ඉන්ද්‍රනාම » තාක්ෂණික
facebook: තමුන්ගේ ආරක්ෂාව තමුන්ම සලසාගමු
ෆේස්බුක් හි ඡායාරූප මගින් පුද්ගලිකත්වයට හානිවිය හැකි ආකාරයන් ගැනත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක පියවරක් ලෙස Friend List සාදාගැනීම ගැන පසුගිය ලිපියකින් මා කතා කලා. මේ ලිපිය කියවීමට පෙර එම ලිපිය කියවීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතනවා.
ෆේස්බුක් හි ඡායාරූප ගැන කතා කලොත්, අලුත් ෆේස්බුක් සංස්කරනයේදී (පෙරනිමියෙන් එන සැකසුම් අනුව) ඡායාරූප ටැග් වී ඇති අයගේ මිතුරන්ටත් දිස් වන බව ඔබ දන්නවා ඇති. Friend List වලට බෙදා ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමෙන් මෙම ගැටලුව මගහැරෙන බවත් අපි සාකච්ඡා කලා. පසුගිය ලිපියේදී කතා කලේ මෙසේ ඡායාරූප අප්ලෝඩ් කරන අයගේ පැත්තෙන්. එනම් තමන්ගේ ඡායාරූප වලින් එහි සිටින අයට සිදුවිය හැකි හානි අවම කරගන්නේ කොහොමද කියලා. අද කතා කරන්න යන්නේ ඡායාරූප වල ටැග් වී සිටින්නන්ගේ පැත්තෙන්, කොහොමද ඔවුන් සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්නේ කියන එක ගැන. සරලව කිව්වොත් අගතියට පත්වූ පාර්ශ්වය වෙනුවෙන් තමයි අද කතා කරන්නේ :D
මෙහෙම උදාහරණයක් ගනිමු. ඔබ මිතුරන් සමූහයක් සමග විනෝද චාරිකාවක් ගියා. විනෝද චාරිකාවක් ගියා කියන්නේ ඊට පසු දිනයේ සිට ෆේස්බුක් වෙත ඡායාරූප වැසි වසිනවා කියන එකයි. ඔබේ මිතුරා පින්තූර ෆේස්බුක් වෙත එකතු කොට තියෙන්නේ Friends Only වරණය සහිතව. නමුත් ඔබ දන්නවා ඉන් ඔබ ටැග් වී ඇති පින්තූර ඔබේ මිතුරන්ටද පෙනෙන (හා කමෙන්ට් කිරීමේ හැකියාව පවතින) බව.
නමුත් ඔබේ මිතුරු ලයිස්තුවේ සිටින ඇතැම් අයට ඔබේ පින්තූර පෙන්වීමට ඔබට ඇවැසි නැති වෙන්න පුලුවන් (පුද්ගලික හේතු මත). ඔවුන්ව ෆේස්බුක් මිතුරු ලයිස්තුවෙන් ඉවත් කිරීමටත් බැහැ, නමුත් අතේ දුරින් තබාගත යුතු තත්වයක් පවතින අවස්ථා බොහෝ දෙනෙකුට තිබෙනවා. මෙවැනි අවස්ථාවක අර පින්තූර ඔවුන්ට පෙනීම වලක්වන්නේ කොහොමද කියන ප්‍රශ්නය එනවා. පින්තූර අප්ලෝඩ් කල ඔබේ මිතුරාට කිව්වොත් “කරුණාකරලා ඔයා friend list හදලා අදාල අයට පේන්න විතරක් පින්තූර දාන්න“ කියලා ඔය වැඩේ කවදාවත් කෙරෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන් ටැග් වී ඇති පින්තූර අවශ්‍ය අයට විතරක් පෙන්වන්න විදියක් නැද්ද?
ඇත්තෙන්ම පුලුවන්. විශ්වාසවන්ත අයට පමණක් තමා ටැග් වී ඇති ඡායාරූප පෙන්වීමේ හැකියාව පවතිනවා. මේ ක්‍රියාව වඩාත් පහසු කරගැනීමටත් ඒ පුද්ගලයන් List වලට දමා තිබීම වැදගත්. ලිස්ට් සාදාගැනීම හා ඊට මිතුරන් එක් කරන්නේ කෙසේද යන්න ගැන කලින් ලිපියේදී මා කතා කලා.
මෙසේ අවශ්‍ය අයට පමණක් ඡායාරූප දැක්වීම සඳහා අවශ්‍ය සැකසුම් සිදුකිරීමට ඔබ යා යුත්තේ Privacy Settings වෙත. මෙය ඔබේ ෆේස්බුක් වින්ඩෝවේ දකුණුපස ඉහල කෙළවරේ Account යටතේ (හෝ ඔබ Timeline සක්‍රීය කරගෙන ඇත්නම් දකුණු පස ඉහල කෙළවරේ Home අසලින් ඇති ඊ හිස ක්ලික් කිරීම මගින්) ලබාගත හැකියි.
මෙම පිටුවේ පහල කොටසේ How Tags Work යනුවෙන් ඇති හෙඩිම ඉදිරිපස ඇති Edit Settings ක්ලික් කරන්න.
එහිදී මතුවන සංවාද කොටුවේ ඇති Maximum Profile Visibility of posts you’re tagged in once they’re on your profile මගින් ඔබේ Timeline (Wall) එකේ ඇති ඔබ ටැග් වූ අයිතම (ඡායාරූප, ස්ටේටස් අප්ඩේට්) පෙන්විය යුත්තේ කාටදැයි යන්න සඳහන් වෙනවා. දැනට ඒ ඉදිරිපිට ඇති ලයිස්තුවේ ඇත්තේ Friends හෝ Friends of Friends වන්නට පුලුවන්.
මෙම ලයිස්තුව මත ක්ලික් කර Custom තේරීමෙන් ඔබට සුපුරුදු සංවාද කොටුවක් නැවතත් මතුවෙනවා. මින් ඔබට අවශ්‍ය Friend List කීපයකට පමණක් අදාල දේ පෙන්වන ලෙස සකස් කරන්නේ කෙසේදැයි කලින් ලිපිය කියවූ ඔබ දැනටමත් දන්නවා. (ඉන් Specific People or Lists.. තෝරා අවශ්‍ය List යෙදීමෙන්)
මේ ආකාරයෙන් සකස් කල පසු ඔබ ටැග් වූ ඡායාරූප දිස්වනුයේ ඔබ ලබාදුන් List වල සිටින අයට පමණයි. මෙහිදී මතක තබාගත යුතුයි ඔබේ Profile Pictures, Mobile Uploads වැනි ඇල්බම ඕනෑම අයෙකුට දිස්වන බව.
Profile Pictures ඇල්බමය අන් අයට පෙන්වීම අවශ්‍ය නැත්නම් එහි Privacy සැකසුම Only Me ලෙස යෙදීම කල හැකියි. එවිට ඔබේ මිතුරන්ට දිස්වන්නේ ඔබේ දැන් profile picture එක පමණයි, ඒ ඇල්බමයේ ඇති අනිත් පින්තූර පෙනෙන්නේ නැහැ. අවශ්‍ය නම් Only Me වෙනුවට කැමති මිතුරු ලයිස්තුවක් වුවත් ලබාදිය හැකියි.
Facebook හි මිතුරන් දැන්වත් ලැයිස්තුගත කරමුද?
මුලින්ම කියන්න ඕනේ මේ ලිපිය වැදගත් වෙන්නේ Facebook හි තමන්ගේ හා තම මිතුරු මිතුරියන්ගේ පුද්ගලිකත්වය (privacy) ගැන සැලකිලිමත් වෙන අයට පමණයි. අනිත් අයට මෙහි ගන්න යමක් නැති වේවි.
ගත වූ මාසය ඇතුලත Facebook තරමක් අලුත් වීම් වලට බඳුන් වූ බව එය භාවිතා කරන හැමදෙනාම දන්න කරුණක්. මේ අතර එහි profile පවා අලුත්වීමකට බඳුන් වන්නේ Timeline නැමති අලුත් විශේෂාංගය මගින්. තවමත් සියලු දෙනාට මුදාහැර නැති මෙම අලුත් විශේෂාංගය අවශ්‍ය නම් කුඩා hack එකක් මගින් ඔබටත් ලබාගත හැකියි.
යමෙකුට ප්‍රශ්න කරන්න පුලුවන්, “facebook එක මෙච්චර චාටර් තැනක් නම්, ඇයි ඒක පාවිච්චි කරන්නෙ ඒක විවේචනය කර කර?“ කියලා. සත්‍යය තමයි අපි කැමති උනත් තැතත් සමාජ ජාලයන් විසින් අපේ අනාගත අන්තර්ජාලය ආක්‍රමණය කර අවසන්. දිනෙන් දින අන්තර්ජාලය අපේ ජීවිත ආක්‍රමණය කරන අතරම මුලු අන්තර්ජාලයම එකට එක සම්බන්ධ වෙමින් පවතිනවා. facebook එක කැමති උනත් නැතත් එහි භාවිත කරන්නන් බහුතරයක ජීවිත වලට බද්ධ වෙලා. මෙන්න මේ තත්වය මත අපිට සිදුවෙනවා එය පාවිච්චි කරන ගමන්, ඉන් සිදුවෙන්න පුලුවන් අවැඩ ගැන දැනුවත් වෙලා ඉන් වැලකෙන්න. මේක හරියට පිහියක් වගේ. භාවිත නොකර ඉන්නත් බැහැ. ඉන් පාන් කපන්න වගේම මිනීමරන්නත් පුලුවන්. එය තීරණය වෙන්නේ භාවිත කරන කෙනා අතේ.
අනිත් අතට facebook වැනි සමාජ ජාල භාවිත කිරීමේ අවශ්‍යතානයනුත් නැතුවා නොවෙයි. මා නිතර හමුනොවෙන මිතුරන් රැසක් සමග සම්බන්ධතා පවත්වාගැනීමටත්, විවිධ මිතුරු හමු සංවිධානය කිරීමටත් සන්නිවේදන මාධ්‍යය වශයෙන් භාවිතා කරන්නේ facebook සමාජ ජාලයයි. මීට අමතරව ඇතැම් කරුණු පිලිබඳව අන් අයගේ මත විමසීමටත්, විනෝදාංශයක් ලෙසත් මට facebook වැදගත්. ඉන් මා ලබන ලොකුම ප්‍රයෝජනය නම් මා ගන්නා ඡායාරූප වලට නරඹන්නන් හා විචාරකයන් ලැබීමයි.
facebook හි පුද්ගලිකත්වය සම්බන්ධයෙන් වැදගත්ම කරුණ විදියට මම දකින්නේ ඡායාරූප. ඒ නිසා මෙම ලිපිය වැඩිමනත් සාකච්ඡා කරනුයේ ඒ ගැනයි. ඩිජිටල් ඡායාරූප කියන්නේ වරක් “ලීක්“ උනොත් ඇතුන් නෙමෙයි Transformers චිත්‍රපටියේ ඉන්න Optimus Prime ලවා වත් නැවත අද්දන්න බැරි දෙයක්. ශ්‍රී ලංකාවේදී මෙය සැලකිය යුතු කරුණක් වන්නේ රූමත් ගැහැණුළමයින්ගේ ඡායාරූප මොකක්හෝ සයිට් එකක දුටු පමණින් පරිගණකයේ සේව් කරගැනීමටත්, ඒවා ගෙඩි පිටින් elakiri.com වැනි ෆෝරම් වල පෝස්ට් කිරීමටත් පෙළඹෙන තරුණ පරම්පරාවක් මෙරට සිටීම නිසයි. වැරදීමකින් කකුල දණහිසට උඩින් පෙනෙන ලෙස ගන්නා ලද ඡායාරූපයක් ෆෝරම් එකක පල කිරීමෙන් එම කාන්තාව “බඩුවක“ තත්වයට ඇද දැමීමට මෙම පවතින පද්ධතිය සමත්. එමෙන්ම ඒවාට “මෙයාගෙ අරක බලන්න එන්න“ වැනි ටයිටල් යොදා වෙනත් අඩවි සඳහා බැනර ලෙස භාවිතා කිරීමත් සුලබව දැකිය හැකියි.
මෙවැනි තත්වයක් මත facebook වෙත ඡායාරූප ඇතුලත් කරන්නම අවශ්‍ය නම් එසේ ඇතුලත් කරන ඒවා අවශ්‍ය අයට පමණක් පෙනෙන්නට තිබීම වැදගත් කරුණක් බවට පත්වෙනවා.
ඇතැමුන් සිතනවා (විශේෂයෙන් පිරිමින්) තමන්ගේ ඡායාරූප වලින් හානිකර යමක් කරන්නට කාටවත් වැඩක් නැති නිසා තමන්ගේ ඡායාරූප ඇල්බම සියලු දෙනාටම පෙනෙන්නට දැමුවාට ගැටලුවක් නැතැයි කියා. නමුත් මින් ඔබේ ඇල්බම වල සිටින අනෙකුත් අයට, විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට අවැඩක් සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බැව් අමතක කල යුතු නැහැ.
සාමාන්‍යයෙන් facebook වෙත ඡායාරූපයක් ඇඩ් කරන විට, එම ස්ථානයේදීම එය ප්‍රදර්ශනය කල යුත්තේ කාටදැයි තීරණය කල හැකියි.
මෙහි Public වරනය තේරීම මගින් ඔබේ මිතුරන් නොවන facebook සාමාජිකයන්ට පවා මෙම ඡායාරූපය (හෝ ඇල්බමය) නැරඹීමටත්, කමෙන්ට් කිරීමටත් පිලිවන්. මෙය අවශ්‍යවන අවස්ථාත් තිබෙනවා. උදාහරණයක් ලෙස මා ඇතුලු බොහෝ ආධුනික ඡායාරූප ශිල්පීන් තම ඡායාරූප සඳහා නරඹන්නන්/විචාරකයන් සපයා ගැනීමට facebook මාධ්‍යයක් ලෙස භාවිත කරන අතර එය වැඩි පිරිසක් වෙත ගෙනයාමට ඒවා Public ලෙස පලකරනවා.
දෙවැනි වරණය වන්නේ Friends. බැලූ පමණින් “ඔබේ මිතුරන්ට පමණක්“ ප්‍රදර්ශනය වීමකි මින් පෙන්නුම් කෙරුනත් සැබැවින්ම එය එසේ නොවෙයි. ඔබේ ඇල්බමයේ ඡායාරූප වල tag වී සිටින ඔබේ මිතුරන්ගේ මිතුරන්ටත් (friends of friends) එම අදාල tag වූ ඡායාරූප පමණක් මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා. පෙර මින් ප්‍රදර්ශනය කිරීමක් පමණක් සිදු කලත් අලුත් facebook සංස්කරණ සමග ඔවුන්ට මෙම ඡායාරූප සඳහා කමෙන්ට් කිරීමටද හැකියාව ලැබෙනවා.
මෙය වඩාත් අර්බුදකාරී මෙන්ම පුද්ගලිකත්වය කෙරෙහි එල්ලවන විශාලම බලපෑමක් ලෙසයි මා දකින්නේ. මා ඇල්බමයක් සාදා එය “මගේ මිතුරන්ට“ පමණක් පෙන්වන්න යැයි facebook වෙත කියා සිටින්නේ එය ඇත්තෙන්ම “මගේ මිතුරන්ට පමණක්“ පෙන්විය යුතු නිසයි. tag වී සිටිය අයගේ මිතුරන්ට පෙන්වීමට මට අවශ්‍ය නැති වෙන්නට පුලුවන්. මෙහිදී තත්වය නරක අතට හැරෙන්නේ tag වී සිටිය එක් අයෙකුගේ මිතුරන් අනෙකෙකු නොදන්නා අය වීමත්, මෙම මිතුරන් අතරේ පෙර කී අන්දමේ අසහනකාරයන් සිටිය හැකි වීමත් නිසා. (බොහෝ දෙනාගේ facebook හි මිතුරන්ගෙන් වැඩි හරියක් සැබෑ ජීවිතේදී කිසිසේත්ම නොදන්නා අය බව අමතක කල යුතු නැහැ)
තෙවැනි වරනය වන Custom හිදී ඔබට පෙර ගැටලුවට විසඳුමක් සොයාගත හැකියි. මෙම Custom වරණය තේරීමේදී ඔබට මෙම ඡායාරූපය පෙන්වීමට ඇවැසි පුද්ගලයන් වඩාත් විස්තරාත්මකව ලබාදිය හැකියි. මෙහි මුලින්ම ඇත්තේ Friends සහ Friends of Friends. නමුත් මෙම Friends හිදී ද කලින් සඳහන් කලාක් මෙන් tag වී ඇති මිතුරන්ගේ මිතුරන්ටද ඒවා බැලිය හැකියි.
එහි ඇති තෙවැනි වරණය වල Specific People or Lists… යන්න මා සඳහන් කල විසඳුම ලෙසින් දැක්විය හැකියි. මෙම වරණය තේරීමේදී පහතින් මතුවන තීරුවේ දී අපට මෙම ඡායාරූපය පෙන්වීමට අවශ්‍ය පුද්ගලයන් හෝ මිතුරු ලැයිස්තු (Friend List) සඳහන් කල හැකියි. මෙහිදී කිසිසේත්ම tag වී ඇති අයගේ මිතුරන්ට මෙම ඡායාරූපය දිස්වන්නේ නැහැ. (නමුත් ඔබ ඡායාරූපය ප්‍රදර්ශනය කරන මිතුරු ලයිස්තු වලින් පරිබාහිර පුද්ගලයෙක් එහි tag වී සිටිනවානම්, ඒ පුද්ගලයාට පමණක් ඒ ඡායාරූපය දිස්වනු ඇති).
කෙසේ වෙතත් මේ ආකාරයෙන් අවශ්‍ය අයට පමණක් ප්‍රදර්ශනය කිරීම පහසු කරගැනීමට නම් ඔබ ඔබේ මිතුරන් List වලට වෙන් කරගෙන තිබිය යුතුයි. මා දකින අන්දමට මෙය සෑම facebook පරිශීලකයකු විසින්ම අනිවාර්යයෙන් සිදුකලයුත්තක්. පුද්ගලිකව මා විසින් මාගේ විශ්වවිද්‍යාල බැච් සගයින්, පාසලේ පංති සගයින්, කාර්යාලීය සගයින්, ගම් පලාතේ අය, අන්තර්ජාලයෙන් අඳුනාගත් අය, ආදී වශයෙන් විවිධ මිතුරු ලැයිස්තු සාදාගෙන ඇති අතර, ඊට අමතරව මා හට පුද්ගලිකව විශ්වාස කිරීමට හැකි ‘සැබෑ මිතුරන්‘ එම විශ්වාසයේ තරම අනුව Circle 0 සිට Circle 2 දක්වා ලැයිස්තු 3කටද වෙන් කරගෙන සිටිනවා. (අලුතෙන් හඳුන්වා දී ඇති Close Friends මගින් ඔබට සමීපතම මිතුරන් වෙනම ලැයිස්තුවකට එකතු කරගත හැකියි) මේ නිසා මට යමක් Publish කිරීමේදී ඉතා ඉක්මනින් මෙය පෙන්විය යුත්තේ කාටදැයි සඳහන් කල හැකියි.
මෙසේ මිතුරන් ලයිස්තුගත කිරීම https://www.facebook.com/bookmarks/lists මගින් සිදුකරගත හැකියි. කණගාටුවකට මෙන් අලුත් සංස්කරණයේදී මෙසේ මිතුරන් ලයිස්තුගත කිරීම තරමක් අමාරු බැව් කිව යුතුයි. පෙර දී නම් ඉතා පහසුවෙන් මිතුරන් ලයිස්තු වලට ඇතුලත් කිරීමට හැකියාව තිබුනා. ඔබ තරමක් කරදර විය යුත්තේ දැනට සිටින මිතුරන් ලයිස්තුගත කිරීමේ පමණයි. එතැන් පටන් අලුතෙන් එකතු වන මිතුරන් ඒ අවස්ථාවේදීම ලයිස්තුවලට දැමිය හැකියි.
ඔබ තවමත් Timeline ලබාගෙන නැත්නම්, පහසුවෙන්ම මිතුරන් List වලට බෙදීම මෙම ලින්ක් එකෙන් ගොස් සිදුකල හැකියි. http://www.facebook.com/friends/edit/?ref=tn
මෙම ලිපිය පුරාවටම ඡායාරූප පමණක් උදාහරණයකට ගනිමින් සාකච්ඡා කලත්, මෙම සියලු කරුණු status update ආදී අනෙකුත් සියලු පෝස්ට් සඳහා අදාල වෙනවා. ඔබ facebook හි පලකරන සෑම දෙයක්ම පෙන්විය යුත්තේ කා හටදැයි නිර්ණය කිරීමය පුලුවන්. එය වඩාත් ආරක්ෂිතව කිරීම Friend List හැර වෙනත් සුදුසු විකල්පයක් නැහැ.
මෙම ලිපියෙන් දීමට අදහස් කල පණිවුඩය facebook භාවිත කරීමේදී විශේෂයෙන් ඔබේත් අන් අයගේත් පුද්ගලිකත්ව පිලිබඳ සැලකිලිමත් වී, එය ආරක්ෂා කිරීමට කටයුතු කරන්න කියල එකයි. ඔබේ වරදින් ඔබේ මිතුරන්ගේ පුද්ගලිකත්වයට හානි විය හැකියි. මේ පිලිබඳව දෙවරක් කල්පනා කර හැකි ඉක්මනින් ඔබේ දැනට සිටින මිතුරන් ලයිස්තුගත කර, “අවශ්‍ය දේ අවශ්‍ය අයට පමණක් ප්‍රදර්ශනය කරන්න“ කියන දේ සිහි තබා ගන්න කියන එකයි ලබාදෙන අවසන් පණිවුඩය.
Oracle මේ සැරසෙන්නේ කුමකටද?
ගෙවීගිය සතියේ පරිගණක ක්ෂෙත්‍රෙයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ පුවතක් වේ නම් ඒ Oracle සමාගම විසින් Google සමාගමට එරෙහිව නඩුමගට බසින්නට සැරසෙන්නේය යන පුවත ගැන විය හැකිය. මෙම නීතිමය අර්බුදයට පාදක වී ඇත්තේ ගූග්ල් තම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය වන Android නිපදවීමෙහිදී ඔරකල් සමාගමට අයත් Java ක්‍රමලේඛණ භාෂාවේ ඇතැම් කොටස් බුද්ධිමය දේපල අයිතිය දැන දැනම උල්ලංඝණය කරමින් භාවිත කර ඇති බවට ඔරකල් චෝදනා කිරීමයි.
“In developing Android, Google knowingly, directly and repeatedly  infringed Oracle’s Java-related intellectual property. This lawsuit  seeks appropriate remedies for their infringement,”
- Oracle ප්‍රකාශක කැරන් ටිල්මන්
1995 දී ජේම්ස් ගොස්ලිං විසින් ජාවා නිපදවනු ලැබුවේ Sun Microsystem සමාගම සඳහාය. නමුත් Java සම්පූරිණයෙන් Sun හි දේපොලක් වූයේ නැත. ජාවා යනු විවෘත සම්මතයකි (open standard). එහි බොහෝ කේත විවෘත (open source) වේ. විවිධ සමාගම් එම සම්මතය අනුව විවිධ වෙනස්කම් සහිත ජාවා පද්ධති නිපදවා ඇත. Sun සමාගම නිපදවූ ජාවා පද්ධතිය (Sun Java, Sun JDK) මින් වැඩිම ප්‍රසිද්ධියක් උසුලන අතර එහි ඇතැම් කොටස් විවෘත කේත නොවන අතර Sun සමාගම සතු වේ. නමුත් Sun හි ජාවා පද්ධතිය භාවිතා කිරීම සඳහා මුදලක් ගෙවිය යුතු නැති අතර Sun හි බලපත්‍ර ගිවිසුමට එකඟවීම ප්‍රමාණවත්ය. (සම්පූර්ණයෙන් විවෘත කේත ජාවා පද්ධතියක් OpenJDK නමින් බොහෝ ලිනක්ස් පද්ධති සමග මුදාහැරේ)
2009 අගෝස්තු 20 වෙනි දින සිට Oracle සමාගම විසින් Sun සමාගම මිලයට ගත් බැවින් ජාවා හි Sun සතුව තිබූ අයිතීන් දැන් ඔරකල් සතු වේ. ගූග්ල් සමාගම මෙම සන්/ඔරකල් ජාවා සම්මතයන් කීපයක් භාවිත කර ඇත්තේ සිය ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය වන ඇන්ඩ්‍රොයිඩ් නිර්මාණය කිරීමෙහිදීය. ඔරකල් චෝදනා කරන අන්තමට මෙහි පේටන්ට් ගිවිසුම් උල්ලංඝණය කිරීමක් හා බුද්ධිමය දේපොල මංකොල්ලයක් සිදුව තිබේ.
මෙම සිදුවීමේ විවිධ පැති කීපයක් ගැන ක්ෂෙත්‍රෙය් කතාබහට ලක්වේ,
ජාවා භාවිතා කිරීම වෙනුවෙන් මුදල් ඉල්ලීමට ඔරකල්ට කිසිදු අයිතියක් නැති බවත් ජාවා විවෘත සම්මතයක් බවත් වැඩි දෙනෙකුගේ මතය වී ඇති බව පෙනේ.
මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ ඔරකල් කියන ආකාරයට ජාවා හි කේත කොටස් පාවිච්චි කරමින් ගූග්ල් නිර්මාණය කරන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සම්පුර්ණයෙන්ම නොමිලේ (හා විවෘත කේත) ලෙස මුදාහරින්නක් වීමත්, ගූග්ල් ඉන් ලාභයක් නොලබන බවත් ය. එබඳු මුලු ලෝකයටම ප්‍රයෝජනවත් ව්‍යාපෘතියකට අකුල් හෙලීමෙන් ඔරකල් සිය අශිෂ්ඨත්වය ප්‍රදර්ශණය කරතැයි බොහෝ දෙනා අදහස් දක්වා ඇත.
නඩුමගට බැසීමේදී ඔරකල් ඉදිරිපත් කර ඇති කොන්දේසි තරමක් ඕනෑවට-වැඩි ස්වරූපයක් දක්වයි. මුදල්මය වන්දියකට අමතරව එසේ ජාවා කේත කොටස් භාවිතා කර සිදුකරන ලද නිර්මාණ විනාශ කල යුතු බවද ඔවුන් පවසා ඇත. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඇන්ඩ්‍රොයිඩ් ව්‍යාපෘතිය අඩාල කිරීමටදැයි සැක මතුවේ.
ඇන්ඩ්‍රොයිඩ් ව්‍යාපෘතිය අද ඊයේ පටන් ගත් එකක් නොවේ. එය අනවසරයෙන් තම බුද්ධිමය දේපල භාවිත කලේ නම් ඊට විරුද්ධව නැගී සිටීමට ඔරකල් මෙතරම් ප්‍රමාද වූයේ, ඇන්ඩ්‍රොයිඩ් මෙතරම් දියුණු වන තුරුම බලා සිටියේ, මන්ද යන්න පිලිබඳව බොහෝ දෙනා සැක පලකරති. එයද ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියට එරෙහි මාෆියාවක්ද?
ගූග්ල් යනු “සෙල්ලං සමාගමක්“ නොවේ. මෙබඳු බුද්ධිමය දේපල උල්ලංඝණය කිරීමක් ඔවුන් සිදුකරනු ඇතැයි සිතීම උගහටය. සාමාන්‍යයෙන් එබඳු සමාගමක් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී එහි නීතිමය පසුබිම හොඳින් අධ්‍යයනය කරනු ලබයි.
කෙසේ වෙතත් මේ සිදුවීම හරහා ඔරකල් සමාගම නටන්න යන පදය හොඳ නැතැයි අනුමාන කල හැකිය. සන් සමාගම මිලදී ගැනීමෙන් ඔරකල් ලද විශාලම ලාභය MySQL ඩේටාබේස් පද්ධතිය තමන් සතුකර ගැනීම යැයි කියනු ලැබේ. MySQL යනු ක්ෂෙත්‍රෙය්දී ඔරකල් හි ඩේටාබේස් පද්ධතියට සිටින ප්‍රබලම ප්‍රතිවාදියාය. ප්‍රතිවාදියා තමන්සතු කර ගැනීම කෙතරම් වැඩදායකද! අනාගතයේදී ඔරකල් විසින් MySQL හි බලතල අඩුකොට එමගින් ඒ වෙනුවට ඔරකල් පද්ධතිය භාවිත කිරීමට මිනිසුන් පොලඹවනු ඇතැයි සැක කල හැකිය. එවැන්නක් නොවිය හැක්කේ නොවේ.
අනෙක් අතට මෙම නඩුවෙන් ඔරකල්ට ජය හිමිවුවහොත් එය ජාවා පාදක කරගත් මෘදුකාංග නිර්මාණයට බලවත් පහරක් වනු ඇත. දැනට ජාවා මෘදුකාංග නිර්මාණය සඳහා Sun JDK භාවිත කරනුයේ ගෙවීමකින් තොරවය. එසේ මුදල් ගෙවන ලෙස සන් සමාගම ඉල්ලා සිටියේද නැත. මෙයින් පසු ජාවා සඳහා ගෙවීමක් කරන්නට සිදුවුවහොත් ජාවා භාවිතයෙන් මෘදුකාංග නිපදවීම ද මයික්‍රොෙසාෆ්ට් හි .NET මගින් නිපදවන්නාක් මෙන් වියදම් අධික විය හැකිය. ඇතැම්විට ඔරකල් මේ සැරසෙනුයේ සිය ජාවා පද්ධතිය මුදලට විකිණිම ආරම්භ කිරීමේ ක්‍රියාවලියකට විය හැකිය.
ගූග්ල් යනු අන්තර්ජාලයේත්, පරිගණක ක්ෂෙත්‍රෙය්ත් දියුණුව උදෙසා අලුත් දේ කල, නොමිලයේ සේවාවන් රැසක් ලබාදෙන සමාගමක් වීමත්, ඔරකල් යනු තඹ සතයක දෙයක් නිකං නොදෙන, සම්පූර්ණයෙන්ම පාහේ ලාභය ඉපැයීම කේන්ද්‍ර කරගත් සමාගමක් වීමත් මත ක්ෂෙත්‍රෙය් වැඩි දෙනෙකුගේ සහාය ගූග්ල් වෙත හිමිවී ඇති බව දැකිය හැකිය. නමුත් අවසන් තීන්දුව දෙනු ඇත්තේ අධීකරණයයි. මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් ගූග්ල් විසින් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැති බවද සඳහන් කල යුතුය.
පහසුවෙන් mediafire හි ගොනු සොයමු |සරල HTML/Javascript කුප්පියක්
File Sharing, එහෙමත් නැත්තං අපේ ගොනු සුරක්ෂිත කරලා තියාගන්න අන්තර්ජාලයේ ඉඩ කඩ ලබාදෙන අඩවි බොහොමයක් තියෙනවා. මින් Rapidshare, Hotfile, Megaupload, 4shared වැනි අඩවි බොහොමයක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒවාට වෙනත් අය අප්ලෝඩ් කරන චිත්‍රපට, ගේම්ස්, මෘදුකාංග, ගීත එහෙම බාගන්න පුලුවන් නිසා තමයි.
මේ අතරින් මම නම් කැමතිම File sharing සයිට් එක තමයි mediafire. හේතුව තමයි මේකෙන් ඩවුන්ලෝඩ් කරන අයට දෙන වදය අවම වීම. දැකලා ඇති Rapidshare වගේ අඩවි වල ෆයිල් එකක් බාන්න විනාඩියක් විතර බලාගෙන ඉන්න ඕනේ. එකම IP එකකින් එකවර දෙදෙනෙකුට බාන්න දෙන්නෙත් නැති නිසා mobile broadband පාවිච්චි කරන අයට ඒවා අකැපයි. mediafire වල ඔය කිසි කරදරයක් නෑ. තත්පර දෙකතුනක් ඇතුලත ලින්ක් එක පෙන්නනවා. Download manager එකක් භාවිත කරන්නත් කිසි තහනමක් නෑ.
File sharing අඩවි වල තියෙන ෆයිල් මොනවාද කියලා බලාගන්න ඩිරෙක්ටරියක් වගේ දෙයක් නෑ. සාමාන්‍යෙයන් ඔය ෆයිල් අනිත් අයට ලැබෙන්නේ අප්ලෝඩ් කරන කෙනා විසින් ලින්ක්ස් අනිත් අය එක්ක (ෆෝරම් ආදිය හරහා) බෙදාගැනීමෙනුයි. මේ ෆයිල් සාමාන්‍යයෙන් Google සෙවුමට අහුවෙන්නේ නෑ. අපි විශේෂයෙන් අඩවියක් තුල පමණක් සර්ච් කරන්න නං මේ විදියට search query එක යොදන බව දන්නවා ඇති නේ,
ඒ කිව්වේ blogs.sinhalabloggers.com අඩවිය තුල ‘ඉන්ද්‍රනාම‘ කියලා සොයන්න ඕනේ නම්
ඉන්ද්‍රනාම site:blogs.sinhalabloggers.com
කියලා සර්ච් කරන්න පුලුවන්.
අපේ වාසනාවකට වගේ අනිත් file sharing අඩවි නැතත්, mediafire වල තියෙන ෆයිල් මේ විදියේ විශේෂ ගූග්ල් සෙවුමක් කරාම හොයාගන්න පුලුවන්. උදාහරණයක් විදියට මේ සෙවුම බලන්න.
yanni site:mediafire.com
ඉතින් අපිට සිංදුවක්, ඊබුක් එකක් එහෙම ඩවුන්ලෝඩ් කරන්න ඕනෙඋනාම ඒක mediafire වල තියෙනවාද කියලා සර්ච් කරලා බලන්න පුලුවන් මේ ක්‍රමයට. මම නම් සාමාන්‍යෙයන් මොකක් ඩවුන්ලෝඩ් කරන්න ඕනෙඋනත් මුලින්ම බලන්නේ mediafire වල. ඒත් මේ විදියට හැමවෙලේම “site:mediafire.com“ කියන කොටස ටයිප් කරන්න කරදරයි නේද? අපිට ඕනේ ටක් ගාලා සොයාගන්න ක්‍රමයක් නේ.
අන්න ඒ වැඩේ කරන්න අපි හදාගනිමු පොඩි html ෆයිල් එකක්. අපිට අවශ්‍ය search query එක විතරක් ගැහුවාම ඒක අගට site:mediafire.com කියලත් එකතු වෙලා සර්ච් වෙන විදියට.
මේ වැඩේ සරලව කරන්න පුලුවන් පියවර 3කින්,
සර්ච් කරන්න අවශ්‍ය query එක input එකක් ලෙස ලබාගැනීම (HTML form එකකින්)
query එකට “site:mediafire.com“ කොටස එකතු කිරීම (Javascript භාවිතයෙන්)
අලුත් query එක http://www.google.com/search වෙත GET මෙතඩ් එකෙන් යැවීමෙන්.
මුලින්ම අපි html form එකක් හදාගනිමු වැඩේට. මේකේ action එක, එහෙමත් නැත්තං මේ ෆෝම් එකේ ඩේටා අවසානයේ යන තැන http://www.google.com/search විය යුතු අතර, ඒ යන ක්‍රමය හෙවත් method එක get විය යුතුයි. අපි search query එකට අතින් කෑල්ලක් එකතු කරන නිසා ඒ ටික එකතු කිරීමට මේ ෆෝම් එක submit වෙන අවස්ථාවේ javascript function එකක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මෙන්න මගේ form එක.
මෙහිදී මම කරන්නේ මගේ search query එක එක් text field එකකට ලබාගැනීමත්, එයට “site:mediafire.com“ ලෙස එකතු කර  එය http://www.google.com/search වෙත යැවීමයි.  Google සර්ච් පිටුවේ අපගේ search query එක රඳවා ගන්නා variable එකේ නම q බව දැනගැනීම මෙහිදී වැදගත් වෙනවා.
දැන් මේ සඳහා අවශ්‍ය වන Javascript function එක ලියමු.
මේකෙන් කෙරෙන්නේ q කියන text field එකේ තියෙන string එකට අපට අවශ්‍ය කොටස එකතු කරන එකයි.
දැන් අපේ වැඩේ සම්පූර්ණයි. පිලිවෙලකට වැඩේ කෙරෙන්න ඕනෙ නිසා අපි මේක පිලිවෙලට ලියාගනිමු. ඒ වගේම අපේ html පිටුව ලස්සන කරගන්න මම mediafire හි ලෝගෝවත් පාවිච්චි කරනවා. මේ තියෙන්නේ සියල්ල එකතු කරලා හදපු සම්පූර්ණ html ෆයිල් එක.
අවශ්‍ය ඉමේජ් එක මෙතනින් බාගන්න.
දැන් මේ ෆයිල් එක හාඩ් එකේ කොහේහරි සේව් කරලා තියාගෙන බුක්මාක් කරගත්තානම්, mediafire එකෙන් මොකක්හරි හොයාගන්න ඕනෙවෙන වෙලාවට පාවිච්චි කරන්න පුලුවන්.
ඒ වගේම වෙනත් සයිට් එකක් සර්ච් කරන්න පාවිච්චි කරන්නත් පුලුවන් මේක. ඒ සඳහා මේකේ වෙනස් කරන්න ඕනේ කොහේද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ? (හික් :D උත්තරේ ඉමේජ් එක නං නෙමෙයි  :D )
නැවත වතාවක් Facebook හි ඔබේ privacy සැකසුම් දෙස බලන්නට කාලයයි
පසුගිය දින කීපයක සිට social media අඩවි වල පුවතක් ආකාරයෙන් පලවී තිබුනු ලෙසම ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි Facebook හි නව privacy සැකසුම් කරලියට පැමිණ තිබෙනවා. මෙවැනි නව සැකසුම් පිටුවක් ඉදිරිපත් කිරීමට හේතුව වූයේ කලින් තිබූ සැකසුම් ක්‍රමය සංකීර්ණ වැඩි බවට පරිශීලකයන් විසින් ඉදිරිපත් කල චෝදනා නිසයි. Facebook අධිකාරිය තම පෞද්ගලිකත්වය පිලිබඳ කිසිදු තැකීමක් සිදු නොකරන බව කියමින් ඊට විරුද්ධ වීමට facebook හි සාමාජිකත්වයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් පවා පසුගිය දිනවල පැවැත්වුනා.
කෙසේ වෙතත් සාමාන්‍යෙයන් facebook හි අලුත් දෙයක් හඳුන්වා දෙන ආකාරයටම මෙම නව privacy සැකසුම් activate කරනු ලබන්නේ සියල්ලන්ටම එකවර නොවෙයි. ක්‍රම ක්‍රමයෙන් ඔබේ account එකටද මෙම අලුත් privacy සැකසුම් ලැබෙනු ඇති. අලුත් සැකසුම් ඔබට ලැබුනු විට ඔබේ Home පිටුවේ ඒ බව දැක්වෙන පණිවුඩයක් සටහන් වෙන අතර Account > Privacy Settings වෙත යාමෙන් එම පිටුවට පිවිසිය හැකියි.
<object id="share" align="right" hspace="10px">
</object>මෙහිදී අප විසින් කලින් සකසා තිබූ privacy සැකසුම් වෙනස් කර නොමැති බව (revoke වී නොමැති බව) විශේෂයෙන් මතක් කල යුතුයි. මීට පෙර සිදුකල ඇතැම් update කිරීම් වලදී මේ දෝෂය සිදුවීම නිසා සාමාජිකයන්නේ සංවේදී (පෞද්ගලික) දත්ත අන් අය වෙත එලිදරවු වුනා.  මේ නිසා ඔබ කලින් නිසි පරිදි privacy සැකසුම් ඔබට රිසි පරිද්දෙන් සකසා තිබුනානම් නව සැකසුම් දෙස බැලීමට කලබල විය යුතු නැහැ.
කලින් තම privacy සැකසුම් වෙනස් කර නැති අය සඳහා අලුත් ක්‍රමවේදයක් මෙහිදී හඳුන්වා දී තිබෙනවා. එනම් ඔවුන් විසින් පෙර සැකසුම් කර ඇති plans කීපයකින් එකක් ඔබට යොදාගත හැකි වීමයි. ඔබට එකින් එක සැකසුම් සිදු කිරීමට කම්මැලි නම් හෝ වෙලාව මදිනම් මෙයින් එකක් භාවිත කරන්නට පුලුවන්. මෙසේ සැකසුම් කල හැක්කේ පහත දැක්වෙන දේට අදාල විස්තර සඳහා වන privacy සැකසුම් පමණයි.
My status, photos, and posts
Bio and favorite quotations
Family and relationships
Photos and videos I’m tagged in
Religious and political views
Birthday
Can comment on posts
Email addresses and IM
Phone numbers and address
එනම් ඔබ විසින් facebook හි අන් සාමාජිකයන් හා බෙදාහදාගන්නා (share කරගන්නා) දත්ත පමණයි.
මින් පලමු සැකසුම නම් Everyone. එවිට ඉහත සඳහන් තොරතුරු සියල්ල facebook හි සිටින ඕනෑම අයෙකුට දැකගත හැකියි. එම තැනැත්තා ඔබේ මිතුරෙක් වීම අවශ්‍ය නොවන අතර ඔහු facebook හි සාමාජිකයෙකු වීමද අවශ්‍ය නොවන බව මෙහිදී මතක තබාගත යුතුයි.
දෙවැනි සැකසුම නම් Friends of Friends. මෙහිදී ඔබේ ඉහත සඳහන්  විස්තර ඔබේ මිතුරන්ටත්, මිතුරන්ගේ මිතුරන්ටත් පමණක් දර්ශනය වේවි.
තෙවැනි සැකසුම නම් Only Friends. මෙහිදී පෙරකී දත්ත දර්ශනය වන්නේ ඔබේ මිතුරන්ට පමණයි.
සිවුවැනියට එන්නේ Facebook මගින් අප හට රෙකමදාරු කරන සැකසුම් ක්‍රමවේදයයි. Facebook මගින් මෙය අපට සුදුසු යැයි රෙකමදාරු කරත්, මගේ මතය අනුව එය සුදුසු වන්නේ නැහැ. මීට හේතුව වන්නේ එම සැකසුම යොදාගැනීමේදී අපගේ සංවේදී දත්ත රාශියකට නාඳුනන පුද්ගලයන්ට අවසර ලැබීමයි.
Recommended settings යොදාගැනීමේදී
My status, photos, and posts
Bio and favorite quotations
Family and relationships
යන දත්ත තුන් වර්ගයට ඕනෑම පුද්ගලයකුට (Everyone) අවසර ලැබෙනවා. මින් සිදුවන හානිය නම් ඔබ විසින් අප්ලෝඩ් කරන ඔබේ ඡායාරූප ඇල්බම ඕනෑම කෙනෙකුට බැලිය හැකි වීමයි. එසේම ඔබේ පුද්ගලික විස්තර (biography) ද ඕනෑම අයෙකුට කියවිය හැකි වනවා.
මෙහි ඊලඟ දත්ත සමූහය වන
Photos and videos I’m tagged in
Religious and political views
Birthday
සඳහා මිතුරන්ගේ මිතුරන්ට (Friends of Friends) අවසර ලැබෙනවා. මින් ඔබ පෙනී සිටින ඡායාරූප (tagged) ඔබ නාඳුනන පුද්ගලයන්ට දැකිය හැකි වන අතර ඔබේ දේශපාලනික අදහස් ආදිය ද ඔවුනට දැකගත හැකියි.
මෙහිදී Only Friends සැකසුම ලැබෙන්නේ අවසානයට ඇති සැකසුම් 3 සඳහා පමණයි.
මින් පෙනී යන ආකාරයට facebook නැවත වරක් සිය සාමාජිකයන්නේ පෞද්ගලිකත්වය කෙරෙහි වැරදි තීරණ ගෙන ඇති බව පෙනී යනවා. පසුගිය සතියේදී facebook නිර්මාතෘ මාක් සකර්බර්ග් මාධ්‍ය වලට පැවසූයේ කලින් ඔවුන් බොහෝ වැරදි තීරණ ගත් බවත්, ඉදිරියට එසේ නොවනු ඇති බවත්.
මින් වැලකීමට ඔබට කල හැකි හොඳම දෙය නම් එහි ඇති Customize Settings වෙත ගොස් ඔබේ පුද්ගලික දත්ත එකින් එක සඳහා සුදුසු සැකසුම් සෑදීමයි. තරමක් වෙලාව ගත වූවත් එමගින් ඔබ ආරක්ෂිත වනු ඇති. උදාහරණයක් ලෙස මගේ සැකසුම් පිටුව මෙසේයි.
මීට අමතරව මවිසින් ඡායාරූප අප්ලෝඩ් කරන්නේ ඒ ඒ ඡායාරූප අදාල වන පුද්ගල සමූහයන්ට පමණක් බලන්න පුලුවන් විදියටයි. මෙය Album settings හිදී සැකසිය හැකියි.
ලාංකිකයන් මෙතරම් මැට්ටන් වූයේ කෙසේද?
ඊයේ දිවයින සිසාරා පැතිර ගිය ජංගම දුරකථන “වෛරස“ භීතිකාව නැවත වතාවක් මේ ශ්‍රී දිවයිනේ අරක්ගෙන සිටින්නේ ටොප් ක්ලාස් මැට්ටන් විශේෂයක් බව ඔප්පු කර පෙන්වීය. මේ පිලිබඳව දැනට ඇති තරම් බ්ලොග් ලිපි ලියැවී තිබුණද මේ සම්බන්ධයෙන් මගේ දැක්මද ලියා තැබීම වටිතැ‘යි සිතුනෙන් මෙසේ ලියමි.
සාමාන්‍ය පරිද්දෙන් ගෙවී ගිය ඊයේ උදෑසන 10ට පමණ මගේ විශ්වවිද්‍යාල මිතුරියක් මා හට දුරකථන ඇමතුමක් දී පවසා සිටියේ ජංගම දුරකථන වලට නන්නාඳුනන අංක කීපයකින් පැමිණෙන දුරකථන ඇමතුම් විශේෂයක් ඇති බවත්, ඉන් අධි සංඛ්‍යාත නාදයක් නිකුත්වන බවත්, එයින් මොලයට හානි වී කීපදෙනෙකු මියගොස් ඇති වග ආරංචි වී ඇති බවත් ය. මෙය DD News නම් චැනලයක පල වූ පුවතක් බව ආරංචි යැයි පැවසූ ඇය DD News යනු කුමක්දැයි මගෙන් විමසා සිටියාය. එවැන්නක් මා අසා නැති බව මම කීවෙමි. කෙසේ වෙතත් ඇයට අවශ්‍ය වූයේ මේ ආරංචිය සත්‍යයක්දැයි දැනගැනීමටත්, යම්හෙයකින් සත්‍යයක් නම් අපේ මිතුරන් සියලු දෙනා වෙත ආරංචිය ලබාදිය හැකි මාර්ගයක් සෙවීමත්ය.
මා නැවත දුරකථනයෙන් බැහැරව පරිගණකය වෙත පැමිණ වාඩි වන විට මා සම්බන්ධ වී සිටින Facebook group එකකින් මේ සම්බන්ධ පණිවුඩයක් පැමිණ තිබුනි. එය මෙස් විය,
Hi All,
Its very important news for all of you. Do not pick up calls from the Under given numbers.
9888308001,
9316048121,
9876266211,
9888854137,
9876715587 ,
These numbers will come in red color, if the call comes up from these numbers. Its with very high wave length, and frequency. If a call is received on mobile from these numbers, it creates a very high frequency and it causes brain ham range.
It’s not a joke rather, its TRUE. 27 persons died just on receiving calls from these numbers. Watch Aaj Tak (NEWS), DD News and IBN 7.
Forward this message to all u’r friends and colleagues, and relative
<object id="share" align="left" hspace="10px">
</object>
මෙහි DD News යනු ඉන්දියානු දූරදර්ශන් රූපවාහිනිය බවත්, IBN යනු තවත් එවැනිම ඉන්දියානු චැනලයක් බවත් මට සොයාගත හැකි විය. එහෙත් එම අඩවි දෙකෙහිම ඔය කියන වර්ගයේ Breaking News එකක් දක්නට නොලැබිණි. මගේ ඊලඟ පියවර වූයේ මා සාමාන්‍යයෙන් කරන පරිදිම ගූග්ල් සර්ච් එන්ජිමේ පිහිට පැතීමයි. මා කලේ නිකමට මෙන් මෙහි සඳහන් මුල් අංකය වන 9888308001 යන්න සෙවුමක් කර බැලීමයි. සමස්ත සිද්ධිය පිලිබඳවම පූර්ණ අවබෝධයක් ලබාගැනීමට එය ප්‍රමාණවත් විය.
පිලිගත් වෙබ් අඩවියක් වන About.com හි මෙම අංකය ඇතුලත් ලිපියක් මගේ අවධානයට යොමු විය.[1] එහි මාවෙත ලැබුනු ලිපිය කිසිදු වෙනසකින් තොරව සම්පූර්ණයෙන්ම පාහේ අඩංගු විය. එහි සඳහන් වූ ආකාරයට මෙය 2007 අප්‍රේල් 13 වෙනි දින මුලින්ම පාකිස්ථානයේ ප්‍රචාරය වූ අසත්‍ය ප්‍රචාරයකි, එනම් hoax[2] එකකි!
අපේ වැසියන් ඊයේ බිය වී ඇත්තේ වසර ගණනක් පැරණි මෝඩ ජෝක් එකකටය! මෙය ලංකාවේ පැතිරීමේ මූලය කුමක්දැය නොදන්නා නමුත් මා සැක කරන්නේ එය fm චැනලයක ආනුභාවයෙන් සිදුවූවක් විය හැකි බවය. අන් චැනල පරදා පැයෙන් පැය කීමට උණුසුම් පුවත් එක්කාසු කරන අතරතුර chain email එකක් සේ පැතිරී ඇති ඔය කියන පණිවුඩය චැනලයේ කිසිවෙකුට ලැබෙන්නට ඇත. එය දුටු තැනැත්තා සොයාබැලීමකින් තොරව වහා එය ප්‍රචාරය කරන්නට ඇත.
මගේ මිතුරියට නැවත කෝල් කර බියවීමට කරුණක් නැති බවත්, මෙය බොරු ප්‍රචාරයක් බවත් දැනුම් දුන් මා ඊලඟට කලේ ඒ බව facebook status message එක ලෙසද පලකිරීමයි. පණිවුඩය එවා තිබූ facebook group එක වෙතද මෙවන් බොරු සඳහා ප්‍රචාරය දීම නවත්වන්නැ‘යි කියා උත්තර ලිවීමෙන් පසුව මා කලේ පෙර කී පණිවුඩය හොඳින් කියවා බැලීමයි. එහි රසවත් තැන් රැසක් දක්නට ලැබේ.
පණිවුඩයක් පැමිණෙන දුරකථන අංක නිවැරදිව දන්නවා නම් ඒවා බ්ලොක් කිරීම දුරකථන සමාගම් වලටම කල නොහැක්කේ මන්ද?
“These numbers will come in red color“ – මින් අදහස් වන්නේ ඇමතුම පැමිණෙන විට අංකය රතු පැහැයෙන් තිරයේ දිස් වන බවද? කිසිදු දුරකථනයක පැමිණෙන ඇමතුමක CLI විස්තරය ඇමතුමට ඕනෑ හැටියට පාට පාට කිරීමට පහසුකම් නැත. එපමණක් නොව ඒක වර්ණ (monochrome) තිර සහිත දුරකථන වලදී මෙම ඇමතුම් කෙසේ පෙනේවිද?
“Its with very high wave length, and frequency“ – ලියා ඇති සැටියෙන් හැඟෙන්නේ අදාල ශබ්දය අධි තරංග ආයාම හා අධි සංඛ්‍යාතයෙන් යුතු බවකි. විද්‍යාව ඉගෙන ගෙන ඇති අය මෙය කිසිසේත් සිදු විය නොහැක්කක් වග දන්නවා ඇත. තරංගයක තරංග ආයාමයත්, සංඛ්‍යාතයත් අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධයකි. එනම් එකක් වැඩිවේ නම් ඊට සාපේක්ෂව අනික අඩුවේ. v = fλ යන තරංග සමීකරණයෙන් මෙම සම්බන්ධතාව දැක්වේ.
GSM ජාලයක් හරහා යැවිය හැකි උපරිම තරංග සංඛ්‍යාතය පිලිබඳව මා නොදනී. නමුත් ජංගම දුරකථනයේ ඇති දුර්වල ස්පීකරයෙන් මිනිසාට හානිකර මට්ටමේ අධි සංඛ්‍යාතයක් නිපදවිය හැකියැයි මා නොසිතමි. දුරකථනයේ ස්පීකරය ශ්‍රව්‍ය පරාසයේ ඇතැම් සංඛ්‍යාත වලට පවා සංවේදී නැත. ඇතැම් ශබ්ද ඉන් නෑසෙන්නේ එහෙයිනි. දුරකථනයේ ස්පීකරයෙන් අමිහිරි ශබ්දයක් නිකුත් වේ නම් අවිඥාණිකවම අප කරන්නේ වහා දුරකථනය කණෙන් ඈත් කිරීමය. අදාල හඬ අපට ඇසෙන කාලය තත්පරයකටත් අඩු විය හැකිය. එසේනම් තත්පරයකටත් අඩු කාලයකදී මිනිසෙක් මරාදැමිය හැකි වීමට එය සුපිරි ශක්තියකින් යුත් තරංගයක් විය යුතුය. නමුත් පරහකට ඇත්තේ ජංගම දුරකථනය යනු වොට් 2ක පමණ කුඩා ශක්තියක් පමණක් නිපදවිය හැකි දුර්වල යන්ත්‍රයක් වීමයි.
අහවල් චැනලයේ මේ පිලිබඳව ප්‍රචාරය වූවායැයි කියා තිබෙනවා මිස ඒ සඳහා පිලිගත හැකි සාක්ෂියක්, අඩු තරමේ වෙබ් පිටුවක ලින්ක් එකක්, හෝ පල කර නැත. මේ ආකාරයෙන් පැමිණෙන්නේ සත්‍ය තොරතුරු නොව chain letters බව ඊමේල් සමග ගණුදෙනු කරන්නන් හොඳින් දනිති.
කෙසේ වුවද මේ කිසිවක් නොසලකා දිවයිනේ වැසියෝ හොඳහැටි කලබල වූහ. නූගත් ගැමියන් ඉන් කලබල වීම සාධාරණය. නමුත් අධ්‍යාපන තත්වයක් ඇති උගත් මිනිසුන් පවා දුරදිග නොබලා මේ බොරු ආරංචිය මුදල් වියදම් කරගෙන අන් අයට sms මාර්ගයෙන් පතුරා හරිනු දැකිය හැකි වීම කණගාටුවට කරුණකි. අන්තර්ජාලයේ ගැවසෙන්නන් හට මෙය අන් අයට ඊමේල් කිරීමට, facebook message යැවීමට පෙර නිකමට ගූග්ල් සෙවුමක් කර බැලුවේ නම් සත්‍යය සොයාගන්නට ඉඩ තිබිණි.
සාමාන්‍යයෙන් මේ රටේ සිදුවන පරිද්දෙන්ම පසු පසු වන විට මේ කටකතාව පැතිරී තිබුනේ තවත් විකෘතිවීම් රැසකට බඳුන් වී ය. ඉන් ඇතැම් කතාවකට අනුව පැමිණෙන්නේ sms එකකි, ඉන් දුරකථනය පුපුරා විනාශ වේ. ඇතැමුන්ට අනුව පැමිණෙන sms එකෙන් රෝග කාරක වෛරසයක් බෝ වේ. විද්‍යුත් මාධ්‍යයක් හරහා ජෛව වෛරසයක් පැතිරිය හැකි යැයි සිතන මිනිසුනුත් මෙහි සිටීද! අදාල ඇමතුම් පැමිණි විට දුරකථනයෙන් විෂ වායුවක් පිටවන කතාවක් ද පැතිරී ඇතැයි ආරංචි වුවද එහි සත්‍යාසත්‍යතාවය නොදනිමි. මගේ තවත් මිතුරියකට ඇය හඳුනන හෙදියක් විසින් පවසා ඇත්තේ ඇය සේවය කරන රෝහලට අසනීප වූ මිනිසුන් ද ගෙන ආ බවය! බියෙන් මුසපත් වූ ඇය මිතුරන්ට sms එකක් ගසා වහා දුරකථනය විසන්ධි කල අතර ඊයේ දවස පුරාම ඇය සම්බන්ධකර ගැනීමට නොහැකි විය! හෙදියක් එබඳු කතාවක් පැතිරවීම වඩාත් දරුණු තත්වයක් බව නොකිවමනාය.
කලක් තිස්සේ මා නිරීක්ෂණය කල ආකාරයට ලාංකිකයන් පුරුදු වී ඇත්තේ ආරංචියක් ලැබුනු විට එය පිලිබඳව දෙවරක් සිතා බැලීමට නොව එය ඉස්මුදුනෙන් පිලිගෙන හොඳහැටි කලබල වීමටත්, අන් අයද කලබල වන අයුරින් එය පතුරවාහැරීමටත් ය. මෙය ලාංකිකයන් ගේ ජාන වල වැරැද්දක්ද, සංස්කෘතියේ වැරැද්දක්ද, හැදියාවේ වැරැද්දක්ද, නැතහොත් ලැබූ අධ්‍යාපනයේ වැරැද්දක්දැ‘යි සිතා බැලීම ඔබට බාර කරුණකි.
About.com : ‘Death Calls’ / ‘Killer Phone Number’ Warnings
Wikipedia : Hoax
ඔබේ බුද්ධිමය අයිතීන් Facebook හි දී සුරැකෙයිද?
වසර දෙකතුනකට කලින් ලංකාවේ Facebook බාවිත කරන්නන් සිටියේ අතලොස්සයි. මීට වසර තුනකට පෙර විශ්වවිද්‍යාලයට එනවිට Facebook යන නම අපේ මිතුරන් වැඩි දෙනෙක් අසාවත් නැති තත්වයක් තිබූ අතර මා දන්නා අයගෙන් Facebook වෙත දෙවැනියට සම්බන්ධ වූයේ මමයි. මට Facebook ගැන අසන්නට ලැබුනේත් පලමුවෙනියාගෙනුයි. නමුත් මේ ලඟදී දේශනයක වාඩිවී සිටිනා අතර මා දේශනශාලාව සිසාරා බැලූ විට එහි Facebook profile එකක් හිමි නැති අය සිටියේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන්. සමස්ත රටේ තත්වයත් මේ නියැදියෙන් ප්‍රදර්ශනය වනු ඇතැයි මා සිතනවා. මම දකින ආකාරයට මීට තුඩුදුන් ප්‍රධාන හේතුව දුරකථන සමාගම් Mobile broadband සම්බන්ධතා හඳුන්වා දීමත් සමගම වැඩි දෙනෙකුට අන්තර්ජාල සම්බන්ධතා ලැබීමයි. අද ලංකාවෙන් ලෝක ව්‍යාප්ත ජාලය වෙත හුවමාරු වන දත්ත පැකට්ටු සංඛ්‍යාවෙන් සැලකියයුතු තරමේ කොටසක් Facebook වෙත යැයි කිවහොත් එය වැරදි නොවනු ඇතැයි සිතනවා.
<object id="share" align="left" hspace="10px">
</object>
Facebook භාවිතයේදී මා නිතර දකින දෙයක් තමයි පරිශිලකයන් තමන්ට බුද්ධිමය අයිතියක් ඇති ද්‍රව්‍ය (Intellectual Property Content) Facebook අඩවියට එක් කරන බව. මේ සඳහා උදාහරණ ලෙස තමන් විසින් ගත් කළාත්මක වටිනාකමකින් යුතු ඡායාරූප, තමන් විසින් ලියන ලද සාහිත්‍යමය වටිනාකමක් ඇති නිර්මාණ, තමන් විසින් නිර්මාණය කල වීඩියෝ දර්ශන ආදිය සැලකිය හැකියි. මෙවැනි දේ Facebook වෙත එකතු කිරීමේදී මේ සම්බන්ධයෙන් Facebook හි ප්‍රතිපත්තිය පිලිබඳවද සලකා බැලීම වැදගත් වනු ඇතැයි සිතෙනවා. අද ලිවීමට යන්නේ ඒ පිලිබඳවයි.
Faccebook හි සේවා කොන්දේසි (terms of service) මෙම පිටුවේදී දැකගත හැකියි. http://www.facebook.com/terms.php  වඩාත් වැදගත් කරුණ වනුයේ පරිශීලකයන් වෙත පූර්ව දැනුම් දීමකින් තොරව ඔවුනි විටින් විට මෙම ලියවිල්ලේ ඇති කරුණු සංශෝධන වලට බඳුන් කරන බවයි. ඒ නිසා මෙහි ඇතුලත් කරුණු පිලිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන වී සිටීම (updated) වඩාත් වැදගත්.
මේ එම ලියවිල්ලේ අප විසින් Facebook වෙත එකතු කරනු ලබන දේ පිලිබඳව සඳහන් වන කොන්දේසි මාලාවයි.
ඔබේ අන්තර්ගතය ඔබට අයත් බව මෙහි පලමු වාක්‍යයෙන්ම කියැවෙනවා. එහෙත් ඒ සඳහා  එක්විය යුතු අමතර දේ කියැවෙන්නේ ඉන් පසුවයි.
පලමු උප කොන්දේසියේ සඳහන් වන අන්දමට ඔබ යම්කිසි Intellectual Property content (IP content) එකක් Facebook වෙත එක් කිරීමේදී එය ඔබේ අවසරයකින් තොරව භාවිත කිරීමේ අයිතිය Facebook වෙත ලබාදෙනවා. එසේම මෙම අයිතිය non-exclusive හා transferable එකක් බවද මතක තබාගත යුතුයි. එනම් මෙම අයිතිය තවත් තුන්වන පාර්ශ්වකරුවකුට පැවරීමේ අයිතියත් Facebook වෙත හිමි වෙනවා. මෙය royalty-free අයිතියක් නිසා ඒ සඳහා ඔබට ගෙවීමක් හෝ යම්කිසි ප්‍රතිලාභයක් ලබාදීමට Facebook බැඳී නැහැ. කෙසේවෙතත් ඔබ විසින් ඔබේ අන්තර්ගතයන් මකාදැමීමෙන් පසුව මෙම අයිතීන් අහෝසි වන බවත් මෙහි සඳහන්.
දෙවැනි උප කොන්දේසියේ සඳහන් වන ආකාරයට ඔබ යම් අන්තර්ගතයක් මකා දැමීමෙන් පසු එය recycle bin එක empty කිරීමට සමානව සම්පූර්ණයෙන්ම ඉවත් වන බව සඳහන්. නමුත් ඊට යටින් සඳහන් කර ඇති ආකාරයට එම අන්තර්ගතයන් backup copies වල යම් කාලයක් පැවතීමට පුලුවන්. නමුත් මෙම “කාලය“ කොතරම්දැ‘යි ඔවුන් සඳහන් කර නැහැ. මේ නිසා පලමු කොන්දේසියේ සඳහන් වන, අන්තර්ගතය මකා දැමීමෙන් පසු facebookට ඒ සඳහා ඇති අයිතිය අහෝසි වනවාය යන්න ප්‍රශ්නකිරීමකට බඳුන් වෙනවා. අප විසින් මකාදැමුවත් ඒවා ඔවුන් සතුව අප නොදන්නා කාලයක් දක්වා පවතින නිසා.
අප භාවිත කරන application වලට අපේ අන්තර්ගතයන් ලබාගත හැකි බව තුන්වැනි කොන්දේසියේ සඳහන්. මෙය වැදගත් වන්නේ ඇප්ලිකේෂන් වල සැකසුම් වලදී අපගේ අන්තර්ගතයන් ලබාගැනීම වැලැක්වීමට කටයුතු යෙදීම කල නොහැකි නිසයි. එමෙන්ම මින් අප වටහාගත යුතු වැදගත්ම කරුණ වන්නේ අපගේ බුද්ධිමය දේපලක් මෙවැනි ඇප්ලිකේෂනයක් විසින් ලබාගෙන එය භාවිත කලොත් ඒ සඳහා අපට විරුද්ධ වීමට හැකියාවක් නොමැති බවයි. මක්නිසාදයත් අප දැනුවත්ව ඒ සඳහා ඉඩකඩ ලබාදී ඇති නිසාවෙනි.
අපගේ අන්තර්ගතයන් Everyone සඳහා නැරඹිය හැකි ලෙස සැකසුම් කර ඇත්නම් එවැනි බාහිර කෙනෙක් (Facebook හි පරිශීලකයෙන් නොවන්නෙක් වුවද විය හැකියි) අපගේ අන්තර්ගතයන් ලබාගැනීම කෙරෙහි facebook වගනොකියන බව සිව්වැනි කොන්දේසියේ සඳහන්. කණගාටුවකට මෙන් මා දැක ඇති බොහෝ profile වල සියලු අන්තර්ගතයන් සෑමදෙනෙකුටම නැරඹිය හැකියි. Facebook හි බොහෝ සැකසුම් වල Everyone යන්න default සැකසුම වීම නිසා මෙය සිදුවී ඇතැයි මා සිතනවා.
ඔබේ බුද්ධිමය වටිනාකමකින් යුත් අන්තර්ගතයන් Facebook වෙත එකතු කිරීමට ප්‍රථම මෙහි සඳහන් කරුණු වලට ඔබට එකඟවිය හැකිදැයි සලකා බැලීම වැදගත් විය හැකියි. Facebook හි සේවා කොන්දේසි සම්පූර්ණයෙන්ම ඒක පාර්ශ්වික බවට කරන ලද චෝදනා බහුලව දැකගත හැකියි. Gizmodo අඩවියේ පලවූ මේ ලිපිය ඉන් එකක්. Gizmodo – Top 10 Reasons You Should Quit Facebook
Mobile Broadband (HSDPA) සම්බන්ධතාවයක් ලබාගැනීම
සති අන්තෙට ගෙදර ආවාම ඇති පදං unlimited ADSL එක පාවිච්චි කරන මට සතියෙ දවස්වල ජාලෙ නැතුව කාන්සිය නිසා මගේ ඩයලොග් ෆෝන් එකට ඩේටා පැකේජ් එකක් දාගෙන පාවිච්චි කරපු හැටි කලින් කිව්වනේ. ටිකක් කල් යනකොට  ඒක මදි වගේ දැනෙන්න ගත්තා. මෙගාබයිට් 350 පරිස්සං කරන්න ඕනෙ නිසා බ්ලොග් වත් කියෙව්වෙ නෑ ඊමේල් බලනවා ඇරෙන්න. කොහොම වෙතත් විනාඩි 5ක් ජාලෙට සම්බන්ධ කරගෙන ඉන්නකොට ෆෝන් එක ගිණියම් වෙනවා. අනික දැං මට මේ පොඩි ප්‍රොජෙක්ට් එකකුත් තියෙන එකේ ටිකක් වැඩියෙන් ජාලය අවශ්‍යයි. ගෙදර ආවාම සම්පූර්ණ කාලයම ADSL එක අත්පත්කරගෙන ඉන්න නිසා අන්තර්ජාලට සම්බන්ධ වෙන්න බැරි අපේ තාත්තටත් මාව ඒකෙන් ගලවන්න ලොකු ඕනෙකමක් තිබ්බා. මේ නිසා මම කල්පනා කලා mobile broadband සම්බන්ධතාවයකුත් ලබාගන්න.
මුලින්ම කලේ මොඩම් එකක් ගන්න එක. සම්බන්ධතාවයක් එක්කම ලාබෙට මොඩම් එක ගන්න පුලුවන් උනත් එතකොට මොඩම් එක ලොක් කරලා දෙන නිසා කොටිවලිගේ අල්ලගත්තා වගේ ඒකම දිගට පාවිච්චි කරන්න වෙන නිසා (අන්ලොක් කලොත් warranty නැති වෙනවනේ) මම කල්පනා කලේ නිදහස් මොඩම් එකක් අරගෙන මට කැමති කනෙක්ෂන් එකක් ගන්නවා කියලා.
දවසක් මම එයාටෙල් එකට ගිය වෙලාවෙ එතනින් කිව්වා ඔවුන් Abans එකත් එක්ක එකතු වෙලා ලොක් නොකරපු මොඩම් විකුණනවා කියලා. මම ඒ අනුව අබාන්ස් එකට ගිහින් රු 7000/= ක මුදලකට Huawei E156G වර්ගයේ HSDPA මොඩමයක් මිලදී ගත්තා. එක් වසරක warranty කාලයක් එක්ක. ලොක් නැති නිසා ඕනෙම සිම් එකක් පාවිච්චි කරන්නත් පුලුවන්.
Huawei E156G
මම මුලින් හිතාගෙන හිටියේ මොබිටෙල් එකෙන් දෙන 8GB සම්බන්ධතාවයක් ගන්න. මොකද නුගේගොඩ මගේ නවාතැනට සන්තෘප්ත වෙන තරමට මොබිටෙල් සිග්නල් තියෙනවා. ගෙදරටත් කලින් තිබුනා. මෙන්න මම ඊයෙ පෙරේදා බලනකොට ගෙදරට මොබිටෙල් 3G සිග්නල්වත් නෑ. අඩුගානෙ මිදුලටවත් නෑ. දැන් ඉතින් මොබිටෙල් අරන් තේරුමක් නෑ කියලා හිතුනා. මම සතියෙ වැඩි ප්‍රමාණයක් ඉන්නේ නුගේගොඩ උනත් ගෙදර ආවාමත් පාවිච්චි කරන්න පුලුවන් සම්බන්ධතාවයක් ගන්න එපායැ.
ඩයලොග් නං මට කොහොමත් අකැපයි. නුගේගොඩට ඩයලොග් 3G සිග්නල් නෑ! පුදුමයි නේද? මට හිතෙන විදියට හේතුව මම ඉන්න නිවස වටේට ටවර් කීපයකින් සිග්නල් හොඳින් ලැබීම නිසා ටවර් අතර හුවමාරු වීම නිසා තමයි මේක වෙන්නේ කියලා. මොකද ෆෝන් එකේ GSM signal උපරිමෙන් තිබුනත් කෝල් එකක් ගන්න ගියාම හට්ටි මුට්ටි පොලවේ ගහන හඬත් එක්ක තමයි කෝල් එක ගන්නේ.
දැන් මොකක්ද කරන්නේ කියලා කල්පනා කරනකොට කණියා කිව්වා එයාටෙල් ප්‍රීපේඩ් එක පාවිච්චි කරපංකෝ කියලා. ලඟදි දවසක නුගේගොඩ නොමිලේ එයාටෙල් සිම් බෙදමින් ඉන්න තැනකට ගිහින් මමත් සිම් එකක් ගත්තේ ඩයලොග් නොවන අංක වලට කතා කරන්න ඒක ලාබ නිසා. නුගේගොඩ නිවසටත් එයාටෙල් 3G සිග්නල් සාමාන්‍යයෙන් තිබුනා. ගෙදරට නම් උපරිමෙන් තියෙනවා. ඉතිං මම අන්තිමේ තීරණය කලා එයාටෙල් පාවිච්චි කරන්න. එයාටෙල් පැකේජ් ගන්න ගියොත් යන ගාණ ටිකක් වැඩි නිසාත්, එයාටෙල් ෂුවර් නැති නිසා පැකේජ් එකක් අරගෙන බැඳීමක් ඇති කරගෙන කටු කන්න අවශ්‍ය නෑ කියලා හිතුනු නිසාත් මම ප්‍රීපේඩ් සම්බන්ධතාවයම පාවිච්චි කරනවා.
දැං මේ කරන්න යන්නේ මේ පැකේජ වල ගණං හිලවු සැසඳීමයි, මම වගේම කනෙක්ෂන් එකක් ගන්න ඉන්න කෙනෙකුට මේක ප්‍රයෝජනවත් වෙයි.
ඩයලොග් 5GB සම්බන්ධතාවයේ VAT සමග බිල රු 1900-2000/= අතර ගණනක් වෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් මෙගාබයිටයකට ශත 40ක් විතර. නමුත් වැඩිපුර භාවිතා කරන ඩේටා ප්‍රමාණයට අය නොකිරීම (ස්පීඩ් අඩු කිරීම පමණයි) වාසියක්.
මොබිටෙල් 8GB පැකේජය VAT සමග රු 1700/= පමණ වෙනවා. ඒ කියන්නේ මෙගාබයිටයකට ශත 20ක් විතර. අමතර භාවිතය සඳහා වෙනම ගෙවන්න ඕනේ.
මොබිටෙල් weekly delight සඳහා රු 100ට මෙගාබයිට් 200යි ලැබෙන්නේ. මෙගාබයිටයට ශත 50ක්! අම්මෝ හොඳටම වැඩියි!
එයාටෙල් අන්ලිමිටඩ් පැකේජයත් VAT සමග රු 2000ට ආසන්න ගණනක් වෙනවා. නමුත් මෙයත් ඩයලොග් 5GB සේම FUP එකක් සහිත බව ආරංචි වුනා. එයාටෙල් ස්ටෝරුවේ අය කියන්නේ ඔවුන් දැන් මේ පැකේජය සඳහා එතරම් ප්‍රමෝට් කිරීමක් නොකරන බව. පොරොන්දු වෙන සේවාව ලබාදීමට අමාරු නිසා වෙන්න ඇති.
එයාටෙල් ප්‍රීපේඩ් පාවිච්චි කරන්න කරන්න තියෙන්නේ රු 99/=ක රීලෝඩ් එකක් දැමීම පමණයි. ඒ සඳහා මෙගාබයිට 400ක ප්‍රමාණයක් ලැබෙනවා. මෙගාබයිටයකට ශත 25ක්. මීට අමතරව airtel-2-airtel ඇමතුම් කාලයක් (200mins) හා SMS සංඛ්‍යාවක් (1000) ලැබෙනවා.
ආරංචිය තියෙන්නේ එටිසලාට් ජාලයත් mobile broadband දෙන්න යනවා කියලා. බලමු ඔය කියන විදියට කෙරෙයිද කියලා.
මේ ලඟදි මගෙන් ෆේස්බුක් මිතුරෙක් අහනවා ඔහුට ගන්න හොඳ mobile broadband සම්බන්ධතාවය මොකක්ද කියලා. ඇත්තටම මේක තව කෙනෙක්ගෙ අත්දැකීම් අහලා තෝරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයේ කොලිටි එක තැනින් තැනට වෙනස් වෙනවා, ග්‍රහණය වන සංඥා ප්‍රබලත්වය හා ඒ කුළුණෙන්ම සේවය ලබාගන්නා තවත් කී දෙනෙක් සිටීද යන කරුණ මත. මේ නිසා තමන්ට මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයක් ගන්න අදහසක් තියෙනවානම් හොඳම දේ වෙන අයගෙන් අහනවාට වඩා තමන් එය භාවිතා කරන්නට බලාපොරොත්තු වෙන ස්ථානයට HSDPA (නැතිනම් අඩුමගණනේ 3G) තියෙන දුරකථනයක් අරගෙන ගිහින්  නෙට්වර්ක් වල සිම් දමමින් සිග්නල් ලැබේදැයි පරීක්ෂා කිරීම. කරදරකාරී වැඩක් ලෙස පෙනුනත් මෙහෙම කලාම පසුතැවිලි ටිකක් අඩුකරගන්න පුලුවන් වෙයි.
තැන-නොතැන
අන්තර්ජාල community කීපයක්ම කාලයක් තිස්සේ නිරීක්ෂණය කරලා මට තේරුම් ගිය දෙයක් තමයි ඇතැම් ලාංකිකයන්ට යම් දෙයක් කරන්න සුදුසු තැන මොකක්ද, නුසුදුසු තැන මොකක්ද කියලා තේරෙන්නෙ නෑ. මට අද ලියන්න හිතුනා ඒ ගැන.
අප බොහෝදෙනෙක් දැන් Google Group පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට මේ ලිපිය දැන් කියවන අය අඩුමගනනේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය, Techකතා හෝ සිංහල යුනිකෝඩ් සමූහය කියන ප්‍රධානපෙලේ ලාංකික ගූග්ල් සමූහ තුනෙන් එකකවත් සාමාජිකයෙක් වෙන්නට ඇති. Google Group එකක් ඇතිකෙරෙන්නේ යම්කිසි මාතෘකාවකට අදාල දේවල් කතා කෙරන්නයි. මේ මාතෘකා මොනවාද යන්න සමූහයේ සටහන් කර තියෙනවා. නමුත් සමහර අය ඉන්නවා ඒ පිලිබඳව කිසිදු තැකීමක් නැතිව තමන්ට හිතෙන හිතෙන දේවල් සමූහයට පෝස්ට් කරනවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් සමූහ වල හැසිරෙන්න ඕනේ විදිය ගැන සඳහන් වෙච්ච Code of Ethics එකක් තියෙනවා. මෙහෙම දෙයක් පවත්වාගෙන යන්නේ සමූහ තුල විවිධ වයස්කාණ්ඩ වල සහ විවිධ තරාතිරම් වල අය සිටීම නිසා ඒ සැමදෙනාටම ගෞරවයක් වන පරිදි, හැසිරීම පාලනය කරන්නයි. නමුත් අමු අමුවේ මේ Code of Ethics එක ගණං නොගෙන කුණුහරුප කියන අය පවා ගූග්ල් ගෲප් වල අපි දකිනවා.
<object id="share" align="left" hspace="10px">
</object>
සිංහල යුනිකෝඩ් සමූහය මුලින් ආරම්භ වී තියෙන්නේ සිංහල යුනිකේතයේ ගැටලු සාකච්ඡා කිරීම මගින් එහි ප්‍රවර්ධනයට රුකුලක් ලබාදීමටයි. නමුත් එහි සාමාජිකයන් දන්නවා කොයිතරම් මාතෘකාවට අදාල නොවන දේවල් ඒ සමූහයට පෝස්ට් වෙනවාද කියලා. විශේෂයෙන් මේ ඡන්ද කාලේ දේශපාලන මඩ. මේවා සමූහයේ මාතෘකාවට අදාල නැති බව අනිත් සාමාජිකයන් පෙන්වා දුන් විට අර අය ගෙනෙන තර්ක තමයි ‘යුනිකෝඩ් වලට කලින් රට ගැන හිතන්න ඕනේ’ වගේ පුහු තර්ක. සිංහල යුනිකෝඩ් සමූහයට මෙවන් අදාල නැති දේ පෝස්ට් කරන වැඩි දෙනෙක් ලාබාල අය නොවන බවත්, වැඩිමහල් අය බවත් දකින්න ලැබීම විශේෂයි.
ඒ වගේම සිංහල යුනිකෝඩ් වලට කිසිසේත්ම අදාල නැති වෙනත් තාක්ෂණික ප්‍රශ්නත් ඒ සමූහය යොමු වෙනවා දකින්න පුලුවන්. සමහර අය එකම ලිපිය සමූහ කීපයකට එකවර එවනවා. අදාල සමූහ කීපයකට එකවර එවීම ගැටලුවක් නොවුනත්, අදාල නොවන ඒවාටත් එවීම මෙහිදී ගැටලුවක් වෙනවා. මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා තාක්ෂණික ගැටලුවක් Techකතා වෙත ඉදිරිපත් කරද්දීම ඒක සිංහල යුනිකෝඩ් සමූහයටත් එවන!
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය හැදී තිබුනේ සිංහල බ්ලොග්කරණය ගැන ගැටලු සාකච්ඡා කිරීමට. නමුත් ඉස්සර මේකට විශාල ප්‍රමාණයක් බ්ලොග්කරණයට අදාල නැති වෙනත් තාක්ෂණික ප්‍රශ්න ඉදිරිපත් උනා. පසුකාලීනව Techකතා සමූහය සෑදීමත් සමගම තාක්ෂණික ගැටලු සාකච්ඡා කරන්න තැනක් ලැබීම නිසා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වෙත එවැනි ප්‍රශ්න ඉදිරිපත් වීම ඉතාමත් අඩුවුනා. අදවන විටත් දිනකට සමූහයට අදාල නොවන මේල් අඩුමගණනේ 5ක් වත් ලැබෙනවා. සමහර ලිපි අර හැමෝටම ෆෝවර්ඩ් කරන ඒවා, ඒ අතරේ සමූහයටත් ෆෝවර්ඩ් කරලා.  සමහර ඒවා නම් දැන දැනත් එවන අදාල නැති ඒවා.
Techකතා ගූග්ල් සමූහයේ  මම දැක්ක ලඟදි දැක්ක දෙයක් තමයි ඇතැම් අය වෙලඳ දැන්වීම දාන්න පටන් අරගෙන. තමන් ලඟ තියෙන පාව්ච්චි කල මොඩමය ආදිය විකිණීමට ඇත කියලා සමූහයට මේල් එවනවා. විශාල පිරිසක් සම්බන්ධ වී සිටින සමූහයක් නිසා ඔවුන්ට එය වාසි සහගත වනවාට සැකයක් නැහැ. නමුත් මෙවැනි දේවල් එවැනි සමූහයකට එවීම කොතරම් සුදුසුදැයි ඔවුන් කල්පනා නොකිරීම කණගාටුවට කරුණක්. නීතිවිරෝධි විදියට Software භාවිතා කිරීමට, ඒ කියන්නේ crack කිරීම ආදිය සඳහා ප්‍රතිපත්තියක් ලෙස Techකතා හි සහයක් නොදෙන බව පැහැදිලිව සඳහන් කර තිබියදීත් crack කිරීම ගැන එහි කතා කරන ලෙස කෑගැසීම අයත්වන්නෙත් මේ වර්ගයටම තමයි.
Techකතා සජීවීව විකාශය වන අතරතුර තියෙන Live Chat එකත් මෙවැනිම තැනක්. ඒ චැට් එක හදලා තියෙන්නේ සජීවී වැඩසටහනේ සාකච්ඡා කෙරෙන දේවල් වලට ඒ වෙලාවේම පාඨක ප්‍රතිචාර ලබාගැනීම සඳහායි. නමුත් සමහරු එහි එන්නේ වෙලඳ දැන්වීම දැමීමට සහ වෙනත් වෙබ් අඩවි වල ලින්ක් පෝස්ට් කිරීමට. ඔය අතරේ කුණුහරුප කියන අයත් දවසකට දෙන්නෙක් තුන්දෙනෙක් නැතුව නෙමෙයි.
මේ උදාහරණ අන්තර්ජාලයෙන් පමණයි. ලාංකිකයන් තැන නොතැන බලා වැඩ කරන ආකාරයට හොඳ උදාහරණ බාහිර සමාජයෙනුත් දැකගත හැකියි. ඇතැම් අය අන්තර්ජාලය තුල අන්වර්ථ නාම වලින් හැසිරෙන නිසා, තමන්ව අඳුනාගැනීම ගැන බියක්වත්, ලැජ්ජාවක්වත් නැති නිසා තමන් කරන දේ වැරදි බව දැන දැනත් හිතේ හැටියට පිස්සු නටනවා. චැට් රූම් වලදි බොහෝ විට සිදුවෙන්නේ මෙයයි. සමහර අයට අන්තර්ජාලයේ තියෙන අසීමිත නිදහස නිසා එයත් බාහිර සමාජය වගේම ආචාරධර්ම තියෙන තැනක් විදියට පේන්නෙ නෑ. ඒ නිසා ඒ ගැන තැකීමක් නෑ.
ඔබ ඔබේ පාරේ සිටින අසල්වැසියන්ගේ තාප්ප වල කුණුහරුප ලියනවානම්, නිතර දෙවේලේ ඔවුන්ට කරදරයක් වන ලෙස හැසිරෙනවානම් ඔබ කරන්නේ වරදක් බව ඔබටම වැටහෙනු ඇතැයි අමුතුවෙන් කිවයුතු නැහැ. මොකද ඒ සමාජයේ පිලිගත් ආචාරධර්ම පද්ධතියක් තියෙනවා වගේම එය කඩ කරන අයට දඬුවම් දෙන ක්‍රමවේදයකුත් තියෙනවා. අන්තර්ජාලයත් මේ සැබෑලෝකය ලෙසම සම කර කල්පනා කරන්න පුලුවන් නම්, ඒ තුලත් යම් ‘අලිඛිත’ ආචාරධර්ම පද්ධතියක් ඇති බවත් මතක තියාගත්තොත් වඩාත් හොඳ වෙයි. ඒ තුල දඬුවම් දෙන්න කෙනෙක් නැති වීමේ වාසිය අරගෙන යකා නැටීම එච්චර හොඳෙ දෙයක් නෙමෙයි.
සිංහල ටයිප් කිරීමේදී බොහෝ දෙනා අතින් සිදුවන වැරදි
සින්ඩියේ තියෙන ලිපි බලනකොට මම ගොඩක් නිරීක්ෂණය කරපු දෙයක් තමයි සමහරු සිංහල ටයිප් කිරීමේදී ගොඩක් අක්ෂර දෝෂ කරනවා. ව්‍යාකරණ දෝෂ නෙමෙයි, ඒ ගැන කියන්න මම දන්නෙත් නෑ, මම දන්න ව්‍යාකරණයක් නැති නිසා. මේ නිසා මට හිතුනා ඔය නිතර වරද්දන සමහර අකුරු ගහන විදිය පොඩ්ඩක් කිව්වොත් හොඳයි කියලා, විජේසේකර යතුරු පුවරුවෙන් වගේම සිංග්ලිෂ් කන්වර්ටරෙනුත්.
මුලින්ම කියන්නම් මමත් පාවිච්චි කරන විජේසේකර යතුරු පුවරුවෙන් ගහන විදිය. ඊට පස්සෙ කියන්නම් සිංග්ලිෂ් එකෙන් ගහන විදිය. විජේසේකර එකෙන් ගහන විදිය ලියද්දී A – B කියලා ලියල තියෙන්නේ මුලින් කීබෝඩ් එකේ A අකුර ඇති කී එක ගහලා පසුව B අකුර ඇති කී එක ගහන්න කියන එකයි. Shift, Alt යතුරු සමග එබිය යුතු අවස්ථාවල Shift+a ආදී ලෙස ලියා ඇති.
<object id="share" align="right" hspace="10px">
</object>රැ – රු දෙක ගොඩක් දෙනා වරද්දනවා. ‘රැකියාව’ කියන වචනෙදි එන්නේ රැ අකුරනේ. ඒක ගහන්නේ  R  -  E. ‘රුව’ කියන වචනෙදි එන අකුර තමයි ‘රු’ ඒක ගහන්නේ R – Q. ‘රෑ තාරකාව’ වචනයෙදි එන ‘රෑ’ ගහන්නේ R – Shift+E. ‘රූපය’ වචනෙදී එන ‘රූ’ අකුර ගහන්නේ R – Shift+Q ලෙස.
බිංදුව අකුර වෙනුවට ගොඩක් දෙනා 0 ඉලක්කම ගහනවා මම දැකලා තියෙනවා. මෙහෙම කරන්න අවශ්‍ය නෑ විතරක් නෙමෙයි ඒක වැරදියි. බිංදුව තියෙනවා X යතුරේ. මතකද ඉස්සර බිංදුව ලිව්වා මේ විදියට? ‘ලඞකාව’ ? ඒ බිංදුව ගහන්න ඕනෙ නම් Shift+X ඔබන්න.
‘පුඃ’ කියලා කියනවා නේද අපි සමහර වෙලාවට :D ඒකෙදී යෙදෙන බිංදු දෙක ගහන්නේ Alt Gr + X එබීමෙන්. මේ Alt Gr කියන්නේ යතුරු පුවරුවේ දකුණුපස ඇති Alt යතුර. මතක තබාගන්න ඕනේ මේක වම් Alt යතුර සමග හරියන්නේ නැති බව.
‘ඖෂධ’ වචනෙදී ඔ අකුරට දාලා තියෙන පිල්ල තියෙන්නේ Shift+A වල. ඒ කියන්නේ ‘ඖ’ කියලා ටයිප් කරන්න නම් Shift+T – Shift+A ගහන්න ඕනේ. ඒ වගේම ‘ව්‍යාකරණ’ කියන වචනයෙ තියෙන යංසය ගහන්නේ Shift+H මගින්. ‘ව්‍ය’ ලියන්න නම් J – Shift+H එබිය යුතුයි.
‘ප්‍රවීන්’ කියලා ලියනකොට ප අකුරට රකාරංශය යොදනවනේ. මේක ගහන්නේ කීබෝඩ් එකේ Esc යතුරට යටින් තියෙන `/~ සංකේත අඩංගු යතුරෙන්. ‘ප්‍ර’ ගහන්න නම් M – ` එබුවනම් හරි.
‘ඍතුව’ කියන වචනය දන්නවා නේද? නැත්තම් ‘ඍෂිවරයා’? බැලූබැලුමට පේන්නේ මේ ස අකුර වගේ නේද? නමුත් මේ ස නෙමෙයි. මේ අකුර ගන්න පුලුවන් Shift+R යෙදීමෙන්.
‘කොණ්ඩඤ්ඤ’ කියලා ලියද්ද එන ‘ඤ’ අකුර තියෙන්නෙ [ යතුරේ. ‘ප්‍රඥාව’ කියලා ලියන්න ඕනෙවෙන ‘ඥ’ අකුර ගන්න නම් Shift+[ ඔබන්න. ඒ වගේම ‘කඳ’ කියලා ලියන්න ඕනෙවෙන ‘ඳ’ අකුර ගන්න පුලුවන් Alt Gr+O එබීමෙන්. ‘ගඟ’ ලියන්න ‘ඟ’ ගන්න පුලුවන් Alt Gr+> යතුරෙන්. ‘හඬ’ සඳහා ‘ඬ’ ගන්න Alt Gr+V මගින්.
‘අඹ’ කියලා ලියන්න අවශ්‍ය වෙන ඹ අකුර ගන්න නම් Shift+U ඔබන්න කියලා කියන්න ඕනෙද? :)
ඔය මම දැන් උදාහරණ වලට ගත්ත අකුරු/වචන සිංග්ලිෂ් වලින් ගහන විදියයි මේ කියන්නේ. මේවා මම අත්හදා බැලුවේ UCSC Transliterated Singlish Converter එක. මම දන්න තරමින් ඉසුරුගේ qsFox ඇඩොනයේ භාවිත වෙන්නෙත් මේ scheme එකමයි.
රැ – rA
රෑ – rae
රු – ru
රූ – ruu
කං – ka\n
පුඃ – pu\h
ලඞ – la\N
ඖ – au
කෞ – kau
ව්‍ය – vYa
ප්‍ර – pra
ඍ – \R
ඹ – Ba
ඤ – KNa
ඥ – GNa
ඳ – nndha
ඟ – nnga
ඬ – nnda
ළු – Lu
මම හිතනවා මේ ටික කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා.