ඉන්ද්‍රනාම » මගේ වැඩ

තෙවසරක් ගතවී. . .
මේ බ්ලොග් කඩමාල්ල ඊයේට වසර 3ක් පැරණි ය. 2009 ජනවාරි 11 වෙනි දින පහන් සරත්චන්ද්‍ර ගේ මගපෙන්වීමෙන් මෙය ඇරඹුනේ “ඉන්ද්‍රනාමගේ සයිබර් සිතුවිලි“ යන නමින් blogspot.com හිදී ය. ඉන් පසු .com ඩොමේනයක්ද මිලදී ගනිමින් මෙය බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වෙත පැමිණියේය. ඉන් අනතුරුව මෙහි නම ද වෙනස් විය. අද ලිපිය ලිවීමේ අරමුණ අවුරුදු 3ක මගේ බ්ලොග් කෙරුවාව ගැන පම්පෝරි ගැසීම නොවේ. බ්ලොග් කලාවේ මා දුටු වෙනසත්, එදා මා හා එකට බ්ලොග් ලියූ, අද මා මෙන්ම බ්ලොග්කරණයෙන් සමුගෙන ඇති සහෘදයන් සිහිපත් කිරීමය.

2009 මා බ්ලොග් ලිවීම පටන් ගන්නා විට සිංහල බ්ලොග් තිබුනේ 200ක් පමණ යැයි මා මීට කලින් කිහිප වතාවක් කියා ඇත. එකල සින්ඩිකේටර තිබුනේ දෙකකි, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ එක හා කොත්තුවයි. එකල පාඨකයෝ තදින්ම සින්ඩිකේටර භාවිතයට ඇබ්බැහිව, එනම් බ්ලොග් කියවීම සදහා සින්ඩිකේටරම භාවිතයට පුරුදුව සිටියෝය. අද තත්වය බෙහෙවින් වෙනස් ව ඇත. ගත වූ අවුරුදු 3 ඇතුලත සක්‍රීයව ඇති සිංහල බ්ලොග් අඩවි සංඛ්‍යාව දහස ඉක්මවනු ඇතැයි සිතේ. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අභ්‍යන්තර ගැටුම්, ලාංකීය සිතුවිලි, ඉන් අනතුරුව හත්මාලුව වැනි නව සින්ඩිකේටර බිහිවීමේ ලා පුරෝගාමී වීය. අලුත් සින්ඩි බිහිවීමත් සමගම ඒ හා රොක් වූ පිරිස් මගින් බ්ලොග්කරණය වඩ වඩාත් ජනප්‍රිය විය. ක්‍රම ක්‍රමයෙන් බ්ලොග් අඩවි සංඛ්‍යාව වැඩි වීමත් සමගම සින්ඩිකේටරයකින් කියවීම මදක් වෙහෙසකාරී වූවාට සැක නැත. එහෙයින් දැන් බොහෝ දෙනා තමන්ට අවශ්‍ය බ්ලොග් අඩවි තමන්ගේ ගූග්ල් රීඩරයට එකතු කරගෙන කියවන ප්‍රවණතාවයක් ඇති බව පෙනේ. එමෙන්ම ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වූ facebook සමාජ ජාලය බ්ලොග් අඩවි වෙත පාඨකයන් රැස් කිරීමේ ලා මහත් සේවයක් ඉටු කිරීමට පටන් ගත් අතර වැඩි පිරිසක් facebook හි share වන බ්ලොග් ලිපි කියවීම, සින්ඩියක් හරහා කියවීමට වඩා සිරිතක් කොට ගත්හ.

සමස්තයක් ලෙස බ්ලොග් කලාව ගත් විට දියුණුවක් ලබා නැත්දෝ‘යි සිතේ. එකල තිබූ සුලු බ්ලොග් අඩවි සංඛ්‍යාවේ කියවීමට වැදගත් දේවල් පිරී තිබුනි. අද වන විට බ්ලොග් අඩවි සංඛ්‍යාවෙන් වැඩි වුවත් ඉන් වැඩි ප්‍රමාණයක් අන්තර්ගතයෙන් දුර්වල වී ඇතැයි සිතේ. මා බ්ලොග් ලිවීම ආරම්භ කල යුගයේ බ්ලොග් අවකාශයේ “ට්‍රෙන්ඩ්“ එක වී තිබුනේ තාක්ෂණික ලිපි ලිවීමයි. ඊට හේතුව වන්නට ඇත්තේ තාක්ෂණික මිනිසුන් විසින් සිංහල බ්ලොග්කරණය මුලින්ම ආරම්භ කිරීම වන්නට ඇත. ඉන් පසු ඇතිවූ නැඹුරුව වූයේ සාහිත්‍යයයි. පුවත්පතක හෝ වෙනයම් මාධ්‍යයක ඉඩ නොලැබෙන කෙටිකතා, කාව්‍ය ආදී සාහිත්‍යමය නිර්මාණ පූදින්නට බ්ලොග් අඩවි තෝතැන්නක් විය. මේ ට්‍රෙන්ඩ් එක අද දක්වාම නොනැසී පැවතියත්, වෙනත් නැඹුරුවක්ද ශීඝ්‍රයෙන් ඉස්මතු වනු පෙනේ. එනම් ආගිය කතා ලිවීමයි. මේවා තමන්ගේ අත්දැකීම්, මිතුරන්ගේ අත්දැකීම්, විහිලුතහලු, විනෝදයට මඩ ගැසීම් ආදී අනේක විධ ආකාර වේ. “අන් අයගේ ඕපදූප හා ආගිය විස්තර දැනගැනීමට මිනිසාගේ සහජ ආසාව නිසා මේ ට්‍රෙන්ඩ් එක ට්‍රෙන්ඩ් එකක් වී ඇතැ“යි පසුගිය සෙනසුරාදා බ්ලොග්කරුවන්ගේ හමුවේදී මේ ගැන මා හා සාකච්ඡා කල අයෙක් පැවසීය. එය සත්‍යයකැයි මම ද සිතමි. ආගිය කතා ලිපි හරසුන් යැයි කිසිවිටෙක නොකියමි. බොහෝ ඒවායින් ගන්නට යමක්, ඉගෙනගන්නට ආදර්ශයක්, තම ජීවිතයට එකතු කරගන්නට අත්දැකීමක් ඇත. කලින් තාක්ෂණික ලිපි ලියූ මම ද ක්‍රම ක්‍රමයෙන් මේ ට්‍රෙන්ඩ් එක වෙත යොමුවෙනු මට ම නිරීක්ෂණය කල හැකිය.

මා බ්ලොග්කරණය ඇරඹි සමයේ මා හා එකට බ්ලොග් ලියූ සහෘදයන් රැසක් සිහිපත් කිරීමට තිබේ. කණගාටුවකට මෙන් මේ සියල්ලෝම පාහේ දැන් එක්කො ලිවීම අතහැර දමාය, නැතහොත් ඉදහිට පමණක් ලියති. මා බ්ලොග්කරණයට ආධුනික වූ සමයේ බ්ලොග්කරණය සදහා සියලු තාක්ෂණික ආධාර ලබාගත්තේ පහන්ගෙනුත්, ශාකුන්තලගෙනුත්, චමිලගෙනුත්ය. උන් තුන් දෙනාට මම චැටය හරහා අනන්ත වාර ගණනක් ඇණේ වී ඇත්තෙමි. මලින්තලා, සුදාරකලා, කාලිංගලා, බුධාජීවලා, ගයාන් තාරකලා, ගයාන් කල්හාරලා, තමීරලා, ධනිකලා, ගයන්තලා, කනියලා, කනිරොක්ස්ලා, ඩීප්ස්ලා, බින්කුලා, හර්ෂණලා, මනුෂාන්ලා, තිළිණ බුවාලා සමග චැට් කරමින් වල්පල් දොඩවමින් වචන ලක්ෂ ගණනක් ටයිප් කරන්නට ඇත. මේ එකෙක්වත් අද හරියට බ්ලොග් නොලියති. එකල මේ හැම දෙනාටම නිදහස් වේලාව තිබුනත් අද මා මෙන්ම ඔවුන් සියලු දෙනාම පාහේ රැකියා සමග කාර්යබහුලව සිටිති.

මාගේ බ්ලොග්කරණයේ මේ තෙවැනි වසර තුල මා තරමක් දුරට idle වී සිටියේයැ‘යි කිවහොත් නිවැරදි යැයි සිතමි. මුල්තැන රැකියාවට දුන් නිසා නිතර ලිපි ලිවීමට අවකාශයක් ලැබුනේද නැත. කිසිදු සින්ඩියක් පැත්තේ පස් පෑගූ කලක් මතක නැති අතර මා බ්ලොග් කියවන්නේ ගූග්ල් රීඩරයට දන්නා කියන බ්ලොග් අඩවි ටික එකතු කරගෙනය. එහෙයින් කමෙන්ට් දැමීමක් හෝ සිදු නොකෙරුණි. එහෙත් මේ idle ව සිටි සමය තුල නූතන බ්ලොග්කරණය හා බ්ලොග් අවකාශයේ හැසිරීම ගැන මම යම් දෙයක් ඉගෙනගත්තායැ‘යි සිතමි. එය අනාගතයට වැදගත් විය හැකිය. එම කාලය තුල මා උගත් වැදගත්ම පාඩම වූයේ බ්ලොග් අවකාශය තුල aggressive වීම තරම් තවත් මෝඩකමක් නැති බවත්, කිසිදු දෙයක් දණෙන් ඉහලට ගැනීම නොමනා බවත්ය. වරෙක මේ බ්ලොග් අඩවිය වසා දමන්නටද සිතුනි. නොලියන බ්ලොගයක් තියාගෙන ඉදීමේ අර්ථයක් නොමැති නිසාවෙනි. එහෙත් මට මගේ රැකියාව ලැබුනේ මේ බ්ලොගය නිසා, මේ හරහා ලබාගත් වර්ඩ්ප්‍රෙස් සම්බන්ධ දැනුම නිසාය. එය සිහිවන විට මෙය අත්හැර දමන්නට සිත් නොදේ.

අවසන් වශයෙන් සිංහල බ්ලොග්කරණය දැන් ලබාගෙන ඇති එක් දියුණුවක් කෙරෙහි උදක්ම සතුටු වෙමි. එනම් බ්ලොග් හරහා ඇතිවූ මිතුරුදම් බ්ලොග් අවකාශයයෙන් පිටතට පැමිණීමයි. එකල බ්ලොග්කරුවන්ගේ සම්බන්ධතා සියල්ල තිබුනේ අන්තර්ජාලය හරහාම පමණි. නමුත් දැන් ලෝකය බෙහෙවින් කුඩා වී ඇත. බ්ලොග්කරුවන් බොහොමයක් සැබෑ ලෝකයේදී අන්‍යොන්‍ය සම්බන්ධයට මුල්තැන දී ඇත. එබදු සම්බන්ධකම් හරහා බ්ලොග්කරුවන් අතින් සංවිධානය වූ වැදගත් කර්තව්‍යයන් රාශියකි.

අර්ථයක් නැති මෙම ලිපිය තව තවත් දීර්ඝ වනු වැලැක්වීම්වස් මෙතෙකින් නවතනු යෙහෙකි. එහෙයින් ඔබ සැමට ජය පතා නිහඩවෙමි.

මගේ 2011 වසර ගැන සමාලෝචනයක්
2011 වසර ගෙවිලා අහවර උන වෙලාවේ ඒ ගැන පොඩි සමාලෝචනයක් කලොත් හොඳයි කියලා හිතුනු නිසා හදිසියේම මේ ලිපිය ලියන්න කල්පනා කලා.

2011 වසර පටන් ගත්තේ මගේ කැමරා පිස්සුව තද වෙලා. දැන් රස්සාවක් කරලා තමන්ටම කියලා කීයක්හරි හම්බුකරගන්න නිසා කැමරාවක් ගැනීමේ අවශ්‍යතාව තදින්ම දැනුනා. DSLR හීනේ වගේ පෙනුනත් එච්චර හරියක් කරන්න අමාරු බව තේරිලයි තිබුනේ. මේ නිසා ටිකක් හොඳ point and shoot එකක් ගන්නවා කියලා හිතාගෙන ඉන්නකොට තාත්තා කිව්වා ගන්න එකේ DSLR එකක්ම ගන්න කියලා. නමුත් එකවර ලක්ෂයක් විතර වියදං කරන්න නං හැකියාවක් තිබුනෙ නැහැ. ඔහොම ඉන්නකොට මගේ පැරණි බොස් කිව්වා තමන්ගෙ DSLR එක විකුණන්න කැමති බවත්, මුදල් කොටස් වශයෙන් ගෙවිය හැකි බවත්. ඉතිං මීට වඩා හොඳ වාසනාවක් තවත් ලැබෙන්නෙ නැති නිසා දෙන්නෙක්ගෙන් ලෝන් ගහලා වටිනාකමින් බාගයක් පමණ මුලින් ගෙවලා කැමරාව මිලදී ගත්තා. ඔන්න ඔහොම තමයි මම Pentax K20D වර්ගයේ කැමරාවක සහ Pentax FA 50mm කාචයක හිමිකරුවෙක් උනේ.

කැමරාව අතට ගෙන දවස් දෙකතුනකින් ශ්‍රීපාද වන්දනාවේ යන්නයි හිටියේ. මොකද ගිය අවුරුද්දේ හා හාපුරා කියලා ගියාට පස්සේ මම හිතාගත්තා ලංකාවේ හිටියොත්, පුලුවන් හැම අවුරුද්දෙම යනවා කියලා. නමුත් පෙබරවාරි මාසයේ පටන්ගත් වැසි කාළගුණය ඒ ගමනට හරස් උනා. ඒ නිසා 2011 දි ඒ ගමන යන්න බැරිඋනා. නමුත් කොහොමහරි මේ වසරේ ඒ අරමුණ ඉටුකරගන්නයි කල්පනාව.

ඉස්සර මට ට්‍රිප් වගේ දේවල් බොහොම අඩුවෙන් සෙට් උනේ. ඉස්කෝලෙ යන කාලෙ නම් අතේ ඇඟිලි ගානෙන් මනින්න පුලුවන් ට්‍රිප් ප්‍රමාණයක් කියතෑකි ගියේ. (ඒත් පොඩි කාලේ අපි පොලොන්නරුවේ ඉන්නකොට නං මම ඒ පැත්තේ නොගියපු තැනක් නැහැ.) ඒත් මේ කැමරාව මට චාරිකා යෝගයක් උදා කලා කිව්වොත් තමා හරි. 2011 අවුරුද්ද ඇතුලත මම සෑහෙන්න ට්‍රිප්, චාරිකා ගොඩක් ගියා. ෆේස්බුක් එකේ මගේ යාලුවො නං පින්තූර ඇල්බම් දැකලා ඇති.

2011 අප්‍රේල් මාසේ පැවැත්වුනු අවුරුදු උත්සවයෙදි බ්ලොග් ලියන සෑහෙන්න පිරිසක් දැන අඳුරගන්න පුලුවන් උනා. ඒ අය ඊට පස්සේ එකතුවෙලා ගිය ට්‍රිප් එකට නං යන්න බැරිඋනා හදිසියේ වැටුනු වැඩක් නිසා.

ඔහොම යනකොට අගෝස්තු මාසෙ දවසක මට හදිසියෙ ආරාධනාවක් ලැබුනා කඩුගන්නාවෙ ඉඳන් ඉහල කෝට්ටේ දක්වා රේල්පාරේ පයින් යන්න චාරිකාවකට එක්වෙන්න කියලා. ඒ ගමන ගියා විතරක් නෙමෙයි ඒක අවසන් උනේ මමත් දුම්රිය ලෝලියෙක්, railway enthusiast කෙනෙක් බවට පත්වෙලා. ඒ ඉඳන් දෙසැම්බර් 31 දක්වා මාස හතරක කාලය තුල දුම්රිය පාරේ සිරි නරඹන්න, පින්තූර ගන්න ගමන් 5ක් 6ක් විතර යන්න පුලුවන් උනා. ඒ සියල්ලම සඳහා ගෙහාන් චන්දිකට ස්තූතිවන්ත වෙන්න ඕනේ.

රැකියාව ගැන කිව්වොත් අපේ සමාගමත් මේ වසර තුල ශීඝ්‍ර වර්ධනයකට පත්වුනා කියන්න පුලුවන්. රැකියාව තුලින් මට ස්ථාවරත්වයක් ගොඩනගාගන්න පුලුවන් උනා කියලා  හිතනවා. මිතුරු මිතුරියන් ගැන කිව්වොත් මගේ හොඳම මිත්‍රයා පසුගිය වසරේදී පියෙක් බවට පත්වුනා. තවත් මිතුරියක් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.  විශ්වවිද්‍යාලයේ මිතුරු මිතුරියන් ජෝඩු දෙකක් වසර හතරක් පෙම්වතුන් වෙලා ඉඳලා වෙන්වුනා. විශ්වවිද්‍යාලයේ මිතුරියක් විවාහ උනා. පුද්ගලික ජීවිතේ ගැන කිව්වොත්, නංගී වෛද්‍ය පීඨයට ඇතුලුවුනා, මගේ වෙන්ට-හාමිනේට සම්පත් බැංකුවේ රැකියාවක් ලැබුනා. මම විශ්වවිද්‍යාල කාලයේ හිටියාට වඩා මහත් උනා.

ඔන්න ඔය විදියට 2011 වසර සාරාංශ කරන්න පුලුවනි. පොදුවේ ගත්තොත් 2011 කියන්නේ මට “චාරිකා වසරක්“. (2012ත් ඒ වගේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඉතිං බඳින්න කලින් ගහන රස්තියාදු ටික ගහගන්න එපායැ. බැන්දට පස්සේ ඔහොම හිතූ හිතූ වෙලාවට ට්‍රිප් යතෑකියැ) ඒ වගේම 2011 වසර  මට සාමාන්‍යයෙන් හොඳයි කියලා හිතෙනවා. 2012 ත් ඒ වගේම වෙන්නයි කියලයි ප්‍රාර්ථනාව, මොකද ජීවිතේ වැදගත් සිදුවීම් වෙන්න ඉඩකඩ තියෙන නිසා :) සෑහෙන්න අලුත් මිතුරු මිතුරියන් රැසක් ඇතිකරගන්නත් 2011දි මට ඉඩකඩ ලැබුනා.

ලිපිය අවසාන කරන ගමන් මේ 2012 වසරේදී ඔබ සැමට ඔබගේ බලාපොරොත්තු ඉටුකරගන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

2011 පෙබරවාරි - ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

2011 අප්‍රේල් - සයිබර් මිතුරන්ගේ අවුරුදු උත්සවය

2011 අප්‍රේල් - පවුලේ අය සමග කතරගමට

2011 ජුලි - විශ්වවිද්‍යාල මිතුරන් සමග සීගිරියට

2011 අගෝස්තු - පවුලේ අය සමග නුවරට

2011 සැප්තැම්බර් - කඩුගන්නාවේ සිට ඉහලකෝට්ටේට රේල්පාර දිගේ

2011 ඔක්තෝබර් - පට්ටිපොල සිට ඉදල්ගස්හින්න, ඇල්ල සිට දෙමෝදර, බදුල්ල දුම්රිය මාර්ගය දිගේ

2011 ඔක්තෝබර් - කාර්යාලීය සගයන් සමග නුවරඑළියට

2011 දෙසැම්බර් - ග්‍රේට් වෙස්ටර්න් සිට තලවාකැලේ රේල්පාර දිගේ

2011 දෙසැම්බර් - ඉඟුරු ඔය සිට ගලබොඩ රේල් පාර දිගේ

තවත් පින්තූර කිහිපයක් දැකගන්න, මගේ Flickr ඇල්බමයත් බැලුවොත් නරකද?

එකකට එකක් සම්බන්ධ ජාලය
උදේ පාන්දර බුකියට ගොඩවූ කල්හි යමෙක් Hangover චිත්‍රපටියේ Flo-Rida සමග Kesha ගයන Right Round ගීතය ගැන යමක් පලකර තිබුනි. ඒ දුටු මට මතක් වූයේ ලඟදී නිකුත් වූ එම චිත්‍රපටියේ දෙවැනි කොටස (Hangover Part II) සඳහාද ගීත නිර්මාණය වී ඇතුවා විය හැකි බැවින් ඒ පිලිබඳව සොයාබලා ගීත ඩවුන්ලෝඩ් කල යුතු බවකි. ඒ සඳහා මා මුලින්ම ගියේ Hangover Part II සඳහා වූ විකිපීඩියා පිටුවටයි. එහි soundtrack යටතේ මෙම චිත්‍රපටය සඳහාද Flo-Rida ගැයූ Turn Around (5, 4, 3, 2, 1) ගීතය ඇස ගැටුනි. මා ඊලඟට ගියේ ඒ සම්බන්ධයෙන් වූ විකිපීඩියා පිටුවටයි. Turn Around (5, 4, 3, 2, 1) යනු Flo-Rida ගේ පැරණි ගීතයක් බවත්, Hangover 2 චිත්‍රපටය වෙනුවෙන් ඔහු Pitbull සමග Turn Around, Part 2 යනුවෙන් ගීතයක් නිර්මාණය කරඇති බවත් මට ඉන් දැනගතහැකිවිය.

මීලඟට මා කලේ සුපුරුදු පරිදි mediafire.com අඩවියෙන් මෙම ගීතය සොයා ඩවුන්ලෝඩ් කරගැනීමයි. ගීතයට සවන්දෙන විට එහි කියැවුනු “MC” කියන වචනය පිලිබඳ මගේ අවධානය යොමුවූයේ එය බොහෝ hiphop හා RnB ගීතවල අඩංගු වීම නිසාය. විකිපිඩියා හි එය සොයාබැලීමෙන් MC යනු Master of Ceremonies යන්නට කෙටි වදනක් බව දැනගත හැකිවිය. එම ලිපිය තවදුරටත් කියවා බැලීමේදී සාම්ප්‍රදායික රාජාණ්ඩු පවතින රටවල් වල ඔටුනු පැලඳවීම වැනි රාජකීය උත්සව පෙලගැස්වීම සඳහා Master of the Ceremonies යනුවෙන් විශේෂ නිලධාරියෙකු සිටි වග දැනගත හැකි විය. එම ලිපියේ තිබුනු ඔටුනු පැලඳවීම හෙවත් coronation යන වදන ක්ලික් කිරීමෙන් මට ඒ සම්බන්ධ විකි පිටුවට යාමට හැකි විය. ඔටුනු පැලඳවීමේ උත්සවය සම්බන්ධයෙන් යම් දෙයක් ඉගෙනගත් මා එම පිටුවේ අග කොටසේ දුටුවේ විවිධ මහාද්වීප වල ඔටුනු පැලඳවීම් ගැන වෙනස් ලිපි තිබෙන බවයි. රාජාණ්ඩු පාලන බොහොමයක් තිබූ යුරෝපයේ ඔටුනු පැලඳවීම් ගැන සොයාබලන්නට සිතූ මා ඊලඟට ක්ලික් කරේ යුරෝපීය රජපවුල් වල ඔටුනු පැලඳවීම් ගැන එම පිටුවේ තිබූ ලින්ක් එකයි. එමගින් මට Coronations in Europe පිටුවට යා හැකි විය.

එම පිටුවේ තිබූ විස්තර වලටත් වඩා මා සිත් ගත්තේ පිටුවේ ඉහලින්ම තිබු රුසියාවේ දෙවැනි නිකොලායි සාර් රජුගේ ඔටුනු පැලඳවීම පිලිබඳ සිතුවමටයි. එම සිතුවමේ ටයිටලයේ තිබූ ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් මට දෙවැනි නිකොලායි සාර් රජු සම්බන්ධ විකි පිටුවට යා හැකි විය. සාර් රජු සම්බන්ධයෙන් සාමාන්‍ය දැනීමක් මට එම ලිපිය තුලින් ලබාගත හැකි විය. රුසියානු විප්ලවයෙන්  අනතුරුව සිහසුනෙන් පහ කරනු ලැබූ සාර් රජු හා පවුල (මෙහෙසිය, දියණියන් සිව් දෙනා හා පුත්‍රයා) මධ්‍යම රුසියාවේ නගරයක නිවාස අඩස්සියේ තැබූ බවත් පසුව 1918 දී විප්ලවවාදීන් විසින් සාර් රජපවුල කුරිරු ලෙස ඝාතනය කරනු ලැබූ බවත් මා ඉගෙනගතිමි. ඉන්පසු මා ගියේ සාර්ගේ පුත්‍රයා වූ ඇලෙක්සෙයි කුමරු සම්බන්ධ පිටුවටයි. රුසියානු බස අනුව මීලඟට සාර් වීමට සිටින යන අර්ථයෙන් හේ සාරෙවිච් යනුවෙන් හැඳින්වෙන බවත්,  හේ රුධිරය කැටිගැසීම ප්‍රමාද වීමේ රෝගයෙන් පෙලුනු බවත්, රස්පුටින් සාර් රජපවුලට සම්බන්ධ වන්නේ කුමරා සුවකිරීමට ඔහුට හැකිවීමෙන් පසුව බවත් මා ඉගෙනගතිමි.

ඇලෙක්සෙයි කුමරු රුධිරය කැටිගැසීම ප්‍රමාද වීමේ රෝගයෙන්, එනම් හිමොෆිලියාවෙන් පෙලීමට හේතුව ඔහු මව් පාර්ශ්වයෙන් බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනට නෑදෑකම් කීම බවත් මා ඉගෙනගතිමි. වික්ටෝරියා රැජිනගෙන් ආරම්භවූ මෙය යුරෝපයේ බොහොමයක් රජපවුල් වෙත පැතිරී ගොස් ඇත. ඊට හේතුව යුරෝපයේ රජපවුල් බොහොමයක් විවාහයන් නිසා ඥාතීන් බවට පත්ව තිබීමයි.

ඉන්පසු මා කියැවූයේ ඇලෙක්සෙයි කුමරාගේ සොයුරියන් දෙදෙනෙකු වූ මාරියා කුමරියත්, ඇනස්ටාසියා කුමරියත් සම්බන්ධ විකිපිඩියා පිටු ය. ඔවුන්ට යොවුන් වියේදීම (පිලිවෙලින් අවු 19දී හා අවු 17දී) තමන් නොකල වරදකට ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවූ ඉවත්, හිසට වෙඩිතබා බයිනෙත්තු වලින් ඇන සිය පවුල සමගම මරාදමන ලද බවත්, නාඳුනන සොහොනක වැලලීමට ප්‍රථම තුවක්කු බඳින් ගසා මුහුණු විරූපී කරන ලද බවත් ඉගෙනගත්තෙමි. 1979 දී සොයාගනු ලැබූ නාඳුනන මළසිරුරු ශේෂයන් පිරික්සීමේදී එය සාර් රජපවුලේ සාමාජිකයන් බව හඳුනාගනු ලැබූ බවත්, එහෙත් එහි ඔටුන්නහිමි ඇලෙක්සෙයි කුමරාගේ හා මාරියා කුමරියගේ සිරුරු නොතිබූ බවත්, ඔවුන් දෙදෙනාගේ සිරුරු කොටස් වෙනත් ස්ථානයකදී සොයාගන්නේ 2007දී බවත්, ඔවුන් දෙදෙනාගේ සිරුරු පමණක් වෙනත් ස්ථානයකට ගියේ මන්ද යන්න අබිරහසක් බවත් මා උගත්තෙමි. එමෙන්ම මාරියා හා ඇනස්ටාසියා නොමළ බවත් ඔවුන්ගේ පසුකාලීන ජීවිතය සම්බන්ධ ප්‍රවාද රැසක් ඇති බවත් උගත්තෙමි.

අන්තර්ජාලයේ එක් ප්‍රධාන සංකල්පයක් වන Navigation මගින් සින්දුවකින් පටන් ගෙන අන්තිමේ ලෝක ඉතිහාසයේ එක් වැදගත් සිදුවීමක් දක්වා ගමනක් ගියේ මෙන්න මෙහෙමයි. ලෝක ව්‍යාප්ත ජාලයේ (world wide web) විස්මය මේක තමයි. මුලු අන්තර්ජාලයම එකකට එකක් සම්බන්ධයි. ඒ වගේම ලබාගන්න පුලුවන් තොරතුරු වල නිමක් නැහැ. තමන් ආස දෙයක් නම් දිගින් දිගට හාරාඅවුස්සන්න පුලුවන්. මෙය කියවන ඔබ ඇතැමෙකුට සාර් ගේ විස්තර වලින් වැඩක් නැති උනත් ලෝක ඉතිහාසයේ සිදුවීම් ආසාවෙන් කියවන මට එය රසවත්. අන්තර්ජාලය නොතිබුනානම් කෙනෙකුට මා මෙසේ පැයකින් දැනගත් කරුණු ටික කිසිදාක එකවර දැනගැනීමට නොහැකි වෙනවා විතරක් නෙමෙයි, මේ ටික පුස්තකාලයක තිබුනානම් පොත්වලින් සොයාබලා කියවීමට දින ගණනාවක් ගතවේවි. ඒ වගේම සීමා බාධක වැටකඩුලු දාලා තොරතුරු නවත්තන්න බැරි බවත් අවසානයේ මතක් කර දෙන්න ඕන.

බුකි ඉතිහාසය
හදිසියෙම මේක ලියන්න මතක් උනේ අද ෆේස්බුක් එකේ දැක්ක Question එකක් නිසා. E-Fm එකේ පේජ් එකෙන් අහලා තිබ්බා තමන් බුකියට ජොයින් උනේ කොයි අවුරුද්දෙද කියලා. මම ජොයින් උනේ 2007 දි. ඒ කියන්නෙ මගේ බුකි කෙරුවාවට දැන් අවුරුදු 4ක් වෙනවා. ඕක දැක්කාම මගේ බුකි ඉතිහාසය මතක් උන නිසා මේක ලියන්න හිතුවා.

මම වැඩියෙන්ම අන්තර්ජාලය ඇසුරු කරන්න ගත්තේ 2005දි ඒලෙවල් කරද්දි. ටියුෂන් පංති ඉවරවෙලා කෙලින්ම දුවන්නෙ කැෆේ වලට තමා. ඔය කාලෙ සෝෂල් නෙට්වර්ක් කියලා මුලින්ම සෙට් උනේ Tagged එකටයි, Hi5 එකටයි තමා. MySpace එකටත් සෙට් උනත් මට ඒක වැඩිය ඇල්ලුවෙ නෑ. ඔය කාලෙ සෝෂල් නෙට්වර්ක් එකකට ජොයින් උනා කියලා කරන්න වැඩකුත් නැතිතරම්. ඒවයෙ යාලුවො නැති ගාණයි. මොකද 2005දිත් ගාල්ලෙ ගෙදරම ඉන්ටර්නෙට් තිබුනෙ බොහොම අතලොස්සකට. ADSL තිබුණදත් මංදා ඒ කාලෙ. අනික සෝෂල් නෙට්වර්ක් වලට පොටෝ අප්ලෝඩ් කරන්න කියල පොටෝ ත් නෑ. පොටෝ ගන්න ඩිජිටල් කැමරාවත්, කැමරාෆෝන් වත් තිබ්බෙ නෑ ඒ කාලෙ මට. කොහොමහරි Tagged එකේදි මට තායි ජාතික ගෑණුලමයෙක් මුනගැහුනා. පැය 24ම ඔන්ලයින් හිටපු එයා එක්ක චැට් කරන එක තමා ඒ කාලෙ කලේ.

ඔහොම ඔහොම 2007 දි කැම්පස් එකටත් ආවට පස්සෙ මම කැම්පස් එකේ ලැබ් එකේදි Tagged යනවා බලං හිටපු මගේ මිත්‍රයෙක් වෙච්චි සෑම් අකුරුගොඩ මට කිව්වා “මචං, facebook කියලත් එකක් තියෙනවා, සෙට් වෙලා බලපං” කියලා. බුවා මට ලින්ක් එකත් එවලා එකවුන්ට් එකක් හදාගන්නත් උදවු කලා. ඉතිං සෑම් තමා මගේ බුකියේ මුල්ම friend උනේ. මේ කාලෙ අපේ බැච් එකේ උන්ගෙන් ඕනෙ නං 20කට ෆේස්බුක් එකවුන්ට් තියෙන්න ඇති. කොහොමහරි මට ඉක්මනට ෆේස්බුක් අල්ලලා ගියා. මට විතරක් නෙමෙයි, මට පස්සෙ ෆේස්බුක් එකට සෙට් වෙච්ච අපේ බැචාලා හැමෝටම වගේ ඒක අල්ලලා ගියා.

බුකිය අන්තිමේ මොන තරං ජනප්‍රිය ද කියලා මට තේරුනේ මෙහෙමයි. අන්තිම සෙමෙස්ටරේ ලෙක්චර් එකකදි මමයි ගයියයි පස්සෙ පේලියෙ ඉඳන් (ඔවු, අපි ලෙක්චර් වලට ගියාට පාඩම අහං හිටපු එකක්යැ) නිකමට බැලුවා මෙතනින් කාටද බුකියෙ එකවුන්ට් එකක් නැත්තේ කියලා. අපේ දර්ශන පථයට පෙනුනු 200ක් විතර සෙනග අතරින් බුකියෙ නොහිටියේ 10ක් විතර ගාණක් තමා :D

රහස් ප්‍රශ්නයේ රහස්‍ය බව හා හැක් කිරීම
මම gmail ලිපිනය හදාගත්තේ 2006 වසරෙදි විතර. ඒ කාලෙ gmail ගිනුමක් ලබාගන්න නං දැනට තියෙන කෙනෙක්ගෙන් invitation එකක් ඕනෙ. ඉතිං මේ විදියට ආරාධනාවක් ලැබෙන්න කලින් මම පාවිච්චි කලේ Yahoo ලිපිනයක්. gmail එක ලබාගත්තට පස්සේ යාහූ ලිපිනය භාවිතා කිරීම අඩු වෙලා ගිහින් අන්තිමේ නැත්තටම නැති වුනු ගානයි.

මේ ලඟදි මම යාහූ එකට යන්න හදනකොට පාස්වර්ඩ් එක මතක නෑ. ඉතිං මම පාස්වර්ඩ් රිසෙට් කරන්න ගියාම එතැන තියෙනවා ඔප්ෂන් දෙකක්. මගේ alternative email address එක හරහා රිසෙට් කරගැනීම සහ secret question දෙකට උත්තර දීම. ඔතනින් පළමුවෙනි ක්‍රමය මට ලේසි නිසා මම ඒ විදියෙන් ගිහින් පාස්වර්ඩ් එක රිසෙට් කරගත්තා.

මම මෙතනදි දැක්ක දෙයක් තමා මගේ alternative email address එක (gmail ඇඩ්‍රස් එක) කාටත් පෙනෙන පරිදි තිබීම. (යාහූ ප්‍රොෆයිල් එකට ගූග්ල් ලිපිනයත් සම්බන්ධ කරගැනීමේ පහසුකමක් හෙම තියෙන නිසා ඒක වෙන්න ඇති කියලා මට පස්සේ හිතුනා) මෙහෙම පෙනෙන්නට තිබීම හොඳ මදි නේද කියලත් මම කල්පනා කලා ඒ වෙලාවේ.

කොහොමහරි අද උදේ ඔෆිස් එකේ වැඩ වගයක් කරන අතරෙ මට ඔය සිද්ධිය මතක් වුනා. ඒ එක්කම නරක සිතුවිල්ලකුත් පහල උනා. ඒ තමා කාගෙහරි යාහූ එකවුන්ට් එකකට ගිහින් alternative email address එක බලාගන්න. මුලින්ම ඔලුවට ආවේ මගේ හොඳ මිතුරියකගේ ඊමේල් ලිපිනයක්. ඉතිං මම ඔන්න password reset කිරීමේ පිටුවට ගියා.

නමුත් මේකෙදි මම බලාපොරොත්තු වූ පරිදි alternative email address එක පෙනෙන්නට තිබුනේ නෑ. එය අපට ටයිප් කරන්නටයි ඉඩ ලබාදී තිබුනේ. ඊට යටින් තියෙනවානෙ secret question වලට පිලිතුරු දීමේ කොටස. ඔන්න ඕක දැක්කාම ආපහු වතාවක් නපුරු සිතුවිලි පහල වෙලා ඒ පැත්තෙ නිකමට යන්න හිතුනා :D

පලමුවෙනි ප්‍රශ්නේ තිබුනේ “ඔබේ ප්‍රියතම සුරතලාගේ නම කුමක්ද?” කියලා ප්‍රශ්නයක්. මම ඉතිං දන්න එකක්යැ ඕකට උත්තරේ. මම එවෙලේ හිතට ආපු බල්ලෙක්ගේ නමක් ගහලා ඊලඟ ප්‍රශ්නෙට ගියා. ඒ ප්‍රශ්නෙ තමා “ඔබ කැමතිම නලුවාගේ දෙවැනි නම කුමක්ද?” කියලා. මෙන්න මෙතැනදි වාසිය මගේ පැත්තට තිබුනා. මොකද මම දන්නවා මගේ මිතුරිය පිස්සුවෙන් වගේ කැමති නලුවා කවුද කියලා. ඒ නම ගහලා එන්ටර් කරපු ගමන් මට යන්න පුලුවන් උනා අලුත් පාස්වර්ඩ් ලබාදෙන පිටුවට!

ඔන්න ඔහොමයි යාහූ මේල් ලිපිනය හැක් කලේ. නමුත් මේ වෙලාවෙම ඒ මිතුරියට කෝල් එකක් අරගෙන මම මෙහෙම වැඩක් කරපු බවත්, මම මේල් නොකියවූ බවත් කියලා, ඊමේල් ගිනුමේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතු බවත් පවසන්න මම අමතක කලේ නෑ. හොඳ වෙලාවට මේ ඊමේල් ගිනුම මගේ මිතුරිය අවුරුද්දකට පමණ කලින් භාවිතය අතහැර දැමූවක් කියා ඇය කීවා. කෙසේ වෙතත් අර පළමු ප්‍රශ්නයට ලබාදුන් පිලිතුර හරිද වැරදිද කියන්න ඇයටත් මතකයක් නැහැ. මගේ අනුමානය එහිදී වාසනාවකට හරිගිහින් ඇති බව පෙනුනා. දෙවැනි ප්‍රශ්නයට මම දීපු පිලිතුර නිවැරදියි.

හොඳයි. දැන් මෙතැන ප්‍රශ්නය, ඔබේ “රහස් ප්‍රශ්න” කෙතරම් දුරට රහස්‍ය ද කියන එක.

සාමාන්‍යයෙන් ඊමේල් සේවා වලින් මෙවැනි common secret questions කීපයක් ලබාදෙන අතර, අපිට ප්‍රශ්න නිර්මාණය කිරීමටද ඉඩ ලබා දෙනවා. මෙතැනදී සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ කිසිවිටෙක ඔවුන් ලබාදෙන රහස් ප්‍රශ්න භාවිතා නොකල යුතු බවයි. මොකද ඔබ ගැන හොඳින් දන්න මිතුරෙකුට, නෑදෑයෙකුට ඒ ප්‍රශ්න වලට උත්තර දීමට දැනුම තිබිය හැකියි, මේ සිද්ධියේදී සිදුවුනා මෙන්. වඩාත් ආරක්ෂාකාරී වන්නේ ඔබ පමණක් දන්නා දෙයක් පිලිතුර වන පරිදි ප්‍රශ්නයක් නිර්මාණය කිරීමයි.

ගිනුම් ආරක්ෂාව අතින් Gmail මීට ඉදිරියෙන් සිටින බව කිවයුතුයි. Gmail හි ජංගම දුරකථනය හරහා password reset කිරීමේ පහසුකම ඇතුලත් වන අතරම, secret question එකට (එහි ඇත්තේ එකක් පමණයි) පිලිතුරු දුන් පමණින්ම මුරපදය රිසෙට් කිරීමට ඉඩ ලබාදෙන්නේ නැහැ.

කලේ නරක වැඩක් උනත්, එයින් අනිත් අයට පණිවුඩයක් දෙන්න යමක් ලැබීම පිලිබඳව සතුටු වෙන්න පුලුවන්. අවසන් වශයෙන් නැවත කියන්න තියෙන්නේ, ඔබේ ඊමේල් ලිපින රිසෙට් කිරීම සඳහා ලබාදී ඇති secret questions දෙස නැවත වතාවක් බලන ලෙසත්, ඔබ පමණක් දන්නා දෙයක් ඒ සඳහා යොදාගන්නා ලෙසත් තමයි. මෙය සුලුකොට තැකිය හැකි දෙයක් නෙමෙයි. ඔබේ පුද්ගලික ඊමේල් ගිණුමක් වෙනත් අයෙක් අතට යාම ඉතා බරපතල ප්‍රශ්න ඇති කරන්න පුලුවන් බවත් මතක තබාගන්න.

ආපසු හැරී බැලීමක්
උදව් කරපු,

කියවපු,

කමෙන්ට් දාපු,

අයට ගොඩාක් ස්තූතියි.

බැනපු,

කමෙන්ට් වල කුණුහරුප ලියපු,

හින්ට් ගහපු,

අයට ඊට වඩා ස්තූතියි.

ආ.. ඇයි ‘ඉන්දරේ’ කියන නම දාපු,

මකබාස්ටත් ස්තූතියි.

අඳුරගත්ත අලුත් මිතුරු මිතුරියන්ට,

හැමදාමත් ආදරෙයි.

කාටහරි උදව්වක් කරන්න පුලුවන් උනානම්,

මගෙන් සේවයක් ඉටු වුනානම්,

ඒ ගැන සතුටු වෙනවා.

මේ විදියට සිංහල බ්ලොග් සමග වසරක්ම ගෙවිලා ගියා. ඉදිරියටත් ඉන්නවා.

මම,

ඉන්දරේ

හෙවත්, ප්‍රවීන් ඉන්ද්‍රනාම

[නියම විදියට වසරක් ගෙවෙන්නෙ ජනවාරි 11 වෙනිදා වුනත් හෙට සිට මම ටිකක් බිසී වෙන නිසා දැන්ම ලියලා තැපැල් කලා]

[මෙය කිසිසේත්ම කවියක් නං නොවේ. පේලි වෙන්කර ලියූ වාක්‍ය රචනයකි. මෙයට කවියක් යැයි කීම කවියන්ටත් නිග්‍රහයකි. කවි ලියන්න දන්නැති මං බැරි වැඩ කරන්න යන්නේද නැත.]

2010 වසරට අලුත් වැඩ දෙකක්
කාලෙන් කාලෙට දේවල් වෙනස් වෙනවා, දියුණු වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඔන්න ඉතින් ඉන්දරේගේ සයිබර් සිතුවිලි බ්ලොග් එකත් ඒ විදියට දියුණු වෙලා අලුත් විශේෂාංග 2ක් එකතු වෙන්නයි යන්නේ. දැන් මගේ බ්ලොග් එකට අවුරුද්දකට කිට්ටු වෙන්න වයසයි. ඉතිං මේ අලුත් වැඩ කිඩ දෙක මොනවද කියලා මම පිලිවෙලින් කියන්නම්.

එක:

මම අදහස් කලා මගේ බ්ලොග් එක තුලින් සරල සිංහලෙන් “C++ සමග ප්‍රෝග්‍රැමිං” කියලා පාඩම් මාලාවක් අරඹන්න. නමෙන් කියවෙන විදියටම C++ මුලසිට සරලව කියාදෙන්නයි බලාපොරොත්තුව. Hello World ඇප්ලිකේෂන් එකේ සිට Data Structures and Algorithms දක්වා.

දැන් මේක කියවන අයට නැගෙන ප්‍රශ්න (FAQ – Frequently Asked Questions)කීපයකට උත්තර දෙන්නම්.

“ඇයි C++ වගේ පරණ එකක්? Java හොඳ නැද්ද?” – C++ යල්පැන ගිහින් කියලා කියන්නත් බෑ. තරමක් අඩුවෙන් උනත් (ජාවා හා .NET වලට සාපේක්ෂව) තවමත් ක්ෂෙත්‍රයේ C++ භාවිත වෙනවා. ඒ වගේම මට හිතෙනවා ප්‍රෝග්‍රෑමිං වලට අත්පොත් තියන්නෙකුට Java වලට වඩා C++ ලේසි වෙයි කියලා ආරම්භයක් විදියට. අනික Java කියන්නේ  well-documented භාෂාවක් නිසා අන්තර්ජාලයේත් ඕනෑතරම් උදව් ලබාගන්න ක්‍රම තියෙනවා. නමුත් පැරණි භාෂාවක් වන C++ සඳහා හොඳ documentation එකක් නැති කමින් අන්තර්ජාලයේවත් උදව්වක් ලබාගන්න පුලුවන් තැන් බොහොම අඩුයි. 3 වෙනි කරුණ තමා මම Java වලට වඩා හොඳින් C++ දැන සිටීම ! :D

“මේ පාඩම් මාලාව වෙනම බ්ලොග් එකක ලිව්වොත් නරකද?” – මේක මටම මුලින් ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මම මේ ගැන බුධාජීව මලයා එක්කත් කිව්වා. එයාගේ අදහස උනෙත් මේ බ්ලොග් එකේම ලියන්න කියන එක. මේකට වෙනම බ්ලොග් එකක් පටංගන්න තරම් මම වෘත්තීය මට්ටමින් ලියන්නෙක් නොවීමත්, මගේ ආත්ම තෘප්තිය උදෙසා මෙය ලිවීමත් නිසා මමත් අවසානයේ තීරණය කලා මගේ බ්ලොග් එකේම මෙය ලියන්න.

කාටහරි මගේ C++ ලිපි පෙල විතරක් කියවන්න අවශ්‍ය නම් ඒ සඳහා වෙනම category එකක් හදලා තියෙන නිසා මෙන්න මේ direct link එකෙන් C++ ලිපි පෙල වෙත යන්න පුලුවන්. http://blog.indranama.com/category/cpp/ ඒ වගේම C++ ලිපි සඳහා subscribe වෙන්න ෆීඩ් ලිපිනය පාවිච්චි කරන්න පුලුවන්. http://blog.indranama.com/category/cpp/feed/

දෙක:

මගේ විනෝදාංශයක් මගින් මම ඉගෙන ගන්න දේවල් ටිකකුත් මම බ්ලොග් එකේ ලිපි පෙලක් විදියට ලියන්න කල්පනා කලා. ඒ තමයි ලෝක ඉතිහාසයේ සිදුවූ වැදගත් සිදුවීම්. මගේ විනෝදාංශයක් තමයි ඔය වගේ දේවල් අන්තර්ජාලයෙන් කියවලා බලන එක සහ ඒ ගැන තියෙන Documentry බාගෙන බලන එක. (අනිත් යාලුවො ෆිල්ම් එකතු කරල බලන අතරෙ මම ඩවුන්ලෝඩ් කරන්නෙ මේ වගේ documentry :D ) ආ… මේ ලෝක ඉතිහාසයේ කිව්වේ මහා ඇලෙක්සැන්ඩර්ගේ කාලෙ, එහෙමත් නැත්තම් ගෙන්ගීස් ඛාන් ගෙ කාලෙ තරම් පැරණි සිදුවීම් නෙමේ. මෑත ඉතිහාසයේ, අවුරුදු දෙසීයක් තරම් කාලයේ සිදු වූ දේවල්. අපේ රටේ ඉතිහාසය ගැන ඉස්කෝලේ උගන්නන නිසා අපි සෑහෙන්න දේවල් දන්නවා උනත් ලෝක ඉතිහාසය ගැන අපි දන්න දේවල් ගොඩක් අඩුයි. ඒ නිසයි මම දැනගත්ත දේවල් ටිකක් හරි සිංහලෙන් කියන්න කල්පනා කලේ.

ලෝකය ගමන්ගත් මග තීරණය කලේ ඉතිහාසයේ සිදුවූ ඇතැම් මෙවන් සිදුවීම් වෙන්න පුලුවන්. ඒ නිසා මේවට History’s Turning Points කියලත් කියනවනේ. ඒ වගේම ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ History Repeats Itself කියලා. ඒ නිසා අනාගතයේත් එවන් සිදුවීම් නැවත වෙන්න ඉඩ තියෙන නිසා අපි ඒවා ගැන දැනුවත් වීම වැදගත් වෙයි නේද?

කාටහරි මගේ ඉතිහාස ලිපි පෙල විතරක් කියවන්න අවශ්‍ය නම් ඒ සඳහා වෙනම category එකක් හදලා තියෙන නිසා මෙන්න මේ direct link එකෙන් ඉතිහාස ලිපි පෙල වෙත යන්න පුලුවන්. http://blog.indranama.com/category/history/ ඒ වගේම ඉතිහාස ලිපි සඳහා subscribe වෙන්න ෆීඩ් ලිපිනය පාවිච්චි කරන්න පුලුවන්. http://blog.indranama.com/category/history/feed/

ඔන්න මේ විදියට මම දැං ලිවීමෙන් ටිකක් බිසී වෙන්නයි යන්නේ ! කමක් නෑ ඉතින්, මට තියෙන එකම විනෝදාංශෙත් මේකනේ. මේ අතරෙ මම Digit.lk සඟරාව සඳහා Database Management Systems ගැන පාඩම් මාලාවකුත් ලියනවා. ලඟදි ආරම්භ වීමට නියමිත Cplus සඟරාව සඳහා Computer Graphics and Photoshop ගැනත් ලිපි පෙලක් ලියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලියන එකම තමයි දැං එකම රාජකාරිය !

Free Hosting, Photoblog හා PixelPost
මම photoblog එකක් පටං ගත්තෙ මාස දෙකකට විතර කලින්. ඒක පටන් ගන්න හිතුනෙ මලින්තගේ පොටෝබ්ලොග් එක දැකල. ඉතින් මම හිතුවා මගේ පැත්තකට දාලා තියෙන .info ඩොමේන් එකෙන් වැඩක් ගන්න, ඒකෙන් පොටෝබ්ලොග් එකක් දාන්න. දැං කැමරාෆෝන් එකකුත් තියෙන නිසා හොඳ ෆොටෝ ටිකක් ගන්න පුලුවන් වෙයි කියලා හිතුනා.

පොටෝ බ්ලොග් එකක් පටං ගන්නව කියන්නෙ bandwidth කන වැඩක්. පොටෝ එකක් 0.4MB වත් වෙනවා. අවුරුද්දක් විතර පොටෝ එකතු කරාම web space එකත් ඉවරවේවි. ඉතිං මේක මගේ මේ බ්ලොග් එක තියෙන හොස්ට් එකේම දාගත්තොත් මාසෙ ඉවරවෙන්නත් කලින් bandwidth පනී කියලා හිතුනා. ඒ නිසා විසඳුම විදියට 000webhost කියන free hosting සර්විස් එකේ මගේ පොටෝ බ්ලොග් එක පටං ගත්තා.

කාලය හොඳින් ගත වී ගියත් ඊයෙ පෙරේදා බලනකොට ftp වලින් ලොග් වෙන්න බෑ. cpanel එකවුන්ට් එකේ පාස්වර්ඩ් එකත් ඒකමයි, cpanel ලොග් වෙන්න පුලුවන්, ftp ලොග් වෙන්න බෑ. පොටෝබ්ලොග් එකට මම පාවිච්චි කරපු Yet Another Photoblog කියන වර්ඩ්ප්‍රෙස් ප්ලගිනයේ අලුත් version එකක් ඇවිත් තියෙන වග දන්වපු නිසා මම ඒක අප්ඩේට් කරන්න ගියා. හුටා ! අප්ඩේට් වෙන අතරෙදි connection එක reset උනා ! ප්ලගිනයත් ඉවරයි. ඉතිං දිගටම ftp වලින් ලොග් වෙන්න උත්සාහ කරන අතරේ මට මේල් එකක් ආවා “account එක misuse කරපු නිසා suspend කලා” කියලා. free usersලාට suspend කරපු account නැවත active කරගන්නත් බැරිලු. :@

ඉතිං ඒපාර shutterchance.com කියන free photoblog සර්විස් එකේ බ්ලොග් එකක් පටං ගත්තා ඊයේ. ඒක එච්චර අල්ලලා ගියේ නෑ, restrictions නිසා. දවසකට එක පොටෝ එකයි publish කරන්න පුලුවන්.

පොටෝබ්ලොග් සිහිනය අතඇරලා දාලා ඉන්නකොට අද උදේ ගයාන් කල්හාර මල්ලි එකඟ උනා තමන්ගෙ සර්වරෙන් ස්පේස් එකක් මට පරිත්‍යාග කරන්න. ඉතිං ගයාන් මල්ලිගේ පිහිටෙන් ආයෙත් මගේ ඩොමේන් එකේම පොටෝබ්ලොග් එක පටන්ගත්තා. ඔන්න විපතේදී අතහිත දීම ගැන ගයාන් කල්හාර මල්ලිට මගේ ස්තූතිය හිමිවෙනවා.

කලින් මම පොටෝබ්ලොග් එක කලේ WordPress මත. WordPress සඳහා Yet Another Photoblog කියන ප්ලගින් එක හෝ PhotoQ ප්ලගින් එක දැම්මාම හොඳ පොටෝබ්ලොග් එකක් හදාගන්න පුලුවන්. නමුත් WordPress වල ප්‍රශ්නේ තමා අධික resource හා bandwidth පරිභෝජනය කිරීම.

ඊයෙ හදිස්සියෙම හර්ෂණ මට එයාගෙ පොටෝබ්ලොග් එක පෙන්නුවා. බැලින්නං ඒක හදලා තියෙන්නෙ WordPress මත නෙමේ. PixelPost කියලා වෙනත් PHP-MySQL  ‍photoblog script එකකින්.

PixelPost බොහොම “බර අඩු” script එකක්. forum එකේ කියවෙන හැටියට අඩු resources හා bandwidth භාවිතයක් තියෙන්නේ. Script එකේ source file පවා ගොඩක් සරලයි.

ඉතින් ඔන්න මමත් ආපහු මගේ පොටෝබ්ලොග් එක PixelPost මත මගේම ඩොමේනයේ පටන් ගත්තා. මේක සිංහල බ්ලොග් එකක් නොවන නිසා සින්ඩියේ ඇතුලත් වෙන්නෙ නෑ. ඒ නිසා මගේ photography බලන්න කැමති අය මේක bookmark කරන්න, හෝ RSS feed වලට දායක වෙන්න.

http://indranama.info

Twitter පාවිච්චි කරන අයට @lensework ෆලෝ කිරීම මගින් අලුත් පොටෝ එකක් දැමූ විගස ඒ ගැන දැනගන්න පුලුවන්.

එහෙනම් එන්න, ඇවිත් යන්න එන්න…. පින්තූරෙ හිතට අල්ලල ගියොත් කමෙන්ට් එකක් කාරිය දාන්න අමතක කරන්න එපා.

කියවන අයට තේරුනාද මංදා, මෙතෙක් කල් මේ බ්ලොග් එකේ OpenID මගින් කමෙන්ට් එකක් දැම්මාම නම අසලින් OpenID logo එක පෙන්නුනේ නෑ, parent comment වල. Threaded comment වල child comment වල විතරයි logo එක පෙන්නුවේ. මම තීම් එකේ නිමැවුම්කරු වන Sebastian Schneider ට ප්‍රශ්නය කිව්වාම ඔහු වහාම ඊලඟ අප්ඩේට් එකේදි ප්‍රශ්ණය විසඳුවා විතරක් නෙමෙයි මේ තීම් එක සිංහලට පරිවර්තනය කර දෙනවානම් එය ඊලඟ අප්ඩේට් එකේ සිට බෙදාහරින්නත් එකඟ උනා. අන්න අදහන්න වටින මිනිස්සු !

මගේ ගී අනුවාදන ටිකක්
මේ සිංදු ටික මට අහම්බෙන් ආයෙ ලැබුනෙ ගෙදර මැෂිමෙ හාඩ් ඩිස්ක් එක අවුස්සනකොට. ඒ නිසයි ලියන්න හිතුනේ.

මේවා මම උසස්පෙල කරන කාලෙ Yamaha PSR-320 හා Yamaha PSR-510 වර්ගයේ කීබෝඩ් දෙකකින් පර්යේෂණ මට්ටමෙන් කරපු අනුවාදන ටිකක්. කීබෝඩ් දෙකත් මගේ නෙමේ. මිතුරියන් දෙදෙනෙක්ගෙන් පොඩ්ඩකට කියලා ඉල්ලාගෙන මාස දෙකතුනක් තියාගත්ත ඒවා. රෙකෝඩ් කලේ හරිම අමාරුවෙන්. ඒ කාලෙ මට මැෂිමක් තිබුනෙ නෑ. ගෙදරදි ප්‍රැක්ටිස් වෙලා කීබෝඩ් දෙකම උස්සගෙන යනවා අතිජාත මිත්‍රයා යොහාන්ලැයි ගෙදරට. එහේ ඉඳන් ප්ලේ කර කර රෙකෝඩ් කරනවා කීබෝඩ් එකේම තියෙන ට්‍රැක් වලට. (මොකද පරිගණකයේම මල්ටි-ට්‍රැක් රෙකෝඩිං සොෆ්ට්වෙයා එකකින් වැඩ කරන්න තරම් මිත්‍රයගෙ මැෂිමෙ මෙමරි මදි) ඊටපස්සෙ මැෂිමට ඉන්පුට් දීලා අර ට්‍රැක් ප්ලේ කරන ගමන් ඉතිරි කොටස් ඒ වෙලාවෙම ලයිව් ගහලා තමයි රෙකෝඩ් කලේ. රෙකෝඩ් කරන්න පාවිච්චි කලේ Creative Soundblaster කාඩ් එකත් එක්ක ආපු මොකක්ද පොඩි ටූල් එකක්.

මේවයෙ සෑහෙන්න අඩුපාඩු තියෙනවා. අදටත් මට හොඳ කීබෝඩ් එකක් නෑ. ප්‍රැක්ටිස් එක මලකඩ නොකා පරිස්සම් කරගන්නෙ කැම්පස් එකේ තියෙන පියානෝ එක ගහල. කැමති නම් අහලා බලල, කැමති නම් බාගන්න. කැමතිනම් අදහස් කියන්නකෝ.

(ඩවුන්ලෝඩ් කරගැනීමට නමි right click කර Save Link As… කරන්න)

ගමට කලින් හිරු – කරුණාරත්න දිවුල්ගනේ

අන්දර යායේ – කරුණාරත්න දිවුල්ගනේ

වලා තීරයෙන් එහා – ටී. එම්. ජයරත්න

නුඹේ කඳුලට – 6th Lane

සුපෙම් හැඟුම් – ප්‍රදීපා ධර්මදාස/ලක්ෂ්මන් විජේසේකර

මල් මල් හිනා – ෂර්ලි වෛජයන්ත

කීබෝඩ් දෙක ලබාදී උදව් කරපු චතුරිකා හා මිහිරි සොයුරියන් දෙදෙනාත් මේ වෙලාවේ මතක් නොකර බැහැ.

මගේ රිමික්ස් (remix) – 1 කොටස
මේ තියෙන්නේ මම 2007 අවුරුද්දෙදි, හෙවත් මට හා හා පුරා කියල කොම්පියුටරයක් ලැබුණාම කරපු රිමික්ස් 2ක්. මේ සඳහා මම භාවිත කගේ Sony Acid Music Studio. පොඩි පොඩි එඩිටිං කලේ MAGIX වලින්. ශබ්ද කෑලි ලබා ගත්තේ Reason Studio වලින්. මේ ගීත අහල බලල ගුණදොස් කියන්න පුලුවං නං ලොකු දෙයක්.

Tere Bina (Pravin’s Remix)

මේක Guru (2007) චිත්‍රපටයේ එන ගීතයක්. ගායනා කරන්නේ ඒ. ආර්. රහ්මාන් සමග චින්මායි. සංගීතය ඒ. ආර්. රහ්මාන් ගෙන්.

<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="328" height="94" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="bgcolor" value="#000" /><param name="flashvars" value="theTheme=silver&autoPlay=no&theFile=http://www.esnips.com//nsdoc/51f03220-9629-4f10-86b5-244dfe41be6a&theName=Tere Bina (Pravin's Remix)&thePlayerURL=http://www.esnips.com//escentral/images/widgets/flash/mp3WidgetPlayer.swf" /><param name="src" value="http://www.esnips.com//escentral/images/widgets/flash/esnips_player.swf" /><param name="quality" value="high" /><embed type="application/x-shockwave-flash" width="328" height="94" src="http://www.esnips.com//escentral/images/widgets/flash/esnips_player.swf" quality="high" flashvars="theTheme=silver&autoPlay=no&theFile=http://www.esnips.com//nsdoc/51f03220-9629-4f10-86b5-244dfe41be6a&theName=Tere Bina (Pravin's Remix)&thePlayerURL=http://www.esnips.com//escentral/images/widgets/flash/mp3WidgetPlayer.swf" bgcolor="#000"></embed></object>

Download: http://www.esnips.com/doc/51f03220-9629-4f10-86b5-244dfe41be6a/Tere-Bina-(Pravins-Remix)

Aao Na (Pravin’s Remix)

මෙය Kyun! Ho Gaya Na? (2004) චිත්‍රපටයේ ගීතයක්. ගයන්නේ සාධනා සර්ගම් හා උදිත් නාරායන්. සංගීතය ශංකර්-එසාන්-ලෝයි ත්‍රිත්වයෙන්.

<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="328" height="94" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="bgcolor" value="#000" /><param name="flashvars" value="theTheme=silver&autoPlay=no&theFile=http://www.esnips.com//nsdoc/88f75305-6613-4eb7-a227-14812db5f3c0&theName=Aao Naa (Pravin's Remix)&thePlayerURL=http://www.esnips.com//escentral/images/widgets/flash/mp3WidgetPlayer.swf" /><param name="src" value="http://www.esnips.com//escentral/images/widgets/flash/esnips_player.swf" /><param name="quality" value="high" /><embed type="application/x-shockwave-flash" width="328" height="94" src="http://www.esnips.com//escentral/images/widgets/flash/esnips_player.swf" quality="high" flashvars="theTheme=silver&autoPlay=no&theFile=http://www.esnips.com//nsdoc/88f75305-6613-4eb7-a227-14812db5f3c0&theName=Aao Naa (Pravin's Remix)&thePlayerURL=http://www.esnips.com//escentral/images/widgets/flash/mp3WidgetPlayer.swf" bgcolor="#000"></embed></object>

Download: http://www.esnips.com/doc/88f75305-6613-4eb7-a227-14812db5f3c0/Aao-Naa-(Pravins-Remix)

අහල බලල අදහස් කියන්නකෝ.