
ලංකාවේ ජීවත්වන සුලු ජාතියක් වන “ක්‍රිකට් ප්‍රිය නොකරන“ ජාතියට මා අයත් වන නිසා මේ කියන සංසිද්ධිය මා නොදුටුවත් මෙය කියවන ඔබෙන් බහුතරයක් එය දකින්නට ඇතැයි සිතමි. මා නොදුටු දෙය මා විස්තර කරන්නට යනවාට වඩා එය දුටු, ඉන් වේදනාවට පත්වූ රවිබන්ධු විද්‍යාපති මහතාගේ හඩට සවන්දීම මැනවි. රවිබන්ධු විද්‍යාපති මහතා නර්තනය පාරම්පරිකව උරුම කරගත්, ක්ෂෙත්‍රෙය් ප්‍රමුඛ නර්තන හා තාල වාද්‍ය ශිල්පියෙකි. තාල වාදනය පිලිබඳ පරියේෂණ කරන්නෙකි. මෙම කොටස මා ඇස ගැටුනේ පසුගිය ජුලි 25 වැනි දින රාවය පුවත්පතට එතුමා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකිනි.
“පසුගියදා දඹුල්ලේ පැවත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාවේ පූජනීය නර්තනය ඉතා පහත් තත්වයකට ඇද දමා තිබුනා. එය කණගාටුදායක තත්වයක්. හයේ හෝ හතරේ පහරක් එල්ල කල අවස්ථාවලදී බටහිර රටවල් කොට ඇඳුම් ඇඳගෙන කාන්තාවන් නටන එකට දේශිය ස්වරූපයක් දීමට උත්සාහ කර තිබුනා. ඒ සඳහා යොදාගෙන තිබුනේ ශ්‍රී ලංකාවේ පූජනීය, ශාස්ත්‍රීය හා සම්භාවනීය නර්තනය වන උඩරට නැටුම සහ පහතරට තෙල්මේ නැටුමේ අංගයන්. ලොව කිසිදු රටක් එහෙම කරලා නැහැත ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ හා එංගලන්තයේ ශාස්ත්‍රීය නැටුම ලෙස සැලකෙන්නේ ‘බැලේ‘ නර්තනයයි. හතරේ හෝ හයේ පහරක් එල්ල කල අවස්ථාවලදී ‘බැලේ‘ නැට්ටුවෝ කොහේවත් නර්තනයේ යෙදී නැහැ. ඉන්දියාවේ ක්‍රිකට් තරඟයකදී ප්‍රීතිය ප්‍රකාශ කිරීමට භරත නැටුම් යොදාගන්නේ නැහැ. නමුත් අප අපගේ නැටුම් ඉතා පහත් තත්වයකට ඇද දමා තිබෙනවා.“
රාවය, 2010 ජුලි 25, 19 පි
මට තේරුම් ගිය ආකාරයට, සංවිධායක කමිටුවේ සිටි ඊනියා සදාචාරවාදී දේශප්‍රේමීන්, cheerleader ලා අපේ රටේ සංස්කෘතියට නොගැලපෙන බව තීරණය කර, ඊට දේශීය ආදේශකයක් සොයද්දී සාම්ප්‍රදායික නැටුම් සිහියට එන්නට ඇත. එය “අපේ දෙයක්“ නිසා සංස්කෘතියට ගැලපීමේ බාධාවක් නැති නිසා (තැනට, අවස්ථාවට ගැලපේද යන්න සෙවීම කිසිදාක කෙරෙන කටයුත්තක් නොවේ) ක්‍රියාවේ යොදවන්නට ඇත.
[ඡායාරූපය - හිරන්‍ය මල්වත්ත]
අනේ අපොයි :( ලංකාවට ගිය කලක්..
[...] This post was mentioned on Twitter by Pravin Indranama and Sameera Shaakunthala, Malinthe. Malinthe said: RT @indranama: ලංකාව “සාම්ප්‍රදායික“ චියර්ලීඩර්ලා සොයාගනී! | ප්‍රවීන් ඉන්ද්‍රනාමගේ බ්ලොග් අඩවිය http://bit.ly/a7V4DU [...]
අපි ගැනම අපිට දුක හිතෙනවා.
ටෙස්ට්
Welcome to the Talibanist Homosexualist Banana-republic of Sri “Ban”ka!
හපෙ අප්පේ.. මොනවද මේ කුනුහරුප වැඩ..
ක්‍රිකට් කියන්නේ අපි කවුරුත් අහන දකීන අපේ එදිනෙදා ජීවිතයේ අංගයක්. සමරක් කියයී, සංස්කෘතිය කියන්නේ අපි එදිනෙදා ජීවත් වෙන ආකාරයී කියලා. දේශීය නැටුම කියන්නේ අපිට ආදුනික, අපේ එදිනෙදා ජීවිතයේ අංගයක් නොවෙයී. මම කියන්නේ, වංක, අපේ ජීවිතයෙන් දුරස්ත බොරු “දේශීය” නැටුම, අපේ ක්‍රිකට් ක්‍රීඩාවත් සමග මුසුවී, යන්තම් හෝ අපේ ජන ජීවිතයට එක් විය හැකිනම්, ඒයීන් වාසියක් වන්නේ නැටුමටම බවය.
සාම්ප්‍රදායික නැටුම ජන ජීවිතයට එක් කරන්න තියෙන හොඳම විදිය ක්‍රිකට් ගහන අස්සේ චියර්ලීඩර්ලාගේ වැඩේ නැට්ටුවො ලවා කරවීමද එහෙනම්? එතන නොගැලපීමක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද? බල්ලගෙ වැඩේ බූරුවා කරනවා වගේ?
දේශිය නැටුම් අපිට ආධුනික වෙන්නේ හැමෝටම නටන්න බැරි නිසයි. හැමෝටම නටන්න පුලුවන් උනානම් ඕක කාටවත් ආධුනික වෙන්නෙ වත්, ඔබ කියන විදියට ජන ජීවිතයෙන් දුරස් වෙන්නෙ වත් නෑ.
දේශීය නැටුම දේශීකයන්ට නටන්න බැරිනම්, දේශිය නැටුමක් වන්නේ කොහොමද?
ඕක නං කිසි පදනමක් නැති තර්කයක්. අපේ රටේ දේශීය වෙදකමක් තියෙනවා, ඒත් හැමෝම වෙද මහත්තුරු නෙමේනේ. දේශීය චිත්‍ර කලාවක් තියෙනවා, හැමෝටම චිත්‍ර අඳින්න පුලුවන්ද?
එහෙමයි කියලා ඒවා දේශීය නෙමෙයි කියලද ඔබතුමා කියන්නේ? :D
අනික නැටුම්, චිත්‍ර, සංගීත වගේ කලාවන් හැමෝටම කරන්න බැරි ඒවා හැමෝටම පිහිටන්නෙ නැති නිසා බව ඔබතුමාට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ නේ?
වෙදකම ඒ පාර්ශවිකයී. නැටුම, බලා රසවිදිය හැකිවා වාගේම, නටා රසවිදිය හැකියී. කොල කෑල්ලක චිත්‍රයක් ඇදින්න බැරි පුද්ගලයෙක්, තමන්ටම ඇහෙන්න සිංදුවක් කියන්න බැරි පුද්ගලයෙක් මට මේ වෙනකම් හමුවෙලා නැහැ.
දේශීය වෙදකම, දේශීය ලෙඩ සදහා පමණක් නොවෙයී, දේශීය නොවෙන ලෙඩ සදහාත් යොදා ගත හැකීයී. විශේශ අවස්තාන් යටතේ, විශේශ පුද්ගලයන්ට, විශේශ පුද්ගලයන් විසින්, විශේශයෙන් කරන වෙදකමක් ඇත්නම්, ඒ වෙදකම දේශීය වෙදකමක් වන්නේ නැහැ. කලුකුමාර දිශ්ඨියේ සිට, කෙලොරොස්ටරොල් පාලනය දක්වා සියලූම ලෙඩ සදහා, යොදාගන්න වෙදකම දේශීයම වෙයී.
ක්‍රිකට් සමග නටනා “දේශීය” නැටුම, පාං සමග දෙදොල් කෑම වාගේ වැඩක් බව ඇත්ත වුනාට, දිනපතා පාන් කමින්, දොදොල, තැටි පාන් වලට වඩා දේශීයයැයී කීම, වංක වන්නේ නැත.
–බොරු “දේශීය” නැටුම, අපේ ක්‍රිකට් ක්‍රීඩාවත් සමග–
දේශීය නැටුම බොරු!
ක්‍රිකට් ක්‍රීඩාව අපේ!
ඒකත් මරු!
දේශීය නර්ථනය බහුතරයක් පූජනීයත්වයෙන් සලකන දෙයක්. කොටින්ම කියනවානම් නැට්ටුවෙක් වෙස්බඳින්න දින ගනනක් පේ වෙනවා. එහෙම ශ්‍රද්ධාවෙන් පේ වෙලා වෙස් බැඳලා චියර්ලීඩර්ලාගේ වැඩේ කරනවා කියන්නේ ඒ පූජනීය නර්ථනයට කරන කොතරම් වූ අගෞරවයක්ද.
නැට්ටුවා උඩපනිම්න්, අතපය විසි කරමින් කරන්නේ බලන්නන් උද්‍යාමටය පත් කිරීම සදහාය. පූජාවක් උදෙසා නැටිය හැකි නමුදු, නැටුම පූජනීය වන්නේ නැත.
මෙතැන ඇති ප්‍රශ්ණය උගුරට හොරා බෙහෙත් කෑමය. ගගෙන් දිය බී මුදුදට ආවැඩීමය.
“ක්‍රිකට් ප්‍රිය කරන“ ජාතියට අයත් අයට උනත් ඔය වැඩේ දිරවන්නෙ නෑ..
සිරාවටම ඒකනම් මහ විකාරයක්.. :(
මේකත් හරියට කොරවක්කා හැංගෙනව වගේ වැඩක්.හැම දෙයක්ම දේශීයකරණය කරන්න ගිහින් තමයි ඔහොම වෙලා තියෙන්නෙ. උඩරට නැටුම උනත් ගොඩක් උරුමක්කාරයො කියන අය කෙටි කරල වේදිකාවෙ නටන්න පුළුවන් විධියට හදාගෙන තියෙනව කියලයි මම අහල තියෙන්නෙ. පහතරට අපේ ප්‍රදේශ වල තාමත් දෙවාල් මඩු ශාන්ති කර්ම වල තෙල්මෙ නටනකොට බලන් ඉන්නත් ආසයි. හැබැයි සහෝදරයා ඒ එක නැටුමක්වත් සාම්ප්‍රදායිකවම කෙටි නැටුම් නෙමෙයි, ඒ කියන්නෙ සම්පූර්ණ නැටුමට පද බොහෝ ගණනක් නටනවා. දැන් කට්ටිය මේක කෙටි කරලා වේදිකාවෙ නටලා පෙන්නනවා එතකොට සම්ප්‍රදාය රැකගෙන ද? එතකොට ඔය කියන කෝටිපති නර්තනය පාරම්පරිකව උරුම කරගත්, ක්ෂෙත්‍රෙය් ප්‍රමුඛ කට්ටියත් කොරවක්කො වගේ.
සාම්ප්‍රදායක චියර්ලීඩර්ලලා ඉවත් කිරීම පිස්සු වැඩක් තමා … එත් යම් තැනක නැටුවයි කියල නැටුමට හානි වෙනව නම් මැටි කෝප්පෙන් වහගෙනද නටන්නෙ?
රජ කාලේ ඔනි තුප්පහි වැඩක් කරපු රජුන් ඉදිරියේ නටන්න හොඳ නම් , හෝටල් වල ඕනි සුද්දෙක් ඉදිරියෙ නටන්න හොඳ නම් ආ… එතකොට IIFA වල සල්මන් ඛාන් පිලිගන්න නටන්න හොඳ නම් මෙතන නැටුවට මොකෝ වෙන්නෙ?
කියපු දේ තේරුම් අරං නෑ වගේ පේන්නෙ.
මෙතන කියන්නෙ ගැලපෙන්නෙ නැති වග මිසක් ක්‍රිකට් පිටියෙ නටන්න හොඳ නැති වගත් නෙමේ.
චියර්ලීඩර්ලගේ වැඩේ සඳහා උඩරට නැටුම යොදන එක ගැලපෙන්නෙ නෑ. සාම්ප්‍රදායික නැටුම් තියෙන්නෙ හයේ හතරේ පහරක් ගැසුවාම උඩපැන පැන දඟලන වැඩේට නෙමෙයි..
ඔය ක්‍රිකට් පිටියෙම ආරාධිත විදේශීය ක්‍රිකට් කණ්ඩායම එනකොට පිලිගැනීම සඳහා දේශිය නැටුම් අංගයක් සූදානම් කලානම් අන්න ඒක වැදගත් දෙයක්. ඒ වගේ දෙයකින් තමයි අපේ කලාවන්ට අන්තර්ජාතික හරි පිලිගැනීමක් ලැබෙන්නෙ.
නැතුව මේ චියර්ලීඩර්ලගෙ වැඩේට යොදවලා විගඩමක් කරලා නෙමෙයි.
ඔබගේ කථාවට එකඟයි , නොගැලපීමක් තියනවා ඒක ඇත්ත නමුත් එවන්නක් අත්හදා බැලීම වරදක් නෙවෙයි ..මොකද ඔය නැටුම පූජනීයයි කියල උඩ පනින අයගෙ තියෙන්නෙත් චියර්ලීඩර්ලා ට විරුද්ධ අයගේ තියන ලිං මැඩි දූපත් මානසිකත්වයම තමා .. වෙනසක් දකින්න අකමැතියි..අනික ඔය කියන පූජනීය තත්වය කියන්නෙ මුලාවක් සමහර හෝටල් වල සිද්ධවෙන වැඩ ගත්තම ඊලඟට පූජනීයයි කියන පෙරහැර වල කසිප්පු ගහල නටන කොට පූජනීය බවක් කොහෙද තියෙන්නේ , මම විරුද්ධ නොගැලපෙනවා යන සංකල්පයට නොව ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන තර්කයටයි
ප්‍රවින් අපෙ ගොඩක් මැනෙජ්මන්ට් ඉගෙන ගන්න අය, රජයෙ ඉන්න අය විෂය ඉගෙන ගෙන තියනවා, නමුත් රටට ආදරෙ කරන්න ඉගෙනගෙන නැහැ.
දැන් අපෙ ගොඩක් අයියාලා ” විශ්ව වැසියො ” වෙලා ඉවරයි. එයාලා දැන් ඇම කාල ඉන්නෙ. අත්හදා බැලිම හොදයි හැබැයි විද්‍යාත්මක, ගණිතමය, සංකල්පිය අත් හදා බැලිම් නැහැ, ඔක්කොම කැලි බටහිර රටවල් වලින් ගෙනත් හයිකන්න පුරුදු වෙලා. අපෙ තියන කැලි බටහිර දෙවල් වලට හයි කරන එක වැරදි. අවශ්‍ය නම් බටහිර දෙයකට අපෙන් බටහිරට ගැලපෙන දෙයක් නිර්මාණය කිරිම වටිනවා.
නටපු උන් වෘත්තිමය අය නෙමෙ, එහෙම අය සල්ලි දුන්නත් බොලෙට 6, 4 එවා ගහද්දි නටන්නෙ නැහැ.
( ම්ම හිතන හැටි, වැරදෙන්න පුළුවන්)
” විද්‍යාත්මක, ගණිතමය, සංකල්පිය අත් හදා බැලිම් නැහැ,” මේ කතාව හරි ,ඒත් විශ්ව වැසියො වීමේ ගැටලුවක් තියනව කියල මම හිතන්නේ නැහැ …ඒ වගේම අත්හදා බැලීම කියන දේ විද්‍යාවට විතරක්ම අදාල දෙයක් නෙවේ.සමාජ සංස්කෘතික අත්හදා බැලීම් තියෙන්නත් ඕන..මේ සිද්ධියේ තියෙන්න නැටුම ගෙඩිය පිටින්ම පිට්ටනියට ගෙනාපු එකේ වරද මිසක් නැටුමේ පූජනීය බවක ඇති වරද නෙවෙයි
එහෙම පුජනීයයි කියල රෙද්ද අස්සෙ ගහගෙන ඉන්නෙ නැතුව ගැලපෙන විදිහට එලියට ගත්ත නිස තමා ඉන්දියානු නර්ථනය සංගීතය ලොකය පුරා විකශය උනේ ..අපිත් අන්න ඒවගෙ තැනකට යන්න ඕන .. ඒත් බැරි වෙලාවත් නැටුම වෙනස් කරල පිට්ටනියට ගෙනාව නම් ඔය දැන් උඩ පනින අය ඊට වැඩියෙන් උඩ පනිනව
වෙනසක් කරනවා කියල අපේ රටේ කරපු තරමක් කරල තියෙන්නේ දේශිය උරුමයන් විකුණන්න ගිය එකනේ ඉන්දරේ අයියේ සිංහරාජය විකුණන්න හදපු සීගිරියේ පෞරුෂත්වය නැතිකරන්න උත්සාහ කල රටේ මේවත් වැඩද…? එහෙම කියල නිහඬ වෙන්නත් බැහැ නොවැ නේද….
Malli Honda deyak oya ismathu karala thiyenne…crickert kiyana kreedawa hondai…eath oyita wada ape rate desheeya sports thiyenwane…anika ape rate crickert creedakayek kiyanne maara ghambeera ..awasanayedi deshapalana sathwayeku bawatath osawa thabana deyak…oya crickert gahana ekek hari ape rate culture eka hari ithihasaya hari dannawada dhanne naha….unge kanda badawal thiyenne pandu walata thadi banna witharaii…ithin mea wage thuttu deke cridawakata ape rate sanskruthiya winasa karanna dunna ape haalparuwanta danenna yamak liyanna onee anika ape rate TV ,Radio channel walata kochchara deyak karanna puluwanda…???kanagatuwa nam ewala dan inne mokunda kiyana eka…samawenna mama singlish walin liwwata …
eath noliya bari hindai liwwe…