ඉන්ද්‍රනාම » මට වෙච්ච දේවල්

තෙවසරක් ගතවී. . .
මේ බ්ලොග් කඩමාල්ල ඊයේට වසර 3ක් පැරණි ය. 2009 ජනවාරි 11 වෙනි දින පහන් සරත්චන්ද්‍ර ගේ මගපෙන්වීමෙන් මෙය ඇරඹුනේ “ඉන්ද්‍රනාමගේ සයිබර් සිතුවිලි“ යන නමින් blogspot.com හිදී ය. ඉන් පසු .com ඩොමේනයක්ද මිලදී ගනිමින් මෙය බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වෙත පැමිණියේය. ඉන් අනතුරුව මෙහි නම ද වෙනස් විය. අද ලිපිය ලිවීමේ අරමුණ අවුරුදු 3ක මගේ බ්ලොග් කෙරුවාව ගැන පම්පෝරි ගැසීම නොවේ. බ්ලොග් කලාවේ මා දුටු වෙනසත්, එදා මා හා එකට බ්ලොග් ලියූ, අද මා මෙන්ම බ්ලොග්කරණයෙන් සමුගෙන ඇති සහෘදයන් සිහිපත් කිරීමය.

2009 මා බ්ලොග් ලිවීම පටන් ගන්නා විට සිංහල බ්ලොග් තිබුනේ 200ක් පමණ යැයි මා මීට කලින් කිහිප වතාවක් කියා ඇත. එකල සින්ඩිකේටර තිබුනේ දෙකකි, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ එක හා කොත්තුවයි. එකල පාඨකයෝ තදින්ම සින්ඩිකේටර භාවිතයට ඇබ්බැහිව, එනම් බ්ලොග් කියවීම සදහා සින්ඩිකේටරම භාවිතයට පුරුදුව සිටියෝය. අද තත්වය බෙහෙවින් වෙනස් ව ඇත. ගත වූ අවුරුදු 3 ඇතුලත සක්‍රීයව ඇති සිංහල බ්ලොග් අඩවි සංඛ්‍යාව දහස ඉක්මවනු ඇතැයි සිතේ. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අභ්‍යන්තර ගැටුම්, ලාංකීය සිතුවිලි, ඉන් අනතුරුව හත්මාලුව වැනි නව සින්ඩිකේටර බිහිවීමේ ලා පුරෝගාමී වීය. අලුත් සින්ඩි බිහිවීමත් සමගම ඒ හා රොක් වූ පිරිස් මගින් බ්ලොග්කරණය වඩ වඩාත් ජනප්‍රිය විය. ක්‍රම ක්‍රමයෙන් බ්ලොග් අඩවි සංඛ්‍යාව වැඩි වීමත් සමගම සින්ඩිකේටරයකින් කියවීම මදක් වෙහෙසකාරී වූවාට සැක නැත. එහෙයින් දැන් බොහෝ දෙනා තමන්ට අවශ්‍ය බ්ලොග් අඩවි තමන්ගේ ගූග්ල් රීඩරයට එකතු කරගෙන කියවන ප්‍රවණතාවයක් ඇති බව පෙනේ. එමෙන්ම ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වූ facebook සමාජ ජාලය බ්ලොග් අඩවි වෙත පාඨකයන් රැස් කිරීමේ ලා මහත් සේවයක් ඉටු කිරීමට පටන් ගත් අතර වැඩි පිරිසක් facebook හි share වන බ්ලොග් ලිපි කියවීම, සින්ඩියක් හරහා කියවීමට වඩා සිරිතක් කොට ගත්හ.

සමස්තයක් ලෙස බ්ලොග් කලාව ගත් විට දියුණුවක් ලබා නැත්දෝ‘යි සිතේ. එකල තිබූ සුලු බ්ලොග් අඩවි සංඛ්‍යාවේ කියවීමට වැදගත් දේවල් පිරී තිබුනි. අද වන විට බ්ලොග් අඩවි සංඛ්‍යාවෙන් වැඩි වුවත් ඉන් වැඩි ප්‍රමාණයක් අන්තර්ගතයෙන් දුර්වල වී ඇතැයි සිතේ. මා බ්ලොග් ලිවීම ආරම්භ කල යුගයේ බ්ලොග් අවකාශයේ “ට්‍රෙන්ඩ්“ එක වී තිබුනේ තාක්ෂණික ලිපි ලිවීමයි. ඊට හේතුව වන්නට ඇත්තේ තාක්ෂණික මිනිසුන් විසින් සිංහල බ්ලොග්කරණය මුලින්ම ආරම්භ කිරීම වන්නට ඇත. ඉන් පසු ඇතිවූ නැඹුරුව වූයේ සාහිත්‍යයයි. පුවත්පතක හෝ වෙනයම් මාධ්‍යයක ඉඩ නොලැබෙන කෙටිකතා, කාව්‍ය ආදී සාහිත්‍යමය නිර්මාණ පූදින්නට බ්ලොග් අඩවි තෝතැන්නක් විය. මේ ට්‍රෙන්ඩ් එක අද දක්වාම නොනැසී පැවතියත්, වෙනත් නැඹුරුවක්ද ශීඝ්‍රයෙන් ඉස්මතු වනු පෙනේ. එනම් ආගිය කතා ලිවීමයි. මේවා තමන්ගේ අත්දැකීම්, මිතුරන්ගේ අත්දැකීම්, විහිලුතහලු, විනෝදයට මඩ ගැසීම් ආදී අනේක විධ ආකාර වේ. “අන් අයගේ ඕපදූප හා ආගිය විස්තර දැනගැනීමට මිනිසාගේ සහජ ආසාව නිසා මේ ට්‍රෙන්ඩ් එක ට්‍රෙන්ඩ් එකක් වී ඇතැ“යි පසුගිය සෙනසුරාදා බ්ලොග්කරුවන්ගේ හමුවේදී මේ ගැන මා හා සාකච්ඡා කල අයෙක් පැවසීය. එය සත්‍යයකැයි මම ද සිතමි. ආගිය කතා ලිපි හරසුන් යැයි කිසිවිටෙක නොකියමි. බොහෝ ඒවායින් ගන්නට යමක්, ඉගෙනගන්නට ආදර්ශයක්, තම ජීවිතයට එකතු කරගන්නට අත්දැකීමක් ඇත. කලින් තාක්ෂණික ලිපි ලියූ මම ද ක්‍රම ක්‍රමයෙන් මේ ට්‍රෙන්ඩ් එක වෙත යොමුවෙනු මට ම නිරීක්ෂණය කල හැකිය.

මා බ්ලොග්කරණය ඇරඹි සමයේ මා හා එකට බ්ලොග් ලියූ සහෘදයන් රැසක් සිහිපත් කිරීමට තිබේ. කණගාටුවකට මෙන් මේ සියල්ලෝම පාහේ දැන් එක්කො ලිවීම අතහැර දමාය, නැතහොත් ඉදහිට පමණක් ලියති. මා බ්ලොග්කරණයට ආධුනික වූ සමයේ බ්ලොග්කරණය සදහා සියලු තාක්ෂණික ආධාර ලබාගත්තේ පහන්ගෙනුත්, ශාකුන්තලගෙනුත්, චමිලගෙනුත්ය. උන් තුන් දෙනාට මම චැටය හරහා අනන්ත වාර ගණනක් ඇණේ වී ඇත්තෙමි. මලින්තලා, සුදාරකලා, කාලිංගලා, බුධාජීවලා, ගයාන් තාරකලා, ගයාන් කල්හාරලා, තමීරලා, ධනිකලා, ගයන්තලා, කනියලා, කනිරොක්ස්ලා, ඩීප්ස්ලා, බින්කුලා, හර්ෂණලා, මනුෂාන්ලා, තිළිණ බුවාලා සමග චැට් කරමින් වල්පල් දොඩවමින් වචන ලක්ෂ ගණනක් ටයිප් කරන්නට ඇත. මේ එකෙක්වත් අද හරියට බ්ලොග් නොලියති. එකල මේ හැම දෙනාටම නිදහස් වේලාව තිබුනත් අද මා මෙන්ම ඔවුන් සියලු දෙනාම පාහේ රැකියා සමග කාර්යබහුලව සිටිති.

මාගේ බ්ලොග්කරණයේ මේ තෙවැනි වසර තුල මා තරමක් දුරට idle වී සිටියේයැ‘යි කිවහොත් නිවැරදි යැයි සිතමි. මුල්තැන රැකියාවට දුන් නිසා නිතර ලිපි ලිවීමට අවකාශයක් ලැබුනේද නැත. කිසිදු සින්ඩියක් පැත්තේ පස් පෑගූ කලක් මතක නැති අතර මා බ්ලොග් කියවන්නේ ගූග්ල් රීඩරයට දන්නා කියන බ්ලොග් අඩවි ටික එකතු කරගෙනය. එහෙයින් කමෙන්ට් දැමීමක් හෝ සිදු නොකෙරුණි. එහෙත් මේ idle ව සිටි සමය තුල නූතන බ්ලොග්කරණය හා බ්ලොග් අවකාශයේ හැසිරීම ගැන මම යම් දෙයක් ඉගෙනගත්තායැ‘යි සිතමි. එය අනාගතයට වැදගත් විය හැකිය. එම කාලය තුල මා උගත් වැදගත්ම පාඩම වූයේ බ්ලොග් අවකාශය තුල aggressive වීම තරම් තවත් මෝඩකමක් නැති බවත්, කිසිදු දෙයක් දණෙන් ඉහලට ගැනීම නොමනා බවත්ය. වරෙක මේ බ්ලොග් අඩවිය වසා දමන්නටද සිතුනි. නොලියන බ්ලොගයක් තියාගෙන ඉදීමේ අර්ථයක් නොමැති නිසාවෙනි. එහෙත් මට මගේ රැකියාව ලැබුනේ මේ බ්ලොගය නිසා, මේ හරහා ලබාගත් වර්ඩ්ප්‍රෙස් සම්බන්ධ දැනුම නිසාය. එය සිහිවන විට මෙය අත්හැර දමන්නට සිත් නොදේ.

අවසන් වශයෙන් සිංහල බ්ලොග්කරණය දැන් ලබාගෙන ඇති එක් දියුණුවක් කෙරෙහි උදක්ම සතුටු වෙමි. එනම් බ්ලොග් හරහා ඇතිවූ මිතුරුදම් බ්ලොග් අවකාශයයෙන් පිටතට පැමිණීමයි. එකල බ්ලොග්කරුවන්ගේ සම්බන්ධතා සියල්ල තිබුනේ අන්තර්ජාලය හරහාම පමණි. නමුත් දැන් ලෝකය බෙහෙවින් කුඩා වී ඇත. බ්ලොග්කරුවන් බොහොමයක් සැබෑ ලෝකයේදී අන්‍යොන්‍ය සම්බන්ධයට මුල්තැන දී ඇත. එබදු සම්බන්ධකම් හරහා බ්ලොග්කරුවන් අතින් සංවිධානය වූ වැදගත් කර්තව්‍යයන් රාශියකි.

අර්ථයක් නැති මෙම ලිපිය තව තවත් දීර්ඝ වනු වැලැක්වීම්වස් මෙතෙකින් නවතනු යෙහෙකි. එහෙයින් ඔබ සැමට ජය පතා නිහඩවෙමි.

හයිවේ බස්එකේ යාම – 2 කොටස: චාටර් කෑම
මේ හා සම්බන්ධ කලින් ලිපිය මෙතැනින් බලන්න.

උදෑසන හතහමාර වන විට මම බස්නැවතුම්පොලට ගියෙමි. ගාලු බස්නැවතුම්පොලේ අධිවේගී මාර්ග බස් රථ සදහා වෙන් කර ඇති ස්ථානයේ මගී ආවරණ හෝ පෝලිම් තවමත් සකසා නැත. එහෙයින් අධිවේගී බසයේ යාමට සිටි අය ඔහේ තැන් තැන් වල සිටියහ. මම එහි සිටි මැදිවියේ කීපදෙනෙකු වෙත ලංවූයෙමි.

“ඔය කට්ටිය ටිකට් බුක් කලාද කලින්?“

“ආ.. නැහැ නැහැ..“

මම වැඩිපුර රු 30ක්ද ගෙවා ඊයේ ටිකට් බුක් කල බවත්, නමුත් එහි සීට් අංතයක් සදහන්ව නැති බවත්, මටද ඔවුන් මෙන්ම සීට් වලට පොරකන්නට සිදුවනු ඇති බවත් මම කීවෙමි. නමුත් ඔවුන්ගේ අදහස වූයේ මා රු 30ක්ද වැඩිපුර ගෙවා යම් රිසිට්පතක් ලබා ඇති හෙයින් මට අනිවාර්යයෙන්ම සීට් එකක් ලැබෙනු ඇති බවයි. තෙසේ වෙතත් අධිවේගී බසයේ යාමට කලින් සීට් බුක් කර තිබිය යුතුද, නැද්ද, එවේලේ බසයට නැගිය හැකිද යන්න ගැන පැහැදිලි පිලිතුරක් දියහැකි කිසිවෙක් එහි නොවීය.

එහි සිටි අයෙක් මට මහරගම බස් නැවතුම්පොලෙන් වෙන් කරන ලද ටිකට්පතක් පෙන්වීය. එහි යස අපූරුවට සීට් අංකය සදහන් කර තිබුනි! රිසිට්පත ද ගාල්ලෙන් ලැබුනු එකට වඩා විස්තරාත්මක බවක් පෙන්වීය.

මේ අතර එහි පැමිණි මගියෙක් අධිවේගී මාර්ගයේ යම් අර්බුදයක් ඇති හෙයින් 8 බස් රථය නොයන බවක් ලංගම කාර්යාලයෙන් පවසන ලදැයි කියා සිටියේය. ඔහු උදේ එහිගොස් ටිකට් බුක් කිරීමට යාමේදී මෙසේ පවසා ඇත. මෙය ඇසීමෙන් පිරිස නොසන්සුන් වුවද, යම් ගැටලුවක් ඇත්නම් ලංගම නිලධාරියෙකු පැමිණ එය මගී ජනතාවට පැවසිය යුතු බැවින් එතෙක් බලාසිටීමට පිරිස එකගවන ලදී.

ස්වල්ප වේලාවකින් මහරගම ඩිපෝවට අයත් සාමාන්‍ය වයිකං බස් රථයක් ප්‍රාදුර්භූත වූ අතර එය අධිවේගී බස් නවත්වන ස්ථානයේ ගාල් කරන ලදී. පිරිස එය වටා රොක් වූ අතර එහි රියැදුරු, කොන්දොස්තර සමග වාදයක් ආරම්භ විය. මීලග ටර්න් එක යන්නේ මේ බස් එක බව ඔවුන් පැවසීමෙන් පසු මේවායේ යන්න රු 400ක් ගෙවන්නේ කුමකටදැයි මගියෙක් ප්‍රශ්න කරන ලදී. ඔවුන් දෙදෙනා පවසා සිටියේ අපි මේ ගැන කිසිවක් නොදන්නා බවත්, එන්න කියූ නිසා ආ බවත්, කරුණාකර ලංගමේ කාගෙන්හරි අසන ලෙසත් ය.

බස් එකට පොරකන සෙනග

මීලගට ටික වේලාවක් ඔවුන් දෙදෙනා ලංගම නිලධාරියෙකු හා සාකච්ඡා කරනු දක්නා ලදී. ටික වේලාවකින් එම නිලධාරියා පැමිණ බස් රථයේ ඉදිරිපස දොරට නැග මේ බස් එක යන බව ප්‍රකාශ කිරීමත් සමග, පිරිස තදබද වන්නට විය.

“පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න… කෝ මුලින්ම එන්න බුක් කරපු අය….“

මම මගේ රිසිට්පත පෙන්වා දෙවැනි ස්ථානයට බස් එකට නැගගැනීමට අවස්ථාව ලබාගතිමි. “බුක් කල අයට ප්‍රමුඛතාව දෙන බව“ ඔහු පහල සිටිවුන්ට කියනු ඇසුනි. බුක් කල අය බස් රථයට නංවාගත් පසු ඉතිරි සීට් ප්‍රමාණය සදහා අනෙකුත් අයද නංවා ගන්නා ලදී. ඉන්පසු ටිකට් ගැනීම ඇරඹුනු විට රු 400ක් නං දෙන්නේ නැහැයි මගීන් කීපදෙනෙකුම තර්ජනය කල අතර, සියලු දෙනා එය අනුමත කරමින් කසුකුසුගානු ඇසුනි. අවසානයේ රු 300 බැගින් ටිකට් කඩනු ලැබීය. අධිවේගයට බස් රථය ඇතුලු කරද්දී 8.25 පමණ වූ අතර, එය කොට්ටාවට පැමිණෙද්දී 10ට ආසන්න විය.

අධිවේගයේ ගිය වයිකිං බස්රියේ ඇතුල

රු 300 ටිකට්පත

හොද පක්ෂය:

මගීන් අතරමං නොකොට වයිකිං බසයක් හෝ එවා ඔවුන් මහරගමට ප්‍රවාහනය කිරීම ලොකු දෙයකි

මගීන්ට අහිමි වූ පහසුකම් ගැන සලකා අඩුවෙන් අය කිරීමට එකග වීමද ලොකු දෙයකි

නරක පක්ෂය:

අධිවේගයේ ධාවනය සදහා සුඛෝපභෝගී බස් රථ 4ක් (එතැන සිටියෙක් එය 4ක් නොව 5ක් බැව් කීවේය) ඇති බව ප්‍රසිද්ධය. එක් බසයක් කැඩී ඇත්නම් ඒ වෙනුවෙන් ඒ වර්ගයේ වෙනත් බසයක් එවීමට තිබුණි. එසේ replacement ක්‍රමවේදයක් නැත්නම් එය ක්‍රමයේ දෝෂයකි. මේ අනුව බස්රථයක් අධිවේගී මාර්ගයේ ගමන් ගනිද්දී දෝෂයකට ලක්වුවහොත් මගීන්ට තවත් කරදර වන්නට සිදුවනු ඇතැයි සිතේ.

මිනිසුන් පැමිණ සිටියේ සුඛෝපභෝගී සේවාවක් ලබාගන්නට මිස (වැඩි මිලක් ගෙවා) සුපුරුදු විධියට ගාලු පාරේ මෙන් සාමාන්‍ය බසයක යාමට නොවේ.

අධිවේගී මාර්ගයේ පෙර කියූ වර්ගයේ අධි සුඛෝපභෝගී බස් රථ යෙදවූයේ ඒවායේ ආසන පටි ආදී ආරක්ෂක උපක්‍රම ඇති නිසාවෙනැයි පැවසුනි. නමුත් මෙවැනි වයිකිං බස් රථයක එබදු විධිවිධාන නැත. බස් රථය හැප්පුනහොත් ඉදිරි ආසනයේ ගැටී සියලු දෙනාට තුවාල සිදුවනු ඇත. මේසේ අධිවේගයේ වයිකිං යැවිය හැකිනම් කලින්ම වයිකිං ගෙන්නවන්නට තිබුනි, ලක්ෂරි වලට වියදං කලේ අපරාදේය!

මෙම වයිකිං බස් සිදුවීම අහඹු සිදුවීමක් බැව් කිව යුතුය! සැමදා හයිවේ එකේ වයිකිං බස් නොයනු ඇත. මෙම සිදුවීමේදී එය මැනේජ් කල ආකාරය දෝෂ සහගතය. කෙසේ වෙතත් කලින් සීට් බුක් කරන අයට ප්‍රමුඛතාවය දෙන බව ඇත්තකි. මුලින් බස් රථයට නංවා ගන්නේ ඔවුන්ය. නමුත් සීට් අංක යොදා නැති බැවින් හොද සීට් එකක් අල්ලාගැනීමට ඔවුන්ට පොරකන්න සිදුවේ!!

පුද්ගලිකව මට වැඩේ ලාබය. වෙනදාට සදුදා උදේ 3.30ට ටවුටම ඒමට ත්‍රීවීලරේට රු 150කි. ගාල්ල කොළඹ ඒසී බස් එකට රු 230කි. උදේට කන්න රු 100ක් විතර, හා දවල්ට කන්න රු 150ක් විතර යයි. අද උදේ ටවුමට යාමට බස් එකේ රු 7කි. ගාල්ලේ සිට කොට්ටාවට රු 330කි. කොට්ටාවෙන් බොරැල්ලට රු 27කි. උදේ කෑම හා දවල් කෑම නොමිලේ (ගෙදරින්) ය!! එකෙන්ම ලාබය!!

හයිවේ බස්එකේ යාම – 1 කොටස: සීට් බුක් කිරීම
සති අන්තය ගාල්ලේ නිවසේ ගතකොට සදුදා උදේ රාජකාරි සදහා කොළඹ බලා පිටත්වන මගේ කලින් ප්‍රවාහන ක්‍රමය වූයේ 5.35ට ගාල්ලෙන් පිටත් වන සාගරිකා දුම්රියයි. මේ දිනවල මුහුදුබඩ දුම්රියමාර්ගයේ පිළිසකර කටයුතු කෙරෙන හෙයින් දුම්රිය නැත. වායුසමනය කල බස් රථයක යාමට නම් මා උදේ 4ට කලින් පෝලිමට එක් විය යුතුය. නැතහොත් මීටර සිය ගණන් දිග පෝලිම් වල ලැගිය යුතුවේ. මේ නිසා මට (පමණක් නොව අම්මාට හා තාත්තාට) සදුදා උදේ 3ට නැගිටින්නට සිදුවේ.

දැන් අපට හයිවේ එකක් ඇත, හයිවේ එකේ යන පොදු ප්‍රවාහන සේවා ඇත. ගාණ නං පොඩ්ඩක් සැර තමයි ය. ඒත් ට්‍රයි කර බැලීම වටී (මා මෙතෙක් හයිවේ එකේ ගිහින් නැත) කියා සිතුනු නිසා මේ සදුදා උදේ හයිවේ බස් එකේ යාමට අදිටන් කරගත්තෙමි. දන්නා තරමින් දුරස්ථව හයිවේ බස් එකේ සීට් බුක් කිරීමට ක්‍රමවේදයක් නැත. ඩයලොග් හි 444 මගින්ද මෙම බස් එක බුක් කල නොහැක. සෙනසුරාදා බ්ලොග්කරුවන්ගේ හමුව අහවරවී එන ගමන් ගාල්ල බස්නැවතුම්පොලේ කාර්යාලයට ගොඩවැදුනු මම හයිවේ බස් බුක් කිරීම ගැන විමසා සිටියෙමි.

“ඔවු බුක් කරන්න පුලුවන්, සදුදා බස් බුක් කරන්න පුලුවන් හෙට. අපි කලින් දවසේ විතරයි බුක් කරන්නෙ. හෙට 12න් පස්සෙ එන්න..“

ඔන්න ඒ හෙට, හෙවත් අද (ඉරිදා) ආවේය. මම හරියට 12ට ගියෙමි.

“උදේ 6 බස් එක බුක් කරන්න පුලුවන්ද?“

“6 බස් එකේ බුකිං ඉවරයි. 8 එක නං තියෙනව“

“ඈ??? ඊයෙ මෙතන හිටපු එක්කෙනා කිව්වෙ 12න් පස්සෙ එන්න කියලනෙ“

“ආ.. එයා මේ මීගමුවේ කෙනෙක්, එයා හරියට දන්නෙ නැතුව වෙන්න ඇති… මහත්තයට 8 බස් එකේ සීට් එකක් නං දැන් දෙන්න පුලුවන්..“

එම ස්ථානයේ වීදුරු කුටියක් වගේ එකක් තුල ප්‍රධානියෙකු යැයි සැලකිය හැකි අයෙක් සිටියේය. මම ඔහු හමුවී ඊයේ මට දැනගන්න ලැබුනේ 12න් පසුව බුක් කරන බවත්, නමුත් අද උදේ පාන්දරම බුකිං පටං අරං ඇති නිසා මට සීට් එකක් ගැනීමට නොහැකි වූ වගත් කියා සිටියෙමි. 12න් පස්සේ එන්නැයි කීවේ ඔහු නොවන නිසා ඒ පිලිබදව ඔහුට කිසිවක් කල නොහැකි යැයි ඔහු පැවසීය! කෙසේ වෙතත් ඔහු මට අවවාදයක් දීමට අමතක කලේ නැත.

“එක එක්කෙනා කියන ඒවා අහන්න එපා.. ඔයා මීට පස්සේ සීට් බුක් කරන්න ඕනෙ නං උදෙන්ම එන්න..“

හැබැයි එන්න ඕනේ වෙලාවක් එයා කිව්වේද නැත.

කාර්යාලයෙන් එලියට පැමිණ මදක් කල්පනා කල මට ඔන්න ඔහේ 8 බස් එකේ වුවද ගියාට කමක් නැතැ‘යි සිතුනි. 10 – 10.30 වෙනකොට ඔපීසියට යාගන්න හැකිවෙනු ඇත. පස්සා පැත්තට ඉර එලිය වැටෙන තෙක්ම නිදාගෙන, උදේට ගෙදරින්ම බත් කා, දවල්ට කන්න බත්මුලක්ද බැදගෙන යන්න පුලුවන් වනු ඇත. ඒ නිසා මම ටිකට් බුක් කරන තැනට නැවත ගියෙමි.

8 බස් එකේ සීට් එකක් ලබාගැනීමට මම කටයුතු කලෙමි. එහෙත් එම ලේඛණයේ සීට් අංක වැනි කිසිවක් නොවීය.

“මේකේ ජම්පින් සීට් හෙම නෑ නේද?“ මම සිනාමුසුව ඇසීමි.

“අපොයි නෑ… මහත්තය උදේ 7.45 වෙනකොට එන්න.. කැමති සීට් එකක් තෝරගෙන වාඩි වෙන්න පුලුවන්…“

“ඒ කිව්වෙ? උදේ මම එනකොට වෙන අය නැගලා බස් එක පිරිලා තිබුනොත් මට ආයෙ හැරිලා යන්න වෙන සීන් එකක්ද?

“අපොයි නෑ මහත්තයො, අපි පෝලිමෙන් සෙනග ගන්නෙ නැහැ. මෙතනින් බුක් කරන අය විතරයි“

“කොහොමහරි බුක් කරන අයට priority ලැබෙයි නේද?“

“අපොයි ඔවු.. මහත්තය 7.45 වෙනකොට ඇවිත් ඉන්නකො, 7.45ට තමා බස් එක ගහන්නෙ“

බුක් කිරීමේ ගාස්තුව රු 30කි. ඔවුන් ඒ වෙලාවේ ගනු ලබන්නේ එම රු 30 පමණි. ඒ රිසිට්පත බස් කොන්දොස්තර මහතාට පෙන්වා ටිකට්ටුව ගත යුතුය.

මෙහිදී එක් දෙයක් වැදගත් වේ. ඔවුන් පවසන පරිදි බස් එකේ නගින්න පුලුවන් වෙන්නේ බුක් කල අයට පමණි. (ඉතිරි ඉඩ වලට පමණක් පිටින් සෙනග ගන්නවා විය යුතුයැයි සිතමි) එනම් බුක් කිරීමේ ගාස්තුව වැඩි දෙනෙකුට දරන්නට සිදුවේ. එනම් ගාල්ල – මහරගම ගාස්තුව රු 400ක් නොව 430ක් විය යුතුය.

ඔවුන්ගේ කතාවෙන් තේරුණු විදියට නං බුක් කලත්, කලින් ගොස් සීට් වලට පොරකන්නට සිදුවන හැටියකි. කෙසේ වෙතත් කාරිය කෙරෙන්නේ කෙසේ දැයි හෙට උදේට ගොහින් බලමි. දෙවෙනි කොටස හෙට බලාපොරොත්තු වන්න.

[ දෙවැනි කොටස මෙන්න ]

මගේ 2011 වසර ගැන සමාලෝචනයක්
2011 වසර ගෙවිලා අහවර උන වෙලාවේ ඒ ගැන පොඩි සමාලෝචනයක් කලොත් හොඳයි කියලා හිතුනු නිසා හදිසියේම මේ ලිපිය ලියන්න කල්පනා කලා.

2011 වසර පටන් ගත්තේ මගේ කැමරා පිස්සුව තද වෙලා. දැන් රස්සාවක් කරලා තමන්ටම කියලා කීයක්හරි හම්බුකරගන්න නිසා කැමරාවක් ගැනීමේ අවශ්‍යතාව තදින්ම දැනුනා. DSLR හීනේ වගේ පෙනුනත් එච්චර හරියක් කරන්න අමාරු බව තේරිලයි තිබුනේ. මේ නිසා ටිකක් හොඳ point and shoot එකක් ගන්නවා කියලා හිතාගෙන ඉන්නකොට තාත්තා කිව්වා ගන්න එකේ DSLR එකක්ම ගන්න කියලා. නමුත් එකවර ලක්ෂයක් විතර වියදං කරන්න නං හැකියාවක් තිබුනෙ නැහැ. ඔහොම ඉන්නකොට මගේ පැරණි බොස් කිව්වා තමන්ගෙ DSLR එක විකුණන්න කැමති බවත්, මුදල් කොටස් වශයෙන් ගෙවිය හැකි බවත්. ඉතිං මීට වඩා හොඳ වාසනාවක් තවත් ලැබෙන්නෙ නැති නිසා දෙන්නෙක්ගෙන් ලෝන් ගහලා වටිනාකමින් බාගයක් පමණ මුලින් ගෙවලා කැමරාව මිලදී ගත්තා. ඔන්න ඔහොම තමයි මම Pentax K20D වර්ගයේ කැමරාවක සහ Pentax FA 50mm කාචයක හිමිකරුවෙක් උනේ.

කැමරාව අතට ගෙන දවස් දෙකතුනකින් ශ්‍රීපාද වන්දනාවේ යන්නයි හිටියේ. මොකද ගිය අවුරුද්දේ හා හාපුරා කියලා ගියාට පස්සේ මම හිතාගත්තා ලංකාවේ හිටියොත්, පුලුවන් හැම අවුරුද්දෙම යනවා කියලා. නමුත් පෙබරවාරි මාසයේ පටන්ගත් වැසි කාළගුණය ඒ ගමනට හරස් උනා. ඒ නිසා 2011 දි ඒ ගමන යන්න බැරිඋනා. නමුත් කොහොමහරි මේ වසරේ ඒ අරමුණ ඉටුකරගන්නයි කල්පනාව.

ඉස්සර මට ට්‍රිප් වගේ දේවල් බොහොම අඩුවෙන් සෙට් උනේ. ඉස්කෝලෙ යන කාලෙ නම් අතේ ඇඟිලි ගානෙන් මනින්න පුලුවන් ට්‍රිප් ප්‍රමාණයක් කියතෑකි ගියේ. (ඒත් පොඩි කාලේ අපි පොලොන්නරුවේ ඉන්නකොට නං මම ඒ පැත්තේ නොගියපු තැනක් නැහැ.) ඒත් මේ කැමරාව මට චාරිකා යෝගයක් උදා කලා කිව්වොත් තමා හරි. 2011 අවුරුද්ද ඇතුලත මම සෑහෙන්න ට්‍රිප්, චාරිකා ගොඩක් ගියා. ෆේස්බුක් එකේ මගේ යාලුවො නං පින්තූර ඇල්බම් දැකලා ඇති.

2011 අප්‍රේල් මාසේ පැවැත්වුනු අවුරුදු උත්සවයෙදි බ්ලොග් ලියන සෑහෙන්න පිරිසක් දැන අඳුරගන්න පුලුවන් උනා. ඒ අය ඊට පස්සේ එකතුවෙලා ගිය ට්‍රිප් එකට නං යන්න බැරිඋනා හදිසියේ වැටුනු වැඩක් නිසා.

ඔහොම යනකොට අගෝස්තු මාසෙ දවසක මට හදිසියෙ ආරාධනාවක් ලැබුනා කඩුගන්නාවෙ ඉඳන් ඉහල කෝට්ටේ දක්වා රේල්පාරේ පයින් යන්න චාරිකාවකට එක්වෙන්න කියලා. ඒ ගමන ගියා විතරක් නෙමෙයි ඒක අවසන් උනේ මමත් දුම්රිය ලෝලියෙක්, railway enthusiast කෙනෙක් බවට පත්වෙලා. ඒ ඉඳන් දෙසැම්බර් 31 දක්වා මාස හතරක කාලය තුල දුම්රිය පාරේ සිරි නරඹන්න, පින්තූර ගන්න ගමන් 5ක් 6ක් විතර යන්න පුලුවන් උනා. ඒ සියල්ලම සඳහා ගෙහාන් චන්දිකට ස්තූතිවන්ත වෙන්න ඕනේ.

රැකියාව ගැන කිව්වොත් අපේ සමාගමත් මේ වසර තුල ශීඝ්‍ර වර්ධනයකට පත්වුනා කියන්න පුලුවන්. රැකියාව තුලින් මට ස්ථාවරත්වයක් ගොඩනගාගන්න පුලුවන් උනා කියලා  හිතනවා. මිතුරු මිතුරියන් ගැන කිව්වොත් මගේ හොඳම මිත්‍රයා පසුගිය වසරේදී පියෙක් බවට පත්වුනා. තවත් මිතුරියක් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.  විශ්වවිද්‍යාලයේ මිතුරු මිතුරියන් ජෝඩු දෙකක් වසර හතරක් පෙම්වතුන් වෙලා ඉඳලා වෙන්වුනා. විශ්වවිද්‍යාලයේ මිතුරියක් විවාහ උනා. පුද්ගලික ජීවිතේ ගැන කිව්වොත්, නංගී වෛද්‍ය පීඨයට ඇතුලුවුනා, මගේ වෙන්ට-හාමිනේට සම්පත් බැංකුවේ රැකියාවක් ලැබුනා. මම විශ්වවිද්‍යාල කාලයේ හිටියාට වඩා මහත් උනා.

ඔන්න ඔය විදියට 2011 වසර සාරාංශ කරන්න පුලුවනි. පොදුවේ ගත්තොත් 2011 කියන්නේ මට “චාරිකා වසරක්“. (2012ත් ඒ වගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඉතිං බඳින්න කලින් ගහන රස්තියාදු ටික ගහගන්න එපායැ. බැන්දට පස්සේ ඔහොම හිතූ හිතූ වෙලාවට ට්‍රිප් යතෑකියැ) ඒ වගේම 2011 වසර  මට සාමාන්‍යයෙන් හොඳයි කියලා හිතෙනවා. 2012 ත් ඒ වගේම වෙන්නයි කියලයි ප්‍රාර්ථනාව, මොකද ජීවිතේ වැදගත් සිදුවීම් වෙන්න ඉඩකඩ තියෙන නිසා :) සෑහෙන්න අලුත් මිතුරු මිතුරියන් රැසක් ඇතිකරගන්නත් 2011දි මට ඉඩකඩ ලැබුනා.

ලිපිය අවසාන කරන ගමන් මේ 2012 වසරේදී ඔබ සැමට ඔබගේ බලාපොරොත්තු ඉටුකරගන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

2011 පෙබරවාරි - ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

2011 අප්‍රේල් - සයිබර් මිතුරන්ගේ අවුරුදු උත්සවය

2011 අප්‍රේල් - පවුලේ අය සමග කතරගමට

2011 ජුලි - විශ්වවිද්‍යාල මිතුරන් සමග සීගිරියට

2011 අගෝස්තු - පවුලේ අය සමග නුවරට

2011 සැප්තැම්බර් - කඩුගන්නාවේ සිට ඉහලකෝට්ටේට රේල්පාර දිගේ

2011 ඔක්තෝබර් - පට්ටිපොල සිට ඉදල්ගස්හින්න, ඇල්ල සිට දෙමෝදර, බදුල්ල දුම්රිය මාර්ගය දිගේ

2011 ඔක්තෝබර් - කාර්යාලීය සගයන් සමග නුවරඑළියට

2011 දෙසැම්බර් - ග්‍රේට් වෙස්ටර්න් සිට තලවාකැලේ රේල්පාර දිගේ

2011 දෙසැම්බර් - ඉඟුරු ඔය සිට ගලබොඩ රේල් පාර දිගේ

තවත් පින්තූර කිහිපයක් දැකගන්න, මගේ Flickr ඇල්බමයත් බැලුවොත් නරකද?

ඇමති එස්බී කියන්නා වගේ නවකවධයට ආචාර්යවරුත් සම්බන්ධද?
නවකවධයට විශ්වවිද්‍යාල ආචාර්යවරුද සම්බන්ධ යැයි එස්.බී. දිසානායක ඇමැතිවරයා කියූ බව ප්‍රධානපෙලේ පුවත්පත් රැසක අද පල වී තිබුනි. සත්‍ය වශයෙන් නම් නවකවධයට පමණක් නොව විශ්වවිද්‍යාල වල සිදුවන ප්‍රචණ්ඩක්‍රියා වලටද ඇතැම් ආචාර්යවරු වගකිවයුත්තෝ වෙති. ඇතැම්හු ඒවාට අනුබල දෙති, ඇතැම්හු ඒවා වැලැක්වීමට හැකියාව තිබියදීත් නොදැක්කා සේ යති. ඇමැතිවරයාගේ ප්‍රකාශය දුටු විට මට මතකයට නැගුනේ මගේ විශ්වවිද්‍යාල දිවියේ පුංචි සිදුවීම් දෙකකි. වතාවන් කීපයකදී මේවා බ්ලොග් අඩවියේ ලිවිය යුතුයැයි සිතුවත් ඊට නිමිත්තක් ලැබුනේ නැත. දැන් එස්.බී. ඇමැතිවරයාගේ ප්‍රකාශය හොඳ නිමිත්තක්ව ඇත.

සිදුවීම 1

අප විශ්වවිද්‍යාලයට පැමිණ සති දෙකකින් විද්‍යාපීඨ ශිෂ්‍ය සංගම් නිලවරණය පැවැත්විනි. පාර්ශ්ව දෙකකි. අපි “බොග්ගු“ හෙවත් නවකවධ විරෝධීන් වූයෙමු. අනෙකුන් “රැල්ලෝ“ හෙවත් බහුතරයක් නේවාසිකාගාරවාසී, බහුතරයක් ජවිපෙට කඩේ යන්නෝ වූහ. එමෙන්ම ඔවුහු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ බලය හිමි ඇත්තෝ වූහ. නිලවරණය පැවැත්වූයේ සිකුරාදා දිනෙකය. සවස 5ට පමණ ඡන්ද ගණන් කිරීම ආරම්භ වූ අතර ප්‍රතිථල පිටවනතුරු අප බලාසිටියෙමු. ප්‍රධාන ගේට්ටුව දෙසට යාමකින් තොරව අපේ පීඨයට ඇතුලු විය හැකි කුඩා ගේට්ටුවක් එකල තිබුනි. එය “කුරුබිලිය“ වශයෙන් හඳුන්වන ලදී. (පසුව පැමිණි ආන්දෝලනාත්මක උපකුලපතිවරයකු විසින් එම ගේට්ටුව යුද සමයේ ආරක්ෂාවට තර්ජනයක් බැව් පවසා වසා දමන ලදී. ඇත්ත නොවැ, සිස්සයෝ විස්ස විජ්ජාලේ ඇතුලට ඔය කුරුබිලියෙන් බෝම්බ ගේන්න පුලුවන් නොවැ!) වෙලාව සවස 6 පමණ වූ අතර අඳුර ද වැටෙමින් පැවතිණි. ප්‍රතිඵල අසා දැනගෙන යාමට අපේ පිරිසෙන් 50ක් පමණ රැඳී සිටි අතර ඉතුරු උන්ව අපි ගෙදර යැවීමු. මක් නිසාදයත් ඒ වන විටද යම් වාතාවරණයකට ඉඩකඩ සැලසෙමින් තිබූ බැවිණි. ඉතිරි අපි කුරුබිලිය අසල ගැවසෙමින් සිටියේ ප්‍රහාරයක් එල්ල වුවහොත් වහා පලායාමට හැකිවන නිසාවෙනි.

ඇඳිරිවැටෙත්ම ශාස්ත්‍ර/කළමණාකරණ පීඨ දෙසින් මහා සේනාවක් ප්‍රාදූර්භූත විය. ඇතැම්හු අතේ හයයි හතරේ සයිස් පොලු කෑලි හොඳින්ම පෙනෙන්නට තිබුණි. ඒ එකකින් ඔලුවට එකක් වැදුනේ නම් එතැනම අවසන් හුස්ම හෙලන්නට අපහසු නොවනු ඇත. කෙසේ වෙතත් ගැටුමක් හට නොගත් අතර නිලවරණ ප්‍රතිඵලයෙන් සුපුරුදු ලෙස අප ජයග්‍රහණය කර තිබුනි. ජයඝෝෂාවකින් සතුට සැමරූ අපි වහ වහා විසිර ගියෙමු.

හොඳ කතාවක් දැනගන්නට ලැබුනේ පසුවය. මීට සම්බන්ධ මහාචාර්යවරයා දැනට ව්‍යවහාරික විද්‍යාපීඨයේ ඉහලම නිලය දරන්නා වේ. හේ එකල සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වූ අතර, විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කටයුතු සම්බන්ධ තනතුරක් දැරීය. මෙම තනතුර නිසා හේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සමග සමීප ඇසුරක් පැවැත්විය. (නැතුව උන්ව තහරකරගත්තේ නම් ඔහුගේ අර තනතුර නැතිවයාහැකිව තිබුනි) එදා ගැටුම සඳහා පිරිස් පොලු රැගෙන පැමිණ සිටි අවස්ථාවේ ඔහු එදෙසට පැමින ඇත. පොලු රැගත් සිසුන් ලඟට කිට්ටු කල ඔහු පවසා ඇත්තේ “යකෝ ඕවා ගෙනාවට කමක් නෑ, පේන්න තියං ඉන්නෙ නැතුව හංගන් ඉඳපන්“ යනුවෙන් මිත්‍රශීලී ස්වරයෙනි. මේ බව අපට කීවේ එය සියැසින් දුටු තාවකාලික ප්‍රදර්ශකවරයෙකි (demonstrator).

සිදුවීම 2

කෙසේ වෙතත් රැල්ලෝ පරාජය වෙනුවෙන් යමක් කිරීමට උත්සාහ කරන බව පෙනුනේ ඊලඟ සඳුදාය. උදෑසන සිටම පරිසරය ව්‍යාකූල බවක් ඉසිලීය. විවේක කාලයේ තරමක ගැටුමක් හටගත්තේය. පීඨාධිපතිවරයා සහ තවත් ආචාර්යවරු කිහිප දෙනෙකු මැදිහත් වී එය විසඳීමට උත්සාහ දරනු පෙනිනි. මේ වන විට විශ්වවිද්‍යාල සංස්කෘතියට ආගන්තුකයෝ වූ අපිට එහි “වලි“ ගැන කිසිදු අවබෝධයක් තිබුනේ නැත. මා සිතුවේ පාසලේදී සිදුවන්නාක් මෙන් පීඨාධිපති වරයා පැමිණ සත්තමක් දැමූ විට සිසුන් විසිරයනු ඇතැයි කියාය. එහෙයින් අපට දිවා විවේකයෙන් පසුව තිබූ භෞතික විද්‍යා දේශනයට සහභාගීවීම සඳහා අපි දේශනශාලාවට ඇතුලුවීමු.

දේශණය ආරම්භ වී විනාඩි 10ක් ඉක්මෙන්නටත් මත්තෙන් එලියේ ගැටුම ආරම්භ විය. යෂ්ඨිධාරීන්, පාෂාණධාරීන් සැරිසරනුද, පාෂාණ පියාඹනුද පෙනුනි.  මගේ දුරකථනයට ආ පණිවුඩ කිහිපයකින්ම කියවුනේ අපේ කට්ටිය විශ්වවිද්‍යාල භූමියෙන් බැහැරව එලියට ගොස් ඇති බවත්, ඇතුලේ සිටීම භයානක බැවින් හැකිනම් වහාම දේශනයෙන් පැණ හෝ එලියට එන ලෙසත්ය. මෙය පැයේ දේශණ දෙකක එකතුවකි. මුල් දේශනය පැවැත්වූ තැනැත්තා ආචාර්ය A යයි අපි කියමු. ඔහු සුපුරුදු පරිදි කිසිවක් සිදු නොවූ පරිද්දෙන් දේශණය කරගෙන ගියේය. ඒ පැය අවසානයේ දෙවැනි දේශනය සඳහා ආචාර්ය B පැමිණියේය. හේ කරුණාවන්ත මිනිසෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූවෙකි. “දරුවනේ, පේනවනේ එලියේ ගැටලුවක් තියෙන බව. ඒ නිසේ මේ වන විට ඔබලාගේ පීඨය තාවකාලිකව වසාදමලයි තියෙන්නෙ. ඒ නිසා අපි දැන් එලියට යමු. මම ඔය කට්ටියත් එක්ක එලියට යන්න එනවා. මගේ පස්සෙන්ම එනවා මිසක් වෙන පාරවල්වල යන්නවත්, වටපිට බලන්නවත්, වෙන කවුරුත් කතා කලාට යන්නවත් එපා“ හේ පැවසීය. ඉන්පසු ඔහු දේශනශාලාවේ සාමාන්‍යෙයන් භාවිතා නොකෙරෙන දොරක් හැර අපිව පිටතට ගෙන ප්‍රධාන ගේට්ටුව වෙත යාමට මූලිකත්වය ගත්තේය. ආචාර්ය A අපේ පෝලිමේ පිටුපසින් එක්වූයේය.

අප දේශන ශාලාවෙන් එලියට බසිනවාත් සමගම ජ්‍යෙෂ්ඨ රැල්ලෝ (උත්තමයෝ) කිහිපදෙනෙකුම පෝලිම වටකරගත්හ. “කොහෙද යන්නේ?“ මගේ අතින් දැඩිව අල්ලාගත් එකෙක් ඇසීය. බිරන්තට්ටු වී සිටි මම “එලියට යනවා අයියේ“යි ගොතගසමින් කීවෙමි. “වරෙන් යන්න අපිත් එක්ක..“ හේ මගේ අතින් අදිමින් කීවේය. ආචාර්ය B මෙම සිද්ධිය දුටු අතර හේ වහා අප දෙස හැරී “මොකක්ද ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නෙ?“ යැයි අර ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගෙන් දැඩිව විමසා සිටියේය. “නෑ සර්…“ කියා ෂේප් වූ ඔවුන් නැවත හැරී යන ගමන් මා ඇතුලු පිරිසට පා පහරවල් එල්ල කලහ. ඉදිරිපස බලාගෙන සිටි මා පාපහර එල්ලවූයේ කොහෙන්දැයි නොදුටු නිසා ඒ පිලිබඳව විමසීමට පිටුපස බලන විට දුටුයේ ජ්‍යෙෂ්ඨ උත්තමයින් දිව යන අයුරුත් අර ආචාර්ය A සුපුරුදු පරිදි මුකුත් නොදන්නා විලසින් පෝලිම පිටුපසින් එන බවය. පහර දුන් අය කවුරුදැයි ඔහු හොඳින් දුටු බවට සැක නැත. එහෙත් ඔහු එය වැලැක්වීමට කිසිදු පියවරක් ගත්තේ නැත.

මා නිරීක්ෂණය කල පරිදි ආචාර්යවරුන්ගෙන් ඉතා සුලු කොටසක් පමණකි නවකවධය හා ඒ හා සම්බන්ධ ප්‍රචණ්ඩක්‍රියා වැලැක්වීමට උත්සාහ දරන්නේ. තවත් සුලු කොටසක් ඊට සහය දක්වති. වැඩි කොටසක් කරන්නේ ඕවා නොදැක්කා සේ සිටීමය.

ගැහැණු චපල ද?
පාසල් කාලයේ රසවත් කතාවක් හදිසියේම මතක් උනා. රසවත් කතාවක් උනත් මේකෙන් ඉගෙනගන්නත් පොඩි දෙයක් තියෙනවා. මේකට සම්බන්ධ වෙන්නෙ රිච්මන්ඩ් විද්‍යාලයේ සිංහල උගන්නන සුදත් සමන්ත නාගහවත්ත ගුරුතුමා. කවුරුත් දන්නවනේ “සිංහල නාගයා” කිව්වාම! සර් සිංහල නාගයා උනේ කෘෂිකර්මය උගන්නපු නාගහවත්ත සර් “ෆාම් නාගයා” වෙච්චි නිසා :D

මේ සිද්ධිය උනේ අපි 8 වසරෙ නැත්තං 9 වසරෙ ඉන්න කාලෙ. ඔය කාලෙ නෙ ඉතිං කොල්ලන්ට ලවු පිස්සුව මෝරගෙන එන කාලෙ. ආදරේ කියන්නෙ මොකක්ද කියලා හරියට නොදැන, විරුද්ධ ලිංගිකයන් වෙත ඇති වන ජෛව විද්‍යාත්මක ආකර්ෂණය තමයි ආදරේ කියලා හිතාගෙන ඉන්න, ඒ උනාට ආදරේ ගැන අපි තරම් දන්න එවුන් නෑ කියලා හිතන කාලේ තමා ඔය. ඔන්න දවසක් සිංහල පාඩම වෙලාවේ මනමේ නාටකය ගැන මොකක්හරි කතාවකුත් ඇදුනු වෙලාවක නාගහවත්ත සර් හදිසියෙම මෙහෙම ඇහුවා අපෙන්.

“ගැහැණු චපල ද?”

“ඔවූඌඌ….” පොරවල් සේ අපි එකහඬින් උත්තර දුන්නා.

“එතකොට අම්මා?” සර් ඇහුවා.

ඔන්න කොල්ලො ටික තක්බීර් වෙලා ගියා.

“එතන පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද?” කියලා සර් හිනාවක් දාලා ආපහු පාඩම කරගෙන ගියා.

(මේ කතාව නිකං කියනවට වඩා රසවත් සර් ඔය වෙලාවේ මූණෙන් මතු කරපු හාස්‍ය රූපය. සර්ගෙන් ඉගෙනගෙන තියෙන අය දන්නවා ඇති සර් හිටපුගමන් දාන ඒ හාස්‍ය බැල්ම ගැන.)

මේ කතාව හදිසියෙම මතක් උනේ ඊයෙ පෙරේදා මට ෂේක්ස්පියර් ගේ හැම්ලට් නාටකයේ එන “Frailty, thy name is woman” පාඨය මතක් වෙච්චි නිසා.

බඩුත් එක්ක හොරු
මාසෙකට දෙකකට කලින් වෙච්ච ෆන් සිදුවීමක් ලියන්න හිතුනා බ්ලොග් එකේ.

මගේ මිත්‍ර රවිමල් දවසක් ටෙක්කතා ගූග්ල් සමූහයට ලිපියක් දාලා තිබුනා විජේසේකර යතුරුපුවරුවේ ඉතිහාසය ගැන තොරතුරු ගන්න තැනක් තියේනම් කියන්න කියලා. මිනිහගේ ව්‍යාපෘතියකට. ඕකට ටෙක්කතා එකේ සාමාජිකයෙක් “උඹට මොකටද බං?“ වගේ විහිලු රිප්ලයි එකක් දාලා තිබ්බා. ඉතිං මම රිප්ලයි කලා විහිලුවකට ගන්න එපා මේක, වැදගත් වැඩකට විස්තර හොයන නිසා උදවු කරන්න පුලුවන් නං කරන්න, නැත්තං පැත්තකට වෙලා ඉන්න කියලා.

ඔන්න පැය කීපෙකට පස්සෙ මට ඊමේල් එකක් එනවා “අඩෝ *ක නොදී ඉඳපං“ කියලා. මේක එවල තිබුනේ ඇනොනිමස් ඊමේල් සෙන්ඩර් එකකින්. මේක දැක්ක ගමන් මට නිකමට හිතුනා මේක එවන්න ඇත්තේ අර ටෙක්කතා සිද්ධියෙ බුවා තමයි කියලා. මෙතෙක් කල් මුහුණදීලා තියෙන සිද්ධි අනුව ඉතිං ඔය වගේ දේවල් මට දැන් සාමාන්‍ය බුද්ධියෙන් වැටහෙන ගානයි! මම කරපු වැඩේ ඒ ඇනොනිමස් මේල් සෙන්ඩර් එකටම ගිහින් අර පුද්ගලයගෙ ඇත්ත ඊමේල් ලිපිනයට ඊමේල් එකක් ගැහුවා “මචං, දන්නවද ඇනොනිමස් මේල් සෙන්ඩර් වලින් එවුවත්, එවපු කෙනා හොයාගන්න ක්‍රම සහ විධි තියෙනවා“ කියලා.

මෙන්න ටික වෙලාවකට පස්සෙ අර බුවා තමන්ගෙ හැබෑම මේල් ඇඩ්‍රස් එකෙන් මට මේල් එකක් එවනවා මෙන්න මෙහෙම.

“සමාවෙයං මචං මම තමයි අරක එව්වෙ. ගණං ගන්න එපා. ඒක නෙමෙයි, මටත් කියලා දීපංකො අර විදියට එවපු කෙනා හොයාගන්න විදිය“ :D

හොරු අල්ලන්න හැක් කරන්නම ඕනෙ නෑ, පොඩ්ඩක් සිදුවෙන දේවල් ගැන අවධානයෙන් සිටීම ප්‍රමාණවත්!

ඔන්න ඔහොමයි 2010 ගෙවුනේ
බොහෝම කෙටි ලිපියකින් ගෙවීගිය 2010 වසර මට කොයි වගේ වුනාද කියලා පොඩි සටහනක් තබන්නයි මේ ආවේ.

2010 වසර පටන් ගත්තේ මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවන වසරේ සිසුවෙක් විදියට.

2010 පෙබරවාරි මාසයේදී මට අවස්ථාව උදා වුනා කෝඩුකාරයෙක් විදියට මුල්ම වතාවට ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන්න. ඒ ගැන මං ලියපු චාරිකා සටහන මෙතැනින් කියවන්න පුලුවනි. වාර්ෂිකව මේ ගමන යන්න තීරණය කර ගත්ත අපේ සෙට් එක දෙවැනි වතාවටත් මේ ගමන ලබන පෙබරවාරි මාසයේදී යන්න කියලයි හිතාගෙන ඉන්නේ.

2010 ජුනි මාසය මට වැදගත් වෙන්නෙ විශ්වවිද්‍යාලයෙදි අපේ සෙට් එකේ දහඩිය මහන්සියෙන් අපේ පීඨයේ මුල්ම වතාවට වෙසක් බැති ගී ප්‍රසංගයක් පවත්වන්න පුලුවන් වීම නිසයි. අවසාන විභාගය කිට්ටු වීම නිසා බොහෝ දෙනෙක් සම්බන්ධ වීමට අදිමදි කලත් අපේ සෙට් එකේ දහිරිය නිසාත්, පටු විදියට කල්පනා නොකල තවත් සොයුරු සොයුරියන් රැසක් නිසාත් අපිට සාර්ථකව ඒ කර්තව්‍යය කරන්න පුලුවන් උනා. බෞද්ධ අය වැඩේට කර අරිද්දී කතෝලික සොයුරියන් රැසක් වැඩේට මුල්තැන ගෙන කටයුතු කිරීමත්, බැති ගී ගායනයට එක් වීමත් පැසසිය යුතු කරුණක්.

2010 ජුලි මාසයේදි අවුරුදු 3ක් තිස්සේ මට දෙවැනි නිවහන වෙච්ච මගේ විශ්වවිද්‍යාලයට සමු දෙන්න සිදුවෙනවා මට. ඒ තෙවැනි වසරේ අවසන් විභාගයත් අවසන් වීමත් සමග. ඒ අවුරුදු 3 ඇතුලතදි සෑහෙන්න ගොඩක් මිනිස්සුන්ව හම්බු කලා. ඕනෙ දේකට බොක්කෙන්ම ෆිට් වෙච්ච සෙට් එකක් හැදුනා. උන් ටික මට මගේම සහෝදර සහෝදරියො වගේ.

රැකියා වෙලඳපොලේ වැඩි කාලයක් රස්තියාදු වෙන්නෙ නැතිවම මට 2010 අගෝස්තු මාසයෙදි රැකියාවක් ලැබෙනවා. ඒ Agile Solutions (Pvt) Ltd ආයතනයේ Web Developer කෙනෙක් විදියට. මේ විදියට මම මගේ මුල්ම රැකියාවට සම්බන්ධ වෙනවා, PHP, MySQL, WordPress, Zend Framework වගේ ආස කරන දේවල් ටිකක් එක්ක.

2010 දෙසැම්බර් මාසයෙදි මගේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙනවා. අපේ සෙට් එකේ කොල්ලෝ සාමාන්‍ය (අපේ වචනයෙන් කිව්වොත් ‘තර්ඩ් ක්ලාස්’) සාමාර්ථ ලබාගත්තට මොකද මිතුරියන් සියලු දෙනාම පාහේ පංති සාමාර්ථ ලබාගන්නට සමත් උනා. මේ අතරින් අපේ වෙන්ට-හාමිනේ පළමු පෙළ සාමාර්ථයක් සමග (භෞතීය විද්‍යා අංශයේ තිබූ පළමුපෙල උපාධි 4න් එකක්) සමත් වීමත්, සංඛ්‍යානය විෂයයට වැඩිම ලකුණු සඳහා පිරිනැමෙන මහාචාර්ය ඩබ්. එස්. ප්‍රනාන්දු අනුස්මරණ ස්වර්ණ මුද්‍රිකාව දිනාගැනීමත් මට ලොකු සතුටක් ගෙනදුන් කාරණා.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මගේ බ්ලොග්කරණය නම් අන්තිම දුර්වලයි. රැකියාවක් කරන්න ගත්තට පස්සේ ඇතිවූ අවිවේකී බවත් ඊට එක හේතුවක් වෙන්නට ඇති. සිංහලෙන් ලිවීම නවත්වාදමන්නට වරෙක අදහස් කලත්, සමීප කීපදෙනෙක් මට එය මෝඩ වැඩක් බව පෙන්වා දුන් පසු කළාතුරකින් හෝ ලියන්න තීරණය කලා.

ඔන්න ඔහොමයි මගේ 2010 ගෙවුනේ..

එහෙනම් ලබන 2011 වසර හැමෝටම ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

Mobile Broadband (HSDPA) සම්බන්ධතාවයක් ලබාගැනීම
සති අන්තෙට ගෙදර ආවාම ඇති පදං unlimited ADSL එක පාවිච්චි කරන මට සතියෙ දවස්වල ජාලෙ නැතුව කාන්සිය නිසා මගේ ඩයලොග් ෆෝන් එකට ඩේටා පැකේජ් එකක් දාගෙන පාවිච්චි කරපු හැටි කලින් කිව්වනේ. ටිකක් කල් යනකොට  ඒක මදි වගේ දැනෙන්න ගත්තා. මෙගාබයිට් 350 පරිස්සං කරන්න ඕනෙ නිසා බ්ලොග් වත් කියෙව්වෙ නෑ ඊමේල් බලනවා ඇරෙන්න. කොහොම වෙතත් විනාඩි 5ක් ජාලෙට සම්බන්ධ කරගෙන ඉන්නකොට ෆෝන් එක ගිණියම් වෙනවා. අනික දැං මට මේ පොඩි ප්‍රොජෙක්ට් එකකුත් තියෙන එකේ ටිකක් වැඩියෙන් ජාලය අවශ්‍යයි. ගෙදර ආවාම සම්පූර්ණ කාලයම ADSL එක අත්පත්කරගෙන ඉන්න නිසා අන්තර්ජාලට සම්බන්ධ වෙන්න බැරි අපේ තාත්තටත් මාව ඒකෙන් ගලවන්න ලොකු ඕනෙකමක් තිබ්බා. මේ නිසා මම කල්පනා කලා mobile broadband සම්බන්ධතාවයකුත් ලබාගන්න.

මුලින්ම කලේ මොඩම් එකක් ගන්න එක. සම්බන්ධතාවයක් එක්කම ලාබෙට මොඩම් එක ගන්න පුලුවන් උනත් එතකොට මොඩම් එක ලොක් කරලා දෙන නිසා කොටිවලිගේ අල්ලගත්තා වගේ ඒකම දිගට පාවිච්චි කරන්න වෙන නිසා (අන්ලොක් කලොත් warranty නැති වෙනවනේ) මම කල්පනා කලේ නිදහස් මොඩම් එකක් අරගෙන මට කැමති කනෙක්ෂන් එකක් ගන්නවා කියලා.

දවසක් මම එයාටෙල් එකට ගිය වෙලාවෙ එතනින් කිව්වා ඔවුන් Abans එකත් එක්ක එකතු වෙලා ලොක් නොකරපු මොඩම් විකුණනවා කියලා. මම ඒ අනුව අබාන්ස් එකට ගිහින් රු 7000/= ක මුදලකට Huawei E156G වර්ගයේ HSDPA මොඩමයක් මිලදී ගත්තා. එක් වසරක warranty කාලයක් එක්ක. ලොක් නැති නිසා ඕනෙම සිම් එකක් පාවිච්චි කරන්නත් පුලුවන්.

Huawei E156G

මම මුලින් හිතාගෙන හිටියේ මොබිටෙල් එකෙන් දෙන 8GB සම්බන්ධතාවයක් ගන්න. මොකද නුගේගොඩ මගේ නවාතැනට සන්තෘප්ත වෙන තරමට මොබිටෙල් සිග්නල් තියෙනවා. ගෙදරටත් කලින් තිබුනා. මෙන්න මම ඊයෙ පෙරේදා බලනකොට ගෙදරට මොබිටෙල් 3G සිග්නල්වත් නෑ. අඩුගානෙ මිදුලටවත් නෑ. දැන් ඉතින් මොබිටෙල් අරන් තේරුමක් නෑ කියලා හිතුනා. මම සතියෙ වැඩි ප්‍රමාණයක් ඉන්නේ නුගේගොඩ උනත් ගෙදර ආවාමත් පාවිච්චි කරන්න පුලුවන් සම්බන්ධතාවයක් ගන්න එපායැ.

ඩයලොග් නං මට කොහොමත් අකැපයි. නුගේගොඩට ඩයලොග් 3G සිග්නල් නෑ! පුදුමයි නේද? මට හිතෙන විදියට හේතුව මම ඉන්න නිවස වටේට ටවර් කීපයකින් සිග්නල් හොඳින් ලැබීම නිසා ටවර් අතර හුවමාරු වීම නිසා තමයි මේක වෙන්නේ කියලා. මොකද ෆෝන් එකේ GSM signal උපරිමෙන් තිබුනත් කෝල් එකක් ගන්න ගියාම හට්ටි මුට්ටි පොලවේ ගහන හඬත් එක්ක තමයි කෝල් එක ගන්නේ.

දැන් මොකක්ද කරන්නේ කියලා කල්පනා කරනකොට කණියා කිව්වා එයාටෙල් ප්‍රීපේඩ් එක පාවිච්චි කරපංකෝ කියලා. ලඟදි දවසක නුගේගොඩ නොමිලේ එයාටෙල් සිම් බෙදමින් ඉන්න තැනකට ගිහින් මමත් සිම් එකක් ගත්තේ ඩයලොග් නොවන අංක වලට කතා කරන්න ඒක ලාබ නිසා. නුගේගොඩ නිවසටත් එයාටෙල් 3G සිග්නල් සාමාන්‍යයෙන් තිබුනා. ගෙදරට නම් උපරිමෙන් තියෙනවා. ඉතිං මම අන්තිමේ තීරණය කලා එයාටෙල් පාවිච්චි කරන්න. එයාටෙල් පැකේජ් ගන්න ගියොත් යන ගාණ ටිකක් වැඩි නිසාත්, එයාටෙල් ෂුවර් නැති නිසා පැකේජ් එකක් අරගෙන බැඳීමක් ඇති කරගෙන කටු කන්න අවශ්‍ය නෑ කියලා හිතුනු නිසාත් මම ප්‍රීපේඩ් සම්බන්ධතාවයම පාවිච්චි කරනවා.

දැං මේ කරන්න යන්නේ මේ පැකේජ වල ගණං හිලවු සැසඳීමයි, මම වගේම කනෙක්ෂන් එකක් ගන්න ඉන්න කෙනෙකුට මේක ප්‍රයෝජනවත් වෙයි.

ඩයලොග් 5GB සම්බන්ධතාවයේ VAT සමග බිල රු 1900-2000/= අතර ගණනක් වෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් මෙගාබයිටයකට ශත 40ක් විතර. නමුත් වැඩිපුර භාවිතා කරන ඩේටා ප්‍රමාණයට අය නොකිරීම (ස්පීඩ් අඩු කිරීම පමණයි) වාසියක්.

මොබිටෙල් 8GB පැකේජය VAT සමග රු 1700/= පමණ වෙනවා. ඒ කියන්නේ මෙගාබයිටයකට ශත 20ක් විතර. අමතර භාවිතය සඳහා වෙනම ගෙවන්න ඕනේ.

මොබිටෙල් weekly delight සඳහා රු 100ට මෙගාබයිට් 200යි ලැබෙන්නේ. මෙගාබයිටයට ශත 50ක්! අම්මෝ හොඳටම වැඩියි!

එයාටෙල් අන්ලිමිටඩ් පැකේජයත් VAT සමග රු 2000ට ආසන්න ගණනක් වෙනවා. නමුත් මෙයත් ඩයලොග් 5GB සේම FUP එකක් සහිත බව ආරංචි වුනා. එයාටෙල් ස්ටෝරුවේ අය කියන්නේ ඔවුන් දැන් මේ පැකේජය සඳහා එතරම් ප්‍රමෝට් කිරීමක් නොකරන බව. පොරොන්දු වෙන සේවාව ලබාදීමට අමාරු නිසා වෙන්න ඇති.

එයාටෙල් ප්‍රීපේඩ් පාවිච්චි කරන්න කරන්න තියෙන්නේ රු 99/=ක රීලෝඩ් එකක් දැමීම පමණයි. ඒ සඳහා මෙගාබයිට 400ක ප්‍රමාණයක් ලැබෙනවා. මෙගාබයිටයකට ශත 25ක්. මීට අමතරව airtel-2-airtel ඇමතුම් කාලයක් (200mins) හා SMS සංඛ්‍යාවක් (1000) ලැබෙනවා.

ආරංචිය තියෙන්නේ එටිසලාට් ජාලයත් mobile broadband දෙන්න යනවා කියලා. බලමු ඔය කියන විදියට කෙරෙයිද කියලා.

මේ ලඟදි මගෙන් ෆේස්බුක් මිතුරෙක් අහනවා ඔහුට ගන්න හොඳ mobile broadband සම්බන්ධතාවය මොකක්ද කියලා. ඇත්තටම මේක තව කෙනෙක්ගෙ අත්දැකීම් අහලා තෝරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයේ කොලිටි එක තැනින් තැනට වෙනස් වෙනවා, ග්‍රහණය වන සංඥා ප්‍රබලත්වය හා ඒ කුළුණෙන්ම සේවය ලබාගන්නා තවත් කී දෙනෙක් සිටීද යන කරුණ මත. මේ නිසා තමන්ට මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක් ගන්න අදහසක් තියෙනවානම් හොඳම දේ වෙන අයගෙන් අහනවාට වඩා තමන් එය භාවිතා කරන්නට බලාපොරොත්තු වෙන ස්ථානයට HSDPA (නැතිනම් අඩුමගණනේ 3G) තියෙන දුරකථනයක් අරගෙන ගිහින්  නෙට්වර්ක් වල සිම් දමමින් සිග්නල් ලැබේදැයි පරීක්ෂා කිරීම. කරදරකාරී වැඩක් ලෙස පෙනුනත් මෙහෙම කලාම පසුතැවිලි ටිකක් අඩුකරගන්න පුලුවන් වෙයි.

සිරිපා කරුණාවේ චාරිකා සටහන්
ඔන්න ඉතින් පසුගිය සතියෙ මටත් සිරීපාදෙ කරුණා කරන්න අවස්ථාව උදා වුනා නෙව. මට මේක වැදගත් වුනේ ඒ මම සිරීපාදෙ ගිය පලමු වතාව නිසා, ඒ කිව්වෙ කෝඩුකාරයෙක් නිසා. විභාගෙටත් කලින් ඉඳන්ම අපි ප්ලෑන් කර කර හිටියේ කොහේ හරි ට්‍රිප් එකක් යන්න. කැම්පස් යාලුවොන්ගෙන් වෙන්වෙලා යන්න තව තියෙන්නෙ මාස 6ක් වගේ කාලයක් වීමත්, 3 වසරේ බැච් ට්‍රිප් එක තවමත් ගියේ නැති වීමත් ඊට හේතුවක්. කොහොමහරි විබාගේ අතරම අපේ කට්ටිය ට්‍රිප් එකක් සෙට් කරලා තිබ්බා. ඒ තමයි රත්නපුරේ ඉන්න අපේ මිතුරියක් වන නිෂාරාගෙ ගෙදර ගිහින් ශ්‍රීපාද වන්දනාවේ යන්න. ඔන්න ඉතිං විබාගෙ අතරම අපි ටික facebook එකේ මැසේජ් වලින් ට්‍රිප් එක ප්ලෑන් කලා. (ලොකුම කරදරේ උනේ ඒ මැසේජ් ත්‍රෙඩ් අතර දේශපාලනික විවාදත් යාම තමයි :D ) 5 වෙනිදා රත්නපුර යන්න තමයි තීරණය වුනේ.

සිංහල විකිපිඩියාවේ තියෙන ආකාරයට සමනල කන්ද මුදුනට යන්න පාරවල් 6ක් තියෙනවා. කොහොම උනත් මේ පාරවල් සියල්ල එකතු වෙලා කඳු මුදුනට ඇතුල් වෙන්නේ පාරවල් දෙකක් පමණයි. මේ පාරවල් 6න් ප්‍රසිද්ධම පාරවල් 3 තමයි නල්ලතන්නියෙන් ඇරඹෙන හැටන් මාර්ගය, එරත්නෙන් ඇරඹෙන කුරුවිට මාර්ගය හා පලාබද්දලින් ඇරඹෙන රත්නපුර මාර්ගය. මින් දිගම මාර්ගය කුරුවිට මාර්ගය වන අතර කෙටිම වෙන්නේ හැටන් මාර්ගය. අපේ සැලසුම වුනේ කුරුවිට මාර්ගයෙන් කන්ද නැගලා රත්නපුර මාර්ගයෙන් බහින්න.

පස්වෙනිදා උදෙන්ම මම ගෙදර ඉඳන් විශ්වවිද්‍යාලයට ගියා ට්‍රිප් එක යන්න. මෙන්න උදේ 9 විතර වෙනකොට එනවා හොඳ බඩේ අමාරුවක්! වැඩේ හොඳටම අබ්ලික් වෙන පාටක් තිබුනේ. කොහොමහරි අන්තිමේදී ෆාමසියෙන් බෙහෙතක් අරන් බිව්වා, පට පට ගාලා වැඩේ ගොඩ :P (බෙහෙතෙ නම Imodium, කොළ-අළු කැප්සියුලයක්. ඔන්න ඔබටත් මේ ආබාධය critical වෙලාවක ඇතිවුනොත් අත්දුටු බෙහෙත !) දවල් අපි 7 දෙනෙක් (මම, රවිමල්, සුප්පා, බමුණා, ඇලා, චින්තක, නදීර) විශ්වවිද්‍යාලයෙන් පිටත් වුනා රත්නපුරේට. රත්නපුරේට ලඟාවුනේ සවස 6ට විතර. මේ වෙනකොට අපේ ගයියා සහ ඔහුගේ නැගනිය, රවිමල්ගේ මල්ලී, සහ අපිව එක්කන් යන්න නිෂ් රත්නපුරේට ඇවිත් හිටියා. මදක් රෑ වෙලා තිබුනත් අපි මුලින්ම කලේ සමන් දේවාලයට යාම. ශ්‍රීපාද වන්දනාවේ යන්න කලින් සමන් දේවාලයට යාම සිරිතක් නිසා.

Trip ගියත් SBU promote කරන්නට අමතක කලේ නැත.

පසුදින උදේ අපි රත්නපුරේ ඉඳන් කුරුවිට ට ගියා. මෙතැන් සිට තවත් බස් එකක එරත්න වෙත යන්න ඕනේ. මේ මාර්ගය නම් ගන්න දෙයක් නෑ. අලි නාවන්න පුලුවන් සයිස් එකේ වලවල්. බස් එකේ ගියාට මොකද මට දැනුනේ බෝට්ටුවක මුහුදේ යනවා වගේ :P මග දිගටම පෝස්ටර් ඇලවී තිබුනා රජයෙන් පාර පිලිසකර නොකිරීමට විරුද්ධව. කෙසේ වෙතත් කුරුවිට පාර ඇරඹෙන තැන පාලමක් එහෙම ඉදිකෙරෙමින් පැවතීම පාර පිලිසකර කිරීම ඇරඹී ඇති බවට ලකුණක්.

කොහොමහරි උදේ 10 වෙනකොට එරත්නට ලඟාවුනු අපි උදේට කාලා සිරිපා කරුණාව ආරම්භ කලා. මග දිගට ඉතින් විශේෂ දෙයක් කියන්න නම් නෑ. කෙටියෙන් කිව්වොත් අපි හවස 5ට විතර තමයි සීත ගඟුල ලඟට ආවේ. එතනදි නාලා ‘දවල්ට’ කෑවා :D සීත ගඟුලෙන් එහා පැත්තේ කුඩා මඩුවක් වගේ එකක් ගහලා එතැන හාමුදුරු නමක් හිටියා. අපිට කිව්වා පන්සිල් දෙන්න එන්න කියලා. අපිත් ඉතින් ගියා. ඔන්න මුලින්ම පන්සල් ඒවායේ මූලික පරමාර්ථ වලින් එහා ගිහින් තියෙන විදිය ගැන ලොකු දේසනාවක් දුන්නා. ඒ කිව්ව දේවල් බොරුම නොවුනත් මම කල්පනා කලේ ඒවා කියලා මෙතනට ඇති පලේ මොකක්ද කියලා. ඒ නිසාම මට පොඩි සැකයකුත් ඇති උනා. උන්නාන්සේ කිව්වේ තමන්ට රාජකීය පණ්ඩිත විචිත්‍ර භාණක ආදී මෙකී නොකී ටයිටල් ඔක්කොම තියෙන බව. නමුත් ‘සරණාගමනං සම්පුණ්නං‘ පාඨය කිව්වට පස්සේ අපිට කියන්න කිව්වේ ‘අහං භන්තෙ‘ මිසක් ‘ආම භණ්තෙ‘ (එසේය ස්වාමීනි) කියලා නෙමෙයි. ඔතනදි ‘අහං භන්තෙ‘ (මම ස්වාමීනි) කියල කීමේ තේරුමක් නෑ නේද. රාජකීය පණ්ඩිත හාමුදුරු කෙනෙකුට කොහොමද ඒක වැරදුනේ කියලා මම කල්පනා කලා. මෙන්න පන්සිල් දීලා ඉවරවෙලා කියනවා කෙලින්ම ආධාරයක් කරන්නලු එයාගෙ පන්සලේ වැඩ වගේකට. දැන් ඉතින් කොටි වලිගෙ අල්ලගත්ත වගේ නිසා කරන්න දේකුත් නෑ. සල්ලි දුන්නාම කියනවා තව මාස දෙකතුනක් මෙහෙම පන්සිල් දීලා (ඒකෙන් අදහස් කරන්න ඇත්තේ තව කීයක් හරි එකතු කරගෙන කියන එක වෙන්න ඇති) එහාපැත්තෙන් බැහැලා ඇහැලියගොඩට යනවලු. ඒ නිසා ලඟදි ඔය පාරෙන් සිරීපාදේ යන අයට මේ කියන්නේ, ඔය චීවරධාරියාට අහු වෙන්න එපා. පන්සිල් ඕනෙ නෑ කියලා මාරුවෙලා එන්න.

අපි සෙට් එක

ඔය අතරේ කැලේ මැදදි ධාරාණිපාත වර්ෂාවකට මුහුන දෙන්න සිදුවුනා. ඇඳන් හිටිය ඇඳුම්, බෑග් හොඳටම තෙතබරි උනා. ඒවා ඇඳගෙන තමයි ඉතින් මුලු ගමනම ඉන්න උනේ. සපත්තු ඇතුලට වතුර ගියාම දැනෙන සනීපෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. ඒ මදිවට වැස්සත් එක්ක කූඩැල්ලෝ ඇවිස්සිලා අපේ ආතල් එක දෙගුණ තෙගුණ කලා. කොහොමත් අපේ කට්ටියම ලේ පයින්ට් දෙක තුනක් කූඩැල්ලන්ට පූජා කරන්න ඇති.

මුලින්ම අපි උඩමලුව දකිනකොට රෑ 8/9 විතර ඇති. එතැන ඉඳන් කෙලින්ම ගිහින් අවසානයේ අපි උඩමලුවට ලඟා වෙනකොට උදේ 2යි. ඒ කියන්නේ අපි පැය 14ක ගමනක් ඇවිත්, හැතැප්ම 16ක දුරක්. නරක නෑ නේද? කොහොමහරි උඩ මලුවේ විවේක අරගෙන උදේ ඉර සේවය බලන්න ගියත් එදා නැගෙනහිර ක්ෂිතිජය වලාකුලු බර වීම නිසා ඉර සේවය දකින්න ලැබුනෙ නෑ. ඉන්පසු අපි උඩමලුවට ගිහින් ශ්‍රී පාදය වන්දනා කලා. සෙනග නිසා ඉක්-ඉක්මනින් මිනිස්සු යවන්න ඕනෙ නිසා එතන හිටපු කපු මහතා කලබලෙන් අපේ ඔලු අල්ලලා ශ්‍රී පාද ලාංඡනයේ ගැහුව නිසා මට එතන තිබුනෙ මොනවද කියලවත් බලාගන්න වෙලාවක් ලැබුනෙ නෑ. ඔය කරුණු කාරණා ඉවරවෙලා අපි උදෑසන 9ට පමණ ආපසු එන්න පිටත් වුනා.

උඩමලුවට පෙනෙන ලක්ෂපාන ජලාශය

හිරු නැගෙන විට සමනල කන්දේ සෙවනැල්ල බටහිර අහසේ වැටී තිබූ අයුරු

ආපසු ආවේ පලාබද්දල මාර්ගයේ කියලා කලින් කිව්වනේ. එහිදී මුලින්ම හම්බවුනු  වැදගත් තැන තමයි ධර්මරාජ ගල. මේකේ කලුගලේ ගල් පඩි පේලියක් කොටා තියෙනවා. මෙතන තියෙන පඩි ගණන නිවැරදිව ගණන් කරන්න බැහැ කියලා කතාවකුත් තියෙනවා. ටිකක් දුර එනකොට හමුදා සෙබලුන් විසින් මේ පාරේ පඩිපෙලක් බඳිනවා. මේ කාර්යය සඳහා වැලි කොට්ට අදිමින් සිටියේ තරමක් ලාබාල පෙනුමැති තරුණ පිරිසක්. ටික දුරක් ගියාම අඳුනන කෙනෙක් හමු වුනාම තමයි මේ අය කවුද කියලා දැනගත්තේ. ඒ මොරටුව විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ අය. ඔවුන් එදා දිනයේ ශ්‍රමදානයක් ලෙස පහල සිට අර පඩිපෙල බැඳෙන ස්ථානයට වැලිකොට්ට කරමතින් ගෙන ගොස් උදව් දෙනවා. ඉතාමත්ම පැසසිය යුතු කාරණාවක්. මොරා ඩයල් අඳුරන එවුන් විස්සක් විතර හම්බුනා ඒ අතරදී. මම කලින් දැක නැති කෙනෙක් මගෙන් ඇහුවා ‘උඹ ඉන්ද්‍රනාම නේද?‘ කියලා. බැලින්නං අපේ තමීරගේ බෝඩිං සගයෙක්, සඳුන් රත්නායක :) බ්ලොග් එකෙන් තමයි අඳුරගෙන තියෙන්නේ. කොච්චර දෙයක්ද?

ඊලඟට හම්බුන වැදගත් තැනක් තමයි ලිහිණි හෙල. මෙතැනට මේ නම ලැබිලා තියෙන්නෙ ඈත අතීතයේදී ලිහිණි කියන නමින් යුත් කාන්තාවක් මෙතැනින් වැටී මියයාමෙන් පසුවයි. මෙතැනට ගිහින් ‘ලිහිණි අක්කේ අපි යනෝ‘ කියා කෑගැසූ විට ඇගේ අවතාරය පිලිතුරු දෙන බවත් ප්‍රචලිතයි. නමුත් සැබෑවටම වෙන්නේ හෙලේ විරුද්ධ පැත්තේ ඇති විශාල ගල් බිත්තියෙන් අපි කෑගසන දේ දෝංකාර දී නැවත ඇසීමයි. මෙතැනදී අපි නම් කතා කලේ ලිහිණි අක්කාට නෙමෙයි,’රොමේෂ් අයියා’ට, ඒ රු 50ක රිලෝඩ් එකක් ඉල්ලන්න :P

තුරු මුදුනක්

කොහොමින් හරි අවසානයේ හොඳටම කකුල් රිදීමත් සමග පලාබද්දලින් අපි එලියට එනකොට රෑ 7යි. ඒ කියන්නේ බහින්න පැය 10ක්! ඒ වෙනකොට පලාබද්දල සිට රත්නපුරට යන අවසාන බස් රථයත් පිටත්වෙලා. මොරටුවේ සොයුරන් කිහිපදෙනෙක්ම අපට ඔවුන්ගේ බස්රථයෙන් රත්නපුරයට යාමට ඉඩකඩ සලසා දෙන්න ඉදිරිපත් වුනත් ඔවුන් පිටත්ව යන විටත් අපේ නඩේ කිහිපදෙනෙක් පැමිණ නොසිටීම නිසා එය මගඇරුනා. අවසානයේ වාහනයක් කුලියට ගෙන එන්නයි සිදුවුනේ. ඒ වැඩේට නං ඒ ප්‍රදේශය එච්චර හොඳ තැනක් නෙමෙයි කියලයි අපිට හිතුනේ. සමන් දෙවියන්ගේ අඩවිය වුනාට මොකද මිනී කාක්කන්ද එහි අරක්ගෙන සිටින විත්තිය අපිට තේරුනේ වාහන වලට අයකරන අසාධාරණ ගණන් නිසාත් ‘ඇඟට එන්න’ දරන උත්සාහයත් නිසයි.

නැවතත් නිෂ්ගේ නිවසට එත්දී අපිට කෙලින් හිටගන්න පණ නෑ. ඇවිදගන්න කකුල් වාරු නෑ. කෑවයින් නොකෑවයින් අපි කෙලින්ම නින්දට වැටුනා. පසුවෙනිදා අපි ගෙවල් බලා එන්නට පිටත් වුනා. අනිත් මිතුරන් දවල් වෙද්දි ගෙවල් වල ගියාට මොකද දුරම හිටපු මම ගෙදර එනකොට රෑ 7යි ! ඒ වෙනකොට මගේ හොඳ පණ ගිහින් :’(

අමාරුවෙන් වුනත් අපි හොඳ ජොලියක් ගත්තා ඒ ගමනෙන්. වැඩිය ඡායාරූප ගන්න නම් බැරිඋනේ මගේ දුරකථනයේ බැටරිය පරිස්සම් කරගන්න සිදුවූ නිසා. රත්නපුරේ පැත්තෙන් යන පාරවල් දෙකම කැලෑව මැදින් වැටී ඇති දීර්ඝ පාරවල් නිසා ස්වභාව සෞන්දර්යය නරඹන කෙනෙකුට හොඳම මාර්ගය ඒවා තමයි. ඉතින් අපිට ගමන සංවිධානය කරලා ඒ ජොලිය ගන්න ඉඩ සලස්වපු නිෂ්ටයි ඇගේ ගෙදර අයටයි ස්තූති කරලම මේ චාරිකා සටහනට තිත තියනවා.