ඉන්ද්‍රනාම » බ්ලොග්කරණය
තෙවසරක් ගතවී. . .
මේ බ්ලොග් කඩමාල්ල ඊයේට වසර 3ක් පැරණි ය. 2009 ජනවාරි 11 වෙනි දින පහන් සරත්චන්ද්‍ර ගේ මගපෙන්වීමෙන් මෙය ඇරඹුනේ “ඉන්ද්‍රනාමගේ සයිබර් සිතුවිලි“ යන නමින් blogspot.com හිදී ය. ඉන් පසු .com ඩොමේනයක්ද මිලදී ගනිමින් මෙය බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වෙත පැමිණියේය. ඉන් අනතුරුව මෙහි නම ද වෙනස් විය. අද ලිපිය ලිවීමේ අරමුණ අවුරුදු 3ක මගේ බ්ලොග් කෙරුවාව ගැන පම්පෝරි ගැසීම නොවේ. බ්ලොග් කලාවේ මා දුටු වෙනසත්, එදා මා හා එකට බ්ලොග් ලියූ, අද මා මෙන්ම බ්ලොග්කරණයෙන් සමුගෙන ඇති සහෘදයන් සිහිපත් කිරීමය.
2009 මා බ්ලොග් ලිවීම පටන් ගන්නා විට සිංහල බ්ලොග් තිබුනේ 200ක් පමණ යැයි මා මීට කලින් කිහිප වතාවක් කියා ඇත. එකල සින්ඩිකේටර තිබුනේ දෙකකි, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ එක හා කොත්තුවයි. එකල පාඨකයෝ තදින්ම සින්ඩිකේටර භාවිතයට ඇබ්බැහිව, එනම් බ්ලොග් කියවීම සදහා සින්ඩිකේටරම භාවිතයට පුරුදුව සිටියෝය. අද තත්වය බෙහෙවින් වෙනස් ව ඇත. ගත වූ අවුරුදු 3 ඇතුලත සක්‍රීයව ඇති සිංහල බ්ලොග් අඩවි සංඛ්‍යාව දහස ඉක්මවනු ඇතැයි සිතේ. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අභ්‍යන්තර ගැටුම්, ලාංකීය සිතුවිලි, ඉන් අනතුරුව හත්මාලුව වැනි නව සින්ඩිකේටර බිහිවීමේ ලා පුරෝගාමී වීය. අලුත් සින්ඩි බිහිවීමත් සමගම ඒ හා රොක් වූ පිරිස් මගින් බ්ලොග්කරණය වඩ වඩාත් ජනප්‍රිය විය. ක්‍රම ක්‍රමයෙන් බ්ලොග් අඩවි සංඛ්‍යාව වැඩි වීමත් සමගම සින්ඩිකේටරයකින් කියවීම මදක් වෙහෙසකාරී වූවාට සැක නැත. එහෙයින් දැන් බොහෝ දෙනා තමන්ට අවශ්‍ය බ්ලොග් අඩවි තමන්ගේ ගූග්ල් රීඩරයට එකතු කරගෙන කියවන ප්‍රවණතාවයක් ඇති බව පෙනේ. එමෙන්ම ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වූ facebook සමාජ ජාලය බ්ලොග් අඩවි වෙත පාඨකයන් රැස් කිරීමේ ලා මහත් සේවයක් ඉටු කිරීමට පටන් ගත් අතර වැඩි පිරිසක් facebook හි share වන බ්ලොග් ලිපි කියවීම, සින්ඩියක් හරහා කියවීමට වඩා සිරිතක් කොට ගත්හ.
සමස්තයක් ලෙස බ්ලොග් කලාව ගත් විට දියුණුවක් ලබා නැත්දෝ‘යි සිතේ. එකල තිබූ සුලු බ්ලොග් අඩවි සංඛ්‍යාවේ කියවීමට වැදගත් දේවල් පිරී තිබුනි. අද වන විට බ්ලොග් අඩවි සංඛ්‍යාවෙන් වැඩි වුවත් ඉන් වැඩි ප්‍රමාණයක් අන්තර්ගතයෙන් දුර්වල වී ඇතැයි සිතේ. මා බ්ලොග් ලිවීම ආරම්භ කල යුගයේ බ්ලොග් අවකාශයේ “ට්‍රෙන්ඩ්“ එක වී තිබුනේ තාක්ෂණික ලිපි ලිවීමයි. ඊට හේතුව වන්නට ඇත්තේ තාක්ෂණික මිනිසුන් විසින් සිංහල බ්ලොග්කරණය මුලින්ම ආරම්භ කිරීම වන්නට ඇත. ඉන් පසු ඇතිවූ නැඹුරුව වූයේ සාහිත්‍යයයි. පුවත්පතක හෝ වෙනයම් මාධ්‍යයක ඉඩ නොලැබෙන කෙටිකතා, කාව්‍ය ආදී සාහිත්‍යමය නිර්මාණ පූදින්නට බ්ලොග් අඩවි තෝතැන්නක් විය. මේ ට්‍රෙන්ඩ් එක අද දක්වාම නොනැසී පැවතියත්, වෙනත් නැඹුරුවක්ද ශීඝ්‍රයෙන් ඉස්මතු වනු පෙනේ. එනම් ආගිය කතා ලිවීමයි. මේවා තමන්ගේ අත්දැකීම්, මිතුරන්ගේ අත්දැකීම්, විහිලුතහලු, විනෝදයට මඩ ගැසීම් ආදී අනේක විධ ආකාර වේ. “අන් අයගේ ඕපදූප හා ආගිය විස්තර දැනගැනීමට මිනිසාගේ සහජ ආසාව නිසා මේ ට්‍රෙන්ඩ් එක ට්‍රෙන්ඩ් එකක් වී ඇතැ“යි පසුගිය සෙනසුරාදා බ්ලොග්කරුවන්ගේ හමුවේදී මේ ගැන මා හා සාකච්ඡා කල අයෙක් පැවසීය. එය සත්‍යයකැයි මම ද සිතමි. ආගිය කතා ලිපි හරසුන් යැයි කිසිවිටෙක නොකියමි. බොහෝ ඒවායින් ගන්නට යමක්, ඉගෙනගන්නට ආදර්ශයක්, තම ජීවිතයට එකතු කරගන්නට අත්දැකීමක් ඇත. කලින් තාක්ෂණික ලිපි ලියූ මම ද ක්‍රම ක්‍රමයෙන් මේ ට්‍රෙන්ඩ් එක වෙත යොමුවෙනු මට ම නිරීක්ෂණය කල හැකිය.
මා බ්ලොග්කරණය ඇරඹි සමයේ මා හා එකට බ්ලොග් ලියූ සහෘදයන් රැසක් සිහිපත් කිරීමට තිබේ. කණගාටුවකට මෙන් මේ සියල්ලෝම පාහේ දැන් එක්කො ලිවීම අතහැර දමාය, නැතහොත් ඉදහිට පමණක් ලියති. මා බ්ලොග්කරණයට ආධුනික වූ සමයේ බ්ලොග්කරණය සදහා සියලු තාක්ෂණික ආධාර ලබාගත්තේ පහන්ගෙනුත්, ශාකුන්තලගෙනුත්, චමිලගෙනුත්ය. උන් තුන් දෙනාට මම චැටය හරහා අනන්ත වාර ගණනක් ඇණේ වී ඇත්තෙමි. මලින්තලා, සුදාරකලා, කාලිංගලා, බුධාජීවලා, ගයාන් තාරකලා, ගයාන් කල්හාරලා, තමීරලා, ධනිකලා, ගයන්තලා, කනියලා, කනිරොක්ස්ලා, ඩීප්ස්ලා, බින්කුලා, හර්ෂණලා, මනුෂාන්ලා, තිළිණ බුවාලා සමග චැට් කරමින් වල්පල් දොඩවමින් වචන ලක්ෂ ගණනක් ටයිප් කරන්නට ඇත. මේ එකෙක්වත් අද හරියට බ්ලොග් නොලියති. එකල මේ හැම දෙනාටම නිදහස් වේලාව තිබුනත් අද මා මෙන්ම ඔවුන් සියලු දෙනාම පාහේ රැකියා සමග කාර්යබහුලව සිටිති.
මාගේ බ්ලොග්කරණයේ මේ තෙවැනි වසර තුල මා තරමක් දුරට idle වී සිටියේයැ‘යි කිවහොත් නිවැරදි යැයි සිතමි. මුල්තැන රැකියාවට දුන් නිසා නිතර ලිපි ලිවීමට අවකාශයක් ලැබුනේද නැත. කිසිදු සින්ඩියක් පැත්තේ පස් පෑගූ කලක් මතක නැති අතර මා බ්ලොග් කියවන්නේ ගූග්ල් රීඩරයට දන්නා කියන බ්ලොග් අඩවි ටික එකතු කරගෙනය. එහෙයින් කමෙන්ට් දැමීමක් හෝ සිදු නොකෙරුණි. එහෙත් මේ idle ව සිටි සමය තුල නූතන බ්ලොග්කරණය හා බ්ලොග් අවකාශයේ හැසිරීම ගැන මම යම් දෙයක් ඉගෙනගත්තායැ‘යි සිතමි. එය අනාගතයට වැදගත් විය හැකිය. එම කාලය තුල මා උගත් වැදගත්ම පාඩම වූයේ බ්ලොග් අවකාශය තුල aggressive වීම තරම් තවත් මෝඩකමක් නැති බවත්, කිසිදු දෙයක් දණෙන් ඉහලට ගැනීම නොමනා බවත්ය. වරෙක මේ බ්ලොග් අඩවිය වසා දමන්නටද සිතුනි. නොලියන බ්ලොගයක් තියාගෙන ඉදීමේ අර්ථයක් නොමැති නිසාවෙනි. එහෙත් මට මගේ රැකියාව ලැබුනේ මේ බ්ලොගය නිසා, මේ හරහා ලබාගත් වර්ඩ්ප්‍රෙස් සම්බන්ධ දැනුම නිසාය. එය සිහිවන විට මෙය අත්හැර දමන්නට සිත් නොදේ.
අවසන් වශයෙන් සිංහල බ්ලොග්කරණය දැන් ලබාගෙන ඇති එක් දියුණුවක් කෙරෙහි උදක්ම සතුටු වෙමි. එනම් බ්ලොග් හරහා ඇතිවූ මිතුරුදම් බ්ලොග් අවකාශයයෙන් පිටතට පැමිණීමයි. එකල බ්ලොග්කරුවන්ගේ සම්බන්ධතා සියල්ල තිබුනේ අන්තර්ජාලය හරහාම පමණි. නමුත් දැන් ලෝකය බෙහෙවින් කුඩා වී ඇත. බ්ලොග්කරුවන් බොහොමයක් සැබෑ ලෝකයේදී අන්‍යොන්‍ය සම්බන්ධයට මුල්තැන දී ඇත. එබදු සම්බන්ධකම් හරහා බ්ලොග්කරුවන් අතින් සංවිධානය වූ වැදගත් කර්තව්‍යයන් රාශියකි.
අර්ථයක් නැති මෙම ලිපිය තව තවත් දීර්ඝ වනු වැලැක්වීම්වස් මෙතෙකින් නවතනු යෙහෙකි. එහෙයින් ඔබ සැමට ජය පතා නිහඩවෙමි.
සිංහල ටයිප් කිරීමේදී බොහෝ දෙනා අතින් සිදුවන වැරදි
සින්ඩියේ තියෙන ලිපි බලනකොට මම ගොඩක් නිරීක්ෂණය කරපු දෙයක් තමයි සමහරු සිංහල ටයිප් කිරීමේදී ගොඩක් අක්ෂර දෝෂ කරනවා. ව්‍යාකරණ දෝෂ නෙමෙයි, ඒ ගැන කියන්න මම දන්නෙත් නෑ, මම දන්න ව්‍යාකරණයක් නැති නිසා. මේ නිසා මට හිතුනා ඔය නිතර වරද්දන සමහර අකුරු ගහන විදිය පොඩ්ඩක් කිව්වොත් හොඳයි කියලා, විජේසේකර යතුරු පුවරුවෙන් වගේම සිංග්ලිෂ් කන්වර්ටරෙනුත්.
මුලින්ම කියන්නම් මමත් පාවිච්චි කරන විජේසේකර යතුරු පුවරුවෙන් ගහන විදිය. ඊට පස්සෙ කියන්නම් සිංග්ලිෂ් එකෙන් ගහන විදිය. විජේසේකර එකෙන් ගහන විදිය ලියද්දී A – B කියලා ලියල තියෙන්නේ මුලින් කීබෝඩ් එකේ A අකුර ඇති කී එක ගහලා පසුව B අකුර ඇති කී එක ගහන්න කියන එකයි. Shift, Alt යතුරු සමග එබිය යුතු අවස්ථාවල Shift+a ආදී ලෙස ලියා ඇති.
<object id="share" align="right" hspace="10px">
</object>රැ – රු දෙක ගොඩක් දෙනා වරද්දනවා. ‘රැකියාව’ කියන වචනෙදි එන්නේ රැ අකුරනේ. ඒක ගහන්නේ  R  -  E. ‘රුව’ කියන වචනෙදි එන අකුර තමයි ‘රු’ ඒක ගහන්නේ R – Q. ‘රෑ තාරකාව’ වචනයෙදි එන ‘රෑ’ ගහන්නේ R – Shift+E. ‘රූපය’ වචනෙදී එන ‘රූ’ අකුර ගහන්නේ R – Shift+Q ලෙස.
බිංදුව අකුර වෙනුවට ගොඩක් දෙනා 0 ඉලක්කම ගහනවා මම දැකලා තියෙනවා. මෙහෙම කරන්න අවශ්‍ය නෑ විතරක් නෙමෙයි ඒක වැරදියි. බිංදුව තියෙනවා X යතුරේ. මතකද ඉස්සර බිංදුව ලිව්වා මේ විදියට? ‘ලඞකාව’ ? ඒ බිංදුව ගහන්න ඕනෙ නම් Shift+X ඔබන්න.
‘පුඃ’ කියලා කියනවා නේද අපි සමහර වෙලාවට :D ඒකෙදී යෙදෙන බිංදු දෙක ගහන්නේ Alt Gr + X එබීමෙන්. මේ Alt Gr කියන්නේ යතුරු පුවරුවේ දකුණුපස ඇති Alt යතුර. මතක තබාගන්න ඕනේ මේක වම් Alt යතුර සමග හරියන්නේ නැති බව.
‘ඖෂධ’ වචනෙදී ඔ අකුරට දාලා තියෙන පිල්ල තියෙන්නේ Shift+A වල. ඒ කියන්නේ ‘ඖ’ කියලා ටයිප් කරන්න නම් Shift+T – Shift+A ගහන්න ඕනේ. ඒ වගේම ‘ව්‍යාකරණ’ කියන වචනයෙ තියෙන යංසය ගහන්නේ Shift+H මගින්. ‘ව්‍ය’ ලියන්න නම් J – Shift+H එබිය යුතුයි.
‘ප්‍රවීන්’ කියලා ලියනකොට ප අකුරට රකාරංශය යොදනවනේ. මේක ගහන්නේ කීබෝඩ් එකේ Esc යතුරට යටින් තියෙන `/~ සංකේත අඩංගු යතුරෙන්. ‘ප්‍ර’ ගහන්න නම් M – ` එබුවනම් හරි.
‘ඍතුව’ කියන වචනය දන්නවා නේද? නැත්තම් ‘ඍෂිවරයා’? බැලූබැලුමට පේන්නේ මේ ස අකුර වගේ නේද? නමුත් මේ ස නෙමෙයි. මේ අකුර ගන්න පුලුවන් Shift+R යෙදීමෙන්.
‘කොණ්ඩඤ්ඤ’ කියලා ලියද්ද එන ‘ඤ’ අකුර තියෙන්නෙ [ යතුරේ. ‘ප්‍රඥාව’ කියලා ලියන්න ඕනෙවෙන ‘ඥ’ අකුර ගන්න නම් Shift+[ ඔබන්න. ඒ වගේම ‘කඳ’ කියලා ලියන්න ඕනෙවෙන ‘ඳ’ අකුර ගන්න පුලුවන් Alt Gr+O එබීමෙන්. ‘ගඟ’ ලියන්න ‘ඟ’ ගන්න පුලුවන් Alt Gr+> යතුරෙන්. ‘හඬ’ සඳහා ‘ඬ’ ගන්න Alt Gr+V මගින්.
‘අඹ’ කියලා ලියන්න අවශ්‍ය වෙන ඹ අකුර ගන්න නම් Shift+U ඔබන්න කියලා කියන්න ඕනෙද? :)
ඔය මම දැන් උදාහරණ වලට ගත්ත අකුරු/වචන සිංග්ලිෂ් වලින් ගහන විදියයි මේ කියන්නේ. මේවා මම අත්හදා බැලුවේ UCSC Transliterated Singlish Converter එක. මම දන්න තරමින් ඉසුරුගේ qsFox ඇඩොනයේ භාවිත වෙන්නෙත් මේ scheme එකමයි.
රැ – rA
රෑ – rae
රු – ru
රූ – ruu
කං – ka\n
පුඃ – pu\h
ලඞ – la\N
ඖ – au
කෞ – kau
ව්‍ය – vYa
ප්‍ර – pra
ඍ – \R
ඹ – Ba
ඤ – KNa
ඥ – GNa
ඳ – nndha
ඟ – nnga
ඬ – nnda
ළු – Lu
මම හිතනවා මේ ටික කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා.
ආපසු හැරී බැලීමක්
උදව් කරපු,
කියවපු,
කමෙන්ට් දාපු,
අයට ගොඩාක් ස්තූතියි.
බැනපු,
කමෙන්ට් වල කුණුහරුප ලියපු,
හින්ට් ගහපු,
අයට ඊට වඩා ස්තූතියි.
ආ.. ඇයි ‘ඉන්දරේ’ කියන නම දාපු,
මකබාස්ටත් ස්තූතියි.
අඳුරගත්ත අලුත් මිතුරු මිතුරියන්ට,
හැමදාමත් ආදරෙයි.
කාටහරි උදව්වක් කරන්න පුලුවන් උනානම්,
මගෙන් සේවයක් ඉටු වුනානම්,
ඒ ගැන සතුටු වෙනවා.
මේ විදියට සිංහල බ්ලොග් සමග වසරක්ම ගෙවිලා ගියා. ඉදිරියටත් ඉන්නවා.
මම,
ඉන්දරේ
හෙවත්, ප්‍රවීන් ඉන්ද්‍රනාම
[නියම විදියට වසරක් ගෙවෙන්නෙ ජනවාරි 11 වෙනිදා වුනත් හෙට සිට මම ටිකක් බිසී වෙන නිසා දැන්ම ලියලා තැපැල් කලා]
[මෙය කිසිසේත්ම කවියක් නං නොවේ. පේලි වෙන්කර ලියූ වාක්‍ය රචනයකි. මෙයට කවියක් යැයි කීම කවියන්ටත් නිග්‍රහයකි. කවි ලියන්න දන්නැති මං බැරි වැඩ කරන්න යන්නේද නැත.]
.tk දැන් DNS control ද ලබා දෙයි
dot.TK මෙතෙක් කල් ලබාදුන්නේ URL and email redirection සේවාවක් පමණයි. ඒ කියන්නේ මට පුලුවන් blog.indranama.com කියන මේ බ්ලොග් එකේ දිග ලිපිනය වෙනුවට indranama.tk කියන කෙටි ලිපිනය ලබාගන්න. කවුරුහරි indranama.tk කියලා බ්‍රවුසරේ ටයිප් කරලා එන්ටර් කලාම ඒක සුපුරුදු ලිපිනයට redirect වෙනවා. මේ ක්‍රමයේ අපිට තියෙන අවාසියක් තමයි blog.indranama.com/about/ වගේ එකක් indranama.tk/about/ වගේ ගන්න බැරිවීම. මොකද .tk එකෙන් වෙන්නේ redirect වීමක් විතරක් නිසා.
ඔන්න දැන් dot.TK උදවිය තම ඩොමේන් වලට DNS control එකකුත් ලබාදීලා. ඒ කියන්නේ තවදුරටත් .tk කියන්නේ redirection එකක් විතරක් නෙමෙයි, සල්ලි දීලා ගන්න ඩොමේන් එකක් වගේ වැඩ දාන්න පුලුවන්. web space එකක තමන්ගේ වෙබ් අඩවියක් තියේනම් ඒ සඳහා .tk ඩොමේනයක් පාවිච්චි කරන්න පුලුවන්.
blogger වල බ්ලොග් අඩවි තියෙන අයට මේක වැදගත් දෙයක් වෙනවා, මොකද Blogger ඉඩදෙනවා blogname.blogspot.com වගේ ඔවුන්ගේ domain එක යටතේ බ්ලොග් එක තියාගන්නවා වෙනුවට අපිට අභිමත ඩොමේන් එකක් පාවිච්චි කරන්න. (මමත් WordPress වලට එන්න කලින් මේ විදියට indranama.blogspot.com කියන මගේ බ්ලොග් එක indranama.com ඩොමේන් එකෙන් වැඩකරා කාලයක්ම) ඩොමේන් එක අපේ උනාම බ්ලොග් එක maintain කරන්නෙ blogger කට්ටිය, අපිට hosting වෙනුවෙන් සල්ලි වියදම් වෙන්නෙ නෑ. (කණගාටුවකට වගේ WordPress.com හි බ්ලොග් අඩවි තියෙන අයට මේ වැඩේ කරන්න බෑ. හැබැයි myblog.lk වල නං මේ සේවාව දෙනවා 8-O )
මේ ගැන මම කලකට ඉහතදී ලිපියක් ලිව්වා, ඒ Godaddy වෙතින් මිලදීගත් ඩොමේනයක් Blogger blog එකකට පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ ලිපිය බලලා අවශ්‍ය අයට domain එක Godaddy වෙතින් මිලදී ගන්නෙ නැතුව dot.TK එකෙන් නොමිලේ අරගෙන තම බ්ලොග් එකට පාවිච්චි කරන්න පුලුවන්.
dot.tk වලදි කරන්න ඕනේ අලුත් ඩොමේන් එකක් හදද්දී වෙනදා එය redirect විය යුතු ස්ථානය දෙන්න තියෙන තැන දැන් අලුතෙන් එක්වෙලා තියෙන Use DNS for this domain වෙත ගොස් එතැනින් Use my own DNS වෙත ගොස් Nameservers ස්ථානයේ Blogger හි නේම්සර්වරය වන ghs.google.com ලබාදීම පමණයි. (IP ලිපිනයක් ලබාදීම අවශ්‍ය නෑ)
Blogger හිදී අවශ්‍ය settings සිදුකරන ආකාරය මගේ මේ ලිපියේ ඇති. (මේක ආයෙ ආයෙත් ලියන්න ඕනෙ නැති නිසයි මේ ලින්ක් එක දාන්නෙ..)
http://blog.indranama.com/2009/04/hosting-නැතිව-බ්ලොග්-එක-තමන්ගේම-domain/
මේ වගේ free දෙන domain වල (තවත් මේ වගේම එකක් තමා www.co.cc ) ගුණාත්මක භාවය හෝ ස්ථීර භාවය ගැන මම වග කියන්නේ නැති බවත් disclaimer එකක් විදියට සඳහන් කරන්න ඕනෙ අන්තිමටම.
Excel World හි අමතක නොවන දිනයක් | සිංහල බ්ලොග්කරුවෝ ප්‍රථම වරට රැස්වෙති
මාස කීපයක් තිස්සේ නොඉවසිල්ලෙන් බලා සිටි දවසක් ඊයේ උදා උනා. ඒ තමයි සිංහල බ්ලොග්කරුවන්ගේ ප්‍රථම හමුවීම. මේ හමුවීම කාටත් අවශ්‍යව තිබූ දෙයක් උනත් මේක කඩිනමින් පවත්වන්න මග පෑදුනේ මධුරංග ප්‍රභාත් විසින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ගූග්ල් සමූහයට යොමු කල ලිපියක් බවත් මතක් නොකර බැහැ. සමූහය තුල වෙන වෙනස් thread තුල ලිපි 500ක් පමණ මේ හමුව ගැන හුවමාරු වෙන්නට ඇති.
හැමදාම අන්තර්ජාලය තුල එකිනෙකාගේ බ්ලොග් කියවමින්, චැට් සංවාදවල යෙදෙමින්, ගූග්ල් සමූහය තුල සංවාද කරමින් සයිබර් අවකාශයේ අතත්‍ය පරිසරයේ හමුවූ උදවිය හැබැහින් දැන අඳුනාගෙන කතා කරන්නට ලැබෙන අවස්ථාව මට නං සෑහෙන්න වැදගත් එකක් වුනා. හොඳ community එකක් ලෙස සවිමත් වීමට මෙසේ හැබෑ ලෝකයේදී හමුවී දැන හඳුනා ගැනීමත් සෑහෙන්න වැදගත් කියලයි මම හිතන්නේ. මෙම අවස්ථාව බ්ලොග් ලියන අයට පමණක් නොව කියවන අයටත්, ඒ ගැන උනන්දුවක් ඇති අයටත් විවෘත වුනේ පාඨකයන් නැති බ්ලොග් ප්‍රජාවක් ලුණු නැති හොද්දක් වගේ වන නිසා.
ඔන්න ඉතිං කොහොමින් හරි මේ අවස්ථාව අන්තිමේ දෙසැම්බර් 19 වෙනි දින කොළඹ 10, Excel World හිදී උදෑසන 11 සිට සවස 3 දක්වා පවත්වන්නට හැකි උනා.  ගූග්ල් සමූහයේදී විශාල පිරිසක් “අපි අනිවා එනවා…” යැයි දිවුරා පැවසුවත් ආවේ නං 50-60කට ආසන්න සංඛ්‍යාවක් :D මේ අතුරින් මධුරංග ප්‍රභාත්, චානක මුණසිංහ (මකරා), කතන්දර කාරයා වැනි උදවිය විදේශ වල සිට මේ අවස්ථාවට සහභාගී වෙන්නට පැමිණ සිටීම විශේෂ දෙයක් උනා. බ්ලොග් නොලියන, ඒත් කියවන පාඨකයනුත් සෑහෙන්න පිරිසක් පැමිණ සිටීමත් කැපී පෙනෙන සිදුවීමක්.
සිංහල බ්ලොග් බලකාය !
[ මෙම ඡායාරූපයේ වැඩියෙන්ම කැපී පෙනෙන පුද්ගලයා කවුදැයි කමෙන්ට් වල සඳහන් කිරීමෙන් ජයග්‍රහණය කරන අයට වටිනා ත්‍යාග පිරිනැමේ ! :D ]
මේ අවස්ථාව ustream.tv අඩවිය ඔස්සේ සජීවීව අන්තර්ජාලයට මුදාහරින්නටත් කටයුතු කල අතර එම පටිගත කරන ලද වීඩියෝ මෙහිදී දැකගන්න පුලුවන්. වීඩියෝ තරමක් quality අඩු වීම ගැන නම් සමාවෙන්න ඕනෙ.
දසුන් යුනිකෝඩ් ගැන කියාදෙමින්
11 සිට 1 දක්වා පැය 2 වෙන්කර තිබුනේ රැස්වීමකට. මේ සඳහා Excel World හි Conference Room එකක් යොදාගත්තා. මුලින්ම පැමිණ සිටි බ්ලොග්කරුවන්, පාඨකයින් තමා පිලිබඳව පොඩි හැඳින්වීමක් කරමින් අන් අයත් හඳුනාගත්තා. එහිදී සභාව ඇමතූ කාලිංග සංසදයේ ආරම්භයේ සිට මේ දක්වා වැදගත් සිදුවීම් පිලිබඳව විවරණයක් සිදු කල අතර සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය පවතින්නේ කුමක් සඳහාද යන්න පිලිබඳවත්  විග්‍රහ කලා. ඉන්පසුව දසුන් සමීර වීරසිංහ විසින් සිංහල යුනිකෝඩ් පිලිබඳව කෙටි හැඳින්වීමක් සිදුකලා.  චානුක වත්තේගම, බන්දුල රණතුංග යන මහත්වරුද මෙහිදී තම අදහස් දැක්වූවා.
1 සිට 3 දක්වා ආහාර ගැනීම යෙදී තිබුනු අතර කලින් සිතා සිටි පරිදි අප සියලු දෙනාටම එකලඟ මේස වල සිට ආහාර ගැනීමට නොහැකි වූයේ නිවාඩු දවසක් වීමත්, නත්තල් විවිධ ප්‍රසංගයක් එහි පැවැත්වීමත් නිසා එදා Excel World එක ජනාකීර්ණ වි තිබීම නිසයි. ආහාර වෙලාවේ බොහෝ පිරිසක් සමග කතා කිරීමට  සිතා සිටියත් අවසානයේ මටත් රවිමල්ටත් සිදුවූයේ තනිවම මේසයකට වී ආහාර ගැනීමටයි :D නමුත් ආහාර ගැනීමෙන් පසුව සෑහෙන්න දෙනෙක් හා කතා කිරීමට හැකි වුනා. පුෂ්පා රම්ලානි මහත්මිය සමග කතා කරන්නට නොහැකී වීම ගැන නම් දැනුත් දුක් වෙනවා.
කාලිංග අයියා, බුද්ධික අයියා හා සූ අක්කා
කොහොම හරි ඉතින් අවසානයේ සභා තොමෝ ජොලියෙන් විසිර ගියාහ :D අමතක නොවෙන දවසක් අවසන් උනේ ඒ විදියටයි. ඊලඟ හමුව මීටත් වඩා සාර්ථක විදියට පවත්වන්න ඕනෙ කියන අධිෂ්ඨානය හැමෝගෙම සිත් තුල ඇති උනා කිව්වොත් මම නිවැරදියි කියලා හිතනවා.
SBU හමුවේදී මුනගැසුනු අයියයි මල්ලියි | ශ්‍රීශානු සහ ශාකුන්තල
Breaking News: මීලඟ සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවීම අපේ බින්කුවා තම සම්පූර්ණ පෞද්ගලික වියදමින් කොළඹ Cinnamon Grand හෝටලයේ පවත්වන්නට සූදානම් බව වාර්තා වේ :D
කලින් කියන්න අමතක උනා නෙව. මේ පොටෝ මම ඉස්සුවේ මලින්ත, ගයාන් තාරක, රචින්ත ජයවර්ධන, ලිෂාන් යන කට්ටියගේ facebook album වලින් :P
සම්මතය බිඳ…
විවේකයක් ලදින් සින්ඩිය පැත්තට යමි,
අලුත් බ්ලොග් ලිපි බලන්නට,
උඩින්ම ඇති බ්ලොග් අඩවියට යමි,
“hGhik xwqpmk pkdJHU ssokhiiej kspipkjdiji…….”
නොතේරෙන හරුපයකි,
සයිඩ්බාර් එකේ සඳහන්ය,
“To view the content of this blog, download this font- Colombo7.ttf”
හරි,
ඒ අකුරු මෝස්තරය පිහිටුවාගෙන ලිපිය කියවමි.
දෙවැනි බ්ලොග් අඩවියට යමි,
“fghgYYFsdio jkseqqpkn Ysdgh…….”
තවත් නොතේරෙන හරුපයකි,
සයිඩ්බාර් එකේ සඳහන්ය,
“To view the content of this blog, download this font- Senkadagala.ttf”
හරි,
ඒ අකුරු මෝස්තරයත් පිහිටුවාගෙන ලිපිය කියවමි.
තෙවැනි බ්ලොග් අඩවියටත් යමි…….
ඇති,
සිංහල බ්ලොග් කියවීම මට නං එපා විය….
2010 වසරට අලුත් වැඩ දෙකක්
කාලෙන් කාලෙට දේවල් වෙනස් වෙනවා, දියුණු වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඔන්න ඉතින් ඉන්දරේගේ සයිබර් සිතුවිලි බ්ලොග් එකත් ඒ විදියට දියුණු වෙලා අලුත් විශේෂාංග 2ක් එකතු වෙන්නයි යන්නේ. දැන් මගේ බ්ලොග් එකට අවුරුද්දකට කිට්ටු වෙන්න වයසයි. ඉතිං මේ අලුත් වැඩ කිඩ දෙක මොනවද කියලා මම පිලිවෙලින් කියන්නම්.
එක:
මම අදහස් කලා මගේ බ්ලොග් එක තුලින් සරල සිංහලෙන් “C++ සමග ප්‍රෝග්‍රැමිං” කියලා පාඩම් මාලාවක් අරඹන්න. නමෙන් කියවෙන විදියටම C++ මුලසිට සරලව කියාදෙන්නයි බලාපොරොත්තුව. Hello World ඇප්ලිකේෂන් එකේ සිට Data Structures and Algorithms දක්වා.
දැන් මේක කියවන අයට නැගෙන ප්‍රශ්න (FAQ – Frequently Asked Questions)කීපයකට උත්තර දෙන්නම්.
“ඇයි C++ වගේ පරණ එකක්? Java හොඳ නැද්ද?” – C++ යල්පැන ගිහින් කියලා කියන්නත් බෑ. තරමක් අඩුවෙන් උනත් (ජාවා හා .NET වලට සාපේක්ෂව) තවමත් ක්ෂෙත්‍රයේ C++ භාවිත වෙනවා. ඒ වගේම මට හිතෙනවා ප්‍රෝග්‍රෑමිං වලට අත්පොත් තියන්නෙකුට Java වලට වඩා C++ ලේසි වෙයි කියලා ආරම්භයක් විදියට. අනික Java කියන්නේ  well-documented භාෂාවක් නිසා අන්තර්ජාලයේත් ඕනෑතරම් උදව් ලබාගන්න ක්‍රම තියෙනවා. නමුත් පැරණි භාෂාවක් වන C++ සඳහා හොඳ documentation එකක් නැති කමින් අන්තර්ජාලයේවත් උදව්වක් ලබාගන්න පුලුවන් තැන් බොහොම අඩුයි. 3 වෙනි කරුණ තමා මම Java වලට වඩා හොඳින් C++ දැන සිටීම ! :D
“මේ පාඩම් මාලාව වෙනම බ්ලොග් එකක ලිව්වොත් නරකද?” – මේක මටම මුලින් ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මම මේ ගැන බුධාජීව මලයා එක්කත් කිව්වා. එයාගේ අදහස උනෙත් මේ බ්ලොග් එකේම ලියන්න කියන එක. මේකට වෙනම බ්ලොග් එකක් පටංගන්න තරම් මම වෘත්තීය මට්ටමින් ලියන්නෙක් නොවීමත්, මගේ ආත්ම තෘප්තිය උදෙසා මෙය ලිවීමත් නිසා මමත් අවසානයේ තීරණය කලා මගේ බ්ලොග් එකේම මෙය ලියන්න.
කාටහරි මගේ C++ ලිපි පෙල විතරක් කියවන්න අවශ්‍ය නම් ඒ සඳහා වෙනම category එකක් හදලා තියෙන නිසා මෙන්න මේ direct link එකෙන් C++ ලිපි පෙල වෙත යන්න පුලුවන්. http://blog.indranama.com/category/cpp/ ඒ වගේම C++ ලිපි සඳහා subscribe වෙන්න ෆීඩ් ලිපිනය පාවිච්චි කරන්න පුලුවන්. http://blog.indranama.com/category/cpp/feed/
දෙක:
මගේ විනෝදාංශයක් මගින් මම ඉගෙන ගන්න දේවල් ටිකකුත් මම බ්ලොග් එකේ ලිපි පෙලක් විදියට ලියන්න කල්පනා කලා. ඒ තමයි ලෝක ඉතිහාසයේ සිදුවූ වැදගත් සිදුවීම්. මගේ විනෝදාංශයක් තමයි ඔය වගේ දේවල් අන්තර්ජාලයෙන් කියවලා බලන එක සහ ඒ ගැන තියෙන Documentry බාගෙන බලන එක. (අනිත් යාලුවො ෆිල්ම් එකතු කරල බලන අතරෙ මම ඩවුන්ලෝඩ් කරන්නෙ මේ වගේ documentry :D ) ආ… මේ ලෝක ඉතිහාසයේ කිව්වේ මහා ඇලෙක්සැන්ඩර්ගේ කාලෙ, එහෙමත් නැත්තම් ගෙන්ගීස් ඛාන් ගෙ කාලෙ තරම් පැරණි සිදුවීම් නෙමේ. මෑත ඉතිහාසයේ, අවුරුදු දෙසීයක් තරම් කාලයේ සිදු වූ දේවල්. අපේ රටේ ඉතිහාසය ගැන ඉස්කෝලේ උගන්නන නිසා අපි සෑහෙන්න දේවල් දන්නවා උනත් ලෝක ඉතිහාසය ගැන අපි දන්න දේවල් ගොඩක් අඩුයි. ඒ නිසයි මම දැනගත්ත දේවල් ටිකක් හරි සිංහලෙන් කියන්න කල්පනා කලේ.
ලෝකය ගමන්ගත් මග තීරණය කලේ ඉතිහාසයේ සිදුවූ ඇතැම් මෙවන් සිදුවීම් වෙන්න පුලුවන්. ඒ නිසා මේවට History’s Turning Points කියලත් කියනවනේ. ඒ වගේම ප්‍රසිද්ධ කියමනක් තියෙනවනේ History Repeats Itself කියලා. ඒ නිසා අනාගතයේත් එවන් සිදුවීම් නැවත වෙන්න ඉඩ තියෙන නිසා අපි ඒවා ගැන දැනුවත් වීම වැදගත් වෙයි නේද?
කාටහරි මගේ ඉතිහාස ලිපි පෙල විතරක් කියවන්න අවශ්‍ය නම් ඒ සඳහා වෙනම category එකක් හදලා තියෙන නිසා මෙන්න මේ direct link එකෙන් ඉතිහාස ලිපි පෙල වෙත යන්න පුලුවන්. http://blog.indranama.com/category/history/ ඒ වගේම ඉතිහාස ලිපි සඳහා subscribe වෙන්න ෆීඩ් ලිපිනය පාවිච්චි කරන්න පුලුවන්. http://blog.indranama.com/category/history/feed/
ඔන්න මේ විදියට මම දැං ලිවීමෙන් ටිකක් බිසී වෙන්නයි යන්නේ ! කමක් නෑ ඉතින්, මට තියෙන එකම විනෝදාංශෙත් මේකනේ. මේ අතරෙ මම Digit.lk සඟරාව සඳහා Database Management Systems ගැන පාඩම් මාලාවකුත් ලියනවා. ලඟදි ආරම්භ වීමට නියමිත Cplus සඟරාව සඳහා Computer Graphics and Photoshop ගැනත් ලිපි පෙලක් ලියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලියන එකම තමයි දැං එකම රාජකාරිය !
bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය මෙසේ වේ.
ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික
කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී.
lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල,
ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී.
අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට
සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව
පිලිබඳවය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ
පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල
භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට
එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.
ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප
වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන්
ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters
Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු
3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර,
ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට
පෙර අසා නැත්තෙමු.
BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික
පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය
කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත්
මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ
(http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක්
(ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම
තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය
අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක්
ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද
අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට
කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන
සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා
.LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු
ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු
එකක් ලෙස ය).
තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල
බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most
Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා
අස්කරගනු ලැබේ.
මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.
තරග සංවිධයෙකයින් විසින් දැන් ජයග්‍රාහකයින්ට නොමිලේ invitation ලබා දෙන බව පවසන බව ආරංචි වුවත්, මුලින්ම අප හට ලැබුනු නිල ඊමේල් ලිපියේ එසේ සඳහන් නොවීය. කටුස්සන් සේ පාට මාරු කිරීම ගැන ද මම පෞද්ගලිකව විරෝධය පල කරමි.
Blogger ද? WordPress ද?
ටෙක්කතා වලත්, SBU ගූග්ල් සමූහයෙත් නිතර ඇසෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න හිතුනා. ඒ තමා බ්ලොග් එකක් පටං ගන්න වඩාත් සුදුසු blogger ද, නැත්තං wordpress(.com) ද? කියන එක. ඇත්තටම බ්ලොග් එකක් පටංගන්න හදන කෙනෙක්ට මේක මුලින්ම ඇතිවන ලොකු ගැටලුවක්. මට මේ ගැටලුව ආවෙ නැත්තෙ සිංහල බ්ලොග් එකක් පටංගන්නකොටත් මම wordpress කියන්නෙ මොකක්ද කියලා අහල නොතිබ්බ නිසා, කෙලින්ම මම පටංගත්තෙ blogger වලින්. ඒත් පසුකාලීනව blogger මෙන්ම wordpress.com වගේම self hosted WordPress පවා පාවිච්චි කරලා මට අත්දැකීම් තියෙන නිසා  මට හිතෙනවා මේවා compare කරලා ලිපියක් ලියන්න. අලුතෙන් බ්ලොග් එකක් පටං ගන්න කෙනෙකුට මේක වැදගත් වෙයි කියලා හිතෙනවා.මේ ක්‍රම දෙකෙන්ම බ්ලොග් හදාගන්න සතපහක්වත් වැය නොවන බවත් මතක් කරන්න ඕනෙ.
මුලින්ම අපි Blogger ගැන කතා කරමු.
මුලින්ම ගත්තොත් ඔබට දැනටමත් gmail ලිපිනයක් තියෙනවනම් වැඩේ සෑහෙන්න දුරට සම්පූර්ණයි. www.blogger.com වෙත ගොස් ඔබේ gmail ලිපිනයෙන් ලොග් වෙලා බ්ලොග් එකක් පටංගන්න පුලුවන්. ඊලඟ ප්‍රධාන දේ තමයි බ්ලොග් එකේ පාලක පැනලය හෙවත් settings page එක ගොඩක් සරල වීම. සැකසුම් හදාගන්න එහෙම ඒක ලොකු පහසුවක්. ඒ නිසා තමයි බ්ලොග්කරණයට සහ අන්තර්ජාලයට  නවකයෙක් නම් බ්ලොගර් පාවිච්චි කිරීම සුදුසුයි කියල කියන්නෙ.
තවදුරටත් තියෙන වාසි ගැන කිව්වොත්, බ්ලොගර් හි side-bar එකේ widget සඳහා javascript පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නේ සයිඩ්බාර් එකේ හොඳ හොඳ වැඩකෑලි දාන්න පුලුවන් කියන එක තමා :P බ්ලොගර් හි තීම් එක ඇත්තේ තනි xml file එකක් විදියට, එය අපිට ඕනෙ විදියට වෙනස් කරගන්න ඉඩ දෙනවා. ඒ නිසා බ්ලොග් එකේ පෙනුම අපිට fully customize කරගන්න පුලුවන්. ඒ වගේම ඔබේම ඩොමේනයක් තියෙනවනම්, .blogspot.com ලිපිනය වෙනුවට ඒ ඩොමේනය පාවිච්චි කරන්නත් ඉඩකඩ සලසා දෙනවා. මේක කරගන්න විදිය මගේ මේ ලිපියේ ඇති. ඒ විදියට තමන්ගේ ඩොමේන් එකෙන් blogger බ්ලොග් එකක් රන් කරන එකට උදාහරණයක් තමා ශාකුන්තලගේ බ්ලොග් එක.
blogger වල අවාසි පැත්ත ගැන කතා කලොත් බ්ලොගර් වල මම දකින ප්‍රධාන අවාසිය තමා තීම් එක තනි xml එකක් විදියට තියෙන නිසා තීම් එකේ ලොකු ලොකු වැඩ දාන්න බැරි වීම. මේකෙ දෙපැත්තක් තියෙන බවත් කියන්න ඕනෙ. එනම් wordpress.com වලට සාපේක්ෂව මේ xml ෆයිල් එක නිසා blogger වල තීම් එක අපිට customize කරගන්න පුලුවන්.
දැන් කතා කරමු wordpress(.com) ගැන.
වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් ලබාගන්න www.wordpress.com හි රෙජිස්ටර් වෙන්න ඕනේ. මේක පහසුවෙන් කරගන්න පුලුවන්. වර්ඩ්ප්‍රෙස් වල පෝස්ට් එකක් ලියන තැන, හෙවත් editor එකේ බ්ලොගර් වලට වඩා ගොඩක් tools තියෙනවා. කැමති නම් full screen editor එකක් ගන්නත් පුලුවන්. images අප්ලෝඩ් කරන්න 3GB ඉඩක් ලබාදෙනවා, මෙය බ්ලොගර් හි (Picasa Web) 1GB ඉඩක් පමණයි. බ්ලොගර්වල නැති, වර්ඩ්ප්‍රෙස් වල තියෙන තවත් පහසුකමක් තමා අවශ්‍ය පෝස්ට් සඳහා පාස්වර්ඩ් එකක් දීමේ හැකියාව.ඒ වගේම මත විමසුමක්, කෙටියෙන් කිව්වොත් poll එකක් සාදාගන්නත් පහසුකම් ලබාදීලා තියෙනවා.
බ්ලොගර් හි ඇත්තේ Categories විතරයි. ඒවා හඳුන්වන්නේ Label වශයෙන්. නමුත් වර්ඩ්ප්‍රෙස් වලදී Categories මෙන්ම Tags පහසුකම ද තියෙනවා. (Categories කියන්නේ පෝස්ට් වර්ගීකරණය කිරීම, Tags කියන්නේ පෝස්ට් එකේ තියෙන විශේෂික keywords ටිකක්. tag කිරීමෙන් search engine වලට පහසුවෙනවා පෝස්ට් එකේ කරුනු එකත් කරගන්න)
වර්ඩ්ප්‍රෙස් වල අවාසි ගැන කිව්වොත්, ප්‍රධාන අවාසිය dashboard එකේ settings ඕනෑවටත් වඩා වැඩිවෙලා සංකීර්ණ වීම. ටිකක් පුරුදු කෙනෙකුට නම් මේක ප්‍රශ්නයක් නෙමෙයි. අලුත් කෙනෙකුට නම් ටිකක් අමාරු ගතියක් දැනේවි.  ඊලඟ අවාසිය side-bar එකට Javascript දාන්න බැරිවීම. මේ නිසා javascript නැති hit counter හොයන්න වෙනවා හිට් කවුන්ටරයක් දාන්න ගියාම. මේකෙන් වෙන ප්‍රධාන අවාසිය තමා Google Friend Connect දාගන්න බැරි වීම. (GFC කියන්නේ මේ බ්ලොග් එකේ පැත්තක තියෙන්නේ රූප ගොඩක් එක්ක Follow this Site කියලා කොටුවක්. අන්න ඒක)
තීම්ස් ගැන කතාකලොත් වර්ඩ්ප්‍රෙස් වල වැඩි තීම් ප්‍රමාණයක් එනවා අපිට තෝරගන්න. (බ්ලොගර් වල පෙරනිමියෙන් එන්නේ මෙලෝ රහක් නැති තීම් කීපයක් විතරයි.) නමුත් අවාසි පැත්ත තමයි තීම් එක edit කරන්න ඉඩ නොදීම. Stylesheet එකේ වෙනස්කම් කීපයක් කරන්න විතරයි ඉඩ දෙන්නේ.
මෙන්න හොඳම හරිය. හෙවත් කමෙන්ට් ගැන. වර්ඩ්ප්‍රෙස් වලදි බ්ලොග් එකේ අයිතිකරුට කමෙන්ට් edit කරන්න පුලුවනි. ඒ වගේම වැදගත්ම දේ තමා කමෙන්ට් එකක් දම්මාම ඒ කමෙන්ට් එක දාපු කොම්පියුටරේ IP address එක බ්ලොග් අයිතිකරුට බලාගන්න පුලුවන්. keywords ටිකක් දීලා ඒවා අඩංගු කමෙන්ට් බ්ලොක් කරන්න පුලුවනි. යම් email address හෝ IP වලින් දාන කමෙන්ට් බ්ලොක් කරන්න පුලුවනි. මේ වගේ comments සම්බන්ධව ගොඩක් බලතල බ්ලොගර් වලට සාපේක්ෂව වර්ඩ්ප්‍රෙස් වලදි ලැබෙනවා. හැබැයි ඉතින් මේ පහසුකම් ඉතිං සාධාරණ විදියට පාවිච්චි කරන එක තමන්ගේ යුතුකමක්.
බ්ලොගර් වලදි කමෙන්ට් එකක් දැමූ කෙනොගෙ රූපයක් වැටෙන්නෙ එයා blogger profile එකකින් කමෙන්ට් කලොත් විතරයි. නමුත් වර්ඩ්ප්‍රෙස් වල gravatar පහසුකම නිසා gravatar හි තම රූපය දාලා තියෙන අයගෙ ඊමේල් ලිපිනයෙන් ඔහුගෙ avatar එක ලබාගන්නවා.
තමන්ගේ ඩොමේන් එකක් බ්ලොග් එක සඳහා පාවිච්චි කරන්න wordpress.com වල ඉඩදෙන්නේ නෑ. දෙනවා, ඒ සඳහා මුදල් ගෙවන්න ඕනෙ.
මං කලිනුත් කිව්වා වගේ වර්ඩ්ප්‍රෙස් වල සෙටිංස් ගොඩාක් තියෙන නිසා තවත් advanced settings රාශියක් තියෙනවා ඒකේ. උත්සාහ කරලා බලන්න පුලුවන්.
මං හිතනවා ප්‍රමාණවත් දෙයක් කියවුනා කියල. මට කියන්න අමතක වෙච්ච දේවල් කමෙන්ට් වලදි කියවේවි. ඒ නිසා මේක කියවලා blogger හා wordpress සසඳන අය කමෙන්ට් බලන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මට කියන්න අමතක වෙච්ච වැදගත් කරුණු කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
තමන්ට webhosting එකකුත් තියේනං wordpress තමන්ගේ වෙබ්ස්පේස් එකේ ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්. මේකෙන් අපිට අපේ බ්ලොග් එක අපිට ඕනෙ හැටියට customize කරගන්න අවස්ථාව ලැබෙනවා. වැඩි විස්තර සඳහා www.wordpress.org වෙන යන්න. මලින්තගේ මූලිකත්වයෙන් හා තවචත් ගොඩක් දෙනෙකුගේ සහයෝගයෙන් wordpress සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ සඳහා si.wordpress.org වෙත යන්න.  මේ බ්ලොග් එක දුවන්නේ එසේ si.wordpress.org මගින් වර්ඩ්ප්‍රෙස් ලබාගෙන එය මගේ වෙබ් ස්පේස් එකක ඉන්ස්ටෝල් කිරීමෙන්.
අවසන් වශයෙන් මගේ මතය කියන්නම්.
ඔබ බ්ලොග්කරණයට හා අන්තර්ජාලයට අලුත් කෙනෙක් නම්, මුලින් Blogger වලින් පටන් ගන්න. ට්‍රැක් එකට වැඩිලා සෙල්ලං ටික ඉගෙන ගත්තට පස්සේ වර්ඩ්ප්‍රෙස් වලට යන්න, කැමතිනම්.
අතරමැදි අවස්ථාවලට තමා wordpress.com හොඳ. උදාහරණෙකට ඔබට comment වල බලතල අවශ්‍ය නම්, යම් හේතුවක් නිසා.
ඔබ බ්ලොග්කරණය ගැන දැනුමක් තියෙන කෙනෙක් නම්, වැඩකිඩ දාන්න කැමති නම් වර්ඩ්ප්‍රෙස්, වඩාත් නිවැරදිව කිව්වොත් තමන්ගේම වෙබ්ස්පේස් එකක වර්ඩ්ප්‍රෙස් පිහිටුවා ගැනීම තමයි හොඳ.
වැඩිදුර විස්තර සඳහා මේ ආටිකල් ටිකත් බලන්න. බ්ලොග්කරණය ගැන උදව්වක් ඕනෙ නම් යන්න ඕනෙ හොඳම තැන තමා සිංහල බ්ලොග්කරුවන්ගේ ගූග්ල් සමූහය. නැත්තම් මට ඊමේල් එකක් දැම්මොත් පුලුවන් උදව්වක් නං කරන්නම්.
නොමිලේ දෙන wordpress.com බ්ලොග් එකකත්, තම වෙබ් ස්පේස් එකක wordpress ඉන්ස්ටෝල් කරගැනීමේත් අතර සැසඳීමක් ඊලඟට ලියන්න බලාපොරොත්තු වෙනවා.
visit Facebook fan page here
Free Hosting, Photoblog හා PixelPost
මම photoblog එකක් පටං ගත්තෙ මාස දෙකකට විතර කලින්. ඒක පටන් ගන්න හිතුනෙ මලින්තගේ පොටෝබ්ලොග් එක දැකල. ඉතින් මම හිතුවා මගේ පැත්තකට දාලා තියෙන .info ඩොමේන් එකෙන් වැඩක් ගන්න, ඒකෙන් පොටෝබ්ලොග් එකක් දාන්න. දැං කැමරාෆෝන් එකකුත් තියෙන නිසා හොඳ ෆොටෝ ටිකක් ගන්න පුලුවන් වෙයි කියලා හිතුනා.
පොටෝ බ්ලොග් එකක් පටං ගන්නව කියන්නෙ bandwidth කන වැඩක්. පොටෝ එකක් 0.4MB වත් වෙනවා. අවුරුද්දක් විතර පොටෝ එකතු කරාම web space එකත් ඉවරවේවි. ඉතිං මේක මගේ මේ බ්ලොග් එක තියෙන හොස්ට් එකේම දාගත්තොත් මාසෙ ඉවරවෙන්නත් කලින් bandwidth පනී කියලා හිතුනා. ඒ නිසා විසඳුම විදියට 000webhost කියන free hosting සර්විස් එකේ මගේ පොටෝ බ්ලොග් එක පටං ගත්තා.
කාලය හොඳින් ගත වී ගියත් ඊයෙ පෙරේදා බලනකොට ftp වලින් ලොග් වෙන්න බෑ. cpanel එකවුන්ට් එකේ පාස්වර්ඩ් එකත් ඒකමයි, cpanel ලොග් වෙන්න පුලුවන්, ftp ලොග් වෙන්න බෑ. පොටෝබ්ලොග් එකට මම පාවිච්චි කරපු Yet Another Photoblog කියන වර්ඩ්ප්‍රෙස් ප්ලගිනයේ අලුත් version එකක් ඇවිත් තියෙන වග දන්වපු නිසා මම ඒක අප්ඩේට් කරන්න ගියා. හුටා ! අප්ඩේට් වෙන අතරෙදි connection එක reset උනා ! ප්ලගිනයත් ඉවරයි. ඉතිං දිගටම ftp වලින් ලොග් වෙන්න උත්සාහ කරන අතරේ මට මේල් එකක් ආවා “account එක misuse කරපු නිසා suspend කලා” කියලා. free usersලාට suspend කරපු account නැවත active කරගන්නත් බැරිලු. :@
ඉතිං ඒපාර shutterchance.com කියන free photoblog සර්විස් එකේ බ්ලොග් එකක් පටං ගත්තා ඊයේ. ඒක එච්චර අල්ලලා ගියේ නෑ, restrictions නිසා. දවසකට එක පොටෝ එකයි publish කරන්න පුලුවන්.
පොටෝබ්ලොග් සිහිනය අතඇරලා දාලා ඉන්නකොට අද උදේ ගයාන් කල්හාර මල්ලි එකඟ උනා තමන්ගෙ සර්වරෙන් ස්පේස් එකක් මට පරිත්‍යාග කරන්න. ඉතිං ගයාන් මල්ලිගේ පිහිටෙන් ආයෙත් මගේ ඩොමේන් එකේම පොටෝබ්ලොග් එක පටන්ගත්තා. ඔන්න විපතේදී අතහිත දීම ගැන ගයාන් කල්හාර මල්ලිට මගේ ස්තූතිය හිමිවෙනවා.
කලින් මම පොටෝබ්ලොග් එක කලේ WordPress මත. WordPress සඳහා Yet Another Photoblog කියන ප්ලගින් එක හෝ PhotoQ ප්ලගින් එක දැම්මාම හොඳ පොටෝබ්ලොග් එකක් හදාගන්න පුලුවන්. නමුත් WordPress වල ප්‍රශ්නේ තමා අධික resource හා bandwidth පරිභෝජනය කිරීම.
ඊයෙ හදිස්සියෙම හර්ෂණ මට එයාගෙ පොටෝබ්ලොග් එක පෙන්නුවා. බැලින්නං ඒක හදලා තියෙන්නෙ WordPress මත නෙමේ. PixelPost කියලා වෙනත් PHP-MySQL  ‍photoblog script එකකින්.
PixelPost බොහොම “බර අඩු” script එකක්. forum එකේ කියවෙන හැටියට අඩු resources හා bandwidth භාවිතයක් තියෙන්නේ. Script එකේ source file පවා ගොඩක් සරලයි.
ඉතින් ඔන්න මමත් ආපහු මගේ පොටෝබ්ලොග් එක PixelPost මත මගේම ඩොමේනයේ පටන් ගත්තා. මේක සිංහල බ්ලොග් එකක් නොවන නිසා සින්ඩියේ ඇතුලත් වෙන්නෙ නෑ. ඒ නිසා මගේ photography බලන්න කැමති අය මේක bookmark කරන්න, හෝ RSS feed වලට දායක වෙන්න.
http://indranama.info
Twitter පාවිච්චි කරන අයට @lensework ෆලෝ කිරීම මගින් අලුත් පොටෝ එකක් දැමූ විගස ඒ ගැන දැනගන්න පුලුවන්.
එහෙනම් එන්න, ඇවිත් යන්න එන්න…. පින්තූරෙ හිතට අල්ලල ගියොත් කමෙන්ට් එකක් කාරිය දාන්න අමතක කරන්න එපා.
කියවන අයට තේරුනාද මංදා, මෙතෙක් කල් මේ බ්ලොග් එකේ OpenID මගින් කමෙන්ට් එකක් දැම්මාම නම අසලින් OpenID logo එක පෙන්නුනේ නෑ, parent comment වල. Threaded comment වල child comment වල විතරයි logo එක පෙන්නුවේ. මම තීම් එකේ නිමැවුම්කරු වන Sebastian Schneider ට ප්‍රශ්නය කිව්වාම ඔහු වහාම ඊලඟ අප්ඩේට් එකේදි ප්‍රශ්ණය විසඳුවා විතරක් නෙමෙයි මේ තීම් එක සිංහලට පරිවර්තනය කර දෙනවානම් එය ඊලඟ අප්ඩේට් එකේ සිට බෙදාහරින්නත් එකඟ උනා. අන්න අදහන්න වටින මිනිස්සු !