලාව දෙන්නේ පුස්තකාලයෙන් විමර්ශන කටයුතු කරන්න, ස්වයං  අධ්‍යයනය  කරන්න වෙන්නත් පුලුවන්. ඒත් ඉතින් ඒක න්‍යායාත්මක විතරයිනේ. ප්‍රායෝගිකව කීදෙනාද එහෙම කරන්නේ. ලෙක්චර්ස් නැති වෙලාවට ඉතිං අතන මෙතන කයිය ගහන එකනේ වැඩිහරියක් කරන්නේ. නැත්තම් ලැබ් එක ෆ්‍රී නම් ඉන්ටර්නෙට් යනවා.

වෙනත් රටවල සිසුන්ට ඉගෙන ගන්න ගමන් කුඩා රැකියාවක් කරන්න පුලුවන් වෙන්නත් අපේ රටේ එහෙම බැරිවෙන්නත් හේතුව මේක කියලයි මට හිතෙනනේ. ඇයි ඉතිං දේශන පැය ගාණ අඩු උනත් ඒවා මුලු සතිය පුරාම පැතිරිලානේ තියෙන්නේ.

විදුදයට මගේ උපහාරය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වර්ණ ජයන්තිය අපි එහි සිප් සතර හදාරන කාලය තුලදී එලඹීම අපේ වාසනාවක් කියලයි විශ්වවිද්‍යාලයට එනකොට අපිට සිතුනේ. මට එය තවත් වැදගත් වන්නේ එම ඓතිහාසික අවස්ථාවේ මගේ නම රැ‍ඳෙන යමක් මට කිරීමට අවස්ථාව ලැබීම නිසයි.

ඒ තමයි ස්වර්ණ ජයන්ති අධ්‍යාපන ප්‍රදර්ශනයේ නිල දැන්වීම් පෝස්ටරය නිර්මාණය කිරීමේ අවස්ථාව මට හිමිවීම.

මගේ අතින් නිමවූ පෝස්ටරය කොළඹ නගරය පුරාම අලවා තිබීම මට ගෙන එන්නේ නිමකල නොහැකි සතුටක්.

ලැබ් එකේ රාත්‍රියක්
ඔන්න අද ජීවිතේ මුල්ම වතාවට අපේ කොම්පියුටර් ලැබ් එකේ නිදිමරන්නයි හදන්නේ. (ලැබ් එකේ තියා නිකං දවසක 6න් පස්සේ කැම්පස් එකේ ඉන්න එක අපිට අවදානම්) ප්‍රදර්ශනේ වැඩ වලට තමයි ඉතින්.

ප්‍රදර්ශනේ වැඩ ටික කරන ගමන්ම ඩවුන්ලෝඩ් ටිකකුත් කරගන්නවා. මේ වෙලාවේ මුලු කැම්පස් එකේම Internet usage එක බිංදුව නිසා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 1.5 MBps (මෙගා බිට්ස් නෙමෙයි, මෙගා බයිට්ස්) එනවා. මැක්සා තමයි.