නැවත වතාවක් Facebook හි ඔබේ privacy සැකසුම් දෙස බලන්නට කාලයයි
පසුගිය දින කීපයක සිට social media අඩවි වල පුවතක් ආකාරයෙන් පලවී තිබුනු ලෙසම ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි Facebook හි නව privacy සැකසුම් කරලියට පැමිණ තිබෙනවා. මෙවැනි නව සැකසුම් පිටුවක් ඉදිරිපත් කිරීමට හේතුව වූයේ කලින් තිබූ සැකසුම් ක්‍රමය සංකීර්ණ වැඩි බවට පරිශීලකයන් විසින් ඉදිරිපත් කල චෝදනා නිසයි. Facebook අධිකාරිය තම පෞද්ගලිකත්වය පිලිබඳ කිසිදු තැකීමක් සිදු නොකරන බව කියමින් ඊට විරුද්ධ වීමට facebook හි සාමාජිකත්වයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් පවා පසුගිය දිනවල පැවැත්වුනා.
කෙසේ වෙතත් සාමාන්‍යෙයන් facebook හි අලුත් දෙයක් හඳුන්වා දෙන ආකාරයටම මෙම නව privacy සැකසුම් activate කරනු ලබන්නේ සියල්ලන්ටම එකවර නොවෙයි. ක්‍රම ක්‍රමයෙන් ඔබේ account එකටද මෙම අලුත් privacy සැකසුම් ලැබෙනු ඇති. අලුත් සැකසුම් ඔබට ලැබුනු විට ඔබේ Home පිටුවේ ඒ බව දැක්වෙන පණිවුඩයක් සටහන් වෙන අතර Account > Privacy Settings වෙත යාමෙන් එම පිටුවට පිවිසිය හැකියි.
මෙහිදී අප විසින් කලින් සකසා තිබූ privacy සැකසුම් වෙනස් කර නොමැති බව (revoke වී නොමැති බව) විශේෂයෙන් මතක් කල යුතුයි. මීට පෙර සිදුකල ඇතැම් update කිරීම් වලදී මේ දෝෂය සිදුවීම නිසා සාමාජිකයන්නේ සංවේදී (පෞද්ගලික) දත්ත අන් අය වෙත එලිදරවු වුනා. මේ නිසා ඔබ කලින් නිසි පරිදි privacy සැකසුම් ඔබට රිසි පරිද්දෙන් සකසා තිබුනානම් නව සැකසුම් දෙස බැලීමට කලබල විය යුතු නැහැ.
කලින් තම privacy සැකසුම් වෙනස් කර නැති අය සඳහා අලුත් ක්‍රමවේදයක් මෙහිදී හඳුන්වා දී තිබෙනවා. එනම් ඔවුන් විසින් පෙර සැකසුම් කර ඇති plans කීපයකින් එකක් ඔබට යොදාගත හැකි වීමයි. ඔබට එකින් එක සැකසුම් සිදු කිරීමට කම්මැලි නම් හෝ වෙලාව මදිනම් මෙයින් එකක් භාවිත කරන්නට පුලුවන්. මෙසේ සැකසුම් කල හැක්කේ පහත දැක්වෙන දේට අදාල විස්තර සඳහා වන privacy සැකසුම් පමණයි.
- My status, photos, and posts
- Bio and favorite quotations
- Family and relationships
- Photos and videos I’m tagged in
- Religious and political views
- Birthday
- Can comment on posts
- Email addresses and IM
- Phone numbers and address
එනම් ඔබ විසින් facebook හි අන් සාමාජිකයන් හා බෙදාහදාගන්නා (share කරගන්නා) දත්ත පමණයි.
මින් පලමු සැකසුම නම් Everyone. එවිට ඉහත සඳහන් තොරතුරු සියල්ල facebook හි සිටින ඕනෑම අයෙකුට දැකගත හැකියි. එම තැනැත්තා ඔබේ මිතුරෙක් වීම අවශ්‍ය නොවන අතර ඔහු facebook හි සාමාජිකයෙකු වීමද අවශ්‍ය නොවන බව මෙහිදී මතක තබාගත යුතුයි.
දෙවැනි සැකසුම නම් Friends of Friends. මෙහිදී ඔබේ ඉහත සඳහන් විස්තර ඔබේ මිතුරන්ටත්, මිතුරන්ගේ මිතුරන්ටත් පමණක් දර්ශනය වේවි.
තෙවැනි සැකසුම නම් Only Friends. මෙහිදී පෙරකී දත්ත දර්ශනය වන්නේ ඔබේ මිතුරන්ට පමණයි.
සිවුවැනියට එන්නේ Facebook මගින් අප හට රෙකමදාරු කරන සැකසුම් ක්රමවේදයයි. Facebook මගින් මෙය අපට සුදුසු යැයි රෙකමදාරු කරත්, මගේ මතය අනුව එය සුදුසු වන්නේ නැහැ. මීට හේතුව වන්නේ එම සැකසුම යොදාගැනීමේදී අපගේ සංවේදී දත්ත රාශියකට නාඳුනන පුද්ගලයන්ට අවසර ලැබීමයි.

Recommended settings යොදාගැනීමේදී
- My status, photos, and posts
- Bio and favorite quotations
- Family and relationships
යන දත්ත තුන් වර්ගයට ඕනෑම පුද්ගලයකුට (Everyone) අවසර ලැබෙනවා. මින් සිදුවන හානිය නම් ඔබ විසින් අප්ලෝඩ් කරන ඔබේ ඡායාරූප ඇල්බම ඕනෑම කෙනෙකුට බැලිය හැකි වීමයි. එසේම ඔබේ පුද්ගලික විස්තර (biography) ද ඕනෑම අයෙකුට කියවිය හැකි වනවා.
මෙහි ඊලඟ දත්ත සමූහය වන
- Photos and videos I’m tagged in
- Religious and political views
- Birthday
සඳහා මිතුරන්ගේ මිතුරන්ට (Friends of Friends) අවසර ලැබෙනවා. මින් ඔබ පෙනී සිටින ඡායාරූප (tagged) ඔබ නාඳුනන පුද්ගලයන්ට දැකිය හැකි වන අතර ඔබේ දේශපාලනික අදහස් ආදිය ද ඔවුනට දැකගත හැකියි.
මෙහිදී Only Friends සැකසුම ලැබෙන්නේ අවසානයට ඇති සැකසුම් 3 සඳහා පමණයි.
මින් පෙනී යන ආකාරයට facebook නැවත වරක් සිය සාමාජිකයන්නේ පෞද්ගලිකත්වය කෙරෙහි වැරදි තීරණ ගෙන ඇති බව පෙනී යනවා. පසුගිය සතියේදී facebook නිර්මාතෘ මාක් සකර්බර්ග් මාධ්‍ය වලට පැවසූයේ කලින් ඔවුන් බොහෝ වැරදි තීරණ ගත් බවත්, ඉදිරියට එසේ නොවනු ඇති බවත්.
මින් වැලකීමට ඔබට කල හැකි හොඳම දෙය නම් එහි ඇති Customize Settings වෙත ගොස් ඔබේ පුද්ගලික දත්ත එකින් එක සඳහා සුදුසු සැකසුම් සෑදීමයි. තරමක් වෙලාව ගත වූවත් එමගින් ඔබ ආරක්ෂිත වනු ඇති. උදාහරණයක් ලෙස මගේ සැකසුම් පිටුව මෙසේයි.

මීට අමතරව මවිසින් ඡායාරූප අප්ලෝඩ් කරන්නේ ඒ ඒ ඡායාරූප අදාල වන පුද්ගල සමූහයන්ට පමණක් බලන්න පුලුවන් විදියටයි. මෙය Album settings හිදී සැකසිය හැකියි.

සැලකිය යුතුයි

Facebook අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරනය කරන්න!
සිරා කතාව :)
ඒක ඇත්ත
අහ්හ් නරකමත් නෑ , ස්තුතියි ඉන්දරේ අය්යා ! මමත් මේ ලියමින් උන්නේ මේ ගැන
හැබැයි මම කලින් Privacy Settings වෙනස් කරලා තිබ්බේ Customize වලට ඒත් අද උදේ බලන කොට ඒක සම්මත සැකැස්මට වෙනස් වෙලානේ [ recommeneded]
ම්.. මගේ සැකසුම් නං ඔය පේන විදියටම Custom කියලා කලින් එව්වමයි ආවෙ. අපි පොඩ්ඩක් බලමු අනිත් අයගෙ feedbacks..
හ්ම්ම් බලමුකො.. එක්කො මට වැරදීමක්වත් වෙලා වෙන්න ඇති
මචං ඒ සෙටිංස් ඩිෆෝල්ස් විදිහට පාවිච්චි කරන්න කියලා හරියක් දාන්න තියනවා එතනම යටින්…
ඒක දැම්මෙ නැත්නම් ඒක ආයෙත් වෙනස් වෙනවා….
මගෙත් වෙනස් වෙලා නැතෝ…සමහර විට කලින් මම සෙටින්ස් වෙනස් කරල තිබුන නිසා වෙන්න ඇති :)
මගෙත් කිසි වෙනසක් නැහැ….බලන් ගියාම FB මල ඇනයක් නෙවැ…! නියමයි ඉන්දරේ මේ ගැන දැන්නුවට
හොඳා හොඳා… අර කලින් තිබුන වගේ අපිව ෆොටෝ වල ටැග් කරන්න කලින් අපේ අවසර ගන්න ඕන වෙන විදියට settings හදන්න පුලුවන්නම් මට වෙන මුකුත් ඕන නෑ.. :)නැත්නම් මල වදේ…
සිරාවටම! ඒක නම් වේලාවක හෙණ ඇණයක් දවසක්ට වඩා Facebook එකෙන් බැහැරක් ගියාම වුණාම.
ඕක හොඳම ඇණේ වෙන්නේ උත්සව කාලෙට තමයි :D
අම්මප ඒකනම් ඇත්ත..
එල නියමයි
[...] තිබෙනු දුටිමි.. එයින් එකක් තමයි ප්‍රවීන් ඉන්ද්‍රනාමගේ ලිපිය. ඉතින් ලොකු කතා බහක් ගියා කිව්වනේ. [...]
මාසයක් විතර පේන්න නැත්තේ එක්සෑම් වත්ද?