Skip to content

ඉන්ද්‍රනාම ගේ සයිබර් සිතුවිලි – Pravin Indranama's Blog

ප්‍රවීන් ඉන්ද්‍රනාමගේ සිංහල බ්ලොග් සටහන

Archive

Category: තාක්ෂණික

සින්ඩියේ තියෙන ලිපි බලනකොට මම ගොඩක් නිරීක්ෂණය කරපු දෙයක් තමයි සමහරු සිංහල ටයිප් කිරීමේදී ගොඩක් අක්ෂර දෝෂ කරනවා. ව්‍යාකරණ දෝෂ නෙමෙයි, ඒ ගැන කියන්න මම දන්නෙත් නෑ, මම දන්න ව්‍යාකරණයක් නැති නිසා. මේ නිසා මට හිතුනා ඔය නිතර වරද්දන සමහර අකුරු ගහන විදිය පොඩ්ඩක් කිව්වොත් හොඳයි කියලා, විජේසේකර යතුරු පුවරුවෙන් වගේම සිංග්ලිෂ් කන්වර්ටරෙනුත්.

මුලින්ම කියන්නම් මමත් පාවිච්චි කරන විජේසේකර යතුරු පුවරුවෙන් ගහන විදිය. ඊට පස්සෙ කියන්නම් සිංග්ලිෂ් එකෙන් ගහන විදිය. විජේසේකර එකෙන් ගහන විදිය ලියද්දී A – B කියලා ලියල තියෙන්නේ මුලින් කීබෝඩ් එකේ A අකුර ඇති කී එක ගහලා පසුව B අකුර ඇති කී එක ගහන්න කියන එකයි. Shift, Alt යතුරු සමග එබිය යුතු අවස්ථාවල Shift+a ආදී ලෙස ලියා ඇති. continue reading…


මගේ facebook ගිනුමේ ගොඩගැහිලා තියෙන Group request දිහා නිකමට බලනකොට මම දැකපු ගෲප් එකක් තමයි මේ. මේකෙන් කියන්නේ “facebook එකේ සිංහලෙන් චැට් කරන්න කැමති නම් මේ ගෲප් එකට ජොයින් වෙලා තමන්ගෙ යාලුවො හැමදෙනාටමත් invite කරලා ඊටපස්සෙ මේ ගෲප් එකේ ඇඩ්මින් දෙන සොෆ්ට්වෙයා  එක ඉන්ස්ටෝල් කරගන්න” කියලා. continue reading…

Google Buzz ගැන වැඩි දෙනෙක් දන්නෙ නැතුව ඇති සමහර විට. මේකට හේතුව Wave වගේ කාලයක් තිස්සේ සද්ද දාලා නෙමෙයි මේක දුන්නේ. කිසිම නිල පූර්ව ප්‍රකාශයක් තිබ්බෙත් නෑ මම දන්න විදියට. ආරංචි විතරයි. හදිස්සියෙම Buzz දුන්නා. මේක ක්‍රම ක්‍රමයෙන් එකවුන්ට් වලට ඇක්ටටිවේට් කරන නිසා ඔබේ එකවුන්ට් එකට තවමත් ලැබී ඇත්නම් කලබල වෙන්න අවශ්‍ය නෑ. ලඟදිම ලැබේවි.

මොකක්ද මේ Google Buzz කියන්නේ කියලා දැනගන්න නම් සුපුන් බුධාජීව ලියු මේ ලිපිය කියවන එක හොඳයි. මගේ ලිපියේ අරමුණ Buzz අපට කරදරයක් වෙයිද කියන එක ගැන පෙර විපරමක් කරන එක විතරයි. continue reading…

Facebook chat කරන්න facebook සයිට් එකටම යන්න ඕනෙ නෑ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. Pidgin, Digsby, Trillian වගේ chat client වලින් පුලුවන් facebook chat එකට සම්බන්ධ වෙන්න. නමුත් මේ කියන්න යන්නේ Firefox බ්‍රවුසරය භාවිත කරලා facebook සයිට් එකට නොගිහින් facebook chat කරන විදිය ගැන. මේ ක්‍රමයට ඔබට වෙන සයිට් එකක් බ්‍රවුස් කරන ගමන් වුනත් chat කරන්න පුලුවනි.

මේක ඇත්තටම Firefox වල option එකක් අපේ ක්‍රමයට පාවිච්චි කිරීමක් විතරයි. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. continue reading…

මගේ ආසාවක් තියෙනවා ඩ්‍රම්ස් ගහන්න. නමුත් වැඩේ කියන්නෙ මට නිකමටවත් ගහල බලන්න ඩ්‍රම් සෙට් එකක් ලැබිල නෑ නෙ. අනිත් වාද්‍ය භාණ්ඩ ගහන එකෙයි ඩ්‍රම්ස් ගහන එකෙයි පොඩි වෙනසක් තියෙනවා. ඩ්‍රම්ස් ගැහීමේදී මාත්‍රාව හෙවත් beat එක ගැන දැනීම පමණක් තිබුනට මදි, මාත්‍රාව බිඳින්නෙ නැතුව ගහන්නත් ඕනෙ. අත-පය 4ම භාවිතා කරලා වාදනය කරන භාණ්ඩයක් නිසා ටිකක් වෙලා ගියාම වෙහෙසට පත්වෙලා අර මාත්‍රාව බිඳෙන්න පුලුවන්. ඩ්‍රම් එක out ගියොත් සිංදුවම කොට උඩ තමා. මේ නිසා ඩ්‍රම් වාදකයෙකුට හොඳ පුහුණුවක් අවශ්‍යයි. සාමාන්‍ය වෘත්තීය ඩ්‍රම් වාදකයෙක් දිනකට පැය5ක් වත් වාදනයේ යෙදෙන්නේ ඒ රිද්මය පවත්වාගන්න ඕනෙ නිසා වෙන්නැති.

කියන්න ආපු දේ නෙමෙයිනේ මේ කියන්නෙ. මම මේ  කියන්න යන්නෙ ඩ්‍රම්ස් ගහන්න කැමති, ඒත් ගහල බලන්න ඩ්‍රම් සෙට් එකක් නැති අයට පරිගණකය මගින් ඩ්‍රම්ස් වාදනය කරන්න පුලුවන් විදියක් ගැන. මේක software එකක්. මේ ජාතියේ software වලට කියනවා Drum Machine software කියලා. වෘත්තීය මට්ටමෙන් පාවිච්චි කරන මේ වගේ software ගොඩක් තියෙනවා. continue reading…

මොබිටෙල් අන්තර්ජාල පහසුකම් අප්සෙට් ගිහින් කියලා මේ දවස්වල නිතර අහන්නට ලැබෙන චෝදනාවක්. මේකට හේතුව වෙන්න ඇත්තේ රු 75ක මුදලට Weekly Delight නමින් Prepaid පැකේජයක් හඳුන්වා දීමත්, ස්ථාවර සම්බන්ධතාවල මිල විශාල වශයෙන් අඩු කිරීමත් නිසා ජාලයට දරන්නට බැරි තරම් පිරිසක් ඊට එකතු වීම නිසා bandwidth එක බෙදී යාම වෙන්නැති කියලයි හිතෙන්නේ.

මේ තත්වය ඉවසන්න බැරුව අපේ මලින්ත ළමයා ඊයේ මොබිටෙල් බැද්දට විසික්කරලා ඩයලොග් අන්තර්ජාල සම්බන්ධතාවයක් ගත්ත බව ආරංචි වෙන්න ඇතිනේ :D මිනිහා ඊයේ නුවර මොබිටෙල් එක ඉස්සරහ පැය 4ක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් කරාලුනේ :D

මොබිටෙල් හා ටෙලිකොම් කියන්නේ සහෝදර-සමාගම් නේ :P මේ දෙකම රජයේ නිල සන්නිවේදන සැපයුම්කරුවන් කියලයි හඳුන්වන්නේ. ඒ වගේම මේ දෙගොල්ලොම පාවිච්චි කරන්නේ එකම අන්තර්ජාල සබඳතාවයක් බෙදාහදාගෙන. මේ නිසා වේගය අඩු වෙනවනම් මොබිටෙල්ට විතරක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයිනේ. මටත් ටික දවසක ඉඳන් browsing වලදී තරමක් අඩු වේගයක් වගේ දැනුනු නිසා මම අද නිකමට වගේ Speed Tests කීපයක් කරලා බැලුවා. තත්වේ හිතුවාට වඩා දරුණු වෙලානේ ! continue reading…

dot.TK මෙතෙක් කල් ලබාදුන්නේ URL and email redirection සේවාවක් පමණයි. ඒ කියන්නේ මට පුලුවන් blog.indranama.com කියන මේ බ්ලොග් එකේ දිග ලිපිනය වෙනුවට indranama.tk කියන කෙටි ලිපිනය ලබාගන්න. කවුරුහරි indranama.tk කියලා බ්‍රවුසරේ ටයිප් කරලා එන්ටර් කලාම ඒක සුපුරුදු ලිපිනයට redirect වෙනවා. මේ ක්‍රමයේ අපිට තියෙන අවාසියක් තමයි blog.indranama.com/about/ වගේ එකක් indranama.tk/about/ වගේ ගන්න බැරිවීම. මොකද .tk එකෙන් වෙන්නේ redirect වීමක් විතරක් නිසා.

ඔන්න දැන් dot.TK උදවිය තම ඩොමේන් වලට DNS control එකකුත් ලබාදීලා. ඒ කියන්නේ තවදුරටත් .tk කියන්නේ redirection එකක් විතරක් නෙමෙයි, සල්ලි දීලා ගන්න ඩොමේන් එකක් වගේ වැඩ දාන්න පුලුවන්. web space එකක තමන්ගේ වෙබ් අඩවියක් තියේනම් ඒ සඳහා .tk ඩොමේනයක් පාවිච්චි කරන්න පුලුවන්. continue reading…

සිංහල !

සිංහල !!

සිංහල !!!

දැන් අන්තර්ජාලයේ අපේ වැඩ වැඩිහරියක් කෙරෙන්නේ සිංහලෙන් කිව්වොත් බොරුවක් නෙමෙයි. අන්තර්ජාලයට සම්බන්ධ වෙච්ච ගමන් පුරුද්දට වගේ මුගින්ම යන්නේ සිංහල බ්ලොග් කියවනයට. මම නම් පෞද්ගලිකව රටේ ලෝකේ වෙන දේවල් දැනගන්නෙත් සිංහල බ්ලොග් කියවලා. එන ඊමේල් වලින් 80%ක් විතර සිංහල. Facebook status update කරන්නෙ සිංහලෙන්. Tweet කරන්නෙ සිංහලෙන්. continue reading…