ඉන්ද්‍රනාම » කලා
එක් ආදරයක් | One Love
ආදරය කොහි තිබුනත් ඒකීයයි, වෙනස් වෙන්නේ නැහැ කියන අර්ථය ගෙනෙන මේ කියන්න යන ලස්සන සිංදුව ටිකක් පරණ එකක් උනත් මම හිතනවා වැඩි දෙනෙක් අහලා නැතුව ඇති කියලා. ලෝකයේ  පුදුම 7 ගැන කවුරුත් අහලා ඇතිනේ. මේ පුදුම 7 විවිධ ‘වර්ෂන්’ තියෙනවා. කොහොම උනත් 2007 වසරේදී නව ලෝකයේ පුදුම 7 ප්‍රකාශයට පත් කෙරුනා. විවිධ රටවල්වලින් කෙරුනු යෝජනා කිරීම් වලින් තමයි මේ නව පුදුම 7 තෝරාගත්තේ.
අපේ අසල්වැසි ඉන්දියාවත් මෙම තරගයට එක්වුනේ තම රටේ ඇති ලෝක ප්‍රසිද්ධ ටාජ්මහාල් මන්දිරය ඊට එකතු කරමින්. අවසානයේ එය පුදුම 7 තුලට එකතු කරගැනීමට ඔවුන් සමත්වුනා. නව ලෝකයේ පුදුම 7 මොනවාද යන්න මෙම විකි ලිපියෙන් බලාගන්න පුලුවන්.
තම ටාජ්මහාල් මන්දිරය මෙම තරගයෙන් ජයග්‍රහණය කරවනු වස් ඊට මනාප ලබාගැනීමේ ව්‍යාපාරයේදී භාවිතා කල තේමා ගීතය ගැන තමයි මේ කියන්න යන්නේ. රකීබ් අලාම් විසින් රචිත මේ ගීතය සංගීතවත් කලේ ඔස්කාර් සම්මානලාභී ඉන්දියානු සංගීතඥයා වන ඒ. ආර්. රහ්මාන් විසින්. One Love හෙවත් Taj Anthem යනුවෙන් පොදුවේ හඳුන්වන මෙම ගීතයේ වඩාත් වැදගත්කම වන්නේ භාරතයේ ප්‍රධාන භාෂා 6කින් ගැයෙන විවිධ අනුවාද 6ක් නිර්මාණය වී තිබීමයි. මේ අනුව හින්දි, දෙමළ, මළයාලම්, තෙලුගු, කණ්නඩ හා බෙංගාලි යන භාෂා 6න් මෙම ගීතය ගැයීමට රහ්මාන්ට සහාය වන්නේ කාර්තික් සහ නරේෂ් අයියර්.
ගීතයේ variations 6 පහත දැක්වෙන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
One Love – Ek Mohabbat (Hindi)
One Love – Kaadal Ondrallava (Tamil)
One Love – Pranayam Onnu Allo (Malayalam)
One Love – Prema Okkatega (Telugu)
One Love – Premavu Illi Onde (Kannada)
One Love – Bhalobasha Ek Hoye (Bengali)
මොකද ඔබ හිතන්නේ මේ සිංදුව ගැන?
අපි අන්ධ භක්තියෙන් පුදන්නේ දෙවියන් විතරද?
මේ බ්ලොග් අඩවිය පටන් ගෙන දෙවැනියට ලියපු ලිපියේ අන්තර්ගතයම තවත් විදියකට ඉදිරිපත් කරන්න මට හිතුනා. මේ පෝස්ට් එක ගීතයක් ගැනයි. මේ ගීතයේ මුඛ්‍ය අර්ථය වෙනුවට මේ දිනවලට ගැලපෙන වෙනත් අර්ථයක් වුනත් ආදේශ කරන්න පුලුවන් නේද කියලා හිතුනා මට.
මෙන්න ගීතය,
අහසෙ ඉන්නවලු, ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු, නොදැක වඳිනවලු
ගින්නෙ නටනවලු, බෙර පදට නටනවලු,
නටල වඳිනවලු, පව් ! පිහිට පතනවලු
ඩෙන්න ඩෙනා ඩෙනෝ. . නා ඩෙන ඩෙන ඩෙනෝ. . .
පෙරලි පෙරලි වඳින තාලෙ දුක හිතෙනව මට
බණ දහමක් වත් නෑ මම දෙසුවේ කිසි දින
හේනක් කුඹුරක් වත් නෑ වගා කළේ මම
අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට
මෝල්ගහේ දලු එනතුරු, කලු කපුටා සුදු වන තුරු
යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවෙනතුරු
පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොලක් හැදුවෙත් නෑ
අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං !
ලයනල් රංවල, සමන් සිල්වා සහ පිරිස – අහසෙ ඉන්නවලු
ගීතය ගැන කිව්වොත් මේක නැසීගිය ජනසංගීතවේදී ලයනල් රංවලයන්ගේ නිර්මාණයක්. එතුමාගෙ මුල්ම ඇල්බමය ‘අහසෙ ඉන්නවලු’ යනුවෙන් නම් කර තියෙන්නෙත් මේ ගීතය නිසයි. මේ ගීතයේ මම දැකපු වැදගත්ම දේ තමයි ‘තුට්ටු දෙකේ’ බයිලා ගායකයෙකු ලෙස වැඩි දෙනෙක් හිතන සමන් සිල්වා ගායනයට යොදාගැනීම. මගේ අදහස නම් ඔහුගේ හඬ මේ ගීතයට සාධාරණය ඉටු කර තියෙනවා.
අර්ථය ගැන කථා කලොත් ඉතින් නිරර්ථකව දෙවියන් වැඳීම අද සමාජයේ කොයි තරම් බහුලව තියෙනවාද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.පන්සලක පවා ලොකු තැනක් ලැබිලා තියෙන්නේ දේවාලෙට. ඒ විතරක් නෙමෙයි, බෞද්ධයන්ගෙ පූජනීය ස්ථානයක් වන ශ්‍රී පාදස්ථානය ප්‍රදේශයේ වැඩිපුර කියවෙන්නේ බුදු හාමුදුරුවන්ගේ නම ද? නෑ.. සමන් දෙවියන්ගේ නම! මේ ගීතයෙදි දෙවියන් විසින්ම තමන්ට අන්ධව වැඳුම් පිදුම් කරන මිනිසුන්ව හාස්‍යයට ලක් කිරීම තවත් කරුණක්. ‘ගම අවුලඤ්ඤං’ ප්‍රසංගය බලපු අයට මතක ඇති මේ ගීතට කොයි තරම් අපූරු රංගනයක් ඔවුන් ඉදිරිපත් කලාද කියලා.
අනිත් අතට ගත්තොත් අපි දේශපාලකයන් වෙනුවෙනුත් කරන්නේ මේ ආකාරයේම අන්ධ වැඳුම් පිදුම් කිරීමක් නේද? ඔවුන් අපිට කරපු සේවයක් ගැන අපි හරියටම දන්නෙත් නැති උනත්, මැතිවරණ කාලෙට ටීවී එකේ කියන, දැන්වීම් වල පෙන්නන දේවල් වලට රැවටිලා අපි ඡන්දෙ දෙනවා. මේ ඡන්දෙදි අපේ දෙපාමුල පෙරලිලා මනාප ඉල්ලන්න තරම් සූදානම් බවක් පෙන්නන අපේක්ෂකයා ආයෙ දකින්න ලැබෙන්නේ ඊලඟ මැතිවරණෙදි. අවසානෙදි ඔවුන් අපිට කරපු හොඳකුත් නෑ, අපිත් රටත් හිටපු තැනමයි. දියුණු වුනේ ඔවුන් විතරයි. ඒත් අපි ආයෙ ආයෙත් ඡන්දෙ දෙනවා. ඔවුන්ගෙන් පිහිට පතනවා, ලැබෙන පිහිටක් නැති උනත්. මේකත් දෙවියන් කෙරෙහි තියෙන අන්ධ භක්තියට සමානකමක් දක්වන්නෙ නැද්ද?
නමුත්, මේ ගීතයේ එන දෙවියන්ට වගේ, මිනිසුන් තමන්ට අයත් නැති ගෞරවයක් දෙන බව දේශපාලකයින් තේරුම් නොගැනීම තමයි තියෙන එකම වෙනස. මොකද වැඩි දෙනෙක් හිතන්නේ ඔවුන්ට වන්දනාමාන කිරීම හුදී ජනයාගෙ වගකීම කියලා.
දන්න තරමින් මේ ගීතය ලිව්වෙත්, රංවලයන්ගේ ගීත වැඩි කොටසක් ලියපු, සිසිර දිසානායක කියන ගීත රචකයායි.
දස්කොන් – ප්‍රමිලා
දස්කොන් අදිකාරම්ගේ සහ ප්‍රමිලා බිසවගේ ප්‍රේම කතාව සමහර විට සමහරු අහලා නැති වෙන්නත් පුුලුවන්. මේක නිකං ප්‍රේමයක් නෙමෙයි අසම්මත ප්‍රේමයක් නිසා ඒකට ඒ හැටි වටිනාකමක් ලැබෙන්න නැතුව ඇති අපේ සංස්කෘතිය ඇතුලේ. (ඒත් කොහොමද ඉන්දියාවේ ක්‍රිෂ්ණාගෙයි රාධාගෙයි අසම්මත ප්‍රේමයට තියෙන තැන!). අද මේ කියන්න හදන්නේ මේ කතාව හා සම්බන්ධ වුනු ගීතයක් ගැන. ඒත් මම ඊට කලින් මේ ප්‍රේම කතාවේ සුලමුල විස්තර කරන්නම්.
දස්කොන්ගේ පියා, ගැස්කොන් කියන්නේ ලංකාවේ වෙරලට පාවී ආපු ප්‍රංශ නැවක සේලරුවෙක්. දෙවැනි රාජසිංහ රජු විසින් මේ නැවියන් අල්ලා සිර කෙරුනු ලැබූ අතර කාලයකට පසු ඔවුන්ට නිදහස ලැබුනා. එවිට මේ ගැස්කොන් උඩරට ප්‍රදේශයට සංක්‍රමණය වෙලා එහි සිටි පෘතුගීසි කාන්තාවක් හා විවාහ වුනා. මේ දෙපලට ලැබුනු දරුවා තමයි පේදෲ ගැස්කොන් – හෙවත් අපේ සිංහල මිනිසුන්ගේ කටවහරට හුරු වූ විදියට දස්කොන්. මේ කාලේ සිංහල රාජසභාවේ විදේශිකයනුත් හිටියා. ගැස්කොන් පවුලත් ඒ ආශ්‍රයෙන් තමයි රජවාසල හා කිට්ටු වුනේ. දෙවැනි රාජසිංහ රජ පුත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ කුමාරයා සමග කුඩාකල සිටම මිතුරු වූ දස්කොන්ට පසුව මේ කුමරා රජ වූ විට අදිකාරම් තනතුරකුත් ලැබුනා. කවියෙක් වුනු දස්කොන් මේ අතරතුර කවි ලිවීමේ දක්ෂතා තිබූ රජුගේ ප්‍රමිලා බිසව සමග හාදකමක පැටලුනා.
<object id="share" align="left" hspace="10px">
</object>
මේ කාලයේ රාජසභාවේ හිටපු විදේශිකයෝ සිංහල රදලයන්ට, සංඝයාවහන්සේලාට විරුද්ධව කුමන්ත්‍රණ කල අතර සිංහල රදලවරුන්, සංඝයාවහන්සේලාත් අනිත් අතට විදේශිකයන්ගෙන් පලි ගන්නට මාන බැලුවා. මෙන්න මේ ගැටුමේ ප්‍රතිඵලයක් විදියට දස්කොන්ගේත් ප්‍රමිලාගේත් අසම්මත ආදරේ රජතුමාගේ කණට ගියා කියලා තමයි කියවෙන්නේ. සිදුවීම අවසන් වූයේ දස්කොන් අදිකාරම හිසගසා දැමීමෙන් මරණයට පත් කිරීමෙන්.
ඉතින් කවීන් වුනු මේ දෙදෙනාගේ ආදර හසුන් කොයි තරම් කාව්‍යාත්මක වුනාද කියලා දන්නේ දෙයියෝ තමයි. මේ දෙදෙනා කවියෙන් තම අදහස් හුවමාරු කරගත් බවට සාධක තියෙනවා. ඉතින් මේ ප්‍රේම කතාව අලලා ලියැවුනු ගීතයක් ගැන තමයි මේ කියන්නේ. ඒ කරුණාරත්න දිවුල්ගනේ සමග සමිතා මුදුන්කොටුව ගයන “සක්මන් කරන මලුව පාලුයි දේවී” ගීතය.
හරිම ශෝකී සංගීතයක් තියෙන මේ ගීතයට මම හරිම ආසයි. පද මාලාවත් ඉතාම අගේට වචන ගලපලා කියලා කියන්න පුලුවන්. මේ ගීතය ලියපු කවියා එක්ක බැලුවාම එහි පුදුමයකුත් නැහැ. ඔහු මගේ ගමේම වසන කවියා රත්න ශ්‍රී විජේසිංහයන්. මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නේ ගායකයෙක් විදියට වැඩි ප්‍රසිද්ධියක් තියෙන ගුණදාස කපුගේ ශූරීන් කියලා දැනගත්තොත් ඔබ ඇතැම්විට පුදුම වේවි.
දස්කොන්:
සක්මන් කරන මළුව පාලුයි දේවී
මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවී
ප්‍රමිලා:
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි
දස්කොන්:
සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
ප්‍රමිලා:
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ
දස්කොන්:
වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
ප්‍රමිලා:
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනිකරන්නෙපා මතු සංසාරේ
මේ තියෙන්නේ සිංදුව. අහන්න නම් සිංදුව මත ක්ලික් කරන්න. ඩවුන්ලෝඩ් කරගන්න නම් රයිට් ක්ලික් කරලා Save Target As කරන්න.
http://www.mp3srilanka.com/files/Karunarathna_Divulgane_Daskon_Pramila.mp3
[ඡායාරූපය: චම්පා බුද්ධිපාලගේ 'දස්කොන්' නාට්‍යයෙන්]
පරිගණකයෙන් ඩ්‍රම්ස් ගහමු
මගේ ආසාවක් තියෙනවා ඩ්‍රම්ස් ගහන්න. නමුත් වැඩේ කියන්නෙ මට නිකමටවත් ගහල බලන්න ඩ්‍රම් සෙට් එකක් ලැබිල නෑ නෙ. අනිත් වාද්‍ය භාණ්ඩ ගහන එකෙයි ඩ්‍රම්ස් ගහන එකෙයි පොඩි වෙනසක් තියෙනවා. ඩ්‍රම්ස් ගැහීමේදී මාත්‍රාව හෙවත් beat එක ගැන දැනීම පමණක් තිබුනට මදි, මාත්‍රාව බිඳින්නෙ නැතුව ගහන්නත් ඕනෙ. අත-පය 4ම භාවිතා කරලා වාදනය කරන භාණ්ඩයක් නිසා ටිකක් වෙලා ගියාම වෙහෙසට පත්වෙලා අර මාත්‍රාව බිඳෙන්න පුලුවන්. ඩ්‍රම් එක out ගියොත් සිංදුවම කොට උඩ තමා. මේ නිසා ඩ්‍රම් වාදකයෙකුට හොඳ පුහුණුවක් අවශ්‍යයි. සාමාන්‍ය වෘත්තීය ඩ්‍රම් වාදකයෙක් දිනකට පැය5ක් වත් වාදනයේ යෙදෙන්නේ ඒ රිද්මය පවත්වාගන්න ඕනෙ නිසා වෙන්නැති.
කියන්න ආපු දේ නෙමෙයිනේ මේ කියන්නෙ. මම මේ  කියන්න යන්නෙ ඩ්‍රම්ස් ගහන්න කැමති, ඒත් ගහල බලන්න ඩ්‍රම් සෙට් එකක් නැති අයට පරිගණකය මගින් ඩ්‍රම්ස් වාදනය කරන්න පුලුවන් විදියක් ගැන. මේක software එකක්. මේ ජාතියේ software වලට කියනවා Drum Machine software කියලා. වෘත්තීය මට්ටමෙන් පාවිච්චි කරන මේ වගේ software ගොඩක් තියෙනවා.
<object id="share" align="right" hspace="10px">
</object>
සිංදුවක් හොඳින් අහගෙන හිටියොත් වැටහේවි එහි drum වාදනය මුලු ගීතය පුරාම එකම මාත්‍රාවට (beat) එකට යන විවිධ ආකාර වලින් සෑදී තියෙන බව. මේ ආකාර වලට Patterns, එහෙමත් නැත්තම් Styles කියලා කියනවා. drum machine software එකකින් මුලින්ම කරන්නේ මොකක්හරි drum kit එකක් තෝරගෙන ඉන් අපේ වාදනයට අවශ්‍ය patterns ටිකක් හදාගන්න එක. ඊලඟට මේ pattern අතරට දාන fill-in හදාගන්න ඕනෙ. fill-ins කියන්නෙ අර සිංදුවෙ කොටසක් ඉවරවෙනකොට වේගෙන් ඩ්‍රම් එකට තලලා උඩ පැනලා Cymbal එකටත් තලන ටික :D මේ ටික හදාගත්තට පස්සෙ කරන්න තියෙන්නේ ඒ කොටස් ඕනෙ ඕනෙ පිලිවෙලට අමුනලා අපේ වාදනය හදාගන්න එක. මහන්සිවෙලා ඩ්‍රම් එක ගහනවට වඩා කොච්චර ලේසිද බලන්න පරිගණකය ඉදිරිපිට ඉඳන් පුටුවේ වාඩිවෙලා මේ විදියට ඩ්‍රම්ස් වාදනය කරන එක.
මම අද කතා කරන්න යන්නෙ නොමිලේ දෙන එවැනි drum machine එකක් ගැන. ඒ Hydrogen.
Hydrogen කියන්නේ GNU/Linux පරිසරයට හදාපු drum machine software එකක්. (මෙහි Windows version එකකුත් පරීක්ෂණ මට්ටමේ තියෙනවා) මෙබඳු drum machine වල තියෙන වාසිය තමයි විවිධ drum kit වල ඇති ශබ්ද ලබාගෙන styles සැකසීමේ හැකියාව. හරියට ගෙදර drum sets ජාති කීපයක් තියෙනවා වගේ. Acoustic drum kit එකක් ඕනෙ නම් එහෙම, Rock drum kit එකක් ඕනෙනම් එහෙම, Electric drum kit එකක් ඕනෙනම් එහෙම.
ඔබේ ලිනක්ස් පරිසරයේ package manager එකට ගිහින් hydrogen, hydrogen-drumkits කියන පැකේජ 2 සොයලා ස්ථාපනය කරගන්න. Ubuntu වල දි නම්
sudo apt-get install hydrogen hydrogen-drumkits
ඔබේ package manager එකේ මෙය නැත්තම් වෙබ් අඩවියට ගිහින් ලබාගන්න පුලුවන්. http://www.hydrogen-music.org/
Windows සඳහා පරීක්ෂණ මට්ටමේ තියෙන වර්ෂන් එක මෙතනින් ලබාගන්න පුලුවන්
ඔය උඩින්ම තියෙන්නේ pattern editor එක. එතනින් අපිට අවශ්‍ය විදියට කෑලි එකතු කරලා pattern එක හදාගන්න පුලුවන්. වම් පැත්තේ උඩින් තියෙන්නෙ Song editor එක. එතනින් තමයි patterns එකතු කරලා අපිට සම්පූර්ණ සිංදුව හදාගන්න පුලුවන්. පහල තියෙන්නේ Mixer එක. එයින් අපේ drum kit එකේ එක් එක් කොටස් (cymbals, bass drum, etc,) වල ශබ්දය අඩුවැඩි කරන්න වගේම effects යොදන්නත් පුලුවන්.
මුලින්ම කරන්න ඕනේ අවශ්‍ය drum-kit එක තෝරා ගැනීම. මේ සඳහා View > Drumkit Manager වෙත යන්න පුලුවන්.
මෙතැනින් අවශ්‍ය kit එක තෝරාගෙන Load Drumkit එබුවාම ඒ drum kit එක අපිට භාවිත කරන්න ලැබෙනවා.
Pattern editor එකේ වම් පැත්තේ පෙන්නන්නේ අපි තෝරාගත් drum kit එකේ නාද කොටස්. මේ grid එකේ ක්ලික් කිරීමෙන් ඒ ස්ථානයට අර නාදයන් එක්කරන්න පුලුවන්. ඒ විදියට මාත්‍රාවට අනුව එක්කිරීමෙන් pattern එක ගොඩනගාගන්න පුලුවන්.
Song editor එකේදී අර සාදාගත් pattern කොටස් එකිනෙක පිලිවෙලට තියලා මුලු song එකම හදාගන්න පුලුවන්.
පැකේජයත් සමග එන drum kits හොඳ මදි නම් ඔබට පුලුවන් තවත් drum kits රාශියක් ලබාගන්නට මෙතැනින්.
Roland TR-909 කියන ඩ්‍රම් මැෂින් එක පාවිච්චි කරලා Hydrogen වලින් මම හදපු පොඩි සාම්පල් එකක් මෙන්න, අහලා බලන්න. (මේක මේ පෝස්ට් එකට දාන්න ඕනෙ නිසා හදිස්සියට හැදුවේ, චාටර් ඇති)
<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="300" height="15" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="src" value="http://www.airmp3.net/player/slim.swf?&player_title=House sample with Hydrogen&song_url=http://dl.dropbox.com/u/2475261/House_1.mp3&song_title=House sample" /><embed type="application/x-shockwave-flash" width="300" height="15" src="http://www.airmp3.net/player/slim.swf?&player_title=House sample with Hydrogen&song_url=http://dl.dropbox.com/u/2475261/House_1.mp3&song_title=House sample"></embed></object>
දැන් ඔබට මීටපස්සෙ සිංදුවක් remix කරන්න එහෙම ඕනෙනම් වෙන වෙන තැන්වලින් drum loops හොය හොය ඉන්න අවශ්‍ය නෑ. Hydrogen වලින් තමන්ගෙම loops හදාගෙන remix කරන්න පුලුවන් :)
මෙන්න මම කැමතිම ඩ්‍රම්ස් වාදකයා වන චාලි ඇඩම්ස් (Yanni’s band member) ගේ drum solo එකක්. මේක Live at Acropolis කියන Yanni ගේ concert එකේදි කරපු වාදනයක්.
<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" width="480" height="385" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=6,0,40,0"><param name="align" value="center" /><param name="allowFullScreen" value="true" /><param name="allowscriptaccess" value="always" /><param name="src" value="http://www.youtube.com/v/4i9YE2HBGx8&hl=en_US&fs=1&" /><param name="allowfullscreen" value="true" /><embed type="application/x-shockwave-flash" width="480" height="385" src="http://www.youtube.com/v/4i9YE2HBGx8&hl=en_US&fs=1&" allowscriptaccess="always" allowfullscreen="true" align="center"></embed></object>
Endless Love (from The Myth OST)
ඇස් පියාන  දෑත් පටලවාන අපි
එදා ආදරයෙන් හිටි හැටි මතක් කරමු,
එදා එතරම් ආදරයෙන් හිටි අපිට අද,
එකිනෙකාට “ආදරෙයි” කියාගන්න වත් බැරි වීම
කොයිතරම් දුකක්ද?
ජැකී චෑන්ගේ The Myth හෙවත් San Wa චිත්‍රපටය බලපු අයට ඒකෙ තිබුණු ලයාන්විත ප්‍රේම ගීතය, Endless Love (Mei Li De Shenhua) මතක ඇති. ඒක එක අතකින් ප්‍රේම ගීතයක් වගේම තවත් අතකින් විරහ ගීතයක්. ඒ ඇයි කියලා චිත්‍රපටයේ ලස්සනට කියැවෙනවා. වැඩි දෙනෙක් මේ ලස්සන චීන ගීතය අසා නැති බව මට විශ්වාසයි. ඒ නිසා මම අද මේ ගීතය අහමින් ඉන්නකොට කල්පනා කලා අනිත් අය එක්ක මේක බෙදාගන්න.
මේ ගීතයේ variation 2ක් තියෙනවා. පලමුවෙනි එක ගයන්නේ ඇත්තටම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන ජැකී චෑන් හා කිම් හී-සියොන්. ලංකාවෙ නලු නිලියො වගේ නෙමෙයි පිටරට නලු නිලියන්ට කොයි කරම් ලස්සනට සිංදු කියන්න පුලුවන්ද කියලා මේක ඇහුවාම හිතෙනවා :D
දෙවැනි variation එක ගයන්නෙ කොරියානු ගායක දෙපොලක් වන Sun Nan and Han Hong විසින්. චිත්‍රපටයේ OST (original soundtrack) එකේ අඩංගු වෙන්නේ මේ variation එකයි.
මෙන්න පලමුවෙනි variation එක අහලා බලන්න, බාගන්න නම් රයිට් ක්ලික් කරලා Save target as යන්න
http://elaira.net/lagu/endlesslove.mp3
දෙවැනි variation එකට නම් අහන්න තැනක් හොයාගන්න බැරිඋනා. මෙතනින් බාගන්න නම් පුලුවන්: http://tinyurl.com/23ct2v
මෙන්න ගීතයේ වීඩියෝ එක Youtube HD වල, HD වීඩියෝ බලන්න කැමති අයට බාගන්න පුලුවන්, http://www.youtube.com/watch?v=C5d78EQrEOg&hd=1
මෙන්න මේ ලින්ක් දෙක සංගීත භාණ්ඩ වාදනය ගැන උනන්දුවක් දක්වන අයට පමණයි :D මේ accoustic ගිටාරයකින් මේ ගීතය වයන අවස්ථාවක්, සහ මේ electric ගිටාරයකින් මේ ගීතය වයන අවස්ථාවක්.
සිංදුව බාගෙන අහලා රසවින්දා නම් ඒක මාත් එක්ක බෙදාගන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
Seconds from Disaster | ව්‍යසනයක් අභිමුව
අඩුමගනනේ අවුරුදු දෙකකට වරක්වත් ලෝකයේ මිනිසුන් සිය ගණනකගේ ජීවිත අහිමි වෙන ව්‍යසනයක්, ඉංග්‍රීසියෙන් කිව්වොත් disaster එකක්, කොතැනක හෝ සිදුවෙනවා. එක්කෝ එය බෝම්බ පිපිරීමක් වෙන්නට පුලුවන්, නැත්නම් ගුවන් යානයක් කඩාවැටීමක් වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් ස්වභාවික විපතක් වෙන්නත් පුලුවන්. කොයි විදියෙන් සිදු වුනත් නොසිතූ දෙයක් නිසා, සුලු අතපසුවීමක් නිසා, කාටවත් වැරැද්දක් නොකල අහිංසක මිනිසුන් සිය ගණනකට මේ සිදුවීම් වලදී ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවෙනවා.
Disasters don’t just happen, they are caused by a sequence of critical events…
කිසිදු විනාශයක් සිදුවන්නේ එක්වරම අහම්බෙන් නෙමෙයි, එය තීරණාත්මක සිදුවීම් සමූහයක ප්‍රතිඵලයක් ලෙසටයි සිදුවෙන්නේ. මෙන්න මේ අදහස පාදක කරගත් රූපවාහිනී වැඩසටහන් මාලාවක් ගැනයි මේ කියන්න හදන්නේ. එය නමින් Seconds from Disaster. මෙය National Geographic (NatGeo) රූපවාහිනී චැනලයේ විකාශය වූ වැඩසටහන් මාලාවක්.
මේ වැඩසටහනට මේ නම යෙදී ඇත්තේ මෙම වැඩසටහනේදී ඔවුන් යම් ව්‍යසනයක් සිදුවීමට පෙර ගතවන අවසාන විනාඩි කීපයේදී සිදුවූ දේ ගැඹුරින් විශ්ලේෂනය කරන නිසයි. මෙම වැඩසටහනේ අරමුන එවන් ව්‍යසනයක් සිදුවීමට හේතුභූත වී කරුණු සොයාබලන අතරම නැවත මෙවන් සංසිද්ධියක් සිදු නොවීමට ඒවා පාඩමක් කරගක යුත්තේ කෙසේදැයි පෙන්වාදෙනවා. මේ සඳහා නවීන පරිගණක තාක්ෂණය මගින් ඔවුන් එදා සිදුවූ සිදුවීම ප්‍රතිනිර්මාණය කරන අතර, විශේෂ වීඩියෝ ප්‍රයෝග මගින් එම සිදුවීම් වල චලන රූප නැවත සකසන්නේ හරියටම එදා එය වීඩියෝගත කල ආකාරයටයි. ඇතැම් සිදුවීම්වල සැබෑ වීඩියෝ එක (actual footage) තිබේ නම් ඒවාද වැඩසටහනට එක්කර තිබෙනු දැකිය හැකියි.
මෙම වැඩසටහන 2004 ජුලි සිට 2007 මාර්තු දක්වා කතා මාලා (season) 3කින්, කථාංග (episodes) 45කින් විකාශය වී තිබෙනවා. මෙම කථාංග 45 දී ලෝකයේ සිදුවූ දරුණුතම ව්‍යසන 45ක් පිලිබඳව වාර්තා කර තිබෙනවා. මමත් මේ සියල්ලම නරඹලා නෑ. නරඹපු ඒවා අතරින් මා සිත්ගත් ඒවා මෙන්න මේවා තමයි,
2004 සුනාමි ව්‍යසනය
පැරීසියේ කොන්කෝර්ඩ් ගුවන්යානා අනතුර
යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරයේ පිපිරුම
කොලොම්බියා ෂටල අනතුර
මෙක්සිකෝවේ ග්වාඩලහාරා හි වායු නල පිපිරුම
මම මේවා නැරඹුවේ කොහොමද කියන ප්‍රශ්නේ මතු උනාද දන්නෑ ! මම නං හැබෑයටම National Geographic Channel එකේ මේවා නරඹලා නෑ. මම බැලුවේ ඩවුන්ලෝඩ් කරගෙන. ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් තැන් කීපෙකුත් මම දෙන්නං. හැබැයි කණගාටුයි, හැම episode එකක්ම හොයාගන්න නෑ.
සියලුම episode වල නම් ටික හා විස්තර ලබාගන්න මේ විකිපීඩියා ලිපිය බැලුවනං හරි. ඒ වගේම මේ වැඩසටහනේ නිල වෙබ් අඩවියත් බලන්න.
බාගත කරගැනීම්:
episode 14ක rapidshare links මෙතන තියෙනවා. [katzforums.com]
torrents ටිකක් හොයාගන්න පුලුවන් මෙතනින්. [torrentz.com]
තවත් බලන්න ආස නම් episode වල නම් වලින් google search එකක් දුන්නොත් ඔය forum අස්සෙ තියෙන links හොයාගන්න බැරිවෙන එකක් නෑ. (මට තවම හොයාගන්න බැරිවෙච්ච episode එකක් තමා Russia’s Nuclear Sub Nightmare කියන episode එක. කාටහරි හමුවුනොත් මටත් ලින්ක් එවන්න)
ඉල්ලීමක්: මෙහි ඉදිරියේදී එක් වන කමෙන්ට් ඔබට ඊමේල් වන අයුරින් ඔබ Comments Subscribe වූනවා නම් කරුණාකර ඔබේ Spam folder එක මදක් බලන්න. මගේ බ්ලොග් අඩවියෙන් එන Comments notification ඊමේල් spam වෙත යන බව වාර්තාවී ඇත. එබන්දක් ඔබේ spam folder වෙත ගොස් තිබුනොත් කරුණාකර එය Not SPAM ලෙස mark කර මට සහාය වන්න.
බඹ ලොව හා ලංකාව
මේ මහා සාහිත්‍යවේදී කේ. ජයතිලක මහතාගේ කෘතියකින් උපුටා ගත් කොටසක්. වැදගත්කමක් තියෙනවා කියලා හිතුන නිසා මෙහි පලකලා.
මෑතක සිට බ්‍රහ්ම ලෝකයේ ජනගහනය ශීඝ්‍ර ලෙස පහල බසින්නට විය. මිනිස් ලොවින් ගොස් එහි ඉපදිය යුතු පිරිස සළාවටක ජලය මෙන් එතැනම කරකැවෙමින් යළි යළිත් මෙලොවෙහිම උපදින්නට වූහ. මෙයින් මනුෂ්‍ය ලෝකය හා බ්‍රහ්ම ලෝකය අතර ජනගහන සමතුලිතතාව නැති වී ගියෙන් ඒ සඳහා වහාම ප්‍රතිකර්ම යෙදිය යුතු විය. පළමුවෙන්ම මීට හේතු සොයා පිළියම් යෝජනා කිරීම සඳහා කොමිසමක් පත් කරන ලදී. එම කොමිසමෙහි සොයා ගැණීම වූයේ වර්තමාන මනුෂ්‍යයන් අතර බ්‍රහ්ම ලෝකයේ උපදින්නට තරම් සුදුසුකම් සපුරාලන පිරිස හිඟ බවය. මෙය මගහැරවීම සඳහා යෝජනා කරන ලද්දේ දැනට බඹ ලොවෙහි ඉපදීම සඳහා අවශ්‍ය නීතිරීති මදක් ලිහිල් කල යුතු බවය.
අන් කිසි විසඳුමක් නැති තැන මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය විය. මේ අනුව සොරකම් හැර මිනීමැරුම් වැනි දරුණු අපරාධකරුවන් පවා එක්තරා ප්‍රමාණයකට බඹලොව උපත ලදහ. සොරකම් කරන්නවුන්ට ඒ අවසරය නොදෙන ලද්දේ දැනට එහි ඉපිද සිටින බ්‍රහ්මයන්ගේ වස්තුවට තර්ජන ඇතිවීමට ඉඩකඩ තිබූ හෙයිනි.
බ්‍රහ්මලෝකයට අලුතින් පිවිසීමට අවකාශ ලැබුවෝ වහාම “නව ප්‍රවේශකයන්ගේ වෘත්තීය සමිතිය” නමින් සංගමයක් පිහිටුවා ගත්හ. සංගමයක් ඇති කර ගත්තත් ඔවුන්ට ලබා ගැනීමට තරම් ඉල්ලීම් නොවීය. අවශ්‍ය හැම දෙයක්ම බ්‍රහ්ම ලෝකය තුල තිබූ බැවිනි. එසේ වුවත් ඉල්ලීම් ඉදිරිපත් කර සටන් නොකර වෘත්තීය සමිතියක් පවත්වාගෙන යාම උගහටය. මේ නිසා බොහෝ දුර සාකච්ඡා කර තර්ක විතර්කද ගෙන ඒමෙන් පසුව මිනීමරුවන්ගේ එක් ඉල්ලීමකට එකඟ වීමට තීරණය විය. එනම් දැන් කාලයක සිට ඔවුන් ලේ පිපාසයෙන් පෙලෙන නිසා එය සංසිඳුවීමට විශාල ලේ වැගිරීමක් කිරීමය.
“පැන්සලක් උල් කර ගන්න පෑන පිහියක් වත් නැති මේ බ්‍රහ්ම ලෝකයේ ලේ වැගිරීමක් ඇති කරන්නේ කොහොමදැ?”යි මෙහිදී මහා බ්‍රහ්මයා ප්‍රශ්න කර සිටියේය.
“ඒක මෙහිම ඇති කරන්න ඕනෙ නෑ. අපට පෙනෙන වෙනත් ලෝකයක ඇති කළහම ප්‍රමාණවත්” බ්‍රහ්ම පෝතකයෝ පිලිතුරු දුන්හ.
“ඒ මොන ලෝකයේද? කොහොමද කරන්නෙ?”
“ඇයි මනුෂ්‍ය ලෝකයෙ? අපි එහේ මෘගසංවර්ෂාවක් ඇති කරමු”
“අපොයි ඒක මේ කාලයෙ ඇති කරන්නෙ කොහොමද? මෘගසංවර්ෂාව වස්සවන්න පුලුවන් කල්පාන්තයෙ ලෝක විනාශය සඳහා පමණයි”
“නෑ නෑ අපිට මෘගසංවර්ෂාවක් ඕනෑමයි” මෙය මහා බ්‍රහ්මයා සමග අරගලයකට සුදුසු ප්‍රශ්නයකැයි කල්පනා කල නව ප්‍රවේශකයෝ කොලහල කරන්නට වූහ “අපේ සාධාරණ ඉල්ලීම් අපට ඕනෑ” “මහා බ්‍රහ්මයා භංග වේවා!”
කලබල උග්‍රවත්ම දෙපක්ෂය සාකච්ඡා කර එකඟත්වයකට පැමිණුනි. මහා බ්‍රහ්මයා විසින් එය මෙසේ නිවේදනය කරන ලදී.
“කල්පාන්තයේ හැර වෙනත් අවස්ථාවක මහා මෘගසංවර්ෂාවක් ඇති කිරීම ලෝක ධර්මයට සම්පූර්ණයෙන්ම පටහැණි වේ. ඒ නිසා කප මැද මේ අවස්ථාවේදී අර්ධ මෘගසංවර්ෂාවක් පමණක් ඇති කරනු ලැබේ”
“ජයවේවා” “ජයවේවා” යි බ්‍රහ්ම පෝතකයෝ ප්‍රීති ඝෝෂා කලහ.
“හොඳයි. දැන් කොහෙද අපි මේ මෘගසංවර්ෂාව ඇති කරන්නෙ? කාටත් බලාගන්න පුලුවන් විදියට ලෝකය මැද තැනක් නම් ඉතාම හොඳයි”
“ශ්‍රී ලංකාවේ, ශ්‍රී ලංකාවේ” යි තරුණයෝ යළි කෑ ගැසූහ.
පිරිස සන්සුන් කර ආපසු යැවීමෙන් ඉක්බිතිව මහා බ්‍රහ්මයා වහා ක්‍රියාත්මක විය. පළමුවෙන්ම ඔහු වේරම්බ වාතය එවා රට තුල වූ සියලු සාරධර්ම උගුළුවා ගෙන ගොස් ඉන්දියානු සාගරයේ පතිත කරවීය. එසේ පතිත වූ සාරධර්ම එහි සිටි මත්ස්‍ය වර්ගයා විසින් එසැනින්ම ගිල ගන්නා ලදී. මෙය ඉව වැටී ඈත ජපානයේ සිට පැමිණි ධීවරයෝ එම මසුන් අල්ලාගෙන සියරටට ගෙන ගියහ. සාරධර්මයන්ගෙන් නියම ප්‍රයෝජනය ලබාගනුවස් ජපන් ජාතිකයෝ එම මසුන් පිසීමකින් පවා තෙරව අනුභව කලහ.
මිනිසුන් කෙරෙන් සාරධර්ම ඉවත්කර ලූ වේරම්බ වාතය සියලු ශාක වලට කෘත්‍රිම කෘමිනාශක හා පොහොර ඉස ඒවායේ පෝෂ්‍ය පදාර්ථයන් ඉවත් කලේය. ඉන්පසු පන්සල් පොත්ගුල් වලට වැදුනු එය එහි තිබූ පුස්කොලපොත් ගිණි ගොඩවල් කරා පියාසර කරවා යැවීය. බුදු පිලිම වල පවා ඇතුලත මදය ඉවත් කොට පිටත සායම පමණක් ඉතිරි කරන ලදී.
මෘගසංවර්ෂාව ආරම්භ වූයේ මින් පසුවය. වෙනදා වැසි පොද වැටෙන්නාහාම මිනිස්සු තිරිසනුන් බවට පත්වී උනුන් ඇනකොටා මරාගන්නට වෙති. මෙහිදී මහා බ්‍රහ්මයා ජීවිතයේ පලමුවෙනි වරට මවිතයට පත්කරමින් වැස්සට කොතරම් තෙමුනත් මිනිස්සු එකිනෙකාට කාරුණිකව සන්සුන්වම සිටියහ. මීට හේතු පරීක්ෂා කිරීමේදී ඔහුට පෙනී ගියේ සාරධර්ම කොතරම් නැතිව ගියත් මිනිසුන්ගේ ජාන වලට, ඇටට, මසට, කාවැදී තිබුනු බුදු දහම විසින් ඔවුන් පාලනය කරනු ලැබ සිටින බවය.
මේ වනාහි තම පරපුරේ බක බ්‍රහ්මයාටවත් ඉදිරිපත් නොවූ ප්‍රශ්නයකි. ඔහු තම පූර්ණ ඥාණ ශක්තිය යොදා දින ගණනක් කල්පනා කලේය. අහස පොලව ගැටලමින් කල්පනා කරන ඔහුට සිතාගත හැකිවූයේ එක් උපක්‍රමයක් ගැන පමණි. එනම් සමාජ සේවයක මුවාවෙන් රාජ්‍ය නොවන සංවිධාන විශේෂයක් ඇති කොට එහි නියෝජිතයන් ශ්‍රී ලංකාවට එවීමය. එවිට සමාජ අභිවෘද්ධියට කැමති මිනිසුන් එම රස ගුලිය ගිලිනුයේ එහි මැද රැස් කර ඇති විෂ පුංජයනුත් සමගය.
මහා බ්‍රහ්මයාගේ මේ උපක්‍රමය සිතුවාටත් වඩා සාර්ථක විය. රාජ්‍ය නොවන විෂ ගුලි ගිලීමෙන් ඉක්බිතිව, කලින් මිනිසුන් ගත මත පතිතව තිබූ වැහි බිඳුද ක්‍රියාත්මක වන්නට විය. ඔවුහු තිරිසනුන්ටත් වඩා දරුණු ලෙස එකිනෙකා කොටා මරා ගන්නට වූහ.
කේ. ජයතිලක – වර්ණය ඡන්දය හා මනාපය : පලමු මුද්‍රණය 2001, පිටු 11-14
විද්‍යොදයේ අතීතයෙන් පිටුවක්
මේ ඡායාරූපයෙ ඇති විශේෂයක් නැති වුනත් මේක පිටුපස අතීත කතාවක් තියෙනවා. ඒ ගැන කියන්නයි මේ ලෑස්ති වෙන්නේ.
මේ ඡායාරූපයේ තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලයෙන් මම බැහැර ගෙනගිය ඩබ්. ඒ. සිල්වා ශූරීන්ගේ “රිදී හවඩිය” කියන නවකතා පොතේ ඇතුලු පිටුවක්. මේක ඒ කාලයේ ලියැවුන රහස් පරීක්ෂක කතාවක්. කීදෙනෙක් මේක කියවලා තියෙනවද දන්නෙ නෑ. මේ වගේම එතුමාගෙ තවත් රහස් පරීක්ෂක කතාවක් තමයි “ජූලි හත“. පුලුවන් නම් හොයාගෙන කියවන්න.
අපේ විශ්වවිද්‍යාලය කලින් පිරිවෙණක් බව (විද්‍යොදය පිරිවෙණ) හැමෝම වගේ දන්නවා ඇතිනේ. 1958  අංක 15 දරණ විද්‍යොදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත යටතේ විශ්වවිද්‍යාලයක තත්වයට උසස් කරන ලද එය 1959 පෙබරවාරි 18 වෙනි දින සිට “ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලය” යන නමින් හැඳින්වුනා. එහි මුල්ම විශ්වවිද්‍යාලාධිපතිවරයා වුනේ වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේ.
ඔහොම කාලයක් ගියාට පස්සේ 1972 දී පාර්ලිමේන්තුවෙන් සම්මත උනා අංක 1 දරණ ලංකා විශ්වවිද්‍යාල පනත. මේ  මගින් එතෙක් ලංකාවේ තිබූ සියලුම විශ්වවිද්‍යාල එක් විශ්වවිද්‍යාලයක හෙවත් ලංකා විශ්වවිද්‍යාලයේ (University of Ceylon) කොටස් බවට පත්කෙරුනා, 1972 පෙබරවාරි 15 වෙනිදා සිට. ඒ අනුව අපේ විශ්වවිද්‍යාලය “ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යොදය මණ්ඩපය” (University of Ceylon – Vidyodaya Campus) වශයෙන් හැඳින්වෙන්න ගත්තා. අද අපි පොදුවේ විශ්වවිද්‍යාල හඳුන්වන්න පාවිච්චි කරන “කැම්පස්” කියන වචනය භාවිතයට ආවෙ මෙන්න මේකෙන්.
මෙන්න මේ සමයෙදි අපේ පුස්තකාලයට එක්වුනු පොතක සටහන් වූ මුද්‍රාවක් තමයි මේ. අපේ විශ්වවිද්‍යාලයේ පුස්තකාලය ගොඩක් පැරණි එකක් වගේම විශාල පොත්පත් සම්භාරයක් සහිත එකක් බව දැකල තියෙන අය දන්නව ඇති. එහි ඇතැම් කොටස් මම දැකලවත් නැහැ. පිරිවෙන් සමයේ සිට එක්රැස්වූ පොත්පත් මෙන්ම පුස්කොල පොත් එකතුවක්ද මෙහි අන්තර්ගතයි. (නූතන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ මුල්ම සේවා ස්ථානය වුනෙත් විද්‍යොදය පුස්තකාලය බව අහලා ඇති.)
පසුව 1978 දී නැවතත් මේ ලංකා විශ්වවිද්‍යාලය කොටස් 6කට වෙන් කෙරුනා. ඒ අනුව ලංකා විශ්වවිද්‍යාලයේ තිබුණු මණ්ඩප 6 ස්වාධීන විශ්වවිද්‍යාල 6ක් බවට වෙන් කෙරුනා. ඒවා තමයි,
කොලඹ විශ්වවිද්‍යාලය (CMB)
පේරාදෙණිය විශ්වවිද්‍යාලය (PDN)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (SJP)
කැළණිය විශ්වවිද්‍යාලය (KLN)
මොරටුව විශ්වවිද්‍යාලය (MRT)
යාපනය විශ්වවිද්‍යාලය (JFN)
වශයෙන් මේ දක්වා හැඳින්වෙන්නේ.
මගේ විශ්වවිද්‍යාලය ගැන සිංහල විකිපිඩියාවට මම ලියූ ලිපිය මෙතැනින් කියවන්න. නම නොදන්නා සහෘදයෙක් විසින් එහි වැදගත් දින වකවානු ආදිය සටහන් කරලා ලොකු සහයෝගයක් දුන්නා. ඔහුටත් ස්තූතිවන්ත වෙනවා.
ඔබත් මෙගාපික්සල් සින්ඩ්‍රෝමයෙන් පෙලෙනවාද?
ඩිජිටල් කැමරා අද කොයි තරම් ජන සමාජය සමග බද්ධ වෙලාද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ නේ. අද එන සෑම ජංගම දුරකථනයක් එක්කම පාහේ කැමරාවකුත් එනවා නේ. ඒ නිසා ඡායාරූප ගැනීම ලොකු පොඩි හැමෝගෙම විනෝදාංශයක් වෙලා. ඩිජිටල් කැමරාවක්, එහෙමත් නැත්තං ඡායාරූප ගන්නත් එක්ක ජංගම දුරකථනයක් මිලට ගන්න හදන අයට වැලඳෙන රෝගයක් තියෙනවා. ඒ තමයි මෙගාපික්සල සින්ඩ්‍රෝමය ! ඒ කිව්වේ හැමෝම බලන්නේ තමන්ට හැකි උපරිම මුදල යට කරලා වැඩිම මෙගාපික්සල් ගාණක් ඇති කැමරාවක්, එහෙමත් නැත්තං ජංගම දුරකථනයක් ගන්න. එහෙමත් නැත්තං ලොකු මුදලක් යට කරලා DSLR එක්ක ගන්න. ඒත් ඇත්තටම හොඳ ඡායාරූප ටිකක් ගන්න ලොකු මෙගාපික්සල් ගණනක් අවශ්‍යද? නැත්තං මිල අධික කැමරාවක් අවශ්‍යද?
ලාල් හෑගොඩ මහතා පිලිබඳ සාමාන්‍යයෙන් බොහෝ දෙනා දන්නවා කියලා හිතෙනවා. එතුමා ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් විතරක් නෙමෙයි ඡායාරූප ක්ෂේත්‍රය පිලිබඳ විද්වතෙක්. මම ඉහත කියපු කරුණු ගැන එතුමා ඔක්තෝබර් 11 ඉරිදා ලක්බිම පුවත්පතට ලියපු ලිපියක කරුණු ටිකක් තමයි මේ උපුටා දක්වන්න හදන්නේ. ඒකෙදි එතුමා ඩිජිටල් ඡායාරූපකරණයට එලඹෙමින් සිටින තරුණ පරපුරට අවවාද 10ක් දීලා තියෙනවා. ඒවා හොඳින් කියවලා බලන්න.
ඡායාරූපයක ඉතාම වැදගත් එහි සියුම් විස්තර දැක්වීම නොවේ. එය එක් කාරණාවක් පමණි. ඡායාරූපයක සාර්ථකත්වයට බලපාන තවත් කාරණා බොහෝය.
(මගේ පෞද්ගලික අත්දැකීමක් ලියන්නට ඉඩ දෙන්න) මහා බ්‍රිතාන්‍යයේ රාජකීය ඡායාරූප සංගමයේ ප්‍රදර්ශණයක් පවත්වන්නට මට ආරාධනයක් ලැබිණ. මා එහිදී ඉදිරිපත් කල ඡායාරූප 30න් විසිහයක්ම 6.1 මෙගාපික්සල් කැමරාවකින් ගත් ඒවාය. ඉතිරි ඒවා පටල කැමරාවකින් ගත් ඒවාය. ඒවා නැරඹුවේ ඡායාරූප ලෝකයේ විද්වතුන්ය. කිසිවෙකු “ෂාප්නස්ට්” ගැන ප්‍රශ්ණ කලේ නැත.
ඔබට ඉතිරෙන්නට සල්ලි තිබෙනවානම් මේ ලිපිය කියවීම මෙතැනින් නවතා මිල ඉහලම කැමරාව ගන්න. එසේ නැති නම් කියවාගෙන යන්න.
ඔබේ අඩු මෙගාපික්සල් කැමරාවෙන් RAW ගොනු වලින් ඡායාරූප ගන්න. ඒවා 20×24 ප්‍රමාණයට පහසුවෙන් මුද්‍රණය කරගත හැකිය. ජනප්‍රිය මංගල ඡායාරූප මුද්‍රණය කරන්නේ උපරිම 10×15 ප්‍රමාණයට නිසා එයට වුවද මේ තියුණුකම හොඳටම සෑහේ.
RAW රූප කැමරාවේ LCD එකෙන් බලන්නට වැඩි වෙලාවක් ගතවිය හැක. දැන් දැන් RAW ගන්නා විට JPEG වලින්ද සටහන් වන අඩු මෙගාපික්සල් කැමරා වෙලඳපොලට පැමිණෙමින් තිබේ.
කාච මාරුකිරීමට හැකි DSLR කැමරා අවශ්‍යම නොවන්නේ ZOOM කාච ඇති  බැවිනි. කාච මාරු කිරීමට නොහැකි DSLR මිලෙන් අඩුය. ඒවායේ ZOOM කාච ඔබේ අවශ්‍යතාවය ඉටු කරනු ඇත.
කැමරාවට ලක්ෂයක් දෙකක් වැඩිපුර වියදම් කරනු වෙනුවට පාවිච්චි කල කොම්පියුටරයක් රුපියල් 20,000ක් වැනි මුදලකට මිලදීගත හැකිය. Photoshop මෘදුකාංගය ඉතා අඩු මිලට ලංකාවේදී අලෙවි වේ !
වෙන කෙනෙකුට දී ඡායාරූප සාදා නොගෙන ඔබම ඡායාරූප Photoshop වලින් සාදාගන්න. එය වටිනා ආයෝජනයකි.
කුඩා මෙගාපික්සල් කැමරාවෙන් ඔබ ආදායමක් ලබාගන්නා අතරේ අවුරුද්දක් දෙකක් යනවිට වැඩි පික්සල් කැමරා පේමන්ට් එකට වැටී තිබෙනවා දකින්නට පුලුවන් වනු ඇත. දැන් ඔබට ලොකු මෙගා පික්සල් කැමරාවකට ඉව අල්ලන්නට පුලුවන.
කෙසේ වෙතත් ඔබ කැමරාවෙන් මුදල් හම්බකරගෙන ඔබේ කීර්තිනාමය පැතිරී යන විට ඉහල කැමරාවකට යන්න. කැමරාවේ සෙන්සරය ලොකුවත්ම පික්සලයේ ප්‍රමාණයත් ලොකු වන අතර, එක පික්සලයක බිට් ප්‍රමාණයද වැඩි වේ. ඒවායේ වෙනත් දියුණු කිරීම්ද තිබෙනු ඇත.
හොඳ ඡායාරූප ගන්න මෙගාපික්සල් ගණන බලපාන්නෙ නෑ කියන එකට හොඳ උදාහරණයක් අපේ සහෝදර බ්ලොග්කරුවෙක් වන අරවින්ද චන්ද්‍රපද්ම විසින් ගන්නා ඡායාරූප. ඔහු ඡායාරූප ගන්නේ Nokia 3120c දුරකථනයකින්. බලන්න ඔහුගේ ඡායාරූප දෙස.
visit Facebook fan page here
මගේ ගී අනුවාදන ටිකක්
මේ සිංදු ටික මට අහම්බෙන් ආයෙ ලැබුනෙ ගෙදර මැෂිමෙ හාඩ් ඩිස්ක් එක අවුස්සනකොට. ඒ නිසයි ලියන්න හිතුනේ.
මේවා මම උසස්පෙල කරන කාලෙ Yamaha PSR-320 හා Yamaha PSR-510 වර්ගයේ කීබෝඩ් දෙකකින් පර්යේෂණ මට්ටමෙන් කරපු අනුවාදන ටිකක්. කීබෝඩ් දෙකත් මගේ නෙමේ. මිතුරියන් දෙදෙනෙක්ගෙන් පොඩ්ඩකට කියලා ඉල්ලාගෙන මාස දෙකතුනක් තියාගත්ත ඒවා. රෙකෝඩ් කලේ හරිම අමාරුවෙන්. ඒ කාලෙ මට මැෂිමක් තිබුනෙ නෑ. ගෙදරදි ප්‍රැක්ටිස් වෙලා කීබෝඩ් දෙකම උස්සගෙන යනවා අතිජාත මිත්‍රයා යොහාන්ලැයි ගෙදරට. එහේ ඉඳන් ප්ලේ කර කර රෙකෝඩ් කරනවා කීබෝඩ් එකේම තියෙන ට්‍රැක් වලට. (මොකද පරිගණකයේම මල්ටි-ට්‍රැක් රෙකෝඩිං සොෆ්ට්වෙයා එකකින් වැඩ කරන්න තරම් මිත්‍රයගෙ මැෂිමෙ මෙමරි මදි) ඊටපස්සෙ මැෂිමට ඉන්පුට් දීලා අර ට්‍රැක් ප්ලේ කරන ගමන් ඉතිරි කොටස් ඒ වෙලාවෙම ලයිව් ගහලා තමයි රෙකෝඩ් කලේ. රෙකෝඩ් කරන්න පාවිච්චි කලේ Creative Soundblaster කාඩ් එකත් එක්ක ආපු මොකක්ද පොඩි ටූල් එකක්.
මේවයෙ සෑහෙන්න අඩුපාඩු තියෙනවා. අදටත් මට හොඳ කීබෝඩ් එකක් නෑ. ප්‍රැක්ටිස් එක මලකඩ නොකා පරිස්සම් කරගන්නෙ කැම්පස් එකේ තියෙන පියානෝ එක ගහල. කැමති නම් අහලා බලල, කැමති නම් බාගන්න. කැමතිනම් අදහස් කියන්නකෝ.
(ඩවුන්ලෝඩ් කරගැනීමට නමි right click කර Save Link As… කරන්න)
ගමට කලින් හිරු – කරුණාරත්න දිවුල්ගනේ
අන්දර යායේ – කරුණාරත්න දිවුල්ගනේ
වලා තීරයෙන් එහා – ටී. එම්. ජයරත්න
නුඹේ කඳුලට – 6th Lane
සුපෙම් හැඟුම් – ප්‍රදීපා ධර්මදාස/ලක්ෂ්මන් විජේසේකර
මල් මල් හිනා – ෂර්ලි වෛජයන්ත
කීබෝඩ් දෙක ලබාදී උදව් කරපු චතුරිකා හා මිහිරි සොයුරියන් දෙදෙනාත් මේ වෙලාවේ මතක් නොකර බැහැ.