හයිවේ බස්එකේ යාම – 2 කොටස: චාටර් කෑම

On 2012 ජනවාරි 9, in මට වෙච්ච දේවල්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

මේ හා සම්බන්ධ කලින් ලිපිය මෙතැනින් බලන්න.

උදෑසන හතහමාර වන විට මම බස්නැවතුම්පොලට ගියෙමි. ගාලු බස්නැවතුම්පොලේ අධිවේගී මාර්ග බස් රථ සදහා වෙන් කර ඇති ස්ථානයේ මගී ආවරණ හෝ පෝලිම් තවමත් සකසා නැත. එහෙයින් අධිවේගී බසයේ යාමට සිටි අය ඔහේ තැන් තැන් වල සිටියහ. මම එහි සිටි මැදිවියේ කීපදෙනෙකු වෙත ලංවූයෙමි.

“ඔය කට්ටිය ටිකට් බුක් කලාද කලින්?“

“ආ.. නැහැ නැහැ..“

මම වැඩිපුර රු 30ක්ද ගෙවා ඊයේ ටිකට් බුක් කල බවත්, නමුත් එහි සීට් අංතයක් සදහන්ව නැති බවත්, මටද ඔවුන් මෙන්ම සීට් වලට පොරකන්නට සිදුවනු ඇති බවත් මම කීවෙමි. නමුත් ඔවුන්ගේ අදහස වූයේ මා රු 30ක්ද වැඩිපුර ගෙවා යම් රිසිට්පතක් ලබා ඇති හෙයින් මට අනිවාර්යයෙන්ම සීට් එකක් ලැබෙනු ඇති බවයි. තෙසේ වෙතත් අධිවේගී බසයේ යාමට කලින් සීට් බුක් කර තිබිය යුතුද, නැද්ද, එවේලේ බසයට නැගිය හැකිද යන්න ගැන පැහැදිලි පිලිතුරක් දියහැකි කිසිවෙක් එහි නොවීය.

එහි සිටි අයෙක් මට මහරගම බස් නැවතුම්පොලෙන් වෙන් කරන ලද ටිකට්පතක් පෙන්වීය. එහි යස අපූරුවට සීට් අංකය සදහන් කර තිබුනි! රිසිට්පත ද ගාල්ලෙන් ලැබුනු එකට වඩා විස්තරාත්මක බවක් පෙන්වීය.

මේ අතර එහි පැමිණි මගියෙක් අධිවේගී මාර්ගයේ යම් අර්බුදයක් ඇති හෙයින් 8 බස් රථය නොයන බවක් ලංගම කාර්යාලයෙන් පවසන ලදැයි කියා සිටියේය. ඔහු උදේ එහිගොස් ටිකට් බුක් කිරීමට යාමේදී මෙසේ පවසා ඇත. මෙය ඇසීමෙන් පිරිස නොසන්සුන් වුවද, යම් ගැටලුවක් ඇත්නම් ලංගම නිලධාරියෙකු පැමිණ එය මගී ජනතාවට පැවසිය යුතු බැවින් එතෙක් බලාසිටීමට පිරිස එකගවන ලදී.

ස්වල්ප වේලාවකින් මහරගම ඩිපෝවට අයත් සාමාන්‍ය වයිකං බස් රථයක් ප්‍රාදුර්භූත වූ අතර එය අධිවේගී බස් නවත්වන ස්ථානයේ ගාල් කරන ලදී. පිරිස එය වටා රොක් වූ අතර එහි රියැදුරු, කොන්දොස්තර සමග වාදයක් ආරම්භ විය. මීලග ටර්න් එක යන්නේ මේ බස් එක බව ඔවුන් පැවසීමෙන් පසු මේවායේ යන්න රු 400ක් ගෙවන්නේ කුමකටදැයි මගියෙක් ප්‍රශ්න කරන ලදී. ඔවුන් දෙදෙනා පවසා සිටියේ අපි මේ ගැන කිසිවක් නොදන්නා බවත්, එන්න කියූ නිසා ආ බවත්, කරුණාකර ලංගමේ කාගෙන්හරි අසන ලෙසත් ය.

බස් එකට පොරකන සෙනග

මීලගට ටික වේලාවක් ඔවුන් දෙදෙනා ලංගම නිලධාරියෙකු හා සාකච්ඡා කරනු දක්නා ලදී. ටික වේලාවකින් එම නිලධාරියා පැමිණ බස් රථයේ ඉදිරිපස දොරට නැග මේ බස් එක යන බව ප්‍රකාශ කිරීමත් සමග, පිරිස තදබද වන්නට විය.

“පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න… කෝ මුලින්ම එන්න බුක් කරපු අය….“

මම මගේ රිසිට්පත පෙන්වා දෙවැනි ස්ථානයට බස් එකට නැගගැනීමට අවස්ථාව ලබාගතිමි. “බුක් කල අයට ප්‍රමුඛතාව දෙන බව“ ඔහු පහල සිටිවුන්ට කියනු ඇසුනි. බුක් කල අය බස් රථයට නංවාගත් පසු ඉතිරි සීට් ප්‍රමාණය සදහා අනෙකුත් අයද නංවා ගන්නා ලදී. ඉන්පසු ටිකට් ගැනීම ඇරඹුනු විට රු 400ක් නං දෙන්නේ නැහැයි මගීන් කීපදෙනෙකුම තර්ජනය කල අතර, සියලු දෙනා එය අනුමත කරමින් කසුකුසුගානු ඇසුනි. අවසානයේ රු 300 බැගින් ටිකට් කඩනු ලැබීය. අධිවේගයට බස් රථය ඇතුලු කරද්දී 8.25 පමණ වූ අතර, එය කොට්ටාවට පැමිණෙද්දී 10ට ආසන්න විය.

අධිවේගයේ ගිය වයිකිං බස්රියේ ඇතුල

 

රු 300 ටිකට්පත

හොද පක්ෂය:

  • මගීන් අතරමං නොකොට වයිකිං බසයක් හෝ එවා ඔවුන් මහරගමට ප්‍රවාහනය කිරීම ලොකු දෙයකි
  • මගීන්ට අහිමි වූ පහසුකම් ගැන සලකා අඩුවෙන් අය කිරීමට එකග වීමද ලොකු දෙයකි

නරක පක්ෂය:

  • අධිවේගයේ ධාවනය සදහා සුඛෝපභෝගී බස් රථ 4ක් (එතැන සිටියෙක් එය 4ක් නොව 5ක් බැව් කීවේය) ඇති බව ප්‍රසිද්ධය. එක් බසයක් කැඩී ඇත්නම් ඒ වෙනුවෙන් ඒ වර්ගයේ වෙනත් බසයක් එවීමට තිබුණි. එසේ replacement ක්‍රමවේදයක් නැත්නම් එය ක්‍රමයේ දෝෂයකි. මේ අනුව බස්රථයක් අධිවේගී මාර්ගයේ ගමන් ගනිද්දී දෝෂයකට ලක්වුවහොත් මගීන්ට තවත් කරදර වන්නට සිදුවනු ඇතැයි සිතේ.
  • මිනිසුන් පැමිණ සිටියේ සුඛෝපභෝගී සේවාවක් ලබාගන්නට මිස (වැඩි මිලක් ගෙවා) සුපුරුදු විධියට ගාලු පාරේ මෙන් සාමාන්‍ය බසයක යාමට නොවේ.
  • අධිවේගී මාර්ගයේ පෙර කියූ වර්ගයේ අධි සුඛෝපභෝගී බස් රථ යෙදවූයේ ඒවායේ ආසන පටි ආදී ආරක්ෂක උපක්‍රම ඇති නිසාවෙනැයි පැවසුනි. නමුත් මෙවැනි වයිකිං බස් රථයක එබදු විධිවිධාන නැත. බස් රථය හැප්පුනහොත් ඉදිරි ආසනයේ ගැටී සියලු දෙනාට තුවාල සිදුවනු ඇත. මේසේ අධිවේගයේ වයිකිං යැවිය හැකිනම් කලින්ම වයිකිං ගෙන්නවන්නට තිබුනි, ලක්ෂරි වලට වියදං කලේ අපරාදේය!

 

මෙම වයිකිං බස් සිදුවීම අහඹු සිදුවීමක් බැව් කිව යුතුය! සැමදා හයිවේ එකේ වයිකිං බස් නොයනු ඇත. මෙම සිදුවීමේදී එය මැනේජ් කල ආකාරය දෝෂ සහගතය. කෙසේ වෙතත් කලින් සීට් බුක් කරන අයට ප්‍රමුඛතාවය දෙන බව ඇත්තකි. මුලින් බස් රථයට නංවා ගන්නේ ඔවුන්ය. නමුත් සීට් අංක යොදා නැති බැවින් හොද සීට් එකක් අල්ලාගැනීමට ඔවුන්ට පොරකන්න සිදුවේ!!

පුද්ගලිකව මට වැඩේ ලාබය. වෙනදාට සදුදා උදේ 3.30ට ටවුටම ඒමට ත්‍රීවීලරේට රු 150කි. ගාල්ල කොළඹ ඒසී බස් එකට රු 230කි. උදේට කන්න රු 100ක් විතර, හා දවල්ට කන්න රු 150ක් විතර යයි. අද උදේ ටවුමට යාමට බස් එකේ රු 7කි. ගාල්ලේ සිට කොට්ටාවට රු 330කි. කොට්ටාවෙන් බොරැල්ලට රු 27කි. උදේ කෑම හා දවල් කෑම නොමිලේ (ගෙදරින්) ය!! එකෙන්ම ලාබය!!

 

30 Responses to හයිවේ බස්එකේ යාම – 2 කොටස: චාටර් කෑම

  1. Bunny පවසන්නේ:

    හෙන ආතල්.. :D
    හූ හූ අනේ ඉන්දරෙගේ සුඛොපබෝගි E1 බස් සිහිනය බොද උනා :D

    අවුලක් නැ. ලොකු ලාබයක් වෙලානේ උඹට :D

  2. ඩිලාන් පවසන්නේ:

    උබට පාඩුවක් වෙලා නෑ නේ කොහොමත්,,ඒත් බලාගෙන උබේ නම එහෙ මෙහෙ යනවා මේවා එලිකරද්දී පරිස්සමින්

    • Kannangara පවසන්නේ:

      ඒකනම් ඇත්ත. මම ආවෙත් ගොසිප්9 එකේ නම දැකල. මදැයි කොලා, ටිකට් බුක් කරලා දෙයියන්නේ කියලා හයිවේ එකේ එන්න හිටියා. පට්ට චාටර්, ලොලේ ලොල්.

    • මිඛාඑල් පවසන්නේ:

      රටේ ප්‍රශ්න ගැන සංවාදයක් නොමැතිකම නිසා තමයි මෙලෙසින් මහජනයාව ගොනුන්ට ඇන්දවීම ජයටම සිදුවන්නේ….නිහඬවම ඉඳලා බලන්න, දවසක අපව නිර්වස්ත්‍ර කරලා ගියත් අපි නිහඬවම ඉඳීවි…..

  3. kathandarakaraya පවසන්නේ:

    අහෝ ඉන්දරේ නොදුටි මොක්පුර!

    ප/ලි
    ගෙදරම හිටියනං සෑහෙන්න ඉතුරුයි නේද?

  4. Dar[K] පවසන්නේ:

    ඉන්දරේ අයියා හයිවේ එකේ ගියා වගේ xD

    කතන්දර කිව්වා වගේ ගෙදර හිටිය නම් මිට වඩා ලාබයි

  5. Praසන්ன පවසන්නේ:

    ඉන්දරේ හින්ද අනික් මිනිස්සුන්ටත් සුඛෝපභෝගී ගමන අහිමි වෙලා වගෙයි.
    මං හිතන්නෙ ලංගමේ අය මේ බ්ලොග් එක ඊයෙ කියවන්න ඇති. :D

  6. GNS පවසන්නේ:

    //මෙම වයිකිං බස් සිදුවීම අහඹු සිදුවීමක් බැව් කිව යුතුය!

    මොනව උනත් කලින් දැනං හිටිය නේද? :D
    නැත්තං කොහොමද ගානට සීට් බුක් කරන එක පළවෙනි කොටසට ලියලා, මේ සීන් එක දෙවෙනි කොටසට ලියන්න තියාගත්තෙ.. XD

    • ඔහොම වත් බස් එකක් හම්බුනා ලොකු දෙයක්…

      හැබැයි ctb වල ඉන්න සමහර අය ඒ අතින්නම් හොදා.. මාත් දවස් කිපයක් අවසාන බස් එකේ යද්දි කුරුණෑගලදි කැඩිල වෙන බස් එකක් දැම්ම. සමහරුන්ට සල්ලි දුන්න. ඒත් Highway එකට දාන්න ඕනෙ ඒ ජාතියෙ බස් එකක් :)

  7. ගයාන් තාරක පවසන්නේ:

    උඹ තමයි මිනිහා.. නැත්තං කොහොමද හැබෑටම වයිකිං එකකට 300ක් දීල හයිවේ එකේ යන එකම බ්ලොග් පෝස්ට් එකක් ලිවුවේ.
    :)
    උඹට පාඩුවක් නැත්තං කමක් නැහැ.

    කොහොම හරි ප්‍රස්ථා පිරුල නං හොද
    “ඉන්ද්‍රනාම හයිවේ ගියා වගේ“

  8. මේ බස් එක අමට ඊයේ මුණ ගැසුනා. ඒත් මම පුදුම වුනා මෙහෙම බස් එකක් ඇයි මේ කියලා? ඔබ අවසානයට ඇසූ සියළුම ප්‍රශ්න ඇත්ත. ජනතාවගේ මුදවලට යන කල. මේ බස් එකයි මමයි දෙකම එක සැරේ හයි වේ එකට ඇතුල් වුනේ මුලින් මම මෙයාට යන්න දීල පස්සෙන් ගියා. මට වැඩේ තේරුන නිසා අමාරුවෙන් ඉදිරියට මගේ වාහනය ගත්තා. මට බොහෝ දුර යනතෙක් මේක පෙනුනා. අවසානයේ නොපෙනීම ගියා. මම හිතුවේ ට්‍රිප් එකක් යන බස් එකක් කියලා. පව් අසරන මගියෝ. ඒ මිනිස්සුන්ගේ සල්ලි.

  9. නිපුන පවසන්නේ:

    මේ වැඩේ ලාබයි වගේ AC එක නැතුවට….අරකට වඩා 10දෙනෙකුට විතර යන්නත් පුළුවන්…හැපුනොත් අරකෙ Fiber body එකට වඩා මේක ෂුවර්…

  10. පූසා පවසන්නේ:

    තව ටිකක් කල් යනකම් පාන්දරින් නැඟිටලා අර පරණ පුරුදු පාරෙම ගියානම් හොඳයි වගේ නේ? :D

  11. panda පවසන්නේ:

    අඩේ ඉන්දරේ මේ දැන් මේක ගිය ස්පීඩ් එක කීයද..එහෙනම් අපේ ජීප් එකත් දාන්න පුලුවන් නේ,,මම මෙච්චර කල් හිතා හිටියේ හයිවෙ දාන්න පුලුවන් සියලු මගීන්ට සිට් බෙල්ට් පැලදිය හැකි වාහන පමණයි කියල..

  12. බිම්සර පවසන්නේ:

    ප්‍රස්ථාව පිරුළ නම් මරු. අනික වයිකිං එක කොච්චර වේගෙන් ගියාද? මං දන්න විදියට ඕකට වේගෙං යන්න පුළුවං

    @panda
    උඹේ ජිප් එක 32- පැජරෝ එකක්ද? ඒකක්නම් බය නැතුව ගිහින් දාපං යන්න දෙනවා. අපිත් ගැහුවනේ හොඳ රවුමක් හයිවේ එකේ. ඉස්සරහා සීට් බෙල්ට් තිබ්බහම ඇති.

  13. මාරයා... පවසන්නේ:

    අඩේ උඹ මේක ලියලා තියෙන විදියනං උපරිම පැහැදිලියි..ඒ වගේම දෙපැත්තම පෙරලලා බලලා අදහස් දැක්වීමත් අගය කල යුතුයි.
    මොන මගුලෙන් හරි කමක් නැහැ ඕකෙන් උඹේ සල්ලියි කාලෙයි ඉතිරි වෙනවනං..නැත්තං හයිවේ කන්නයෑ…
    අනික ඉතිං ආරස්සාව…මට තියෙන අවුල ඒක නෙවෙයි…

    උදේට 100කයි..දවල්ට 150කයි කෑවද බං… යකෝ ටිකක් කෑම අඩු කරහං..බලහං උඹේ ඔය සද්ධන්ත සරීර කූඩුව දිහා… ටිකක් කෑම පාලනය කරලා කෙට්ටු වෙන්න බලහං…

    හරි හරි අපි ගියා…:D:D:D

  14. silva පවසන්නේ:

    thota hoda wede wune. yakoo gamanak yanakota kata issara kara ganna hoda ne kiyanne okata tamai. uba oka blog eke okkotma kiwana ohoma wenawa.

  15. jnuwan පවසන්නේ:

    කොහෙන් හරි කට්ටිය \ඇන ගන්නවා

  16. WickZ පවසන්නේ:

    ඉන්ඩජාල හයිවේ ගියා වගේ :D

  17. 5S පවසන්නේ:

    //මිනිසුන් පැමිණ සිටියේ සුඛෝපභෝගී සේවාවක් ලබාගන්නට මිස (වැඩි මිලක් ගෙවා) සුපුරුදු විධියට ගාලු පාරේ මෙන් සාමාන්‍ය බසයක යාමට නොවේ.//
    අනිවා මචෝ

  18. නවම් පවසන්නේ:

    හෙහ්.. එහෙනං යන විදියෙ හැටියට තව ටිකක් කල් යයි වගේ සිස්ටම් එක හරියන්න

  19. හසිත මදුශංක පවසන්නේ:

    මේක ආරංචි වුන ගමන් මං අපේ ආඩම්බරකාර තාත්තට කතා කරලා ඇහැව්වා මොකෝ මේ කියලා. පොරනම් කිව්වේ කව්ද මංදා බ්ලොග් කාරයෙක් මේකේ එන්න සීට් බුක් කරලා තියෙනවය, ඌට ඔය සුඛෝපභෝගී බස් වල ගිහිල්ලා පුරුදු නැති නිසා නෝමල් වයිකිං එකක් දාන්න උපදෙස් දුන්නය කියලා.

  20. නෙරංජි පවසන්නේ:

    ඇකෝඩිං ටු මී

    හොඳ පක්ෂය
    ඉන්දරේ අයියාට මඩ ගැසීමට කාරණාවක් ලැබීම.

    නරක පක්ෂය
    මූ බස් මුවාවෙන් කාන්තාවක් ඡායා රූපයට අසු තරගනීම…
    (අනූ අක්කේ….මෙන්නෝ)

  21. Manussakama පවසන්නේ:

    ඉඳපන් කෝ අනිත් දවසෙ හැංඟිලා ඉඳලා උඹට ගල් පාරක් දෙන්න ….උඹ ජනෙල් අයිනෙ එහෙම යන්න එපා….

  22. Susantha පවසන්නේ:

    උබම වෙච්ච එක ඒ විදිහටම කියපු එක හොදා. මගුලටද gossip9 එකට යැව්වේ. උන් ඉස්සෙල්ලම චාටර් බස් එකක පොටෝ එකක් දාල කියවන එඋන්ට අමුතු චිත්ත රුපයක් මවල දීල

  23. පවසන්නේ:

    ඉන්දරේ එහෙනම් හයිවේ එකේත් ගියා ඈ :-D

  24. ගිනි කුරුල්ලා පවසන්නේ:

    හික්ස්..ඉන්දරේ අයියා හයිවේ එකේ ගියා වගේ!!!

  25. සෑම් පවසන්නේ:

    අම්මද බොල සෑමා මේ පැත්තේ ආවමයි. රංග අයියගේ පෝස්ටුවකින් ආවේ.. අලුත් පෝස්ට් ඉස්සරහට කියවමි. හැකිතාක් පරණ පෝස්ටුද කියවමි.. ජය !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>