Skip to content

ඉන්ද්‍රනාම ගේ සයිබර් සිතුවිලි – Pravin Indranama's Blog

ප්‍රවීන් ඉන්ද්‍රනාමගේ සිංහල බ්ලොග් සටහන

Archive

Author Archive

සින්ඩියේ තියෙන ලිපි බලනකොට මම ගොඩක් නිරීක්ෂණය කරපු දෙයක් තමයි සමහරු සිංහල ටයිප් කිරීමේදී ගොඩක් අක්ෂර දෝෂ කරනවා. ව්‍යාකරණ දෝෂ නෙමෙයි, ඒ ගැන කියන්න මම දන්නෙත් නෑ, මම දන්න ව්‍යාකරණයක් නැති නිසා. මේ නිසා මට හිතුනා ඔය නිතර වරද්දන සමහර අකුරු ගහන විදිය පොඩ්ඩක් කිව්වොත් හොඳයි කියලා, විජේසේකර යතුරු පුවරුවෙන් වගේම සිංග්ලිෂ් කන්වර්ටරෙනුත්.

මුලින්ම කියන්නම් මමත් පාවිච්චි කරන විජේසේකර යතුරු පුවරුවෙන් ගහන විදිය. ඊට පස්සෙ කියන්නම් සිංග්ලිෂ් එකෙන් ගහන විදිය. විජේසේකර එකෙන් ගහන විදිය ලියද්දී A – B කියලා ලියල තියෙන්නේ මුලින් කීබෝඩ් එකේ A අකුර ඇති කී එක ගහලා පසුව B අකුර ඇති කී එක ගහන්න කියන එකයි. Shift, Alt යතුරු සමග එබිය යුතු අවස්ථාවල Shift+a ආදී ලෙස ලියා ඇති. continue reading…

පසුගිය පෝය දවසේ ගමේ ගිය නිසා මට අවස්ථාවක් උදා වුනා ලංකාවේ තියෙන පැරණිම රජමහා විහාරයකට ගොඩවැදිලා එන්න. කණගාටුවකට වගේ වෙනත් රජමහා විහාර වගේ මේ විහාරයට එතරම් ලොකු ප්‍රසිද්ධියක් හෝ වැඩි කළඑලියක් නෑ. මේ විහාරය තමයි බෙන්තොට ගලපාත විහාරය. පිහිටා තියෙන්නෙ බෙන්තොට හන්දියෙන් ඇල්පිටිය පාරට හැරිලා කිලෝමීටර 2ක් විතර ගියාම. continue reading…


මගේ facebook ගිනුමේ ගොඩගැහිලා තියෙන Group request දිහා නිකමට බලනකොට මම දැකපු ගෲප් එකක් තමයි මේ. මේකෙන් කියන්නේ “facebook එකේ සිංහලෙන් චැට් කරන්න කැමති නම් මේ ගෲප් එකට ජොයින් වෙලා තමන්ගෙ යාලුවො හැමදෙනාටමත් invite කරලා ඊටපස්සෙ මේ ගෲප් එකේ ඇඩ්මින් දෙන සොෆ්ට්වෙයා  එක ඉන්ස්ටෝල් කරගන්න” කියලා. continue reading…

Google Buzz ගැන වැඩි දෙනෙක් දන්නෙ නැතුව ඇති සමහර විට. මේකට හේතුව Wave වගේ කාලයක් තිස්සේ සද්ද දාලා නෙමෙයි මේක දුන්නේ. කිසිම නිල පූර්ව ප්‍රකාශයක් තිබ්බෙත් නෑ මම දන්න විදියට. ආරංචි විතරයි. හදිස්සියෙම Buzz දුන්නා. මේක ක්‍රම ක්‍රමයෙන් එකවුන්ට් වලට ඇක්ටටිවේට් කරන නිසා ඔබේ එකවුන්ට් එකට තවමත් ලැබී ඇත්නම් කලබල වෙන්න අවශ්‍ය නෑ. ලඟදිම ලැබේවි.

මොකක්ද මේ Google Buzz කියන්නේ කියලා දැනගන්න නම් සුපුන් බුධාජීව ලියු මේ ලිපිය කියවන එක හොඳයි. මගේ ලිපියේ අරමුණ Buzz අපට කරදරයක් වෙයිද කියන එක ගැන පෙර විපරමක් කරන එක විතරයි. continue reading…

Facebook chat කරන්න facebook සයිට් එකටම යන්න ඕනෙ නෑ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. Pidgin, Digsby, Trillian වගේ chat client වලින් පුලුවන් facebook chat එකට සම්බන්ධ වෙන්න. නමුත් මේ කියන්න යන්නේ Firefox බ්‍රවුසරය භාවිත කරලා facebook සයිට් එකට නොගිහින් facebook chat කරන විදිය ගැන. මේ ක්‍රමයට ඔබට වෙන සයිට් එකක් බ්‍රවුස් කරන ගමන් වුනත් chat කරන්න පුලුවනි.

මේක ඇත්තටම Firefox වල option එකක් අපේ ක්‍රමයට පාවිච්චි කිරීමක් විතරයි. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. continue reading…

ඔන්න ඉතින් පසුගිය සතියෙ මටත් සිරීපාදෙ කරුණා කරන්න අවස්ථාව උදා වුනා නෙව. මට මේක වැදගත් වුනේ ඒ මම සිරීපාදෙ ගිය පලමු වතාව නිසා, ඒ කිව්වෙ කෝඩුකාරයෙක් නිසා. විභාගෙටත් කලින් ඉඳන්ම අපි ප්ලෑන් කර කර හිටියේ කොහේ හරි ට්‍රිප් එකක් යන්න. කැම්පස් යාලුවොන්ගෙන් වෙන්වෙලා යන්න තව තියෙන්නෙ මාස 6ක් වගේ කාලයක් වීමත්, 3 වසරේ බැච් ට්‍රිප් එක තවමත් ගියේ නැති වීමත් ඊට හේතුවක්. කොහොමහරි විබාගේ අතරම අපේ කට්ටිය ට්‍රිප් එකක් සෙට් කරලා තිබ්බා. ඒ තමයි රත්නපුරේ ඉන්න අපේ මිතුරියක් වන නිෂාරාගෙ ගෙදර ගිහින් ශ්‍රීපාද වන්දනාවේ යන්න. ඔන්න ඉතිං විබාගෙ අතරම අපි ටික facebook එකේ මැසේජ් වලින් ට්‍රිප් එක ප්ලෑන් කලා. (ලොකුම කරදරේ උනේ ඒ මැසේජ් ත්‍රෙඩ් අතර දේශපාලනික විවාදත් යාම තමයි :D ) 5 වෙනිදා රත්නපුර යන්න තමයි තීරණය වුනේ.

සිංහල විකිපිඩියාවේ තියෙන ආකාරයට සමනල කන්ද මුදුනට යන්න පාරවල් 6ක් තියෙනවා. කොහොම උනත් මේ පාරවල් සියල්ල එකතු වෙලා කඳු මුදුනට ඇතුල් වෙන්නේ පාරවල් දෙකක් පමණයි. මේ පාරවල් 6න් ප්‍රසිද්ධම පාරවල් 3 තමයි නල්ලතන්නියෙන් ඇරඹෙන හැටන් මාර්ගය, එරත්නෙන් ඇරඹෙන කුරුවිට මාර්ගය හා පලාබද්දලින් ඇරඹෙන රත්නපුර මාර්ගය. මින් දිගම මාර්ගය කුරුවිට මාර්ගය වන අතර කෙටිම වෙන්නේ හැටන් මාර්ගය. අපේ සැලසුම වුනේ කුරුවිට මාර්ගයෙන් කන්ද නැගලා රත්නපුර මාර්ගයෙන් බහින්න. continue reading…

මගේ ආසාවක් තියෙනවා ඩ්‍රම්ස් ගහන්න. නමුත් වැඩේ කියන්නෙ මට නිකමටවත් ගහල බලන්න ඩ්‍රම් සෙට් එකක් ලැබිල නෑ නෙ. අනිත් වාද්‍ය භාණ්ඩ ගහන එකෙයි ඩ්‍රම්ස් ගහන එකෙයි පොඩි වෙනසක් තියෙනවා. ඩ්‍රම්ස් ගැහීමේදී මාත්‍රාව හෙවත් beat එක ගැන දැනීම පමණක් තිබුනට මදි, මාත්‍රාව බිඳින්නෙ නැතුව ගහන්නත් ඕනෙ. අත-පය 4ම භාවිතා කරලා වාදනය කරන භාණ්ඩයක් නිසා ටිකක් වෙලා ගියාම වෙහෙසට පත්වෙලා අර මාත්‍රාව බිඳෙන්න පුලුවන්. ඩ්‍රම් එක out ගියොත් සිංදුවම කොට උඩ තමා. මේ නිසා ඩ්‍රම් වාදකයෙකුට හොඳ පුහුණුවක් අවශ්‍යයි. සාමාන්‍ය වෘත්තීය ඩ්‍රම් වාදකයෙක් දිනකට පැය5ක් වත් වාදනයේ යෙදෙන්නේ ඒ රිද්මය පවත්වාගන්න ඕනෙ නිසා වෙන්නැති.

කියන්න ආපු දේ නෙමෙයිනේ මේ කියන්නෙ. මම මේ  කියන්න යන්නෙ ඩ්‍රම්ස් ගහන්න කැමති, ඒත් ගහල බලන්න ඩ්‍රම් සෙට් එකක් නැති අයට පරිගණකය මගින් ඩ්‍රම්ස් වාදනය කරන්න පුලුවන් විදියක් ගැන. මේක software එකක්. මේ ජාතියේ software වලට කියනවා Drum Machine software කියලා. වෘත්තීය මට්ටමෙන් පාවිච්චි කරන මේ වගේ software ගොඩක් තියෙනවා. continue reading…

ඇස් පියාන  දෑත් පටලවාන අපි
එදා ආදරයෙන් හිටි හැටි මතක් කරමු,
එදා එතරම් ආදරයෙන් හිටි අපිට අද,
එකිනෙකාට “ආදරෙයි” කියාගන්න වත් බැරි වීම
කොයිතරම් දුකක්ද? continue reading…