ඉන්ද්‍රනාම » හිත ගිය තැන්
එක් ආදරයක් | One Love
ආදරය කොහි තිබුනත් ඒකීයයි, වෙනස් වෙන්නේ නැහැ කියන අර්ථය ගෙනෙන මේ කියන්න යන ලස්සන සිංදුව ටිකක් පරණ එකක් උනත් මම හිතනවා වැඩි දෙනෙක් අහලා නැතුව ඇති කියලා. ලෝකයේ  පුදුම 7 ගැන කවුරුත් අහලා ඇතිනේ. මේ පුදුම 7 විවිධ ‘වර්ෂන්’ තියෙනවා. කොහොම උනත් 2007 වසරේදී නව ලෝකයේ පුදුම 7 ප්‍රකාශයට පත් කෙරුනා. විවිධ රටවල්වලින් කෙරුනු යෝජනා කිරීම් වලින් තමයි මේ නව පුදුම 7 තෝරාගත්තේ.
අපේ අසල්වැසි ඉන්දියාවත් මෙම තරගයට එක්වුනේ තම රටේ ඇති ලෝක ප්‍රසිද්ධ ටාජ්මහාල් මන්දිරය ඊට එකතු කරමින්. අවසානයේ එය පුදුම 7 තුලට එකතු කරගැනීමට ඔවුන් සමත්වුනා. නව ලෝකයේ පුදුම 7 මොනවාද යන්න මෙම විකි ලිපියෙන් බලාගන්න පුලුවන්.
තම ටාජ්මහාල් මන්දිරය මෙම තරගයෙන් ජයග්‍රහණය කරවනු වස් ඊට මනාප ලබාගැනීමේ ව්‍යාපාරයේදී භාවිතා කල තේමා ගීතය ගැන තමයි මේ කියන්න යන්නේ. රකීබ් අලාම් විසින් රචිත මේ ගීතය සංගීතවත් කලේ ඔස්කාර් සම්මානලාභී ඉන්දියානු සංගීතඥයා වන ඒ. ආර්. රහ්මාන් විසින්. One Love හෙවත් Taj Anthem යනුවෙන් පොදුවේ හඳුන්වන මෙම ගීතයේ වඩාත් වැදගත්කම වන්නේ භාරතයේ ප්‍රධාන භාෂා 6කින් ගැයෙන විවිධ අනුවාද 6ක් නිර්මාණය වී තිබීමයි. මේ අනුව හින්දි, දෙමළ, මළයාලම්, තෙලුගු, කණ්නඩ හා බෙංගාලි යන භාෂා 6න් මෙම ගීතය ගැයීමට රහ්මාන්ට සහාය වන්නේ කාර්තික් සහ නරේෂ් අයියර්.
ගීතයේ variations 6 පහත දැක්වෙන ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
One Love – Ek Mohabbat (Hindi)
One Love – Kaadal Ondrallava (Tamil)
One Love – Pranayam Onnu Allo (Malayalam)
One Love – Prema Okkatega (Telugu)
One Love – Premavu Illi Onde (Kannada)
One Love – Bhalobasha Ek Hoye (Bengali)
මොකද ඔබ හිතන්නේ මේ සිංදුව ගැන?
දස්කොන් – ප්‍රමිලා
දස්කොන් අදිකාරම්ගේ සහ ප්‍රමිලා බිසවගේ ප්‍රේම කතාව සමහර විට සමහරු අහලා නැති වෙන්නත් පුුලුවන්. මේක නිකං ප්‍රේමයක් නෙමෙයි අසම්මත ප්‍රේමයක් නිසා ඒකට ඒ හැටි වටිනාකමක් ලැබෙන්න නැතුව ඇති අපේ සංස්කෘතිය ඇතුලේ. (ඒත් කොහොමද ඉන්දියාවේ ක්‍රිෂ්ණාගෙයි රාධාගෙයි අසම්මත ප්‍රේමයට තියෙන තැන!). අද මේ කියන්න හදන්නේ මේ කතාව හා සම්බන්ධ වුනු ගීතයක් ගැන. ඒත් මම ඊට කලින් මේ ප්‍රේම කතාවේ සුලමුල විස්තර කරන්නම්.
දස්කොන්ගේ පියා, ගැස්කොන් කියන්නේ ලංකාවේ වෙරලට පාවී ආපු ප්‍රංශ නැවක සේලරුවෙක්. දෙවැනි රාජසිංහ රජු විසින් මේ නැවියන් අල්ලා සිර කෙරුනු ලැබූ අතර කාලයකට පසු ඔවුන්ට නිදහස ලැබුනා. එවිට මේ ගැස්කොන් උඩරට ප්‍රදේශයට සංක්‍රමණය වෙලා එහි සිටි පෘතුගීසි කාන්තාවක් හා විවාහ වුනා. මේ දෙපලට ලැබුනු දරුවා තමයි පේදෲ ගැස්කොන් – හෙවත් අපේ සිංහල මිනිසුන්ගේ කටවහරට හුරු වූ විදියට දස්කොන්. මේ කාලේ සිංහල රාජසභාවේ විදේශිකයනුත් හිටියා. ගැස්කොන් පවුලත් ඒ ආශ්‍රයෙන් තමයි රජවාසල හා කිට්ටු වුනේ. දෙවැනි රාජසිංහ රජ පුත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ කුමාරයා සමග කුඩාකල සිටම මිතුරු වූ දස්කොන්ට පසුව මේ කුමරා රජ වූ විට අදිකාරම් තනතුරකුත් ලැබුනා. කවියෙක් වුනු දස්කොන් මේ අතරතුර කවි ලිවීමේ දක්ෂතා තිබූ රජුගේ ප්‍රමිලා බිසව සමග හාදකමක පැටලුනා.
<object id="share" align="left" hspace="10px">
</object>
මේ කාලයේ රාජසභාවේ හිටපු විදේශිකයෝ සිංහල රදලයන්ට, සංඝයාවහන්සේලාට විරුද්ධව කුමන්ත්‍රණ කල අතර සිංහල රදලවරුන්, සංඝයාවහන්සේලාත් අනිත් අතට විදේශිකයන්ගෙන් පලි ගන්නට මාන බැලුවා. මෙන්න මේ ගැටුමේ ප්‍රතිඵලයක් විදියට දස්කොන්ගේත් ප්‍රමිලාගේත් අසම්මත ආදරේ රජතුමාගේ කණට ගියා කියලා තමයි කියවෙන්නේ. සිදුවීම අවසන් වූයේ දස්කොන් අදිකාරම හිසගසා දැමීමෙන් මරණයට පත් කිරීමෙන්.
ඉතින් කවීන් වුනු මේ දෙදෙනාගේ ආදර හසුන් කොයි තරම් කාව්‍යාත්මක වුනාද කියලා දන්නේ දෙයියෝ තමයි. මේ දෙදෙනා කවියෙන් තම අදහස් හුවමාරු කරගත් බවට සාධක තියෙනවා. ඉතින් මේ ප්‍රේම කතාව අලලා ලියැවුනු ගීතයක් ගැන තමයි මේ කියන්නේ. ඒ කරුණාරත්න දිවුල්ගනේ සමග සමිතා මුදුන්කොටුව ගයන “සක්මන් කරන මලුව පාලුයි දේවී” ගීතය.
හරිම ශෝකී සංගීතයක් තියෙන මේ ගීතයට මම හරිම ආසයි. පද මාලාවත් ඉතාම අගේට වචන ගලපලා කියලා කියන්න පුලුවන්. මේ ගීතය ලියපු කවියා එක්ක බැලුවාම එහි පුදුමයකුත් නැහැ. ඔහු මගේ ගමේම වසන කවියා රත්න ශ්‍රී විජේසිංහයන්. මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නේ ගායකයෙක් විදියට වැඩි ප්‍රසිද්ධියක් තියෙන ගුණදාස කපුගේ ශූරීන් කියලා දැනගත්තොත් ඔබ ඇතැම්විට පුදුම වේවි.
දස්කොන්:
සක්මන් කරන මළුව පාලුයි දේවී
මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවී
ප්‍රමිලා:
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි
දස්කොන්:
සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
ප්‍රමිලා:
රන්තරු දෑස පියන රෑ හඳපානේ
අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ
දස්කොන්:
වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ
ප්‍රමිලා:
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනිකරන්නෙපා මතු සංසාරේ
මේ තියෙන්නේ සිංදුව. අහන්න නම් සිංදුව මත ක්ලික් කරන්න. ඩවුන්ලෝඩ් කරගන්න නම් රයිට් ක්ලික් කරලා Save Target As කරන්න.
http://www.mp3srilanka.com/files/Karunarathna_Divulgane_Daskon_Pramila.mp3
[ඡායාරූපය: චම්පා බුද්ධිපාලගේ 'දස්කොන්' නාට්‍යයෙන්]
බෙන්තොට ගලපාත විහාරය
පසුගිය පෝය දවසේ ගමේ ගිය නිසා මට අවස්ථාවක් උදා වුනා ලංකාවේ තියෙන පැරණිම රජමහා විහාරයකට ගොඩවැදිලා එන්න. කණගාටුවකට වගේ වෙනත් රජමහා විහාර වගේ මේ විහාරයට එතරම් ලොකු ප්‍රසිද්ධියක් හෝ වැඩි කළඑලියක් නෑ. මේ විහාරය තමයි බෙන්තොට ගලපාත විහාරය. පිහිටා තියෙන්නෙ බෙන්තොට හන්දියෙන් ඇල්පිටිය පාරට හැරිලා කිලෝමීටර 2ක් විතර ගියාම.
<object id="share" align="left" hspace="10px">
</object>පුරාණ වංශකථා වල සඳහන් ආකාරයට මෙය සාදවා ඇත්තේ (දුටුගැමුණු රජ සොයුරු) සද්ධාතිස්ස රජතුමා විසින්. ධූතාංගධාරී භික්ෂූන්වහන්සේලා අතුරින් අගතැන්පත් මහා කාශ්‍යප මහ රහතන්වහන්සේගේ (රදනක) දන්ත ධාතුවක් මෙසමයේදී සිරිලකට වැඩමවා තියෙනවා. මේ දන්තය උන්වහන්සේ ජීවත්ව සිටියදීම මුඛයෙන් ගිලිහුනු දන්තයක් බව සඳහන් වෙනවා. මේ ධාතූන් වහන්සේට රැකවරණ සැපයීමට තමයි මේ විහාරය ඉදිකරවා තියෙන්නේ. සද්ධාතිස්ස රජතුමා විසින් මෙම විහාර භූමියේ දළදා මන්දිරයක් ගොඩනංවා එම දන්ත ධාතුව තැන්පත් කල බව සඳහන්. මෙසේ දළදා මන්දිරයක සියවස් කීපයක්ම රැකී තිබූ මේ දන්ත ධාතුව දෙවැනි පරාක්‍රමබාහු රජතුමා විසින් වැඩි ආරක්ෂාව පිණිස චෛත්‍යයක් ඉදි කරවා එහි නිදන් කල වග සඳහන් වෙනවා. නිදන් හොරුන්ගේ කොල්ලකෑම් වලට හසු නොවී ආරක්ෂා වූ මේ දාගැබ තුල අදටත් එම මහා කාශ්‍යප දන්ත ධාතුව අඩංගු බව සඳහන් වෙනවා.
මේ හැරුණු විට නිශ්ශංකමල්ල, මහා පරාක්‍රමබාහු, සවැනි පරාක්‍රමබාහු හා කීර්ති ශ්‍රී රාජසිංහ ආදී ලක් නරපතියන්ද වරින් වර මේ විහාරයට විවිධ පුද පූජා සත්කාර කල බව විහාරභූමියේ ඇති ශිලාලේඛණයේ සඳහන් වෙනවාලු. මෙම විහාරය පිලිබඳව මහාවංශය, පූජාවලිය, නම්පොත ආදී ග්‍රන්ථ වල සඳහන් වන්නේ සෙලන්තරමූල, සෙලන්තරායතන, ශෛලාන්තරමූල, ශෛලාන්තායතන, ගලතුරුමුල ආදී පැරණි නම් වලින්.
විහාරගෙයි පැරණි සිතුවම්
විහාරගෙයි ඇති දැන්වීමේ සඳහන් ආකාරයට මෙය ගලතුරුමුල සංඝරාජ හිමියන්, විල්ගම්මුල හිමියන්, වීදාගම මෛත්‍රෙය  හිමියන් වැනි සුප්‍රකට සංඝපීතෲවරුන්ගේ මූලස්ථානයයි. ඊට අමතරව මෙහි නමින් ගම්‍ය වෙන ආකාරයට මෙය ගලතුරුමුල නම් සංඝ පරම්පරාවේ මූලස්ථානය වූ බව සිතිය හැකියි. එවකට සංඝ සමාජය තුල තිබුනේ අද මෙන් නිකාය භේදයක් නොවෙයි. කවුරුන්හෝ ශ්‍රේෂ්ඨ යතිවරයෙකුගේ ගෝල පරපුර යම් කිසි සංඝ පරම්පරාවක් ලෙස නමකින් හැඳින්වුනා. විල්ගම් මුල, මහනෙත්පා මුල, ගලතුරු මුල එබඳු පරම්පරා කීපයකට උදාහරණ වෙනවා. ඉතිහාසයේ සඳහන් පරිදි පෙර රජ දවස එවන් පරම්පරා 8ක මූලස්ථාන (අෂ්ඨ මහා මූලායතන) පැවත තියෙනවා. මින් එකක් මේ ගලපාත විහාරයයි.
මෙම විහාරය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තියෙනවා. ඒත් වෙනත් සුප්‍රසිද්ධ රජමහා විහාර වගේ මේකට ඒ තරම් ප්‍රසිද්ධියක් නම් නැහැ. මේ පන්සලේ සංවර්ධනය හීන වෙන්න හේතුව නිසි නායක යතිවරයෙක් නොසිටීම කියලා තමයි දැනගන්න ලැබුනේ. කොහොම වුනත් ඇතැම් සිද්ධස්ථාන වලට පුද පඬුරු වැසි වසිද්දී සමහර ඒවා කවුරුත් දන්නෙ නැතුවම අභාවයට යන එක නම් ලොකු අපරාදයක්.  ඔබත් ගාලු පාරේ බෙන්තොට පහුකරගෙන යන අවස්ථාවක වෙලාව තියෙනවනම් ගලපාත විහාරයට ගොඩවැදිලා යන්න අමතක කරන්න එපා.
සිරිපා කරුණාවේ චාරිකා සටහන්
ඔන්න ඉතින් පසුගිය සතියෙ මටත් සිරීපාදෙ කරුණා කරන්න අවස්ථාව උදා වුනා නෙව. මට මේක වැදගත් වුනේ ඒ මම සිරීපාදෙ ගිය පලමු වතාව නිසා, ඒ කිව්වෙ කෝඩුකාරයෙක් නිසා. විභාගෙටත් කලින් ඉඳන්ම අපි ප්ලෑන් කර කර හිටියේ කොහේ හරි ට්‍රිප් එකක් යන්න. කැම්පස් යාලුවොන්ගෙන් වෙන්වෙලා යන්න තව තියෙන්නෙ මාස 6ක් වගේ කාලයක් වීමත්, 3 වසරේ බැච් ට්‍රිප් එක තවමත් ගියේ නැති වීමත් ඊට හේතුවක්. කොහොමහරි විබාගේ අතරම අපේ කට්ටිය ට්‍රිප් එකක් සෙට් කරලා තිබ්බා. ඒ තමයි රත්නපුරේ ඉන්න අපේ මිතුරියක් වන නිෂාරාගෙ ගෙදර ගිහින් ශ්‍රීපාද වන්දනාවේ යන්න. ඔන්න ඉතිං විබාගෙ අතරම අපි ටික facebook එකේ මැසේජ් වලින් ට්‍රිප් එක ප්ලෑන් කලා. (ලොකුම කරදරේ උනේ ඒ මැසේජ් ත්‍රෙඩ් අතර දේශපාලනික විවාදත් යාම තමයි :D ) 5 වෙනිදා රත්නපුර යන්න තමයි තීරණය වුනේ.
සිංහල විකිපිඩියාවේ තියෙන ආකාරයට සමනල කන්ද මුදුනට යන්න පාරවල් 6ක් තියෙනවා. කොහොම උනත් මේ පාරවල් සියල්ල එකතු වෙලා කඳු මුදුනට ඇතුල් වෙන්නේ පාරවල් දෙකක් පමණයි. මේ පාරවල් 6න් ප්‍රසිද්ධම පාරවල් 3 තමයි නල්ලතන්නියෙන් ඇරඹෙන හැටන් මාර්ගය, එරත්නෙන් ඇරඹෙන කුරුවිට මාර්ගය හා පලාබද්දලින් ඇරඹෙන රත්නපුර මාර්ගය. මින් දිගම මාර්ගය කුරුවිට මාර්ගය වන අතර කෙටිම වෙන්නේ හැටන් මාර්ගය. අපේ සැලසුම වුනේ කුරුවිට මාර්ගයෙන් කන්ද නැගලා රත්නපුර මාර්ගයෙන් බහින්න.
පස්වෙනිදා උදෙන්ම මම ගෙදර ඉඳන් විශ්වවිද්‍යාලයට ගියා ට්‍රිප් එක යන්න. මෙන්න උදේ 9 විතර වෙනකොට එනවා හොඳ බඩේ අමාරුවක්! වැඩේ හොඳටම අබ්ලික් වෙන පාටක් තිබුනේ. කොහොමහරි අන්තිමේදී ෆාමසියෙන් බෙහෙතක් අරන් බිව්වා, පට පට ගාලා වැඩේ ගොඩ :P (බෙහෙතෙ නම Imodium, කොළ-අළු කැප්සියුලයක්. ඔන්න ඔබටත් මේ ආබාධය critical වෙලාවක ඇතිවුනොත් අත්දුටු බෙහෙත !) දවල් අපි 7 දෙනෙක් (මම, රවිමල්, සුප්පා, බමුණා, ඇලා, චින්තක, නදීර) විශ්වවිද්‍යාලයෙන් පිටත් වුනා රත්නපුරේට. රත්නපුරේට ලඟාවුනේ සවස 6ට විතර. මේ වෙනකොට අපේ ගයියා සහ ඔහුගේ නැගනිය, රවිමල්ගේ මල්ලී, සහ අපිව එක්කන් යන්න නිෂ් රත්නපුරේට ඇවිත් හිටියා. මදක් රෑ වෙලා තිබුනත් අපි මුලින්ම කලේ සමන් දේවාලයට යාම. ශ්‍රීපාද වන්දනාවේ යන්න කලින් සමන් දේවාලයට යාම සිරිතක් නිසා.
Trip ගියත් SBU promote කරන්නට අමතක කලේ නැත.
පසුදින උදේ අපි රත්නපුරේ ඉඳන් කුරුවිට ට ගියා. මෙතැන් සිට තවත් බස් එකක එරත්න වෙත යන්න ඕනේ. මේ මාර්ගය නම් ගන්න දෙයක් නෑ. අලි නාවන්න පුලුවන් සයිස් එකේ වලවල්. බස් එකේ ගියාට මොකද මට දැනුනේ බෝට්ටුවක මුහුදේ යනවා වගේ :P මග දිගටම පෝස්ටර් ඇලවී තිබුනා රජයෙන් පාර පිලිසකර නොකිරීමට විරුද්ධව. කෙසේ වෙතත් කුරුවිට පාර ඇරඹෙන තැන පාලමක් එහෙම ඉදිකෙරෙමින් පැවතීම පාර පිලිසකර කිරීම ඇරඹී ඇති බවට ලකුණක්.
කොහොමහරි උදේ 10 වෙනකොට එරත්නට ලඟාවුනු අපි උදේට කාලා සිරිපා කරුණාව ආරම්භ කලා. මග දිගට ඉතින් විශේෂ දෙයක් කියන්න නම් නෑ. කෙටියෙන් කිව්වොත් අපි හවස 5ට විතර තමයි සීත ගඟුල ලඟට ආවේ. එතනදි නාලා ‘දවල්ට’ කෑවා :D සීත ගඟුලෙන් එහා පැත්තේ කුඩා මඩුවක් වගේ එකක් ගහලා එතැන හාමුදුරු නමක් හිටියා. අපිට කිව්වා පන්සිල් දෙන්න එන්න කියලා. අපිත් ඉතින් ගියා. ඔන්න මුලින්ම පන්සල් ඒවායේ මූලික පරමාර්ථ වලින් එහා ගිහින් තියෙන විදිය ගැන ලොකු දේසනාවක් දුන්නා. ඒ කිව්ව දේවල් බොරුම නොවුනත් මම කල්පනා කලේ ඒවා කියලා මෙතනට ඇති පලේ මොකක්ද කියලා. ඒ නිසාම මට පොඩි සැකයකුත් ඇති උනා. උන්නාන්සේ කිව්වේ තමන්ට රාජකීය පණ්ඩිත විචිත්‍ර භාණක ආදී මෙකී නොකී ටයිටල් ඔක්කොම තියෙන බව. නමුත් ‘සරණාගමනං සම්පුණ්නං‘ පාඨය කිව්වට පස්සේ අපිට කියන්න කිව්වේ ‘අහං භන්තෙ‘ මිසක් ‘ආම භණ්තෙ‘ (එසේය ස්වාමීනි) කියලා නෙමෙයි. ඔතනදි ‘අහං භන්තෙ‘ (මම ස්වාමීනි) කියල කීමේ තේරුමක් නෑ නේද. රාජකීය පණ්ඩිත හාමුදුරු කෙනෙකුට කොහොමද ඒක වැරදුනේ කියලා මම කල්පනා කලා. මෙන්න පන්සිල් දීලා ඉවරවෙලා කියනවා කෙලින්ම ආධාරයක් කරන්නලු එයාගෙ පන්සලේ වැඩ වගේකට. දැන් ඉතින් කොටි වලිගෙ අල්ලගත්ත වගේ නිසා කරන්න දේකුත් නෑ. සල්ලි දුන්නාම කියනවා තව මාස දෙකතුනක් මෙහෙම පන්සිල් දීලා (ඒකෙන් අදහස් කරන්න ඇත්තේ තව කීයක් හරි එකතු කරගෙන කියන එක වෙන්න ඇති) එහාපැත්තෙන් බැහැලා ඇහැලියගොඩට යනවලු. ඒ නිසා ලඟදි ඔය පාරෙන් සිරීපාදේ යන අයට මේ කියන්නේ, ඔය චීවරධාරියාට අහු වෙන්න එපා. පන්සිල් ඕනෙ නෑ කියලා මාරුවෙලා එන්න.
අපි සෙට් එක
ඔය අතරේ කැලේ මැදදි ධාරාණිපාත වර්ෂාවකට මුහුන දෙන්න සිදුවුනා. ඇඳන් හිටිය ඇඳුම්, බෑග් හොඳටම තෙතබරි උනා. ඒවා ඇඳගෙන තමයි ඉතින් මුලු ගමනම ඉන්න උනේ. සපත්තු ඇතුලට වතුර ගියාම දැනෙන සනීපෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. ඒ මදිවට වැස්සත් එක්ක කූඩැල්ලෝ ඇවිස්සිලා අපේ ආතල් එක දෙගුණ තෙගුණ කලා. කොහොමත් අපේ කට්ටියම ලේ පයින්ට් දෙක තුනක් කූඩැල්ලන්ට පූජා කරන්න ඇති.
මුලින්ම අපි උඩමලුව දකිනකොට රෑ 8/9 විතර ඇති. එතැන ඉඳන් කෙලින්ම ගිහින් අවසානයේ අපි උඩමලුවට ලඟා වෙනකොට උදේ 2යි. ඒ කියන්නේ අපි පැය 14ක ගමනක් ඇවිත්, හැතැප්ම 16ක දුරක්. නරක නෑ නේද? කොහොමහරි උඩ මලුවේ විවේක අරගෙන උදේ ඉර සේවය බලන්න ගියත් එදා නැගෙනහිර ක්ෂිතිජය වලාකුලු බර වීම නිසා ඉර සේවය දකින්න ලැබුනෙ නෑ. ඉන්පසු අපි උඩමලුවට ගිහින් ශ්‍රී පාදය වන්දනා කලා. සෙනග නිසා ඉක්-ඉක්මනින් මිනිස්සු යවන්න ඕනෙ නිසා එතන හිටපු කපු මහතා කලබලෙන් අපේ ඔලු අල්ලලා ශ්‍රී පාද ලාංඡනයේ ගැහුව නිසා මට එතන තිබුනෙ මොනවද කියලවත් බලාගන්න වෙලාවක් ලැබුනෙ නෑ. ඔය කරුණු කාරණා ඉවරවෙලා අපි උදෑසන 9ට පමණ ආපසු එන්න පිටත් වුනා.
උඩමලුවට පෙනෙන ලක්ෂපාන ජලාශය
හිරු නැගෙන විට සමනල කන්දේ සෙවනැල්ල බටහිර අහසේ වැටී තිබූ අයුරු
ආපසු ආවේ පලාබද්දල මාර්ගයේ කියලා කලින් කිව්වනේ. එහිදී මුලින්ම හම්බවුනු  වැදගත් තැන තමයි ධර්මරාජ ගල. මේකේ කලුගලේ ගල් පඩි පේලියක් කොටා තියෙනවා. මෙතන තියෙන පඩි ගණන නිවැරදිව ගණන් කරන්න බැහැ කියලා කතාවකුත් තියෙනවා. ටිකක් දුර එනකොට හමුදා සෙබලුන් විසින් මේ පාරේ පඩිපෙලක් බඳිනවා. මේ කාර්යය සඳහා වැලි කොට්ට අදිමින් සිටියේ තරමක් ලාබාල පෙනුමැති තරුණ පිරිසක්. ටික දුරක් ගියාම අඳුනන කෙනෙක් හමු වුනාම තමයි මේ අය කවුද කියලා දැනගත්තේ. ඒ මොරටුව විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ අය. ඔවුන් එදා දිනයේ ශ්‍රමදානයක් ලෙස පහල සිට අර පඩිපෙල බැඳෙන ස්ථානයට වැලිකොට්ට කරමතින් ගෙන ගොස් උදව් දෙනවා. ඉතාමත්ම පැසසිය යුතු කාරණාවක්. මොරා ඩයල් අඳුරන එවුන් විස්සක් විතර හම්බුනා ඒ අතරදී. මම කලින් දැක නැති කෙනෙක් මගෙන් ඇහුවා ‘උඹ ඉන්ද්‍රනාම නේද?‘ කියලා. බැලින්නං අපේ තමීරගේ බෝඩිං සගයෙක්, සඳුන් රත්නායක :) බ්ලොග් එකෙන් තමයි අඳුරගෙන තියෙන්නේ. කොච්චර දෙයක්ද?
ඊලඟට හම්බුන වැදගත් තැනක් තමයි ලිහිණි හෙල. මෙතැනට මේ නම ලැබිලා තියෙන්නෙ ඈත අතීතයේදී ලිහිණි කියන නමින් යුත් කාන්තාවක් මෙතැනින් වැටී මියයාමෙන් පසුවයි. මෙතැනට ගිහින් ‘ලිහිණි අක්කේ අපි යනෝ‘ කියා කෑගැසූ විට ඇගේ අවතාරය පිලිතුරු දෙන බවත් ප්‍රචලිතයි. නමුත් සැබෑවටම වෙන්නේ හෙලේ විරුද්ධ පැත්තේ ඇති විශාල ගල් බිත්තියෙන් අපි කෑගසන දේ දෝංකාර දී නැවත ඇසීමයි. මෙතැනදී අපි නම් කතා කලේ ලිහිණි අක්කාට නෙමෙයි,’රොමේෂ් අයියා’ට, ඒ රු 50ක රිලෝඩ් එකක් ඉල්ලන්න :P
තුරු මුදුනක්
කොහොමින් හරි අවසානයේ හොඳටම කකුල් රිදීමත් සමග පලාබද්දලින් අපි එලියට එනකොට රෑ 7යි. ඒ කියන්නේ බහින්න පැය 10ක්! ඒ වෙනකොට පලාබද්දල සිට රත්නපුරට යන අවසාන බස් රථයත් පිටත්වෙලා. මොරටුවේ සොයුරන් කිහිපදෙනෙක්ම අපට ඔවුන්ගේ බස්රථයෙන් රත්නපුරයට යාමට ඉඩකඩ සලසා දෙන්න ඉදිරිපත් වුනත් ඔවුන් පිටත්ව යන විටත් අපේ නඩේ කිහිපදෙනෙක් පැමිණ නොසිටීම නිසා එය මගඇරුනා. අවසානයේ වාහනයක් කුලියට ගෙන එන්නයි සිදුවුනේ. ඒ වැඩේට නං ඒ ප්‍රදේශය එච්චර හොඳ තැනක් නෙමෙයි කියලයි අපිට හිතුනේ. සමන් දෙවියන්ගේ අඩවිය වුනාට මොකද මිනී කාක්කන්ද එහි අරක්ගෙන සිටින විත්තිය අපිට තේරුනේ වාහන වලට අයකරන අසාධාරණ ගණන් නිසාත් ‘ඇඟට එන්න’ දරන උත්සාහයත් නිසයි.
නැවතත් නිෂ්ගේ නිවසට එත්දී අපිට කෙලින් හිටගන්න පණ නෑ. ඇවිදගන්න කකුල් වාරු නෑ. කෑවයින් නොකෑවයින් අපි කෙලින්ම නින්දට වැටුනා. පසුවෙනිදා අපි ගෙවල් බලා එන්නට පිටත් වුනා. අනිත් මිතුරන් දවල් වෙද්දි ගෙවල් වල ගියාට මොකද දුරම හිටපු මම ගෙදර එනකොට රෑ 7යි ! ඒ වෙනකොට මගේ හොඳ පණ ගිහින් :’(
අමාරුවෙන් වුනත් අපි හොඳ ජොලියක් ගත්තා ඒ ගමනෙන්. වැඩිය ඡායාරූප ගන්න නම් බැරිඋනේ මගේ දුරකථනයේ බැටරිය පරිස්සම් කරගන්න සිදුවූ නිසා. රත්නපුරේ පැත්තෙන් යන පාරවල් දෙකම කැලෑව මැදින් වැටී ඇති දීර්ඝ පාරවල් නිසා ස්වභාව සෞන්දර්යය නරඹන කෙනෙකුට හොඳම මාර්ගය ඒවා තමයි. ඉතින් අපිට ගමන සංවිධානය කරලා ඒ ජොලිය ගන්න ඉඩ සලස්වපු නිෂ්ටයි ඇගේ ගෙදර අයටයි ස්තූති කරලම මේ චාරිකා සටහනට තිත තියනවා.
Excel World හි අමතක නොවන දිනයක් | සිංහල බ්ලොග්කරුවෝ ප්‍රථම වරට රැස්වෙති
මාස කීපයක් තිස්සේ නොඉවසිල්ලෙන් බලා සිටි දවසක් ඊයේ උදා උනා. ඒ තමයි සිංහල බ්ලොග්කරුවන්ගේ ප්‍රථම හමුවීම. මේ හමුවීම කාටත් අවශ්‍යව තිබූ දෙයක් උනත් මේක කඩිනමින් පවත්වන්න මග පෑදුනේ මධුරංග ප්‍රභාත් විසින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ගූග්ල් සමූහයට යොමු කල ලිපියක් බවත් මතක් නොකර බැහැ. සමූහය තුල වෙන වෙනස් thread තුල ලිපි 500ක් පමණ මේ හමුව ගැන හුවමාරු වෙන්නට ඇති.
හැමදාම අන්තර්ජාලය තුල එකිනෙකාගේ බ්ලොග් කියවමින්, චැට් සංවාදවල යෙදෙමින්, ගූග්ල් සමූහය තුල සංවාද කරමින් සයිබර් අවකාශයේ අතත්‍ය පරිසරයේ හමුවූ උදවිය හැබැහින් දැන අඳුනාගෙන කතා කරන්නට ලැබෙන අවස්ථාව මට නං සෑහෙන්න වැදගත් එකක් වුනා. හොඳ community එකක් ලෙස සවිමත් වීමට මෙසේ හැබෑ ලෝකයේදී හමුවී දැන හඳුනා ගැනීමත් සෑහෙන්න වැදගත් කියලයි මම හිතන්නේ. මෙම අවස්ථාව බ්ලොග් ලියන අයට පමණක් නොව කියවන අයටත්, ඒ ගැන උනන්දුවක් ඇති අයටත් විවෘත වුනේ පාඨකයන් නැති බ්ලොග් ප්‍රජාවක් ලුණු නැති හොද්දක් වගේ වන නිසා.
ඔන්න ඉතිං කොහොමින් හරි මේ අවස්ථාව අන්තිමේ දෙසැම්බර් 19 වෙනි දින කොළඹ 10, Excel World හිදී උදෑසන 11 සිට සවස 3 දක්වා පවත්වන්නට හැකි උනා.  ගූග්ල් සමූහයේදී විශාල පිරිසක් “අපි අනිවා එනවා…” යැයි දිවුරා පැවසුවත් ආවේ නං 50-60කට ආසන්න සංඛ්‍යාවක් :D මේ අතුරින් මධුරංග ප්‍රභාත්, චානක මුණසිංහ (මකරා), කතන්දර කාරයා වැනි උදවිය විදේශ වල සිට මේ අවස්ථාවට සහභාගී වෙන්නට පැමිණ සිටීම විශේෂ දෙයක් උනා. බ්ලොග් නොලියන, ඒත් කියවන පාඨකයනුත් සෑහෙන්න පිරිසක් පැමිණ සිටීමත් කැපී පෙනෙන සිදුවීමක්.
සිංහල බ්ලොග් බලකාය !
[ මෙම ඡායාරූපයේ වැඩියෙන්ම කැපී පෙනෙන පුද්ගලයා කවුදැයි කමෙන්ට් වල සඳහන් කිරීමෙන් ජයග්‍රහණය කරන අයට වටිනා ත්‍යාග පිරිනැමේ ! :D ]
මේ අවස්ථාව ustream.tv අඩවිය ඔස්සේ සජීවීව අන්තර්ජාලයට මුදාහරින්නටත් කටයුතු කල අතර එම පටිගත කරන ලද වීඩියෝ මෙහිදී දැකගන්න පුලුවන්. වීඩියෝ තරමක් quality අඩු වීම ගැන නම් සමාවෙන්න ඕනෙ.
දසුන් යුනිකෝඩ් ගැන කියාදෙමින්
11 සිට 1 දක්වා පැය 2 වෙන්කර තිබුනේ රැස්වීමකට. මේ සඳහා Excel World හි Conference Room එකක් යොදාගත්තා. මුලින්ම පැමිණ සිටි බ්ලොග්කරුවන්, පාඨකයින් තමා පිලිබඳව පොඩි හැඳින්වීමක් කරමින් අන් අයත් හඳුනාගත්තා. එහිදී සභාව ඇමතූ කාලිංග සංසදයේ ආරම්භයේ සිට මේ දක්වා වැදගත් සිදුවීම් පිලිබඳව විවරණයක් සිදු කල අතර සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය පවතින්නේ කුමක් සඳහාද යන්න පිලිබඳවත්  විග්‍රහ කලා. ඉන්පසුව දසුන් සමීර වීරසිංහ විසින් සිංහල යුනිකෝඩ් පිලිබඳව කෙටි හැඳින්වීමක් සිදුකලා.  චානුක වත්තේගම, බන්දුල රණතුංග යන මහත්වරුද මෙහිදී තම අදහස් දැක්වූවා.
1 සිට 3 දක්වා ආහාර ගැනීම යෙදී තිබුනු අතර කලින් සිතා සිටි පරිදි අප සියලු දෙනාටම එකලඟ මේස වල සිට ආහාර ගැනීමට නොහැකි වූයේ නිවාඩු දවසක් වීමත්, නත්තල් විවිධ ප්‍රසංගයක් එහි පැවැත්වීමත් නිසා එදා Excel World එක ජනාකීර්ණ වි තිබීම නිසයි. ආහාර වෙලාවේ බොහෝ පිරිසක් සමග කතා කිරීමට  සිතා සිටියත් අවසානයේ මටත් රවිමල්ටත් සිදුවූයේ තනිවම මේසයකට වී ආහාර ගැනීමටයි :D නමුත් ආහාර ගැනීමෙන් පසුව සෑහෙන්න දෙනෙක් හා කතා කිරීමට හැකි වුනා. පුෂ්පා රම්ලානි මහත්මිය සමග කතා කරන්නට නොහැකී වීම ගැන නම් දැනුත් දුක් වෙනවා.
කාලිංග අයියා, බුද්ධික අයියා හා සූ අක්කා
කොහොම හරි ඉතින් අවසානයේ සභා තොමෝ ජොලියෙන් විසිර ගියාහ :D අමතක නොවෙන දවසක් අවසන් උනේ ඒ විදියටයි. ඊලඟ හමුව මීටත් වඩා සාර්ථක විදියට පවත්වන්න ඕනෙ කියන අධිෂ්ඨානය හැමෝගෙම සිත් තුල ඇති උනා කිව්වොත් මම නිවැරදියි කියලා හිතනවා.
SBU හමුවේදී මුනගැසුනු අයියයි මල්ලියි | ශ්‍රීශානු සහ ශාකුන්තල
Breaking News: මීලඟ සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවීම අපේ බින්කුවා තම සම්පූර්ණ පෞද්ගලික වියදමින් කොළඹ Cinnamon Grand හෝටලයේ පවත්වන්නට සූදානම් බව වාර්තා වේ :D
කලින් කියන්න අමතක උනා නෙව. මේ පොටෝ මම ඉස්සුවේ මලින්ත, ගයාන් තාරක, රචින්ත ජයවර්ධන, ලිෂාන් යන කට්ටියගේ facebook album වලින් :P
දැන් ඕනෑම පරිගණකයක සිංහල යුනිකෝඩ් ! ඇඩ්මින් බලතල ඕනෙම නෑ !!
සිංහල !
සිංහල !!
සිංහල !!!
දැන් අන්තර්ජාලයේ අපේ වැඩ වැඩිහරියක් කෙරෙන්නේ සිංහලෙන් කිව්වොත් බොරුවක් නෙමෙයි. අන්තර්ජාලයට සම්බන්ධ වෙච්ච ගමන් පුරුද්දට වගේ මුගින්ම යන්නේ සිංහල බ්ලොග් කියවනයට. මම නම් පෞද්ගලිකව රටේ ලෝකේ වෙන දේවල් දැනගන්නෙත් සිංහල බ්ලොග් කියවලා. එන ඊමේල් වලින් 80%ක් විතර සිංහල. Facebook status update කරන්නෙ සිංහලෙන්. Tweet කරන්නෙ සිංහලෙන්.
තමන්ගෙ නිවසෙ පුද්ගලික පරිගණකයේ නම් අවුලක් නෑ, සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරලා තියෙන නිසා පහසුවෙන් සිංහල කියවන්න, ටයිප් කරන්න පුලුවන්. ඒත් ලෝක අමාරුවක වැටෙන්නෙ Cyber Cafe එකකට, පරිගණක විද්‍යාගාරයකට වගේ සිංහල ස්ථාපනය කරලා නැති තැනකට ගියාම තමයි. මේ වගේ තැන්වලදී අපිට පරිගණකයේ admin privileges දෙන්නෙත් නැති නිසා Sinhala Tamil Kit එක ඩවුන්ලෝඩ් කරල ස්ථාපනය කරන්නත් බෑ. ඉතිං කොටු කොටු විදියට පේන සිංහල අකුරු දිහා බල බල හූල්ලලා ගෙදර එන්න තමා වෙන්නේ. (මම ඉස්සර කැම්පස් එකේ ලැබ් එකේදි ඕනෙතරං ඔහොම කරල තියෙනවා)
මේකට තරමක් සාර්ථක විසඳුම් දෙකක් කලින් දීලා තිබුනා. අපේ දසුන් සමීරගේ (යුනිකෝඩ් දෙයියා ! :D ) විසඳුම උනේ අදාල පරිගණකයට Sinhala Font එකක් පමණක් ඉන්ස්ටෝල් කරලා, හොඳින් සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර ඇති පරිගණකයකින් DLL file කීපයක් අරගෙන අර පරිගණකයට කොපි කිරීම. නමුත් Font එකක් install කිරීමටත් admin බලතල අවශ්‍ය නිසා අපේ පහන් සරත්චන්ද්‍ර දීපු විසඳුම තමයි ස්වයංක්‍රීයව font එකත් ඉන්ස්ටෝල් වන සේ සැකසූ Portable Firefox එකක්. මේ ක්‍රම 2ම මම යම් යම් හදිසි අවස්ථාවලදී පාවිච්චියට ගෙන සාර්ථක ප්‍රතිඵල අත්කරගත්තා.
මේ ක්‍රම දෙකේම තිබ්බ අඩුපාඩුව තමයි සිංහල ලිවීමට ක්‍රමයක් නැති වීම. ලියන්න පුලුවන් උනේ UCSC Converter එක වැනි ටූල් එකක් පාවිච්චියෙන් පමණයි. මේක මම වගේ විජේසේකර කීබෝඩ් එකෙන් කොටන අයට හරිම අකරතැබ්බයක්.
ඉතිං දැං මේ සියලු බාධක මඬිමින්, සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර නැති පරිගණකයක සිංහල අකුරු හොඳින් බලාගැනීමටත්, විජේසේකර යතුරු පුවරුවෙන් ටයිප් ටයිප් කිරීමටත් හැකි නවතම ක්‍රමවේදයක් නිර්මාණය කරලා තියෙනවා. මේ සද්කාර්යය කරලා තියෙන්නෙ මගේ ගම්පලාතේම පාසල් කාලයේ සමකාලීනයෙක් වන ඉසුරු උදාන (University of Moratuwa) විසිනුයි. මේ සඳහා අදහස දී තිබෙන්නේ සිංහල බ්ලොග්කරුවෙන් වන පහන් සරත්චන්ද්‍ර විසිනුයි. මෙය Mozilla Firefox වෙබ් බ්‍රවුසරය සඳහා addon එකක්. නමින් qsFox (Quick Sinhala Fox).
මෙය භාවිතයෙන් සිංහල ලිවීමට කියවීමට, Sinhala Tamil Kit එකවත්, කිසිදු සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකක් වත් ඒ පරිගණකයේ පිහිටුවා තිබීම අවශ්‍ය නැහැ. මේ ඇඩෝනය ඔබ වෙනුවෙන් ඒ සෑමදෙයක්ම කරාවි.
හොඳයි, මම මේ ගැන කතා කලා ඇති, මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් නිර්මාපකයන්ගෙන්ම වැඩි විස්තර දැනගන්න පුලුවන්:
http://mytecheye.blogspot.com/2009/12/qsfox.html
ඇඩෝනයේ නිවස්න පිටුවට මෙතැනින් යන්න: http://qsfox.mozdev.org
ඇඩෝනය බාගන්න පිටුවට මෙතැනින් යන්න: https://addons.mozilla.org/en-US/firefox/addon/53146
භාවිතයට උපදෙස් මෙතැනින් ගන්න: http://qsfox.mozdev.org/help.html
ඔන්න දැන් කොහේහරි පරිගණකයක සිංහල පෙනෙන්නෙ නෑ, එහෙමත් නැත්තම් රෙන්ඩරිං අල, කියලා දුක්වෙන්න ඕනේ නෑ. මේ ඇඩෝනය ඔබේ සියලු ප්‍රශ්න විසඳාවි. ඒ වගේම මෙහි නිර්මාපකයන්ට ස්තූතිවන්ත වෙන්නත් අමතක කරන්න එපා, මේ ඇඩෝන් එකේ code එක මහජනතාවට නිදහස් කරන්නත් ඔවුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා ආරංචි උනා. එහෙම නම් ඒක තව තවත් අගය කල යුතු කරුණක් වගේම මෙහි දියුණුවටත් එය රුකුලක් වේවි.
මේ ඇඩෝනය භාවිතයෙන් සිංහල කියවද්දී මෙන්න මේ ලිපියේ ආකාරයට සිංහල අකුරු පෙනුම ලස්සන කරගන්නත් අමතක කරන්න එපා !
ඉල්ලීමක්: මෙහි ඉදිරියේදී එක් වන කමෙන්ට් ඔබට ඊමේල් වන අයුරින් ඔබ Comments Subscribe වූනවා නම් කරුණාකර ඔබේ Spam folder එක මදක් බලන්න. මගේ බ්ලොග් අඩවියෙන් එන Comments notification ඊමේල් spam වෙත යන බව වාර්තාවී ඇත. එබන්දක් ඔබේ spam folder වෙත ගොස් තිබුනොත් කරුණාකර එය Not SPAM ලෙස mark කර මට සහාය වන්න.
TV torrents සඳහා The Box
peer-to-peer network එකට, එහෙමත් නැත්නම් torrent වලට දැන් එච්චර හොඳ කලදසාවක් නෙමෙයි උදාවෙලා තියෙන්නෙ. ලෝක ප්‍රසිද්ධ ටොරන්ට් සයිට් කීපයක්ම දැන් කොට-උඩ. හැමෝම දන්නවා ඇතිනේ The Pirate Bay කියන ප්‍රසිද්ධ ටොරන්ට් සයිට් එක ලඟදීම වැහෙන්න නියමිත බව. ඒ copyright infrngement සඳහා ඔවුන්ට නඩු වැටුනු නිසා. ප්‍රධානපෙලේ private torrent site එකක් වන Demonoid දැන් මාස කීපයක සිට අක්‍රීයයි. (නමුත් tracker එක වැඩ කියලයි ආරංචි). ඉක්මනින් යථාතත්වයට පත්කරනවා කියලා තාවකාලික පිටුවේ සඳහන් උනත් දැන් සෑහෙන්න කාලයක් ගත වුන නිසා ඒ ගැන සැකයි. අනෙක් ප්‍රසිද්ධ ටොරන්ට් සයිට් එක වන Mininova හි දැන් ඇත්තේ නීත්‍යානුකූල ටොරන්ට් පමණයි. pirate software ආදී සියල්ල ඉවත්කරලා.
අන්ත් පැත්තෙන් අපේ කට්ටිය මෙච්චරකල් ටොරන්ට් බාපු Imageshack Torrent Drive එකත් ලඟකදී ඉඳන් නොමිලේ සේවා සැපයීම නවත්තලා දාලා. btaccel කියලා වෙනත් torrent box සේවාවක් තිබුනත් එහි රෙජිස්ටර් වෙන්න invitation එකක් අවශ්‍යයි. මේ කරුණු කාරනා නිසා mobile broadband වලින් ටොරන්ට් බාන අපේ යාලුවන්ටත් දැන් නරක කලදසාවක් තමයි උදාවෙලා තියෙන්නේ.
මෙන්න මේ අතරේ මට හමුවුන හොඳ ටොරන්ට් සයිට් එකක් ගැන ඔත්තුවක් දෙන්න තමයි මේ පෝස්ට් එක හදිස්සියෙන් ලියන්න හිතුනේ. හැබැයි මේකේ තියෙන්නෙ රූපවාහිනී වැඩසටහන්, රූපවාහිනී ටෙලිනාට්‍ය පමණයි. torrent jargon එකෙන් නම් TV torrents. වැදගත්ම දේ තමයි මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න invitation code අවශ්‍ය නොවීම.
පොදු ටොරන්ට් සයිට් වල හොයාගන්නවත් නොතිබුනු Seconds From Disaster වැඩසටහනේ episode 3ක්ම මම ඊයෙ රෑ බාගත්තා මේ අඩවියෙන්. seeds ලා ඉතාම හොඳයි. start කර තත්පර 20ක් පමණ ඇතුලත මගේ උපරිම ස්පීඩ් එක වන 50KBps වේගයක් ලබාගන්න පුලුවන් උනා. තවදුරටත් සර්ච් කරලා බැලුවාම වටිනා documentry videos වගයක් හමුවුනා, පොදු ටොරන්ට් සයිට් වල නොතිබුනු. දැන් ඉතින් ඒවත් බාන්න ඕනෙ. (ඊජිප්තු පුරාවිද්‍යාවට ටිකක් ආස මම ඊලඟට බාන්න ඉන්නේ The Paranormal Egypt කියන documentry series එක !)
මෙන්න සයිට් එක, ගිහින් රෙජිස්ටර් වෙලා කැමති කැමති tv series බාගන්න.
http://thebox.bz/
වැදගත්:
අනෙක් පොදු ටොරන්ට් සයිට් වගේ නෙමෙයි, මේ වගේ private torrent site වල නීති තියෙනවා. ඔවුන් අපි seed කරන, එහෙමත් නැත්තම් අප්ලෝඩ් කරන ප්‍රමාණයත් monitor කරනවා. ඒ නිසා ඩවුන්ලෝඩ් කරන තරමට සාධාරණ ලෙස අප්ලෝඩ් කිරීම අනිවාර්යයි. නැත්තම් අපේ එකවුන්ට් එක කැන්සල් වෙනවා. මේ නීති ගැන වැඩි විස්තර සයිට් එකෙන්ම බලාගන්න පුලුවන්.
එහෙම නම් happy downloading !! :)
ඉල්ලීමක්: මෙහි ඉදිරියේදී එක් වන කමෙන්ට් ඔබට ඊමේල් වන අයුරින් ඔබ Comments Subscribe වූවා නම් කරුණාකර ඔබේ Spam folder එක මදක් බලන්න. මගේ බ්ලොග් අඩවියෙන් එන Comments notification ඊමේල් spam වෙත යන බව වාර්තාවී ඇත. එබන්දක් ඔබේ spam folder වෙත ගොස් තිබුනොත් කරුණාකර එය Not SPAM ලෙස mark කර මට සහාය වන්න.
Seconds from Disaster | ව්‍යසනයක් අභිමුව
අඩුමගනනේ අවුරුදු දෙකකට වරක්වත් ලෝකයේ මිනිසුන් සිය ගණනකගේ ජීවිත අහිමි වෙන ව්‍යසනයක්, ඉංග්‍රීසියෙන් කිව්වොත් disaster එකක්, කොතැනක හෝ සිදුවෙනවා. එක්කෝ එය බෝම්බ පිපිරීමක් වෙන්නට පුලුවන්, නැත්නම් ගුවන් යානයක් කඩාවැටීමක් වෙන්න පුලුවන්, එහෙමත් නැත්නම් ස්වභාවික විපතක් වෙන්නත් පුලුවන්. කොයි විදියෙන් සිදු වුනත් නොසිතූ දෙයක් නිසා, සුලු අතපසුවීමක් නිසා, කාටවත් වැරැද්දක් නොකල අහිංසක මිනිසුන් සිය ගණනකට මේ සිදුවීම් වලදී ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවෙනවා.
Disasters don’t just happen, they are caused by a sequence of critical events…
කිසිදු විනාශයක් සිදුවන්නේ එක්වරම අහම්බෙන් නෙමෙයි, එය තීරණාත්මක සිදුවීම් සමූහයක ප්‍රතිඵලයක් ලෙසටයි සිදුවෙන්නේ. මෙන්න මේ අදහස පාදක කරගත් රූපවාහිනී වැඩසටහන් මාලාවක් ගැනයි මේ කියන්න හදන්නේ. එය නමින් Seconds from Disaster. මෙය National Geographic (NatGeo) රූපවාහිනී චැනලයේ විකාශය වූ වැඩසටහන් මාලාවක්.
මේ වැඩසටහනට මේ නම යෙදී ඇත්තේ මෙම වැඩසටහනේදී ඔවුන් යම් ව්‍යසනයක් සිදුවීමට පෙර ගතවන අවසාන විනාඩි කීපයේදී සිදුවූ දේ ගැඹුරින් විශ්ලේෂනය කරන නිසයි. මෙම වැඩසටහනේ අරමුන එවන් ව්‍යසනයක් සිදුවීමට හේතුභූත වී කරුණු සොයාබලන අතරම නැවත මෙවන් සංසිද්ධියක් සිදු නොවීමට ඒවා පාඩමක් කරගක යුත්තේ කෙසේදැයි පෙන්වාදෙනවා. මේ සඳහා නවීන පරිගණක තාක්ෂණය මගින් ඔවුන් එදා සිදුවූ සිදුවීම ප්‍රතිනිර්මාණය කරන අතර, විශේෂ වීඩියෝ ප්‍රයෝග මගින් එම සිදුවීම් වල චලන රූප නැවත සකසන්නේ හරියටම එදා එය වීඩියෝගත කල ආකාරයටයි. ඇතැම් සිදුවීම්වල සැබෑ වීඩියෝ එක (actual footage) තිබේ නම් ඒවාද වැඩසටහනට එක්කර තිබෙනු දැකිය හැකියි.
මෙම වැඩසටහන 2004 ජුලි සිට 2007 මාර්තු දක්වා කතා මාලා (season) 3කින්, කථාංග (episodes) 45කින් විකාශය වී තිබෙනවා. මෙම කථාංග 45 දී ලෝකයේ සිදුවූ දරුණුතම ව්‍යසන 45ක් පිලිබඳව වාර්තා කර තිබෙනවා. මමත් මේ සියල්ලම නරඹලා නෑ. නරඹපු ඒවා අතරින් මා සිත්ගත් ඒවා මෙන්න මේවා තමයි,
2004 සුනාමි ව්‍යසනය
පැරීසියේ කොන්කෝර්ඩ් ගුවන්යානා අනතුර
යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරයේ පිපිරුම
කොලොම්බියා ෂටල අනතුර
මෙක්සිකෝවේ ග්වාඩලහාරා හි වායු නල පිපිරුම
මම මේවා නැරඹුවේ කොහොමද කියන ප්‍රශ්නේ මතු උනාද දන්නෑ ! මම නං හැබෑයටම National Geographic Channel එකේ මේවා නරඹලා නෑ. මම බැලුවේ ඩවුන්ලෝඩ් කරගෙන. ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් තැන් කීපෙකුත් මම දෙන්නං. හැබැයි කණගාටුයි, හැම episode එකක්ම හොයාගන්න නෑ.
සියලුම episode වල නම් ටික හා විස්තර ලබාගන්න මේ විකිපීඩියා ලිපිය බැලුවනං හරි. ඒ වගේම මේ වැඩසටහනේ නිල වෙබ් අඩවියත් බලන්න.
බාගත කරගැනීම්:
episode 14ක rapidshare links මෙතන තියෙනවා. [katzforums.com]
torrents ටිකක් හොයාගන්න පුලුවන් මෙතනින්. [torrentz.com]
තවත් බලන්න ආස නම් episode වල නම් වලින් google search එකක් දුන්නොත් ඔය forum අස්සෙ තියෙන links හොයාගන්න බැරිවෙන එකක් නෑ. (මට තවම හොයාගන්න බැරිවෙච්ච episode එකක් තමා Russia’s Nuclear Sub Nightmare කියන episode එක. කාටහරි හමුවුනොත් මටත් ලින්ක් එවන්න)
ඉල්ලීමක්: මෙහි ඉදිරියේදී එක් වන කමෙන්ට් ඔබට ඊමේල් වන අයුරින් ඔබ Comments Subscribe වූනවා නම් කරුණාකර ඔබේ Spam folder එක මදක් බලන්න. මගේ බ්ලොග් අඩවියෙන් එන Comments notification ඊමේල් spam වෙත යන බව වාර්තාවී ඇත. එබන්දක් ඔබේ spam folder වෙත ගොස් තිබුනොත් කරුණාකර එය Not SPAM ලෙස mark කර මට සහාය වන්න.
බඹ ලොව හා ලංකාව
මේ මහා සාහිත්‍යවේදී කේ. ජයතිලක මහතාගේ කෘතියකින් උපුටා ගත් කොටසක්. වැදගත්කමක් තියෙනවා කියලා හිතුන නිසා මෙහි පලකලා.
මෑතක සිට බ්‍රහ්ම ලෝකයේ ජනගහනය ශීඝ්‍ර ලෙස පහල බසින්නට විය. මිනිස් ලොවින් ගොස් එහි ඉපදිය යුතු පිරිස සළාවටක ජලය මෙන් එතැනම කරකැවෙමින් යළි යළිත් මෙලොවෙහිම උපදින්නට වූහ. මෙයින් මනුෂ්‍ය ලෝකය හා බ්‍රහ්ම ලෝකය අතර ජනගහන සමතුලිතතාව නැති වී ගියෙන් ඒ සඳහා වහාම ප්‍රතිකර්ම යෙදිය යුතු විය. පළමුවෙන්ම මීට හේතු සොයා පිළියම් යෝජනා කිරීම සඳහා කොමිසමක් පත් කරන ලදී. එම කොමිසමෙහි සොයා ගැණීම වූයේ වර්තමාන මනුෂ්‍යයන් අතර බ්‍රහ්ම ලෝකයේ උපදින්නට තරම් සුදුසුකම් සපුරාලන පිරිස හිඟ බවය. මෙය මගහැරවීම සඳහා යෝජනා කරන ලද්දේ දැනට බඹ ලොවෙහි ඉපදීම සඳහා අවශ්‍ය නීතිරීති මදක් ලිහිල් කල යුතු බවය.
අන් කිසි විසඳුමක් නැති තැන මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය විය. මේ අනුව සොරකම් හැර මිනීමැරුම් වැනි දරුණු අපරාධකරුවන් පවා එක්තරා ප්‍රමාණයකට බඹලොව උපත ලදහ. සොරකම් කරන්නවුන්ට ඒ අවසරය නොදෙන ලද්දේ දැනට එහි ඉපිද සිටින බ්‍රහ්මයන්ගේ වස්තුවට තර්ජන ඇතිවීමට ඉඩකඩ තිබූ හෙයිනි.
බ්‍රහ්මලෝකයට අලුතින් පිවිසීමට අවකාශ ලැබුවෝ වහාම “නව ප්‍රවේශකයන්ගේ වෘත්තීය සමිතිය” නමින් සංගමයක් පිහිටුවා ගත්හ. සංගමයක් ඇති කර ගත්තත් ඔවුන්ට ලබා ගැනීමට තරම් ඉල්ලීම් නොවීය. අවශ්‍ය හැම දෙයක්ම බ්‍රහ්ම ලෝකය තුල තිබූ බැවිනි. එසේ වුවත් ඉල්ලීම් ඉදිරිපත් කර සටන් නොකර වෘත්තීය සමිතියක් පවත්වාගෙන යාම උගහටය. මේ නිසා බොහෝ දුර සාකච්ඡා කර තර්ක විතර්කද ගෙන ඒමෙන් පසුව මිනීමරුවන්ගේ එක් ඉල්ලීමකට එකඟ වීමට තීරණය විය. එනම් දැන් කාලයක සිට ඔවුන් ලේ පිපාසයෙන් පෙලෙන නිසා එය සංසිඳුවීමට විශාල ලේ වැගිරීමක් කිරීමය.
“පැන්සලක් උල් කර ගන්න පෑන පිහියක් වත් නැති මේ බ්‍රහ්ම ලෝකයේ ලේ වැගිරීමක් ඇති කරන්නේ කොහොමදැ?”යි මෙහිදී මහා බ්‍රහ්මයා ප්‍රශ්න කර සිටියේය.
“ඒක මෙහිම ඇති කරන්න ඕනෙ නෑ. අපට පෙනෙන වෙනත් ලෝකයක ඇති කළහම ප්‍රමාණවත්” බ්‍රහ්ම පෝතකයෝ පිලිතුරු දුන්හ.
“ඒ මොන ලෝකයේද? කොහොමද කරන්නෙ?”
“ඇයි මනුෂ්‍ය ලෝකයෙ? අපි එහේ මෘගසංවර්ෂාවක් ඇති කරමු”
“අපොයි ඒක මේ කාලයෙ ඇති කරන්නෙ කොහොමද? මෘගසංවර්ෂාව වස්සවන්න පුලුවන් කල්පාන්තයෙ ලෝක විනාශය සඳහා පමණයි”
“නෑ නෑ අපිට මෘගසංවර්ෂාවක් ඕනෑමයි” මෙය මහා බ්‍රහ්මයා සමග අරගලයකට සුදුසු ප්‍රශ්නයකැයි කල්පනා කල නව ප්‍රවේශකයෝ කොලහල කරන්නට වූහ “අපේ සාධාරණ ඉල්ලීම් අපට ඕනෑ” “මහා බ්‍රහ්මයා භංග වේවා!”
කලබල උග්‍රවත්ම දෙපක්ෂය සාකච්ඡා කර එකඟත්වයකට පැමිණුනි. මහා බ්‍රහ්මයා විසින් එය මෙසේ නිවේදනය කරන ලදී.
“කල්පාන්තයේ හැර වෙනත් අවස්ථාවක මහා මෘගසංවර්ෂාවක් ඇති කිරීම ලෝක ධර්මයට සම්පූර්ණයෙන්ම පටහැණි වේ. ඒ නිසා කප මැද මේ අවස්ථාවේදී අර්ධ මෘගසංවර්ෂාවක් පමණක් ඇති කරනු ලැබේ”
“ජයවේවා” “ජයවේවා” යි බ්‍රහ්ම පෝතකයෝ ප්‍රීති ඝෝෂා කලහ.
“හොඳයි. දැන් කොහෙද අපි මේ මෘගසංවර්ෂාව ඇති කරන්නෙ? කාටත් බලාගන්න පුලුවන් විදියට ලෝකය මැද තැනක් නම් ඉතාම හොඳයි”
“ශ්‍රී ලංකාවේ, ශ්‍රී ලංකාවේ” යි තරුණයෝ යළි කෑ ගැසූහ.
පිරිස සන්සුන් කර ආපසු යැවීමෙන් ඉක්බිතිව මහා බ්‍රහ්මයා වහා ක්‍රියාත්මක විය. පළමුවෙන්ම ඔහු වේරම්බ වාතය එවා රට තුල වූ සියලු සාරධර්ම උගුළුවා ගෙන ගොස් ඉන්දියානු සාගරයේ පතිත කරවීය. එසේ පතිත වූ සාරධර්ම එහි සිටි මත්ස්‍ය වර්ගයා විසින් එසැනින්ම ගිල ගන්නා ලදී. මෙය ඉව වැටී ඈත ජපානයේ සිට පැමිණි ධීවරයෝ එම මසුන් අල්ලාගෙන සියරටට ගෙන ගියහ. සාරධර්මයන්ගෙන් නියම ප්‍රයෝජනය ලබාගනුවස් ජපන් ජාතිකයෝ එම මසුන් පිසීමකින් පවා තෙරව අනුභව කලහ.
මිනිසුන් කෙරෙන් සාරධර්ම ඉවත්කර ලූ වේරම්බ වාතය සියලු ශාක වලට කෘත්‍රිම කෘමිනාශක හා පොහොර ඉස ඒවායේ පෝෂ්‍ය පදාර්ථයන් ඉවත් කලේය. ඉන්පසු පන්සල් පොත්ගුල් වලට වැදුනු එය එහි තිබූ පුස්කොලපොත් ගිණි ගොඩවල් කරා පියාසර කරවා යැවීය. බුදු පිලිම වල පවා ඇතුලත මදය ඉවත් කොට පිටත සායම පමණක් ඉතිරි කරන ලදී.
මෘගසංවර්ෂාව ආරම්භ වූයේ මින් පසුවය. වෙනදා වැසි පොද වැටෙන්නාහාම මිනිස්සු තිරිසනුන් බවට පත්වී උනුන් ඇනකොටා මරාගන්නට වෙති. මෙහිදී මහා බ්‍රහ්මයා ජීවිතයේ පලමුවෙනි වරට මවිතයට පත්කරමින් වැස්සට කොතරම් තෙමුනත් මිනිස්සු එකිනෙකාට කාරුණිකව සන්සුන්වම සිටියහ. මීට හේතු පරීක්ෂා කිරීමේදී ඔහුට පෙනී ගියේ සාරධර්ම කොතරම් නැතිව ගියත් මිනිසුන්ගේ ජාන වලට, ඇටට, මසට, කාවැදී තිබුනු බුදු දහම විසින් ඔවුන් පාලනය කරනු ලැබ සිටින බවය.
මේ වනාහි තම පරපුරේ බක බ්‍රහ්මයාටවත් ඉදිරිපත් නොවූ ප්‍රශ්නයකි. ඔහු තම පූර්ණ ඥාණ ශක්තිය යොදා දින ගණනක් කල්පනා කලේය. අහස පොලව ගැටලමින් කල්පනා කරන ඔහුට සිතාගත හැකිවූයේ එක් උපක්‍රමයක් ගැන පමණි. එනම් සමාජ සේවයක මුවාවෙන් රාජ්‍ය නොවන සංවිධාන විශේෂයක් ඇති කොට එහි නියෝජිතයන් ශ්‍රී ලංකාවට එවීමය. එවිට සමාජ අභිවෘද්ධියට කැමති මිනිසුන් එම රස ගුලිය ගිලිනුයේ එහි මැද රැස් කර ඇති විෂ පුංජයනුත් සමගය.
මහා බ්‍රහ්මයාගේ මේ උපක්‍රමය සිතුවාටත් වඩා සාර්ථක විය. රාජ්‍ය නොවන විෂ ගුලි ගිලීමෙන් ඉක්බිතිව, කලින් මිනිසුන් ගත මත පතිතව තිබූ වැහි බිඳුද ක්‍රියාත්මක වන්නට විය. ඔවුහු තිරිසනුන්ටත් වඩා දරුණු ලෙස එකිනෙකා කොටා මරා ගන්නට වූහ.
කේ. ජයතිලක – වර්ණය ඡන්දය හා මනාපය : පලමු මුද්‍රණය 2001, පිටු 11-14
විද්‍යොදයේ අතීතයෙන් පිටුවක්
මේ ඡායාරූපයෙ ඇති විශේෂයක් නැති වුනත් මේක පිටුපස අතීත කතාවක් තියෙනවා. ඒ ගැන කියන්නයි මේ ලෑස්ති වෙන්නේ.
මේ ඡායාරූපයේ තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලයෙන් මම බැහැර ගෙනගිය ඩබ්. ඒ. සිල්වා ශූරීන්ගේ “රිදී හවඩිය” කියන නවකතා පොතේ ඇතුලු පිටුවක්. මේක ඒ කාලයේ ලියැවුන රහස් පරීක්ෂක කතාවක්. කීදෙනෙක් මේක කියවලා තියෙනවද දන්නෙ නෑ. මේ වගේම එතුමාගෙ තවත් රහස් පරීක්ෂක කතාවක් තමයි “ජූලි හත“. පුලුවන් නම් හොයාගෙන කියවන්න.
අපේ විශ්වවිද්‍යාලය කලින් පිරිවෙණක් බව (විද්‍යොදය පිරිවෙණ) හැමෝම වගේ දන්නවා ඇතිනේ. 1958  අංක 15 දරණ විද්‍යොදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත යටතේ විශ්වවිද්‍යාලයක තත්වයට උසස් කරන ලද එය 1959 පෙබරවාරි 18 වෙනි දින සිට “ශ්‍රී ලංකා විද්‍යොදය විශ්වවිද්‍යාලය” යන නමින් හැඳින්වුනා. එහි මුල්ම විශ්වවිද්‍යාලාධිපතිවරයා වුනේ වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමිපාණන් වහන්සේ.
ඔහොම කාලයක් ගියාට පස්සේ 1972 දී පාර්ලිමේන්තුවෙන් සම්මත උනා අංක 1 දරණ ලංකා විශ්වවිද්‍යාල පනත. මේ  මගින් එතෙක් ලංකාවේ තිබූ සියලුම විශ්වවිද්‍යාල එක් විශ්වවිද්‍යාලයක හෙවත් ලංකා විශ්වවිද්‍යාලයේ (University of Ceylon) කොටස් බවට පත්කෙරුනා, 1972 පෙබරවාරි 15 වෙනිදා සිට. ඒ අනුව අපේ විශ්වවිද්‍යාලය “ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යොදය මණ්ඩපය” (University of Ceylon – Vidyodaya Campus) වශයෙන් හැඳින්වෙන්න ගත්තා. අද අපි පොදුවේ විශ්වවිද්‍යාල හඳුන්වන්න පාවිච්චි කරන “කැම්පස්” කියන වචනය භාවිතයට ආවෙ මෙන්න මේකෙන්.
මෙන්න මේ සමයෙදි අපේ පුස්තකාලයට එක්වුනු පොතක සටහන් වූ මුද්‍රාවක් තමයි මේ. අපේ විශ්වවිද්‍යාලයේ පුස්තකාලය ගොඩක් පැරණි එකක් වගේම විශාල පොත්පත් සම්භාරයක් සහිත එකක් බව දැකල තියෙන අය දන්නව ඇති. එහි ඇතැම් කොටස් මම දැකලවත් නැහැ. පිරිවෙන් සමයේ සිට එක්රැස්වූ පොත්පත් මෙන්ම පුස්කොල පොත් එකතුවක්ද මෙහි අන්තර්ගතයි. (නූතන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ මුල්ම සේවා ස්ථානය වුනෙත් විද්‍යොදය පුස්තකාලය බව අහලා ඇති.)
පසුව 1978 දී නැවතත් මේ ලංකා විශ්වවිද්‍යාලය කොටස් 6කට වෙන් කෙරුනා. ඒ අනුව ලංකා විශ්වවිද්‍යාලයේ තිබුණු මණ්ඩප 6 ස්වාධීන විශ්වවිද්‍යාල 6ක් බවට වෙන් කෙරුනා. ඒවා තමයි,
කොලඹ විශ්වවිද්‍යාලය (CMB)
පේරාදෙණිය විශ්වවිද්‍යාලය (PDN)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (SJP)
කැළණිය විශ්වවිද්‍යාලය (KLN)
මොරටුව විශ්වවිද්‍යාලය (MRT)
යාපනය විශ්වවිද්‍යාලය (JFN)
වශයෙන් මේ දක්වා හැඳින්වෙන්නේ.
මගේ විශ්වවිද්‍යාලය ගැන සිංහල විකිපිඩියාවට මම ලියූ ලිපිය මෙතැනින් කියවන්න. නම නොදන්නා සහෘදයෙක් විසින් එහි වැදගත් දින වකවානු ආදිය සටහන් කරලා ලොකු සහයෝගයක් දුන්නා. ඔහුටත් ස්තූතිවන්ත වෙනවා.