ඔක්ස්පර්ඩ් ශබ්දකෝෂයේ පිටු එකින් එක පෙරළමින් එහි වචන පාඩම් කරන්නට උත්සාහ දරණ මේ තරුණිය මා දුටුවේ පසුගිය දිනෙක උදෑසන 138 බස් රථයකදීය.

අපේ රටේ පාසැල් අධ්‍යාපනය තුල ඉංගිරිසියට එතරම් තැනක් නොලැබේ. බොහෝ දෙනා සිතන්නේ එය අමතර දෙයක් බවත්, විද්‍යාව ගණිතය වැනි විෂයන් ඉහලින් සමත් වීම ප්‍රමාණවත් බවත් ය. ලොකු පහේ පාසැල් වල හැරෙන්නට පොඩි පහේ පාසැල් වල ඉංගිරිසි උගන්නන්නට හරිහමන් ගුරු සම්පත් ද නොමැත.
නමුත් පාසැල් අධ්‍යාපනය අහවර කොට උසස් අධ්‍යාපනයට හෝ රැකියා වෙළඳපොල වෙත යොමු වූ විට ඉංගිරිසිය එහි අනිවාර්ය අංගයකි. රාජ්‍ය වේවා පෞද්ගලික වේවා විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතනවල විද්‍යා හෝ කළමණාකරන අංශ වල අධ්‍යාපනය වැඩි වශයෙන් කෙරෙන්නේ ඉංගිරිසියෙනි. පාඨ ග්‍රන්ථ සියල්ලම පාහේ ඇත්තේ ඉංගිරිසියෙනි. රැකියාවකට අයදුම් කිරීමේදී ඉංගිරිසි කතාව හා ලිවීම අනිවාර්ය අංගයක් වෙයි. මෙවන් වාතාවරණයක් තුල පාසැලින් හොඳ ඉංග්‍රීසි පදනමක් නැතිව ආ පිරිස නන්නත්තාර වේ.
පෞද්ගලික පංතියකට ගොස් ඉංගිරිසිය වර්ධනය කරගැනීමට ද මේ වනවිට බොහෝ සෙයින් ප්‍රමාදය. එවන් තත්වයක් තුල මේ තරුණිය හා මෙවන් තවත් දහසක් දෙනා මෙසේ ශබ්දකෝෂය පාඩම් කරමින් හෝ උත්සාහ දරන්නේ ඒ ඉංගිරිසි සිහිනය හැකි ඉක්මනින් සැබෑ කරගන්නට විය හැකිය.
කතාව ඇත්ත..දැන් මේ ලමය දැනුවත්ව ද ඉන්දරෙ ඒ ලමයගෙ පොටො එකක් ගත්ත කියල.. ඔය වගෙ වැඩ පරිස්සමින් හොදේ.. මොකො අපිට ඉන්දරෙ හුගක් වටිනව..
හුග දවසකින් බ්ලොග් ලීවෙත් නැ නේද..මම මුලින්ම කියවපු මතක හිටින බ්ලොග් දෙක තමයි ඔයාගයි ශාකු ගෙයි බ්ලොග්ස්..
ඊට පස්සෙ තමයි මාත් සිංහල බ්ලොග්කරණය ගැන උනන්දු වුනෙ.. ස්තූතියි ඒ වට..
යකෝ කොල්ලෝ ඕහොම ගෑණු ළමයින්ගේ පොටෝ ගන්න හොද නෑ නේද?
චී චී… මොකොද උඹ මේ බස් වල යන කෙල්ලන්ගෙ හොරෙන් ෆොටෝ ගන්නෙ? :P
kathwanam Atta ! Eath Me Bus wala Yana Ganu Lamige Photos Dana Eka nam (without Permission) Echchara hoda nahe neda malaya! …
@ Ashan
මේ පින්තූරෙ ඉන්න කෙනාගේ පෞද්ගලිකත්වයට කිසිදු හානියක් වෙන්නෙ නෑ. මේකෙ ඉන්නෙ කවුද කියලා අඳුරගන්න කාටවත් පුලුවන් කමක් නෑ නේ.
මොකක්හරි පණිවුඩයක් දෙන්න මේ වගේ ඡායාරූප පාවිච්චි කරන්නම වෙනවා. ඔය පත්තර වල තියෙන ඡායාරූප එහෙම ඒකෙ ඉන්න කාගෙන්වත් අවසර අරගෙන දාන ඒවා නෙමෙයිනේ. ඒ කෙනාගේ පෞද්ගලිකත්වයට හානියක් වෙන්නෙ නැත්නම්, ඡායාරූපයේ ප්‍රවෘත්තිමය වටිනාකම විතරක් බලන්න.
පණිවිඩය ගොඩාක් වටිනවා…
හොඳ ඡායාරූපකරණ හැකියාවකුත් තියන බව පේන්න තියනවා….
ඔහොම යං ඔහොම යං !! හික් හික් !!
හැමෝම මේ පින්තූරේ ගැනම කියවන්නේ නැතුව ඉන්ද්‍රනාම අයියා කියන දේ ගැන හිතලා බලව්ව නම් නේද හොඳ.
මොකද එයා මේ පින්තූරේ පාවිච්චි කරේ වැරදි වැඩකට නෙවේ නේ….
කතාව නම් ඇත්ත. අපේ රටේ ඔය සම්බන්ධව අනුගමනය කරන්නේ බොහොම මන්දගාමි වැඩ පිළිවෙලක්. දැන් කොච්චර කාලෙක් හිටන් ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කරනවා කියලා කට වචනෙට කියනවද, වැඩ නෑ නේ කියනවා වගේ.
ඇත්ත. ඉංග්‍රීසි නැතුව අද කාලේ ජීවත් වෙනවා බොරු.. විෂේශයෙන් කොළඹ ජීවත් වෙනවනම්. ඉංග්‍රීසි කතා කිරීම වගේම ලිවීම් දැනගෙන ඉන්න එකේ වටිනාකම හොදටම දැනෙනවා.. තවත් ගමේ ඉදන් කොළඹට ආපු අයට නම් හොදටම ඒක දැනෙනවා.. (අත්දැකීමක් නැතුවමත් නෙවී) ඉංග්‍රීසී අපේ මව් භාශාව නොවුනත් දැන් නම් ඒක මව් භාශාව තරමටම වටින දෙයක් වෙලා.. (සමහර විට ඊටත් වඩා වැඩියෙන් වටිනවා)
දැන් ඔය සමහර රජයේ පාසල් වල උසස් පෙළ විතරක් ඉංග්‍රිසියෙන් කරන්න හදලා තියනවා. ළමයින්ට ඉහල අධයාපනේට උදව්වක් වශයෙන්. ඒත් ඒක නම් එච්චර හොද දෙයක් කියලා මට හිතෙන්නේ නැහැ.. ඉංග්‍රීසි මාධයෙන් කරනවා නම් 1 වසරේ ඉදලා යන්න ඔනි.. අඩුම ගානේ 5 වසරේ ඉදලා වත් කරන්න ඔනි. නැත්තම් සිංහලෙන් ඉගෙන ගෙන එකපාරට ඉංග්‍රීසි වලට මරු වෙනකොට ටිකක් අමාරුයි… ළමයි අසරණ වෙනවා.. ඒත් ඉතිං ප්‍රශ්නේ තියෙන්නෙ ඒවැඩේ කොච්චර ප්‍රායේගිකද කියන එක. ඉංග්‍රීසි භාශාවෙන් උගන්නන ගුරුවරු හොය ගනීම ඒයාලට නිසි පුහුනුව ලබා දීම වගේ ගැටලු තියෙනවා… හැබැයි ඉතිං ඉක්මනින්ම මේවට පිලියම් හොයාගත්තොත් අපේ ගමේ ජීවත් වෙන ලැමයිටත් කිසිම බයක් සැකක් නැතුව කොළඹ ලැමයි ඒක්ක ගැටෙන්න පුලුවන්..
අද ඉන්ග්‍රීසි භාශාව නැතුව බැහ. ඊත් අපේ උන්දැලට ඒක සුද්දන්ටත් වඩා හොඳට කතා නොකලොත් හිනා යනවනේ. ඉතින් අමාරුවෙන් වත් බැරි එකා කතා කොරන්න ලැජ්ජ වෙනවා. අනික ඕනි එකටයි එපා එකටයි කඩ්ඩ දික කරගෙන ලොකුව පෙන්නීම.
පොඩි කාලේ ඉදන්ම ඒ භාශාවෙ වටිනකම එක්කම ඒ ගැන හොඳ දැනුමක් ලබා දෙන්න මීට වඩා සුදුසු වැඩපිලිවෙලක් තිබ්බනම් හොඳයි
කතාවනං සහතික ඇත්ත…..
හැබැයි පුතෝ ෆොටෝ ගන්නව මාට්ටු උනානං එහෙම……….. තව බ්ලොග් පෝස්ට් එකක් :D
අඩෝ…ඉන්දරේ මාර කැමරා ශිල්පියෙක් නේ ?
/මේ පින්තූරෙ ඉන්න කෙනාගේ පෞද්ගලිකත්වයට කිසිදු හානියක් වෙන්නෙ නෑ. මේකෙ ඉන්නෙ කවුද කියලා අඳුරගන්න කාටවත් පුලුවන් කමක් නෑ නේ./
පෞද්ගලිකත්වයට කිසිදු හානියක් නොවෙන්න ෆොටෝ ගන්නත් දන්නව නේ…හ්ම් හ්ම් නියමයි!
ඉහත ලිපියයේ ඇති කරුණු සම්පූර්ණ ඇත්ත…හැබැයි ඉංග්‍රීසි බෑ කියල අපි අපේ ධෛර්යය හීන කරගන්නෙ නැතුව ඔය ළමය වගේ යම් තරමක හෝ උත්සාහයක යෙදෙනව නම් හොඳයි.
kataawa atta. hodayi. photo ganna kota tikak parissamin.
මම හිතන්නේ 138 රූට් එකේ මරු මරු දේවල් වෙනව කියලා
මම ඊයේ උදේ පන්ති යද්දි තමයි මේක දැක්කේ
ෆෝන් එකේ කැමරාවකුත් තියෙන එකේ ගැහුව ෆොටෝ එකක්
වැඩට යන ගමන් රූබික් කියුබ් එකක් හදන්න උත්සාහ කරනවා
http://3.bp.blogspot.com/_TmAAc1Yys_I/TJimob4rYOI/AAAAAAAAAB4/z3anSr4599w/s1600/DSC00864.JPG
වට පිට බලන්නේ නැතුව රූබික් කියුබ් එක දිහා විතරක් බැලුවොත් හොදයි
ඉන්ද්‍රනාම අයියා කෝ අර ෆෝන් පැචින් ගැන ලියනවා කිව්ව පොස්ට් එක ????
මම හිතන්නේ 138 රූට් එකේ මරු මරු දේවල් වෙනව කියලා
මම ඊයේ උදේ පන්ති යද්දි තමයි මේක දැක්කේ
ෆෝන් එකේ කැමරාවකුත් තියෙන එකේ ගැහුව ෆොටෝ එකක්
වැඩට යන ගමන් රූබික් කියුබ් එකක් හදන්න උත්සාහ කරනවා
http://3.bp.blogspot.com/_TmAAc1Yys_I/TJimob4rYOI/AAAAAAAAAB4/z3anSr4599w/s1600/DSC00864.JPG
වට පිට බලන්නේ නැතුව රූබික් කියුබ් එක දිහා විතරක් බැලුවොත් හොදයි. :P
ඉන්ද්‍රනාම අයියා කෝ අර ෆෝන් පැචින් ගැන ලියනවා කිව්ව පොස්ට් එක ????
වැඩේ නම් ඇත්ත ඉන්දරේ අය්යේ… ඉංගීරීසි නැතුව දැං කඩේකට යන්නත් බෑ නොවැ… හැබැය් 4To ගහන්න යන්නෙනම් බලාගෙන… ඔයාටත් අමු ඉංගීරිසියෙන් අහගන්න වෙයි…