හයිවේ බස්එකේ යාම – 1 කොටස: සීට් බුක් කිරීම
සති අන්තය ගාල්ලේ නිවසේ ගතකොට සදුදා උදේ රාජකාරි සදහා කොළඹ බලා පිටත්වන මගේ කලින් ප්‍රවාහන ක්‍රමය වූයේ 5.35ට ගාල්ලෙන් පිටත් වන සාගරිකා දුම්රියයි. මේ දිනවල මුහුදුබඩ දුම්රියමාර්ගයේ පිළිසකර කටයුතු කෙරෙන හෙයින් දුම්රිය නැත. වායුසමනය කල බස් රථයක යාමට නම් මා උදේ 4ට කලින් පෝලිමට එක් විය යුතුය. නැතහොත් මීටර සිය ගණන් දිග පෝලිම් වල ලැගිය යුතුවේ. මේ නිසා මට (පමණක් නොව අම්මාට හා තාත්තාට) සදුදා උදේ 3ට නැගිටින්නට සිදුවේ.
දැන් අපට හයිවේ එකක් ඇත, හයිවේ එකේ යන පොදු ප්‍රවාහන සේවා ඇත. ගාණ නං පොඩ්ඩක් සැර තමයි ය. ඒත් ට්‍රයි කර බැලීම වටී (මා මෙතෙක් හයිවේ එකේ ගිහින් නැත) කියා සිතුනු නිසා මේ සදුදා උදේ හයිවේ බස් එකේ යාමට අදිටන් කරගත්තෙමි. දන්නා තරමින් දුරස්ථව හයිවේ බස් එකේ සීට් බුක් කිරීමට ක්‍රමවේදයක් නැත. ඩයලොග් හි 444 මගින්ද මෙම බස් එක බුක් කල නොහැක. සෙනසුරාදා බ්ලොග්කරුවන්ගේ හමුව අහවරවී එන ගමන් ගාල්ල බස්නැවතුම්පොලේ කාර්යාලයට ගොඩවැදුනු මම හයිවේ බස් බුක් කිරීම ගැන විමසා සිටියෙමි.
“ඔවු බුක් කරන්න පුලුවන්, සදුදා බස් බුක් කරන්න පුලුවන් හෙට. අපි කලින් දවසේ විතරයි බුක් කරන්නෙ. හෙට 12න් පස්සෙ එන්න..“
ඔන්න ඒ හෙට, හෙවත් අද (ඉරිදා) ආවේය. මම හරියට 12ට ගියෙමි.
“උදේ 6 බස් එක බුක් කරන්න පුලුවන්ද?“
“6 බස් එකේ බුකිං ඉවරයි. 8 එක නං තියෙනව“
“ඈ??? ඊයෙ මෙතන හිටපු එක්කෙනා කිව්වෙ 12න් පස්සෙ එන්න කියලනෙ“
“ආ.. එයා මේ මීගමුවේ කෙනෙක්, එයා හරියට දන්නෙ නැතුව වෙන්න ඇති… මහත්තයට 8 බස් එකේ සීට් එකක් නං දැන් දෙන්න පුලුවන්..“
එම ස්ථානයේ වීදුරු කුටියක් වගේ එකක් තුල ප්‍රධානියෙකු යැයි සැලකිය හැකි අයෙක් සිටියේය. මම ඔහු හමුවී ඊයේ මට දැනගන්න ලැබුනේ 12න් පසුව බුක් කරන බවත්, නමුත් අද උදේ පාන්දරම බුකිං පටං අරං ඇති නිසා මට සීට් එකක් ගැනීමට නොහැකි වූ වගත් කියා සිටියෙමි. 12න් පස්සේ එන්නැයි කීවේ ඔහු නොවන නිසා ඒ පිලිබදව ඔහුට කිසිවක් කල නොහැකි යැයි ඔහු පැවසීය! කෙසේ වෙතත් ඔහු මට අවවාදයක් දීමට අමතක කලේ නැත.
“එක එක්කෙනා කියන ඒවා අහන්න එපා.. ඔයා මීට පස්සේ සීට් බුක් කරන්න ඕනෙ නං උදෙන්ම එන්න..“
හැබැයි එන්න ඕනේ වෙලාවක් එයා කිව්වේද නැත.
කාර්යාලයෙන් එලියට පැමිණ මදක් කල්පනා කල මට ඔන්න ඔහේ 8 බස් එකේ වුවද ගියාට කමක් නැතැ‘යි සිතුනි. 10 – 10.30 වෙනකොට ඔපීසියට යාගන්න හැකිවෙනු ඇත. පස්සා පැත්තට ඉර එලිය වැටෙන තෙක්ම නිදාගෙන, උදේට ගෙදරින්ම බත් කා, දවල්ට කන්න බත්මුලක්ද බැදගෙන යන්න පුලුවන් වනු ඇත. ඒ නිසා මම ටිකට් බුක් කරන තැනට නැවත ගියෙමි.
8 බස් එකේ සීට් එකක් ලබාගැනීමට මම කටයුතු කලෙමි. එහෙත් එම ලේඛණයේ සීට් අංක වැනි කිසිවක් නොවීය.
“මේකේ ජම්පින් සීට් හෙම නෑ නේද?“ මම සිනාමුසුව ඇසීමි.
“අපොයි නෑ… මහත්තය උදේ 7.45 වෙනකොට එන්න.. කැමති සීට් එකක් තෝරගෙන වාඩි වෙන්න පුලුවන්…“
“ඒ කිව්වෙ? උදේ මම එනකොට වෙන අය නැගලා බස් එක පිරිලා තිබුනොත් මට ආයෙ හැරිලා යන්න වෙන සීන් එකක්ද?
“අපොයි නෑ මහත්තයො, අපි පෝලිමෙන් සෙනග ගන්නෙ නැහැ. මෙතනින් බුක් කරන අය විතරයි“
“කොහොමහරි බුක් කරන අයට priority ලැබෙයි නේද?“
“අපොයි ඔවු.. මහත්තය 7.45 වෙනකොට ඇවිත් ඉන්නකො, 7.45ට තමා බස් එක ගහන්නෙ“
බුක් කිරීමේ ගාස්තුව රු 30කි. ඔවුන් ඒ වෙලාවේ ගනු ලබන්නේ එම රු 30 පමණි. ඒ රිසිට්පත බස් කොන්දොස්තර මහතාට පෙන්වා ටිකට්ටුව ගත යුතුය.

මෙහිදී එක් දෙයක් වැදගත් වේ. ඔවුන් පවසන පරිදි බස් එකේ නගින්න පුලුවන් වෙන්නේ බුක් කල අයට පමණි. (ඉතිරි ඉඩ වලට පමණක් පිටින් සෙනග ගන්නවා විය යුතුයැයි සිතමි) එනම් බුක් කිරීමේ ගාස්තුව වැඩි දෙනෙකුට දරන්නට සිදුවේ. එනම් ගාල්ල – මහරගම ගාස්තුව රු 400ක් නොව 430ක් විය යුතුය.
ඔවුන්ගේ කතාවෙන් තේරුණු විදියට නං බුක් කලත්, කලින් ගොස් සීට් වලට පොරකන්නට සිදුවන හැටියකි. කෙසේ වෙතත් කාරිය කෙරෙන්නේ කෙසේ දැයි හෙට උදේට ගොහින් බලමි. දෙවෙනි කොටස හෙට බලාපොරොත්තු වන්න.

සැලකිය යුතුයි

ඉතිං බං බුකිං ක්‍රමේ කිසි අවුලකුත් නැ.. ඔය බස් එකෙ ගියේ නැතත් රු 30 නේ යන්නෙ ?
හැබයි උඹට හයිවේ එකෙ යනවාට වඩා ඉක්මනට මාතර කොළඹ බස් එකක් අල්ල ගත්තා නම් ඔයිට ඉක්මං :D
කොමත් ඕකත් විදලා බලන්න එපැයැ.. මාත් මහර ගමට ගිහින් නුවර යන්න ඉන්නෙ ඔකක :D
පරිප්පුවක් සෙට් වෙන්න වගේ යන්නෙ… :P
ඉතිං බං බුකිං ක්‍රමේ කිසි අවුලකුත් නැ.. ඔය බස් එකෙ ගියේ නැතත් රු 30 නේ යන්නෙ ?
හැබයි උඹට හයිවේ එකෙ යනවාට වඩා ඉක්මනට මාතර කොළඹ බස් එකක් අල්ල ගත්තා නම් ඔයිට ඉක්මං :D
කොමත් ඕකත් විදලා බලන්න එපැයැ.. මාත් මහර ගමට ගිහින් නුවර යන්න ඉන්නෙ ඔකක :D
රිසිට් පතක් දුන්නා නම් මොන මගුලටද පොරකන්නෙ.. මං නම් දැක්කෙ නැ එතැන පොර කනවා.. පිලිවෙලට ගිහින් වාඩි උනා.. !
ඇයි යකො, රිසිට් එකක් දුන්නට සීට් නොම්මරයක් නෑ නෙ. ඉතිං කැමති එවුන්ට වාඩි වෙන්න පුලුවන් නෙ. බුක් නොකරපු එවුන් කලින් නැගලා වාඩිවෙලා ටිකට් අරං තිබුනොත් මක් කරන්නද!!
සදුදා උදේට?? මාතර-කොළඹ බස් එකක?? යකෝ හිටං ගිහිල්ලම පණ යාවි. අනික උදේ 6 පහු වෙච්චි ගමන් ගාලුපාරේ ඕසෙට ට්‍රැෆික් ස්කුල් වෑන් අරක මේක නිසා.
හරි හරි.. මේකෙ යනවනං යන්නෙ කෝච්චි පාර හදනකං විතරයි. ඊට පස්සෙ මේ බස් කාරයන්ගෙ ගණං බලන්නෙ නෑ :D :D
කමෝන් ඉන්දරේ!!!!
මමත් කොච්චියට සපොර්ට්… කොච්චිවලට
කෝච්චි ෆෝ ලයිෆ්!. පෝඩ්ඩක් පරක්කු උනත් නිදහසේ යන්න පුළුවන් එක එක රටේ බල්ලන් ගේ කටවල් වල සද්ද බලන්නේ නැතිව :D
It is more user fiendly if buses leaves at every 30 mins in the morning. anyway we are waiting for 2nd part.. :)
තව පාරක් කියපංෙකා මූ ගිය හැටි බලන්න..මේ වගේ පෝස්ට් තහනම් කරන්න ඕනි..මේ විදියට කඩුවක් ගිලින හැටි වගේ පෝස්ට් එකක් ලියල ..ඒක ගන්න විදිය පෝස්ට් කලේ නැතොත් ඉඳල හමාරයි..මල කෙලි හතයි..
යන්ට ආසාවක් ඇත :/ ගිහින්ම විස්තරේ කියන්නකෝ
ලබන සතියේ ගෙදර යනකොට මමත් මේකේ යන්න හිතං ඉන්නේ… හැබැයි මේ විදියට බැලුවම අනිවාර්යෙන් බුක් කරලා තමයි නේ යන්න වෙන්නේ..
ඒත් කමක් නෑ අපිට ඔන්ලයින් බුක් කරන්න හරි ෆෝන් එකෙන් බුක් කරන්න හරි තියෙනව නම්….
බලමු..
සීට් නම්බර් කරලා තිබුන නං හොඳයි. එතකොට කොයි හරියෙද ඉන්න වෙන්නෙ කියලත් දැනගත්තැකිනේ…..:D
ඔපිස් එකෙන් මේ පෝස්ට එක කියවලා, දැන්ම රතු ඉර ගහල තියයි.. :D
අපේ රටේ ඔහොම කේස් තියනව. පහුගිය විසි හය වැනිදා බදුල්ල ස්පෙෂල් කෝච්චියෙ සීටි බුක් කරගත්තේ දොළොස්වැනිදා මහ රෑ දොළහ හමාර වෙනකන් කොටුවෙ ඉස්ටේසමේ ඉඳලා. අපට ලැබුනෙ E කියන පෙට්ටියෙ සීට්. සීට් නොම්බර දීල තිබුන.
ඉතින් විසිහයවෙනිද ගිහින බලනකොට E නොම්බර තිබුන පෙට්ටියක් නෑ. ඒ වුනාට Ex කියල පෙට්ටියක් තිබුන. ඒ පෙට්ටියට වෙනමම Ex කියල සීට් බුක් කරල දීල තිබුන. හැබැයි C කියල ගහල තිබුන පෙට්ටියෙ වැඩිය කවුරුවත් නැගල හිටියෙත් නෑ. ඒත් ඒකෙ හිටපු අයට බුක් කරල දීල තිබුනෙත් C කියලමයි.
අන්තිමට ඇනි වෙඩිං කියල ඒකෙම නැගල ගියා, හැබැයි දීපු නොම්බර වල නෙවෙයි. කොහොමහරි කවුරුවත් අපි හිටපු සීට් වලින් අපිව එළවන්න ආවෙ නෑ.
මචෝ දවල්ටත් ටිකට් ගන්න පෝලිම් ඉන්න වෙයිද නැත්නම් කලින් බුක්කරන්න වෙයිද උදේට විතරද ඔහොම වෙන්නේ
හා හා නොදන්න බස් වල යන්නෙ නැතිව දන්න එකක ගියා නම් හොඳ …භයානක වැඩ කළොත් මම අපේ නැන්දම්මාට කියනවා….
නියමිත විදියටනං සීට්එක බුක් කලාම සීට් අංකෙ එන්න ඕන තමයි. නැත්තං සිද්ධ වෙන්නෙ බුක් කල 50-60 දෙනාට ආයෙත් තරගෙකට ලෑස්ති වෙන්න.
//12න් පස්සේ එන්නැයි කීවේ ඔහු නොවන නිසා ඒ පිලිබදව ඔහුට කිසිවක් කල නොහැකි යැයි ඔහු පැවසීය! // මෙන්න මේ දේ අයින් කරනකන් අපේ රාජ්‍ය සේවය වැඩකට ඇති තත්වෙකට එන්නෙ නෑ. ඒ කියන්නෙ එකට වැඩකරන මිණිහගෙ වගකීම ගන්න ලෑස්ති නෑ.
ගාල්ලෙ ඉදල කොළඹ(කොටුව)යන කෙනෙකුට, පිවිසුමට ගිහිල්ල එතනින් කොට්ටාවට ගිහිල්ල එතනින් කොටුවට යනවට වඩා ලේසි නැද්ද කෝච්චියෙ හරි බස් එකේ හරි යනඑක?
පිවිසුමට යන්න ඕනෙ නෑ රාජ්. බස් එක ගාල්ලෙ ස්ටෑන්ඩ් එකෙන් පටං ගන්නවා. කෝච්චි තිබ්බනං මේකෙ යන්න රු 400ක් වියදං කරන්නෙ නෑ මම!! මේ දවස්වල කෝච්චි නෑ නේ. සාමාන්‍ය බස් එකක් පැය 3ක් 3.30ක් ගන්නවා කොලඹට යන්න. වෙලාව අතින් නං මේක සෑහෙන්න ඉෆෙක්ටිව්. වෙන නං ඇති දෙයක් නෑ.
ආ.. පැය 3න් යන්නේ උදේ පාන්දර විතරයි. අනිත් ඕනෙම වෙලාවක පැය 4යි.
මම හිතන්නෙ ටිකෙට්ස් බුක් කරපු අයට සීට්ස් ශුවර්.මොන සීට් එකද් කියල තමා ශුවර් නැත්තෙ
ආ, එන්ඩර්, කොටූව, පිටෝටුව, කොටූව, පිටෝටුව, කොටූව, පිටෝටුව,
ට්‍රාෂය බීටිය කුටුඅලය රැගත් පෝස්ටයක් මීළඟට බලාපෝර්තු වෙමි!
දෙයියනේ කියලා අධි වේගේ උනත් රාජ්‍ය සේවේ රාජ්‍ය සේවේම තමයි වගේ.. වෙනසක් නෑ.
ඔය කියන අටේ බස් එක හරියටම අටට යනවලුද? කුරුදු ගහහැතප්මේ වත් නවත්තනවා නම් මටත් ඔකේ යන්න තිබුනා ගිහින් ඇවිල්ලම කියපන්කො
දැනට නං තිතට වෙලාවට පිටත්වෙනවැයි කියලයි ආරංචි.
ආසන වෙන් කරන රුපියල් 30ක ගෙවීමටත් ලදුපතක්! ඒක ලියන්නත් සෑහෙන වෙලාවක් ගන්නවා ඇති…මම හිතුවා අළුත් බස් දමා කරන මේ වැඩේවත් නවීන ක්‍රමයට කරාවි කියා. බැලුවාම අළුත් බස්වලට පරණ ටයර් දාලා දුවනවා වාගේ…..
ආයෙ මොකද, ඕක ලියන්න ගියා විනාඩි තුනක් විතර. එක පුද්ගලයෙක් තමා ඕඩර් බාරගන්නෙ. එයා කියන එක අහමින් තව කෙනෙක් තමා මේ ලදුපත ලියන්නෙ. ඉතිං ඔය දෙන්නගේ වැඩේට හෙන වෙලාවක් යනවා.
පෝලිමක් තියෙන වෙලාවට අබ සරණයි ඉතිං!
මෙහෙ බස් බුක් කරන්න සීය් නම්බර් තියනවා..A1 A2 A3 A4 B1 B2 ඔය විදියට,,,,,කැමති සීට් එකක් බුක් කරගන්න පුලුවන්..මං හිතන්නේ ඒ සිස්ටම් එක ඔතනටත් ඇප්ලයි කලානම් හරි
shahodara indranatha colommbo bord wennabarida
මම ලංකාදීප පත්තරේ සජීව විජේවීර. මේ කථාව අපි දැනගෙන හිටියේ නැහැ. පොඩි ගේමක් දෙමු. හෙටම මම වැඩේට බහින්නම්. පුළුවන්නම් මාව සම්බන්ධ කරගන්න මෙන්න අංක. 0773587099 / 0718576488 මමත් උදේ අටට එතනට එන්නම් මොකද වෙන්නේ කියලා බලන්න
මම අහල තියෙනව කතාවක් කොහේදෝ රටක ප්ලේන් එකක් ඕවර් බුක් වෙලා අන්තිමට යන්න හිටපු කට්ටියට ප්ලේන් වටේ හය්යෙන් දුවන්න කියල ලු ගෙනියන කට්ටිය සෙලෙක්ට් කරේ. මේකත් එහෙමද දන්නෑ…:D
ලංකාවට ආපු හැටිය මෙයාලගේ මේ හයිවේ එකේ ගිහින් බලනවා.
කතන්දර,
කලින් බස්වල වැඩ කරපුබව හොඳින්ම පේනවා…:D
නිකං අපරාදෙ ….කමක් නෑ ආසාවනෙ පොඩි උන්ගෙ…………..රුහුණෙ උන් ඔක්කොම එකයි..
මොකො අලුත්ම තත්වෙ…. තාම පාරෙ වගේ
බලමුකො සීන් එක..
ලංකාවෙ ගොඩක් තැන්වල වැඩ කරන පිලිවෙලවල් හරිම අක්‍රමවත්. ඒ නිසා සෑහෙන්න ශ්‍රමය හා කාලය අපතේ යනව..
අනිත් එක සංසකෘතිකමය හා සදාචාරත්මක වශයෙන් උනත් ලංකාව හරිම නොදියුනුයි..
ඒ වුනාට අපි කියන්නෙ නං, අපිට උතුම් සංස්කෘතියක් තියනව, අපි සදාචාරවත්, අවුරුදු 2500 කට වඩා පැරනි ප්‍රෞඩ ඉතිහාසය බ්ලා බ්ලා බ්ලා..
බලන්න මිනිස්සු පාරෙ වාහන පදින හැටි.. හැමෝම ඉවසිල්ලෙන් ගියානම්, හැමෝටම් ඉක්මනට යන්න පුලුවන්..
හයි වේ එකේ ටිකටස් බුක් කරන එක, එක එක වෙලාවට එක එක විදිහයි. උදේ කියනව බුක් කරන්න බෑ කියල,බස් එක යන වෙලාවට එන්න කියල. ඒ වෙලාවට යනකොට,බුක් කරන්න දීල,අපිට ආයෙ හැරිල එන්න වෙනව. සම(හරක්) ටිකට්ස් බුක් කරන්නෙ නැතුවත් නගිනව.සමහර ලංගම නිලධාරියොත් එවට උදව් කරනව.ඊයෙ හවස 6.45ට ගාල්ලෙන් එන බස් එකක එහෙම වෙලා,අන්තිමට කලින් ටිකට්ස් බුක් කරපු දෙතුන් දෙනෙක් අස්සෙ හිර වෙලා බොහොම අමාරුවෙන් ආවෙ. බුක් කරන රිසිට් එකේ සීට් නම්බර් එකක් ගහල දුන්න නම් ප්‍රශ්න ටිකක් අඩුයි.ඉක්මනට තව බස් දානව නම් මේ ප්‍රශ්න අඩු වෙයි.
සුඛෝපභෝගී බස් රථයක එන්න බලාසිටි මා ඇතුලු මගී ජනතාවට අවසානයේ ලේලන්ඩ් වයිකිං බසයක හයිවේ එකේ ඒමට සිදුවිය. ඊට හේතු කාරණා ගැන මෙහි දෙවැනි කොටසේ ලියමි. අද සවස එය බලාපොරොත්තු වන්න.
I read your post yesterday, when I saw this post on Gossip9 today, I realized you must have come in the Viking, Looking forward to Part 2..
You should be proud to have come in the Viking for the first time in the highway.. :D
http://www.gossip9.com/2012/01/blog-post_3938.html
(pardon my ignorance for typing this in English, I’m ok with you replying in Sinhala)
http://lankacnews.com/sinhala/news/42327/
අධිවේලී පාරේ සුඛෝපභෝගී බස් වෙනුවට ලංගම ‘වයිකින්’ බස්
Patta patta :D
මේක පෙන්නන්න ඕනෙ ගෙදර උන්දැට. මාත් එක්ක හෙන පොරේ හයිවේ බස් එකේ ගමේ යන්න ඕනෙ කියල. ඊලන්ග කොටහ සෑහන්න අමාරු විදියට දාපන් මලේ.
ACත් නෑලු නේද?
ඉන්දරේ වාසනාවන්තයා…. ඔය චාන්ස් එක හම්බනොවුනනම් කවදා කියල අධිවේගයේ වයිකින්ග් එකක නැගල යන්නද…? ;)