ඉන්ද්‍රනාම » ඇසි-දිසි

Satire News ගැන නොදන්නා රිවිර
ජනමාධ්‍යයේ කලින් කල විවිධ ප්‍රවණතා ඇති වේ. මම මාධ්‍යවේදියෙකු නොවන නිසා ඒ පිලිබඳ වැඩිදුර නොදනිමි. නමුත් මාධ්‍යයේ යෙදෙන්නන් ඒවා පිලිබඳව අවබෝධයෙන් සිටීම අත්‍යාවශ්‍ය බැව් සඳහන් කල යුතු නොවේ. ඇතැම් ප්‍රවණතා බටහිර රටවල් වල ඇතිවී ලංකාවට ඒමට කල්ගතවීම සාමාන්‍ය සිද්ධියකි. නමුත් දැන් අන්තර්ජාලය නිසා ලෝකය බොහෝ කුඩා තැනක් බවට පත්වී ඇති නිසා එය සමාවට කරුණක් කරගැනීමටද අපහසුය.

මෙය ලියන්නට සිතුනේ සතිඅන්ත ජාතික පුවත්පතක් වූ රිවිර පත්‍රයේ කර්තෘ මණ්ඩලය News Satire නැමති ප්‍රවණතාව ගැන අවබෝධයක් නෙමැතිව, අසත්‍ය පුවතක් තම පත්‍රයේ ලොකුවට පලකර තිබෙනු දුටු බැවිනි.

පුවත් වාර්තාකරණය විනෝදය සැපයීමට ඇති දෙයක් නොවේ (නමුත් දැන් ලංකාවේ රූපවාහිනී නාලිකා කීපයක් පුවත් වාර්තාකරණයෙන් විහිලු සපයනු පෙනේ) එහෙයින් වාර්තාකරණය විනෝදාත්මක කිරීම සඳහා News Satire යන සංකල්පය බිහි වී ඇත. විකිපීඩියාවේ සඳහන් වන ආකාරයට මෙය එක්දාස් අටසීය ගණන් තරම් ඈතට විහිද යන්නකි. මෙම ප්‍රවණතාවයේදී වැඩි වශයෙන් සිදු කරන්නේ ප්‍රධාන ධාරාවේ පුවතකට සමාන ව්‍යාජ ප්‍රවෘත්තියක් (parody) නිර්මාණය කරමින් ඉන් අර ප්‍රධාන පුවත හාස්‍යයට ලක් කිරීමත්, එමගින් සියුම්ව එහි ඇති යම් දෙයක් විවේචනය කිරීමත්ය. උදාහරණයක් ලෙස ඇමරිකානු රජයේ යුද මානසිකත්වයත් ගෝලීය අධිරාජ්‍යවාදයත් බොහෝ news satire පුවත් වලින් උපහාසයට ලක් කරනු දැකිය හැකිය. එසේම news satire මගින් ප්‍රවෘත්තියක ආකාරයට ජනතාවට විහිලු විනෝදය සැපයීමද දක්නට ලැබේ. ඇතැම්විට ජනමාධ්‍ය වල අප්‍රසාදයට ලක්වී සිටින පුද්ගලයන්ට සියුම් මඩක් මේ හරහා ගැසීමද රහසක් නොවේ. ජස්ටින් බීබර් කොල්ලෙකු නොව කොලු වෙස් ගත් කෙල්ලෙකු යැයි පැතිර ගිය news satire පුවත මේ ආකාරයේ එකකි :-)

news satire මාධ්‍ය ලෝකයේ බොහෝ රටවල් වල ඇත. ඇතැම් ප්‍රසිද්ධ මාධ්‍ය මෙම වර්ගයේ පුවත් සඳහා තම මාධ්‍යයේ වෙනම ඉඩක් ලබාදෙන අතර තවත් මාධ්‍ය සම්පූර්ණයෙන්ම වෙන්වී ඇත්තේ News Satire වෙනුවෙනි. The Onion News ඒ සඳහා උදාහරණයකි. ඔවුන් විසින් රූපවාහිනී නාලිකාවක්ද පවත්වාගෙන යනු ලැබේ. අන්තර්ජාලය ප්‍රධානපෙලේ ජනමාධ්‍යයක් වූ පසුව news satire වෙබ් අඩවි රාශියක් ඇතිවී ඇත.

මෙවැනි ප්‍රසිද්ධ news satire වෙබ් අඩවියක් වන Weekly World News හි පසුගිය පෙබරවාරි 1 වෙනිදා පලවූ පුවතක කියා තිබුනේ ලබන මාර්තු 15 වෙනිදා සිට facebook අඩවිය වසාදැමෙන බවයි. මෙය කිහිප දෙනෙකු විසින් facebook හි share කර තිබුනත් Weekly World News ගැන දන්නා අය සිනාසී එය බැහැර කලහ. විහිලුව දුරදිග යන්නේ ජාතික පුවත්පතක් වූ රිවිර පත්‍රය මෙය පිටු බාගයක විශේෂාංග පුවතක් ලෙස පල කිරීමෙනි.

පෙබරවාරි 5 රිවිර පත්‍රයේ එය පලවූ අයුරු

එම ලිපිය ලියූ මාධ්‍යවේදීන් දෙදෙනා news satire ගැන නොදනීනම් අඩුගණනේ පත්‍රයේ කර්තෘතුමා හෝ ඒ ගැන දන්නේ නැත්දැයි සැක මතුවේ. නැතහොත් මෙබඳු විශේෂාංග ලිපි මුද්‍රණයට යාමට පෙර කර්තෘතුමාගේ හෝ උපකර්තෘවරයෙකුගේ අවධානයට යොමු වන්නේ නැතිද? අන්තර්ජාලයේ දකින දකින දේ රැගෙන ගෙඩිපිටින් සිංහලට පරිවර්තනය කර පත්‍රයේ ඉඩකඩ සපුරාගන්නවාට වඩා වැඩි වගකීමක් ජාතික පුවත්පතකට ඇතැයි මම සිතමි. ඒ වෙබ් අඩවියකට වඩා මුද්‍රිත ජාතික පුවත්පතක වලංගුතාවය බොහෝසෙයින් වැඩි බැවිනි. (බොහෝ පුවත්පත් මෙසේ යමක් අන්තර්ජාලයෙන් රැගෙන පරිවර්තනය කර දමන්නේ තමන් ලියුවා වගේය. මූලාශ්‍රය සඳහන් කිරීමේ සිරිතක් ද නැත. වරක් බ්ලොග් අඩවිවලින් කොටස් රැගෙන ලක්බිම නිවුස් පත්‍රයේ පල කිරීමක් ගැන බ්ලොග්කරුවන් රාජ්පාල් අබේනායක මහතා සමග ලොකු හබයක් ඇතිවුනි)

කියවන්න: News Satire – Wikipedia

දෙන දෙයක් හිතේ සතුටින් දෙන්න
වෙලාව: උදෑසන 8ට පමණ

ස්ථානය:බොරැල්ල මංසන්ධියේ ශ්‍රී රම්‍යා හෝටලය

සිද්ධිය:

මා කඩයට ඇතුලුවන විට පිණ්ඩපාතේ වඩින ස්වාමීන්වහන්සේ නමක් පිණ්ඩපාතය බලාපොරොත්තුවෙන් කඩය ඉදිරිපස සිටි අතර, මා ඇතුලුවෙත්ම කඩේ ලියන මහත්තයා බත් පාර්සලයක් රැගෙන හිමියන් අභිමුවට ගියේය. දානය පිලිගත් උන්වහන්සේ ඊට කළගුණසැලකීමක් මෙන් තමන් වහන්සේ ලඟ තිබූ පිරිත් නූල් පන්දුවකින් පිරිත් නූලක් රැගෙන ලියන මහත්මයාගේ අතේ බඳිනු පෙනුනි. මේ අතර කඩේ කැෂියර් එකේ සිටි කඩ හිමියා වෙනත් සේවකයකුට මෙසේ කීය

“කෝ මේ ලියන මහත්තය එන්නෙ නැද්ද මංද, ගිහින් බලපං අර ලොරිය පොඩ්ඩක්“

කඩ හිමියා විසින් කඩයට පැමිණි යම්කිසි භාණ්ඩ බෙදාහරින ලොරියක් නවත්වාගැනීමට ලියන මහත්තයාට කලින් පවරා තිබූ බව මට පසක් විය. ගෝලයා නැවත පැමිණියේ ලොරිය ගොස් ඇතැයි පවසමිනි. එවිටම ලියන මහත්තයාද කඩය ඇතුලට පැමිණියේය.

“මොකක්ද ලියන මහත්තයා මෙච්චර වෙලා කලේ, අර ලොරියත් ගියා“

“හාමුදුරුවො එන්න දුන්නෙ නෑ නේ, පිරිත් නූලක් බඳින්න ගත්තනේ“

“මොන රෙද්දක් අස්සෙ රිංගන්න එනවද මංද මේ හාමුදුරුවොත් උදේ පාන්දර, බලනව ඉතින් අර ලොරිය යන්න ගියානෙ, ඕවයින් වෙන පාඩු හාමුදුරුවො අල්ලල දෙනවයැ“

එහිමියන් පිටුපස ගොස් මේ සිද්ධිය කියා නැවත එබඳු තැන් වලට පිණ්ඩපාතය නොවඩින ලෙස කීමට මට සිත් විය. නමුත් මා මගේ ආහාර පාර්සලය රැගෙන කඩයෙන් පිටතට එන විට උන්වහන්සේ පෙනෙන්නට සිටියේ නැත.

හිතේ සතුටෙන් නොදෙන, මෙවන් දානමාන පින්කම්වල අර්ථය කුමක්ද?

දේව බැලුම අපිටද, හොරුන්ටද?
කොළඹ-ගාල්ල මහාමාර්ගයේ හෙවත් A2 පාරේ යන වාහන නවත්තලා පඬුරු දාන තැන් සාමාන්‍යයෙන් දෙකක් තියෙනවා. එකක් කළුතර බෝධිය. අනික සීනිගම දෙවොල් දේවාලය.

රාත්‍රී 10, 11 පහුවෙලා සීනිගම දේවාලය ඉදිරිපිට වාහනය නවත්තලා බැහැලා පඬුරු දාන්න යන අයව පිහි පෙන්නලා බය කරලා මංකොල්ල කන පිරිසක් එතැන ඉන්න බව පහුගිය දවසක මට ආරංචි උනා. පොඩ්ඩක් සොයලා බැලුවාම කතාව ඇත්ත බවත් දැනගන්න ලැබුනා.

ඉතිං මට ඇතිවෙච්ච ප්‍රශ්නය තමයි, තමන්ට පඬුරක් දාලා තමන්ගෙන් පිහිට පතන්න එන බැතිමතුන්ට තමන්ගේ ඇස් ඉදිරිපිටදීම කරදරයක් වෙන්න ඉඩදෙනවනං, ඔවුන් රැකගන්න බැරිනම්, මොකක්ද ඒ දෙවියන්ගෙන් ඇති පලේ කියන එක, එහෙම දෙවියෙකුට පඬුරු දාලා පිහිට පතලා වැඩක් තියේද කියන එක. දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබෙන්නේ අර මංකොල්ලකාරයන්ටද දන්නෙත් නැහැ, මොකද උන් දෙවියන්ගේ බල සීමාව වන ඒ අසල්වාසී ගම්වැසියන් වෙන්න පුලුවන් නිසා. එහෙමනං ඉතිං සොරුන්ට උදවුකරන දෙවියෙක්ගෙන් වැඩක්ම නෑ නොවැ!

කෙටියෙන් කියන්න තියෙන්නේ කරුණු දෙකයි. එක, දෙවියන්ගේ තරම දැන්වත් තේරුම් ගන්න. දෙක, රෑ බෝවෙලා ගාලු පාරේ යනවනං සීනිගම දේවාලේ ඉදිරිපිට නවත්තලා පඬුරු දාන්න හිතන්න එපා. ඒක නිකරුනේ කරදරයකට අතවැනීමක් වෙන්න පුලුවන්.

එක් ආදරයක් | One Love
ආදරය කොහි තිබුනත් ඒකීයයි, වෙනස් වෙන්නේ නැහැ කියන අර්ථය ගෙනෙන මේ කියන්න යන ලස්සන සිංදුව ටිකක් පරණ එකක් උනත් මම හිතනවා වැඩි දෙනෙක් අහලා නැතුව ඇති කියලා. ලෝකයේ  පුදුම 7 ගැන කවුරුත් අහලා ඇතිනේ. මේ පුදුම 7 විවිධ ‘වර්ෂන්’ තියෙනවා. කොහොම උනත් 2007 වසරේදී නව ලෝකයේ පුදුම 7 ප්‍රකාශයට පත් කෙරුනා. විවිධ රටවල්වලින් කෙරුනු යෝජනා කිරීම් වලින් තමයි මේ නව පුදුම 7 තෝරාගත්තේ.

අපේ අසල්වැසි ඉන්දියාවත් මෙම තරගයට එක්වුනේ තම රටේ ඇති ලෝක ප්‍රසිද්ධ ටාජ්මහාල් මන්දිරය ඊට එකතු කරමින්. අවසානයේ එය පුදුම 7 තුලට එකතු කරගැනීමට ඔවුන් සමත්වුනා. නව ලෝකයේ පුදුම 7 මොනවාද යන්න මෙම විකි ලිපියෙන් බලාගන්න පුලුවන්.

තම ටාජ්මහාල් මන්දිරය මෙම තරගයෙන් ජයග්‍රහණය කරවනු වස් ඊට මනාප ලබාගැනීමේ ව්‍යාපාරයේදී භාවිතා කල තේමා ගීතය ගැන තමයි මේ කියන්න යන්නේ. රකීබ් අලාම් විසින් රචිත මේ ගීතය සංගීතවත් කලේ ඔස්කාර් සම්මානලාභී ඉන්දියානු සංගීතඥයා වන ඒ. ආර්. රහ්මාන් විසින්. One Love හෙවත් Taj Anthem යනුවෙන් පොදුවේ හඳුන්වන මෙම ගීතයේ වඩාත් වැදගත්කම වන්නේ භාරතයේ ප්‍රධාන භාෂා 6කින් ගැයෙන විවිධ අනුවාද 6ක් නිර්මාණය වී තිබීමයි. මේ අනුව හින්දි, දෙමළ, මළයාලම්, තෙලුගු, කණ්නඩ හා බෙංගාලි යන භාෂා 6න් මෙම ගීතය ගැයීමට රහ්මාන්ට සහාය වන්නේ කාර්තික් සහ නරේෂ් අයියර්.

ගීතයේ variations 6 පහත දැක්වෙන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

One Love – Ek Mohabbat (Hindi)

One Love – Kaadal Ondrallava (Tamil)

One Love – Pranayam Onnu Allo (Malayalam)

One Love – Prema Okkatega (Telugu)

One Love – Premavu Illi Onde (Kannada)

One Love – Bhalobasha Ek Hoye (Bengali)

මොකද ඔබ හිතන්නේ මේ සිංදුව ගැන?

පැත්තක් බර තේමා ගීතය
ICC ක්‍රිකට් ලෝක කුසලානය පසුගිය 2 වෙනිදා ඉන්දියාවේ මුම්බායි හිදී අවසන් විය. ඒ ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාවට ජය අත්කර දෙමිනි.

ICC ලෝක කුසලානය ක්‍රිකට් ලෝකයේ දැවැන්තම තරගාවලියයි. වෙනත් තරගාවලි මෙමන්ම මෙයටද සංකේතයක්, තේමා ගීතයක්, සුරතල් සතෙක් අයත් වේ. මෙවර ලෝක කුසලාන තරගාවලිය සත්කාරක රටවල් 3ක් විසින් ආවරණය කිරීම නිසා තේමාගීතය ඒ රටවල් 3 ප්‍රධාන භාෂා 3න් ගැයීමට තීරණය විය.

ඒ අනුව මූලික ගීතය හින්දියෙන් නිර්මාණය විය. මනෝජ් යාදව් විසින් රචිත ගීතයට සංගීතය මුසු කොට ගායනා කරනු ලබන්නේ ශංකර්-එසාන්-ලෝයි යන සම්මානලාභී හින්දි සිනමා සංගීතයේ දැවැන්තයන් ත්‍රිත්වය විසිනි. De Guma Ke යනුවෙන් නම් ලද ඒ ගීතය නෑසූවෙක් මෙහි සිටිනු ඇතැයි නොසිතමි. මෙම තනුවටම නිර්මාණය වූ සිංහල ගීතය රනිඳු ලංකාගේ විසින් ගැයුනු අතර, බෙංගාලි ගීතය රාඝබ් චැටර්ජී විසින් ගයන ලදී.

තරගාවලියක් සඳහා තේමාගීතයක් තෝරාගන්නේ තරගාවලියට අමතර “කික්” එකක් ලබාදීම පිණිසය. තේමාගීත වල බොහෝ විට අර්ථයේ ඇත්තේ ක්‍රීඩාව ගැන, සහයෝගිතාව, එකමුතුව වැනි තේමා ය. එහෙත් තේමා ගීතයෙන් තරගාවලියට සහභාගී වන රටක් ගැන විශේෂයෙන් සඳහන් කෙරෙන විට, ඒ රටට ජයඝෝෂා කිරීම් අඩංගු වල විට එය තවදුරයත් තේමා ගීතයක් ලෙස ගැනීම කල නොහැක්කකි. එවිට එය “එක පැත්තකට ඇද්දා”ක් වැනිය.

De Ghuma Ke හින්දි ගීතයේ වදන් වල තේරුම මේ අඩවියෙන් ඔබට දැකගත හැකිය. (මේ පිටුවත් බලන්න) මට හැඟී ගිය පරිද්දෙන් එය පොදුවේ ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කරන අගනා සිංදුවකි. ඉන්දියානුවන් නිර්මාණය කල ඒ ගීතයේ කිසිදු තැනක ඉන්දියාවට හුරේ දමා නැත.

ඊට සාපේක්ෂව එම ගීතයේ සිංහල අනුවාදය මෙම අඩවියෙන් බලන්න. සිංහයන් (ලාංකිකයන්ගේ පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේද සංකේතය) ගැන කීප විටක්ම කියවෙන, අවසානයේ “ශ්‍රී ලංකා දිනේ ලෝකේ” කියාද කියන එය බැලූබැල්මටම තනිකර ශ්‍රීලංකාවට “අදින” ගීතයකි. මෙහි පද නිර්මාණය කාගේද යන්න සොයාගත නොහැකි විය.

පුද්ගලිකව මා සිතන අන්දමට මේ සිංහල ගීතය ලෝක කුසලාන තරගාවලියේ නිල තේමාගීතයක් නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේමා ගීතයකි. මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් සිය අදහස් පල කර තිබෙනු දකින්නට නොවීය.

මේ ගැන ඔබ සිතන්නේ කුමක්ද?

[ සිංදුව අවශ්‍ය අය මෙතැනින් බාගන්න: හින්දි | සිංහල | බෙංගාලි | අනුවාදනය පමණක් ]

අපේ අයියලගේ දේශප්‍රේමය
මේකත් ලියනවා කියලා හිතාගෙන හිටපු, පස්සෙ අමතක වෙලා ගියපු ආගිය කතාවක්. අහම්බෙන් ආයෙ මතක් උනේ කවුදෝ ෆේස්බුකියෙ ෂෙයා කරල තිබුනු එලකිරියෙ ගිය මේ විකාර ත්‍රෙඩ් එක දැක්කාමයි.

පහුගිය දා ඛෙත්තාරාමෙ තිබිච්චි ශ්‍රී ලංකා – පාකිස්ථාන් ක්‍රිකට් තරඟය නරඹන්න මටත් නොමිලේ චාන්ස් එකක් ලැබුන නිසා මමත් ගියා. ඔය යනකොට මගේ අලුත් කැමරා පොඩ්ඩත් අරගෙන ගියානේ. 50mm lens එකක් අරගෙන ක්‍රිකට් මැච් එකකට යාම කොයි තරම් දුකක්ද කියලා තේරුනේ එතකොට තමා! (මොනව කරන්නද ඉතිං, telephoto lens ගන්න සල්ලි තියෙන එකක්යැ!)

ආයෙමත් කතාවට බැස්සොත්, මගේ අවසරපත්‍රය තිබුනෙ B කොටසේ ඉහලමාළයේ. අවුව වැටෙන්නෙත් නැති සිරා පොට් එකක් තමා B බ්ලොක් එක. ඉතිං අපි හිටපු හරියේ ඉදිරිපස පේල් වල පාකිස්ථානු ජාතික පිරිසක් ඇවිත් හිටියා තරඟය නරඹන්නත්, ඔවුන්ගේ ක්‍රීඩා කණ්ඩායම දිරිමත් කරන්නත්. ඒ අය පෙනුමින් බොහොම වැදගත් තාලේ මිනිස්සු ටිකක් වග තමයි පෙනුනේ.

කොහොමින් හරි ඒ මිනිස්සු තමන්ගෙ පාඩුවේ කාටත් කරදරයක් නැතුව බොහොම විනෝදකාමී විදියට තමන්ගෙ රටට සහය දැක්වීම කරගෙන ගියා. ඉඳහිට අපේ ලාංකිකයනුත් ඔවුන් සමග එකතු වෙලා එකට නටමින් බොහොම සහයෝගයෙන් ක්‍රීඩාව රසවිඳිනු පෙනුනා.

ප්‍රේක්ෂකාගාරයේ තියෙවනේ බියර් මිලදීගැනීමට ස්ථාන. ඉතිං අපිට පිටුපස පේලිවල හිටපු ‘අයියලා‘ සෙට් එකක් හොඳ හැටි බියර් වලින් සප්පායම් වෙලා තමයි හිටියේ. ඔතන හිටි එක ‘අයියා‘ කෙනෙකුට ඇල්කොහොල් ශරීරගත වීමත් සමගම “දේශප්‍රේමය“ කියන රෝගය ටිකක් උත්සන්න වුනා. මිනිහා සිංහ කොඩියකුත් අරගෙන ගිහින් අර පාකිස්ථානු ජාතිකයන් ඉදිරියේ පොඩි රංගනයක් (“රැඟුමක්“) හෙම දැම්මා. ඔවුන් මේක එච්චර ගණං ගත්තේ නැහැ. අන්තිමේ මේ දේශප්‍රේමියා අර මිනිස්සු අතේ තිබුනු පාකිස්ථානු කොඩියක් උදුරගෙන ඒක බිමදමා පාගන්න උත්සාහ කලා.

මේ අවස්ථාවේ නම් ඒ අසල සිටි ලාංකිකයන් කීපදෙනෙකුත් ඔහුට බැනවදිනු පෙනුනා. අනේ අර එක් පාකිස්ථානුවෙක් ඇවිත් ඔහුගේ කරටත් අත දමාගෙන යමක් කිව්වා. අංග චලන වලින් තේරුනු විදියට “අපි සමාදානෙන් තරගය නරඹමු“ වගේ දෙයක් වෙන්න ඇති කියන්න ඇත්තේ. ඉන් පස්සේ අපේ දේශප්‍රේමියා සිංහයා වගේ නැවත තමන්ගේ සීට් එකට ආවේ මහා වීරකමක් කල පරිද්දෙන්. “බෑ නෙ බං මේ ***ට එහෙම නටන්න දෙන්න අපේ රටේදි“ ඔහුගේ මුවින් පිටවෙනු මට ඇහුනා.

තත්වය සමනය උනත් අර එතෙක් වෙලා බොහොම විනෝදකාමීව තරගය නරඹපු පාකිස්ථානු ජාතිකයන්ගේ ‘ආතල්‘ එක නම් සම්පූර්ණයෙන්ම කුඩු වුනා. එතැනින් පස්සේ ඒ මිනිස්සු තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් කොඩි වැනුවෙත් බොහොම ප්‍රවේසමින්. කෑගැහුවෙත් නැති තරම්. නොදන්න රටක නොදන්න මිනිස්සු ගොඩක් මැද්දෙ කරදරයක් වෙයි කියලා ඒ අය බය වෙන්න ඇති. පවු කියලා හිතුනා මට.

ඔන්න ඔහොමයි අපේ ‘අයියලගේ‘ දේශප්‍රේමය. ඒක වැඩි වෙන්න ඇල්කොහොල් කියන උත්ප්‍රේරකයත් අනිවා අවශ්‍යයි. මට හිතුනේ මේ යකා වෙන රටකදි අපේ ටීම් එකට සපෝට් කරන්න ගිහින් හොඳහැටි ගුටිකන්න උනොත් අන්න ඒක තමා මිනිහට හොඳම පාඩම කියලා.

අනිත් කණගාටුදායක දේ තමයි ආරක්ෂක අංශ සාමාජිකයන් කීපදෙනෙක් ඒ අවට හිටියත් දේශප්‍රේමී අයියගේ රැඟුම නවත්තන්න කිසි උත්සාහයක් නොගැනීම.

ඔය තරගෙදි මගේ සිත්ගත් දෙයක් තමයි අර පාකිස්ථානුවන් එක්ක හිටපු මේ කුඩා ප්‍රේක්ෂකයා. තම පවුලේ අය එක්ක තරගය බලන්න ආපු ඔහුට වයස අවුරුද්දක්වත් නැතුව ඇති.

අනාගතේ හොඳ ක්‍රිකට් පිස්සෙක් වෙන ලකුණු පෙනුනේ ඔහුගේ ලදරු ඇඳුමේත් “I Love Cricket” යනුවෙන් සඳහන් කර තිබූ නිසා!

ප.ලි.:ඒ සිද්ධිය දිහා කටඇරගෙන බලා හිටියා මිසක ඒ දේශප්‍රේමී අයියගේ පොටෝ එකක්වත් ගන්න මීටර් උනේ නෑ නේ  මට! අපරාදෙ එහෙනං කාටත් දැකබලාගන්නත් එක්ක පල කරන්න තිබ්බා! :D

නෝ පොලී – පට්ට ජොලී
පොඩි භාණ්ඩයක් මිලට ගන්න ඕනෙවෙලා ඊට එකපාර යොදවන්න සල්ලි නැතුව ඉන්නකොට මට ගිය ඉරිදා අර සන්ඩේ ටයිම්ස් එකත් එක්ක එන ඇඩ් පත්තරේ තිබිලා දකින්න ලැබුනා අබාන්ස් ඇඩ් එකක්. ඒකේ හැටියට විවිධ බඩුබාහිරාදිය රැසක් පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගන්න පුලුවන්. සාමාන්‍යයෙන් පහසුගෙවීමේ ක්‍රමයට ගන්න නම් (HSBC වගේ) ක්‍රෙඩිට් කාඩ් එකක් ඕනෙ වුනත් මේකෙ තිබුනු විදියට මම වගේ පොඩි මිනිස්සු ලඟ තියෙන සම්පත් වීසා ඩෙබිට් කාඩ් හිමියන්ටත් මේ පහසුකම ගන්න පුලුවන්. ඉතිං මමත් මේ ගැන වැඩි විස්තර හොයලා බලන්න ගියා කොල්ලුපිටියෙ අබාන්ස් එකට.

මෙන්න එහිදී අබාන්ස් සේවා නිලධාරියෙක් සමග ඇතිවූ දෙබස,

මම: මට මේ ඊසි පේමන්ට් ස්කීම් එක ගැන දැනගන්න පුලුවන්ද?

ඔහු: සර්ට තියෙන්නෙ මොන ජාතියෙ කාඩ් එකක්ද?

මම: සම්පත් ඩෙබිට් කාඩ් එකක්.

ඔහු: ආ.. එහෙනම් මෙහෙමයි සර්. සර්ගෙ එකවුන්ට් එකේ මේ බැලන්ස් එක තියේනම් (ඔහු අදාල භාණ්ඩයේ මිල සටහන පෙන්වයි. එය ලක්ෂයකට ආසන්න මුදලකි) සර්ට මාස 24න් ගෙවීමේ ක්‍රමයකට ගන්න පුලුවන්.

මම: ඒ කිව්වෙ… මේක ගන්න වෙලාවෙ විතරද මේ බැලන්ස් එක තියෙන්න ඕනෙ? නැත්තං දිගටම තියාගන්න ඕනෙද?

ඔහු: දිගටම තියෙන්න ඕනෙ සර්, අපි කොහොමත් ඔය ගාණ හෝල්ඩ් කරගන්නවා. එතකොට කොහොමත් සර්ට ඒක වියදම් කරන්න බෑ. ඒ අතරෙ සර්ට පුලුවන් මාස 24න් ගාණ ගෙවලා ඉවර කරන්න.

මම: ඇහ්? මගේ කාඩ් එකේ මේ ගාණ තියේනං මට එකපාර ගෙවලා මේක ගන්න පුලුවනි නේ? මොකටද ඊසි පේමන්ට් එකක්? තේරුමක් නෑ නේ ඒ වැඩේ?

ඔහු: ඒක නම් මම දන්නෙ නෑ සර්, මෙහෙම තමයි අපේ ප්ලෑන් එක තියෙන්නෙ.

මම: ඇත්තද? හොඳයි… ස්තූතියි.

මරු ඊසි පේමන්ට් ස්කීම් එක නේද? :)

බත් කන හරකා
මේ සිද්ධිය උනේ අර අවුරුදු 18කට පස්සෙ වාර්තාගත වර්ෂාපතනයක් උනැයි කිව්ව දවසෙ රෑ. වැඩ නිසා මේක ලියන්න ටික ටික අතපසු වුනා. එදා මම විජේරාමෙ හන්දියෙ කඩේකට වෙලා හිටියා පැය දෙකක් විතර බෝඩිමට යාගන්න ක්‍රමයක් නැතුව. අන්තිමට වැස්ස පොඩ්ඩක් අඩු කරපු වෙලාවක කඩේකට දුවලා රු 5 ෂොපින් බෑග් එකක් අරගෙන මගේ බෑග් එක නොතෙමෙන විදියට ඒකට දාලා නත්තල් සීයා වගේ කරේ එල්ලගෙන වැස්සෙම තෙමි තෙමි ගියා.

මට ටිකක් ඉස්සරහින් ගිහා තරුණයෙක්. ජෙන්ටා ගහල හිටපු නිසා කොහේහරි රැකියාවක් කරන කෙනෙක් බව පෙනුනා. මෑන්ස් එකවරම තමන්ගෙ අතේ තිබිච්ච ෂොපින් බෑග් එකකින් මොනවද බිමට හලලා ඒ බෑග් එක (වැස්සෙන් බේරීමට) ඔලුවේ නමාගත්තා.

මම එතැනට සේන්දු වුනාමයි දැක්කේ ඒ බිමට හැලුවේ කෙසෙල් ලෙලි කීපයක් බව. මම ගොඩක් දවස්වලට දැකලා තියෙනවා මිනිස්සු විජේරාම හන්දියෙ ඉඳන් තමන්ගෙ නවාතැනට පයින් යන අතරෙ කෙසෙල් වගේ පලතුරු අරගෙන කකා යනවා. ඉතිං මෙයත් එහෙම කාපු එකක් තමයි අතාරින්න ඇත්තේ. ඕක දැක්කගමන් මට මතක් උනේ අපි පොඩිකාලේ නිතර ටීවී එකේ ගිය සිංදුවක්, කාටූන් රූපරාමු පෙලක් එක්ක. ඒකෙ තිබුනෙ පාරට කෙසෙල් ලෙලි දැම්මාම ඒවා පෑගිලා වැටිලා අතපය කඩාගන්න එකක් ගැන.

මම ඉතිං අඩියට දෙකට දුවලා ගිහින් අර හාදයට කිට්ටු කරලා කිව්වා “මචං, අර කෙහෙල් ලෙලි ටික කාටවත් පෑගුනොත් එහෙම ලිස්සලා වැටෙයි“ කියලා. මිනිහා නිකං හිස් බැලුමෙන් මං දිහා බලාගෙන ඉඳලා ආයෙම යන්න ගියා. ඉතිං මට සිදුවුනා ආයෙමත් හැරිලා ගිහින් අර කෙසෙල් ලෙලි ටික පාර අයිනකට පයින් තල්ලු කරලා දාන්න.

ඔන්න ඔහොමයි රස්සාවක් කරන උගත් තරුණ පරම්පරාවෙත් සමහරු වැඩ කරන්නේ. ඉතිං ඒ යකා බත් කන හරකෙක් නොකියා වෙන මොනවා කියන්නද?

ඉංගිරිසිය
ඔක්ස්පර්ඩ් ශබ්දකෝෂයේ පිටු එකින් එක පෙරළමින් එහි වචන පාඩම් කරන්නට උත්සාහ දරණ මේ තරුණිය මා දුටුවේ පසුගිය දිනෙක උදෑසන 138 බස් රථයකදීය.

අපේ රටේ පාසැල් අධ්‍යාපනය තුල ඉංගිරිසියට එතරම් තැනක් නොලැබේ. බොහෝ දෙනා සිතන්නේ එය අමතර දෙයක් බවත්, විද්‍යාව ගණිතය වැනි විෂයන් ඉහලින් සමත් වීම ප්‍රමාණවත් බවත් ය. ලොකු පහේ පාසැල් වල හැරෙන්නට පොඩි පහේ පාසැල් වල ඉංගිරිසි උගන්නන්නට හරිහමන් ගුරු සම්පත් ද නොමැත.

නමුත් පාසැල් අධ්‍යාපනය අහවර කොට උසස් අධ්‍යාපනයට හෝ රැකියා වෙළඳපොල වෙත යොමු වූ විට ඉංගිරිසිය එහි අනිවාර්ය අංගයකි. රාජ්‍ය වේවා පෞද්ගලික වේවා විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතනවල විද්‍යා හෝ කළමණාකරන අංශ වල අධ්‍යාපනය වැඩි වශයෙන් කෙරෙන්නේ ඉංගිරිසියෙනි. පාඨ ග්‍රන්ථ සියල්ලම පාහේ ඇත්තේ ඉංගිරිසියෙනි. රැකියාවකට අයදුම් කිරීමේදී ඉංගිරිසි කතාව හා ලිවීම අනිවාර්ය අංගයක් වෙයි. මෙවන් වාතාවරණයක් තුල පාසැලින් හොඳ ඉංග්‍රීසි පදනමක් නැතිව ආ පිරිස නන්නත්තාර වේ.

පෞද්ගලික පංතියකට ගොස් ඉංගිරිසිය වර්ධනය කරගැනීමට ද මේ වනවිට බොහෝ සෙයින් ප්‍රමාදය. එවන් තත්වයක් තුල මේ තරුණිය හා මෙවන් තවත් දහසක් දෙනා මෙසේ ශබ්දකෝෂය පාඩම් කරමින් හෝ උත්සාහ දරන්නේ ඒ ඉංගිරිසි සිහිනය හැකි ඉක්මනින් සැබෑ කරගන්නට විය හැකිය.

ලංකාව “සාම්ප්‍රදායික“ චියර්ලීඩර්ලා සොයාගනී!
ලංකාවේ ජීවත්වන සුලු ජාතියක් වන “ක්‍රිකට් ප්‍රිය නොකරන“ ජාතියට මා අයත් වන නිසා මේ කියන සංසිද්ධිය මා නොදුටුවත් මෙය කියවන ඔබෙන් බහුතරයක් එය දකින්නට ඇතැයි සිතමි. මා නොදුටු දෙය මා විස්තර කරන්නට යනවාට වඩා එය දුටු, ඉන් වේදනාවට පත්වූ රවිබන්ධු විද්‍යාපති මහතාගේ හඩට සවන්දීම මැනවි. රවිබන්ධු විද්‍යාපති මහතා නර්තනය පාරම්පරිකව උරුම කරගත්, ක්ෂෙත්‍රෙය් ප්‍රමුඛ නර්තන හා තාල වාද්‍ය ශිල්පියෙකි.  තාල වාදනය පිලිබඳ පරියේෂණ කරන්නෙකි. මෙම කොටස මා ඇස ගැටුනේ පසුගිය ජුලි 25 වැනි දින රාවය පුවත්පතට එතුමා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකිනි.

“පසුගියදා දඹුල්ලේ පැවත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ පූජනීය නර්තනය ඉතා පහත් තත්වයකට ඇද දමා තිබුනා. එය කණගාටුදායක තත්වයක්. හයේ හෝ හතරේ පහරක් එල්ල කල අවස්ථාවලදී බටහිර  රටවල් කොට ඇඳුම් ඇඳගෙන කාන්තාවන් නටන එකට දේශිය ස්වරූපයක් දීමට උත්සාහ කර තිබුනා. ඒ සඳහා යොදාගෙන තිබුනේ ශ්‍රී ලංකාවේ පූජනීය, ශාස්ත්‍රීය හා සම්භාවනීය නර්තනය වන උඩරට නැටුම සහ පහතරට තෙල්මේ නැටුමේ අංගයන්. ලොව කිසිදු රටක් එහෙම කරලා නැහැත ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ හා එංගලන්තයේ ශාස්ත්‍රීය නැටුම ලෙස සැලකෙන්නේ ‘බැලේ‘ නර්තනයයි. හතරේ හෝ හයේ පහරක් එල්ල කල අවස්ථාවලදී ‘බැලේ‘ නැට්ටුවෝ කොහේවත් නර්තනයේ යෙදී නැහැ. ඉන්දියාවේ ක්‍රිකට් තරඟයකදී ප්‍රීතිය ප්‍රකාශ කිරීමට භරත නැටුම් යොදාගන්නේ නැහැ. නමුත් අප අපගේ නැටුම් ඉතා පහත් තත්වයකට ඇද දමා තිබෙනවා.“

රාවය, 2010 ජුලි 25, 19 පි

මට තේරුම් ගිය ආකාරයට, සංවිධායක කමිටුවේ සිටි ඊනියා සදාචාරවාදී දේශප්‍රේමීන්, cheerleader ලා අපේ රටේ සංස්කෘතියට නොගැලපෙන බව තීරණය කර, ඊට දේශීය ආදේශකයක් සොයද්දී සාම්ප්‍රදායික නැටුම් සිහියට එන්නට ඇත. එය “අපේ දෙයක්“ නිසා සංස්කෘතියට ගැලපීමේ බාධාවක් නැති නිසා (තැනට, අවස්ථාවට ගැලපේද යන්න සෙවීම කිසිදාක කෙරෙන කටයුත්තක් නොවේ) ක්‍රියාවේ යොදවන්නට ඇත.

[ඡායාරූපය - හිරන්‍ය මල්වත්ත]